Saturday, December 31, 2011

ඔබේ අයිතිය සහ වගකීම - 9 (අත්අඩංගුවට පත්වෙන්නට පෙර කියවන්න)

 
ඇනෝ කෙනෙක් අපුරැ කමෙන්ටු දෙකක් එවලා තිබුනා මගේ ඊයට... මගේ මෑනියන්වත්... බිරිඳවත් මතක් කරලා... ඒ ඇනෝට මම මෙහෙම කියන්න කැමතියි.... කොන්ඳ කෙළින් තබාගෙන මා විසින් කරන්නා වු විවේචනයන්ට කෙලින් මුන දීමට නොහැකියාව තුලින් එළිවන ඔබ තුල ඇති නපුංසකභාවය ගැන මගේ බලවත් කණගාටුව පල කරමි... 

 -----------------------------------------

මාස දෙකකට ආසන්න කාළයක් මානව හිමිකම් සම්බන්ධයෙන් කථා කරන එක නවත්තලා තිබුනත් නැවතත් ඒ සම්බන්ධයෙන් කථා කරන්න කියලා හිතුනේ ඇනෝ  කරලා තිබුන තර්ජනයත් එක්ක ලද උත්තේජනය නිසා...

මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලිපියක් ලියනවා කියන්නේ ටිකක් අමාරැ වැඩක්... විචාරයක්.. විවේචනයක්, අදහසක් හෝ කවියක් ලියනවාට වඩා යම් මහන්සියක් වෙන්න වෙනවා.... වසර කීපයක් ක්ෂේත්‍රයෙන් ඈත්ව හිටපු නිසා නැවතත් මතකය අලුත් කරගන්න වගේම යම් යම් සංශෝධන ගැනත්.. විස්තර හොයන්න වෙනවා... වැඩි කාළයක් වැය කරන්න සිද්ධ වෙනවා.. ඒ සඳහා කාලය සොයාගැනීමට අපහසුතාවය වගේම ඒ සම්බන්ධයෙන් වැඩි ප්‍රතිචාරයක්, පාඨකයන්ගේ උනන්දුවක් නැති නිසයි ඒ ලිපි පෙළ තාවකාලිකව නතර කලේ... නමුත් මේ සිද්ධියත් එක්ක එළිවෙන කාරනේ නම්, මේ ලිය දේට විරැද්ධ එහෙමත් නැත්නම් ජනතාව දැනුවත් වීම තුලින් තමන්ට යම් හානියක් වෙනවා යැයි විශ්වාස කරන කොටසක් අපි අතරම සිටින බවයි.... ඒ නිසා නැවතත් ලියනවා... හැකි නම් නවත්වන්න.....

------------------------------------- 

මෙතනින් එහාට කියනවන්න කලින් මීට පෙර ලියපු ඔබේ අයිතිය හා වගකීම කියන ලිපි පෙළ කියවලා එන්න කියලා ඉල්ලීමක් කරනව... ඒ ලිපි පෙලේ අංක 1, 2, 3, 4, 5, 6, 7, 8 කියන ලිපි කියවීමෙන් පස්සේ ඇවිත් මේක කියවන්න... අපි කථා කරමින් හිටියේ  ශ්‍රී ලංකා අණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පර්ච්ඡේදයේ දැක්වෙන මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන්... එහ් දී අපි ඒ එක් එක් අයිතිවාසිකම් වලට අදාල උප වගන්තීන් වෙන වෙනම සාකච්ඡා කලා... මේ වෙනකොට අපි කථා කරමින් ඉන්නේ 13 වන වගන්තියේ (2) වැනි උප වගන්තිය සම්බන්ධයෙන්... අපි අද විමසා බලමු 13 වැනි වගන්තියට අදාල (3) (4) සහ (5) යන උප වගන්තිය ගැන.... එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ මෙයාකරයෙනි..

(3) වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තෙකුට විරැද්ධව චෝදනා නගනු ලැබ ඇත්තේද ඒ තැනැත්තාට, නිසි අධිකරණක් විසින් පවත්වනු ලබන සාධාරණ නඩු විභාගයක දී පෞද්ගලිකවම හෝ නිතිඥවරයෙකු මගින් හෝ කරැණු කියා සිටීමට හිමිකම් ඇත්තේය....

(4) නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව නිසි අධිකරණයක් විසින් නියම කරනු ලැබු ආඥාවක් අනුව මිස, කිසිම තැනැත්තෙකු මරණිය දණ්ඩනයට යටත් කිරීම හෝ කිසිම කැනැත්තෙකු බන්ධනාගාරගත කිරීම හෝ නොකල යුත්තේය. එහෙත් යම් විමර්ශණයක් පවත්වන තෙක් හෝ නඩු විභාගයක් පවත්වන තෙක් හෝ යම් තැනැත්තෙකු සිරභාරයට ගැනීම, අත් අඩංගුවේ තබා ගැනීම, රඳවා තබා ගැනීම හෝ අන්‍යාකාරයකින් ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම දඬුවමක් නොවන්නේය...

(5) වරදකරැ යැයි ඔප්පු කරනු බලන තෙක් සෑම තැනැතැතෙකුම නිර්දෝශී යැයි පුර්වානුමාන කල යුත්තේය.  එසේ වුවද විශේෂ සිද්ධීන් ඔප්පු කිරීමේ භාරය චුදිත තැනැත්තෙකු වෙත පවරනු ලැබිය හැක්කේය.

ඉහත වගන්තීන් 3 ම ‍එකිනෙකට බැඳී ඇත.... (3) වැනි වගන්තියන් සරළ අදහස වන්නේ යම් පුද්ගලයෙකුට තමන්ගේ නිදෝස බව වෙනුවෙනු අධිකරණයේ කරැණූ ඉදිරිපත් කිරීමට අයිතියක් ඇති බවය... නීතිඥයෙකු මගින් හෝ පුද්ගලිකවම තමන් වෙනුවෙන් කථා කිරීමේ හැකියාව ඇත.. නමුත් මේ අයිතිය ලංකාවේ උසාවී කීයක ආරක්ධා වෙනවාදැයි ගැටළුවක් පවතී... එසේ තමන් වෙනුවෙන් තමන් විසින් නිදහස කරණු දක්වනවා මා අත්දැක නැත... වරදකරැ යැයි කියා දඩයකින් වැ‍ඩේ බේරගන්නටද නීතිඥයෙකු අවශ්‍යයය...ඒ සම්බන්ධයෙන් කාලයට පෙර “කකා” අපුරැවට පැහැදිලි කර තිබු බව මතකය... නමුත් තමන්ගේ නිර්දෝශීභාවය වෙනුවෙන් තමන්ට පෙනී සීටීමේ අයිතිය මුලික අයිතිවාසිකම් වලින් අපට තහවුරැ කර ඇත.

මෙහි සඳහන් (4) වැනි වගන්තිය ඉතාමත් වැදගත්වේ... පසුගිය සමයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරැවන් කීපදෙනෙකුම මිය ගියා අපට මතකය... ‍මේ මිය යෑම් සිදුවුමේ පුදුම සහගත ආකාරයටම... බොහෝ සැකකරැවන් මියයන්නේ සඟවාතිබු ආයුධ සොයා යන විට පැනයාමට උත්සහ කිරීමේ දීය.. නැතහොත් සඟවා තිබු ආයුධයකින් පොලිස් නිළධාරීන්ට වෙඩි තැබීමට උත්සහා කිරීමේ දී ය... ආයුධ සොයන්නට ගොස් එන අතරමග දී ගඟට වැටීමෙන්ය..එසේ නැතිනම් පොලිස් සිරමැදිරිය තුල එල්ලී සිය දිවි හානිකරගැනීමෙනි. 

මෙහි පුදුම උපදවන කාරනාව වන්නේ මේ සියලු සිද්ධීන් කිසිම ආකාරයකින් සමාජයට ගැටළුවක් නොවීමත් පොලිසිය විසින් ගොනුකරන සියළු කරැණු කාරනා සත්‍යය යන්න පදනම් කරගනිමින් මියගිය පුද්ගලයින් සඳහා මරණ පරීක්ෂණ වාර්ථා නිකුත් වීමත්ය. ඒ මිය ගිය හෝ මරාදමන ලද බොහෝ දෙනා අපරාධකරැවන් ලෙස සමාජය විසින් පිළිගැනීම ‍හේතුවෙන් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු හඬක් නැගුවේද නැත... 

පසුව එය සාමාන්‍ය ජනයා සොයා ආවේය.. මොරටුවේ දී සිය හොර බිරිඳට කොලොප්පම් කල වරදට ඕ අයී සී, තරැණයින් දෙදෙනෙකු පරලොව යැව්වේය... ඒ සිද්ධියට මොරටුවේ ජනතාව එරෙහිවීම හේතුවෙන් අදාල පුද්ගලයින්ට දඬුවම් ලැබුනේය... පසුව එය දොම්පේ පොලිසියට බෝ විය..... ඒඋණුසුමේම බිංගිරිය පොලිසිය තවත් බිල්ලක් ගත්තේය...

