Wednesday, November 30, 2011

අවජාතක අතීතය.....


පස් වසක අතීතය..
මතක් විය අහම්බෙන්..
ඔබට මම, මටද ඔබ..
ආදරය කල සමය..
බස්රියේ දුම්රියේ..
මිණි සොහොන් භූමියේ..
පෙම් කලා අපි අපිට..
ලෝකයම අමතකව..
ඔබද අන් අයෙකුගේ..
මමද අන් අයෙකුගේ..
අයිතියක් නැතිව මයි..
අපි අපිට ලං වුනේ..
ලැබුනු හැම දිනයක්ම..
අතීතෙට මුසු කලේ..
දිගු සුසුම් කෙටි සුසුම්..
වා තලේ පා වුනේ..
අසම්මත මධු සමය..
ඔබ හා ගෙවුනු ඒ යාමය..
නිදි නැතිව ගෙවුනු ඒ..
සුන්දර අතීතය..
පපුවට තුරැළු වී..
ඔබ කිව්ව ඒ වදන්..
තාමත් රැව් දෙමින්..
කනට කොඳුරයි මගේ..
හදිසියේ ආ කුණාටුව..
ඔබව අරගෙන ගියා දුර..
මාව අසරණ කලා..
ජීවිතෙන් පැනයන්න..
ලැබුන අරයුම් පතේ..
ඔබේ අකුරැ ලියවිලා..
“ආදරෙයි රත්තරං“..
කියු ඒ මුතු අකුරැ..
එන්නටැයි ඇරයුමක්..
ඔබේ මංග්‍යයය ට..
ටික කලක් ඇවෑමෙන්...
හදිසියේ අහම්බෙන්..
සොහොන් කොත් අද්දරින්..
දැක්ක ඔබේ රැව..
ගැබිණියක් බව ඔබ..
තරම් පස්මසක..
හරියටම අපේ ඒ..
අසම්මත මධුසමය..
කාලයට ලඟයි එය..
දරැ ගැබට..
කියන්නට පුලුවන්ද..
හරියටම ටක්කෙටම..
මේ ඉන්නේ..
මගේ එකාද..
උගේ එකාද..

සුසර කල ජීවිතය.....


සුසර කරන්නට හදන කල....
ජීවිතය... 
නොදී පැන යන්න තනන.. 
නුඹ ගැන දුකයි
මට..
ඇත් නම් වරම් ආසයි.. 
මම..
වයන්නට නුඹව ආදරෙන්.... 
මැදිකරන් උරහිසට... 
තදකරන් නිකටින්... 
පිරිමදිම් ඇඟිල් තුඩු වලින්.... 
නැගෙන්නට මිහිරි...
සෙනෙහසේ විලාපය....

ඡයාරෑපය - සොඳුරැ සිත

Tuesday, November 29, 2011

ස්තූතියි නැවත එන්න....

මම මහා විචාරකයෙකු නොවුනත් මේ ගැන ලියන්නම ඕනෙ කියලා හිතුනා... “ස්තූතියි නැවත එන්න“.... බොහොම කාලෙකට පස්සේ මං දැකපු... මම විශ්වාස කරන හොඳ චිත්‍රපටියක්....


යුධ ජයග්‍රහනය ගැන කොළඹ ඉඳගෙන කොඩි වන වන සතුටු වෙච්ච..... ලක්ෂ ගානක රතිඤ්ඤා පත්තුකරපු මිනිස්සු නොදැක්ක පැත්තක්... වැළිඔය... පදවිය... මොනරවැව...ජනකපුර... ඇතාවැටුනුවැව... කිරිඉබ්බන්වැව... යකාවැව... වගේ යුද්ධයෙනුත්.... පරිසරයෙනුත්.. පීඩාවින්ඳ... ඒත් තමන්ගේ උපන්ගම අතහැරනොගිය... ඒත් වීර පදක්කං නොලැබුන පිරිසක්... කොළඹ ඉඳගෙන යුද්ධය ගැන උදම් අනපු..... යුද්දේ පවතින ලාලේ මැදවච්චියෙන් එහාට පය නොගහපු උන්.....දිනපු යුද්ධය ගැන මහා ඉහලින් කථා කරපු උන් ඇහැක් ඇරලා බැලුවද යුද්ධයෙන් පැරදුනු උන්ගේ පවුල් වලට මොකද උනේ කියලා.... රණවිරැ වැන්දබුවන්ගේ දුක ඇහැනද උන්ට..... 


අන්තිම නිවාඩුවේදී බඩට ආපු දරැවාගේ මුන දකින්න වාසනාවක් නැතිව යුදබිමේදී තමන්ගේ ජිවිතය පුජා කරලා.... කෙසෙල් බඩයක්... එහෙමත් නැත්නම්.... ලී කොටයක් වෙලා පෙට්ටියේ ආපු ස්වාමිපුරැෂයා අහිමි වෙච්ච ගැහුණු විඳින මහා දුක්කන්දරාව ගැන.... ඔවුන්ට සමාජයෙන් විඳින්න වෙන අතරවරයන්.. කුහක කම් ගැන..... පැන්ෂන් එක හදාගන්න යන කොට ග්‍රාම නිළධාරියාගේ පටන්... බැංකු නිළධරියා දක්වා..“කෙළින්න“ බලාගෙන ඉන්න උන් ගෙන් ඇය විඳින්නාවු ගැහැට ගැන සොයා බැලුවද.... තමන්ගේ පුතා නැතිව අසරණ වෙච්ච දෙමව්පියෝ..... බඩම ආපු ගමන්ම තමන්ගේ පියා අහිමි උන කිරිකැටියෝ ගැන....... තමන්ගේ දුව පුතා.... ස්වාමියා... බිරිඳ.... යුධ බිමේ ඉන්නකොට ඒ ගෙදරක ඇවිලෙන  ගින්න.... වාහනයක් නවත්වන වාරයක් වාරක් පාසා ඔවුනගේ සිතේ නැගෙන විළාපය.... මේ බොහෝ දේ කැටිකරගත් ඉතා අපුරැ නිර්මානයක් විදියට මම “ස්තූතියි නැවත එන්න“ දකිනවා....

තවත් පැත්තකින් “අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා“ උපයාගත්ත උපාධිය කොට්ටේ යට තියාගෙන ... තමන්ගේ වෙලාව එනකම්.... ඉල්ලුම් ගත් පුරවන රණ විරැ බිරිඳ.... පෞද්ගලික විශ්ව විද්‍යාල.... මුදලට උපාධි පිරිනමන රටේ   මහන්සියෙන් හම්බකරගත්ත උපාධිය... අතේ තියාගෙන මොන්ටිසෝරි පාඨමාළාව... කරගන්න නොලැබීමට දුක්වෙන රණවිරැ බිරිඳක්....තවත් පැත්තකින්.... ඉරිතැළුන.... තාරැන්‍යට.... හෙටක්...... හොයාගන්න බැරැව ලතවෙන..... තමන් දැනුම නිකම්ම නිකන් දියවෙලායන... පාළු කාන්තාරයක අතරමංවුන.... තරැණ ගුරැවරයෙක්... සහ ගුරැවරියක්....

“හීතලට කන් පැලෙන්න එනකොට හිතෙනවා.. දාඩියට කුණු වෙන එක සැපයි කියලා“....

“කක්කුස්සියට කෝපි අරහං උනාට... හීතලට ගින්දර වගේ“

“බොට අපේ ආකාහේට රෙන්න හුජ්ජකරන්න මතක නැති වෙලා....කොළඹට වහින්නේ පුක හෝදන්නයැ....නුල ඇද්දා බෙට්ට ගියා..“

මෙන්න මෙතනින් ගිහින් බලන්න.... වැය කරන කාලය වටිනවා....

Sunday, November 27, 2011

කට කහනවාට කියපු.. කථා දෙකක් සහ තවත් ටිකක්....

