ආසයි මම තුරුළු වෙන්න
හිමින් හිමින් ලඟට ඇවිත්
නුඹ උස්සන් කැරකැවෙන්න
තුරුලට ගෙන හැමට හොරන්
රතු දෙතොලට හාදු දෙන්න
මහ රෑ නුඹ ලඟට වෙලා
හංසයන්ව නිදි කරන්න
මල් පෙතිවල දෙතොල් තබා
මලට හොරෙන් පැණි උරන්න
නුඹේ සුසුම් නැගෙන හඬට
තාල නාද මුසු කරන්න
ලමැද තලා යහන පුරා
තුරුල් වෙලා ගිම් නිවන්න
නුඹ ඇහැරෙන කොට නුඹ ලඟ
ඉඳගෙන හිස අතගාන්න
ඇතත් හිතේ පෙම නුඹ ගැන
බැහැ නොවැ නුඹ ලඟට ගන්න
නුඹේ හිතේ දුක නිවෙන්න
දැනට හිතට තුරුළු වෙන්න
අෆොයි දෙවියනේ... මේ තරම් ආදරයක්.
ReplyDeleteකවුරු නමුත් බස්සගෙ ආදරේ ලබන බස්සි හරිම වාසනාවන්තයි...
මාරයිනෙ.........
ReplyDeleteලස්සනම ලස්සනයි. අනේ කවුරු හරි මටත් මෙහෙම කවියක් ලියනවනම්!!! ඔය කියන ඒවා නොකලත් ඉතින් කමක් නෑ. :D:D:D
ReplyDeleteහ්ම්ම හරිම ලස්සනයි .
ReplyDeleteනියමයි.. අපූරු හීනයක් ටිකක්.. ඕකේ සමහරක් මටත් තියෙනවා..
ReplyDeleteසුන්දර නිර්මාණයක්, ආදාරයට කොයිතම් නම් දේ කල හැකිද?
ReplyDeleteආදරේද මෙතරම්ම බස්සිට?
ReplyDeleteමගේ සිහිනෙත් මතක් වුණා..!! ඇයි අප්පා මෙච්චර ආදරේ හිතෙන්නේ??
ReplyDeleteසොසී පෙන්නපු පාර දිගේ ඔන්න හොයාගෙන ආවා.
ReplyDeleteවිඳවන්නෙ නැතුව විඳගන්න තියෙන ජීවිතය දකින්න....
අපූරුයි මලයා පදපෙල.....
ආදරණීය සිතක පහලවෙන සුන්දර සිතුවිලි
//ඔය කියන ඒවා නොකලත් ඉතින් කමක් නෑ.//
ReplyDeleteහිනායන වචන ටික ....
ඇත්ත හුඟක් වෙලාවට ඔය කිව්වට ඕවා කොරන්න වෙලාවක් නැතුව යනවා...
බස්සාගේ ආදරේ එහෙමයිලු... කව්දෝ කිවා මතකයි....හැකස්... බොහොම ස්තූතියි දෙන් සහයට ධෛර්යට...ජය !!!
ReplyDeleteatthatama lassanaii aiya....mama meka copye karagannawa..
ReplyDeletegodak lassanai,
ReplyDelete