මොනයම්ම අපරාධකරැවෙකු හෝ වේවා ඔහුට හෝ ඇයට විරැද්ධව දඬුවම් කිරීමේ බලාධිකාරිය ඇත්තේ ගරැ අධිකරණයට පමනකි... අද නීතියේ ආධිපත්‍ය බිඳවැටී ඇත. විවිධ දේශපාලකයින්ද, පොලිසියද, මැරයෝද නිතිය අතට ගෙන ක්‍රියා කරති.. ඇමතිවරැ විසින් නඩු අසා තීන්දු ද ලබා දෙති... සුරා සැල් වසන්නේද... මහජනතාව මස් ආහාරයට ගන්නවා ද නැද්ද යන්න තීරණය කරන්නේද ඇමතිවරැය...‍වඩාත් පුදුම සහගත කාරණය වන්නේ මේ සියල්ල බොහොම ප්‍රසිද්ධියේ සිද්ධ වන්නේ පොලිස් ආරක්ෂාව යටතේ වීමය... නමුත් මුලික අයිතිවාසිකම් හී සඳහන් මේ (4) වැනි වගන්තිය ප්‍රසිද්ධියේ උල්ලංඝනය වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෑල්ලුවට ලක් කිරීමකි.

තවද මෙහි සඳන් (5) වැනි වගන්තියෙන් පුද්ගලයෙකු ගේ පුර්ව නිරිදෝශීභාවය ආරක්ෂාකර ඇත... කිසිම පුද්ගලයෙකු නීතියෙන් වැරදිකරැවෙකු කරන තාක් නිර්දෝෂ පුද්ගලයෙකු ලෙස සැක යුතු බව මෙයින් පැහැදිලි කරයි. පොලිසිය බොහෝවිට පහරදෙන්නේ දඬුවමක් වශයෙනි.... නැතහොත් තොරතුරක් ලබා ගැනීමටය..නමත් යමෙකුට දඬුවම් දීමවත්, තොරතුරැ ලබා ගනෑමට පහර දීමවත් පොලිසියේ රාජකාරී පොත්වලට අදාල නැත.. 

එසේ නම් පොලිසියට අයිති රාජකාරීන් එසේත් නැතිනම් යම් අපරාධයකදී පොලිසිය කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන් අනෙක් ලබන ව‍සරේ දී ලියන ලිපියෙන් විමසා බලමු..

සාමය සතුට මේ ලොව යලි රජයන්න...
නීතිය යුක්තිය ද හැමටම සම වන්න..
පිඩාවනට පත්වන්නන් මුදවන්න..
මේ නව වසර තුල වත් සිහියට ගන්න...

ඔබ සැමට සුභ නව වසරක් වේවා !!!!

Friday, December 30, 2011

අපි මැරෙමු...ද ?


මැරෙනවා කියන්නේ
මහ අමාරැ වැඩක්
බෙල්ල හිර වෙනකොට
ඇස් දෙක එළියට පනින්න
හදනකොට
ඇතිවෙන අමාරැව
මතක් වෙනකොට
උඹ නිසා මැරෙනවා කියන්නේ
ඊටත් වඩා මහා 
මෝඩ කමක්
මං හැම එකියක් වෙනුවෙන්ම
මැරෙන්න ගියා
එකතුවෙන්න බැරිනම්
දෙන්නම මැරෙමු
හුඟක් උන්
වහ බෝතලේ මගේ අතට දීලා
බලාගෙන හිටියා මම බොනකං
මම අහුවෙයි ඕවට
මම බිව්වේ නැහැ
ඔයාව විශ්වාස නැහැ
මහ නපුරැයි
චෝදනා ගොඩයි
යකෝ එකට මැරෙන්න
මම මුලින්
බොන්නම ඕනෙද
උඹ බීපන්කෝ

Thursday, December 29, 2011

තොපි වෙනුවෙන් අපි

(ඡායාරෑපය අන්තර්ජාලයෙනි)


අගාධය පෙනි පෙනි..
විනාශය දැනි දැනී..
අපි
මරණයට..
අතවනමු...

අපි මහා බොරැවක පැටලී සිටිමු..
ලෝකය රඟ මඩලකි
අපි එහි නළුවන් වෙමු
විටක දුකද
විටෙක සතුටද
විඳිමු
එහි නිමක් නැත..

දුක හංගගෙන 
හිනාවෙන අපි
සතුටට අඬමු
වෛරය පිරිමහන්නට
අතට අතදෙන
මිත්‍රත්වය වෛර කරන
මුනට හිනා වී
පිටට පිහියෙන් අනින
අරැම පුදුම 
සත්වයන් පිරිසකි...

ඇත්ත දැක දැක
බොරැවට ආවඩමු
සත්‍ය වනා හී 
මහා බොරැවකි
මං මුලා වූවන් සේ
සත්‍ය.. අසත්‍ය 
අතර අතරමං වී සිටිමු..

අපි එකම පන්තියට 
වෛර කරමු
අපි අපිම මරා ගන්නේමු
උන් කා බී ප්‍රීතී වන විට
අපි අපිට සුදු කොඩි 
ඔසවමු....

ලෝකය එකම රඟ මඩලකි
උන් රඟති
අපි හැමදාමත් ගැලරියේය...
අපේ උරැමය
උන්ට
අත්පුඩි ගැසීම
පමනමය.....

අවසානයේ
අපට ඉතිරිවන්නේ 
එක් දෙයකි
උන් හැමදාමත් දිනුම්ය
අපි හැමදාමත් පරාදය...

එදත්... අදත්.. හෙටත්..
අපි..
පරාජිතයන්ය
අපි හැමදා පරාදය..
උන් දිනුවත්...
පැරදුනත් දිනුම්ය...

Tuesday, December 27, 2011

අපි යන්නේ කොයි පාරේ.....



අද හැමදේම ක්ෂණිකය... ක්ෂණික ආප්ප.. ක්ෂණික නුඩ්ල්ස්.. වගේම ක්ෂණික පාරවල්.. ක්ෂණික වාරායවල්.. ක්ෂණික කූඩ, වගේම අධ්‍යාපනයද ක්ෂණිකය....ක්ෂණික වීම හොඳය..... එවිට කාලය අපතේ නොයයි... නමුත් ප්‍රශ්ණය ඇත්තේ ක්ෂණික හැමදේම මග පුස්ය.... පාරවල් හදන්නේ පේන වංගුවටය..... වරාය හදන්නේ නැව් නොඑන්නය... විවෘත කරන වතුර පයිප්යයෙන් වතුර එන්නේ නැත.... විවෘත කරන්නේ ලයිට් කණුය.. විදුලිය නැත..... කූඩය අන්තිමේ ගහන්නේ ජනතාවගේ බඩටය.... විභාග ප්‍රථිපල නිකුත් කරන්නේ ළමයි අන්දුන් කුන්දුන් වෙන්නය... බස් වර්ජනය... තෙල් බාලය... පොල් ගෙනාවොත්.. ඒ බාල පොල්ය....ඒවා බාර කථරගම දෙයියන්ටය.. බිත්තර කියා ගෙන්නේ හුණු බිජුය... හාල් කන්නට පෙර රසායනාගාර පරීක්ෂා කල යුතුය.... 

මේ එකී නොකී සියලු දේ අවුල්ය... වියවුල්ය... හැබැයි ප්‍රශ්ණය ඇත්තේ මේ හැමදේකින්ම කෙළවෙන් නේ ජනතාවටය... ගල් තිබේ නම් ඒවා කඩන්නට ඇමතිවරැ උදම් අනති.... මලත් කූඩා නැතිව එළවළු පලතුරැ ගේන්නට ඇමතිවරැ උදම් අනති... ප්‍රථිපල අවුල් නම් නැවත සකස් කරන්නට ඇමතිවරැ උදම් අනති.... ඔවුන් බොහොම ලේසියෙන් ඒ ප්‍රකාශ කරන්නේ ඒවාට වියදම් කරන්නේ ඔවුන්ගේ ගෙදරින් ගේන මුදල් වගේය... මේ හැම කෙලියකටම වියදම් කරන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල්ය.... මේවා සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ලබාගන්නා ණය ගෙවන්නේ අප නොව අපගේ මතු පරම්පරාවය.... යම් දිනෙක ඔවුන් අපටද අපගේ වලටද සාප කරනු ඇත....

අධ්‍යාපනය අවුල්ය... පාසැලට ඇතුලත් කිරීමේ සිට හැම දේම අවුල්ය.... ගුරැවරැ මහපාරේ සිය අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගති.... මැරයෝ පාසැල් පාලනයේය.... අධ්‍යාපන ඇමතිවරැ රොත්තක් සිටියද ප්‍රථිපල අවුල්ය.... විභාග කොමසාරිස් පිස්සු කෙලිති....  ප්‍රශ්ණකට දෙන්නේ යන්නේ කොහේද මල්ලේ පොල් උත්තරය... දෙමව්පියන් බඩට නොකා හෝ තමන්ගේ දරැවාගේ අධ්‍යාපනයට විදයම් කරන්නේ ඔවුන රටේ උගතුන් වනු දැකීම පරමාරථයෙනි.... දරැවෙකු පාසැලට ඇතුලත් කිරීමේ සිට හැම දේම මුදල්ය.... ඩෙස් බංකු හදන්නට.... තීන්ත ගාන්නට... බුදු පිළිම හදන්නට.. ආරක්ෂාවට... පිට්ටනියට.... මේ හැම දේකටම මුදල්ය.... එතකොට ආණුඩුවෙන් දෙන්නේ පඩි විතරදැයි ප්‍රශ්ණයක් පැන නගී... ඒත් මුන්ට ඒවා හරි ආතල්ය... 

