Sunday, October 28, 2012

සුනකෝප්‍රාප්තිය සහ නීතිය....


අවසානයේ මේජර් වැරදිකරැවි විය... ඒ ගුටි කෑමට නොව.. රාජකාරියේ යෙදි සිටියදී පෞද්ලික ආරක්ෂයකු ලෙස සේවය කිරීම වෙනුවෙනි... රාජකාරී ගිණි අවිය පෞද්ගලික කටයුතු උදෙසා භාවිතය වෙනුවෙනි... ව්‍යාජ පැමිණිල්ලක් කර අධිකරණයට අපහාස කිරීම වෙනුවෙනි... දැන් මේජර් ගේ ඔළුව පැලුනේ කෙසේද යන්න හෝ ඒ අවස්ථාවේ සිද්ධ වුනු සිද්ධිය ගැන හාංකවියියක් වත් කිසිවෙකු දන්නේ නැති ගානය.... මේජර් වැරිදි කරු කොට මාලක සිල්වා නිදොස් කොට නිදහස් කිරීම තවත් නාටයක අවසාන ජවනිකාවයි....

මේ බල්ලාට යන්නේ රටේ නීතියයි... හෑල්ලුවට ලක් වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයයි.. පාගා දමනු බලන්නේ නිතියේ ස්වාධීන්ත්වයයි...අධිකරණ කොමිශන් සභාවේ ලේකම් වරයාට පහර දීම හේතුවෙන් මුලු රටේම විනිශ්චයකාරවරනු සහ නිතිඥයින් වර්ජනයක් ආරම්භ කර තිබේ..තමන්ගේ රැහේ එකෙක්ට කෙළවෙන විට විනිශ්චයකාරවරුද, නිතිඥයන්ද වර්ජනය කරන්නේ තමන්ගේ එකෙක්ට වෙන නස්පැත්තියන් උදෙසාය.. ඒ රටේ නීතිය බල්ලට යාම හෝ ප්‍රජාතන්තවාදයට කෙලවීම නිසා නොව... හුදෙක්ම තමන්ගේ සගයෙකු වෙනුවෙන් රටේ සාමාන්‍ය ජනයා උගසට තැබීමකි.. එසේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කථා කරනාවනම් රටේ ඔනෑ තරම් සිද්ධින් තිබේ... මේජර්වරයාට පහරදීමේ සිද්ධියේ දී අධිකරණය විසින් වීඩියෝ සාක්ෂිය අධ්‍යනය කලාදැයි මෙතෙක් කිසිම ප්‍රකාශයක් පලවී නැත. මේ නිහඬභාවය කියා පාන්නේ එසේ නොවුනු බව නොවේද....  

මෙය අපේ රටේ බොහෝ දෙනෙකුට “කැහැලා ගිල්ලා“ වැනි සරල දෙයකි.. .ඒ මේ සංසිද්ධිය අපට අමුත්තකේ නොවන නියාවෙනි.... නමුත් මෙය හුදෙක් කැහැලා ගිලිය යුතු කාරණාවක් නොවේ... මේ රජ වන්නේ අවනීතියයි... නිවරදිකරැ ට දඬුවම් නියම විමත්... වැරදිකරු නිදොස් වීමත් යනු නීතිය බල්ලාට යාමේ උදාහරණයක් නොව බල්ලෝ පාලනයට එක් වීමේ උදාහරණයකි.... මෙහි වඩාත් විචාරයට භාජනය විය යුතු කාරණය වන්නේ මේ සිද්ධයේ නරකාදර්ශයයි... අනාගතයේ දී ඕනෑම බලය ඇත්තෙකුට හුදෙක් මේ සංසිද්ධිය උදාහරණයට ගත හැකිය.... ඉතා සංවේදී කාරුණා වලදී පවා පසුගිය නඩු වාර්ථා හුවා දක්වන නීති විශාදරයින් හමුවේ මෙය පෙන්වා දෙන්නේ නරකාදර්ශයකි.. මෙයට ගොදුරු වන්නේ හුදෙක් ඇත්තන් නොවේ... බොහෝ දුක් ගැහැට සහිතව ජීවිතය ගොඩනගාගන්නට උත්සහා කරන්නනය....

