Thursday, May 31, 2012

ඔපපාතික.. අසම්මත.....



යෞවනයේ පිලීකන්න අඩිය තියන්න බලාගෙන හිටපු ඔහුට,
යෞවනයේ එලිපත්ත මත ඉන්න ඇයව හමුඋනේ අහම්බෙන්ම නෙමෙයි....
ඔහු ජනප්‍රිය චරිතයක්.... බොහෝ දෙනෙක් ඔහුට ආදරේ කලා...
ඇය හුරුබුහුටියි..... කොටට කපපු කෙස් කළඹ.... කට පපල් හිනාව....
එල්ලෙන තෝඩු..... හිරට ඩෙනිම් ජීන්ස් අඳින... ඇස් අද ගන්න රෑ සපුවක් ඈ සතු උනා....
බර උන ඔහුගේ දෙනෙතට ඇය ගෙනාවේ සොඳුරු දසුනක්....
දකින හැම මොහොතකම ඇයව හදවතේ පිංතාරු කරගන්න ඔහු අමතක කලේ නැහැ...
තමන් පවුල්කාරයෙක් බව ඔහුට ඇය ඉදිරියේ දී අමතක උනා...
තමන් ආදරේ කරන්නේ විවාහකයෙක්ට බව දැනගෙන හිටියත් ඇය...
ඔහු ගේ ආදරේට ආදරේ කාලා...
තමන්ගේ බිරිඳගෙන් නොලැබෙන ආදරේ.. අවධානය හොයාගෙන ගිය ඔහු...
තමන්ගේ කන්‍යාභාවය උදුරගත්ත පෙම්වතාගෙන් නොලැබෙන ආරක්ෂාව හොයාගෙන ගිය ඇය අසල නතර උනා...
ඔහු ඇයගේ හුරුබුහුටි ආදරේ වින්ඳා...
ඇය ඔහුගේ පරිනත ප්‍රේමය වින්ඳා....
ඔහුට ඕන උනේ ඇයව තමන්ගේ කරගන්න...
ඒත් ඇයට ඕන උනේ අනුන්ගේ වෙන්න...
ඔහු හැමතිස්සෙම හිතුවේ ඇයව ලඟට ගන්න....
ඇයට ඕන උනේ ඔහුගේ අත අල්ලගෙන ඔහු කරා යන්න....
ආදරේ ගලාගෙල ගියා...
විවිධ හැලහැප්පීම් මැද....
ඇයට වඩා ඔහු විඳෙව්වා...
ඇය වින්ඳා....
අහිමි වෙච්ච කන්‍යාභාවය ඇයගේ සීමා මායිම් නැති ආශාවට රුකුලක් උනා....
පරිනත ඔහුගේ සොඳුරු දඟකාරකම් ඇයට ගෙනවේ මහත් ආශ්වාදයක්...
දරුවෝ කීප දෙනෙක්ට කිරි පොවපු... වැහැරුණු පියයුරුත්.... ටයර් පැනපු උදරයත් එක්ක දඟලන...
ඔහුට ඇයගේ හුරුබුහුටි සිරුර පෙනුනේ වීනස් ප්‍රතිමාව වගේ ....
සන්තර්පනය කරන්න බැරි උන ආශාවල් එකින් එක සමනය වෙන කොට ඔහුට ඇය නැතිව බැරි උනා....
තමන්ගේ ප්‍රේමවන්තයාගෙන් නොලැබෙන ආරක්ෂාව....
කුළුදුලේම තමන්ගේ පිරිසිඳුකම උදුරගන්න වෙලාවේ තමන්ට ලැබුන තෘප්තිය..
හොයාගෙන.. ඇයත් ඔහුත් එකි නෙකා වැලඳගත්තා....
අසම්මත ප්‍රේම වෘත්තාන්තය....
තාවකාලික සිරියහන් ගබඩාවල....
සිනමාහල් වල බැල්කනියේ... බොක්ස් ඇතුලේ....
නිරාමිස සුවය හොයාගෙන අතරමං උනා....
දින ගනන් අසම්මත මධුසමයන්... වගේම ක්ෂණික සතපවාලීන් වලින් ඇයත් ඔහුත් ඔවුන්ගේ අම්මත ප්‍රේමයේ ඵල නෙළුවා.....
ආදරයක් කැස්සක් හංගන්න බැරිවා වගේම ඔහුගේ තීක්ෂණ ඇස් සහිත බිරිඳගේ ඇසින් ඔවුනට ගැලවෙන්න බැරි උනේ අසම්මත ආදරයේ ඔහුට ඇති නුපුහුණු බව නිසා නොවුනත්....
ඔහු කෙරෙහි බිරිඳගේ සංවේදීභාවය බලපෑවා.....
වාද විවාදයන් හී අවසානය ඔහු තමන්ගේ දරුවන්නුත් ප්‍රිය බිරිඳත් අතැර ඇය සොයා යන තැනට ඔහුව ගෙනාවා....
අවසානයේ ඔහු තීරණයක් ගත්තා..... හිදිසියේ අහුලගත්ත ඇඳුම් ටික ගමන් මල්ලේ අසුරගෙන ඔහු එළියට බැස්සේ තමන්ගේ දරුවන්ගේ....හෝ තමන්ගේ බිරිඳගේ මුනවත් නොබලා....
මේ වෙන හැම දෙයක්ම ඇය දැනගෙන හිටියත් ඇයට කරන්න කිසිම දෙයක් තිබුනේ නැහැ....
හදිසියේම ඇයට ලැබුනු ආරාධනාව ඇයට හිතාගන්න බැරි උනා....
“මම ආවා....ඔයා එන්න“....
“ඔයාට පිස්සුද....?... මට ඕනේ නැහැ කසාඳ බැඳපු මිනිහෙක් බඳින්න....“

