තාත්තෙක්ගේ ආදරේ මහ මෙරක් වගේ විශාල උනාට ඒක හරියට උත්තර ධ්‍රැවයේ අයිස් කන්ඳක් වගේ කියලා වෙලාවකට හිතෙන්න පටන් ගත්තේ තාත්තා කෙනෙක් උනාම..... පිටතට පෙන්නේ බොහොම සුලු ප්‍රමාණයක් උනාට හදවතේ පිරිලා ඉතිරිලා යන තරම්..... ඒත් බොහෝ වෙලාවට තාත්තා ඒ ආදරේ හංගගෙන ඉන්නවා... ඒකට හේතුව තාමත් හොයාගන්න අමාරැයි..... ඒත් මුලු ජීවිත කාලෙම තාත්තෙක් දරැවන් වෙනුවෙන් කැපවෙන්න, දරුවන් හොඳ මිනිස්සු වෙනවා දකින්න හැර දරැවන්ගෙන් වෙන කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමයි... තමන්ගේ කුස යන්තම් පුරෝගෙන තමන්ගේ දරැවන් ගේ කුස පුරෝන තාත්තලා මේ ලොකේ ඔනෑ තරම් ඉන්නවා... ඒත් දරැවෝ තාත්තගේ ආදරේ තේරැම්ගන්නේ නැහැ.....
අපි ජීවිත කාලේ පුරාම තාත්තව දකින ආකාර 5 ක් තියනවා.....
උපන් දා ඉඳලා වයස අවුරුදු 10 ක් විතර වෙනකම් අපේ ලොකේ රජ්ජුරුවෝ තාත්තා.... තාත්තා තමයි අපේ ලොකේ වීරයා.... තාත්තා තමයි හැම දේම දන්නේ..... හැබැයි වසය අවුරුදු 10 ඉඳලා 20 අතර කාලේ වෙනකොට අපිටි හිතෙන්නේ... තාත්තා ඔය කිව්වට එයත් දන්නේ නැති දේ තියනවා වගේ...... තාත්තා ඇරෙන්න වෙන වීරයෝ අපේ ලෝකෙට එනවා..... වයස අවුරුදු 20 ත් 30 ත් අතර කාලේ අපි හිතනනේ... තාත්තා මොනවද දන්නේ... මේ පරන අදහස් දැන් ගැලපෙන්නේ නැහැ.... දැන් ලොකේ වෙනස්... තාත්තා අළුත් ලොකේ ගැන.. ආදරේ ගැන තාත්තා දන්න දෙයක් නැහැ කියලා...... නමත් වසය අවුරුදු 30 ත් 40 ත් අතර කාලය මේ අදහස ටික ටික වෙනස් වෙනවා.... කසාදයක් බැඳලා... දරුවෙක් ලැබෙනකොට..... පවුල් ජීවිතේ ගෙනව කොට හිතෙනවා....."තාත්තා යමක් දැනගෙන ඉඳලා තියනවා ජීවිතේ ගැන.... ආදරේ ගැන....."..... වයස අවුරුද් 40 පනින කොට තේරුම්ගන්නවා තාත්තා ගැන.... තාත්තා කොයි තරම් ජීවිතේ ගැන අවබෝධයකින් කථා කරලා තියනවද... ජීවිතේ දැකලා තියනවද...? අපිට කොයි තරම් ආදෙර් කරලා තියනවද කියලා.... සමහර විට එතකොට තාත්තා අපේ අතර නැතිවෙන්න පුලුවන්...... ප්‍රමාද වෙන්න එපා... තාත්තා කෙනෙක්ගේ ආදරය තේරුම් ගන්න.....
මමත් තාත්තා කෙනෙක් විදියට දරුවන් ගැන මගේ හිතට දැනෙන දේ බ්ලොගේ සටහන් කලා මීට කාලෙකට කලින් අහිමි සෙනහෙස කියන කවි පෙළින්...