ඉස්සර අපේ ගමේ සුනිල් අයියා සීල් අරක්කු හොරට විකුනන්නේ කෝටි 3 ක වාහනයක යන්නට නොවේ... ඒ ඔහුගෙන් ජාතක වු දරුවන් රැක බලාගන්නටය... ඒ තිප්පොලට පනින ට්‍රැෆික් රාලහාමී භාගයයි සෝඩා එකයි බයිට් එකයි නොදුනහොත් පසු දින රාත්‍රියේ සහචරයෝ සමග කඩා පනින්නේ සුනිල් අයියගේ තිප්පොල නිසා හුචු මහත් සාමාජයද.. එහි වැසින්යට වන මහා හාණිය හේතුවෙනු... නමුත් මගේ මතය අනුව සුනිල් අයියා කරන්නේ හුදු මහත් සේවකි.... රෑ එකොලහට වැඩ අවසන් කර ගෙදර එන්නෙකුට පොඩි අඩියක් ගසන්ට සුනිල් අයියාගේ සරණ ඇර වෙන සරණක් නැත.... නමුත් අපේ රටේ නීතිය අනුව සුනිල් අයියා වැරදි කරැවෙකි.... ඔහු සමාජය හමුවේ නිවැරදි කරුවෙක් උවද ඔහු නීතියේ වැරදි කරුවෙකි.. .

නමුත් අද නීතීය බෙදන්නේ වෙන වෙනමය...නීතියේ හැඳි වෙනස්ය.... එය තාරාතිරම අනුව වෙනස් වන සුළුය....  අද ප්‍රවෘතියක පලවු මහනුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර විගනාකාධිපතිවරයාගේ සිද්ධිය උදාහණයට ගතහොත් එයට සම්බන්ධ සියළු පාර්ශවයන් සාමාන්‍ය ජනාතාවය.. එසේත් නැත්නම් නිළධාරීන්ය.. ඔවුනට එරෙහිව නීතියේ ආධිපත්‍ය නිසියාකාරව ක්‍රියාත්මක වේ.. වාසනාවකට මෙම සිද්ධිය පසුපස දේශපාළුවෙකු ගෑවී නොමැති හේතුවෙන් අදාල විනිශ්වයකාරවරැන්ට තම හෘද සාක්ෂයට එකඟව නීතිය ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබිණි.. නමුත් මෙහි යම් කොනක දේශපාලකයෙකු යම් පමනකින් හෝ ගෑවී තිබුනේ නම් අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් වන්නේ නැත...

මෙම කාරණය අපිට හුදෙක්ම අළුත් කාරණයක් නොවන්නා සේම මෙය කෙතරම් අපි සංවාද කලද අද ද.. හෙට ද... අනාගතයේ දී ... සිදුවන්නේ එකම සංසිද්ධයකි....

ඒ බලය ඇත්තාට නීතිය යනු මෝරැන් අල්ලන දැලක් සේම... 
නැත්තාට එය හාල්මැසි දැලක් වන බවය.....

Thursday, October 18, 2012

අක්කා පෙන්නා.. නංගීට වැරෙන් පහර දීම....



80 දශකයේ දී ලංකාවේ බොහෝ චිත්‍රපට බිහි උනේ එකම රෙසපියකට.. සිංදු පහයි ෆයිට් 3 යි අඬන කෑලි 3 යි වශයෙන්... අද අපේ බොහේ නාලිකා වල ප්‍රවෘත්ති බැළුවාම මතකෙට එන්නේ 80 දශකයේ චිත්‍රපටිය... ක්‍රයිම් කීපයක්...මිනිමැරිම් දෙකක්.... දේශපාලන කුණුහබ්බ ටිකක්... රජතුමාගේ සීන් දෙකක් තුනක් වගේ රෙසපියක් තමයි හැම නාලිකාවකම තියෙන්නේ....රජයේ වේවා...පෞද්ගලික වේවා මේ හැම නාලිකාවකම රෙසපිය එකක්....


