Showing posts with label අත්දැකීම් සහ හීන. Show all posts
Showing posts with label අත්දැකීම් සහ හීන. Show all posts

Wednesday, July 2, 2014

අන්තිමවතාව...



සිගරට් බොන්නෙපා ඔය හැටි....
පපුව පිච්චෙයි....
ගිණිගන්න තැනක..
තව මොනවා පිච්චෙන්නද...
බොන්නෙපා ඔය හැටි...
විඳවලා මැරෙන්න වෙයි...
විඳවමින් ජීවත් වෙනවට වැඩිය...
මැරෙන එක සැප නැද්ද...
ඇයි මැරෙන්නම හදන්නේ...
වටිනාකමක් නැති තැන...
ජීවිතයක් තියනවද....
මට ආසයි අන්තිම පාරට මුන බලන්න....
එපා.. එපා...
ඒ ඇයි....
එතකොට මට...
මැරෙන්න හිතෙනෙකක් නැහැ...

Wednesday, July 17, 2013

වැරදි නම්.. මට ගල ගහන්න.....



අනේ යකෝ.....
මට ගහන්න ඕනේ තෝ වගේ එකියකට ආ‍දරේ කලාට......
ලැජ්ජා නැති කම... තොට යන්න ඕන්නම් පල.....
තෝ නැහැයි කියලා මම මැරෙන්නේ නැහැ....
උඹ මට ලොකු නැහැ යකෝ.... ‍
ආදරේ කියලා ‍දුන්නා...
විඳින්න කියලා දුන්නා....
ජීවිතේ දුන්නා....
ඒ හැම දේටම උඹ මට දුන්න දේ තමයි මේ....
ඔව් වෛරය.....
මම උඹට වෛර කරනවා.....
ආදරේ කරපු හිතින්ම ආදරේ කරපු තරමටම...
මම උඹට වෛර කරනවා....
තොට ඔන වෙලාවට එන්නයි.....
තොට ඕන වෙලාවට යන්නයි...
මේක හරි කෙළියක්නේ....
උඹට විතරද රිදෙන්නේ...
එතකොට මගේ හිත...
ඒක ගලක්ද ?
හොඳට හිතේ තියාගනින්....
උඹව නැතිකරන්න හිතෙනවා මට....
කුඩුපට්ටම් කරලා දාන්න ම‍ගේ හිතින්.....
ආයි පස්පාගන්න හිතන්නෙපා....
මේ පැත්ත පලාතේ....
යන එකෙක් එක්කම පල...

Saturday, April 6, 2013

ජීවිතය හැරී බලමි - හයවැනි පැටළුම



මේ ලොකේ අමාරුම කාරනේ ජිවිතේ අකුරු කරන එක....
හිමිවෙච්ච ආදෙර්ට වැඩිය අහිමි උන ආදරේ ජීවිතේට වද දෙනවා...
හිමි වෙච්ච ආදරේ ගේන පීඩනය...
අහිමි ආදරේ අහිමි වීම ගැන දුක් වේදනා වැඩි කරනවා...
සමහර විට ඒක...
“එයා හිටියා නම් මෙහෙම වෙන එකක් නැහැ වගේ හැඟීමක්“
ආදරේ හැමදාමත් ගුප්තයි...
විවිධයි.. විෂමයි....
අපි හැමදාම අතරමං වෙන්නේ නොලැබිච්ච ආදරේ ලැබුන දේත් එක්ක සංසන්දනය කරන්න ගියාම... අවුරුදු දෙකකට වැඩි කාලයක් පුරාවට නොලැබුනු ආදරේ ගැන කථා කරන හැම මොහොතකම ලැබුනු ආදරේ ජීවිතේ අතරමං වෙනවා...
ඒ නිසාමයි මේ ගැන කථා නොකරන්න හිතුවේ...
ඒත් ආරම්භයක් ඇතොත් අවසානයක් දැකිය යුතුමයි....
ඒ නිසාමයි නැවතත් “ජීවිතය හැරී බලමි“ කථාවේ තවත් කොටසක් ලියන්න හිතුවේ.... අපි පටන් ගත්තේ මෙතැනින්.... ජීවිතේ හැරී බලමි 1 , 2, 3, 4, 5
                                                 -----------------------------------
“අනු“ ඈතට ඈතට යනවා දැක්කා.... ඇස් දෙක බොඳකර ගෙන මුන පුරා ගලන වැහි වතුර අතරින්..... ඈතට ඈතට යන්න යන්න බොඳ වෙලා යන “අනූ“ දිහා මම බලාගෙන හිටියා....
“ඒයි වරෙන් යන්න“.... සුදු අක්කාගේ මහත්තයා......
ඒ ආරාධනාව පයිසෙකට මායිම් නොකර වේගෙන් ඇදිලා ආපු බස් එකට අතදැම්මා....
සුපුරුදු නවාතැන.....
ජානක මහත්තයා මොකද මේ ලේ හැමතැනම......
කාණුවක වැටුනා බං....
ගල් කාලයි..බියර් එකයි..... කඩල ඩෙවල් එකයි......
ඇස් දෙක බර වෙන කොට ඇස් කෙවෙනි අතරින් කඳුළු බේරුනේ අද “අනු“ ව දකින අවසාන දවස කියලා හිත පිළිගත්ත හින්දා.....
අනිවාර්යෙන්ම “අනු“ හෙට ඉඳලා වැඩට එන්නේ නැහැ......

මල්ලි යා..... තව ගල් කාලක්.......
මුලු ලොකේම කැරකෙන කොට හිත එක තැනක නතර වෙලා.... “අනූ“...... ජීවිතේ පුරාවට දැනුන ආදරේ..... වින්ඳ ආදරේ....
හැමදාම මතක් වෙන සුවඳ ආදරේ......
                                              ------------------------------------------
මම හැමදාම උදේ බත්තරමුල්ලේ අයිටීඑන් හංදියට වෙලා බලාගෙන හිටියේ එක සැරයක් මුන දැකගන්න.....
ඒත් “අනූ“ කවදාවත් අවේ නැහැ... හැමදාම උදේට වැඩය යන්න කලින් බත්තරමුල්ලේ අයිටීඑන් හංදියට යන එක මගේ දිනචරියාවක් බවට පත්උනා.....
කාලේ ගෙවිලා යනවා....
හැමදාමත් වගේ බලාගෙන හිටියා මගේ “අනූ“ එයි කියලා....
 එත්... ඒත්....
එයා කවදාවත් අවේ නැහැ.....

මිස්ටර් ජානක.. මේ වැඩේ කරන්න බැහැ...
බලන්න මේ මාසේට ඔයා දවස් 23 ක් හාෆ්ඩේ... කොහේමද මෙහෙම වැඩ කරන්නේ......
තමන්ගේ පෞද්ගිලක ජීවිතෙයි රස්සාවයි පටගලන්න එපා ජානක....
රස්සවාට මුල් තැන දෙන්න...
දන්නවා නේ රස්සවා නැති උනොත් ජීවිතයක් නැහැ......

මට මේ උලව්වෙන් වැඩක් නැහැ මාලි මිස්....
මගෙ ජීවිතේ නැතිවෙලා ඉවරයි....
අපි හීන මැව්වේ එකට.... එකම හීනෙක ජීවත්වෙන්න....
සමාවෙන්න මාලි මිස්....
“අනූ“ නැතිව ජීවිතයක් ගැන හිතන්න බැහැ මට....

ජානක... තරුණ කාලේ ආදරේ ඔහොම තමයි ළමයෝ... ලංවෙනවා... ඈත් වෙනවා.... ඒ හැටි.... එහෙම තියලා ජීවිතේ වරද්දගන්න එපා.....
මම මෙච්චරවත් ඔයා ගැන වද වෙන්නේ මමත් තරුණ කාලේ ආදරේ කරලා තියන නිසා... ඔයාගේ වේදනාව මට දැනෙන නිසා.....
ඒත් ජානක රස්සාවයි ජීවිතෙය් පටලගන්න එපා...
මේ ඔයාට දෙන අනිත්ම අවවාදේ......
                                                      --------------------------------------
කාලය කියන්නේ හැම දේටම හොඳම විසඳුම... එත් මගේ ජීවිතේට ඇර...... හැමදාමත් වගේ මම උදේ පාන්දර ජයවඩනගම හන්දියට ගියේ “අනූ“ එයි කියන බලාපොරොත්තුවෙන්.... හැමදාම.. හැම උදේම.....
ඒත් “අනූ“ ආවේ නැහැ.. කවදාවත්......

නැවතිච්ච ජීවිතෙන් ගලා යාමක් හොයන්න තරම් මම මෝඩයෙක් අනේ නැහැ.... ඒ වෙනකොට හදවත හැර අනිත් චලනය වෙන හැම දෙයක්ම නැවතිලා තිබුනේ... අතරමං වෙච්ච හීන අතරේ බොඳු උන බලාපොරොත්තු ජීවිතේ ජීවත කරවයි කියපලා මම හීනෙකින් වත් හිතුවේ නැහැ... බොඳ වෙච්ච හීන කටු අතරේ හිර කරගත්ත ඇස්.. වැහෙන වාරයක් පාසා දැනුනේ මහ කටුක වේදනාවක්... ඒත් ඒ වේදනාවට මම ආදරේ කලා....
ඇඟිලි හිල් කරපු ඉඳිකටු තුඩු වලින් ලිව්වේ අනුගේ ආදරේ අකුරු...
සුදු පාට කොල රතු වෙනකම්ම අනු ගේ ආදරේ අකුරු කලා...

මේ දේ කරන්න බැහැ ජානක...
ඔයාට තීරණයක් ගන්න වෙනවා....
මේ විදයට මට මේක පාලනය කරන්න බැහැ...
එක්කෝ ඔයා හැමදේම අමතක කරලා වැඩ කරන්න ඕනේ...
නැත්තන් අකමැත්තනේ උන්ත ඔයාව අස්කරන්න මට සිද්ධ වෙනවා...
උඹ හිතන්නේ මේ රස්සාවට මම ආදරෙයි කියලාද...
පිස්සෙක් ගෙන් ජීවිතේ හොයන්න හදන්න එපා...
මටග් ජීවිතේට වටිනාකමක් නැති මට...
මේ රස්සාව කොච්චර වටිනවා නියලාද උඹලා හිතන්නේ...
මම දන්නවා...
උඹලට අනුව මම පිස්සෙක්...
මම පිස්සෙක් විදයටම ඉන්නම්....

දෙයියන්ගේ නාමෙට මට ජීවිතේ කියලා දෙන්න හදන්න එපා....

උන්ට රස්සාව තියාගන්න කියලා මම පාරට බැස්සා...

Saturday, November 3, 2012

ඇතුවත් බැරි.. නැතුවත් බැරි.. ගෑණු



මට අවුරුදු ගානතට කලින් අපි සමරැපොත් පාවිච්චි කරන කාලේ මගේ යාළුවෙක් මගේ සමරැ පොතේ ලියපු කවියක් මතක් උනා.... 

“ලෝකය උලා කා මුදෙන් දිප බීපු...
ගැහැණිය උගුලක්ය මහබඹු අටවාපු..“

ඇත්තටම ජීවිතේ වෙන.. වෙච්ච බොහෝ දේවල් දකින කොට තාමත් හිතෙන්නේ මේ කථාව පරම සත්‍යක් කියලා... මේ ලියන කිසිම දෙයන් සමික්ෂණයක් හෝ අන්තර්ජාතික ප්‍රමිතියකට කරමු සංඝණනයක දත්ත නෙමෙයි.. ඒක නිසා කිසි කෙනෙක් තර්ක කරන්න එපා මේ දේවල් ගැන නිශ්චිත නිගමනටන්ට ආවේ කොහොම ද කියන එක... ඒත් මේ මට හිතෙන හැටි....

