Tuesday, November 13, 2012

ඊරියක් සමග රැයක්.....



ජීවිතය යනු මහා ගැටළුවකි.. එහි හැලහැප්පීම්ද.. විවිධ මතිමතාන්තරද... සතුට ද.. අසතුටද... ආදී අටලෝ දහමේ විවිධ ආකාරයන් හමුවේ ජීවිතය ගෙවන්නට මිනිසුන් දරන්නේ මහා වෙහෙසකි...
විටෙක එක මුලු මහත් ලොවම කම්පා කරවන තරම් සුසුමකි...
අද දකින්නට අහන්නට ලැබෙන්නේද අමාරුවෙන් උපයාගත් ජීවිතය එපා කරවන්නා වු සිද්ධීන්ය...
ආසන්නතම සිද්ධිය වනාහී “වැළිකඩ“ බන්ධනාගාර ඛේදාවාචකයයි....
“සිරකරුවන් මනුෂ්‍යයන්ය“..
එය සැබෑ සත්‍යකි....
මනුෂ්‍යයන් තිරිසනුන් කරන්නේද.. තිරිසනුන් මනුෂ්‍යයන් කරන්නේ ද රට කරවන්නන් සහ එහි නීති පද්ධතියයි....
සිව්පාවෙකි කෙරෙහි බලපවත්නා වු සුළු කරුණක් උසෙදා නීතියේ ඇති මන්දාගාමීත්වය මනුෂ්‍යය ජීවිතයක් කෙරෙහි කෙසේ බලපානු ඇද්ද....
වරදක් සිදුව ඇත....
වරද කාගෙදැයි තවමත් හිස්තැනකි...
වරදට යුක්තිය දඬුවමය...
එය යම් තැනක නීතිප්‍රකාරව සිදුවිය යුතු කරුණකි...
නීතිය එකත්පස්ය...
එය වින්ඳිතයාට සහනය සැපයිමේ ක්‍රමවේදයකි....
චුදිතයාගේ නිර්දෝෂීභාවය හෝ පෙළඹවිමේ සාධක විග්‍රහ කෙරෙන්නේ නැත...
මනුෂ්‍යෙයෝ වරදට භය ය...
වරද සාමාන්‍යීකරණය වීම වැරදි ඉහලයාම කෙරෙහි බලපාන්නා වු බරපතල සාධකයකි...
කාට වැරදුනි දැයි කිව නොහැක්කා සේම වරද කාගෙදැයි තවමත් හඳුනාගත නොහැකි තත්වයක්...

video

--------------------------------------

මෙතැන් සිට නාටකය ආරම්භ වේ....
 
බස්සා මුල් පුටුවේය.....
 
සාක්ෂි සටහන ඇරඹේ....
 
පැමිණිල්ලේ සාක්ෂිය (නීතිඥ මහතා)

කුඩා කල සිට ඇති දැඩි කරන ලද පැමිණිළිකැරගේ ඊරිය විත්තිකාර පාර්ෂයව විසින් අයිතකරගෙන සිටී.. ඒ හේතුවෙන් මා හට ආර්ථික වශයෙන් මහත් අලාභයක් සිදුවන හෙයින් මා හට සාධාරණයක් ඉටුකරදෙන මෙන් මෙම ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිමි...

විත්තියේ සාක්ෂිය (නීතිඥ මහතා)

ගරු ස්වාමිණි... පැමිණිලලේ සාක්ෂිය හුදෙක්ම ගෙතන ලද්දකි....  මෙම ඊරිය ගේ සැබෑ හිමිකරුවන් වන්නේ විත්ති පාර්ෂවයයි.... කුඩා කල සිට ඇති දැඩි කර ආහර සපයා දී ලෙඩට දුකට බෙහෙත් කර ඇති දැඩි කරන ලද විත්ති පාර්ෂවයට අයත් ඊරිය බලෙන් රඳවාගෙන පැමිනිලි පාර්ශවයේ පුද්ගලයින් මෙම ගොනු කරනු ලබන චෝදනවා හුදෙක්ම බොරැ චෝදනාවක් ගරු ස්වාමිණි....

මුල් පුටුව....

මෙම ඊරියට අයිතිවාසිකම් කියන දෙපාර්ශයට ප්‍රශ්ණයක් යොමුකරමි....

මෙම ඊරියට අයිතිවාසිකම් කියන ලබන්නේ කුමක් සඳහා ද...?
සුරතලයට ඇති කිරීම ටද...?
දරුකමට හදා වඩා ගැනිමටද....?
මස් පිණිසද...?