 
අපේ තාත්තා ගැහැව්වේ අතට... අපි පටන් ගන්නකොට ගැහැව්වා අතට...පස්සේ ගැහැව්වේ පුටුවට...ඊටත් පස්සේ ගැහැව්වා බුලත් කොලේට.... මුන් සේරම එක්කහුවෙලා ගැහැව්වේ නැතෑ අපේම "බඩට"....
-බස්සා-
-----------------------------------------------------------------------
මරැ පෝස්ට් දෙකක් දැක්කා.. එකක් ඊයේ රෑ... එකක් අද උදේ.... එකකට වැඩිපුර කමෙන්ටු දාලා තිබුනේ පර දෙමළු ටික මරමු කියලා... ඒකට කමෙන්ටුවක් දාන්න හිතාගෙන ආවේ...දැන් හෙව්වට හමුබඋනේ නැහැ... අයින් කරලද මන්දා...අනිත් එකෙන් කියලා තිබුනේ හම්බයෝ ටික නැති කරලා දාමු තියලා... මරැ ඈ.... දැන් තියෙන්නේ ගෙදර කුස්සියේ තියන මන්නා ටිකයි... මාලු කපන පිහි ටිකයි... තව තියෙයි නම් පොරව, කෙටේරි, වගේ තියන ආයුධ අරගෙන පාරට බැහැලා දෙන්න තියෙන්නේ වැ‍ඩේ... එතකොට... මේ අපි අතර ඉන්න උන්ගෙන් පටන් ගමුෂෝයි නේ... බුකියේ... බ්ලොගේ...වගේම ඔය තියන එක එක ගෘප් වල ඉන්න උන්ගෙන් පටන් ගමු...අහුවෙන දෙමළ පැටියගේ, හම්බ පැටියගේ ඉඳලා කපලා මරමු, ...බඩින්ගෑණුන්ගේ බඩවල් පලලා හමුබුවෙන්න ඉන්න උන් මරමු... අපිත් පෙන්නමු උන්ට විතරක් නෙමෙයි අපිටත් පුලුවන් කියලා.... පවුල් පිටින් කැති ගාන්න....උන් විතරක් නෙමෙයි අපිත් ‍ම්ලේච්ඡයෝ කියලා....කාටද ඕනේ පලවෙනි දෙමළට හරි හම්බයට හරි කොටන්න අවස්ථාව...මේක බොහොම දුර්ලභ අවස්ථාවක්... මොකද ඊට පස්සේ අපි විතරයි... මේ සිංහල අපගේ රටයි.. අපි ඉපදෙන මැරෙන රටයි...
-බස්සා-
----------------------------------------------------------------------
අපි මේ ලෝකෙට එන්නේ අත් මිටි මොලවගෙන...එක අතක යුතුකම්, අනිත් අතේ වගකීම්.... අපි යන්නේ දෑත් දිගහැරගෙන....යුතුකම් ඉටුකරන්න....වගකීම් නිදහස් කරන්න.....එවිට නිදහසේ දෑත් දිගහරින්න ලැබෙයි.....

-බස්සා-
------------------------------------------------------------------------
භාරගන්නෙත් නැහැ....ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ.... මේ දෙක අතර තියන අවකාශය කුමක්ද.... මේ කථාව කාලයක් සීනීබෝල මාධ්‍ය කරැවන්ගේ “බයිට්“ එකත් වෙලා තිබුනා... හැබැයි මේ දෙක අතර යමක් තියනවා.... මම ඒක දකින්නේ “ශූන්‍යක්“ විදියට.....ඇත්තටම එහෙම හැඟීමක් තියනවා......

-බස්සා-
 -----------------------------------------------------------------------
“සිකුරා ලබපු කාලෙකට ගෑණු නිකං සෙක්ස් නිකං දුන්නට, නපුරැ සෙනසුරා ලැබුවම ගෙදර ගෑණිගෙන්වත් සෙක්ස් පිනට ලැබෙන්නේ නැති බව මතක තියාගනිං“
අපේ ආදර කථාව - උපුල් ශාන්ත සංන්නස්ගල-

90 දශකයේ මැද භාගෙදී කොන තෙමන උන ගැනුන තරැණයා සන්දියෙදී මුලින්ම කියවපු සන්නස්ගල ශූරීන්ගේ “වස්සානේ සිහිනය“ තුලින් ඔහුට පෙම්බැන්ද මම.... එදා සිට තවමත් ඒ වස්සානයට පෙම් බඳිමි.... ඔහු මගේ ලෝකයේ වීරයාය.... මල්පත්තරකාරයෙකු ලෙස හංවඩුගසා පාගා පොඩිකර දැම්මද.... සිය රැඩිකල් චින්තනයත් අදහස් ප්‍රකශණයත් තුල දහස් සංඛ්‍යාත තරැණ තරැණියන්ගේ ආදරයේ මුල් පොත් ලියන්නට හේතු භූත වු, නිසි ඇගයීමකට ලක් නොවු මගේ ලෝකයේ වීරයාය ඔහුය.....

-බස්සා-
------------------------------------------------------------------------
දැන් ලැබුනු පුවතක්....

ශ්‍රී පාදස්ථාන මහ නාහිමියන් තේරීමේ ඡන්ද විමසීම රත්නපුරයේ දී පැවැත්වුනා..... එය ඉතාමත් සාමකාමී ඡන්ද විමසීමක් වු අතර.... සංඹයා වහන්සේලා දෙත් පිරිත් දේශණා කරමින් ද.... තවත් තැනක මෛත්‍රී භාවනාව වඩමින්ද මෙම ඡන්දය පැවැත්වුනා.... වැඩි ඡන්ද 36 ක් ලබා ගනිමින් තේරෑ පත් වු මහනාහිමියන් පැමින සිටි සියලු හිමිවරැන්ට පිරිත් පැන් බෙදා දී මෙත් වඩා විසිරි ගියහ..... මේ අතර මෙම ස්ථානයට වැඩම කල ආචාර්ය මැරවින් සිල්වා මහතා ... පැමින සිටි සංඝයා වහන්සේලා පංචසීලයේ පිහිටවුවා..... දහවල් දානයද පුජා කලා.... මීට සහය දුන් පොලිස් නිළධාරින් උන්වහන්සේලාව පසඟ පිහිටුවා ආචර කර තම තමන්ගේ විහාරස්ථාන කරා වැඩමකෙරෙව්වා.... අනේ සාදු......

-බස්සා-
-----------------------------------------------------------------------
අනර්කලීට මහ කැ... වැඩක් උනා... අර ලාංකීය අභිමානයේ ගිය ලයිව් ප්‍රෝගෑම් එකක් මේ දැන්... කව්දෝ ගෑණු කෙනෙක් කථා මුලින් මෙහෙම කිව්වා..

අනේ අපි ඔයාට හරිම ආසයි... අර ඔයා ත්‍රීවිල් එකේ ඉඳගෙන කියලු ඒවා නම් මරැ....

පස්සේ අහපි...

මේ අර දුමින්ද සිල්වාට හොඳ වැඩේ නේද උනේ.... ?

අනර්... අපි දැන් මේ සිංදුවට යමු... හික්ස්....

මරැ ලයිව්.....
 -බස්සා-
------------------------------------------------------------------------
“කොටන කුකුළට මොන කොටුවත් එකයි“......

අනේ ...කේ......ඇමතිතුමා කොටන්න යන හැම තැනකම යන්නේ වටේ ඉන්න වන්දිබට්ටයොයි... ගොට්ටොයි එක්කනේ...අමතක වෙලාද...කුරැලු වාහිනියට කොටන්න ගිහින් කෙළවාගත්ත විදිය....හුජ්ජ නෑව හැටි.....මේ කථා දැක්කාම පුකෙන් හිනා......
 -බස්සා-
-----------------------------------------------------------------------
බල්ලොත් එක්ක බෑ...

http://www.lankahotnews.info/?p=4086#more-4086

Wednesday, November 23, 2011

ගුරුසිත නොරිදවා.....

ජීවිතේ මේ මහ මුහුද වගේ කියලා මට හිතුනේ අද ඊයෙක නෙමයි.....දැනුම් තේරැම් ඇත් වයසේ ඉඳලා මම ජීවිතේ දැක්කේ මේ මහ මුහුදින්..... එක පිට එක එන රැළි වගේ ආපු කරදරත්.... නිසල මුහුද වගේ පාළු උන ජීවිතයත් මාව මේ මහමුහුදට බැඳලා තියාගන්නවා...... මම කොයිකරම් දරැවෝ මේ ජිවිත මුහුදෙන් එතෙර කරලා තියනවද? .... මගේ මුලු ජීවිතෙන් තුන්කාලක් මම වැයකරේ දරැවන්ට.... උන් ලොකු මහත් වෙන හැටි මම බලාන උන්නා.... පහල භාලාංශයෙන් පටන් අරගත්තු උන් මගේ ඇස් ඉදිරිපිට ඉලන්දාරි වෙලා උස ගියේ මාව මගේ උසට හිර කරගෙන.... උන් වයසට ගියාට මම වයසට ගියේ නැහැ... උන්ගේ තරැණකම මම වින්ඳා... උන්ට ගුරැවරයෙක් නොවී යාලුවෙක් වෙන්න පුලුවන් උනේ ඒ නිසා..... උන් ලොකුවෙද්දි... උන් මෝරද්දි මට දැනුනේ මම උන් වගේම ලපටියි කියලා.... උන්ගේ හිත් කියවන්න මට පුලුවන් උනේ ඒ හින්දා කියලා අද මට වැටහෙනවා...කී දෙනෙක් නම් මාව පහුකරගෙන ගියාද..... මගේ අත අල්ලගෙන ආපු උන් මහ ඉලන්දාරි වෙලා මගේ කකුල් දෙක ලඟ දණගහලා වඳින කොට ඇස්වලට කඳුළු උනන්නේ තියන ආඩම්බරකාර සන්තෝසෙට.....මගේ මේ ජිවිත කාලෙට මේ දෙපතුල ලඟ කී දෙනක් දණ ගහලා ඇද්ද.... 