අපි ලෝකෙට ඉපදුනේ ගැහැණියෙක් නිසා... හැබැයි අමතක කරන්න එපා ඒ ඉපදීමේ එක් කොටසක පිරිමියෙක් ඉන්නාව කියන එක.... අම්මා මම ඉපදෙන මොහොතේ වින්ඳ වේදනාව කිසිම දේකට සම කරන්න බැහැ වගේම මුලු ජීවිතේ කාලේ පුරාම මාව හදන්න වඩන්න උගන්නන්න මගේ තාත්තත් ඒ වගේම දුක් වින්ඳා.... 

නමුත් අම්මා ව දැක්ක පුතෙක් වගේම තාත්තට තේරුම් ගන්න බැරි උන අම්මාවත් මම දැක්කා... සමහර විට අද මේ මම දකින දේ එදා තාත්ත දැක්ක දේ වෙන්න පුලුවන්.... ජීවිතේ කාලයක් ලඟ හිටිය නංගිව තේරුම් ගන්න බැරි විම තුල.... අවුරුදු ගානක් එකට ඉන්න බිරිඳව තේරුම් ගන්න බැරි වීම තුල, ලොකේ කොයි තරම් දියුණ තාක්ෂණයයක් තිබුනත් තාමත් ගැහැණිය තේරුම් ගන්න පුලුවන් ක්‍රමයක් බිහිවෙලා නැද්දෝ කියලා හිත කියනවා...

ඒ තරමටම ගෑණු සංකීර්ණයි... 

ඉහේ තියන කෙස් ගානට ගෑණු ආශ්‍රය කරලා තිබුනත් කවදාවත් උන් බලාපොරොත්තු වෙන දේ, හිතන දේ තේරුම් ගන්න ලැබෙන්නේ නැහැ....කරැමෙට වගේ මම හැමදාම කරගැහැව්වේ ප්‍රශ්ණ... පලවෙනි ප්‍රථම ප්‍රේමය... පාසැල් කාලේ දී... කෙල්ලගේ තාත්තා දාලා ගිහින්.. අම්මා විතරයි... අම්මාගේ හිතවතෙක් ගෙදර යනවා එනවා...  පැහෙන්න කලින් ඉදිච්ච මේ කෙල්ලගේ තිබ්බේ මහ මෝරපු අදහස්.. අද කල්පනා කරනකොට ඒ කාලේ සිද්ධ දේ ගැන මටම ලැජ්ජයි.... මගේ හිතේ තිබ්බ දම්මි සුගත් ප්‍රේමයෙන් එහා ගිය ප්‍රේමයක් හොයාගෙන එයා ගියා.... හැබැයි අදටත් හිතලා විඳින්න පුලුවන් එක මතකයක් තියනවා... මේ දැරිවිගේ උපන් දිනේ දවසේ.. එදා දහම්පාසැල් ශාසනාරක්ෂක මණ්ඩල තරඟ... මට තාමත් මතකයි එදා දවසේ වියදමට අම්මා මගේ අතේ තියපු රුපියල් විස්සෙන් දාහතයි පනහක් වියදම් කරලා පුංචි මුද්දක් ගත්තා... තට්ටු තුනේ බුදු මැදුරේ උඩම තට්ටුවේ ගල් බැම්මට හේත්තු වෙලා සුභ උපන් දිනයක් කියලා මුද්ද ගල් බැම්ම උඩින් තිබ්බේ අතින් අල්ලලා මුද්ද දාන්න තියන ලැජ්ජාවටම එහෙමත් නැත්නම් නපුන්මක කමටද කියලා තාමත් හිතා ගන්න බැරි උනත් කෙල්ල හිතුවේ වෙන විදියකට... වැඩි කාලයක් නොහිට කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ගියා....

ඊට පස්සේ තනියට හිටියේ කෙල්ලගේ යාළුවා.... පණිවිඩ එහාට මෙහාට අරගෙන ගිහින්ම කෙල්ලට මගේ ගැන ආදරයක් ඇති වෙලා කියලා මුලින්ම කියන්න තරම් කෙල්ල එඩිතර උනා... නිකං හම්බෙන ආදරේ අහක දාන්නේ මොකටද.. මමත් ඔන්නොහේ කැමති උනා... හැබැයි කෙල්ලත් ප්‍රශ්ණ පත්තරයක්... තාත්තා නැතිවෙලා... අම්මා වෙන මගුලක පැටලිලා... හැබැයි බොහොම විවෘත කෙල්ල... කියන්න තියන දේ මුණට කියන ජාතියේ කෙල්ලෙක්.... කොහොමෙන් කොහොමන් හරි අවුරුදු දෙක තුනක් අදගෙන ගියත් හිරියට අහසයි පොළවයි වගේ... මම ප්‍රංශ කථා කරන කොට කෙල්ල කථා කරන්නේ ජර්මන්... ජපන් කථා කරනකොට කෙල්ල කථා කරන්නේ උර්දු... මෙලේ මගුලක් තෙරේන්නේ නැහැ.... ඒ කෙල්ලත් වැඩි කාලයක් හිටියේ නැතිවම නොකියමා සමුගත්තා...

ඔන්න ඔහොම පටන් ගත්ත මගේ ආදර කථා වස්තුව අවසානේ කසාදෙන් කෙලවර වෙයි කියලා හිතුවත් එතනිනැ නැවතුනෙත් නැහැ... මොන කරුමෙකට හෝ වාසනාවකට ඇති හැඩක් වැඩක් නැති මට කෙල්ලන්ගෙන් නම් ගැලවිල්ලක් තිබ්බේ නැහැ... හැබැයි හමුබඋන හැම කෙල්ලගෙම පොදු සාධකයක් තිබුනා... ඒ තාත්තා එක්කෝ මිය ගිහින්... එහෙමත් නැත්නම් දාලා ගිහින්.... ඒක හොඳට වගේම නොහොඳටත් බලපාපු සාධකයක් උනා....

කොහොම නමුත් මම කියගෙන ආපු කථාව දිගටම කිව්වොත් හිතෙන්නේ මම ජීවිතේ ලබපු අත්දැකීම් එක්ක මම හිතන්නේ ගෑණු කියන්නේ මහ සංකීර්ණ නොතේරෙන චරිත විදයට... මේක පොදු මතය නොවෙන්න පුලුවන් නමුත් මේ මට හිතෙන හැටි... කවදාවත් දෙය්ක ගැන කෙලින් කථා කරන්නේ නැහැ... පැහැදිලිව කියන්නේ නැහැ... සමහර දේවල් ගැන අහන කොට දැනෙන්නේ.. “මට ඒක ඕනේ... හැබැයි එපා“ කියන හැඟිමක්.. කොච්චර ආදරෙන් බැඳිලා හිටියත් හිතේ තියන දේ තේරුම් ගන්න පුලුවන් තරම් ශත්කියන අපි කාටවත් නැහැ... හැබැයි අපි සමහර වෙලාවට කාලයක් අශ්‍රය කරන කොට යම් යම් දේ තෙරුම් ගන්න පුලුවන් උනත් හැමදේම තේරුම් ගන්න හැකියාවක් නැහැ.... උදාහරණයක් විදියට කැමති පාට කැමති කෑම අඳින්න කැමති ඇඳුම් වගේ දේවල් තේරුම් ගන්න පුලුවන් උනට කෙලින් නොකිව්වෙත් සමහර දේවල් ගැන තේරුම් ගන්න අවුරුදු ගානක් ගියත් බැහැ.... උදාහරණයක් විදියට.....? අනේ මන්දා ඒවා උදාහරණ කියලා පැහැදිලි කරන්න තරම් වත් තේරුම් ගන්න බැහැ... නමුත් සමහර දේවල් වලදී නොකියන බොහෝ දේ හිතේ තියාගෙන ඉන්නවා..... 

ඇයි ගෑණු සංකීර්ණයි කියලා හිතෙන්නේ කියලා ලියන්න ගත්තට ලියන්නේ කොහොමද කියලා නොහිතෙන තරමටම සංකීර්ණයි...... හැබැයි ඒ සංකීර්ණතාවය ගැන බොහෝ පිරිමි දන්නවා.... මුල කාලේ ඒ ගැන ලොකුවට හිතුවට පසුකාලීනව ඔවුන් විවිධ ක්‍රම හොයාගනන්නවා ඒ සංකීර්ණ බව නැති කරගන්න....

එකක් තමයි නෑසු කන්ව විසීම....මගේ බිරිඳ ඇතුලු බොහෝ කාන්තා පාර්ශවය කියවන්න ගත්තාම කෙලවරක් නැහැ..... කියනවනවා කියනවා ඉවරයක් නැහැ.... ඔය කියවිල්ල අපි කියන ආදරේ කරන කලේ බොහොම සුන්දර උනාට කසාද බැඳලා ආදරේ කරන කාලෙදී නම් මහා වදයක් කියලා හිතෙනවා.... සමහර වෙලාවට අහගෙන ඉන්නවා වගේ ඉන්නවා....අන්තිමේ දෙන්න තියෙන්නේ එකම උත්තරයයි... ඒ “හා“ කියන එක විතරයි.... අර කියවපු ඔක්කොටම අවසානේ තියන එකම උත්තරේ “හා“.....

අනෙක් සිද්ධාන්තේ තමයි නිහඬව සිටීම.... මොන චෝදනාව ගෙනවත්... මොන ප්‍රශ්නේ කථා කලත් නිහඬව ඉන්නතාක් ගැහැණියක් එක්ක සතුටින් ඉන්න පුලුවන්... හැබැයි යමකට එරෙහි උනොත් ඒ මොහොතේ අඩලා දොඩලා ඇයි නිහඬ වෙන්න පුලුවන්... හැබැයි ජීවිතේ යම් දවසක ඒකට වන්දි ගෙවන්න වෙනවා.. එදාට ඒ සිද්ධිය මතක් කරලා දීලා තමයි ගෑණු කථා කරන්නේ.... ඒ නිසා හැකි තාක් දුරට නිහඬ වීම ගැහැණියක් තේරුම් ගැනීමේ එක් කාරණයක්....

අනෙක් කාරනේ තමයි නොදැක්කා වගේ ඉන්න එක....දකින සමහර දේවල් පෙන්නන් ගියෝත් කවදාවත් ගැහැණියක් සතුටු කරන්න ලැබෙන්නේ නැහැ... සමහර වෙලාවට අපි දකින දේ කෙලින් නොකියා ඇයි බලාපොරොත්තු වෙන උත්තර දෙන එක ඇඟට ගුණයි... සමහර වෙලාවට ගෑණු මෙලෝ රහක් නැති ඇඳුමක් එක්කෝ මේක්අප් එකක් දාගෙන ඇවිත් අහනවා මේක කොහොමද කියලා... හැබැයි වැරදිලාවත්. ඒ ගැන දැනෙන ඇතත් කිව්වොත් මුලු ජීවිත කාලේම ඒ ගැන මතක තියාගෙන ඉන්නවා... ඒ නිසා නොදැක්ක ගානට ඉන්න එකත් එක්තරා උපක්‍රමයක්....

