අපි දෙන්නා හමුඋනේ අහම්බයකින්.....
අපි ලං උනේ කොහොමද කියලා..
හරි මතකයක් නැතත් අපි ලං උනා.....
දවසක්..
උදේ ආපු ගමන් වටේ පිටේ කැරකිලා බැළුවේ..
ඔයා ඉන්නවද කියලා...
ඔයාගේ පුටුව හිස්....
අත් බෑගය මේසේ උඩ නැහැ..
මටත් නොදැනිම මගේ හිත කලබල උනා....
හිත පුරාම මොකෙක්දෝ පාළුකින් පිරිලා...
වායුසමනයෙන් සිහිල් සුලඟින් ගලාගෙන...
ඇඟ ඇතුලේ තියන රස්නේ අඩුවක් උනේ නැහැ...
හිස්මුදුනෙන් පටන්ගත්ත හීනි විදුලියක්....
යටි පතුලෙනු පොලවට බැස්සා මට දැනුනා...
කෝ ඔයා....
කාමරේ පලල් වීදුරු වෙන් නැවතත් මම පහල බැලුවා...
ඔයා ඇතුල් උනා ගේට්ටුවෙන්....
වෙනදා පුරුද්දට මගේ දිහා බැළුවත්...
වෙනදට ඔයාගේ ඇස් දෙකේ තියන හිනාව නැහැ...
බර වෙච්ච.. බය වෙච්ච ඇස් දෙක......
ටකස්..ටක්ස්.. ටකස්.. ටකස්...ටකස්...
වෙනදට අඩි හතරෙන් ඇරෙන දොර අරෙන්න....
අද අඩි පහක් ගියා.....
මහා හුස්මක් එක්ක ඔයා පුටුවට බර උනේ...
මගේ දිහා නොබලාම.....
ඇයි.....?
ඇයි මට වද දෙන්නේ......
ඇයි.....
ප්ලීස්... මට යන්න දෙන්න....
ඔයා දුරයි මට.......
කොච්චර......
ලං වෙන්න බැරි තරමටම....
බාධක වැඩියි.....
මට ඕනේ මගේ දෙයක්....
බෙදාගන්නේ නැතිවම.....
දන්නේ නැතිවද බදාගත්තේ....
දන්නවා....
ඒත්.....?
එත්... දැන් මට බෙදාගන්න බැහැ....
මට දැන් තනි එකම ඕනේ..
එතකොට අර හීන....
ඒ හීන වැරදියි.....
ඔව් ..... අපි වැරදියි.....
ඔයයි මට මෙහෙම කලේ....
එහෙමද....?
ඔව්... ඔයා මාව වැරදිකාරිකලා......
එතකොට අතීතය බොරැවක්ද...
අන්තිමේ මම...
වැරදිකාරයා.....
------------------------------------------
අසම්මත ආදරේ කියන්නේ මහ පුදුම දෙයක්....
පහන් දැල්ලෙන් පිච්චෙන බව දැන දැනම..
මෙරුවා ඒ මත්තෙම නැහැනවා වගේම අසම්මත ආදරේ....
අවසානේ වේදනවාක් කියලා දැන දැනම අපි ඒ එලිය පස්සෙම දුවනවා....
ජීවිතේ මහ පුදුම දෙයක්...
ආදරෙයි කැස්සයි හංගන්න බැහැ වගේම...
ආදරයයි..
මරණයයි..
අපේ ජීවිතේට එන්නේ කිසිම පාලනයක් නැතිව....
අපිට ඕන උනත් අපිට ඒක පාලනය කරන්න පුලුවන් දෙයක් නෙමෙයි...
අනේ මන්දා...
දුකක් උනත් ඒ අසම්මතේට..
මම හරි ආදරෙයි....
අපි කවදාවත් අයේ හමුවෙන එකක් නැහැ...
හැබැයි...
අපි කවදාවත් වෙන්වෙන එකකුත් නැහැ..
හැමදාමත් ඔයාම මම...
ආදරේ...
(මෙය බොහෝ හිත් වලට නොදැනෙනු ඇත.. ඒ මේ මගේ හෙළුව බැවිනි.. මගේ හෙළුව මට පමනය... අන් අය නොදැනුදද ඒ හෙළුව මගේය...)
(මෙය බොහෝ හිත් වලට නොදැනෙනු ඇත.. ඒ මේ මගේ හෙළුව බැවිනි.. මගේ හෙළුව මට පමනය... අන් අය නොදැනුදද ඒ හෙළුව මගේය...)

ආදරේ නේ?
ReplyDelete////එත්... දැන් මට බෙදාගන්න බැහැ....
ReplyDeleteමට දැන් තනි එකම ඕනේ..
එතකොට අර හීන....
ඒ හීන වැරදියි.....
ඔව් ..... අපි වැරදියි.....
ඔයයි මට මෙහෙම කලේ....
එහෙමද....?////
මේ ටික තමා ඔය ආදරේ අමාරුම කොටස..... මේක නොදැනෙන්න තරම් හිතක් තියේවි කියලා මට හිතෙන්‌ේන නෑ බස්සා....
ඒ වැරැද්ද තරම් තවත් මිහිරියාවක් තියේද?.... එත් මනසින් සිතු විට මොන තරම් එය බොරුවක්ද?... එත් නැවුම් මිහිර.... ඇස් වලින් කතාව .... ස්පර්ශය .... හැගීම් හැගීම් හැගීම් හැගීම්..... දෝරේ ගලා යන සතුට.... නිය පොත්තේ සිට මිහිර .... එත් කවදාවත් එකතු වෙන්න බැහැ.... ගෙදර තියෙන ආදරණිය බැදීම් ..... ඒවා දාලා කවදාවත් යන්න බැහැ..... කුරුළු කූඩුවේ කුරුළු පැටව් ටික චූටි කටවල් අරන් ඉන්නවා දැන් දැන් ගෙදර එනකම් .......