කූඩා කෙළියෙන් අවසානයේ බැට කෑවේ ජනතාවය...උත්සව සමය කටේ එළවළු පළතුරැ මිල ඉහල ගියේය ... ජොනී ඇමතිතුමා ප්ලාස්ටික් බඩු කාරයන්නගේ කොන්ත්‍රාත්කාරයෙකු යැයි මම චෝදනා නොකරමි... ජනතාවට පිරිසිඳු... ගුණාත්මක.. පෝෂ්‍යදායි එළවළු පලතුරැ ආහාරයට ගැනීමේ අයිතියක් ඇත... නමුත් ප්‍රධාන කාරණය වන්නේ ඒවා මිලදී ගැනීමට ජනතාවට හැකියාවක් තිබිය යුතුය යුතු වීමය... 

අපේ රටේ ජනතාවද අඳින්නට දක්ෂය...අන්ඳන්ට දෙයක් නැත.. අවශ්‍ය ආයිත්තම් දුන් පමනින්ම ඔවුන් ඇඳගනිති....මුණ ලස්සනයි නම් මොන වේසියෙක් උනත් කම් නැත.... වෙන මගුලක් වෙන්නේ කසාදයෙන් පස්සේ නේ යැයි සිතා නිහඬවම ආතල් ගනිති.... අධි වේගයෙන් යනකොට ජනතාවට මාර ආතල්ය... එක් පැත්තකින් අධිවේගී පාර විවෘත කර අනිත් පැත්තෙන් දුප්පත් මිනිහෙක්ට වාහනයක් ගන්නත තියන අවස්ථාවට කෙළියේ නැවතත් වාහන රේගු බද්ද වැඩි කරමිනි.. (සමාවෙන්න පොසත් මිනිහෙක්ට... දුප්පත් මිනිහාගේ වාහන ඔය අධි වේගී පාරවල් වල යන්නට වලංගු නැත) 

දියුණුව හොඳය.... නමුත් සමානුපාතික විය යුතුය.... පාරවල් කොන්ක්‍රීට් කල යුතුය... අධි වේගයෙන් යා යුතිය..... වරායන් අවශ්‍යය... බස් හෝල්ට් නැතත්.... ගුවන් තොටු පලවල් ඉදිකල යුතුය..... ඒ ගැන මගේ තර්කයක් නැත.... නමුත් ඒ හැමදේම සාධාරණ විය යුතුය.... මේ හැම දෙනාම පිස්සු කෙළින්නෙ මේ රටේ වැඩකරන ජනාතාවගේ මුදලින් බව සිහිතබා ගත යුතුය...


තෙල් සංස්ථාව ඇනගෙනය... බාල තෙල්.... ගැන වග කියන්නට එකෙක් වත්ම නැත.....යම් වැරැද්දකි සිදුවුවා නම් එය නිවැරදි කරන්නේ වින්ඳිතයන්ට වන්දි ලබා දීමෙනි.... වැරැද්ද කල උන්ට ලැබෙන්නේ උසස්වීම්ය... යම් පාඩුවක් වෙලා නම් අපි ඒ අයට වන්දි ගෙවනවා..ඇමති තුමා කිවේය.... ඒ ගෙනාවේ එතුමගේ ගෙදර සේප්පුවේ තිබුන මුදල් නිසා එතුමාට ගෞරව කල යුතුය....

අද ආණ්ඩුව හැම ප්‍රශ්ණයකයම මුලට දාන්නේ තිස්වසරක යුද්ධය අවසාන කල පාරට්ටුවයි... ඒකේ ආයිත් හෝදන්න දෙයක් නැත... සම්පුර්ණ ගෞරවය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හිමිය.... නමුත් දැන් ඒ කොටස අවසානය... යුද්ධය දිනු පලියට මහජනාතාවගේ මුදලින් පිස්සු කෙළින්නට ඉඩ දිය යුතු නැත.... අපේ ජනාතාවද ඇන්ඳීමේ ලා මහත් දක්ෂයෝය... පපවට ගහගැනීමද... බොහොමත්ම ආවේගශීලීව කථා කිරීමෙන්ද.... ඇස්දෙකට උනන කඳුලු පිසදැමීමෙන්ද... ළමයි වඩාගැනීමෙන්ද... සහ තවත් මේ වගේ බාහිර සාධක වලින්ද ඇන්ඳිය හැක....

බේබිලා පාරට බැස ජනතාව සමග පිස්සු කෙළීමෙන් ද... පාරවල් පුරා මල් බයිසිකල්ද.. සංගීත සංදර්ශණද... කාර් රේස්ද.... පැවැත්වීමෙන් රටේ ජනතාවගේ ප්‍රශ්ණ විසදෙන්නේ නැත..... ජනාතාව සිනි වී සිටීම ද.. පවත්නව හැම ඡන්දයක්ම තමන්ට ඡන්දය දීමද.. හේතුකොට තමන් කරන්නා වු සියලුම දේ ජනාතාව අනුමත කරනවා යැයි සිතා ඔලමොට්ටල ආතල් ගන්නා සියළු දේශපාළුවන්ට මෙසේ කියමි..... 

බොරැවද ඇන්දීමද කිසිදින සදාකාලික නොවේ... එය අතීතයේත්, වර්ථමානයේත්.. අනාගතයේති පවතින සත්‍යථාවයකි.... නිශ්චල මුහුද සුනාමියක් වන්නට මහා බලයක් අවශ්‍ය වන්නේ නැත... සුළු තෙරපුමක් කාලය සමග බාධක සියල්ල මුලිනුපුටා දමා අසුවන සියළු දේම විනාශකර නැතිකර දමන බව සිහිතබා ගැනීම වටී.....

Sunday, December 25, 2011

ආත්මාර්ථකාමියෙකුගේ ප්‍රේමය...


                

මෙතෙක් කලක් දමා නොගිය... මහ මුසල මේ තනිකම.. හෙට දවසෙත් ලඟින් ඉදින්...ඈ මනමාලිය වෙනකම්.... හැබැයි මාව දාලා ගියොත්... අම්මපා.... මිරිකනවා බෙල්ල..

  රෑට ඇවිත්..බය කරනවා උළු අස්සෙන් එබිලා බලලා....
  දෙන්නෙම නැහැ.. නිදියගන්න..හුල්ලනව මහ සැරේට..මුසලකම ඉහවහන්න.. මහ රෑ ඝන කළුවර මැද..
  මගේ ඇස්දෙක ලොකු කරාන... මරහඬ දී කෑගහනවා..ගියොත් එහෙම මාව දාලා... නැති කරනවා උඹේ නින්ද...
 දෙන්නෙම නැහැ..ලඟට එන්න...උඹේ කෙට්ටු සුදු එකාට..අත තියන්න උඹේ ඇඟට...ඌට දුන්නේ පොතේ ලියලා..මට හම්බුනේ හිතේ ලියලා..ඉතිං උඹගේ වැඩි අයිතිය...කොහොම ද  උඹ ඌට දුන්නේ...  උඹව ගන්න බැරි උනාට..මගේ ලඟට.. ලඟින් ඉන්න..දෙන්නේත් නැහැ..වෙන එකෙක්ට..උඹේ ලඟට කිට්ටු වෙන්න..උඹව අයිති මට විතරයි..අයිති නැතත්..මාව උඹට...

Friday, December 23, 2011

නුඹ සහ මම......