දෙපාර්ශවයම.....

මස් පිණිස ස්වාමීණි....

දැනට මේ ඊරියගේ වටිනාකම කුමක්ද...?

රුපියල් 8,000 යි ස්වාමීණි....

කවා පොවා ඇති දැඩි කලහොත් තව වසර 3 ක දී ඊරියගේ වටිනාකම කෙසේ විය හැකිද...?

රුපියල් 20,000 ක් පමන විය හැකියි ස්වාමිණි....

අවුරුදු 3 ක් නඩු කීමට නඩු ගාස්තු කොපමන විහ හැකිද...?

වසරකට 4 වරක් බැගින් වසර 3 ක් කල් ගියොත් දෙපාර්ශවයට 24 වතාවක් සඳහා වරකට රුපියල් 1000 බැගින් රුපියල් 24,000 ක් පමන වැය වනු ඇත ස්වාමිණි....

නඩුකාර බස්සා...

මොකද කියන්නේ....
සතා රුපියල් 8000 කට විකුණලා රුපියල් 4000 හා 4000 හා බෙදාගන්නවද...?

අවුරුදු තුනක් නඩු කියලා එක් පාර්ශවයක් සතාව අයිතිකර ගන්නවද....?

තීරණය ඔබට බාරය.....

නාටකය අවසන් වේ....

--------------------------------------------

ඔබ ඔය සිනාසෙන්නේ රටේ පවත්නා වු නීති පද්ධතියටය....දශක ගනනාවක් පැරණි වු නීති පද්ධයක තුල අනුගත වෙමින් සිදුකරන්නාවු ද සිදුවන්නාවු ද සිද්ධිදාමයකට... රටක් සංවර්ධනය යනු අහස උසට ඉදිවන ගොඩනැගිලි හෝ මංමාවත් නොවේ.. රටේ පවත්නා වු පාලන තන්ත්‍රෙය් සිදුවන සංවර්ධනයයි... අහසට ගොඩනැගිලි.. මාමාවත් යනු ඔනෑම රටක සිදුවන හුදු ගොඩ වැඩි වීම නොව රටේ සිදුවන ආධ්‍යාත්මික වෙනස් වීමයි.... 
රටේ ජනාතාවගේ මානසික සංවර්ධනයයි....
ලැබෙන වැටුපට සරිලන ජීවන රටාවක් ගතකිරීමට ඇති හැකියාවයි...
ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව ඉහලා යාමයි....
දරිද්‍රතාවය අවමවීමයි....
සාක්ෂරතාවය ඉහලයාමයි....
අධ්‍යාපනයට ඇති ඉඩප්‍රස්ථා පුලුල් වීමයි....
බිළිඳු මරණ සංඛ්‍යාව පහල යාමයි...
සේවා වියුක්තිය අවම වීමයි...
කොටස් වෙළඳ පොලේ වර්ධනයයි...
සර්ව සාධාරණ වු නිති පද්ධතිය හා එයි ආධිප්‍යයයි...
 
මේසා වු මහත් දර්ශක හමුවේ අපේ රටේ සංවර්ධනය තීරණය වන්නේ මීට හාත්පසින්ම වෙනස් වු දර්ශක හා  මිනුම් දඬු හමුවේ අපේ රටේ සංවර්ධනය මනිනු බලන්නේ හුදෙක් ඉදිවන අධි වේගී මහා මාර්ග... කාපට් පාරවල්...ගුවන් තොටු පොල.... ක්‍රිකට් තරඟ.... කාර් රේස්.... ගුවන් පාලම් ආදී වු වැඩි වැඩි මිලක් ගෙවා සුළු කොටසකට සෙත සැලසීමේ දර්ශකයන් හමුවේ වීම කණගාටුවට කරුණකි...

අපිට සුභ අනාගතයක්.....

Saturday, November 3, 2012

ඇතුවත් බැරි.. නැතුවත් බැරි.. ගෑණු



මට අවුරුදු ගානතට කලින් අපි සමරැපොත් පාවිච්චි කරන කාලේ මගේ යාළුවෙක් මගේ සමරැ පොතේ ලියපු කවියක් මතක් උනා.... 