තව එක එක ක්‍රමවේදයන් තියනවා.. ඒවා ඔක්කොම මෙතන කිව්වොත් මේවා බලන ගෑණු උදවියගේ පිරිමි උදවිය ගෙන ගැලවිල්ලක් ලැබෙන එකක් නැහැ ඔක්කොම රහස් එළි කලා කියලා....

හැබැයි මේ ලිව්වේ මට දැනෙන විදිය.. වෙනස් විදියට දැනෙන අයත් ඇති.... මොකද අපි කන්නේ එකම හැළියේ නෙමෙයි නේ....

කොච්චර සංකීර්ණද කියනවානම් ලියලා ඉවරවෙලා බලන කොට පොස්ට් එක පවා මහ අච්චාරු විදියටයි මටත් පේන්නේ... ඒත් ඒ ඇත්තම විදිය නිසා වෙනස් නොකර මෙහෙම්ම තියන්න හිතුවා....

අන්තිමේ කථාවක් කියන්නම්....

“ගෑණු කවදාවත් තමන්ගේ ජීවීතේට වෙන දෙයක් අමතක කරන්නේ නැහැ... කොච්චර ආදරේ කලත්... කොයිතරම් දේ කලත්.. ජීවිතේ එකමෙක දවසක් හරි ගෑණියෙක් රිද්දුවොත්... කවදා හරි දවසක ඒකට විඳවනන් වෙනවා.... මුලු ජීවිත කාලෙම ආදරේ කරත්... වරදිලාවත් ඇල්පෙනෙත්ති තුඩකින් ඇන්නොත්.... කවදා හරි ඇණයක් ඔබට වදිනවා.....“

~ සංවාදයට ඉඩ ~

Sunday, October 14, 2012

කෙල්ලයි, ගලයි, බෝක්කුවයි.....



නිදාගන්න හදලත් ආයේ ලියලම නිදාගන්නවා කියලා හිතලා ටිකක් “වලත්ත“ උනත් හිතට දැනිච්ච දෙයක් කියන්න කියලා හිතුනා... අද වගේ නෙමෙයි අපේ කාලේ “ගලක්“ , “බෝක්කුවක්“ කියන්නේ ටිකක් අමාරැවෙන් බලාගන්න, දකින්න වෙන දෙයක්... සාමාන්‍යෙයෙන් දණිස්සෙන් අඟල් කීපයක් උඩට ඇඳපු කකුලක් දකිනවට වැඩයි මාර ආතල් විළුඹ ලඟට ඇඳපු එකක දනිස්සට පහලින් පේන එක.. හැංගිච්ච දේ අගේ වැඩියි කියනවනේ....අපේ කාලේ නම් එහෙමයි....දැන් නම් ඉතිං ඕකේ මහ ගානක් නැහැ.... මොකද වැඩි හරියක් යන්නේ තොංගලේ මුල්ලට කිට්ටුවට වෙන්න ඇරලා නිසා.... හැබැයි ඔය වැහිල්ලේ රහ දන්න එකා හැමදාම කැමති යන්තමට පේන එකට...වහලා තියන දෙයක් හොරෙන් බැලුවට... ඇරලා තියන දේවල් බලන්න ඒ තරම් උනන්දුවක් නැහැ.... වටේ යනවා වැඩියි වගේ... කියන්න ආපු කථාව කියලා ඉවර කරමු...

අපේ දහම් පාසැලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය.... ළමයි හැමෝම ගජරාමෙට වැඩ... කොටසක් සැරසිළි කරන්න සැලසුම් කරනවා.. තව කොටසක් වේදිකාව හදන්න... තව කොටසක් අමුත්තෝ පිළිගන්න... තවත් කොටමක් තෑගි සුදානම් කරන්න වගේ විවිධ වැඩ... ඒ අතරේ තව කොටසක් විවිධ ප්‍රසංගයට සුදානම් වෙනවා... අපේ පන්තියෙත් කීප දෙනෙක් මේ වැඩේට සම්බන්ධ වෙලා හිටපු නිසා මමත් දහම් පාසැල් වෙලාවෙන් පස්සේ නැවතුනා... පන්තියේ ගැණුළමයි කීපදෙනෙක් නැටුමක් පුරුදු වෙනවා.... පිළිගැනීමේ නැටුම.... 
තෙයියත්.... තෙයියත්... තෙයියත්... තා.... 

මේ අතරේ අපි කීපදෙනෙක් පන්සලේ දංගෙට ගියේ හාමුදුරුවන්ගේ දානේ ඉතුරු බුතුරු වලට වගකියන්න... අපි දෙතුන් දෙනා පොඩි පුටු දෙක තුනක වාඩි වෙලා දවල් දානේ ඉතුරුවට වගකියන කොට අපේ එකෙක් දංගෙයි ලෑල්ලකට ඇහැ තියාගෙන ඉන්නවා....

මොනවද බං බලන්නේ.... කන්නේ නැද්ද...

කෑනොහා හිටු....

කෝ මටත් දීපන්කෝ බලන්න....

කෝ දියන්කෝ බං... අයින් වෙයන් යකෝ...

අමාරුවෙන් මමත් ඇහැ තියා ගත්තා...

හුටා... නැටුම් කණ්ඩායමේ කෙල්ලක් දණ නවාගෙන තෙයියත් තා... කියනවා...

නැවිච්ච දණ අස්සෙන් බෝකුක්ව පේනවා...

දැන් අපි දෙතුන් දෙනා පොර කකා ලෑලි හිලෙන් මේක බලනවා....

දැන් ඇති බන් දැන් මම....

තප්පර කීපයකින් අනිත් එකා අදිනවා....

කෝ දියන්කෝ....

මොන ...... බං ටිකක් හිටහන්කෝ.....

ඉන්න දියන් කෝ... මට මේකට අයින්න හිතෙනවා බං....

බෙල්ල අතෑරපන්කෝ.....

හිටං යකෝ.....

අතෑරපන් .......තෝ බෙල්ල...... මට මේක බලන්න දීලා......

මම ඇහැ අහකට ගත්තා...

කහ පාට සිවුර පොරවපු අතක් මගේ බෙල්ල අල්ලගෙන හිටියා.....

--------------------------------------------

මේක තවත් බෝක්කු කථාවක්.....

අපොස උසස් පෙළ කියන්නේ අපේ කාගෙත් ජීවීතේ හොඳම කාලේ නේ... මගේ ජීවිතෙත් එහෙමයි.... ඉස්කෝලේ යනට වැඩිය උනන්දුවෙන් යන්නේ පන්තියට.... ලෑලි බංකු පේලියේ වාඩි වෙලා, ඉස්සරහා ඉන්න කෙල්ලගේ කකුල් පාගන්න.. කෙල්ලන්ව බයිට් කරන්න..... වගේ දහසක් වැඩ එක්ක වෙලාවක් තිබුනොත් ඉගෙන ගන්නනනේ ඔය පන්ති වලට යන්නේ... කොහොම හරි ඔය පන්ති යන කාලේ වෙච්ච සිද්ධියක් තමයි මේකත්... අපේ ලන්තියේ හිටියා ටිකක් “මොඩ්“ කෑල්ලක්... මේකිට කිව්වේ “අඟර“ කියලා.... අපේ ගෙවල් පැත්තෙමයි හිටියේ..... සාමාන්‍යෙයන් මෙයා අපි යන බස් එකේ නොගියත් දවසක් දවසක් මේ “අඟර“  අහම්බෙන් අපි යන බස් එකට නැග්ගා..... අපි කීප දෙනා ඉස්සරහාම සීට් එක බදු අරගෙන හිටියා.. මේකි වාඩි උනේ අනිතම පේලියේ මැද සීට් එකේ..... දැන් බස් එක හැටට හැටේ යනවා... අපි කට්ටිය එක එක විකාර කර කර යන අතර තුර මටග් ඇහැ ගියා “අඟර“ ගේ කකුල් දෙක අතරට.. මේකිට නොදැනිම කකුල් දෙක ඈත් වෙලා... මැද්දෙන් එළියේ....

මචං අරක බලපන්...

අඩෝ ..... රි  ගල නේද.....?

දැන් එක එක හොරෙන් හොරෙන් බලනවා...

ඒකි තව එකියක් එක්ක ලොකු කථාවක්....

බස් එක යන වේගෙට වලවල් වල වැටෙන වැටෙන සැරේට කකුල් තව තව ඈත් වෙනවා..... ලං වෙනවා....

තව තව වලවල් වල වැටියන්....

හිත කියනවා....

ඔහොම අපි අවසන් නැවතුම කිට්ටුවට ආවා....

අපේ එකෙක් අවසාන නැවතුමට එක හෝල්ට් එක්ක කලින් බහිනවා....

මු බහින්න ගියා පස්සේ දොරට.....

අන්තිම පඩියෙදී මු කියපි....

ඒයි රංජිනි අන්න අරන් ඔයාගේ “බෝක්කුව“ බලනවා.....

Monday, October 1, 2012

දිවිය ලෝකේ ගිය මගේ පුතාට.. තාත්තගෙන් පණිවිඩයක්...


මගේ පුතේ..
මට සමාවෙයන්...
උඹ ගැන මතක් වෙන මතක් වෙන..
හැම මොහොතකම..
බඩ පපුව දාලා යනවා...
මට තාමත් මතකයි..
උඹ බඩට ආවා කියලා..
දැන ගත්ත මොහොත....
මට...
“රාහුලෝ ජාතෝ..
බන්ධනං ජාතං“..
කියලා නොහිතුනත්..
මගේ පපුව මොහොතකට නතර උනා...
බලාපොරොත්තු නොවෙච්ච මොහොතක..
උඹ ආපු එක ගැන...
අම්මා කොයි තරම් කිව්වත්...
උඹලාගේ ආච්චි අම්මා කැමති උනේ නැහැ...
රස්සාවක් නැති..
හරියට ඉන්න හිටින්න තැනක් නැති..
උඹගේ තාත්තට...
තාත්තෙක් වෙන්න ඉඩ දෙන්න...
අම්මා අඩන කොට...
ඇස් දෙකේ මතුවෙන කඳුළු ගල් කරගෙන...
චුට්ටන් බඩ එක්ක...
කළු විදුරු දාපු කාමරේට ගියේ..
හිතේ කැමැත්තෙන් නෙමෙයි...
මිනිමරු දොස්තරයා...
උඹව එළියට ගත්තේ...
මී පැටියෙක් මරනවටත් වඩා..
පොඩි කරලා...
අනේ මගේ රත්තරන් පුතේ...
උඹ රාහුල උනා නම්...
නැහැ මේ වගේ දුකක් වෙන්නේ....
උඹ සිදුහත් උනත්...
මම දන්නවා උඹ පස් මහ බැළුම් බලන්න..
තරම් මෝරලා නැති බව....
අම්මා ඇඳේ දිගාවෙලා ඉන්නකොට..
දොස්තරටගේ මේසේ යට...
හතරැස් භාජනේ වැතිරිලා හිටපු....
උඹව දැක්කම...
අනේ මගේ පුතේ...
මම කොයි තරම් පවුකාරයෙක්...?
මම කොයි තරම් අවාසනාවන්තයෙක්ද..?
මම කොයි තරම් අසරනයෙක්ද..?
කියලා මට හිතුනා මගේ පුතේ...
දිවිය ලෝකේ ඉන්න උඹට..
මේ පණිවිඩේ ලැබෙන එකක් නැහැ...
උඹට පුලුවන් කමක් තිබුනොත්...
මාව අපායෙන් ගලවපන්...
මගේ පුතේ...