නුඹ

"ජීවිතෙට එළිය දෙන්න පැමිනි සුරියාලෝකය පරදන... ග්‍රහලෝකයන්ගේ එකතුවක් වන... ක්‍ෂිර පථය හා සමාන වුද... නිල්පාට චක්‍රාවාටයන් ගෙන් ගහන වුද... උතත්‍තුංග දේහධාරී මනුෂ්‍ය වර්ගයා විසින් නිර්මාණය කරන ලද... මහාසම්තයන් ගෙන් අසම්මත වු... මොහාන්ධකාරයන්ද... ඉච්චාබංගත්වයද... අහේතුක සත්‍යද... කරපින්නාගත්... අනිත්‍ය වු ද... අනාත්ම වුද... කුඨාප්‍රාප්තියට පැමිනි.. අනාථ වුද... සංකූලතා අතර ව්‍යාකූල වුද.. අනුලොම වශයෙන්ද... ප්‍රතිලෝමාකරව ද... සමමිතක වට පිටාවකු තුල... ඝනකාභයක් හෝ ඝනකයක් සමානුපාතික වශයෙන් බෙදාවෙන්කරනා ලද්දා වුද... සමාජීය ආකල්ප මත පිළිනොගන්නා... ප්‍රජාතන්වාදී රාමුවක් යටතේ අයිතිවාසිකම් දරන්නාවුද... පයිතගරස්ට හෝ විසඳිය නොහැකි ගැටළු නිරිමාණය කිරීමේලා අති මහත් දක්ෂ... රතු.. පාට දිස්නේ දෙන.... පාරජම්භුළ කිරණද... මහා චණ්ඩ මාරැතයද නොදන්නා තරමට දේශපාලණිකරණය කරන ලද සිත්පිත් නැත්තා වු... රෝසපාට සාරි අඳින...අන්තෝ ජටා.. බහි ජටා යයි වනකෙකු අනුමාන කලද... කොයි ජටා වක්වත් නැති.... බාහිරත් නැති පරිබාහරවත් නොමැති උක්තෘෂ්ද ... සත්‍යානුබද්ධ සාමාජතලයන් හී අසමතුලිතා සම්බන්ධයෙන් ඡේදනය නොවී පවතින.. කොලපාට.... මතවාදයන්ගෙන් ගහන වු... ආත්මානුකම්පාවද කම්පාවද එකලු කොටගත්... නීත්‍යානුකූලවම ලබාගත් වරෙන්තුවක්ද... අප්‍රතිහත ධෛර්යෙන් යුක්ත වු.... දම් පැහැ වස්‍ත්‍ර අදින.... කොට ගවුම් නාදින නමුත් දෙපලු කරගත් හිසකෙස් සහිත... මහා බාණ්ඩාණ්ඩාගාරයෙන් නිදහස් කරන ලද වත්කම් හා වගකීම් ඉටුකිරීමෙන්.... අතිකරන්නා ලද විසම්මුතියෙන් බැහැ කරන ලද... ඊනියා ‍මාකට්වාදීන්ගේ... තවත් එක් ගොදුරක් වන්නේය..."

මම 

"පිස්සෙක්...."

Thursday, December 22, 2011

කොටු පැනිල්ල....


ලඟට වෙලා තොදොල් වෙන්න
රෑට හොරෙන් වැට පනින්න
ලිඳ ලඟ ඉඳ පෙම්කෙලින්න
පුරැදු උනා මං..

උඹේ ලිපට ගිණි පිඹින්න
හොරෙන් වතුර ඇදලා දෙන්න
උඹේ ආප්පේ කර කරන්න
හිටපු එකා ‍මං..

රෑ තනියට පැලට එන්න
පලල් කරට කටු ගහන්න
අලි එනවට ගිණි තපින්න
ලඟම හිටියේ මං..

ගොම්මන වැව ලඟට එන්න
නුඹේ පිටේ කුණු අරින්න
යටින් ඇවිත් කුචිකවන්න
හරි දස්සයා මං..

ගල උඩ පන්සල් වඳින්න
මල් වට්ටිය අතගහන්න
මගදි මලේ පෙති ඉඹින්න
ආස කලේ මං..

පොඩි එකාගේ කිරි පංගුව
උගුරැ දෙකෙන් බීලා යන්න
වැට මායිමේ කොනට ඇවිත්
බලංහිටිය මං..

උඩ පැන පැන පිටි කොටන්න
කුරහන් ගල අඹරවන්න
අස්ස ගෝන් නැගලා යන්න
කියා දුන්නේ මං..

දො‍ඩම් පේර ජමනාරං
සරමේ වල්ල පුරා ගෙනත්
හැම එකිට හරි ගානට
බෙදලා දුන්න මං..

වටේ ගෑණූ ගොඩක් උන්න
හැම එකීට එපා වෙච්ච
ලිං පල්ලෙට ඇදවැටිච්ච
තනිකඩයා මං..

Tuesday, December 20, 2011

දේශද්‍රෝහියෙකු ගේ අඬහැරය...


මේ රට මගේය එය මගේ මව් වැන්නේය
දිවි ඇති තුරා මගේ මව් සුරකින්නේය
යහපත සහ සතුට සැලසිය යුත්තේය
එය මගේ වගකීම එය ඉටුකල යුත්තේය

කියමින් එලෙස බැහැ නිහඩව සිටින්නට
හදවත දෙන්නේ නැහැ ඉඩ මට එය කරන්නට
අවැඩක් වෙතොත් ඒ ගැන හෙළිකරන්නට
කවි කම යොදාගමි ඒ ගැන කියන්නට

ලොකු බේබිලා හට ඇස්ටන් මාටින්ය
නොනට දුවලා හට බී ඇම් ඩබලියු ය
චුටි බේබිලට වෙන සැප වාහනය
බදු බර දරන මහජනයා මහ මගය

රජයට අයිති දේපල විකුනා ගෙන කෑම
වටිනා ඉඩම් නෑදෑයන් හට දීම
තනතුරු තානාන්තර පවුලක විසිරීම
ඉනනට හැකි ද ඇස් කන් පියවා මේම

වංචාවට හා බොරුවට මුල් තැන දීම
ගසා කෑම සහ මංකොල්ලා කෑම
මහජනතාව ගොන් ගානට ඇන්දීම
තේරෙන විටදි එය ඉවසන් ඉනු කෝම

අධිවේගී පාර ගානට අඹරවලා
වරාය කෑලි කර ලුණුමිරිසක් කොටලා
තාප බලාගරෙන් ලිප මොලවාලා
රොටියක් හදාගෙන අපි ඉමු කාලා

අධ්‍යාපනේ වලපල්ලට වැටෙන්නට
ප්‍රතිපත්තියක් නැති කටයුතු කරන්නට
හේතුව කුමක්දැයි විමසා බලන්නට
නැහැ කිසි එකෙක් ඒ ගැන වග කියන්නට

වසංගත රෝග රට වට පැතිරෙන්නේ
මර්ධනයට හැකියාවක් නැති වැන්නේ
ජනයා බෙහෙත් නොමැතිව නිති මියයන්නේ
ඒ වැනි රටක් කෙලෙසද මේ ලොව ජය ගන්නේ

දුම්රිය පමාවෙනවට තිත තියන්නට
බස් ටික වෙලාවට ගානට දුවන්නට
කාලය කා දමන වැඩ මග හරින්නට
නොහැකිව කෙලෙස සංවර්ධන කරන්නට

බොරුවට ආටෝපයට එරෙහිව නැගිටීම
දේශද්‍රෝහි නම් ගුන දොස් පෙන්වීම
එල්ලා මරන්නට ඕනෑ නම් මාව
තොණ්ඩුව මෙන්න එල්ලනු මා නොපමාව

හීනෙන් පෙනීයන්....



සිහිනෙන් වගේ ඇවිත්
තුරැලුවී උණුහුමට
ආදරේ පෙන්නලා
සෙනෙහසින් ලංවෙලා..
මුමුනයි මගේ කනට
කොඳුරලා...

ලංකරගන්න හදවතට
දුර යන්න ඔබ එක්ක..
හිතෙනවා ජීවිතේ
දුක සැප
බෙදාගන්න..

විනාසය දැක දැකම
බැහැ නුඹව ගෙනියන්න
දැවෙයි මේ..
ගින්දරට
පිච්චිලා අළු වෙන්න..

ආදරේ නම් මෙහෙම
කොහොම දුකක් මම
දෙන්නේ නු‍ඹේ
මුදු හිතට..
ලංකරගන්න බැරි තරමටම
වැඩිවෙයි..

නුඹට ඇති
ආදරේ.....

Sunday, December 18, 2011

ඊරිසියාවට ඇත්ත කථාවක්.....


දන මන පිනන හදවත හංකිති කවන
මන දොල තුටින තැන තැන ඉඳ දිය කෙලින
යන එන හැම දෙනගේ නෙතු නිති ඇද ගමින
සකි කඳ බල කෙලිය පුරවර මන බඳින..

දින දින එකින් එක අඩුවන සළු අඳින
කලවට වියතකට අඩුවෙන් නොම වැසුන
දෙතනම පනින්නට එළියට මෙන් සැරින
පිරිවර රඟති කොලොම්පුරේ නිති පෙමින..


නාදළු දෙතොල රතු ආලේපන තවරා
පුළුකුළු උකුල දෙපසට එහෙ මෙහේ අඹරා
රියසක යුරැ තිසර තන එල්ලෙන්නට අහුරා
කොයිබට යන්නේ ඔබ මගේ හදවත පාරා..

උස්සා වැල ගෙඩිය බෙල්ලට ගැට ගහලා
නා නා ජාති විච්චුරන ගෙල එල්ලා
වැහැරැනු හම් කැබලි ගානට දා මකලා
යන සැටි බල අඟන ලෝකෙම යයි හොල්ලා..


බාගෙට වැහුන හෙළුවේ මුල්ලෙන් බෙදුන
වැටකොළු යුවල මැද්දෙන් දෙපසට අදින
වට්ටක්කයට සම පැද්දෙන දිය පොකුන
රෑබර ලඳුන් රැව  දැක මගේ අග තෙමුන..