“ලෝකය උලා කා මුදෙන් දිප බීපු...
ගැහැණිය උගුලක්ය මහබඹු අටවාපු..“

ඇත්තටම ජීවිතේ වෙන.. වෙච්ච බොහෝ දේවල් දකින කොට තාමත් හිතෙන්නේ මේ කථාව පරම සත්‍යක් කියලා... මේ ලියන කිසිම දෙයන් සමික්ෂණයක් හෝ අන්තර්ජාතික ප්‍රමිතියකට කරමු සංඝණනයක දත්ත නෙමෙයි.. ඒක නිසා කිසි කෙනෙක් තර්ක කරන්න එපා මේ දේවල් ගැන නිශ්චිත නිගමනටන්ට ආවේ කොහොම ද කියන එක... ඒත් මේ මට හිතෙන හැටි....

අපි ලෝකෙට ඉපදුනේ ගැහැණියෙක් නිසා... හැබැයි අමතක කරන්න එපා ඒ ඉපදීමේ එක් කොටසක පිරිමියෙක් ඉන්නාව කියන එක.... අම්මා මම ඉපදෙන මොහොතේ වින්ඳ වේදනාව කිසිම දේකට සම කරන්න බැහැ වගේම මුලු ජීවිතේ කාලේ පුරාම මාව හදන්න වඩන්න උගන්නන්න මගේ තාත්තත් ඒ වගේම දුක් වින්ඳා.... 

නමුත් අම්මා ව දැක්ක පුතෙක් වගේම තාත්තට තේරුම් ගන්න බැරි උන අම්මාවත් මම දැක්කා... සමහර විට අද මේ මම දකින දේ එදා තාත්ත දැක්ක දේ වෙන්න පුලුවන්.... ජීවිතේ කාලයක් ලඟ හිටිය නංගිව තේරුම් ගන්න බැරි විම තුල.... අවුරුදු ගානක් එකට ඉන්න බිරිඳව තේරුම් ගන්න බැරි වීම තුල, ලොකේ කොයි තරම් දියුණ තාක්ෂණයයක් තිබුනත් තාමත් ගැහැණිය තේරුම් ගන්න පුලුවන් ක්‍රමයක් බිහිවෙලා නැද්දෝ කියලා හිත කියනවා...

ඒ තරමටම ගෑණු සංකීර්ණයි... 

ඉහේ තියන කෙස් ගානට ගෑණු ආශ්‍රය කරලා තිබුනත් කවදාවත් උන් බලාපොරොත්තු වෙන දේ, හිතන දේ තේරුම් ගන්න ලැබෙන්නේ නැහැ....කරැමෙට වගේ මම හැමදාම කරගැහැව්වේ ප්‍රශ්ණ... පලවෙනි ප්‍රථම ප්‍රේමය... පාසැල් කාලේ දී... කෙල්ලගේ තාත්තා දාලා ගිහින්.. අම්මා විතරයි... අම්මාගේ හිතවතෙක් ගෙදර යනවා එනවා...  පැහෙන්න කලින් ඉදිච්ච මේ කෙල්ලගේ තිබ්බේ මහ මෝරපු අදහස්.. අද කල්පනා කරනකොට ඒ කාලේ සිද්ධ දේ ගැන මටම ලැජ්ජයි.... මගේ හිතේ තිබ්බ දම්මි සුගත් ප්‍රේමයෙන් එහා ගිය ප්‍රේමයක් හොයාගෙන එයා ගියා.... හැබැයි අදටත් හිතලා විඳින්න පුලුවන් එක මතකයක් තියනවා... මේ දැරිවිගේ උපන් දිනේ දවසේ.. එදා දහම්පාසැල් ශාසනාරක්ෂක මණ්ඩල තරඟ... මට තාමත් මතකයි එදා දවසේ වියදමට අම්මා මගේ අතේ තියපු රුපියල් විස්සෙන් දාහතයි පනහක් වියදම් කරලා පුංචි මුද්දක් ගත්තා... තට්ටු තුනේ බුදු මැදුරේ උඩම තට්ටුවේ ගල් බැම්මට හේත්තු වෙලා සුභ උපන් දිනයක් කියලා මුද්ද ගල් බැම්ම උඩින් තිබ්බේ අතින් අල්ලලා මුද්ද දාන්න තියන ලැජ්ජාවටම එහෙමත් නැත්නම් නපුන්මක කමටද කියලා තාමත් හිතා ගන්න බැරි උනත් කෙල්ල හිතුවේ වෙන විදියකට... වැඩි කාලයක් නොහිට කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ගියා....