42 comments:

  1. අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නැ .. හුඟක් අයට මෙහෙම වෙනවා තියනදේ රැකගෙන ඉන්නෙ නැතිඋනාම

    ReplyDelete
  2. අපූරු පෙලගැස්ම ජනක...!

    ReplyDelete
  3. හපොයි වෙච්ච දෙයක්

    ReplyDelete
  4. ලස්සනයි.. ගැහැණිය.. සැමදා ප්‍රශ්නාර්ථයකි.........

    ReplyDelete
  5. හිකිස්.... දිට්ඨධම්ම වේදනීය කර්ම කියන එකද මංදා. බොලං අපේ හිංගල කියමනක් තියනව නොවැ ඔය ගෙරි මස් කෑවට කමෙක් නෑ.හැබැයි කරේ එල්ලං කන්ට එපාය කියලා. මූ අහලා නැතිව වෙන්ටෑ කතාව. ජය...!


    ප/ලි අපූරුවට ලියලා තියනවා සිද්දිය..

    ReplyDelete
  6. අනේ අම්මපා මේ කෙල්ලෝ...... හපෝයි

    ReplyDelete
  7. චපලකම ඔබේ නම ස්ත්‍රියයි!!

    ReplyDelete
  8. සිත සංවර නැති උනාම ඔහොම තමයි.සංවර කොර ගන්න එකත් ලේසි නෑ..අද කලේ දකින ඒවගේ හැටියට.
    අන්තිමට ඉතින් තමන්ටම තමයි පාඩුව,"පාඩුව ඔබේ නම් වරදත් ඔබේ"කියනවනෙ...
    අන්තිමට අල්ලපු වත්තත් නෑ පය ගහපු වත්තත් නෑ...

    ReplyDelete
  9. නියමයි බස්සො...