අල්ලා බැඳපු වැල ගෙඩි බිම වැටීයන්
හොල්ලා වනන පලු දෙක මග හැලීයන්
උලලා තියෙන මේකප් ටික මැකීයන්
නලලේ තියන එක මුල්ලෙම පිපීයන්..


සියළුම ඡායාරෑප උපුටාගෑනීම http://lankagirlsclub.blogspot.com/ නි

Saturday, December 17, 2011

බෙදන්නට පෙර.....

(ඡායාරෑපය උපුටාගැනීම අනිතර්ජායයෙනි)


බෙදීම විවිධාකාරය.... සමහරු බෙදති.. සමහරු බෙදාගනිති... සමහරු බෙදනවා වගේ පෙන්නා, තමන්ගේ පිඟානට බෙදාගනිති... මේ අන්දමින් විවිධ බෙදීම්කරුවෝ සිටිති... මෑත කාලීන ලංකීය දේශාපාලනයේ හොඳම බෙදුම්කරු මහරජය....රටේ මොකක්දෝ අවාසනාවකට මහරජ ආර්ට් කර නීතිඥයෙකු විය... වැරදිලාත් ගණිත අංශයෙන් ඉහලට ගියානම් "පයිතගර්ස්ට" වඩා වැඩ්ඩෙක් වෙනවාට කිසිම සැකයක් නැත.. ඒ තරමටම මහරජ ගණිතයට දක්ෂය... විශේෂයෙන්ම බෙදීමට ද බොහොම සුක්ෂමව බෙදාගැනීමටව දක්ෂය...

ඔහුගේ ප්‍රධාන බෙදීමට ලක්වන්නෙ දේශපාලන පක්ෂය... මුලින්ම සිහළ උරැමය බෙදුවේය... පසුව එල්ටීටිය බෙදුවේය...පසුව කරැණා පිල ‍නැවත දෙකට කැඩුවේය... එල් ටී ටි නන්නත්තාර විය....පස්සේ යු ඇන් පී යට අතගැසුවේය.... කරූ කණ්ඩායමක් අරගෙන පොදු පෙරමුනට ආවේය.... යු ඇන් පි ය දේශපාලන ආනාථයින් බවට පත්විය... පසුකාලීනව කරූ පන්නගෙන ආ කණ්ඩායම පෙරමුනේම තැන්පත්කර නැවත යු ඇන් පී යට ‍එක් විය....


මහරජ යු එන් එකද බෙදුවේ ය....ආරක්ෂක මණ්ඩලයේ රටවල් දෙකට කැඩුවේය... දැන් නැවතත් යු ඇන් පී, ය බෙදීම පටන් ගෙන ඇත... දැන් උන් උන් මරා ‍ගනිති.... කාලයක් ලංකාවේ ප්‍රභලතම සංවිධාන ශත්තියක් පවත්වාගෙන සිටි ජේ වී පී යද මහරජුට ගොදුරැ විය...එක් රැයකදී එකම පෝස්ටරය මුලු ලංකාව පුරා තාප්ප වැහෙන්න ගහන්න ජේ වී පි යට එක සතයක් වියදම් කරන්න අවශ්‍ය උනේ නැත... පෝස්ටර් ගහන්නට අරක්කු ද .. කෑමද දෙන්න සිදු උනේ නැත..... ඒ සියලු බලයන් පයිසයකට මායිම් නොකර මහරජ ජෙප්පන්ටද වැ‍ඩේ දුන්නේය... එය ‍88/ 89 ප්‍රේමදාස යුගයේ සිදුවු ඝාතනයන්ට වඩා බෙහෙවින් බැරෑරුම් තත්වයකි... එදා පක්ෂයේ මුල් සියල්ල උදුරා ගියද දළු ලෑමට වැඩිකලක් ගත නොවීය...නමුත් තත්වය තුල නැවත ජෙප්පන්ට නැගිටින්ටවත් බැරිය... ඉතිහාසයේ පලමු වරට ඉල් මහ විරැ සමරු වැඩසටහන් දෙකක් පැවැතිවීමට ජෙප්පන්ට සිදුවීමෙන් මෙය මොනවට පැහැදිලි වේ... 88/89 දී නියපොත්තෙන් පටන් අරන් ඇස් දෙක දක්වා දන් දුන්... අළු ටික පවා සොයගෙන්න බැරි වන තරමට ටයර් සෑ වල කරකුට්ටන් වු සහෝදරයින් නැවතත් නැගිට මුන්ට සාපකරනවාට සැකයක් නැත...


දැන් නැවතත් යු ඇන් පී ය බෙදෙන්නට පටන් අරගෙනය... එහි කොන්තරාත්තුවද පැවරී ඇත්තේ කරූ ටමය...දැන් කැඩෙන්නට කෑලිද නැත... රටේ වැඩිම ජනතා කැමැත්ත ඇති තනි පක්ෂය යැයි උදම් ඇනු යු අන් පි ය.. අද දෙතුන් දෙනාගේ කණ්ඩායම් වැඩිම පක්ෂය ලෙස වාර්ථා ගත වන්නට බැරි නැත. 


මහරජ පවුල් ද කැඩුවේය.. රනතුංගලා සීසීකඩය.... සිරස ද දෙකට කැඩුවේය... දැන් බුද්ධිකගේ පිලක්ද.... මනුෂගේ පිලක්ද බිහිවී ඇත.... දෙමළ දේශපාලන පක්ෂ තනි පුද්ගලයින් වශයෙන් වෙන් වෙන්නට සිදුවිය... මුස්ලිම් පක්ෂවලටද අත් උනේ ඒ හා සමාන ඉරණමකි.... දැන් ප්‍රභල හඬක් නැගිය හැකි විපක්ෂයක් නැත... විවාදයකට.... උද්ඝෝශණයකට විපක්ෂ සාමාජිකයින් සොයාගැනීම “ලාහාට ගෙම්බෝ එකතු කරනවාට“ වඩා අමාරැය.... දැනට පවතින තුනෙන් දෙකේ බලය තව නොබෝ කාලයකදී හයෙන් පයක් වීමද නොවැලැක්විය හැක්කකි...


මා විසින් ටීක ටික කාලයකට උඩදී ලියන ලද 2030 දී ලංකාව.....(විමලේ ගේ හීනේ මගේ වර්ෂන් එක.....) මා විසින් දක්වන ලද පරිසරය දැන් සකස් වෙමින් පවතින බව පෙනේ... අඩුවක්ව පැවතුනු නීතිය ද දැන් අතට ගන්නට පොට පෑදී ඇත.... ලොකු බබා නීතිපති පුහුනුව පටන් ගත්තේ හැමෝගෙම සුභ පැතුම් මැදය.... මේවා බලාගෙන හුල්ලනවා හැරෙන්නට කටක් අරින්නට කිසිවෙකු ද කිසිම බලවේගයක් ද නැත...


එහෙම සිටිනවා නම් ඒවාට වන්නේ ආචාර්යවරයෙකු ලවා ........ ඇරගන්නටය.... දැන් ඒවාට රාජ්‍ය අනුග්‍රහයද ලැබී ඇත... ආචාර්ය පට්ටම බල්ලාට ගිහින් යැයි මම නොකියමි.... නමුත් බල්ලන්ට ආචාර්ය උපාධි ලබාදෙන රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.... 


බේබිලාට විරුද්ධව එක් වචනයක් කථා කරන අයෙකුට විරුද්ධව මහා හඬක් නගමින් නැගී සිටින උන්ට මේ රටේ ප්‍රධානම ප්‍රශ්ණය වී ඇත්තේ ද නාස්තිය වී ඇත්තේද මේ රටට හෙන ගසා ඇත්තේද... එන්න එන්නම බඩු මිල වැඩිවන්නේද.... රාජ්‍ය ආයතන පාඩු ලබන්නේද... නීතිය බලු වී ඇත්තේද... එළවලු පලතුරු කුඩා වල නොදා ප්‍රවාහනය කිරීම හේතුවෙනි..... 


මොනවා උනත් ජනතාවට කම් නැත.. මොකද ඒ අපි එකම පවුලකට අයිති එකම රටක් හෙයිනි....


රටටද ජනතාවටද දෙයියන්ගේම පිහිටය....!!!!

Thursday, December 15, 2011

ඔබ වෙනුවෙන්.....



මිලිමීටර් වලින්..
බලාපොරොත්තු තියාගෙන..
සෙන්ටි මීටර් වලින්..
හිතට දැනෙන..
කිලෝ මීටර් වලට..
වඩා දිග..
නුඹට ඇති ප්‍රේමය..
ආ දුර...
අවසාන වෙළඳාම..
ඔබ අත ඉතිරි කලේ..
මිලි ග්‍රෑම් සතුටකුත්..
ග්‍රෑමයක මතකයනුත්..
කිලෝ ග්‍රෑම්..
දුකකකුත්.. 
පමනමයි..

Friday, December 9, 2011

ගිණිගත් මධුසමය.....