ඒත් අද මේ මහ මුහද දිහා බලාගෙන ඉන්නකොට නැගෙන මහා කාලකණ්නි තනිකම අද මට මගේම දරැවන්ට ඊරිසියා කරන්න මාව පොළඹවන්නේ ඇයි කියන හැඟීම තේරැම් ගන්න මම උත්සහ කරනවා...... එදා වගේම මට පුරැදු පාරේ බයිසිකලේ පැදගෙන යනකොට මාව පහුකරගෙන රෝද හතරේ වාහන වලින් යන මගේ දරැවෝ දකින කොට ඇතිවෙන සතුට බොහොම ටික වෙලාවකදී මහා ආත්මානුකම්පාවක් බවට පත්වෙන්නේ ඇයි කියලා තේරැම් ගන්න බැරි නැහැ මට....ජීවිත කාලේ පුරාවට දරැවන්ගේ ලොකේට එලියක් දෙන්න කැපවුනු මගේ ලොකේ අද පාලුවෙලා කියලා හිතෙන වාරයක් වාරයක් පාසා ඇතිවෙන මහා ද්වේශ සහගත හැඟීම එලියට දාන්න බැරව හිරවෙලා තියන මගේ අසරණකම.... ජීවිතේ අවසාන කාලේ නිකම්ම නිකන් පැන්ෂ්න් කාරෙයෙක් වෙච්ච මට දරාගන්න ආමාරැයි.... දරැවෙක් මල්ලෙක් නැතිමගේ ජීවිතයට ඉන්න කිට්ටුවන්තයා මේ මහ මුහද......මෙතෙක් මා හැර නොගිය මගේ හිතවන්තයා.....මේ මහ මුහුද....


(ඡායාරෑපය සුපුන් රසන්ක සහෝදරයාගේ අක්කාගේ)

"ඇකේ පුඟිල්ලා....."

ම කාලයක් තරුණ තරුණියොත් එක්ක බොහොම ලඟින් වැඩ කලා... තරුණ තරුණියන්ගේ වෘත්තීය පුහුණුව, ආකල්ප සංවර්ධනය තුලින් රැකියා අවස්ථා ලබාදීමට සහ ස්වයං රැකියා  අවස්ථා උදාකරදීම තමයි මෙම වැඩසටහනේ මුලික අරමුණ වුනේ....  මේවා සාමාන්‍යයෙන් අවුරැද්දකට තරුණ තරුණියෝ 250 ක් විතර සහභාගීවෙන හය මාසික පාඨාමලාවන්.... ඒ මාස 6 තුල මට අවස්ථාව ලැබුනා ඔවුන්ව හදාරන්න.... ඔවුන් විවිධයි.... ඔවුන්ගේ සිතුම් පැතුම් එකිනෙකාට වෙනස්..... ඔවුන්ට ධනාත්මක චින්තනය....ජීවිතයේ ඉලක්ක සකස් කිරීම සහ සපුරාගැනීම... නිපුනතා සංවර්ධනය.... ස්ත්‍රී පුරැෂ සමාජභාවය වැනි විවිධ මාතෘකා ඔස්සේ දැනුවත් කිරීම් කලා...
 මේ අතරේ මට හම්බුනා අපුරැ චරිතයක්... ඔහු කහටගස්දිගිලියෙන් ඇතුලේ බොහොම දුෂ්කර ගමක තරැණයෙක්.... හැබැයි ඔහුට බොහොම නරක පුරැද්දක් තිබුනා.... විටින් විට පුකේ ඇඟිල්ල ගහලා සුවඳ බලන එක... මේක දේශණ අතරතුර වගේම ප්‍රායෝගික ක්‍රියාකරකම් අතරත් සිද්ධ උනා.... මොහු කණ්ඩායමේ අන්ත් සාමාජිකයින් ගෙන් කොනු උනා... මොහුව හැඳින්වුයේ "පුකේ ඇඟිල්ලා" විදියට....කණ්ඩායම තුල මේ තිබුන තත්වය මට බොහෝ විට අපහසුතා මතු කලා... ඔහු අත තියපු කිසිම දෙයක් අල්ලන්න අනිත් අය කැමති උනේ නැහැ... කණ්ඩායම් ක්‍රියාකාරකමකදී ඔහුට ලඟින් ඉන්න කව්රැවත්ම කැමති නැහැ.... අත අල්ලන්න වෙයි කියලා....නමුත් මොහුට මේ කිසිම දෙයක් වගක්වත් උනේ නැහැ..... ඔහුගේ පුරැද්ද අත්හැරගන්න ඔහුට ඕන උනේ නැහැ... ඔහු ඒක වැරැද්දක් විදියට දැක්කේ නැහැ... මේ හේතුන් නිසාම කණ්ඩායම තුල ඔහු අප්‍රසන්න පුද්ගලයෙකු උනා...
මේ ගැන පෞද්ගලිකව කීපවිටක්ම මේ ගැන අවවාද කලත් මේ පුරැද්ද ඔහුට අත්ඇරගන්න බැරි උනා... .... බැරිම තැන මම ඔහුට කණ්ඩායම ඉස්සරහා තදින් අවවාද කලා... මේ පුරැද්ද ගැන... ඒ ගැන කිපුන ඔහු මට මෙහෙම කිව්වා...

“සර්ට වැඩක් නැහැනේ මම ඇඟිල්ල ගහන්නේ මගේ පුකේනේ....සර්ගේ පුකේ නෙමෙයිනේ....“

මම නිරැත්තර උනා.....

අදටත් මේ වගේ පුද්ගලයෝ මුන ගැහෙනවා.....ඒ හැම මොහොතකම මට මතක් වෙන්නේ අර තරැණයාව....

Saturday, November 19, 2011

මොහොතක් නතරවෙන්න.....තමුන් කොතැනද.....

 අපි බොහො විට අපිට නැති දේ ගැන දුක් වෙනවා..... හැබැයි අපි ලඟ තියන දේ ගැන අපි වැඩිය හිතන්නේ නැහැ.... සමහර වෙලාවට අපිට තියෙන්නේ මොනද කියලා අපි වටහාගෙන නැහැ....

මේ ලෝකේ මිනිස්සු වර්ග හතරක් මම දකිනවා.....

1. තමන් දන්නා බව දන්නා කොටස...
2. තමන් දන්නා බව නොදන්නා කොටස..
3. තමන් නොදන්නා බව දන්නා කොටස
4. තමන් නොදන්නා බව නොදන්නා කොටස

මෙන්න මේ විදියට දැනුම අනුව අපිට සමාජය වර්ග කරන්න පුලුවන්... 

මේ අතරින් තමා දන්නා බව අය...නිතරම සමාජයත් පුද්ගලයාත් සංවර්ධනයට වගේම සමාජ ප්‍රගමනයකට උරදෙන කොටසක්, නොදන්නා බව දන්නා කොටස තමන් නොදන්නා‍  දේ දැනගැනීමට පෙළබෙන එහෙමත් නැත්නම් දැනුම හොයාගෙන යන කොටසක් ... ගැටළුව තියෙන්නේ මේ අනිත් කොටස් දෙක.... තමන් යමක් දන්නා බව නොදන්නා කොටස.. මේ අය හරියට "පතෝල" වගේ ගුනත් නෑ අගුනත් නෑ....ඔවුන් දන්නා දෙයින් ඔවුන්ටත්... සමාජයටත් වැඩක් නැහැ.....මේ අවසාන කොටස තමයි මෙලෝ රහක් නැත්තේ...මේ කොටස සමා‍ජයට බරක්.....මොවුන් තමයි සාමාජය අවුලට පත්කරන්නේ....

විරාමයක් ගන්න ජීවිතේ...අරගන්න කොලයක්.. පෑනක්...1 න් පටන් අරගෙන ලියන්න තමන්ට පුලුවන් දේ අවංකවම... උදාහරණයක් විදියට ඔබට උයන්න පුලුවන්ද ? ලියන්න... මල් වවන්න...ලියන්න...කවි ලියන්න...මෙකී නොකී සියලු හැකියාවන් ලියන්න ලැයිස්තුවක්....ඔබ කොයිතරම් දේ දන්නවද ? ඔබ නොදන්නා දේ මොනවද ? ඇතිකරගන්න වැටහීමක්......ඔබ යමක් තේරැම් ගනියි... ඔබත් හැකියාවන් රැසක් ඇති පුද්ගලයෙක් බව.....

හැකියාව, දැනුම හා ආකල්ප වර්ධනය කරගන්න.... කුසලතාවක් ඇත්තෙකුට වඩා නිපුනත්වයත් ඇත්තෙකු වන්න උත්සහ කරන්න..මෙහි වෙනසක් ඇත...එය හඳුනාගන්න.....උත්සහකරන්න....ඔබ පරාජයට පත් වුනත් ඒ ලත් අත්දැකීම් දිනක ප්‍රයෝජනවත් වනු ඇත.....