    ReplyDelete
    Replies
    1. /*ඇයට වඩා ඔහු විඳෙව්වා...
      ඇය වින්ඳා....*/

      මේ කෑල්ල උපරිමයි... මේ පෝස්ටුව ගැන විචාරයක් නොලියා නියමයි කියන එක තමයි හොඳම ලේසිම :)

      Delete
    2. නියමයි..... supperb

      Delete
  10. සමාජයේ එක් පැතිකඩක් විවර කලා කියල හිතෙනවා..
    (අපේ පැත්තටත් ඇවිත් යන්න)

    ReplyDelete
  11. හදුනානොගත් තවමත් අධ්‍යනය කරන කෙදිනකවත් හදුනාගැනීමට නොහැකිවන සත්වයා ගැහැනියයි

    ReplyDelete
  12. වැටවල් ගසා ගෙන නුඹ සිර කරනු බැරී
    ගත වැහැරුනුත් මා සිත නුඹ දකිනූ බැරී
    දරුවන් තිදෙන තුරුලට ගෙන සිටිනු හැකී
    නුඹ ඇය සමඟ ගිය මුත් මා තරහ නැතී

    ගිය පසු සිතුනොතින් ආපහු එන්න මෙහී
    දෙවරක් සිතන්නට පල නැහැ එන්න හැරී
    පෙරදා සෙනෙහසත් ගෙන පෙර මගට හැරී
    මා ඉන්නවා නෙතු දල්වන් නුඹට බැදී

    - බිරිඳ -


    විවාහයක අඩු පාඩු ඕනි තරම් තියෙන්න පුලුවන්. විවාහය සිද්ධ වුනේ ආදර සම්බන්ධයකින් වුනත් , යෝජනාවකින් වුනත් අඩුපාඩු නැති සර්වසම්පූර්ණ විවාහ නැහැ. අපි කවුරුත් මිනිස්සු නිසා නිතර දකින කුකුළයෙ කරමල සුදු වෙන්නත්, නොහිතපු අඩුපාඩු පෙනෙන්නත් , අලුත් දේට ආකර්ශණය වෙන්නත් පුලුවන්.

    ඒත් ..............

    විවාහයකින් ඇතිවෙන බැදීම තුල වෙන කිසිම බැදීමක නැති අමුතුම දෙයක් තියෙනව කියල මට හිතෙනවා.

    විවාහයෙන් පිට ආදරේ රාගයට විතරයි කියල ද බස්ස කියන්න හදන්නේ....

    මමත් විවාහකයෙකුට ආදරෙයි.ඒ ඇයි දන්නව ද? ඔහු ඔහුගේ බිරිඳට ගොඩාක් ආදරේ නිසා. හෙහ් හෙහ්..........

    කවදාවත්ම මගෙ කර ගනු බැරි හන්දා
    කඩලා කූඩු පවු පුරවනු බැරි හන්දා
    ළං වුන විටදි නෙතු කඳුළැලි එන හන්දා
    දුර සිට පෙම පුදමි සතුටින් ඉනු සැමදා
    - කෙල්ල (අනියම් ද මන්දා ) -

    ඒ අස්සෙ මේ දිහා බලා ඉන්න තවත් කෙනෙක් කියනවලු මෙන්න මෙහෙම.....

    අනියම් පෙමක් ගැන සිතලා වද වෙන්න
    කුමටද නෙලා ගත් මල ගැන නොතැවෙන්න
    මම නම් බදින්නේ නැහැ සත්තයි ඔන්න
    තනිකඩ දිවිය මිහිරියි තනිකඩ වෙන්න

    - තනිකඩයා-

    ReplyDelete
    Replies
    1. අපොයි මමනම් මොකුත් කීවේ නෑ ඔන්‍න‍....

      Delete
  13. අපි නොදන්න ගෑනු ළමයි....

    ReplyDelete
  14. මම හිතන විදියට විවාහය කියන දේට ලිංගිකත්වය කියන මාර්තෘකාව අවශ්‍යත් නෑ අනවශ්යත් නෑ. ඒත් ගෑනිගැන හිතන්න බැරිනම් තමන්ගෙම ලේ නහරවල දුවන ඒ පොඩි උන් ගැන හිතන්න බැරි ඒ මිනිහත් එක්ක පැනල යන්න බෑ කිව්ව ඒ කෙල්ලගෙ වැරැද්දක් මම දකින්නෙත් නෑ...

    ෆට්ටයි...