මගේ මතකේ හැටියට මේ කථාව මීට කාලෙකට පෙර ලංකාදීප පුවත්පතේ පල උනු බොහොම සංවේදී කථාවක්... මෑතකදි මුනු පොතේ දැක්කා..... පුවත් පතේ පල උන කථාවේ හඳුන්වලා තිබුනේ... සිත රිදුනු තැන් කියලා....
සිත රිදුනු තැන්.....
සති අන්ත ඉරිදා සන්ධ්‍යාවේදී මම අත්‍යාවශ්‍ය කළමනා කීපයක් රැගෙන ඒමට කඩපළට ගියෙමි. තනිව යාම සාමාන්‍ය සිරිත වුවත්, මෙවර තෙහැවිරිදි දියණියද මගේ සුලැඟිල්ලක මොලකැටි දෑතින් එල්ලී සිටියාය. තරමක් විශාල වෙළඳසැලේ ඒ මේ අත සෙනග සැරි සරති. මා බඩු ගන්නා අතරේ දියණිය මගේ සුලැඟිල්ල අතහැර ඇය රිසි තැන්වල ඇවිද්දාය. සියලුම දෙනා මා හඳුනන බැවින් මම ඈ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූයෙමි.
මොහොතකින් බලනවිට පෙනෙන මානයක දියණිය සිටියේ නැත. මම තරමක කලබලයෙන් විපරම් කළෙමි. දුටු දසුනින් මම ඇවිලී ගියෙමි. ඇය වෙළඳසැල කොනේ වූ කුඩා බංකුව මත වාඩි වී මහා බර කල්පනාවකය. ඇයගේ දෙනෙත් තිබුණේ ඇගේ වයසේම තවත් දැරියක් ළඟය. මම මොහොතක් ඇය දෙස බලා උන්නෙමි. ඇය ඇගේ කුඩා මිරිවැඩි සඟල දෙස බැලුවාය. එහි තැන තැන මඩ තැවරී දුර්වර්ණ වී ගොස් තිබුණි. රුපියල් සීයකට මීට බොහෝ කලකට පෙර අරන් දුන් එය දැන් බොහෝ පැරණිය. පොහොසත් දැරිය උජාරුවෙන් ශබ්ද නගන ඇගේ පාවහන් යුවල එහා මෙහා කළාය. ක්‍රමයෙන් රතු පැහැ වන පුංචි මුහුණේ තරු කැටවන් දිළිසෙන නෙත් සඟලේ හැඟුම් තේරුම් ගන්නට මා අපොහොසත්ය. එක්කෝ ඒවා තේරුම් ගන්නට මා බියය. පුංචි සිඟිති දියණිය මේ මිනිසුන් අතර තනිවී සිටින්නා සේ මට පෙනේ.
ඇය මගෙන් කිසිවක් ඉල්ලන්නේ නැත. ඒ පුංචි දෙනෙත් මහමග යන පොඩි උන් ලඟ නතර වෙයි. වාහනවල ගැටෙයි. සතුටින් සිනහවන ළදරු සිනාවන් හා එක් වී සිනාසෙයි. දෙවියනි.. ඇය දන්නේ මොනවාද... ජීවිතයේ කටුක බව පපු කැනැත්තේ ඇතුළතින්ම විඳ දරා ගන්නා දුප්පත් මට ඇය වෙනුවෙන් ලොවක් තැනිය හැකිද..? ඒ පුංචි දෙනෙත් ළඟ මා කවරදාටත් වඩා දුප්පතෙකියි මට දැනේ.