Sunday, September 2, 2012

ඇරඹුමම කඳුලක් වෙලා.......


විවාහයක් කියන්නේ කෙනෙකුගේ ජීවිතේ දෙවන ඉපදීම.... ජීවිත කලේ පුරාම් අම්මා තාත්තා එක්ක ගෙවපු කාලේ වෙනස් වෙලා ජීවිතේ මගදී හඳුනගත්ත කෙනෙක් එක්ක ඉතිරි කාලේ ගෙවන්න සුදානම් වෙන හැමෝම මුලින්ම මුහුන දෙන ගැටළුක් තමයි, විවාහ වෙනකම් තමන් ගෙවපු ජීවිතෙන් මිදීමේ අපහසුතාව.. එහෙමත් නැත්නම් සමහර බැඳීම් අතහැරීම....

මේකෙදී අපට මුලිකව හමුවෙන බැඳීම් කිපයක් තියනවා... එකක් තමයි දෙමපිය බැඳීම... ඉපදුන දවසේ ඉඳලා හැදුනු වැඩුනු අම්මා තාත්තගේ රැකවරණය සෙනෙහස අහිමිවිම....
අනෙක තමයි සහෝදර සහෝරියන්ගෙන් ආදරයි....
අනෙක නෑදෑයින්ගෙන්....
විශේෂිතම කොටස තමයි යාළු මිත්‍රාදීන්ගෙන් වෙන්වීම....
ඔය දේ කොහොම උනත් අපේ තියන යම් යම් ආර්ථික අපහසුතා නිසා අපිට යම් සීමාවක් තුල ජීවත් වෙන්න සිද්ධවෙනවා.... සමහර විට පෙම්වතුන් අවධියේ මැව්ව හීන විවාහයෙන් පස්සේ බොඳවෙලා යන්නේ සැබෑ ජීවිතේම මුන දෙන යතාර්ථය නිසා..... අපි කොයි තරම් හීන මවාගෙන හිටියත් අපේ හීන වලින් කීයෙන් කියද හැබෑ වෙන්නේ... හීන වලට ලංවෙන්න දුරු වැඩි වෙනකොට... කාලෙත් එක්ක වයසට යනකොට හීන ඇතෑරලා හැබෑ ජීවිතේට ලංවෙන්න අපිට හිතෙනවා... ඒ විදියට විවාහ වුනු යුවලකගේ ජීවිතේ යථාර්ථය දැක්කේ මේ විදියට.......

ආවේ වැඩ ඇරී හොඳටම පමා වෙලා...
මැ එනතුරු බලා සිටියා ඇය මගට වෙලා....
එනවිට අපි දෙදෙන ඇතුලුට තුරුළු වෙලා...
අම්මා හිටියේ ඇස් කොනකින් බැළුම් හෙලා....

කසාද බැන්ඳේ මුල කාලේ තරුණවියේ....
අම්මයි තාත්තයි මා ලඟමයි සිටියේ....
අම්මා මාවෙතම අවධානෙන් සිටියේ...
දෙන්නා මැද ඈ නිතරම එන සැටියේ....

ඉඳිනෙමි බලාගෙන සැම නිදයන තුරැම....
නිකමට නැහැ ඉඩක් ඉන්නට තිනිතනිව...
සාලේ රෑපවාහිනියේ හඬ අඩුව...
තිබුනත් බලන්නට බැහැ කිසිවක් හිත දැඩිව....

ලේට් නයිට් චිත්තර පටි බලන කල...
අම්මා ඇවිත් කැරකෙයි නිරතුරු අසල....
නොනිදා ඉන්නේ, නිවාඩු දැයි අසන කල.....
උත්තර දෙන්න නැහැ කට නැත දොඩමළුව....

අවේ පමා වී ඇති වැඩ නිමකරලා....
ඇඟපත සොදලා සරමක් ගෙන ඇඳලා...
දාගෙන පොඩි එකක් මම සැන් පව්ඩර් ගාලා....
එන විට ඉඳී මා එනතුරු ඇඳට වෙලා.....

තුරුළුව එකිනෙකා ඇගටම එකට ඇලී....
සිටිනා කලට ගත සිත තව යයි ඉපිලී....
දානා කලට මම එක එක වැඩ කෑලී....
කට තදකරන් හිටියත් ගෑවෙයි කෙඳිරී....

මට බැහැ තවත් නම් ඉන්නට මෙය ඉවසා....
අදට මේ ඇතිය ඇය කිව්වා පවසා.....
මෙය නම් නවත්වනු බැහැ තව ඉවසනු කෙලෙසා....
අම්මා ඇහැරිලා  ඉන්නට ඇයිබැරි ඉවසා....

දාගෙන කකුල ඇඟ වෙත ඇය ගේ මත්තේ....
පෙරළුනි හිරකරන් පපුවට ඇය මත්තේ....
තෙරපෙන කරට ගත සිත අවදිව ඇත්තේ....
ඉවසා දරාගෙන ඉනු බැහැ මේ තත්තේ....

මගේ ස්පර්ශයට ඇය ටික ටික මත්වෙන්නේ....
කෙඳිරිය ඇගේ දැන් ටික ටික වැඩි වෙන්නේ....
කට තද කරන් හිටියත් නැහැ අඩු වෙන්නේ....
“ලොකු පුතා“ මොකද... ඇයි ඔය කෙඳිරිගාන්නේ....

කිව්වම අහලා මේ දේ අපි නවතමුද....
අම්මලාට ඇහෙනවා ලැජ්ජා නැද්ද.....
කියනා සිංහලේ තේරෙන්නේ නැද්ද....
අරගෙන වෙන ගෙයක් යන්න බැරි ඇයිද....

ගන්නට ගෙයක් පුලුවන් නම් මට හෙටම....
නොගෙන ඉඳියි කියලා ඔබ හිතවද....
නිදහස අපට කොයි තරමට වටිනවද....
පුලුවන් කමක් තිබුනා නම් නොකරයිද....

මහා රෑ ජාමේ ඇහැරුනු එලාම් තියලා....
ඇයි මේ වදේ නිදිනැද්දයි ඇය ඇසුවා....
අවදිවු හැඟුම් තවමත් සැනසුනේ නැතුවා....
නවතමු තැනින් අරඹමු දැයි මම ඇසුවා...

නිදිගැට කඩා හැර මා හට තුරුළු වෙලා...
ඇය මා මත් කලා පපුවට තුරුළු වෙලා....
පමා නොවී යන්නට පෙම ඉහ වහලා....
අල්ලා හිර කලා යන්නට බැමි බිඳලා....

කරස් කරස් සද්දෙන් ඇඳ හෙලවෙනවා....
ඔංචිලි වාරම වගේ එය දැන් පැද්දෙනවා....
නවතනු හිතක් නැහැ තව ඉක්මන් වෙනවා....
හොලවන පාරකට දෙවරක් හෙලවෙනවා....

ආසාව ද සතුට එක ලෙස දෝර ගලා....
බැඳි බැමි ලිහිල් කොට මැද්දෙන් ගමන් කලා....
අවසන් මොහොත ලං වෙනකොට අකුල් හෙලා....
“දඩාස්“ අපිටම හොරෙන් එක කකුලක් බුරුල් වෙලා....

දෙදෙනා කඩා වැටුනා මහා සද්දෙන් බිමට.....
ඇඳ පළු මෙට්ටේ හරහට කැඩිලා දෙකට.....
මොනවද ළමයිනේ මහ රෑ මහ හඬට....
අම්මා අසන විට උත්තර නැහැ අපට....


කසාදයක් බඳිනවා නම් අනිවාර්යෙන්ම අඩු ම තරමින් ජීවිතේ මුල කාලේ වෙනම ගෙවන්න පුලුවන් නම් විතරක් කසාද බඳින්න.... එහෙම නැත්නම අඩුම ගානේ කුලියට ගෙයක් අරගෙන වෙනම ජීවත් වෙන්න... එහෙම නොවුනොත් “ඇරඹුමක කඳුකල් වෙලා“ වගේ ජීවිතේ පටන්ගන්න කොටම ජීවිතේ අවුල් වෙයි..... විවාහ “ජීවිතේ දකින්න... විඳවන්න නොව... විඳගන්න....“

Saturday, June 16, 2012

මගේ තාත්තා..... අපේ තාත්තා... ද....?



මට තාත්තා ගැන තියෙන්නේ ඒ තරම් සුන්දර මතකයක් නෙමෙයි... මතක ඇති කාලේ ඉඳලා අම්මා තමයි මගේ ලඟ හිටියේ.... තාත්තා දකින්න වෙන්නේ බොහොම කලාතුරකින්.... අහලා තියන විදියට තාත්තා උදේම වැඩට යනවා... හුඟක් රෑ වෙලා ගෙදර එනවා...... නිවාඩු දවසටත් මම කොයිතරම් ආස උනත් තාත්තගේ තුරුලේ දැවටෙන්න ලැබුනේ නැහැ.... කුඩා කාලේ ඉඳලා අපි මුන දුන්න විවිධ පවුල අශ්‍රිත ගැටළු ඒකට බලපෑවා.... තාත්තා නිවාඩු පොඩි අඩියක් ගහනවා... ඒවෙලාව බලලා තාත්තගේ අම්මා තාත්තව ලඟින් වාඩි කරගෙන මොන මොනවදෝ කියයනවා...ඊට පස්සේ තාත්තා වේගෙන් බෝතලේ හිස් කරනවා..... ඊට පස්සේ තාත්ගේ ඇස් දෙක ගිණි බෝල දෙකක් වගේ..... තාත්තාගේ උකුලේ හුරතල් වෙන්න බලාගෙන හිටිය මට තාත්තා ලඟට ලංවෙන්නවත් බැරි වෙනවා.....තාත්තා කුමක් හෝ දෙයක් වරදිනකන් බලාගෙන ඉන්නවා.... සමහර විට පයිප්පේ ඇරලා තිබ්බ එකට... එහෙමත් නැත්නම් නංගිට කිරි දෙන්න ගිහින් බත රොස් වෙච්ච එකට... ඔය වගේ කුමක් හෝ දෙයක් අල්ලගෙන තාත්තා අම්මා එක්ක රණ්ඩු වෙනවා.... තාත්තාගේ අම්මා තමයි වැඩේට වැඩ්ට ඕන කරන පොර ටික වතුර ටික දානවා... මොකක් හරි දෙයක් නිසා නිස්කාරනේ අම්මට බනිනවා..... අම්මත් දෙවැනි වෙන්න සුදානම් නැහැ..... අම්මත් අම්මාගේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නවා.... කථාව දුර දිග යනවා.... මම මුකුත් නොතේරෙන නංගිව උකුලේ තියාගෙන බලාගෙන ඉන්නවා..... නංගිගේ ඇඬිල්ල නතර කරන්න මගේ ඇඬුම හිරකරගෙන......අවසානය වෙන්නේ අම්මාගෙයි තාත්තාගෙයි වාග් ප්‍රහාරය, ගුටි බැට හුවමාරුවක් දක්වා දිග්ගැස්සෙනවා.... මට මතකයි මම තාත්තාගේ ඇඟේ එල්ලිලා කියනවා තාත්තේ අම්මට ගහන්න එපා කියලා....ප්‍රහාරය අවසන් වෙනවා... අවසාන ප්‍රතිපලය වෙන්නේ අම්මා මගේ අතින් අල්ලගෙන නංගිව උකුලේ ගහගෙන අම්මාගේ මහ ගෙදර යන එක....එහෙදී තාත්තා නිතිඥ සහායක් නැතිවම නඩුවේ චුදිතයා වෙනවා.... සම්පුර්ණ නඩුව අහන ආච්චි අම්මා තාත්තව වැරදිකාරයා කරලා පෝරකේට නියම කරනවා.... ඔය විදියට දින කීපයක් ගතවෙනවා..... තාත්තා අපිව හොයාගෙන එනවා... අපිට කන්න දෙයක් අරගෙන.... ආපු ගමන් අපිව තුරුල් කරගන්නවා..... මෙතුවක් කල් තාත්තා ගැන මගේ හිතේ තිබුන හැඟීම වෙනස් වෙනවා... තාත්තා ගේ තුරුලේ සතුටක්, සනිපයක් දැනෙනවා.....
“තාත්තේ ආයි අම්මට ගහන්න එපා“
මම කියනවා....
මුකුත් නොකියාම තාත්තා මගේ ඔළුව ඉඹිනවා.... අදටත් ඒ දැනුන හැඟිම, සෙනෙහස දැනෙනවා....
ටික දවසක් ආච්චම්මලාගේ ගෙදර ඉන්න අපි තාත්තත් එක්කම තාත්තාගේ ගෙදර යනවා.....
මේ විදියට ටික දවසක් ගත වෙනවා.... අම්මත් තාත්තත් බොහොම සතුටින්.. අම්මා තාත්තා එනකම් මග බලාගෙන ඉන්නවා... තාත්තා වෙනදට වඩා කලින් ගෙදර එනවා....
හැබැයි මේ දේවල් නොරුස්සන කෙනෙක් ගෙයි කොනක ඉන්නවා....
මේ විදියට දවස් කීපයක් ගතවෙනවා....
සමහර දවසට ලොකු අම්මා තාත්තා එනකම් මග බලාගෙන ඉන්නවා... තාත්තා ගෙට ඇතුල උන ගමන් ලඟ තියන පුටුවෙන් වාඩි කරගෙන මොන මොනවදෝ කුටු කුටු ගානවා.... තාත්තා පුටුවෙන් නැගිටින්නේ මාරයාවේශ වෙලා..... තාත්තා කාමරේට එනකොට අපි හාංගෙනවා..... ඉඟියෙන් වගේ අපි දන්නවා මීලඟට වෙන සිද්ධිය... නැවතත් පුරුදු ජීවන චක්‍රය ක්‍රියාත්මක වෙනවා......
පොඩි කාලේ ඉඳලම මේ දේවල් වලට මුහුන දුන්නු මට තාත්තා කෙරෙහි ඇත්වෙන්නේ ද්වේශයක්..... මේ දෙවල් වලට තාත්තාගේ පවුලේ අය දෙන උල්පන්දම් නිසාම ඒ අය කෙරෙහිත් ඇත්වෙන්නේ ද්වේශයක්.....