හැබැයි ඊයේ ප්‍රවෘත්ති බලනකොට මම හිතුනේ මම මේ බලන්නේ වෙනත් ග්‍රහලෝකයක ප්‍රවෘත්තද කියලා... ඒ තරමට ඒවයේ කථා කරන දේවල් විකෘතියි... විශමයි... විපරීතයි.... මොනරා ඉන්න නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්තිය ආරම්භ කරන්නේ මෙලෙසිනි...


ආයුබෝවන්.. වෙලාව රාත්‍රි අටයි... මුලු රටේම අය ඇත්ත දැනගන්න තැන.. ලංකාවේ නිව්ස වලින් ෆස්ට් ලියිව් ඇට් එයිට්.... අරඹන්නටයි මේ සුදානම....අපි අදත් මුලින්ම බලමු සිරස්තල....

මෙහිදී ප්‍රධාන සිරස්තලයක් වන්නේ කේ.පි ගැනය... ඒ කේ.පී ට එරෙහිව කිසිම චෝදනාවක් ඉදිරිපත් වී නැත යන්නය.. මේය මහත් ගුජුප්සාජනක මෙන්ම කිසිම ශ්‍රී ලාංකීකයෙක් නොඅදහන තරමේ ප්‍රකාශයකි... නමුත් හාස්‍යට කරුණ වන් නේ මෙසේ ප්‍රකාශ කරන්නේ මාධ්‍ය නොව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක වීමය.... නමුත් මාධ්‍ය ප්‍රවෘත්තිය ආරම්භ කරන්නේ මෙලෙසිනි...

“කේ.පී එහෙමත් නැත්නම් කුමරන් පද්මනාදන් කියන්නේ ප්‍රභාකරන්ගෙන් පස්සේ එල්ටීටී එකේ නායකයා කියලා කියපු කෙනා....ලකාවෙන් පිට ඉඳන් කොටි මෙහෙයවපු කේ.පී අපේ හමුදාවේ අය 2009 අල්ලගෙන අවේ තායිලන්තයේ ඉඳලා....එදා ඉඳලා සැරින් සැරේ එයා ගැන එක එක කථා අහන්න ලැබුනා.... කාලෙකට පස්සේ කේ.පී ගේ නම කරලියට අවේ අළුත් කෙනෙක් විදියට..“


එම ප්‍රවෘත්යට අනුව “කේ.පී යනු කොටි ජාත්‍යාන්තර ජාලය මෙහෙයවපු මොලකාරයාය....ප්‍රභකරන්ගේ මරණින් පස්සේ එයා කොටි සංවිධනයේ නායකයා කියලා අළුත් ගමනක් යන්නත් හැදුවා...ඒත් අපේ හමුදාවේ අය එයා තායිලන්තයේදී අල්ලගෙන ලංකාවට ගෙනාවා....පස්සේ කේ.පී ගොඩක් දේවල් හෙළිදරව් කලා....“ සහ තවත් බොහෝ දේ ගැන එම ප්‍රවෘත්ියේ සඳහන් වේ....

නමුත් රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධස්ථානයේ ප්‍රකාශය වෙනම කථාවකි.. ඔවුන්ට අනුව කේ.පී යනු චෝදනා විරහිතව අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවෙකි ය..ඔවුන්ට අනුව මේ වන තෙක් කේ.පී ට විරුද්ධව කවුරුත් චෝදනා කර නැත.......මෙය මහත් තර්කයට තුඩු දෙන මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමුවිය හැකි ප්‍රකාශයකි.. ඔවුන්ට අනුව කේ.පී චෝදනා විරහිත පුද්ගලයෙකි.. එහිදී ජාත්‍යන්තර මාධ්‍යෙව්දියෙකු මෙසේ ප්‍රශ්ණ කරයි....

“අනෙකුත් කොටි සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිටයදී කේ.පි එළියේ ඉන්නේ කෙසේද...?“


මෙහිදී යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ උත්තර වන්නේ..