අපට තිබුනේ සරල සුගම ළමා වියකි. ඒ කුරුම්බැට්ටි මැෂිමේ සුරතල් ළමා විය අද ලැප්ටොප් පරිගණකයක් දක්වා විකාශනය වී තිබේ. මා තවමත් සිතන්නේ මගේ දියණියට බෝරිච්චි අත් දැමූ ගවුමක් ඇති කියාය. රබර් සෙරෙප්පු දෙකක් ඇති කියාය. මට වඩා වාසනාවන්ත පියවරුන් තම දරුවන් උදෙසා වත්කම් සරි කරද්දී ඒ හා සැසඳෙන්නට මගේ හිඟන ජීවිතයට නොහැකි වූයේ ඇයි..? දියණියගේ මුව දකිද්දී මට අර මහා දුප්පත්කම අසරණකම දැනෙන්නේ ඇයි..?
"අපි යමු රත්තරං පැටියෝ.."
ඇය දැහැනින් මිදුණාය. ඒ ඇද ගත් සුසුම පුංචි ළය මඩලට බර වැඩි බව මම හොඳටම දනිමි. ඇය ඉපදීමට පෙර මා මීට වඩා ශක්තිමත්ව හිඳින්නට තිබිණ. එක්කෝ දුප්පත් මට දාව උපදින්නට තරම් අවාසනාවක් ඇගේ දෛවයේ නොතිබෙන්නට තිබිණ. ජීවිතයේ දුක අනෝරාවක්ව මගේ හිස මතට කඩා වැටෙද්දී අසරණ දෑතින් මා ඇගේ හිස වසාගන්නට තැත් කරන අසරණ තාත්තා කෙනෙකි. මේ අනෝරාවෙන් ඇයද පීඩා විඳින බව මම දනිමි. නමුදු කාටත් ජීවත් වන්නට අපහසු මේ නපුරු ආර්ථිකයෙන් මා කියා කුමක් කරන්නද... මේ කටුක යථාර්ථයට නිහඬව මුහුණ දෙන පියවරුන් අප අතර කොතෙක් නම් ඇත්ද..?
"තාත්තේ"
"ඇයි පැටියෝ?"
"මට අරවයින් එකක් අරන් දෙන්නකෝ තාත්තේ"
මම අලුතෙන් ඇවිළී ගියෙමි. ගෙන ආ රුපියල් පන්සියයෙන් ඉතිරිව තිබුණේ හරියටම රුපියල් හතලිහකි. ඇය කඩපලේදී දුටු මිරිවැඩි සඟලක්, බෝනික්කෙක් හෝ වෙනයමක් ඉල්ලුවොත්?
"මොනවද රත්තරං පැටියො..?"
"රටකජු ගොට්ටක්.." ඇගේ මුලු වතම සඳ වතක් සේ පිපී ඇත.
මහ මග නොබලා ඇයව බදාගෙන ලෝකයටම ඇසෙන සේ කෑ ගසා අඬන්නට මට සිතෙයි. අපටත් වඩා මේ කිරි කැටියා අපේ ජීවිත තේරුම් ගෙන ඇතිද..?
උඹ මගේම දුව වෙලා ආත්ම ගණනක් උපදින්න ඕන. මතක තියාගන්න, මේ තාත්තා මැරෙන්න මොහොතක් තියල හරි මගේ රත්තරං පැටියට සතුටින් ඉන්න ලෝකයක් හදල දෙනවා. මං දන්නව ඔය පුංචි පපුව ඇතුලෙ හිර කරගත්තු දුක එදාට මහවැලිය වගේ ගලනවා.
"ඔබහට ලෝකය ඉදිකර දී මිස මට යා නොහැකිය පුංචි පුතුන්" කියා මහගම සේකරයන් ලියා තැබුවේ දරුවන් ළඟ තාත්තලාට දැනෙන ඒ මහා අසරණකම සහ ආදරය නිසා විය යුතුය.
මේ ඔබ විය හැකියි.......http://www.youtube.com/watch?v=2kpLDkWg5DA

----------------------------------

-----------------------------------------
මේ ඔබ විය හැකියි.......http://www.youtube.com/watch?v=2kpLDkWg5DA
ලියන්න දරුවො ගැන. පෙන්වන්න එයාලට හිතේ තිය ආදරය කොයි තරම් ද කියලා.