පාවහන් නැතිව ලතවෙන අපට දෙපා නැත්තන්ගෙන් බොහෝ දේ උගත හැකිය....බලන්න

Friday, November 18, 2011

බාහුම් සහස්ස මභිනිම්........

පහුගිය දවස් ටිකේම එකම ජාතියේ ලිපි කීපයක් ලිව්ව නිසා අද වෙනත් දෙයක් ගැන කථා කරන්න හිතුවා... මේක හේතු උනේ මුනු පොතේ තිබුන වොල් පෝස්ට් කිපයක්...විවාහය සහ ආදරය ගැන විවිධ මත ප්‍රකාශ වෙලා තිබුනා. ඒ හැම දෙයක්ම බැලුවාම මටත් හිතුනා මේ ගැන වෙනත් කොණයකිනුත් යමක් කියන්න ඕනේ කියලා. 

ආදරය.... ජිවිතේ අපි දකින අපි අහන්න කැමති, විඳින්න කැමති සුන්දරම වචනයක්.... අපි කොයිතරම් ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ දැකලා තියනවද, අපි ආශ්‍රය කරපු ආශ්‍රය කරන කිදෙනෙක් ආදරය කරලා තියනවද ? ආදරය කරන කාලේ සුන්දරත්වය අපි එක්ක බෙදාගෙන තියනවද ?.....නමුත් ඒ අයගෙන් විවාහ උනාට පස්සේ තමන්ගේ විවාහ ජීවිතය ගැන සුභවාදීව කථා කරනවද ? මේක ටිකක් විතර නීරස වෙන්න පුලුවන්....ඒත් මේ ගැන විවෘත්ව කථා කලයුතුයි....අපිට බොහෝ විට මේ වගේ ගැටළු විසඳගන්න බැරි වෙන්නේ විවෘතව කථා නොකිරීම නිසා....අද දවසකට සිද්ධවෙන විවාහ ප්‍රමාණයයි... දවසකට උසාවියේ විභාග වෙන දික්කසාද නඩු ප්‍රමාණයයි ගැන හිතන්න... ඇයි මෙහෙම වෙන්න හේතුව... කෙනෙක් ඇතුලට එන්නත්, තවත් කෙනෙක් පිට වෙලා යන්නත් උත්සහා කරන්නේ ඇයි....මේකයි මම මගේ ඇහින් බලන්න හදන්නේ...

බොහෝ විට ආදරයක් ඇතිවෙන්නේ අතරමගදි නිතර දකින, අපිට හමුවෙන, එහෙමත් නැත්නම් කාර්යාලයේදි, නැත්නම් පන්තියකදී දකින ‍දෙදෙනෙක්.... දැකීම තුල ඇතිවන සුහදත්වය ආදරයකට පෙරලෙනවා... බොහෝ විට මේ සඳහා මුල්වෙන්නේ පිරිමියා... කාන්තාව මුල් නොවුනත් පිරිමියාව පොළඹවනවා...ආදරය පටන් ගන්කොට බොහෝ විට කියන්නේ “අපි දෙන්නා සංසාරේ පතාගෙන ආපු විදියට හමුවුනේ“...“ජිවිතේ පුරාම මම ඔයා ලඟින් ඉන්නම්“ “ ඔයා නැති ලෝකයක් ගැන හිතන්නවත් බෑ“....මිල්ටන්ලගේන් පටන් අරන් නාමල් ලා දක්වා තියන සිංදු කෑලි ඔක්කොම ලියනවා...දැන් නම් ඇස් ඇම් ඇස් කරනවා....හැබැයි මේ කියන්නේ ඇත්තටම ඇතිවුනු ආදරයක් ගැනද....ආදරයක් ඇතිවෙන්න කොහොමද.... මොකක්ද මේ ආදරේ.....මොනාද දෙන්නා දෙන්නා ගැන දන්නේ.....


මම දකින්නේ මේ ඇතිවෙන්නේ ආදම් සහ ඒවා කථාව වගේ ඉතිහාසයක් තියන විරැද්ධ ලිංගිකයන් කෙරෙහි තියන ආකර්ෂණය.....ආදරයක් කියන්නේ මොකක්ද... ආදරය පටන් ගත්ත ගමන් මුලින්ම යන්නේ තනියම කථා කරන්න... හොඳයි දෙන්නට දෙන්නා අදහස් හුවමාරැව තුල දෙන්නා අදුනාගන්න හැකියාවක් ලැබෙනවා.... නමුත් කථා කරන්න කියලා යන්නේ චිත්‍රපටියක් බලන්න... ඒ යන්නෙත් “බොක්ස්“ එකකට... නැත්නම් කාමරේකට... එහෙමත් නැත්නම් කොහේ හරි “නිදහස්“ තැනකට....ඉන් පස්සේ අදහස් හුවමාරැකරගැනීමේ මුලික පරමාර්ථය යට යනවා... ස්පර්ශයන් තුලින් ලබන තෘප්තිය හොයාගෙන යනවා... අතුල්ලා ගැනීම්..උලාගැනීම් සහ උරාගැනීම් වලින් දවස අවසන් කරනවා....අද විහාරමහා දේවි උද්‍යානයේ ගස් අස්සට වෙලා මේවගේ කීදෙනක් ආදරය හොයනවද ? ආදරය කරන්න පාලු තැනක් විය යුතුමද ? එතැන් පටන් දෙන්නට දෙන්නා ආදරය කියලා හිතාගෙන යන්නේ මේ හැඟීම් සන්තර්පනය නෙමෙයිද ? ආදරය නම් හැට්ටේ අස්සේ අත දාගෙන හොයන්නේ මොනවද ? එහෙමත් නැත්නම් කලිසමක් අස්සේ අත දාගෙන දෙන්නේ ආදරය ද ? හැබැයි මේ ගැන කවුරැවත් කථා කරන්නේ නැහැ....ලැබෙන හැම මොහොතකමත් හමුවෙන්න උත්සහ කරනවා... කියන්නේ මට ඔයාව නොදැක ඉන්න බැහැ රත්තරන් කියලා... නමුත් මේ ඇත්තමද ? පිරිමයා හැම විටම උත්සහ කරන්නේ තමන් දන්න හැම සෙල්ලමම දාලා තමන්ගේ සහකාරියව ලිංගික වශයෙන් සන්තර්පනය කරන්න... මේ විදියට ඇරඹෙන මේ නාටකය කෙලවර වෙන්නේ අපි දැන් බඳිමු රත්තරං.. මට ඔයා නැතිව නින්ද යන්නෙ නැහැ... කියන තැනින්.... විවාහ ජීවිතය ආරම්භ කරනවා.....හැබැයි මේ දෙන්නම විවාහයේ පදනම හරිහැටි තේරැම් ඇතුව විවාහ වෙනවද කියන ප්‍රශ්ණය ඇතිවෙනවා....

පවුල් ජීවිතය ඇතුල් වුනු මුල් කාලය හරිම සුන්දරයි... රහසේ උන දේවල් නිදහසේ කරගන්න අවස්ථාව ලැබෙනවා.... මුල් අවුරුද්ද තමයි විවාහයේ සුන්දරම කාලය... කන්නේ එකට... ස්වාමිපුරැෂයා වැඩ ඇරිලා එනකම් කන්නේ නැහැ.... තේ කෝප්පේ බෙදාගෙන බොන්නේ..... නාන්නේ එකට... එයා මෙයාගේ පිට අතුල්ලනවා... මෙයා එයාගේ පිට අතුල්ලනවා..... ක්‍රියාකාරකම් තුල අමුතුම සුන්දරත්වයක් මවාගන්නවා..... මේ ආදරයද ? 