“ඔහුව අත්අඩංගුවට ගන්න පැමිණිල්ලක් ලැබිය යුතුයි.... සාක්ෂි තිබිය යුතුයි“ යන්නය..

මෙවැනි ප්‍රකාශ හමුවේ අඬන්ට ද... හිනාසෙන්නටද නොතේරනෙ වාතාරණයක් හමුවේ ගැටළු කිපයක් සඳහා විසඳුම් සොයන්නට වෙහෙසෙමි...

1. යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකයේ ප්‍රකාශයට අනුව කේ.පිට විරුද්ධව චෝදනාවක් නැතිනම් ඔහුව අත්අඩංගුවට ගත්තේ කිනම් චෝදනාවක් යටතේද....?

2. ඔහුට විරැද්ධව කිසිම චෝදනාවක් නැත්නම් ජාත්‍යන්තර නිතී රීති යටතේ මෙරට සිට තායිලන්තයට ගොස් කේ.පී අත්ඩංවට ගන්නේ කෙසේද..?

3. ඔහු එල්ටීටිඊ සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ මහමොළකරු බව රජය පිළිනොගන්නේද..?

4. එල්ටීටිය ට අවශ්‍ය ආයුධ සපයාගැනීමේ මැදිහත්කරු ඔහු බව රජයේ බුද්ධි අංශ දැනුවත් නැත්ද..?

5. කුමරන් පද්මානාදන් විසින් එල්ටීටිය සඳහා අරමුදල් රැස්කිරීම... ප්‍රචාරය සහ එම අරමුදල් භාකාරයා ලෙස කටයුතු කර නැද්ද...?

6. කේ.පි අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගේ යටත් එල්ටීටීයේ ජාත්‍යන්තර මුල්‍ය වත්කම් ගිණුම් පැවතුනාද..?

7. එසේ පැවතුනා නම් එම ගිණුම වල වටිනාකම් කෙසේද..?

8. යුද්ධය අවසාන කාලයේ ප්‍රකාශ කල අන්දමට එම මුදල් කෝටි ප්‍රෙකෝටි ගනනින් නම්, එම මුදල් වලට සිදු වුයේ කුමක්ද..?

9. ලංකාවේ නීතිය අනුව මිනිමැරීම, මිනීමැරිමට තැත් කිරීම, සැලසුම් කිරීම සහ ඊට අනුබල දීම දණ්ඩනීති සංග්‍රහය අනුව වරදක් නම් කේ.පී නිරදෝෂි වන්නේ කුමන පදනම යටතේද..?

10.රජයේ මාධ්‍ය ප්‍රකාශක පෙන්වා දෙන ආකාරයට කේ.පී ට විරැද්ධව චොදනා කල යුත්තේ කුමන පාර්ශවයක්ද...., අරන්තලාවේ භික්ෂුන්ගේ දෙමාපියන් ද... මහ බැංකු බෝම්බයේ වින්දිතයින්ද.... පිටකොටුව බෝම්බයේ වින්දිතයින්ද... ජේඕසී බොම්බයේ වින්දිතයින් ද.... ගලධාරී බොම්බයේ වින්දිතයින්ද... කැබිතිගොල්ලෑව බොම්බයේ වින්දිතයින්ද... එසේත් නැතිනම් වසර 30 යුද්ධයේ දී මිය ගිය කුමන පාර්ශවක්ද..?

මේවා ප්‍රශ්ණය... ලංකාවේ පවත්වන බලන මාධ්‍ය සාකච්ඡා හමුවේ මෙවැනි දේ ගැන ප්‍රශ්ණ නොකරනවාදැයි සැකයක් පවතී... විදේශීය මාධ්‍යකරුවෙකු හමුවේ යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශතේ පිලිතුර මුළු මහත් ජාතිය පාවාදීමක් මෙන්ම...යුධ ජයග්‍රහණය උදෙසා ජීවිත කැප කල යුධ විරුවන් හමුවේද....එල්ටීටීයේ ප්‍රහාර හමුවේ මියගිය සියළු සාමාන්‍ය ජනතාවගේද මිනීවලවල් වලවල්වලටද කරන අගෟරවයකි.....