හමුවෙන හැම මොහොතක්ම
සුන්දරව නිම උනා
දින සතිද මා මාස
එකදිගට ගත උනා
ඔබ හා බැඳුන සිත
දුක සතුට මුසු වෙලා
කාලයක් ගතවෙලා
විවාහෙට මග එළිවෙලා
මංගල්ලේ සියලු වැඩ
නියමෙටම සිදු උනා
දෙපැත්තෙම නෑ‍දෑයෝ
දෙගොල්ලම එක් උනා
අෂ්ඨකද පෝරැවද
ජයමගුල් කිය උනා
යාලුවෝ රැස් උනා
රැග් ද තව තව විහිළුද
ගොඩක් උන් ‍බ්ලොගාලයි
අනික් උන් බුකියෙනුයි
එක තැනක එක් වෙලා
මගුල ජයටම සැමරැවා
පිටත් වෙන වෙලාවට
රතිඤඤත් පිපුරැවා
මල් වෙඩිද දල්වලා 
උන් අපිව එළෙව්වා
සුනදරම කඳු මැදින් 
වාහනේ ඇදෙනවා
බරවෙලා ඔබේනෙත්
නිදිවරව හිඳිනවා
උරහිසට තුරැලුකර
නිදන්නට ඉඩදෙන්න හිතෙනවා
පපුවට ලංවෙලා
ඔබ හොඳට නිදනවා
නවාතැන ලංවෙලා 
ඔබේ කනට කොඳුරලා
ඇහැරැවා ඹබ තාම
නිදිබරව සිටිනවා
කාමරේ තනිඋනා
සළු එකින් එක ගැලවුනා
තනි කරලේ දිග කොන්ඩේ
මගේ පපුවේ හිර උනා
මුදා හල හැඟුම් පොදි
තව රහස් ගොනුකලා
දිග සුසුම් කෙටි සුසුම් 
වා තලේ මුසු කලා..
සැතපෙන්න පුලුළුකුල
ඔබ තව විවරකලා
මම තදින් හිර කලා

හුටා....... අවසානේ දැක දැක..
ලැපේ බැට්රිය ඉවරයි......

Tuesday, December 6, 2011

අපායාචාර්ය.......

අපායේ කථා දෙකක් ගැන කියන්න හිතුවා... දැන් වගේ නෙමෙයි ඉස්සර අපායට යන ලංකාවේ ඇමතිවරැන්ට හොඳ පිළිගැනීමක් තිබුනා.....  ජීවත් වෙලා ඉන්නකොට තරම් නැති උනත් අපායට පිළිගන්නේ පොඩි ආතල් එකක් එහෙම දීලා.... අපාය ව‍ටේ පොඩි සවාරියක් එක්කගෙන ගිහින්... පෙන්නලා... දඬුවම් දෙන තැන්... කටු ඉඹුල.... ‍අර අල්ලලා දෙකට ඉරන කෑල්ල... ලෝදිය හැලිය..... වගේ එක එක දඬුවම් දෙන සෙක්ෂන් වලට එක්ක ගෙන ගිහිල්ලා පොඩි පැහැදිලි කිරීමක් කරනවා.... .ඒ වගේම තමන්ට කැමති දඬුවමක් තෝරගන්නත්... අවස්ථාවක් ලබා දීලා තිබුනා... 

ඔන්න දවසක් අපේ ඇමතිවරයෙක් මිය පරලොව ගියාට පස්සේ ගියා අපායට...‍ අපායේ කට්ටියත් බොහාම සාදරයෙන් ඇමතිතුමා පිළි අරගෙනඑක්කගෙන ගියා අපාය පෙන්නන්න..... මෙහෙම දැන් එක එක සෙක්ෂන් බල බල යන ඇමතිතුමා පිවිසුනා ලොකු වලවල් සමුහයක් තියන තැන්‍නකට... 

ඒ මොකක්ද කියලා ටුවර් ගයිඩ් ගෙන් ඇහැව්වාම 

ඒ ඒක එක රටවල් වල නඩු පෙන්ඩින් තියන කට්ටිය... තීන්දු දෙනකම් වලවල් වලට දාලා තියනවා කියලා... 

මේ හැම වලක්ම මුර කරන්න මුර කාරයෝ දෙන්නෙක් බැගින් දාලා තිබුනා....මෙහෙම දැන් එක එක රටවල් වලවල් පහුකරගෙන යනවා... ඇමරිකාව, ඉන්දියාව, ජපානය වගේ රටවල් පහු කරගෙන ගිය ඇමතිතුමා ආවා ලංකාවේ වලට... ඒ එක්කම මෙතුමා දැක්කා ‍අනෙත් හැම රටක වලකටම මුර කා‍රයෝ හිටියට ලංකාවේ වලේ එහේම මුරකාරයො නැති බව.... 


ඇමතිතුමා බොහොම සංතෝස උනා අපේ ජාතිය කොයි කරම් අවංකද.. කොයිතරම් නිති ගරැකද.. අඩුම ගානේ අපායේ වත් මුර කාරෙයෙක් නැහැ කියලා... හැබැයි වැඩේ කන්ෆර්ම් කරගන්නත් එක්ක ටුවර් ගයිඩ්ගෙන් මෙහෙම ඇහැව්වා...

“ඇයි මේ ශ්‍රී ලංකාවේ වලට මුරකාරයෝ යොදලා නැත්තේ එයාලා ඒ තරමටම අවංක.. නීතිගරැක නිසාද කියලා?“

"බම්බුව... මේක ඉන්න එකෙන් හරි පැනලා යන්න හැදුවොත් ඇතුලේ ඉන්න එකෙක් කකුලෙන් ඇදලා ආයිත් වලට දානවා.. ඒක නිසා අපිට බය වෙන්න දෙයක් නැහැ" 


කියලා උත්තර දුන්නා....

------------------------------------------------------

ඉතින් ඔන්න ඒ උත්තරෙත් අහගෙන ඇමතිතුම ගියා අපාය වටේ..... මෙහෙම ඇවිදගෙන යනකොට අනිතිම හරියෙදී දැක්කා කට්ටියක් වලක කරවටක් බැහැගෙන සිගරට් ‍එහෙම බිගෙන ඉන්නවා... ඇමතිතුමා ඇහැව්වවා 

"මේ මොකක්ද කියලා"....

ආ.. මේකත් දඬුවමක් තමයි... මේ අපායේ අසුචි වල ඒකේ බැහැලා ඉන්න තමයි තියෙන්නේ කියලා...

ඇමතිතුමාට මාර ආතල්.... ෂැක්...දැන් අපායෙත් ආශ්චරියනේ.... හරි එහෙනම් මම මේක තෝරගන්නම්....

ආචාර්ය ඇමතිතුමා.. කණ්නාඩිදෙක නලලට දාගෙන සරම කැහැපට ගාගෙන.... සිගරට් එකකුත් පත්තු කරගෙන වලට අසුචි වලට බැස්සා..... ෂා මේක මරැනේ....

ටික වෙලාවක් යනකොට සිනුවක් නාද උනා...

හිටපු ගාඩ් කෙනෙක් මෙහෙම කිව්වා....

හරි දැන් පලයව් ඇතුලට.....

ඇමතිතුමා ඒ මොකද ?  කියලා ඇහැව්වා...

ආ.. දැන් තව විනාඩි 45 ක් ඔලුව ඔබාගෙන ඉඳලා විනාඩි 15 වේ ඉන්ටර්වල් එකට එළියට වරනේ... 

දැන් යමන් ඇතුලට.. 

ගාඩ් කොල්ලා කෑගැහැව්වා....

Monday, December 5, 2011

විප්ලවවාදියා මරා දැමීම නොහොත් යථාවබෝධය.......



ක්රාස්ග්.... තුප්ප්... තොප්ස්....

සිරිදාස කාරා ගැසු කෙල පාර තමන් ඇස් ඉදිරියේම බිම පතිත උනා..... දනිස් දෙකට බරදීලා වාඩිවෙලා හිටපු සිරිදාස  ඒ දිහා බලාගෙන තමනුත් හරියට මේ කෙල පිඩ වගේ නේද කියලා මෙනෙහි කරමින්... කාලයක් සමාජයත් එක්ක හරිහරියට ගැටිච්ච තමන් අද මුලු සමාජයෙන්මෙ කොන් වෙච්ච පුද්ගලයෙක් වෙලා නේද කියලා හිතෙනකොට ඇති වෙච්ච වේදනාව සුසුමකට පෙරලලා වාතලයට මුදා හැරියා.... කණේ තිබුන ඉතුරැවෙච්ච බීඩි කොටේ පත්තු කරගත්තේ තමන් බිඩිය වගේ ටිකෙන් ටික අලු වෙලා පිච්චිලා යන තමන්ගේ ජිවිතය ගැන මෙනෙහි කරන්න...සිරිදාස අතීතයට ගියා....