නමුත් මේ එකම දේවල් දිගින් දිගටම වෙනකොට මේ දේවල් ටික ටික එපාවෙන්න... අර මුලින් තිබුන රසය නැතිවෙනවා.... අදත් පරක්කුයිනේ... මට බඩගිනි... මම කනවා.... බැඳපු අලුත දෙන්නම එකට ඇඳට ගියත් ටික කාලයක් යනකොට මහත්තයා “මුවී“ එකක් බලනවා.. නෝනා නිදිය ගන්නවා...නෝනා උදේ පාන්දර නැගිටිනවා උයන්න... බැදපු අලුත මහත්තයාත් නැගිටිනවා... ටික කාලයක් යනකොට මහත්තයා නිදි.. නෝනා විතරක් නැගිටලා උයලා දෙනවා..... රෑට නෝනා ඉක්මනට නිදියනවා... උදේ ඇහැරෙන්න....දෙන්නා වෙලාවල් දෙකකට වැඩ කරන්න පටන් ගන්නවා....ටිකින් ටික දෙන්නා කථා කිරිම අඩුවෙනවා... මහත්තයා රෑට බිසී...නෝනා උදෙට බිසී.... මේ දුරස්ථ බව මීට කලින් ආරම්භ වෙනවා දෙමව්පියොත් එක්ක ඉන්න පටන් ගත්තොත්.... වැඩි කලක් යන්න කලින් නැන්දම්මා ලේලි අරගලය ආරම්භ වෙනවා.... මගේ පුතා ගැන මම බලන්නේ නැතිව කව්රැ බලන්නද ? නැන්දම්මාගේ තර්කය වෙනවා....දෙන්නාට තියන නිදහස අවහිර වෙනවා.....පුතා ගෙදර එනමග අම්මා බලාගෙන අම්මාගේ දුක කියන්න....බිරිඳ කාමරේට වෙලා බලාගෙන ඉන්නවා එයාගේ දුක කියන්න...කාගේ දුක නිවන්නද කියලා හිතාගන්න බැරිව මනුස්සයා අසරන වෙනවා....උදේ ඉඳලා වැඩ කරලා මහන්සියෙන් එන ස්වාමිපුරැෂයා ගේ තත්වය ගැන හිතන්න... මේ කාරණය තුල නිවසට එන වෙලාව පරක්කු වෙනවා.... කාලය ගත කරන්න තැනක් හොයාගන්නවා... බොහෝ විට මිතුරන් එක්ක... එහෙමත් නැත්නම් බාර් එකක.. එහෙමත් නැත්නම් තවත් ගෑණියෙක් හොයාගන්නවා.....

අනිත් කාරණය ලිංගික ජීවිතය අඩාල වීම..කාන්තාවකට සාපේක්ෂව පිරිමියාගේ ලිංගික උත්තේජනය වැඩියි....ඉක්මනින් සතුට හොයනවා...... බොහෝ පිරිමින්ගේ හිතේ හීන තියනවා.. තමන් ලිංගිකව එකතුවෙන ආකරය සම්බන්ධයෙන්.. ඒවා සමහර විට තමන් බලපු නිල් චිත්‍රපටියක්... එහෙමත් නැත්කම් යමෙක් බෙදාගත්ත අත්දැකීමක්... සමහර විට මේවා බොහොම අස්වාභාවිකයි කියලා හිතෙන්නත් පුලුවන්... නමුත් මොහු මේක බලාපොරොත්තු වෙනවා....සමහර වෙලාවට බිරිඳ කුස්සියේ උයනකොට බදාගන්න..හදිසියේ කෑම කාමරේ මේසේ උඩ සංසර්ගයේ යෙදෙන්න....තමන් ඇදේ ඉන්නකොට බිරිඳ නාලා ඇවිත් තමන්ව උද්දීපනය කරන්න.. ඔය වගේ බොහෝ හීන ස්වාමිපුරැෂයිනගේ හිත්වල හිරවෙලා තියනවා....


බිරින්දෑවරැන්ගේ පැත්තත් එහෙමයි.....ඇය නිතරම බලාපොරොත්තු වෙනවා තමන් ආදරය කරන කාලේදී දැක්ක පෙම්වතාව... හුරතල් වෙන්න.... පෙම්බස් දොඩන්න... කනට ලංවෙලා කොඳුරන්න...ඒදා කිව්වා වගේ මම ඔයාට ආදරෙයි සුදු කියලා අහන්න...ඔඩොක්කුවට වෙලා හුරතල් වෙන්න...ඔහු සතුටු වෙන්නට පෙර තමාව සතුටු කරන්න.... තමන් උයනවානම් ලඟට වෙලා ඉන්න...ලුණු ගෙඩියක් සුද්ද කරලා දෙන්න...මේ වගේ බොහෝ දේවල්... 


හැබැයි මේ කාටවත් මේ ගැන කෙලින් කථා කරගන්න බැරි තත්වයක් තියනවා... තමන් ගැන වරදවා හිතයිද....තමන් “වල්“ මිනිහෙක්, ගෑණියෙක් කියන හැඟීමක් ඇතිවෙයිද ? වගේ තත්වයන් මේ සංවෘත භාවයට හේතුවෙන්න පුලුවන්....එහෙමත් නැත්නම් ජීවත්වන පරිසරය...පවුලේ අනිත් සාමාජිකයන්ගෙන් සිදුවන අවහිරතා.... දෙමව්පියන්ගෙන් සිදුවෙන හිරිහැර..... දරැවන් ලැබුන විට සිදුවන සීමාවන්....වගේ බොහෝ බාහිර කරැණු මත මේ සන්නිවේදනය බිඳ වැටෙන්නත් පුලුවන්.....


විවාහ වෙන්නට පෙර හිතන්න.....


- අපි එකිනෙකා අඳුනනවද ?
- එකිනෙකාගේ අශාවන් හඳුනාගෙන තියනවද ?
- එකිනෙකා වෙනුවෙන් කැපවෙන්න පුලුවන්ද ?
- කාටවත් බරක් නොවී අපිට ජීවත් වෙන්න හැකියාවක් තියනවද ?
- අපි අපි වෙනුවෙන් ඉවසනවද ?
- අපිට අපි  වෙනුවෙන් කාලය වෙන්කල හැකිද ?
- අපි එකිනෙකාට විවෘත ද?
- අපිට අපේ හැඟීම් විවෘතව කියන්න පුලුවන්ද?
- අපිට ජිවිතය බෙදාගන්න පුලුවන්ද ?
- අනෙකාගේ අශාවන් උදෙසා අපිට කැපකිරීම් කරන්න පුලුවන්ද?


හිතන්න.....විවෘතව කථා කරන්න....


මේ ගැන විවධ මත තියෙන්න පුලුවන්....මේ ගැන හදාරන්න කිසිම පාසලකින්වත්.....කිසිම සරසවි පාඨමාලාවකින් වත් බැහැ.....ජීවිතය විඳීම තුල හැරෙන්නට......ගන්න හොඳ දේ ගන්න...වැරදි දේ විසිකරන්න.....ජීවිතය දකින්න....විඳවන්න නොව...විඳගන්න..... 


අවසන් නොකර අවසන් කරනවා.... හිතන්න ඉඩක් තියලා.....


(එකඟ නොවෙන දේ ඇත්නම් ලියන්න....වැරදි නම් පෙන්වා දෙන්න....ඇනෝලට ඉඩ තියනවා...එකතු කරන්න පුලුවන් දෙයක් එකතු කරන්න.... අත්දැකීමක් බෙදාගන්න....සමහරවිට අපිට නෙමෙයි.... ඇතුලට එන්න ඉන්න අයට වැදගත්වෙයි......මොකද මෙතන වැරදි තීරණයක් ගත්තොත් ආයිත් හදන්න අමාරැයි.....)

Thursday, November 17, 2011

හදවත බද්දට...

පර්චස් පහේ හදවත..
දෙන්න හිතුනා  බද්දට..
හදලා තියනවා ගෙයක් පොඩියට
ඇති දෙන්නෙක්ට
පොඩි කුස්සියයි...කාමරෙයි..
නාන කාමරේ අතලඟ..
කරාමෙන් වතුර..
සාලේ පොඩි පොඩි බඩු ටිකක්..
පිළිවෙලට හරියට..

කැඩුවේ නැහැ මකුලු දැල් කාලෙකින්..
දුවිලි පිරිලා මුලුවල...
හැඩිවෙලා මුලු සාලෙම...
බීපු විදුරැ පුටු යට...
තම්බපු කඩල ඇට පුටු උඩ...
අළු කඩලා ගෙදර හැම මුල්ලේම..

ආපු එකියක් වත්..
හිටියේ නෑ වැඩි කාලයක්..
අවේ ඉල්ලගෙන සෙනෙහස..
සෙවනක් හිසට..
නිවනක් හිතට...
ටික කාලයයි සැනසුම..

බිඳුන හිත හැදුනම...
ඕනේ වෙනවා අලුතෙන්..
ලොකු පුටු සැට් සාලෙට...
ඇඳි පුටු කෑම මෙසෙට..
 ඩ්‍රසින් ටේබල් කෑලි තුනකට..

බොන්න ඉඳගත්තම..
නැහැ එක වීදුරැවක් පුටු යට..
චික් විතරක්...
ඉන්න බෑ සිගරට් ගඳ..
යන්න එළියට....
බොනවානම් සිගරට්...
 එළියට දාන්න හදනවා..
මගෙම ගෙදරන්...

හිතලා මුන්ගේ දුක ගැන....
වෙන්නට උනා මට අසරණ...
 හිතාගත්තා අයේනම්...
දෙන්නේ නැහැ බදු කාටවත්...
මේ තනිකම හොඳයි...
වෙන්න බෑ හිරකාරයෙක්...