එල්ටීටීය ටී 56 සිට රොකට් ලොන්චරයේද... සෑම් මිසයිලසේ සිට සබ්මැරීනය දක්වාම අයුධ.. සහ යුද්ධෝපකරණ මිලදී ගත්තේ එල්ටීටීයේ ජාත්‍යන්තර අවිගණුදෙනු කරු වන කේ.පී හරහාය....එල්ටීටීමයට ජාත්‍යතන්තර වශයෙන් අරමුදල් රැස්කරනු ලැබුවේද ඔහු මුලික කරගත් ජාත්‍යාන්තර ජාලයයි... මෙය අප සැම හුදෙක් පිළිගන්නා මෙන්ම වරනි වර රජයේ මාධ්‍යද රජයේ මාධ්‍ය ප්‍රකාශකද මතු කරනු ලැබු කාරණයකි....රජයේ මාධ්‍ය ප්‍රකාකශ කෙහෙලිය රඹුක්වැල්ල මහතාට, ඔස්ට්‍රෙලියාවේදී හෝටලයෙන් බිමට වැටීමෙන් පසු “මට කිසි දෙයක් මතක නැතිවී“ නැතනම්, කේ.පී අත්අඩංගුවට ගැනීම හමුවේ ඔහුගේ උදම් ඇනීම නැවතත් ජනාතාවට මතක කර දිය හැකිය....

මෙවැනි දේ හමුවේ හුදුමහත් දේශමාක ජනාවටද කල හැක්කේ එකම දෙයකි....

අතට අසුවන ඕනැම බර දෙයක් ගෙන.... හිස් මුදුනට හත් අට වතාවක් වැරෙන් පහර දි....

“අපිට මුකුත් මතක නැහැ“

කීම පමනකි....

අපි හැමෝමට සුභ අනාගතයක්......

Sunday, October 14, 2012

කෙල්ලයි, ගලයි, බෝක්කුවයි.....



නිදාගන්න හදලත් ආයේ ලියලම නිදාගන්නවා කියලා හිතලා ටිකක් “වලත්ත“ උනත් හිතට දැනිච්ච දෙයක් කියන්න කියලා හිතුනා... අද වගේ නෙමෙයි අපේ කාලේ “ගලක්“ , “බෝක්කුවක්“ කියන්නේ ටිකක් අමාරැවෙන් බලාගන්න, දකින්න වෙන දෙයක්... සාමාන්‍යෙයෙන් දණිස්සෙන් අඟල් කීපයක් උඩට ඇඳපු කකුලක් දකිනවට වැඩයි මාර ආතල් විළුඹ ලඟට ඇඳපු එකක දනිස්සට පහලින් පේන එක.. හැංගිච්ච දේ අගේ වැඩියි කියනවනේ....අපේ කාලේ නම් එහෙමයි....දැන් නම් ඉතිං ඕකේ මහ ගානක් නැහැ.... මොකද වැඩි හරියක් යන්නේ තොංගලේ මුල්ලට කිට්ටුවට වෙන්න ඇරලා නිසා.... හැබැයි ඔය වැහිල්ලේ රහ දන්න එකා හැමදාම කැමති යන්තමට පේන එකට...වහලා තියන දෙයක් හොරෙන් බැලුවට... ඇරලා තියන දේවල් බලන්න ඒ තරම් උනන්දුවක් නැහැ.... වටේ යනවා වැඩියි වගේ... කියන්න ආපු කථාව කියලා ඉවර කරමු...

අපේ දහම් පාසැලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය.... ළමයි හැමෝම ගජරාමෙට වැඩ... කොටසක් සැරසිළි කරන්න සැලසුම් කරනවා.. තව කොටසක් වේදිකාව හදන්න... තව කොටසක් අමුත්තෝ පිළිගන්න... තවත් කොටමක් තෑගි සුදානම් කරන්න වගේ විවිධ වැඩ... ඒ අතරේ තව කොටසක් විවිධ ප්‍රසංගයට සුදානම් වෙනවා... අපේ පන්තියෙත් කීප දෙනෙක් මේ වැඩේට සම්බන්ධ වෙලා හිටපු නිසා මමත් දහම් පාසැල් වෙලාවෙන් පස්සේ නැවතුනා... පන්තියේ ගැණුළමයි කීපදෙනෙක් නැටුමක් පුරුදු වෙනවා.... පිළිගැනීමේ නැටුම.... 
තෙයියත්.... තෙයියත්... තෙයියත්... තා.... 