“නපුරු තාත්තා“

ඒ මට හිතුන හැටි......

මේ විදියට ජිවිතේ ගත වෙනවා... එතනින් මෙතනට.. මෙතනින් එතැනට.... දාම් ලෑල්ලේ ඉත්තෝ වගේ අපි එහාට මෙහාට ඇදෙනවා...... ටිකෙන් ටික අපි ලොකු වෙනවා... තාත්තා කෙරෙහි තියන ආකල්පය එන්න එන්නම දරුණු වෙනවා.... අම්මාත් නැවෙන්න සුදානම් නැහැ... ඇයගේම ස්ථාවරයේ ඉන්නවා.... පුංචි කාලේ ඉඳලාම අපි අම්මාගේ තුරුල්ලට හුරු උන නිසාම ලොකු වෙන කොටත් අපි අම්මාට ලං වෙනවා......

--------------------------------
කාලෙක මමත් තාත්තෙක් වෙනවා...... මගේ පලවෙනි දරැවා මගේ අතට ලැබුන වෙලාවේ මට ඇතිවෙච්ච හැඟීම අපේ තාත්තාටත් ඇතිවෙන්න ඇති නේද මම කියලා කල්පනා කරනවා...... ඒ හැඟිම කිසිම කෙනෙක්ට වචනයට පෙරලන්න බැරි බව මගේ අත්දැකිටමන් මම දන්නවා..... කොයි තරම් කවියෝ උනත් තාත්තෙක් අතට තමන්ගේ දරුවා ලැබෙනකොට දැනෙන හැඟිම විස්තර කරන්න බැහැ.....  ඒ වගේම ඒ එත්තම ඇතිවෙන වගකීම් සහගතබව.... දරුවගේ අනාගතය ගැන හීන මවන හැටි..... මගේ අතට දරුවා දීපු බිරිඳ ගැන හිතේ ඇතිවෙන හැඟීම..... මේ දේවල් කවදාවත් වචනයෙන් විස්තර කරන්න බැරි හැඟිම්.... 

මගේ පුතා ලැබුනු දා ඉඳලා මම තවත් පැය කීපයක් අතිකාල වැඩ කරන්න පුරුදු උනා..., ඒ මම වෙනුවෙන් නෙමෙයි මගේ දරුවා වෙනුවෙන්......

ඒ වෙලාවේ මට හිතුනේ මගේ තාත්තත් මෙහෙම කරන්න ඇති නේද කියලා.....
උදේට යන කොට තොටිල්ලේ සැපට නිදියන පුතාගෙ නලලට නොරිදෙන හාද්දක් දීලා කම්මුල අතගාලා යන මට මතක් උනේ මගේ තාත්තත් උදේම වැඩට යනකොට මටත් මෙහෙම කරන්න ඇති නේද කියලා..... ,

වැඩ ඇරිලා ඇවිත් බලනකොට, ඇඳේ වකුටු වෙලා බිරිඳගේ තනඩුපුවේ එල්ලිලා හීනෙන් කිරි උරන හැටි දැක්කාම ඇතිවෙන හඟිම යටපත් කරගෙන වඩාගන්නේ නැතිව හිටයේ නින්ද කැඩෙයි කියලා..., එහෙම හිතනකොට මගේ තාත්තාත් එහෙම වෙන්න ඇති නිද කියලා හිතෙනවා....

මටත් නොදැනිම මගේ පුතා ලොකු වෙන කොට... හුරතල් බලන්න බැරි වෙන කොට හිත ඇතුලේ කීරි ගහන වේදනාව සමනය කරගත්තේ මේ හැමදේම කරන්නේ එයාගේ අනාගතේ නිසා නේද කියලා හිත සනසගන්නකොට මට හිතුනේ අපේ තාත්තත් එහෙම කරන්න ඇති නේද කියලා....

මම වැඩ ඇරිලා එනකොට අපේ අම්මා මුන දික්කරගෙන බලා ඉන්න හැටි....,අම්මා මාව ලඟට කරගෙන බිරිඳ ගැන නොක්කාඩු කියන හැටි....,
ගෙට ගොඩ වෙනකොටම අහන්න ලැබෙන දේ වලින් මම කුපිත වෙන හැටි....
අපි අතර වෙන ඝට්ටන.... හැල හැප්පීම්.....
අම්මාගේ පැත්ත ගන්නද.... බිරිඳගේ පැත්ත ගන්නද... අම්මාව සනසන්නද... බිරිඳව සනසන්නද කියලා හිතාගන්න බැරිව මම රෑට තනියම අඬන හැටි...... මේ දෙවල් දැනනකොට මට හිතුනේ අපේ තාත්තා කොයි තරම් තනියම අඬන්නඇත්ද කියලා....

මගේ ලොකු පුතා සෙල්ලමට ගිහින් දත් දෙකක් කඩා ගත්ත වෙලාවේ මම දොස්තර ඒවා ගලෝනවා බලාගෙන ඉන්න බැරි තැන එලියට ගිහින් ඇඬුවා වගේ, මගේ අත රතිඥ්ඥා වලට පිච්චිච්ච වෙලාවේ තාත්තා මගේ ලඟ නොඉඳ එලියට ගිහින් අඬන්න ඇති කියලා මට හිතුනා....

ඉස්කෝලේ එක්කගෙන යන්න බැරි උනාට.... පුතා ගේ පොත් බෑගය දිහා බලාගෙන සතුටු මම සතුටු වෙන කොට...අම්මා අරගෙන දුන්න අලුත් සපත්තු දෙක ඇදේ මුල්ලෙන් තියාගෙන නිදාගනන කොට මට ඇතිවෙන සතුට... අපේ තාත්තා මහන්සි වෙලා හම්බකරන දෙයින් අපේ අම්මා අපි අරගෙන දේවල් දිහා බලලා අපේ තාත්තා කොයි තරම් සතුටු වෙන්න ඇද්ද කියලා හිතෙනවා...

තාත්තෙක් වෙනකම් මට තාත්තාගේ ආදරේ දැනුනේ නැහැ... තාත්තෙක් කියන්නේ මහා මේරුව වගේ මහා ආදරයක් හිතේ හංගගෙන..... මදටිය ඇටයක් වගේ කොටසක් විතරක් එලියට පෙන්නන කෙනෙක් කියලා මට තේරුනේ මමත් තාත්තෙක් උනාට පස්සේ........ මගේ තාත්තාට මම වෛර කලා කාලයක්.... ඒත් තාත්තා කොයි තරම් දේවල් උහුලගෙන නොසැලී හිටියද කියලා දැන් මට හිතෙනවා......

හැබැයි කවදාවත් තාත්තෙක් ගෙන් සමාව ඉල්ලන්න එපා......
මොකද.....

තාත්තට කවදාවත් ඔබව වැරදි කාරයෙක් නොවෙන නිසා........

Wednesday, May 23, 2012

රෙද්ද උස්සා Who කියමු...ද...?




ව්‍යාපෘතියක් යනු යම් නිශ්චිත අරමුනක් ඉටුකරගනු වස්, නිශ්චිත කාලයක් යටතේ සිදුකරන්නා වු මානව, මුල්‍ය සහ භෞතික සම්පත් මෙහෙයවීමක් ලෙස ඉතා සරලව හැඳින්විය හැක...මෙහිදී ප්‍රධාන පියවරයන් කීයපක් ක්‍රියාත්මක වේ...

1. Need Assessment (අවශ්‍යතා හඳුනාගැනීම)
2. Objectives, Goal (අරමුණ, ඉකක්කය)
3. Plan (සැලැස්ම)
4. Implement (ක්‍රියාත්මක කිරීම) 
5. Monitoring (අධීක්ෂණය)
5. Evaluation (ඇගයීම)

රටක් මෙහෙය වීම යනු එක්තරා ආකාරයක ව්‍යපෘතියක් මෙහෙය වීමකි... එහී දී එම ව්‍යාපෘතිය මෙහෙය වන්නන්ට වඩාත් වගකීමකින් කටයුතු කල යුතු වන්නේ එහි විපාක මුලු මහත් ජාතියක් කෙරෙහිමය බලපාන හෙයිනි... 