කාලයක් ගෙවිලා දැන්
ඇති වෙලා තනිකම...
ඒකයි හිතුනේ දෙන්නට..
ආයෙත් කැමති කෙනෙකුට..
හිතලා බලන්න, කලින් ඉල්ලන්න..

සිගරට් දුම දැනෙන සුවඳට..
“බයිටක්“ හදා දෙන්නට...
වැටුන අළු අතුගාන්නට...
කැමති නම් විතරක්...
තියන්න ලංසුවක්...
දාන්න යන්නේ වෙන්දේසියේ..
මෙතෙක් මා හැර නොගිය..

තනිකම......

Wednesday, November 16, 2011

අපේ නිවටකම සහ පොලීසියේ චණ්ඩිකම.....

බිංගිරිය පොලීසිය තවත් බිල්ලක් අරගෙන...සොරකමකට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් තමන් ඇඳ සිටි සරමෙන් ගෙල වැළලාගෙන....මෙහි වගකීම කා සතුද ? පොලිසියේ අත්අඩංගුවට පත්වන පුද්ගලයින් මෙසේ මියයාමට වගකිව යුත්තේ කව්රැන්ද ? මෙහි නීතිමය තත්වය කෙසේද ? මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් පවත්වනු ලබන පරීක්ෂණ ගැන විශ්වාසයක් තැබිය හැකිද ? පොලිස් කූඩුවක් තුල මියි ගිය අයෙකුගේ මරණ පරීක්ෂණය කොතරම් දුරට අපක්ෂපාතී විය හැකිද ? මරණ පරීක්ෂක වාර්ථාවේ නිගමනය කුමක්ද ?  හදිසි මරණ පරීක්ෂකවරයා විසින් සිය නිගමනය කරනු ලබන්නේ පොලිසිය විසින්  වාර්ථා කරැණු ලබන කරැණු පදනම්කරගෙනද ? විනදිතයන් වෙනුවෙන් පෙනීසිටිනවායැයි කියන.... මහජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මීට පෙර පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය සැකකරැවන් වෙනුවෙන් පරීක්ෂණ පවත්වා තිබේද ? එසේ නම් එම වාර්ථාවන්ට අනුව කරනු ලැබු නිර්දේශයන් මොනවාද ? මේ මිය ගිය පුද්ගලයින් සම්බන්ධයෙන් කොතෙක් දුරට සාධාරණයක් ඉටුවීද ?

මේ කැරකෙන්නේ ඔබේ වාසනා චක්‍රයයි... ඊලඟ වාසනාවන්තයා ඔබ විය හැකිය....

තව මාසකින් මේ වගේ තවත් ලිපියක් ලියන්නට වාසනාව ලැබේවා !!!!

2030 දී ලංකාව.....(විමලේ ගේ හීනේ මගේ වර්ෂන් එක.....)

2030 දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 82 වැනි නිදහස් සමරැව සිහිනෙන් දුටිමි. ගාළු මුවදොර චීන කොම්පැනියකට අයිති බැවින් 82 වැනි නිදහස් සමරැ උත්සවය පිටකෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසල පැවැත්වේ.. ගාළුමුවදොර සමුද්‍රයට එල්ලකර තිබු කාලතුවක්කු සමුහයද බොල්ගොඩ වැවට එල්ල කර ඇත. එය ඉතාමත් මනස්කාන්ත.. අයස්කාන්ත දර්ශනයකි.. ඒ සමගම පැමිනි ලාල්කාන්ත උන්නැහේ මයික්‍රපෝනය ගෙන ආරාධිත අමුත්තන් පිළිගැනීමට සැරසේ.. 
 
ක්ග්ර්..ක්ගුර්.. (උගුර පාදා) දැන් මේ ආරම්භ කරන 82 වන නිදහස් සමරැ උළෙලේ උත්කර්ෂවත්ම අවස්ථාවයි...දැන් මේ අවස්ථාව සඳහා සහභාගීවන සම්භාවනීය අමුත්තන්ගේ සම්ප්‍රාප්තිය සිදුවන මේ මොහොතේ සියළු දෙනා සිය ආසන වලින් නැගිට සම්භාවනීය අමුත්තන් පිළිගන්නා ලෙස ඉල්ලා සිටිමි..

දැන් මේ අවස්ථාවේ දී ප‍්‍රථම ආගමනය සනිටුහන් කරන්නේ, ශ්‍රී ලංකන් එයාලයින්ස් ආයතනයේ හිටපු සභාපති... ජනාධිපතිතුමන් ආදරණිය මස්සිනා වන, වර්ථමාන අගමැතිතුමන්ගේ මාමා ද වන, ගුවන්, සිවිල් ගුවන් සේවා, වරාය සහ ප්‍රවාහන අමාත්‍ය ගරැ නිශාන්ත වික්‍රමසිංහ මැතිතුමන්ය... එතුමන්ට අපේ ගෞරවාදරයෙන් පිළිගනිමු.

මීලඟට අපි මහත් ගෞරවාදරයෙන් පිළිගනු ලබන්නේ....... ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති, හිටපු ගරැ කථානායක චමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ඥාති පුතනුවන් කනෙකු වන ගරැ.. වෙළද, වෙළද සේවා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය... ප්‍රසන්න වික්‍රමසුරිය මැතිතුමන් හා එම මැතිනිය ගේ සම්ප්‍රාප්තියයි.

මී ලඟ සම්භාවනීය අමුත්තාගේ ගෞරවනීය සම්ප්‍රාප්තිය සටහන් වෙන මොහෙතයි මේ.... හිටපු ගරැ කථානායක චමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ඥාති පුතනුවන්කනෙකු හිටපු රැසියාවේ ශ්‍රී ලංකා තානාපති... නිවාස, නිවාස සංවර්ධන නාගරික කටයුතු සහ නාගරික සංවර්ධන ගරැ අමාත්‍ය උදයංග වීරතුංග මැතිතුමා ‍ ගෞරවාදරයෙන් පිළිගනිමු.

ක්ග්ර්..ක්ගුර්.. (නැවතත් උගුර පාදා) 

දැන් මේ අවස්ථාවේ දී ආගමනය සනිටුහන් කරන්නේ හිටපු ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති.. චමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ඥාති පුත්‍රයකු වන විදුලි බල හා බල ශක්ති, පාරිසරික හා වන සම්පත් පිළිබඳ ගරැ අමාත්‍ය ජාලිය වික්‍රමසූරිය මැතිතුමන් සහ එය මැතිනියයි....

දැන් මෙන්න අපි සුදානම් වන්නේ රාජපක්ෂ පරපුරේ ප්‍රථම සාමාජිකයාගේ ආගමනය සනිටුහන් කිරීමටයි... චමල් රාජපක්ෂ මැතිතුමන්ගේ දෙටු පුත්‍රයාය... ඔහු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ වරයෙකි, ඉන් ලත් දැනුමත් අත්දැකීමත් සමග නිතරඟයෙන් පාර්ලිමේන්තුවට පිවිසි යෞවන කටයුතු, රැකී රක්ෂා සහ වෘත්තීය පුහුණු අමාත්‍ය.... ශමීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමන් මහත් ගෞරවාදරයෙන් පිළිගනිමු.

දැන් සම්ප්‍රාත්තිය සනිටුහන් කරන්නේ චමල් රාජපක්ෂ මැතිතුමන්ගේ වැඩිමල් පුතු වන හිටපු ඌව පලාත් ප්‍රධාන අමාත්‍ය.... වර්ථමාන පාර්ලිමේන්තුවේ ගරැ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමන්ය...

මීලඟට අපි මහත් ගෞරවාදරයෙන් පිළිගනු ලබන්නේ......

ලියන අතර - කව්දෝ දොරට තට්ටු කරනවා....කව්ද ?....කව්ද ?...ඇරපිය දොර..... අපි සී අයි ඩී එකෙන්..... ඇරපිය පරයා දොර......තෝ ආණ්ඩුවට මඩ ගහනවා නේද ?....පරයා.....තෝ ඉවරයි අද.......

දඩාං....... දොර ඇරැනා.....

 (මුලාශ්‍ර - විකිපීඩියා http://en.wikipedia.org/wiki/Mahinda_Rajapaksa)

Monday, November 14, 2011

නාකි හුරතලේ....

හොඳ වැඩේ තොට....
ආදරේ කරනවට....
දන්නෑ සීමාව....
ආදරේ නැති බව...
උඹ ආදරේ තරමට...
හදනවා හුරතල් වෙන්න...
හිනාවෙයි දවසක..
උන් උඹට....
කෝ උඹේ මහ පෞරුෂය..
දාලා දැන් බල්ලට...
උඹ වැටිලා පල්ලට....
හිඟන්නෙක් වගේ හොයනවා...
ආදරේ..

Sunday, November 13, 2011

මහරජ... මේ කව්ද.. මොනවද කරන්නේ...