මේ අතරේ අපි කීපදෙනෙක් පන්සලේ දංගෙට ගියේ හාමුදුරුවන්ගේ දානේ ඉතුරු බුතුරු වලට වගකියන්න... අපි දෙතුන් දෙනා පොඩි පුටු දෙක තුනක වාඩි වෙලා දවල් දානේ ඉතුරුවට වගකියන කොට අපේ එකෙක් දංගෙයි ලෑල්ලකට ඇහැ තියාගෙන ඉන්නවා....

මොනවද බං බලන්නේ.... කන්නේ නැද්ද...

කෑනොහා හිටු....

කෝ මටත් දීපන්කෝ බලන්න....

කෝ දියන්කෝ බං... අයින් වෙයන් යකෝ...

අමාරුවෙන් මමත් ඇහැ තියා ගත්තා...

හුටා... නැටුම් කණ්ඩායමේ කෙල්ලක් දණ නවාගෙන තෙයියත් තා... කියනවා...

නැවිච්ච දණ අස්සෙන් බෝකුක්ව පේනවා...

දැන් අපි දෙතුන් දෙනා පොර කකා ලෑලි හිලෙන් මේක බලනවා....

දැන් ඇති බන් දැන් මම....

තප්පර කීපයකින් අනිත් එකා අදිනවා....

කෝ දියන්කෝ....

මොන ...... බං ටිකක් හිටහන්කෝ.....

ඉන්න දියන් කෝ... මට මේකට අයින්න හිතෙනවා බං....

බෙල්ල අතෑරපන්කෝ.....

හිටං යකෝ.....

අතෑරපන් .......තෝ බෙල්ල...... මට මේක බලන්න දීලා......

මම ඇහැ අහකට ගත්තා...

කහ පාට සිවුර පොරවපු අතක් මගේ බෙල්ල අල්ලගෙන හිටියා.....

--------------------------------------------

මේක තවත් බෝක්කු කථාවක්.....

අපොස උසස් පෙළ කියන්නේ අපේ කාගෙත් ජීවීතේ හොඳම කාලේ නේ... මගේ ජීවිතෙත් එහෙමයි.... ඉස්කෝලේ යනට වැඩිය උනන්දුවෙන් යන්නේ පන්තියට.... ලෑලි බංකු පේලියේ වාඩි වෙලා, ඉස්සරහා ඉන්න කෙල්ලගේ කකුල් පාගන්න.. කෙල්ලන්ව බයිට් කරන්න..... වගේ දහසක් වැඩ එක්ක වෙලාවක් තිබුනොත් ඉගෙන ගන්නනනේ ඔය පන්ති වලට යන්නේ... කොහොම හරි ඔය පන්ති යන කාලේ වෙච්ච සිද්ධියක් තමයි මේකත්... අපේ ලන්තියේ හිටියා ටිකක් “මොඩ්“ කෑල්ලක්... මේකිට කිව්වේ “අඟර“ කියලා.... අපේ ගෙවල් පැත්තෙමයි හිටියේ..... සාමාන්‍යෙයන් මෙයා අපි යන බස් එකේ නොගියත් දවසක් දවසක් මේ “අඟර“  අහම්බෙන් අපි යන බස් එකට නැග්ගා..... අපි කීප දෙනා ඉස්සරහාම සීට් එක බදු අරගෙන හිටියා.. මේකි වාඩි උනේ අනිතම පේලියේ මැද සීට් එකේ..... දැන් බස් එක හැටට හැටේ යනවා... අපි කට්ටිය එක එක විකාර කර කර යන අතර තුර මටග් ඇහැ ගියා “අඟර“ ගේ කකුල් දෙක අතරට.. මේකිට නොදැනිම කකුල් දෙක ඈත් වෙලා... මැද්දෙන් එළියේ....