රටක නිතී රීති සහ ප්‍රතිපත්ති සම්පාදනය විය යුත්තේ ඒ රටේ පවතින ප්‍රායෝගික තත්වයන්.... පරිසරය... ජනතාව... ආදී බොහෝ කරැණු සැලකිල්ලට ගෙනය... එහිදී සත්‍ය වශයෙන්ම පවතින තත්වයන් අවබෝධ කරගැනීම, බලාපොරොත්තු වෙන අවසාන ඉලක්කය සාර්ථක කර ගැනීමට මහත් රැකුලකි... එසේ නොමැති වීම ඉහත කී මානව, මුල්‍ය සහ භෞතික සම්පක් කාබාසිනියා කිරීමක් ලෙස හැඳීන්විය හැකිය... 

රටක සංවර්ධනයේ මුලික අඩිතාලම වන්නේ දිගු කාලීන ප්‍රතිපත්තිමය මානව සහ භෞතික සංවර්ධණ කළමනාකරණ කාර්යයන්ය... එය අධ්‍යාපනය... සෞබ්‍ය.... ආරක්ෂණය... ආදී වශයෙන් ප්‍රධාන කාරණ ගනනාවක් යටතේ ලැයිස්තු ගත කලහැකිය.... අද  අපේ රටේ නැත්තේද දිගු කාලීන සැලසුස් සහගත ප්‍රතිපත්තීන්ය.... 

අධ්‍යාපනය පිරිහිලාය..... අධ්‍යාපන ඇමති චක්‍රලේඛ, ගැසට් නිවේදන නිකුත් කරන්නේ හංදියේ කඩේ මුදලාලි අප්ප බානවාටත් වඩා වේගයෙනි..... උසස් අධ්‍යාපන ඇමති ඊට හපන්ය... ඔහුට රටේ අධ්‍යාපනය යනු දාම් ලෑල්ලකි.... කපන්න ඕන එක කොයි මුල්ලේ හිටියත් ඔහු ගේ ඉත්තා ඕන තැන තියා කපන්නට ඔහු දක්ෂය...ඒ සඳහා කුමන හෝ වටිනාකමක් ගෙවන්ට ඔහු පසුබට වෙන්නේ නැත....  ඔහුට අවශ්‍ය නම් සිසුන්, ආචාර්යවරු පමනක් නොව මහාචාර්යවරුක් පවා කනෙන් අල්ලා එලියට දමා තමාගේ නියමය ක්‍රියාත්මක කිරීමට තරම් ඔහු දක්ෂය..... අධ්‍යාපන ඇමති අද අන්දරේටත් වඩා විකටයෙකි... උසස් පෙළ ප්‍රථිපල නිකුත් කිරීමේද කෙළවාගත්තේ රටේ දරුවන්ගේ විභාග ප්‍රථිපල බිල්ලට දීමෙනි.... වරෙකි ඔහු ඔහුගේ ආර්ථික විද්‍යාත්මක ටිකිරි මොළයෙන් කල්පනා කර රු.2500.00 න් නොමැරී ජීවත් විය හැකි බව කියයි... අළුත්ම කාරණය වනනේ ලංකාවේ අධ්‍යාපනය සඳහා පහල භාලංශයේ සිට උසස් පෙල... සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සත පහක්වත් අය නොකරන බවට පාර්ලිමේන්තුවේදී කට මැත දෙඩීමය.... මු හිනෙන් කථා කරනවා දැයි සැකයක් පවති.... උසස් පාසැලකට දරුවෙකු ඇතුලත් කිරීමට ලංකාවේ වලංගු මුදලින් රුපියල් ලක්ෂ 1 සිට ලක්ෂ 5, 6,7 දක්වා ගෙවන්නට දෙම්ව්පියන්ට සිදුවන්නේ සෑම දෙම්ව්පියෙක්ම තම දරුවා “හොඳ“ පාසැලකට ඇතුලත් කරගැනීමට ඇති ඇම්ම හෙයිනි.... එතනින් නොනවතින මෙම ගසාකෑම පහසුකම් සේවා ගාස්තු (මෙය රජයේ අනුමත ගාස්තුවක් වන අතර රුලියල් දෙතුන් සීයයක් වන බවට සැකයක් නැත), පාසැල් සංවර්ධන අරමුදල්, ආරක්ෂක අරමුදල්, සනීපාකරක්ෂක අරමුදල් ආදී වශයෙන් විවීධ අරමුදල් ද, තින්ත ගෑම... විවිධ උත්සව..., බුදු මැදුරු ඉදිකිරීම... පිහිනුම් තටාක ඉදිරිකිරීම... ක්‍රිඩා තරඟ..., විවිධ ප්‍රසංග ආදී මෙකී නොකී විවීද ආකාරයේ දේ වෙනුවෙන් දෙමව්පියන් මුදල් වියදම් කරද්දී අධ්‍යාපන ඇමති පාර්ලිමෙන්තුවේ බෙරිහන් දෙන්නේ “සත පහක් වත නොගෙන“ රටේ දරැවන්ට “නිදහස් අධ්‍යාපනය“ නොමිලේ ලබා දෙන බවයි....

අනෙකුත් අංශද එසේමය..... පාරිභෝගික භාණ්ඩ ගැන කථා කරන්නට දෙයක් නැත.... පසුගිය දිනෙක එක්තරා ගුවන් විදුලි නාලිකාවක් මගින් ප්‍රචාරය උන වැඩසටහනක් අතරතුර පාරිභෝගික කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමා පැවසුයේ යම් යම් භාණ්ඩ වල මිල අධික උවද හාල්.... පරප්පු.. සීනි, එළවළු වැනි අත්‍යාවශ්‍ය භාණ්බ වල මිල පහල ගොස් ඇති බවයි.... හාල් මිල පහල ගියද හාල් අමුවෙන් ආහාරයට ගක හැකිද... සීනි විතරක අනුභව කර ජීවත් විය හැකිද... ? හැමදාම මිනිස්සුන්ට එළවළු සළාද පමනක් ආහාරයට ගෙන ජීවත් විය හැකිද යන්න පිලිබඳව මේ  ගොන් වහන්සේලාට නොතේරෙන්නේ ඔවුන් මන්දබුද්ධිකද රටේ පරිපාලනයට ගැත්තන් පත්කරන උන් පාර්ලිමේන්තුවට යවන අපි මන්දබුද්ධිකද යන්න ගැන නැවතත් සිතිමට පොළබවමිනි.... 

පසුගිය දිනෙක බොහොම අපුරු නිතියක් සම්මත කලේය.... ඒ ත්‍රී රෝද රථයක රියදුරු ඇතුලු තිදෙනෙකුට වඩා ගෙන යා නොහැකි ලෙසටය...මොවුන් සිතන්නේ එක ත්‍රී රෝද රථයක පස් හය දෙනෙකු යන්නේ ආතල් එකට කියාය... දැන් පවුලේ දෙමව්පියන් සහ දරුවන් දෙදෙනෙකු සිටින අවස්ථාවක කිලෝ මීටර් දෙකක ගමනක් යන්නට ත්‍රී රෝද රථ දෙකක් අවශ්‍යය.... කලින් මේ ගමනට වියදම් උනේ රුපියල් 50 නම් දැන් රුපියල් 100 ක් වියදම් වේ..... ඒකෙන්ද කෙළවෙන්නේ දුප්පත් ජනතාවටය... දැන් ඒ ගමනට ත්‍රිවීල් දෙකක් ගත යුතුය... එවිට ඉනධන පරිභෝජනය වැඩිය.... ත්‍රීවිල් කාරයන් ඇතුලු සියළු ගසාකන්නන්ට මෙය ඉල්ලමකි.... සත්‍ය වශයෙන්ම ගැටළුව කුමක්ද...? විනයක් නැති රථ ධාවනයය... මාර්ග නිතී උල්ලංඝන... එහෙමත් නැත්නම් නිසි නඩත්තුවක් නොමැතිකමය.. ප්‍රශ්ණය බොහොම ලේසියෙන් විසඳන්නට ප්‍රවාහන බලධාරීන් ක්‍රියා කලේ දුප්පතාගේ බඩටම කෙලලාය....

අධි වේගී මාර්ග... අධි වෙගි දුම්රිය මාර්ග ගැන උදම් අනන අපේ රටේ තවමත් වෙලාවට වැඩ කරන බස් සේවයක් නැත... වෙලාවට වැඩ කරන දුම්රිය සේවයක් නැත... දුම්රිය කාල සටහනේ හරියටම පැය 5.43 ට දුම්රියක් එන බව දක්වා තිබුනද මුලු මහත් ජීවිත කාලයමට ඒ නියමිත වෙලාවට දුම්රියක් එන්නේ නැත.... බස් රථ කාලසටහන් හොයාගන්නට වත් බැරි තරම්ය.... ඒවා කාල නැතත් සටහන් ලෙස බෝඩ් වලට සීම වී ඇත.. නමුත් අපි උදම් අනන්නේ අධි වේගය ගැනය.... පොදු ප්‍රවාහනය මොන ආකාරයකට අඝාධයකට ඇද වැටුනද අපේ පාලකයන්ට අධි වේගය මාර ආතල්ය... ඒ උන්දැලාට එකෙන් පැය කීයපක් තුල ආතල් ගන්න තැන් වලට යන්න පුලුවන් වෙන නිසාදැයි අපි නොදනිමු... නමුත් ඒක මාර ආතල්ය.... ගාල්ල මාතර අධිවේගී දුමරිය මාර්ගයේ අදාල වේගයට දුම්රිය ධාවනය වුයේ විවෘත කිරීමේදී පමනය.... එදාට පසුව ඒ මාර්ගයේ පැයට කිලෝ මීටර් 100 ක වේගයෙන් දුම්රියක් ධා වනය වන්නේ නැත.... මාර්ග සංඥා.... අනාරක්ෂිත මාර්ග ආදී මෙකී නොකී විවිධ හේතු හේතුවෙන් ඒ ව්‍යාපෘතිය වෙනුවෙන් වැයකල මුදලේ නිසි ප්‍රථිපල ජනතාවට නොලැබී ඇත..... මෙම අධි වේගි දුම්රිය මාර්ගය හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා ඇතිවන බව මහා මාර්ග ඇමතිවරයෙක් ප්‍රකාශයක් කල බව මතකය... (ඒ මොකක් භාර කෙනාද නම් පැහැදිලි නැත... දැන් පවතින තත්වය අනුව ඉදිරියේ  වම් රේල් පීල්ල භාර ඇමති වරයෙකුත් දකුණු රේල් පීල්ල භාර ඇමති වරයෙකුත් පත්වන්ටද බැරි නැත).

මෙකී නොකී බොහෝ දේ මේ පවතින තත්වයන් හමුවේ පෙන්වා දිය හැකි උවත් මෙම ලිපියේ අදහස වනනේ රජයට මඩ ගැසීම හෝ රජය අපහසුතාවට පත්කිරීම නොවේ... පවතින තත්වයන් හමුවේ මේ තත්වයන් හට ගැනීමට මුලික හේතු කාරනා ගැන දැකිවීමය..... රටේ බොහෝ ගැටළු වලට හේතුව වන්නේ අපේ රටට නිසි රාජ්‍ය ප්‍රතිපත්තියක් නොමැති වීමය.... අතීතයේ සිටම අපේ රටේ ක්‍රියාත්මක වු තට්ටු මාරු දේශපාලනයේ වැරදි පුර්වාදර්ශ වලින් අගතියනට පත්වන්නෙ රටත් ජනතාවත්ය.... පාට මාරු වෙන හැම අවස්ථාවකම වෙනස්වෙන ප්‍රතිපත්තීන් හමුවේ රටකට දිගු කාලීන සංවර්ධන වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කල හැකිදැයි සැකයක් පවතී.... අධ්‍යාපන ඇමති වෙනස් වෙන විට වෙනස් වන ප්‍රතිපත්තීන් නොව දීර්ඝ කාලීන ඉලක්ක යටතේ ක්‍රියාත්මක කලයුතු ප්‍රතිපත්තීන් රටට අවශ්‍යය.... ඒවා සකස් කිරීමේදී නිසි පරිදි අවශ්‍යතා හා අඩුපාඩු හඳුනාගත යුතුයි.... ඒවා මග හරවා ගෙන දීර්ඝ ගමනක් සඳහා ප්‍රතිපත්ති සැලසුම් කලයුතුය...  