හැමදාම මහා විද්‍යාලෙට යන පාරේ හි හම්බුවෙන මුනු... දකින හිනා.... ඇහෙන සුභ පැතුම්....., ඒ විදියට හමුවුන තමන්ගේ මිත්‍රයා මේතරම් තමන්ගේ ජිවිතය වෙනස් කරයි කියන එක කවදාවත්ම හිතෙන්න නැතිව ඇති.... හැමදාම දැකලා.. හිනා වෙලා.... සුභ පතලා ආරම්භ වුන මිත්‍රකම.... කෙළවර උනේ කොතනින්ද..... ඒ මිත්‍රකම සිරිදාස උන්නැහේව හැමදාම පහුකරගෙන ආපු විශ්ව විද්‍යාලේ ඇතුලට ඇදගෙන ගියා.... විවිධ මිත්‍රයෝ මුනගැහුනා... විවිධාකාර.... අමුතු කථා බහ.... විප්ලවය.... පන්ති සටන... අරගලය...මාක්ස්.... වගේ විවධ අපුරැ වචන හරහා ඒ ඔවුන් තරැණ සිරිදාසට ලං උනා...සිරිදාසගේ ජවිතේ විරයෝ වෙන්න මොවුන්ට වැඩි කාලයක් ගියේ නැහැ... සමාජය ගැන වෙනස් විදියට බලන්න... දකින්න සිරිදාස හුරැ උනේ මේ මිත්‍රයන්ගේ සංවාද වලට බොහොම උනනදුවෙන් ඇහුන්කන් දීමෙන් ලබාගත්ත දැනුමෙන්...ටිකෙන් ටික උත්සහ කලා මේ ඇහුන දේ සමාජයේ පවතින තත්වයත් එක්ක ගලපන්න....මොනවද මේ කියන්නේ..... මේ සමාජය තුල තියන මේ කියන අසාධාරණයන් මොනවදා.....පන්ති බේදය මොකක්ද..... 

පාසැල් වයසේ පසුවෙච්ච සිරිදාස අධ්‍යාපනය...ආදරය...පැත්තකට දාලා විප්ලවය ගත්තා....විශ්ව විද්‍යාලේ හිටපු උන්ට වඩා අඩුවයස් කාරයෙක් වෙච්ච සිරිදාස තමන්ගේ තියන උනන්දුව කැපවීම නිසා පාසැල් ගමන අතඇරලා දාලා පුර්ණ විප්ලවාදියෙක් වෙන්න උත්සහ කලා....

නිර්ධණ පන්ති සටනට ජයවේවා !!!.... පලමුව මව්බිම.. දෙවනුව ඉගෙනුම.....!!!!.... පාලකයින් බංඝවේවා..,!!!

මේ විප්ලවය තුල සිරිදාසට පැවරැනේ.... පොස්ටර් අංශයේ වැඩ.... කොල කපන්න..... පසුබිම පාට කරන්න.... පාප්ප හදන්න..... රෑ නිදිමරාගෙන ඒවා වලින් තාප්ප පුරවන්න.... දවල්ට ගිහින් මොකද වෙලා තියෙන්නේ කියලා හොයලා බලන්න.... ඔයා වගේ තාප්පත්.. පාප්පත් එකක් කරන විප්ලවයක් තමයි සිරිදාසගේ මුලික රාජකාරිය උනේ.....ඒත් සිරිදාසට මේවා බොහොම ක්‍රියාන්විත රාජකාරීන් උනා.... පොලිසිය එනවද කියලා බල බල තාප්ප පුරා පෝස්ටර් අලවන්න සිරිදාස බොහොම ආස කලා.... විශ්ව විද්‍යාලේ සිරිදාසගේ පුර්ණ නවාතැන් පොල බවට පත්වුනේ ඔහුටත් නොදැනෙන්මයි.... මේ අතර මහ රෑ මත්වෙච්ච විශ්ව විශ්ව විද්‍යාල පන්ති සගයිනගේ මනදොල පිනවන්නත් සිරිදාසට සිද්ධඋනේ විප්ලවයේ තවත් එක් රාජකාරියක් හැටියට. අප්‍රසන්න බව පැත්තකින් තියලා මේ හැමදෙයක්ම කලේ සිරිදාසගේ හිතේ තිබුන විප්ලවීය ගතියත්... තමන්ට ඇහුන දේ තුල තමන් විසින් හදාගත්ත රාමුවක තමන් කරන සියලු දේ විප්ලවය උදෙසාය කියන තමන්ගේ මුල් බැහැගත්ත විප්ලවීය අදහස නිසා....
මේ විදියට විප්ලවය වෙනුවෙන් කැපවුන සිරිදාසට උසස් වීමක් ලැබුනේ විප්ලවයේ උච්ඡතම අවස්ථාවේදී....

ඒයි සිරා... මෙහෙ වරෙන්... පොඩි වැඩක් තියනවා අද රෑට..... ලෑස්ති වෙලා හිටපන්.....
රෑ වෙනකොට එළියට ආපු පිරිස යන්නේ කොහේ ද කුමක් සදහාද කියලා මෙලෝ සසරක් නොදැන උනත් සිරිදාස උන් පස්සේ වැටුනේ අපායට ගියත් මම උඹලත් එක්ක කියන අධිෂ්ධානයෙන්....මෙහෙම ගිය කණ්ඩායම නතර උනේ පරණ නටඹුන් වෙච්ච වලව්වක් ඉස්සරහා.... 

සිරා ඔහොම ඉඳහන්.. .ආ මේක අතේ තියාගනින්.... 

හැමදාම පාප්ප බාල්දියයි... බුරැසුවයි අතට ලැබුනු සිරිදාසගේ අතට ලැබුනු කොටන තුවක්කුවෙන් සිරිදාසගේ හිත සතුටින් පිරැනා.... කරැවලේම වත්ත ඇතුලෙන් නොපෙනී ගිය අනිත් සගයෝ එනතෙක් ඇස් අයාන බලා හිටපු සිරිදාසගේ ඉවසීම ටික ටික අඩු වෙලා ගියා.... පොලොවට හොරෙන් අනිත් උන් ගිය දිහාට සිරිදාස පය එසෙව්වේ චිත්‍රපටියේ ත්‍රාසජනකම කොටස නරඹන්න බලාගෙන ඉන්න පිච්චර් පිස්සෙක්ගේ කුතුහලයකින්....

බුදු අම්මෝ.... මගේ බුදු තාත්තේ......

හිමින් හිමින් ගිය සිරිදාසගේව එක තැනම නතර උනේ එකවරම ඇහුනු කන් බීරි වෙන කෑගැහිල්ලෙන්....ඒත් එක්කම වට පිට ගෙවල් වල විදුලි ආලොක පත්තු උනෙත්.... කීප දෙනෙක් එළියට දුවගෙන ආවෙත් තප්පර ගානත් ඇතුලත.....හැංගෙන්න තියා හිතන්වත් බැරි වේගෙකින් කීප දෙනෙක් සිරිදාස ඉදිරියේ..... තුවක්කුවක් අතේ තියාගෙන හිටපු සිරිදාසගේ බෙල්ලෙන් අල්ල ගත්ත එකෙක්...

කාළකණ්ණි හු...... පුතා....

මුනට වැදුන පාර සිරිදාසව කරකවලා අත ඇරියා.....

යකෝ තෝ දන්නවද ?... තොපි මේ අමු අමුවේ මරලා දැම්මේ කව්ද කියලා.... මේ ගමේ අහිංසක දරැවන්ගේ ඇස් පාදපු දෙවිකෙනෙක් ව....

හතර අතෙන් වදින පාරවල් එක්ක... ලාවට වගේ සිරිදාසට ඇහුනා.....

සිහිය එනකොට සිරිදාස හිටියේ රෝහලේ.... ඇඳක් කේෂාන්තයේ සිට පාදාන්තය දක්වා දැනෙන එක එක විදියේ වේදනා වලට වඩා සිරිදාසගේ හිත හොඳටෝම රිදුම් දුන්නා... තමන්ගේ සගයෝ ගැන..... කකුල හොල්ලන බැරි උනේ වේදනාව නිසා ද විලංගුව නිසාද කියලා සිරා ට තේරැම් ගන්න හැකියාවක් තිබුනේ නැහැ...
සිරා සනීප උනා... කෙලින්ම ගියේ බන්ධනාගාරෙට..... පාසැලේ උපවිදුහල්පතිතුමාගේ ඝාතනයට ප්‍රධාන සැකකරැවන් සොයාගත නොහැකි උනත් එම ඝාතනය සැලසුම් කිරීම... අනුබලදීම කියන වැරදි යටතේ සිරා ට වසර 10 ක සිර දඬුවම් නියම උනා.. පන්ති සගයෝ හොයාගන්නවත් නැති විදයට අතුරැදහන් වෙලා... ජීවත් වෙලා ඉන්නවද නැද්ද කියලා නොදන්නා තරටමට....

සිරිදාස නිදහස් උනා..... තනිවෙච්ච පුද්ගලයෙක් විදියට..... යන්න එන්න තැනක් නැති විප්ලවකාරයෙක් විදියට.... නොදන්නා විප්ලවය විසින් ගිලගත්ත තවත් අසරණයෙක් විදියට....

සිරිදාස බීඩියේ අන්තිම උගුරත් උරලා.... කාරලා කෙල ගහලා....බැලුවේ... ඈතින් පේන “ඉල් මහ විරැ සමරැ“ පලකය දිහා.....