මචං අරක බලපන්...

අඩෝ ..... රි  ගල නේද.....?

දැන් එක එක හොරෙන් හොරෙන් බලනවා...

ඒකි තව එකියක් එක්ක ලොකු කථාවක්....

බස් එක යන වේගෙට වලවල් වල වැටෙන වැටෙන සැරේට කකුල් තව තව ඈත් වෙනවා..... ලං වෙනවා....

තව තව වලවල් වල වැටියන්....

හිත කියනවා....

ඔහොම අපි අවසන් නැවතුම කිට්ටුවට ආවා....

අපේ එකෙක් අවසාන නැවතුමට එක හෝල්ට් එක්ක කලින් බහිනවා....

මු බහින්න ගියා පස්සේ දොරට.....

අන්තිම පඩියෙදී මු කියපි....

ඒයි රංජිනි අන්න අරන් ඔයාගේ “බෝක්කුව“ බලනවා.....

Sunday, October 7, 2012

අතීතේ දවසක්.....



අපි දෙන්නා හමුඋනේ අහම්බයකින්.....
අපි ලං උනේ කොහොමද කියලා..
හරි මතකයක් නැතත් අපි ලං උනා.....
දවසක්..
උදේ ආපු ගමන් වටේ පිටේ කැරකිලා බැළුවේ..
ඔයා ඉන්නවද කියලා...
ඔයාගේ පුටුව හිස්....
අත් බෑගය මේසේ උඩ නැහැ..
මටත් නොදැනිම මගේ හිත කලබල උනා....
හිත පුරාම මොකෙක්දෝ පාළුකින් පිරිලා...
වායුසමනයෙන් සිහිල් සුලඟින් ගලාගෙන...
ඇඟ ඇතුලේ තියන රස්නේ අඩුවක් උනේ නැහැ...
හිස්මුදුනෙන් පටන්ගත්ත හීනි විදුලියක්....
යටි පතුලෙනු පොලවට බැස්සා මට දැනුනා...
කෝ ඔයා....
කාමරේ පලල් වීදුරු වෙන් නැවතත් මම පහල බැලුවා...
ඔයා ඇතුල් උනා ගේට්ටුවෙන්....
වෙනදා පුරුද්දට මගේ දිහා බැළුවත්...
වෙනදට ඔයාගේ ඇස් දෙකේ තියන හිනාව නැහැ...
බර වෙච්ච.. බය වෙච්ච ඇස් දෙක......
ටකස්..ටක්ස්.. ටකස්.. ටකස්...ටකස්...
වෙනදට අඩි හතරෙන් ඇරෙන දොර අරෙන්න....
අද අඩි පහක් ගියා.....
මහා හුස්මක් එක්ක ඔයා පුටුවට බර උනේ...
මගේ දිහා නොබලාම.....
ඇයි.....?
ඇයි මට වද දෙන්නේ......
ඇයි.....
ප්ලීස්... මට යන්න දෙන්න....
ඔයා දුරයි මට.......
කොච්චර......
ලං වෙන්න බැරි තරමටම....
බාධක වැඩියි.....
මට ඕනේ මගේ දෙයක්....
බෙදාගන්නේ නැතිවම.....
දන්නේ නැතිවද බදාගත්තේ....
දන්නවා....
ඒත්.....?
එත්... දැන් මට බෙදාගන්න බැහැ....
මට දැන් තනි එකම ඕනේ..
එතකොට අර හීන....
ඒ හීන වැරදියි.....
ඔව් ..... අපි වැරදියි.....
ඔයයි මට මෙහෙම කලේ....
එහෙමද....?
ඔව්... ඔයා මාව වැරදිකාරිකලා......
එතකොට අතීතය බොරැවක්ද...
අන්තිමේ මම...
වැරදිකාරයා.....
------------------------------------------