අපි අපේ පවතින මුල්‍ය ප්‍රතිපත්තීන් වල දුර්වලතා, කළමණාකරණ දුර්වලතා.... අදී වශයෙන් අපේ අඩුපාඩු අපි අවබෝධ කරගත යුතුය... එය දේශපාලණ වාසි තකා යටගැසීම යනු රටේ ඉදිරි ගමනට කරන බලවත් අසාධාරණයකි... සරළවම කියතොත් රටේ බඩු මිල වැඩි බව රජය පිළිනොගන්නාතාක් ඒ සඳහා නිසි විසඳුමක් ක්‍රියාත්මක කල නොහැක... අධ්‍යාපනයේ බිඳ වැටීම තේරුම් නොගන්නාත්කා රටේ අනාගත දරුවන්ට සෙතක් සැලසිය නොහැක...... 

තමන්ට වැරදී ඇති බව පිලිනොගන්නා පුද්ගලයා.. අවසානයේ ඔහුත් සාමාජයත් විනාශ මුඛයට ගෙන යනු ලබන බව නොරහසකි.....අවසාන වශයෙන් කිවහැක්කේද එයයි..... 

අපිට සුභ අනාගතයක්.....


(විචාරයට ඉඩ)

Saturday, April 28, 2012

ගෑණියෙක්ව සතුටු කරන්න පුලුවන් ක්‍රම 45 ක්.....


මේ සටහන් තිබුනේ අන්තර්ජාලේ... මුනු පොතේ පිටුවක....... කියවලාම ඉතුරු ටික කථා කරමු....
ඔබේ පෙම්වතිය වැඩිපුරම කැමති, ඒ වුණත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45 ක්. 
1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.
2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.
3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.
4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.
5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.
මේ දේවල් අමතක කරන්නත් එපා . . .
6. ඇයව වැළඳගන්න.
7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.
8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.
9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.
10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න.
නිදහස් තැන්වලදී . . .
11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.
12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.
13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.
14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.
15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා.
ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?
16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.
17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.
18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.
19. ඇය ලස්සන බව ඇයට පවසන්න.
20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න.
ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න
21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.
22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.
23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.
24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න
25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි.
ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා
26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.
27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.
28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.
29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.
30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි.
ඉතිරියත් කියවන්න, ඔබට මේ කරුණු වැදගත් වේවි
31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.
32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.
33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.
34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.
35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි
ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න
36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.
37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.
38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.
39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.
40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න.
ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.
41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න.
42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.
43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.
44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.
45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න........................
(ගෙඩිය පිටින්ම උපුටා ගැනීමකි......)
මේක කියෙව්වාම මට හිතුන දේ තමයි ගෑණු කොයි තරම් Complicated  ද කියලා.. මේක ලිව්වේ කව්ද කියලා පැහැදිලි නැති උනත් මේ කියන බොහෝ දේ ඇත්ත නේද කියලා කල්පනා කලාම... එහෙමත් නැත්නම් අත්දැකීම එක්ක සංසන්දනය කලාම හිතෙනවා.... හිතලා බලන්න... ඔබට මේ දෙවල් වලට මුන දෙන්න වෙලා නැද්ද..
ඔබ කාර්ය බහුල උන වෙලාවක ඔබට ඇයගේ උපන් දිනය අමතක උනොත්...? එහෙමත් නැත්නම් ඔබගේ විවාහ සංවත්සරය අමතක උනොත්.... එහෙමත් නැත්නම් ඔබේ පලමු හමුවේ සංවත්සරය අමතක උනොත්..... ඇයගේ ප්‍රතිචාරය කොහොම වෙයිද...?
අපි මේ වගේ ලැයිස්තු වලට කියන්නේ Wish list එකක් කියලා... අපේ තරුණ කාලේ නම් අපි Favorite Book  කියලා එකක් යාළුවෝ අතරේ බෙදාගත්තා... ඒ අපි එකිනෙකා කැමති දෙවල් ගැන දැනගන්න...  මේ ලැයිස්තුව දැක්කාම මතක් වෙන්නෙත් ඒ වගේ දෙයක්....නමුත් මගේ පෞද්ගලික අත්දැකීම අනුව මේ කියලා තියන දේ හරි... ගෑණු...(ගෑණු කිව්වාම අදහස් කරන්නේ ගෑණු සතා කියන දේ. එහෙම නැතිව විවාහක අවිවාහක කියන දේ නෙමෙයි).... කොහොමත් මේ අච්චුවට ගැලපෙනවා.... 
දැන් මේක බලලා කියයි ගෑණු එහෙම තමයි සංවේදීයි... පොඩි දෙයක් පවා ගොඩක් හිතනවා.... පොඩි වෙනස් කමත් දැනෙනවා කියලා.... නෑ ඒක අසත්‍යක්...... ඒ පෙන්නන්නේ වෙස් මුනක්..... බොහෝ දෙනෙක් ඒ වෙස් මුනට රැවටෙනවා..... මේ වෙලාවේ මට මතක් වෙනවා ගොර්කිගේ “අම්මා“ පොතේ (මගේ මතකේ හොඳ නම්) තිබුන කියමනක්.... 
“දුමක් බීපන්.... ලස්සන කෙල්ලෙක් උඹට ආදරය කරනවාට කැමතිද..? ඔව් උඹ කැමති වෙයි.... උඹ ඇයගේ දෙතොල් ඉරැවොත්.... ඒකි උඹව මුලු ජීවිත කාලෙම බැඳ ගනීවී.... උඹට ඒකිගෙන් ගැලවෙන්න බැරි වේවි.... කෙල්ලෝ කියනවා උඹට පන වගේ ආදරය කරනවා කියලා.... එහෙම කියන එකියකට උඹ ඇල්පෙනෙත්ති තුඩකින් ඇණපන්.... එදාට ඇයි උඹගේ ආත්මය උනත් උදුරගන්න පැකිලෙන එකක් නැහැ“
මම හිතන විදියට මේක අදටත් වලංගුයි......
ඔබ හිතන්නේ පිරිමියෙක් කැමති දේවල් මේ වගේ Wish list එකක් ලිව්වොත් කොයි තරම් පේලි ගනනක් ලියන්න වෙයිද..?
බොහෝ පිරිමි ගැන කියන්න බැරි උනත් පෞද්ගලිකව මගේ ගැන ලියන්නම්...
1. ගැහැණියක් මට ඇහුම්කන් දෙනවා නම්....
2. උත්තර හොයනවට වඩා ප්‍රශ්ණේ බෙදාගන්න පුලුවන් නම්..
3. වැඩ ඇරිලා එනකොට හිනාවෙන් පිළිඅරගෙන තේකක් අතට දෙන්න පුලුවන් නම්...
4. පත්තරයක් බලනකොට ලඟට වෙලා නිහඬව ඉන්නවා නම්...
5. පොඩි ඩ්‍රින්ක් එකක් දානකොට බයිටක් හදලා දෙනවා නම්...
6. තනියට ලඟට වෙලා මම කියන දේ අහගෙන ඉන්නවා නම්....
7. මම ඇඳට එනකොට ඇහැරිලා බලාගෙන ඉන්නවා නම්....
8. මට කලින් මගේ ඇඟ උඩට එනවා නම්...
දැනට අමතක පස්සේ මතක් වෙයි කියලා හිතන තව දෙක තුනක් ඇරෙන්න වැඩි දෙයක් මගේ Wish List එකේ නැහැ.... වෙනත් පිරිමියෙක් ගත්තත් මේ දේවල් වලට අකැමැති වෙන්න විදියක් නැහැ... තව ඕනේම නම් කීපයක් එකතුවෙයි.
අපිට මේක මේ වගේ බොහොම සරළව කථා කරන්න පුලුවන් උනාට මේක අද පවතින සාමාජීය ගැටළුවක්.... එකිනෙකාගේ අවශ්‍යතා හඳුනා නොගැනීම.... මේ හේතුව හින්දා තමයි අවුරුදු ගානක් ආශ්‍රය කරලා... දිවට දිව තියාගෙන ආදරේ කරලා.... විවාහ වෙලා මාස ගනකින් පවුල් වල ප්‍රශ්ණ ඇතිවෙන්නේ... එහෙම වෙන්න ප්‍රධාන හේතුව තමයි ආදරය කරන කාලේ අපි එකිනෙකාගේ ඕනෑ එපා කම් සෙනේ සිතින් ඉවසුවට විවාහ උනාට පස්සේ එකම වහලක් යට ජීවත් වෙනකොට, දිගින් දිගටම එකම දේ සෙනේ සිතින් ඉවසනකොට ඒක නුරුස්සනා ගතියක් ඇති වීම.... ආදරේ පස්සා දෙරෙන් පලා ගිහින් ඉවසීම ඉස්සරහා දොරන් බැහැලා ගිහින් වෛරය.... එහෙමත් නැත්තනම් නුරුස්සන බව ඇති වීම.... මෙහි දෙවැනි අතුරු ඵලය වෙන්නේ අවිශ්වාසය...... දෙන්නා දෙන්නව අවිශ්වාස කිරීම..... ඒ වෙලාවට තමයි හිතෙන්නේ...“පෙම් ලොව දී දුටු ඔහුම ද මේ.... ඔහුටද මා අන්ධ උනේ කියලා...“.... හැබැයි .... පිරිමියාටත් ඔය දේම හිතෙනවා... ඔහු ඒක හංගගෙන ඉන්නවා....
එකඟ නොවෙන තැන් ඇති.... එන්න අපි කථා කරමු.... ආදරය කරන උන්ටත්... කසාද බැඳපු උන්ටත් තේරෙන භාසාවෙන් අපි කථා කරමු.....

Wednesday, April 4, 2012

මාගේ මතකේ ඔබේ රුව ඇඳේ....... (ඇත්තමයි... සත්තයි...)


අද කාලේ වගේ නෙමෙයි අපේ කාලේ.. .කෙල්ලෙක්ට ට්‍රයි කරනවා කියන්නේ දෙවන ලෝක යුද්දේ වගේ.... දැන් වගේ ෆේස්බුක්... ජීටෝක්.... ටුවිටර් තියා හෑන්ඩ්පෝන්වත් නැහැ.....

එහෙම තියෙද්දී තමන් ආදරේ කරපු කෙල්ලව බලන්න කොයි තරම් කට්ටක් කන්න ඕනේද කියලා මේ මම වගේම අපේ වසයක බ්ලොග් කාරයොත් දන්නවා ඇතිනේ..... මේ ඒ වගේ සිද්ධියක්......