ReplyDeleteමම මයෙ තාත්තට හරිම ආදරෙයි.මයෙ තාත්තත් කවදාවත් මට ආදරය කොච්චරද කියල කියලා නැහැ , හඟවල නැහැ.හැබැයි සැර වැරේ නම් කෙලවරක් නැහැ.
දිනක් මට වෙච්චි බොහොම දරුණු සිද්ධිය නැති නම්, තාත්තයෙ ආදරය කවදාවත් මට දැන ගන්න ලැබෙන්නෙ නැහැ.
ඒ දා දරුණු සිද්ධිය නිසා මා මිය යන්න වුනත් තිබුන බව මට මතකයි. මයෙ තාත්ත ඉකි ගගහ ඇඩුවෙ පොඩි දරුවෙක් වගේ.හොදටම දුකින් බයෙන්.මාව මැරෙයි කියල හිතල. මට ඒ වෙලාවෙ දි දැනුනෙ මරණ බියට වඩා සතුටක්.මයෙ නපුරු තාත්ත ලග මේ තරම් ආදරයක් ?
දෙවියො තාත්තව ලෝකයට එවුවෙ ආදරය ගොඩක් දීලා පෙන්වන්න එපා කියල තහනම් කරල ද?
බස්සො .....දරුවන්ට ආදරය පෙන්වන්න.... හඟවන්න.කියන්න. තුරුළු කරගෙන ඉඹින්න..... නොපෙන්වන ආදරය මොකට ද.
+++++++++++++++++++++++++
Deleteඇත්ත, නොපෙන්වන ආදරය එක අතකට වැඩකට නෑ තමයි. ඒකෙන් තාත්තලා ලොකු පාඩුවක් කරගන්නේ.
බස්සො .....දරුවන්ට ආදරය පෙන්වන්න.... හඟවන්න.කියන්න. තුරුළු කරගෙන ඉඹින්න..... නොපෙන්වන ආදරය මොකට ද. "එපමනයි"
ReplyDeleteඒ නොපෙන්නන ආදරය ඇතුලේ මහා ලොකු ආදරයක් හැංගිලා තියෙනවා..
ReplyDeleteතාත්තගේ ආදරේ මට ලැබුනේ අවුරුදු හයක් වගේ පොඩි කාලයයි ඒත් ටික කාලෙට මගේ තාත්තා මට කියාදුන්න හැම දෙයක්ම තවම මගේ හිතේ තියනවා .
ReplyDeleteස්වභාවධර්මයෙන්ම තාත්තලා එහෙමලු.. අම්මලා කියන්න ඕනදේ කිව්වත්.. ආදරය පෙන්නුවත්..
ReplyDeleteහදවතේ ආදරය ලේසියෙන් පෙන්වන්නෙ නැති තාත්තලාගෙ ඒ ආදරය හරි නිශ්ෂබ්දයි... ඒත් ගැඹුරුයි..
නාඳුනන ගැඹුර.. මාතෘකාව අගෙයි..! :)
ඇත්තටම මම ඇඩුවා තවමත් අඩනවා.මගේ රත්තරන් තාත්තත් මේ වගේ.ඒත් අද මන් ලග නැහැ.මතකයි පොඩි කාලේ මාව අරන් කඩවල් වලට ගිහින් ඉල්ලන දේවල් ණයවෙලා හරි අරන් දුන්න හැටි.මගේ තාත්ත සල්ලි කාරයෙක් නෙමෙයි උනත් මට හැමදේම දුන්නා.ඒ ආදරේ කියන්න වචන නැහැ මට.එක මට එච්චරටම දැනුණා..කවදා හරි මගේ දරුවෙක්ටත් මේ වගේ ආදරයක් ලැබෙනවානම්...මගේ තාත්තාව මට ආයේ දකින්න ලැබේවි..