අසම්මත ආදරේ කියන්නේ මහ පුදුම දෙයක්.... 
පහන් දැල්ලෙන් පිච්චෙන බව දැන දැනම.. 
මෙරුවා ඒ මත්තෙම නැහැනවා වගේම අසම්මත ආදරේ.... 
අවසානේ වේදනවාක් කියලා දැන දැනම අපි ඒ එලිය පස්සෙම දුවනවා.... 
ජීවිතේ මහ පුදුම දෙයක්... 
ආදරෙයි කැස්සයි හංගන්න බැහැ වගේම... 
ආදරයයි.. 
මරණයයි.. 
අපේ ජීවිතේට එන්නේ කිසිම පාලනයක් නැතිව.... 
අපිට ඕන උනත් අපිට ඒක පාලනය කරන්න පුලුවන් දෙයක් නෙමෙයි...
අනේ මන්දා...
දුකක් උනත් ඒ අසම්මතේට..
මම හරි ආදරෙයි....
අපි කවදාවත් අයේ හමුවෙන එකක් නැහැ...
හැබැයි...
අපි කවදාවත් වෙන්වෙන එකකුත් නැහැ..
හැමදාමත් ඔයාම මම...
ආදරේ...

(මෙය බොහෝ හිත් වලට නොදැනෙනු ඇත.. ඒ මේ මගේ ‍හෙළුව බැවිනි.. මගේ හෙළුව මට පමනය... අන් අය නොදැනුදද ඒ හෙළුව මගේය...)

Monday, October 1, 2012

දිවිය ලෝකේ ගිය මගේ පුතාට.. තාත්තගෙන් පණිවිඩයක්...


මගේ පුතේ..
මට සමාවෙයන්...
උඹ ගැන මතක් වෙන මතක් වෙන..
හැම මොහොතකම..
බඩ පපුව දාලා යනවා...
මට තාමත් මතකයි..
උඹ බඩට ආවා කියලා..
දැන ගත්ත මොහොත....
මට...
“රාහුලෝ ජාතෝ..
බන්ධනං ජාතං“..
කියලා නොහිතුනත්..
මගේ පපුව මොහොතකට නතර උනා...
බලාපොරොත්තු නොවෙච්ච මොහොතක..
උඹ ආපු එක ගැන...
අම්මා කොයි තරම් කිව්වත්...
උඹලාගේ ආච්චි අම්මා කැමති උනේ නැහැ...
රස්සාවක් නැති..
හරියට ඉන්න හිටින්න තැනක් නැති..
උඹගේ තාත්තට...
තාත්තෙක් වෙන්න ඉඩ දෙන්න...
අම්මා අඩන කොට...
ඇස් දෙකේ මතුවෙන කඳුළු ගල් කරගෙන...
චුට්ටන් බඩ එක්ක...
කළු විදුරු දාපු කාමරේට ගියේ..
හිතේ කැමැත්තෙන් නෙමෙයි...
මිනිමරු දොස්තරයා...
උඹව එළියට ගත්තේ...
මී පැටියෙක් මරනවටත් වඩා..
පොඩි කරලා...
අනේ මගේ රත්තරන් පුතේ...
උඹ රාහුල උනා නම්...
නැහැ මේ වගේ දුකක් වෙන්නේ....
උඹ සිදුහත් උනත්...
මම දන්නවා උඹ පස් මහ බැළුම් බලන්න..
තරම් මෝරලා නැති බව....
අම්මා ඇඳේ දිගාවෙලා ඉන්නකොට..
දොස්තරටගේ මේසේ යට...
හතරැස් භාජනේ වැතිරිලා හිටපු....
උඹව දැක්කම...
අනේ මගේ පුතේ...
මම කොයි තරම් පවුකාරයෙක්...?
මම කොයි තරම් අවාසනාවන්තයෙක්ද..?
මම කොයි තරම් අසරනයෙක්ද..?
කියලා මට හිතුනා මගේ පුතේ...
දිවිය ලෝකේ ඉන්න උඹට..
මේ පණිවිඩේ ලැබෙන එකක් නැහැ...
උඹට පුලුවන් කමක් තිබුනොත්...
මාව අපායෙන් ගලවපන්...
මගේ පුතේ...