ඊට පස්සේ තනියට හිටියේ කෙල්ලගේ යාළුවා.... පණිවිඩ එහාට මෙහාට අරගෙන ගිහින්ම කෙල්ලට මගේ ගැන ආදරයක් ඇති වෙලා කියලා මුලින්ම කියන්න තරම් කෙල්ල එඩිතර උනා... නිකං හම්බෙන ආදරේ අහක දාන්නේ මොකටද.. මමත් ඔන්නොහේ කැමති උනා... හැබැයි කෙල්ලත් ප්‍රශ්ණ පත්තරයක්... තාත්තා නැතිවෙලා... අම්මා වෙන මගුලක පැටලිලා... හැබැයි බොහොම විවෘත කෙල්ල... කියන්න තියන දේ මුණට කියන ජාතියේ කෙල්ලෙක්.... කොහොමෙන් කොහොමන් හරි අවුරුදු දෙක තුනක් අදගෙන ගියත් හිරියට අහසයි පොළවයි වගේ... මම ප්‍රංශ කථා කරන කොට කෙල්ල කථා කරන්නේ ජර්මන්... ජපන් කථා කරනකොට කෙල්ල කථා කරන්නේ උර්දු... මෙලේ මගුලක් තෙරේන්නේ නැහැ.... ඒ කෙල්ලත් වැඩි කාලයක් හිටියේ නැතිවම නොකියමා සමුගත්තා...

ඔන්න ඔහොම පටන් ගත්ත මගේ ආදර කථා වස්තුව අවසානේ කසාදෙන් කෙලවර වෙයි කියලා හිතුවත් එතනිනැ නැවතුනෙත් නැහැ... මොන කරුමෙකට හෝ වාසනාවකට ඇති හැඩක් වැඩක් නැති මට කෙල්ලන්ගෙන් නම් ගැලවිල්ලක් තිබ්බේ නැහැ... හැබැයි හමුබඋන හැම කෙල්ලගෙම පොදු සාධකයක් තිබුනා... ඒ තාත්තා එක්කෝ මිය ගිහින්... එහෙමත් නැත්නම් දාලා ගිහින්.... ඒක හොඳට වගේම නොහොඳටත් බලපාපු සාධකයක් උනා....

කොහොම නමුත් මම කියගෙන ආපු කථාව දිගටම කිව්වොත් හිතෙන්නේ මම ජීවිතේ ලබපු අත්දැකීම් එක්ක මම හිතන්නේ ගෑණු කියන්නේ මහ සංකීර්ණ නොතේරෙන චරිත විදයට... මේක පොදු මතය නොවෙන්න පුලුවන් නමුත් මේ මට හිතෙන හැටි... කවදාවත් දෙය්ක ගැන කෙලින් කථා කරන්නේ නැහැ... පැහැදිලිව කියන්නේ නැහැ... සමහර දේවල් ගැන අහන කොට දැනෙන්නේ.. “මට ඒක ඕනේ... හැබැයි එපා“ කියන හැඟිමක්.. කොච්චර ආදරෙන් බැඳිලා හිටියත් හිතේ තියන දේ තේරුම් ගන්න පුලුවන් තරම් ශත්කියන අපි කාටවත් නැහැ... හැබැයි අපි සමහර වෙලාවට කාලයක් අශ්‍රය කරන කොට යම් යම් දේ තෙරුම් ගන්න පුලුවන් උනත් හැමදේම තේරුම් ගන්න හැකියාවක් නැහැ.... උදාහරණයක් විදියට කැමති පාට කැමති කෑම අඳින්න කැමති ඇඳුම් වගේ දේවල් තේරුම් ගන්න පුලුවන් උනට කෙලින් නොකිව්වෙත් සමහර දේවල් ගැන තේරුම් ගන්න අවුරුදු ගානක් ගියත් බැහැ.... උදාහරණයක් විදියට.....? අනේ මන්දා ඒවා උදාහරණ කියලා පැහැදිලි කරන්න තරම් වත් තේරුම් ගන්න බැහැ... නමුත් සමහර දේවල් වලදී නොකියන බොහෝ දේ හිතේ තියාගෙන ඉන්නවා..... 

ඇයි ගෑණු සංකීර්ණයි කියලා හිතෙන්නේ කියලා ලියන්න ගත්තට ලියන්නේ කොහොමද කියලා නොහිතෙන තරමටම සංකීර්ණයි...... හැබැයි ඒ සංකීර්ණතාවය ගැන බොහෝ පිරිමි දන්නවා.... මුල කාලේ ඒ ගැන ලොකුවට හිතුවට පසුකාලීනව ඔවුන් විවිධ ක්‍රම හොයාගනන්නවා ඒ සංකීර්ණ බව නැති කරගන්න....

