Thursday, January 21, 2016

ඇය බැන්ඳාට පසු නුඹ..



ඇය බැන්ඳාය..
නුඹ ඇය හට පසු බැන්ඳා..
නුඹලට පෙම්කරපු වරදට..
මම දුක් වින්ඳා..
කලකට පස්සේ ඇවිඳින්..
ගිය හින්ඳා..
වැලලී තිබුන දුක් හිත..
එළියට ඇද්දා..

බඳීනවා කියලා..
දැන දැන ආදරේ කලේ..
උඹමයි එහෙම ඉන්න තරමට ..
මට ආස කලේ...
යන්නම ඕන කිව්ව නිසයි..
ඈත් කලේ..
හදිසියේ ඇවිත් හිත පාරලා...
මොකද කලේ..

සැමියා ඇවිත් මහ රෑ..
ගුටි දෙනවාද...
සැමියාගේ අම්මා දවල්ට..
වද දෙනවාද...
දරැවන් එක්ක නුඹ..
එය ඉවසනවාද...
ඉස්සර වගේ තනියම..
නුඹ අඬනවද..

දැන් උඹ දුරයි ඇවිදින්..
දුක කිව්වාට..
සැමියයි දරුවෝ දෙන්නයි..
උරුමයි නුඹට...
ඉවසා සියළු දුක සතුටින්..
නොගොස් පිට..
ඉන්නට ලැබේවා පතනමි..

දෙවි පිහිට...

Tuesday, January 19, 2016

යහපාලනයේ ගීතය..


(පිංතුර අයිතිය ශෙහාන්  ගුනසේකර)


ජනාධිපති-
පුල්ලි ගොනා පුරුදු කාරයා..
මම සිරාකරත්ත කාරයා...
මේකයි මගේ බරබාගේ..
පැයට සැතපුමයි වේගේ..
ඔහෙලා හඳට යන්න හදනවා...


(ටොයියෝ අත්පොලසන් දේ...)


අගමැති-
උඹයි මට කන්න දුන්නේ...
උඹයි මට බොන්න දුන්නේ..
ඒ ගැන මම දිව්රනවා..
ලිඳ ලඟ හරක් ගාලේ..
සෙල්ලම් කෙරුව තාලේ...
අම්මපා පුදුම හිතෙනවා...


ජනාධිපති...
වේගෙන් යන කාර් ලොරි තිබේ..
මගේ පනම් හතර මට ලැබේ...
මේකයි මගේ බරබාගේ...
පැයට සැතපුමයි වේගේ..
ඔහේලා හඳට යන්න හදනවා..


අගමැති සහ අකිල..
පොත් ටික පොඩි කෙලීට..
අරගෙන දෙන්නට මට..
දෙයියා මගේ මුහුන බලනවා..
පාසැල වෙත යන්නට..
මිරිවැඩි සඟලක් මම..
පුතේ නුඹට අරගෙන දෙනවා...


සිංදුව තව කියයි...


බදුල්ලේ සිරිපාල.. නිමල් ලංසා...අජිත් බී පෙරේරා ඇතුලු අනිත් නඩේ..
කව්රුදෝ කවුරුදෝ..
දැන් ලොක්කෝ...
අපිමයි අපිමයි දැන් ලොක්කෝ...
.
.
.
තව දිගටම කියයි..
.
.
ටොයියෝ අත්පොලසන් දේ...
.
.
බයියෝ දෙස් තියයි..
.
.
අපි මහජනයා...?


රාළහාමි මම..

(පිංතූරය අන්තර්ජාලයෙනි)

බෝම්බෙකට මිනිහා මැරුන..
කන වැන්දුම් ගෑණි...
පැන්සොන් එක මගේ නමට...
හදාගන්න අාවේ..
වරුගනනක් ඉඳලා ඉඳලා පෝලිමේ..
වාරටෙ මම ආවේ...
ඇයි මට තවත් ටිකක් ඉන්න..
කියලා රාළහාමි කීවේ...
පැය තුන හතරින් පස්සේ..
රාළහාමි අවේ...
පහු වෙනිදාම ඔපිස් එකට..
එන්න කියලා කීවේ..
කිව්ව නිසයි මම තනියම..
ඔපිස් එකට ආවේ...
ඇතුලට එනකොටම ඇයිද..
මගේ පුක මිරිකෙව්වේ...
කැමැත්කින් නෙමෙයි..
දරුවෝ හින්දයි ඉවසෙව්වේ...
මිනිහා මලේ මගේ කරුමෙට..
දරැවෝ නිසයි ආවේ..
මිරිකුවේ මගේ පුකමනෙමෙයි..

ආත්මයම මාගේ..

මචං ජනාධිපති...