ReplyDeleteහරිම සංවේදී කතාවක්. හිතට එන දේවල් ලියාගන්ට වචනත් නෑ වගේ. ඇහැට කඳුලකුත් ආවා. :(
ReplyDeleteඇත්ත... තාත්තලා ආදරේ පෙන්නන්නෙ නෑ තමා..ඒක අපි තේරුම්ගන්න ඕනා.
ReplyDeleteසමහර විට තේරුම්ගන්නකොට පරක්කු වැඩි වෙලත් තියේවි.
මූණු පොතේ තිබුණ පළවෙනි කතාවත් (කතාවක් නෙවෙයි වාඛ්‍ය රචනාවක්)
ReplyDeleteපත්තරේ පළවුණු දෙවෙනි එකත් කියවලා තියෙනවා
කියන්න තියෙන්නෙ ඉතින් "පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි" කියලා තමයි...
කුමාරිහාමි අඩනවත් එක්ක.ලිපිය තාත්තල ගැන, ඒ කියන්නේ අපි ගැන.ස්තුතියි බස්සෝ ගොඩාක් ඔයාට...!
ReplyDeleteහිතට වදිනව අයියේ.මටත් මගේ තාත්ත ගැන නියම කෝණයකින් බලන්න පුලුවන් වුණේ,තාත්තා කෙටිකතාව ඇසුරෙන් සන්නස්ගල සර් පන්තියෙදි කරපු විචාරයක් ඇහුවට පස්සෙ
ReplyDeleteඑක තාත්තා කෙනෙක් අසරණ වෙද්දි තව තාත්තා කෙනෙක් එහෙම නොවෙන්න හේතුවක් නැද්ද?මහින්ද පුතාට කාර් රේස් යන්න රටේ සල්ලි නාස්ති කරද්දි තව තාත්තා කෙනෙක් පුතාට ෆුට් සයිකලයක් අරන් දෙන්න පෙරුම් පුරන එක ගැන මොකද හිතන්නෙ?
ReplyDeleteතාත්තා එහෙමත් නැත්නම් මට හුරු විදියට අප්පච්චි කොහොමත් මුහුදේ පාවෙන ලොකු අයිස් කුට්ටියක් වගේ දහයෙන් එකක් ජලය මතුපිට ඉතිරි නවයම ජලය යට. ඒ ආදරේ තේරෙන්නේ තාත්තා කෙනෙක් වුණු දාටයි.
ReplyDelete"බුදු බව පතනා පියවරු වෙසෙනා
පූජා... පූජා වේවා"
අමරදේවයන් ගීයෙන් කිව්වේ ඒකනේ..
Dnt knw what to say......u cn only understand ur father once u'v become one urself...strange na...but true...:)
ReplyDeleteඅයියේ වචන නෑ කියන්න මේ ගැන ගොඩක් ස්තුතියි මේ ලියපු වචන ටික නම් ගොඩක් වටිනවා.....
ReplyDeleteදරැවන්ට හොද හෙට දවසක් හදන්න තමා මේ හැම දුකක්ම උහුලගෙන තාමත් මෙහෙට වෙලා ඉන්නෙ...වැදගත් මාතෘකාවක්......
ReplyDeleteකියන්න වචන නැහැ :)
ReplyDeleteහිතට වදින සිතුවිල්ලක්.
ReplyDeleteහරිම සංවේදියි...මට අවුරුදු 20ක සීමාව පැනලා ඉවරයි....තාමත් මගේ තාත්තා මට වීරයෙක්..පණ වගේ මට ආදරෙයි..එයා මට ආදරේ පෙන්නුවා...තාමත්...මාත් එයාට ඒ වගේම ආදරෙයි..වෙන කාටත්ම වඩා වැඩියෙන් ආදරෙයි..
ReplyDeleteඊෂා..