අද කියන්න හදන්නේ මම මානව හිම්කම් ආයතනයේ වැඩකරන කාලේ මුහුන දුන්න සිදධියක් සම්බන්ධයෙන්. මේක බොහොම සුළු සිද්ධියක් උනත් ලියන්න හිතුනා..මේ කාලේ මම රාජකාරී කලේ වවුනියාව දිස්ත්‍රික්කයේ උනත්.. මුලතිව්, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ පිහිටි මේ ගම්මාන අයත් ප්‍රදේශය අපේ වවුනියාව කාර්යාලට බාරව තිබුනේ.. මේ ගම්මාන වලට තිබුන එක් ගැටළුවක් පරිපාලන දිස්ත්‍රික්කය පැහැදිලි නොවීම... සමහරක් නිළධාරීන් මොවුන් මුලතිව් දිස්ත්‍රික්කට අයිතිය බව කිව්වත් ඡන්දයකදී මොවුන් අනුරාධපුරයට ඈඳා ගන්නවා...මේ නිසා මේ ජනතාව අයාලේ යන තත්වයක් තමයි තිබුනේ.

පරාක්‍රමපුර, ජනකපුර, කිරිඉබ්බන්කටුව, ඇතාවැටුනුවැව, මොණරවැව වගේ අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ තිබුන මේ ගම්මාන නිතරම කොටින්ගේ තර්ජනයට ලක් උනා. කොයිතරම් කොටි තර්ජන තිබුනත් ඒ මිනිස්සු  තමන්ගේ ගම්බිම් දාලා එන්න කැමති උනේ නැහැ... රජයෙන් අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන්න කියලා තමයි ඔවුන්ගේ ඉල්ලීම උනේ. වෙන කිසිම දෙයක් නෙමෙයි ආරක්ෂාව. මේ අතර තමයි හේන් කොටන්න කැලේට රිංගපු අහිංසක ගම්මු දෙනනෙක් කොටි මරලා දාලා තිබුනේ. මේක දෙබරෙට ගල් ගැහැව්වා වගේ උනා. මේ හේතුව නිසා මේ අහිංසක ගම්මු අතට අහුවෙන අහුවෙන දේවල් එකතු කරගෙන පදවිය පැත්තට පල්ලම් බැස්සා. 

ඔවුන් ඇවිල්ලා තාවකාලික නිවාස අටවගත්තේ පදවිය සීමවේ තියන බොරළුකන්ද සහ ඒ අවට. එකවරමු සිද්ධ උන මේ සිද්ධිය නිසා ඒ අවට මහා තදබදයක් ඇති උනා.. තමන්ගේ මුලික අවශ්‍යතා ඉටුකරගන්න.... ඒ වගේම පානීය ජලය, ආහාර පාන, සනීපාරක්ෂාව වැනි අවශ්‍යතා ඉටුකරගැනීමේදීත්.. දරැවන්ගේ අධ්‍යාපනය....සෞඛ්‍ය වැනි ගැටළු වලට මේ පිරිසට මුහුන දෙන්න සිදුවුනා.. 

මේ සම්බන්ධයෙන් අප ආයතනයේ උසස් නිළධාරීන් දැනුවත් කලත් කිසිම සහනදායි පිළිතුරක් ලැබිලා තිබුනේ නැහැ.. මුලික අවශ්‍යතා සැපයීම අප ආයතනයේ කාර්යභාරය නොවුනත් බොහෝ අවස්ථාවලදී මෙවැනි කරැණු සම්බන්ධයෙන් අපි මැදිහත් උනා, මේ ව‍ගේ කාරණා සම්බන්ධයෙන් අවශ්‍ය ආයතන දැනුවත් කරන්න සහ සංවිධානය කරන්න. මෙහිදී ලැබුන ප්‍රතිචාරය උනේ වවුනියාව කාර්යාලයට මේ සිද්ධිය සම්බන්ධයෙන් මැදිහත් විය නොහැකි බවත් අවුරාධපුර කාරියාලය මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවත්ය... නමුත් එම කාර්යාලයේ අභ්‍යන්තර වශයෙන් අවතැන්වුවන් සම්බන්ධ ව්‍යාපෘතියක් නොමැති බැවින් මේ සඳහා සම්බන්ධ විය නොහාකි බවත්ය...මේ සම්බන්ධයෙන් වවුනියව කාර්යාලයට මැදිහතක් වීමට අවසර ලබාසෙන් මෙන් ඉල්ලීමක් කල නමුත් සති කීපයක් ගතවුනත් මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් නොලැබීම නිසා මම මගේ ඉහල නිළධාරියට ඊයක් යැව්ව.. ඒක තිබුනේ මේ විදියට..


මහරජ... අභ්‍යන්තර අවතැන් වුවන් යනු කව්ද ?


ස්වාමිනී “ස්වකැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් තම පදිංචිව සිටින ස්ථානයෙන් ඉවත් වනු ලැබු හෝ ඉවත් කරනු ලැබ රට තුලම වෙනත් ස්ථානයක පදිංචි වු හෝ පදිංචිකරනු ලැබු පුද්ගයින් අභ්‍යනැතර අවතැන්වුවන්" ලෙස හඳුන්වයි...


මහරජ... එය එසේනම්....වවුනයාවේ සරණාගත කඳවුරැවල ජීවත් වන්නන් අභ්‍යන්තර අවතැන්වුවන් නොවේද?


ස්වාමීනී.. ඔවුන් අභ්‍යන්තර අවතැන්වුවන් වේ 


මහරජ..... එය එසේනම්....පදවිය බොරළුකන්ඳ හා ඒ අවට සරණාගත කඳවුරැවල ජීවත් වන්නන් අභ්‍යන්තර අවතැන්වුවන් නොවේද ?


ස්වාමීනී.. ඔවුන් ද අභ්‍යන්තර අවතැන්වුවන් වේ 


එය එසේනම්.. වවුනියාවට එක හැන්දකිනුත්... පදවිය ට තවත් හැන්ඳකින් බෙදනු කිම...


පහුවෙනිදා ආවා දුරකථන ඇමතුමක්.... 


කථාව ඉවරයි....

Thursday, November 10, 2011

ඔබේ අයිතිය සහ වගකීම - 8 (අත්අඩංගුවට පත්වෙන්නට පෙර කියවන්න)

අපි නැවතත් කථාකරමු මානව හිමිකම් ගැන... මතකයිනේ අපි මාස කීපයක ඉඳලා කථාකරමින් ලංකාවේ අපිට බලපාන ආකාරය සම්බන්ධයෙන්....මේකත් හරියට මොකාගෙද මොකක්ද අල්ල ගත්තා වගේ වැඩක්... පටන් ගත්ත නිසා ඉවර කරන්නම වෙනවා...හැබැයි දැන් අපිට වටේ යන්නේ නැතිව කථා කරන්න පුලුවන්... මොකද අපි මේ කරැණු සම්බන්ධයෙන් ඔබේ අයිතිය සහ වගකීම කියන සීරීස් එකේ..1, 2, 3, 4, 5, 6 සහ 7 කියන පෝස්ට් වලින් දිගමට කථා කරපු නිසා. එහෙම බලලා නැත්තම් පොස්ට් ඔකකොම බලලා එන එක තමයි ‍හොඳ... එහෙම නැත්නම් මේ ගැන නිසි අවබෝධයක් ගන්න අමාරැයි... පහුගිය පෝස්ට් එකේ අපි නැවැත්තුවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවාස්ථාවේ, 3 වැනි පරිඡ්චේදයේ දැක්වෙන 13 වන වගන්තිය පලමු උප වගන්තිය ‍ගැන කථාකරන අතරමග. අපි පටන් ගමු 13 වන වගන්තියේ, දෙවැනි උප වගන්තිය ගැන කථා කරන්න.. 

"අත් අඩංගුවේ තබාගනු ලැබු හෝ රඳවා ගනු ලැබු  හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කරනු ලැබු හෝ සෑම තැනැත්තෙකුම නීතියෙන් නියම කරනු ලැබු කාර්ය පටිපාටිය අනුව ආසන්නතම නිසි අධිකරණයේ විනිශ්චයකාරවරයා ඉදිරියට ගෙන යා යුතු වන අතර, නීතියෙන් නියම කරනු ලැබු කාර්ය පටිපාටියට අනුකූලව ඒ විනිශ්චයකාරවරයා විසින් කරනු ලබන ආඥාව මත සහ අදාල ආඥාව ප්‍රකාර මිස, ඒ තැනැත්තා තව දුරටත් අත් අඩංගුවෙහි තපා ගැනීම හෝ රඳවා තබා ගැනීම හෝ ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම හෝ නොකල යුතුය"


අපි මේ වගන්තියෙත් සඳහන් කරන "නීතියෙන් නියම කරනු ලැබු කාර්ය පටිපාටිය" මොකක්ද කියන එක විමසා බලමු...