සිරාවටම කියන්නේ..
මම ටොයියෙක්වත් බයියෙක්වත් නෙමෙයි...
මහින්ද සිරාවට යුද්දේ කරන කාලේ..
උදේ හවා නිව්ස් බලලා..
යුද්දේ දින්නාම..
අපිත් කොඩි දාලා..
කිරිබත් කාලා සැමරැවා..
මහින්ද දෙවෙනි පාර ඉල්ලනකොටත්..
හතරවරිගෙම එකතු කරලා..
මහින්දටම ගැහැව්වා...
ඒත් ටික කාලයක් යනකොට
මහින්ද වැරදි පාරට වැටෙන කොට...
මහින්දට විරැද්ධව මුලින්ම ලිව්වේ අපි...
අපි දැක්කා මහින්ද යන පාර වැරදියි කියලා..
මහින්දට තුනෙන් දෙක තියන කාලෙත්..
මහින්ද වැරදි වලට අපි විරැද්ධ වුනා...
දින්න යුද්දේ වවාගෙන කනකොටත් අපි..
විරැද්ධ වුනා..
මචං උඹ පවාදීම් ගැන කියනකොට නම්..
මට දෙකොනින් හිනා..
යකෝ උඹ වගේ තමන්ගේ ලොක්කා එක්ක..
එකට ආප්ප කාලා ඇවිත්..
පහුවෙනිදා පාවා දුන්න එක..
ජුදාස් කරපු පාවාදීමත් පරාද කරනවා..
ඒක නිසා ඔය පක්සේ පාවා දෙන සීන් ගැන නම්..
උඹේ ඔය කටින් කථා කරන්න එපා...
මොනවා වුනත් උඹ දැන් අපේ නායකයා..
ටොයියෝ බයියෝ කියන දෙගොල්ලන්ගෙම නායාකයා උඹ...
උඹ පෙනී හිටින්නේ මුලු මහත් ශ්‍රී ලාංකික ජාතිය වෙනුවෙන්ය කියන එක මතක තියාගනින්..
අපිට ඕනේ..
විවෘත කරන්න..
මළ ගෙදර යන්න...
පීත්ත පටිය කපන්න...
දැන්සැල දෙන්න..
පන්සල් යන්න...
ළමා සමාජේ ශාඛාව හදන්න...
ජනාධිපති කෙනෙක් නෙමෙයි...
හිටපන් කෙලින්....
තව අවුරුදු පහක් යනකන්..
උඹ තමයි මේ රටේ ..
“ජනාධිපති“...
මතක තියා ගනින්..
“ජන අධිපති“ කියන්නේ...
“අග මැතිට“ උඩින්..
ඉන්න චරිතයක් කියලා...

Friday, January 15, 2016

මතකය සුවඳ..



හැම ගැහැණියකටම ඇයට ආවේණික සුවඳක් තියනවා.. ජීවිතේ යම් දවසක ඒ සුවඳ හදවතින් වින්දොත් ඒ සුවඳ ජීවිත කාලය පුරාම හදවතේ රැඳිලා තියනවා.. මුලු ජීවිත කාලය පුරාම.. යම් දවස ඒ සුවඳ දැනුනොත් වියපත් වෙච්ච හදවත ජිවිතේ මුලට ගෙනියන ඒ සුන්දර මතකයන් අවදි කරනවා..
ඒත් ඒ මතයන් අවදවීම තවත් කෙනෙක්ගේ සතුටට බාධාවක් නම්...
නිහඬවම ඒ අවදි වුනු මතකයන් විඳගැනීම තමයි වටින්නේ..
ඒකයි ආදරේ සැබෑ අරුත..

කාලෙකින් දැක්ක ඔබට..
...................................
දවසක හවස් වරුවක යනවිට බසයේ...
ලැබුනා ඉඩක් ජනේලයක් ලඟ රථයේ...
විඳිමින් අවට බලමින් යනවිට රිසියේ...
සුපුරුදු සුවඳිකින් හදවත ඉපිල ගියේ...

යන්තම් වියපත්ය ඇස් මත දෙනෙතක්ය...
උඩුකර බැන්ඳ කෙස් මිට යන්තම් සුදුය...
ඇස්යට කළුය කම්මුල් දෙක වියපත්ය...
එනමුත් සුවඳ එකමය වෙනසක් නැතිය...

විසිවසරකුත් තව මාසයකුත් ගෙවිලා...
අන්තිම දිනට පසු නැත තවමත් මම දැකලා...
කරළට ගෙතු කෙස් මිට දැන් නම් හැළිලා...
එනමුදු සුවඳ තවමත් ඇත හද රැඳිලා..

ලඟ උන් ලඳ දිහා එක එල්ලෙම නොබලා..
හිමිහිට ඇස් කොනින් බැලුවා නොම හැරිලා...
අඩකව නලළ ඇස් කොන් අග නතර වෙලා...
නොදැනිම දෑස තෙමුනා ඔබ මතක් වෙලා...

සුන්දර සුකුමාල වත අද වැරහැළිය...
දියණිය උකුලේ උකුලේ ලොකු දුව ලඟ හිටගෙනය...
වයසට වඩා ඇය වියපත් වුනු හැඩය...
මාතින් වුනි ද වරදක් මට නම් සැකය...

ලොකු දුව හරි උසයි අම්මගේ කරට වඩා..
මගේ හිත පොඩි වැඩියි හිත උණුහුමට වඩා...
දොඩනට සිතත් ඔබ හා ඉන්නෙමි නොදොඩා...
දැන් අපි ගොඩක් වයසයි ඉස්සරට වඩා..

පොඩි දුව උකුලේ උන් පපුවට තුරුල් වෙලා...
ඉස්සර නුඹේ වත ඇය හට උරුම වෙලා...
නින්ඳත් නොනින්දක හිටි ඇය දෙනෙත වසා..
නුඹ මා අසල වැතිර උන් දින යලි මෙනෙහි කලා..

ඊලඟ නැවතුමෙන් ඈ බැස යන්නට හදනා..
මොහොතක හදවතින් යලි පැනයක් අසනා..
කරමුද කථා නොකරම් දැයි නොම හැඟෙනා...
යට ගිය ප්‍රේමයට අවසන් තිත තියනා..

දැන් ඇය ළඳක් ඇය වෙන කෙනෙකුට හිමිය...
ඇය ගැන පසුතැවෙනු කිම ඇය හට හිමි සැපය...
දරැවන් බලාගෙන යහතිනු ඉනු මැනය...
සුසුමක් හෙලා වැසුවෙමි මම ජනේලය....