ReplyDeleteඋඹට යමක් නොකියාම බැහැ...උඹ කොහොමද ඔය තරම් මාව දන්නේ......
Deleteබස්සෝ, අපි හැමෝම සමහර අවස්ථාවල "දෙබිඩ්ඩෝය".....
Deleteඇත්ත. ගෙදර තරම් සතුටක් වෙන කොහේ වත් නැහැ.කොයි දේශ දීපකංරේ කරක් ගහල ආවත්, අන්තිමට නවතින්නේ බිරිඳ ගාව. ඇගේ ගාව තියෙන්නේ ඒ තරම් සෙනෙහසක්. තමාගේ පෙම්වතා කෙසේ වෙතත්, තමාගේ ස්වාමියා, දරුවන්ගේ තාත්තව ඇය පිළිඟන්නේ කිසිම වෙනසක් නොදක්වා.
Deleteකොයි තරම් වැරදි කරත්, ඇගේ හිත හැමදාමත් ඔහුට සමාව දෙනවා. ළමයි දැක්කම හිත නිවෙනවා නේද?
හැඟීම් මොහොතයි. සැතපුනාම සැනසෙනවා.එතනින් ඉවරයි. ඒත් සෙනෙහස එහෙම නැහැ.
දුර ගිය කුරුල්ලා ගෙදෙරෙන්න පරක්කු වුනාම , කිරිල්ලි කීවලු මෙන්න මෙහෙම.
පියඹනා එන විටදි කිරිලියො හමු වේවි
පාට පියාපත් නුඹෙ සිත රවටාවි
වෙන කූඩුවක් හදනට නුඹ අමතාවි
පාර මතක නම් විඟහින් ගෙට ඒවි
hhhmmmmmmmmmm
ReplyDeleteඅපොයි.............
ReplyDeleteමේක තමයි සහතික ඇත්ත...!!
ReplyDeleteළඟට ගන්න පුලුවන් උනාට ළඟින් තියා ගන්න බැරි, යා යුතු ම උනත්, උවමනාම වෙලාවට ළඟට වෙලා ඉන්න බැරි මෙන්න මේ ආදරේ තමයි මා ඇතුළු බොහෝ අය ව ජීවත් කරවන්නෙ...!!
තව කෙනෙකුට ආදරේ කරන එක සම්මතයක් නිසා, ඒක අසම්මතත් නෑ
ඒ ආදරේ නියම විදිහට ම කරන නිසා, අනියමුත් නෑ...
ඒත් වෙන කියන්න නමකුත් නෑ...!!!
මේ වගේම දෙබසක් මං හිරු ට්වි එකෙන් අහලා තියේ.. එත් මේක නම් නොවෙයි ගොඩක් ලස්සනට ලියලා තියේ.. ජය
ReplyDeleteතහනම් ගහේ ගෙඩි හරි රහයි කියනවා නෙව.ඒ උනාට කෑවා වගේයෑ දිරවද්දි තියෙන අමාරුව.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete//(මෙය බොහෝ හිත් වලට නොදැනෙනු ඇත.. ඒ මේ මගේ හෙළුව බැවිනි.. මගේ හෙළුව මට පමනය... අන් අය නොදැනුදද ඒ හෙළුව මගේය...)//
ReplyDeleteඅසම්මත පෙමට ආයු අඩුයි. දැන දැන වැරදි කරන එක මනුස්ස ගතිය.
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..........
ReplyDeleteඅසම්මත ආදරේ කියන්නේ මහ පුදුම දෙයක්....
ReplyDeleteපහන් දැල්ලෙන් පිච්චෙන බව දැන දැනම..
මෙරුවා ඒ මත්තෙම නැහැනවා වගේම අසම්මත ආදරේ....
අවසානේ වේදනවාක් කියලා දැන දැනම අපි ඒ එලිය පස්සෙම දුවනවා....
ගොඩක් දේවල් හිතන්න ඉතුරු කරපු පෝස්ටුවක්... හැමෝටම කොහේදි හෝ ඇතිවූ අසම්මත ආලයක් තියෙන්න පුළුව්න්... ඒක ජාති ජන්ම කුල පිළිබඳ ගැටළුවක් නොවී වෙනස්ම දෙයක් වෙන්නත් පුළුවන්.... අසම්මතේ සම්මතේ කර නොගෙන අසම්මතේට ආදරේ කලොත් හොඳයි කියලා හිතෙනවා හලේ මන්දා ඉතින්...
ReplyDeleteමගේ හෙලුව මට පමනය. බස්සාගේ හෙලුව බස්සාට පමනය.
ReplyDeleteඒත් බොට තියෙන්නෙත් අනික් පිරිමින්ගෙ හෙලුවමය
හෙවත් Same Here ය
godak aththa..
ReplyDeleteබස්සෝ වෙනයි බකමුනෝ වෙනයි
ReplyDeleteලතා ලස්සනය් ලතාගේ කටහඩ මුසලයි..... අදම තමා අවේ මට එක දෙයක් කියලා දෙන්න පුලුවන්ද බස්සෝ මොකද මට කවි සිතුවිලි පහල නොවෙන්නේ
දුකක් උනත් ඒ අසම්මතේට..මම හරි ආදරෙයි....
ReplyDelete