මෙහිදී සංඥය වැරදි සහ සංඥය නොවන වැරදි යනුවෙන් කොටස් දෙකක් ගැන අපිට කථා කරන්නට සිද්ධවෙනවා.. සංඥය වරදක දී පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වන අතර සංඥය නොවන වරදකදී වරෙන්තුවක් සහිතව අත්අඩංගුවට ගත යුතුය.


(සංඥය වරදක්ද? නැද්ද? යන්න 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය, පළමුවන උප‍ලේඛනයේ 3 වන තීරයේ සඳයන් තොරතුරු අනුව තීරණය කරයි.)


සාමාන්‍ය පුද්ගලයකු විසින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි අවස්ථා:-

අපරාධ නඩු විධාන සංග්‍රහය 35 වගන්තිය
1) තමා ඉදිරිපිටදී සංඥය වරදක් කරන තැනැත්තෙකු
2) වරදකරු ලෙස ප්‍රකාශයට පත්කර ඇති තැනැත්තෙකු
3) පැන දුවන්නා වූද ,සංඥය වරදක් කළ තැනැත්තෙකු යැයි සැකකිරීමට
    සාධාරණ හේතු ඇති අයෙකු

මෙසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් හැකි ඉක්මනින්  සාම නිලධාරියෙකු ඉදිරියට නැතහොත් පොලිස් ස්ථානයකට ගෙනයා යුතු වන අතර එහිදී ඒ පුද්ගලයා 32 වන වගන්තියේ විධි විධාන යටතට ගත හැකි පුදිගලයෙකු නම් සාම නිළධාරියා විසින් නැවත සිරභාරයට ගත යැතුය. 
තවද පුද‍්ගලික ආරක්ෂාවේ අයිතිය යටතේ යම් වරදක් කරන පුද්ගලයෙකු වැළැක්වීමට කටයුතු කල හැකිය (දණ්ඩ නීති සංග්‍රහය 89 සහ 99 වගන්තිය)


සංඥය නොවන වරදකදී වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි අවස්ථා:-

 අපරාධ නඩු විධාන සංග්‍රහය 33 වගන්තිය
1) එම තැනැත්තා ඔහුගේ නම ,ලිපිනය දීම ප්‍රතික්ෂේප කළවිට හෝ
    අසත්‍ය නමක් ,ලිපිනයක් දෙන බවට හැඟී ගිය අවස්ථාවකදී,
2) එම තැනැත්තා ලංකාවේ ස්ථීර පදිංචියක් නැති අයෙකු හෝ රට  
    හැරයාමට ඉතා ආසන්න බවට හැඟී ගිය අවස්ථාවකදී,

සැඟවී සිටින අයෙකු අත්අඩංගුවට ගැනීම:-

අපරාධ නඩු විධාන සංග්‍රහය 24,25 වගන්ති අදාල වේ.
අත්අඩංගුවට ගතයුතු කෙනාගේ හෝ වෙනත් අයෙකුගේ යම් ස්ථානයක බාහිර හෝ අභ්‍යන්තර දොරක් කවුළුවක් කඩා එය විවෘතකර ඇතුලු වී සැඟවී සිටින අයෙකු අත්අඩංගුවට ගත හැක.
අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලිඛිතවීම,අධිකරණ විනිසුරුවරයකු විසින් අත්සන්කර තිබීම අවශ්‍යය.
(අ.න.වි.සං 50 වගන්තිය)
  • අත්අඩංගුවට ගනුලැබූ තැනැත්තෙකු පැය 24ක් ඇතුලත මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත්කළ යුතුය.
  • මහේස්ත්‍රාත් නියෝගයක් මත වැඩිදුර විමර්ශන සඳහා එකී කාලය පැය 48ක් නොඉක්මවූ කාලයක් දක්වා දීර්ඝකරවාගත හැක.
(2005 අංක 15 දරණ අ.න.වි.සං(සංශෝධිත)පනත)අදාල වේ.

මේ කාරනා ටිකක් නොතේරෙන ගතියක් තියනවා.. .සම්පුර්ණයෙන්ම පැටලිලි සහගතයි... සාමාන්‍ය පුද්ගලයෙකුට කියවා තේරැම් ගන්නට අපහසුයි.... කීප වරක්ම කියවීම තුලින් තමයි යම් අවබෝධයක් ගන්න පුලුවන්.....ඒකට හේතුව අපේ රටේ නිතිපද්ධතිය හදලා තියෙන්නේ  ඉංග්‍රීසියෙන් හිතලා ඉංග්‍රීසියන් වැඩකරන කොටසක් මගින් වීම... ඒ අය බර වචන දාලා ඉංග්‍රිසියෙන් ලියලා එවන එක ඒ වචන වලට ගැලපෙන සිංහල වචන යොදලා පරිවර්ථනය වීම තුල ‍‍තේරම් ගන්න තියන අපහසුව තමයි...


මෙහිදී කථා කරන්නට යමක් තියනවා... ඒ තමයි "අපරාධ නඩු විධාන සංග්‍රහය 115 වැනි වගන්තිය...අත්අඩංගුවට ගනුලැබූ තැනැත්තෙකු පැය 24ක් ඇතුලත මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත්කළ යුතුය" යන්න. ‍
මෙයින් අදහස් කරන්නේ අත්අඩංගුවේ පැය 24 ක් තියාගන්න පුලුවන් තියන එක නෙමෙයි. තියාගන්න පුලුවන් උපරිම කාලය පැය 24 ක් කියලා.. නමුත් ඊට කලින් මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් තරන්න හැකියාවක් තියනවා නම් ඉදිරිපත් කරන්න ‍ඕනේ... එහෙම ඉදිරිපත් නොකිරීම මෙම 13 වැනි වගන්තිය උල්ලඝනය කිරීමක් කියලා ‍ගරැ ශ්‍රේෂ්ධාධිකරණය පිළිඅරගෙන තියනවා. උදාහරණයක් විදියට කෙනෙක් රාත්‍රියේ දී අත්අඩංගුවට ගන්නා සාධාරණ සැකයක් මත... (මම මේ කියන්නේ සමහර වෙලාවට පාරේ යන ගමන් දාගෙන යන ඒවා ගැන) රෑ 10 ට කියමු.... පොලිසිටය ගෙනියනවා.... කුඩුවට දානවා... දැන් මොහු අත්අඩංගුවේ.... මේ සිද්ධිය අනුව පැය 24 සම්පුර්ණ වෙන්නේ පහුවෙනිදා රෑ 10.00 නමුත් කිසිම අවස්ථාවක මේ පුද්ගලයව ඒ වෙනකම් තියා ගන්න නීතියෙන් ඉඩක් නැහැ... එදා උදේම අධිකරණයට ඉදිරිපත් කල යුතුයි. මොකද පැය 24 ක් රඳවා ගන්න අවස්ථාව දීලා තියෙන් නේ යම් කිසි පුද්ගලයෙක් පිළිබඳව විමර්ශණයන් කරන්න... ප්‍රශ්ණ කරන්න වගේ දේවල් වලට.. මෙහිදී මොහුව අත්අඩංගුවට තියෙන්නේ නිශ්චිත හේතුවක් දක්වන්නේ නැතුව. සමහර වෙලාවට අපි දකිනවා නිවාඩු කියලා සැකකරැවන්ව තියාගන්නවා. ඒක වැරදියි. නිවාඩු දවසට අධිකරණය වහලා උනාට මහේස්ත්‍රාත් නිල නිවසට අරගෙන ගිහින් සැකකරැ ඉදිරිපත් කරන්න පුලුවන්. මහේස්ත්‍රාත්වරයා නැත්නම් අනිවාර්යෙන්ම වැඩබලන මහේස්ත්‍රාත් වරයෙකු සිටිය යුතුයි. කිසිම අවස්ථාවක නිවාඩු හේතු කරගෙන මේ ඉදිරිපත් කිරීම කල්දාන්න බැහැ. මේ හේතුව නිසා බොහෝවිට පොලිසිය කරන්නේ අත්අඩංගුවට ගන්න පුද‍්ගලයින්ව ලියාපදිංචි කරන්නේ නැහැ...එහෙම අවස්ථා අපි දැකලා තියනවා.... අනිත් කාරණය තමයි.. අත්අඩංතුවට ගන්න අවස්ථාවෙදි හෝ ප්‍රශ්ණ කිරීම් වලදී පහරදීම‍ක් හෝ නිශ්චිත කාලයට වඩා රඳවාගෙන තියනවා නම් මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරන අවස්ථාවේදී ඒ ගැනදැනුම් දෙන්න අත්අඩංගුවේ පසුවන සැකකරැට අවස්ථාව තියනවා.. මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික තත්වයන් සාකච්ඡා කල හැකියි.. එවැනි සිද්ධින් ඔබ දන්නවා නම් සාකච්ඡාවට ඉඩ තියනවා.

(මූලාශ්‍ර "වීකිපීඩියා")