Saturday, December 3, 2011

"ඔන්ලයින්" ප්‍රේමය.....



හොරෙන් ඇවිත් මුකුළු කරලා නිකං හිටපු මට
කථා නොකර ඉන්නේ මොකද දුකක් නැද්ද තොට

කතා කරල පාරගන්නෙ මොකටද මගේ හිත
කතා නොකර බලා සිටිමි ඒත් ඇති,ය මට

බලං ඉන්න කැමති උනත් හිත දෙන්නෑ මට
ලඟට ගන්නමයි හිතෙන්නේ නුඹ මගේ තුරැලට

ළඟට අරන් ආල වදන් පවසන විට මට
නුඹ හැර මා මතු දවසක යන්නේ කෙලෙස ද

ඒකයි මම යන්න හැදුවේ අතහැර මේ හැම
යන්න දෙන්න නුඹ අතහැර ආයේ නේන්නම

පැනල යන්න එපා ඉතින් මගෙන් ගොඩක් දුර
මේ දෑසට ඔයා නැතිව නැහැ වෙන රසඳුන

මෙතන ඇවිත් හිත හදාන ඉන්නට බැහැ මට
අතිතෙටම දුවන් යනවා අකීකරැයි හිත

බලෙන් අරන් බැඳ තියන්න බැහැ කාගෙත් හිත
යනවා නම් ඉතින් යන්න අතහැර මයෙ සිත

බිඳුනු සිතක් තනිව ඉදපු කාලය මඟ ඇර
නුඹ මැවු ඒ සිහින ලොවත් අමතක නැහැ මට

හිත හදාන බොට පේන්න ඉන්නට හැදුවට
හොරෙන් ඇවිත් "හායි" කියලා අවුස්නව නුඹ

වරද මගෙයි හායි බායි හැවෙලේම මම
පටන් අරන් යන්නෙ මම අවසන් නොකරම
 
මටත් දැනේ නුඹේ හිතේ තියනා තනිකම
කථා නොකර ඉන්නට බැහැ නුඹ වගේම මට

එයින් රිදෙන සුමුදු හිතක් ඇති බැව් දැන දැනැ
නුඹට කුමට මුණගැහුන ද "කාලකන්නි" මම

ජිවිතේ හැටි ඔහොම තමයි ඇතිවුන තනිකම
මරණය සහ ආදරයේ ඇති නොවෙනස්කම

Thursday, December 1, 2011

හේත්තුවයි...සාත්තුවය.... (සුවහසක් ජැක් කරැවන්ට ආදරයෙන් පුදමි...)


ජැක් ගැහීම... බොහොම ජනප්‍රිය වගේම ජනඅප්‍රිය මාතෘතාවක්.... අපේ ජීවිත කාලේ තුල අපි ජැක් ගහලත් තියනවා... අපිට ජැක් වැදිලත් තියනවා... එහෙම නෑ කියනවා නම් ඒක ලෝක බොරැවක්.. සමහර ඒවා අපි දැන්වත්ව... සමහර ඒවා අපි නොදැනුවත්ව..... සමහර විට අහම්බෙන් වෙන දෙයක් පෙළබවීමත් එක්ක ජැක් උනු අවස්ථාත් ඇති.... මේකේ පොඩි ආතල් එකකුත් තියනවා.... සමහර වෙලාට වැස්සේ තෙමීගෙන සිතලේ වේවල වේවුල බස් එකට නැග්ගාම උණුසුමට වදින ජැක් එක හරිම සුන්දරයි වගේම රසයි..... බස්වල කෝච්චි වල ඕන තරම් මේ වගේ සුන්දර ජැක් කථා තියනවා... මම මීට පෙරත් මේ ජැක් පිළිබඳව මගේ කිචිය කුචිය සහ ආතල් කියන පෝස්ට එකේදී කිව්වා... අද මේ වටේ කරකිලා එන්නේ ඒවගේම තවත් අපුරැ ජැක් කථාවක් කියන්න...

මේක සිද්ද උනේ මෙහෙමමයි.....

ඔන්න එක්තරා තරැණ විධායක නිළදාරියෙක්... මොහුගේ කාර්යාල ගමන සිද්ධ උනේ පොදු ප්‍රවාහනේ.. ඒකට මුලිකම හේතුව මෙයා හොඳ ජැකර් කෙනෙක් වීම... බස් එකකට නැග්ග ගමන් බලන්නේ කාටද අද හේත්තු කරන්නේ කියල එක... සාමාන්‍යෙයන් මේ අය ඉඩ තියන බස් වල නගින්නනේ නැහැ... හොඳට හිරවෙන්න පුලුවන් බස් එකක් ඇරෙන්න...

ඔන්න මේ කියන කෙනා දවසක් කාර්යාලෙට යන්න නැග්ගා කොටුවෙන් මොරටුව ෆුල් ලොඩ් බස් එකකට....දැන් වට පිට බලනවා.. කාවද අද අල්ලන්නේ කියලා...දැක්කා බොහොම අපුරැවට ඇදගත්ත ටිකක් මැදි වයසේ කාන්තාවක් ඉන්නවා...දොර කිට්ටුවම තියන සීට් හේත්තුවෙලා මැද තියන පොල්ල අල්ගෙන..... හොඳ පළපුරැද්දක් තියන අපේ මනුස්සයා මුලික අධ්‍යනයෙන්ම දැනගත්තා අද හරි තමයි කියලා.... කිට්ටු උනා ටිකක් සෙනග අතරින් අර කාන්තාව ගාවට..... හිමිහිට කිට්ටු උනා..... දැන් මේ ගොය්යා බස් එක පැද්දෙන විදියට පැද්දෙනවා... ටික ටික කිට්ටු වෙවී..... අර කාන්තාව සැරයක් හැරිලා බාලුවා... මෙයා අහක බලාගෙන.... හැබැයි හැරිලා බැලුවට කාන්තාව ඉන්න තැනින් අඟලක් වත් හෙල්ලුනේ නැහැ... මනුස්සයා ඉවෙන් දැනගත්තා මොකක්ද කියන්නේ කියලා.... තව ටිකක් ලං වුනා..... කාන්වත් හරි බරි ගැහුනා.... දෙන්නාට දෙන්නා තකට තක.... හිරවෙමින් මිරිකෙමින් වැඩේ කරගෙන යනවා.... බස් එකේ අනිත් උන් ගැන වගක් වත් නැතුව...... කාන්තාවත් උපරිම සහයෝගය දෙනවා......

ඔහොම ටික වෙලාවක් ගත උනා..... හදසියේම පියවි සිහියට ආපු මේ විධායක ජනේලෙන් එළිය බැලුවා.... හුටා... තමන් බහින තැන පහුවෙලා හෝල්ට් දෙකක් ගිහින්.... කඩිමුඩියේ බෙල් එක ගහලා.... ආවා දොර කිට්ටුවට.... බහින්න බලාගෙන ඉන්න මෙයාගේ පිටට කව්ද තට්ටු කලා.... හරිලා බලනවත් එක්කම වැදුනා කම්මුල පුපුරන්න.... පාරක් අර කාන්තාවගෙන්..... පස්සේ කාන්තාව මෙහෙම කිව්වා.....

“ඉවර කරන්න බැරි නම්.... පටන් ගන්න එපා“.....

---------------------------------------------

ආතල් එකට පසු සටහනක්.... මෙහි වචනාර්ථය වගේම හරය ගැනත් යමක් හිතන්න කියලා මම ආරාධනා කරනවා.... අපේ ජිවිතේ අපි කොයිතරම් දේවල් අතරමග අතඇරලා තියනවද..... කිසිම සැලැස්මක්.... ඉලක්කයක් නැතිව පටන් ගත්තු දේවල් මග නතර කරලා තියනවද ?.... ඒවායින් අපි කොයිතරම් පාඩු විඳලා තියනව ද ?....දුක් වෙලා තියනවද ?  කියන එකත් කල්පනා කරන්න..... මෙහෙම කියන්න හේතු උනේ මගේ “ඇකේ පුඟිල්ලා“ ලිපිය ගැන බොහෝ දෙනා දැකලා තිබුනේ වචනාර්ථය කියලා හිතුන නිසා... අපි අතර කොයිතරම් ඉන්නවද අනිත් අයට වැරදි විදියට පේන... මහා අප්‍රසන්න... අවිචාර වැඩ කරන... නමුත් තමන් කරන්නේ වැරැද්දක් කියලා තේරැම් නොගන්න උදවිය.... ඔවුන් හිතන්නේ “පුක“ මගේ නම් මම ගහන්නේ මගේ “ඇඟිල්ල“ නම් අනිත් උන්ට මොන බම්බුවද කියලා.... නමුත් ඒ ක්‍රියාව කරන්නේ මුලු මහත් සමාජයක් අපහසුතාවට පත්වෙන... ඔවුන්ගේ ගති පැවතුම් වලට තර්ජනයක් වෙන විදියට නම් මෙවැනි පුද්ගලයින් සමාජයෙන් ඉවත් කිරීම හෝ පුනුරැථාපනය කීරීම සමාජයේ වගකීම බව මතක් කරමි....