    ReplyDelete
  15. දෙයියනේ කියලා තමා මට මුලින් හිතුනේ.. මාර මනුස්සෙක් ..අනේ මන්දා කිසිම පැත්තක් වැරදි නැහැ කියලයි මට හිතෙන්නේ..කොයි කවුරුත් මනුස්සයෝ..වැරදි වෙනවා.

    කෙටියෙන් ලස්සනට ලියලා..අගෙයි.

    ReplyDelete
  16. මමනම් හිතන්නේ මෙතනදි වැරදි පිරිමියා. ඔහු තමා මුල ඉදන්ම වැරදි පාරේ ගියේ.බිරිඳව දරුවන්ව අත හැරලා තාවකාලික සුවයක් හොයාගෙන හුදු රාගික බැදීමක් පස්සේ ගිහින් ඔහු වල්මත් වෙලා.ඇයටත් ඔහු කෙරේ රාගයක් මිස ප්‍රේමයක් තිබිලා නෑ.ඇය ගත්ත තීරණය හරි.තමාගෙ ලෙයින් උපන් දරුවනුයි කසාඳ ගෑණි දාලා එන්න පුලුවන් උන පිරිමියා දවසක ඇයවත් ඒ විදියටම දාලා යාවි.ඔය ලිංගික ආකර්ශණය අහවර උන දවසක.

    ReplyDelete
  17. නියමයි කතාව... මේ අහස යට ඔහොම කතා ඇති අනන්තවත්!!!

    ReplyDelete
  18. කෙලියනේ තාප්පෙටම...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  19. අන්තිමේ එක් පවුලක් විනාස උනා..

    ReplyDelete
  20. ඔය කියන පිරිමියාගෙ බිරිඳට හැමදාම වැහැරුණු පියයුරු, ටයර් වැටුණු උදරය එහෙම තියෙන්ට නැතුව ඇති නොවැ. දරුවෝ ලැබෙන්ට කලින් මුල් කාලෙදි එයත් ලස්සනට හැඩට ඉන්ට ඇති. දරුවො ලැබිලා ශරීරය වෙනස් වෙන්ට ගත්තම ඒ පිරිමියාට ගැහැනිය වෙත තිබුණු ලිංගික ආකර්ශනය ඉවරයි, ඒත් එක්කම ආදරයත් ඉවරයි නම් ඊ ළඟට..................

    ReplyDelete
    Replies
    1. මේ පොඩි ප්‍රස්නයක් තියනවා සහෝදරී... ඔය කියන මිනිහට ගෑනිව එපා වුනා වැහැරුන නිසාලු නේ. එතකොට ඔය කියන කෙල්ලට තමන්ගේ කොල්ල එපා වෙලා වෙන මිනිහෙක් එක්ක අහවල් එක කරන්නේ කොල්ල වැහැරෙන්නත් කලින් නේ... එතකොට ඊළඟට...??? :)

      Delete
  21. අවසන, සියල්ලෝම අසතුටින් විසිර ගියහ

    ReplyDelete
  22. අය්යො සල්ලි..... දුක තමයි රන්ජනී කිවුවලු.... අතේ ඉන්න කුරුල්ල පරිස්සම් කරගන්නේ නැතුව වෙන උන් හොයනවට හොද පාඩම....

    ReplyDelete
  23. කෙල්ලෝ ගැහැනු වූ කලෙක..

    ReplyDelete
  24. නියමයි... මේක තව දිගට ලියන්න පුලුවන්නේ

    ReplyDelete
  25. කෙලිය නේද බාප්පෙ තාප්පෙටම... පුක විකාගෙන මැරෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ...

    ReplyDelete
    Replies
    1. යකෝ කමෙන්ට් එක දාන ඩිංගට මේක වෙනස් වෙලා නේ...:) මම බයවුනා වැරදි එකකටද කමෙන්ට් එක දැම්මේකියලා..:D

      Delete
  26. හෆොයි.. තේරුමක බේරුමක් නැති අවනඩුවක්..!

    ReplyDelete