එකක් තමයි නෑසු කන්ව විසීම....මගේ බිරිඳ ඇතුලු බොහෝ කාන්තා පාර්ශවය කියවන්න ගත්තාම කෙලවරක් නැහැ..... කියනවනවා කියනවා ඉවරයක් නැහැ.... ඔය කියවිල්ල අපි කියන ආදරේ කරන කලේ බොහොම සුන්දර උනාට කසාද බැඳලා ආදරේ කරන කාලෙදී නම් මහා වදයක් කියලා හිතෙනවා.... සමහර වෙලාවට අහගෙන ඉන්නවා වගේ ඉන්නවා....අන්තිමේ දෙන්න තියෙන්නේ එකම උත්තරයයි... ඒ “හා“ කියන එක විතරයි.... අර කියවපු ඔක්කොටම අවසානේ තියන එකම උත්තරේ “හා“.....

අනෙක් සිද්ධාන්තේ තමයි නිහඬව සිටීම.... මොන චෝදනාව ගෙනවත්... මොන ප්‍රශ්නේ කථා කලත් නිහඬව ඉන්නතාක් ගැහැණියක් එක්ක සතුටින් ඉන්න පුලුවන්... හැබැයි යමකට එරෙහි උනොත් ඒ මොහොතේ අඩලා දොඩලා ඇයි නිහඬ වෙන්න පුලුවන්... හැබැයි ජීවිතේ යම් දවසක ඒකට වන්දි ගෙවන්න වෙනවා.. එදාට ඒ සිද්ධිය මතක් කරලා දීලා තමයි ගෑණු කථා කරන්නේ.... ඒ නිසා හැකි තාක් දුරට නිහඬ වීම ගැහැණියක් තේරුම් ගැනීමේ එක් කාරණයක්....

අනෙක් කාරනේ තමයි නොදැක්කා වගේ ඉන්න එක....දකින සමහර දේවල් පෙන්නන් ගියෝත් කවදාවත් ගැහැණියක් සතුටු කරන්න ලැබෙන්නේ නැහැ... සමහර වෙලාවට අපි දකින දේ කෙලින් නොකියා ඇයි බලාපොරොත්තු වෙන උත්තර දෙන එක ඇඟට ගුණයි... සමහර වෙලාවට ගෑණු මෙලෝ රහක් නැති ඇඳුමක් එක්කෝ මේක්අප් එකක් දාගෙන ඇවිත් අහනවා මේක කොහොමද කියලා... හැබැයි වැරදිලාවත්. ඒ ගැන දැනෙන ඇතත් කිව්වොත් මුලු ජීවිත කාලේම ඒ ගැන මතක තියාගෙන ඉන්නවා... ඒ නිසා නොදැක්ක ගානට ඉන්න එකත් එක්තරා උපක්‍රමයක්....

තව එක එක ක්‍රමවේදයන් තියනවා.. ඒවා ඔක්කොම මෙතන කිව්වොත් මේවා බලන ගෑණු උදවියගේ පිරිමි උදවිය ගෙන ගැලවිල්ලක් ලැබෙන එකක් නැහැ ඔක්කොම රහස් එළි කලා කියලා....

හැබැයි මේ ලිව්වේ මට දැනෙන විදිය.. වෙනස් විදියට දැනෙන අයත් ඇති.... මොකද අපි කන්නේ එකම හැළියේ නෙමෙයි නේ....

කොච්චර සංකීර්ණද කියනවානම් ලියලා ඉවරවෙලා බලන කොට පොස්ට් එක පවා මහ අච්චාරු විදියටයි මටත් පේන්නේ... ඒත් ඒ ඇත්තම විදිය නිසා වෙනස් නොකර මෙහෙම්ම තියන්න හිතුවා....

අන්තිමේ කථාවක් කියන්නම්....

“ගෑණු කවදාවත් තමන්ගේ ජීවීතේට වෙන දෙයක් අමතක කරන්නේ නැහැ... කොච්චර ආදරේ කලත්... කොයිතරම් දේ කලත්.. ජීවිතේ එකමෙක දවසක් හරි ගෑණියෙක් රිද්දුවොත්... කවදා හරි දවසක ඒකට විඳවනන් වෙනවා.... මුලු ජීවිත කාලෙම ආදරේ කරත්... වරදිලාවත් ඇල්පෙනෙත්ති තුඩකින් ඇන්නොත්.... කවදා හරි ඇණයක් ඔබට වදිනවා.....“

~ සංවාදයට ඉඩ ~