උදේ හතට බස් නැවතුම වෙත අවේ
කොච්චර බලා සිටියත් ඈ ඇයි නාවේ
සිතතුල නලියනා පැතුමන් නම් බෝ වේ
සොඳුරිය ඔබව දුටු විට ගත සිත පා වේ

එනතුරු ගත සලා ඈ මුදු බඳ නලවා
නිරතුරු බලා සිටියෙම් මා ඇස් හරවා
පුළුකුලු උකුල රිය සක එහෙ මෙහේ ළෙලවා
මා පසුකර ගියා ඈ මගේ ගත සිත සොලවා

සති දෙක තුනක් සිට මා ඈ පසු පස යන්නේ
නැහැ කිසි දිනක ඈ මට ඉඟියක් දෙන්නේ‍ෙ
ආලය දිනෙන් දින හද තුල මෝඅරන්නේ
කොහොමද කෙලෙස ඈ හට මෙය පවසන්නේ

එනවිට දිනක් මා තෙමි තෙමි මහා වැස්සේ
මා පසු කරපු බස් රියකින් ඇය බැස්සේ
දුවලා ගිහින් නැවතුනි ඇගේ කුඩේ අස්සේ
මා හට කුඩේ දී ඇය තෙමුනා වැස්සේ

ඇයි මේ තරම් ඇය මා හද රිදවන්නේ
මහිතේ කැටිව තිබු පෙම නැහැ ඇය හඳුනන්නේ
කොහොමද මේක ඈ හට තේරැම් කර දෙන්නේ
සිහිවන හැම විටම මා සිත ලතැවෙන්නේ

පන්තිය අවසන්ව ඈ එනතුරු සිටියා
මගේ පන්තියට යන්නට බැරි වන සැටියා
ඇස් රිදෙනකම් මම මග බල බල සිටියා
ගොදුරක් එනතුරා රැක සිටි මෙන් කොටියා

පන්තිය අහවරව ඈ එන බව පෙනුනා
පාවෙන ගමන දක් මා සිත සළිත උනා
අද නම් මොනවා හරි කරනවා හිත හැදුනා
ඉස්සර වෙන්න දී මා ඈ පසු පස ඇදුනා

මැද පේ ලියේ අසුනක ඈ ඉඳගත්තේ
ඈ කිට්ටුවට වෙන්නට මා හිටගත්තේ
පොත් මිටියට තනි අතට හිරකරගත්තේ
ඒ දැක දැකම ඈ ඇස් අහකට ගත්තේ

ඇස් ඉදිරියේ උස් උන ඇගේ ළය මඩල
දිස්වෙනවා හොඳින් පිම්බුනු තන යුගල
ඇස් දෙක අහක ගන්නට සිතුවත් නොබල
නොබලා ඉන්නේ කොහොමද මේ රඟ මඩල

ගැස්සෙන වාරයක් පාසා ඉස්සෙන්නේ
හිතලාමදෝ ඈ මේ හැටි ගස්සන්නේ
කුණු කය කිමද මේ හැටියට වෙහෙසන්නේ
ආදර හිත නැහැනේ දැන් අහලක එන්නේ

නොහිතා වැටුනා පොත් මිටියම උකුල මත
බැළුවා මුණ රතු කර ඔරවා දෙනෙත
එක්කර වැටුනු පොත් මිටියම ඈ සුරත
විසිකෙරුවා බිමට නැහැ කිසි සිතෙහි තෙත

මොකද මනුස්සයෝ වෙලා තියෙනනේ....?
අතපය පන නැද්ද...?
(අහපු කැත)
මුලු බස් එකම මගේ දිහා බැලුවා...

කිසි හිතක් පපුවක් නැහැ...
(මගේ හිත මිමිනුවා)

මොකද නංගි කිසි හිතක් පපුවක් නැද්ද....
ලඟ හිටිය මගේ යාළුවා ඇහැව්වා.....

හිතක් නැති උනාට ලොකු පපුවක් නම් තියනවා....මචං....
මටත් නොදැනීම මගේ කට ඉස්සර උනා.....

එච්චරයි..... ඉවරයි.....

(පිංතූර අනුග්‍රහය - අන්තර් ජංජාලේ ඇසුරින්)

Monday, April 2, 2012

ප්‍රේමය නම් රාගයෙන් තොර (එහෙම වෙන්න පුලුවන්ද...?)



ජීවිතේ කියන්නේ මහ පුදුම දෙයක්...ආදරේ කියන්නේ ඊටත් වඩා පුදුම දෙයක්...... ඇත්තමට ආදරේ කියනනේ මොකක්ද...?
අපි ජිවිතේ බොහෝ දේවල් වලට අර්ථකතන හොයනවා.... කාටද පුලුවන් ආදරේට අර්ථකතනයක් දෙන්න.....
ආදරේ කියන දේ වෙනමම අරගෙන.... මම හිතන්නෑ එහෙම හැකියාවක් තියෙයි කියලා... මොකද ආදරේ තනියම අර්ථකතනය කරන්න බැහැ... 

මම දැක්කේ බොහෝ දෙනා ආදරේ කියලා වරදවා වටහාගන්නේ ආකර්ෂණය...... සමහර විට අපි අහලා තියනවා වගේම කියලා තියනවා... අපි එකිනෙකා පතාගෙන ආවා කියලා.... පට්ට බොරුනේ...... 
සැබෑ ජිවිතයේ දී එහෙම වෙන්න පුලුවන්ද ? අපි කරන්නේ ආකර්ශණය සාධාරණිකරණය කරන්න වෙන වෙන ලේබල් අලෝගන්නවා...... 

බෙහෝ දේ නිසා ආකර්ශණය ඇතිවෙන්න පුලුවන්..... 
සලමන් ඛාන්ට ඇයි ගෑණු ළමයි ආදරේ කියන්නේ...... ඒ ආදරේ නිසාද... නැහැ ආකර්ශණය..... එක්කෝ රූපෙට... නැත්නම් සල්ලි වලට......
මම ගෑනු ළමයින්ගෙන් ප්‍රශ්ණයක් අහන්න කැමතියි...
කට්ට කළු..... ෆුල් තට්ට..... දික්කසාද චෙව්ව මනුස්සයෙක් කසාද බඳින්න කිව්වොත් මොකද කියන්නේ ....?
කැමති වෙනවද...... ?
හිතට එකඟව පිලිතුරැ දෙන්න......

හැබැයි මේ පුද්ගලයා ලෝක පුජිත නම්..... පුපුරන්න සල්ලි තියනවා නම්..... අකැමැති නොවී ඉන්නවද....? ඒ විවාහ වෙන්නේ ආදරය නිසාමද......

දැන් හිතන්න එපා මම ආදරේ හෑල්ලුවට ලක් කරනවා කියලා.....

නැහැ මම ආදරේ හොඳට දන්නවා... හඳුනනවා.....මම දකින්නේ ආදරේ කියන්නෙ සමීකරණයක්....

බොහෝ අයට අරියට විසඳගන්න බැරි උන....

(කැපවීම + විශ්වාසය) x ලිංගිකත්වය  = ආදරය

කැපවීම සහ විශ්වාසය තමයි ආදරෙයේ මුලික අඩිතාලම්.....

අපිට අපි අපි වෙනුවෙන් කොයි තරම් කැපවෙන්න පුලුවන්ද....මොකක්ද මේ කියන කැපවීම.....එකිනෙකාගේ අවශ්‍යතා වෙනුවෙන් කරන්න පුලුවන් කැපවීම....මානසික වගේම කායික වශයෙන්...... සරළව කිව්වොත් එක්නෙකා කොයි තරම් දුරට ඉවසන්න පුලුවන්ද...... එහෙම නැත්නම් එකිනෙකාගේ කැමැති අකැමැති දේ අපිට කොයි තරම් දුරට දන්නවද.... ඒ අනුව අපි වෙනස් වෙනවද කියන එක.....  මේ ගැන මම මීට කලින් ලියපු නිදියනනේ නැහැ සහනේ... කියන පොස්ට් එකෙනුත් කථා කලා... ඒකට ලැබුනු ප්‍රතිචාර අනුව මට හැඟුන දෙයක් තමයි බොහෝ දෙනෙක් එකිනෙකාගේ ඉතාමත් සරල අවශ්‍යතා හඳුනාගෙන නැහැ කියන එක....එහෙම නම් කොහොමද ජිවිත කාලයක් පුරා එකට ජීවත් වෙන්නේ....

අනිත් කාරනේ විශ්වාසය.... අපි එකිනෙකා කොයි තරම් විශ්වාස කරනවද...? කියන කාරණය..... විශ්වාසය කියන දේ අර්ථ දැක්වීම හරිම අමාරැයි..... අපි එකිනෙකාගේ වචන කොයි තරම් විශ්වාස කරනවද...?
ක්‍රියාකාරම් කොයි තරම් විශ්වාස කරනවද...?
හැබැයි විශ්වාසය මේ පදනම තමයි එකිනෙකා පිළිබඳ දැනීම.... ඒ කියන්නේ නැවතත් අපි එන්නේ මුලටම..... අපි එකිනෙකා ගේ ගැන කොයි තරම් දුරට දන්නවද කියන දේ....

මේ කියන පදනම් ශක්තිමත් වෙන්නේ කායික වශයෙන් තියන බැඳීම.... එහෙමත් නැත්නම් ලිංගිකත්වය.... එහෙමත් නැත්නම් ශාරීරික වශයෙන් තියන බැඳීම...... අපි කොයි තරම් පිළිගන්න අකැමැති උනත් ලිංගිකත්වය මත් තියන බැඳීම විවාහයට  ගොඩක් වැදගත්... අපි හැඟීම් දැනීම් තියන මනුස්සයෝ..... තමන්ගේ ලිංගික ජීවිතය තෘප්තිමත් නැත්නම් අපිට නොදැනීම අපි ඒ තෘප්තිය හොයාගෙන යනවා.... ආදරය මත පදනම් වෙලා විතරක් විවාහ ජීවිතය පවතිනවානම් අද මේ තරම් අපිට ගෑණු පිරිම භාහිර ඇසුරු හොයගෙන යන්නේ නැහැ නේද....? ආදරයි කියලා වරදාව වටහාගෙන මේ ලිංගිකත්වය මත පදනම් වෙච්ච ආකර්ශණය සම්බන්ධයෙන් මම උස්සන්න කලින් මේ ගැන හිතන්න කියන පොස්ට් එකේදිත් කථා කලා..

තරුණ කාලේ ආදරය බොහොම සුන්දරයි.... ආදරය වගේම විරහවත් බොහොම සුන්දරයි.....තරුණ කාලේ අපි එකිනෙකා කෙරෙහි ආකර්ශණය වෙනවා....හැඟීම් සහ ආකර්ශණයට අපි ආදරේ කියලා කියනවා.... 
තරුණ කාලේ විරහව හරිම සුන්දරයි.... ඒ දැනෙන හැඟීම දැනටත් විඳින්න තියනවා හිත ප්‍රිය කරනවා.... සමහර වෙලාවට අපි අපිට නොදැන්වත්වම ඒ විරහාවේ සුන්දරත්වය විඳින්න උත්සහා කරනවා..... 

තවමත් තේරුම් නොගිය ආදරය තේරුම් ගන්න උත්සහා කරන මම

~ බස්සා ~

Tuesday, March 6, 2012

සන්නස්‌ගල නම් ඔහු.....

ප්‍රේමයේ ආධ්‍යාත්මය වෙනුවට අද හොයන්නේ ශරීරය
සන්නස්‌ගල


ප්‍රේමය නමැති මාතෘකාවට ඔබ මෙතරම් ඇලුම් කරන්නේ ඇයි?

අපේ රටේ ප්‍රේමය කියා දෙයක්‌ නැති නිසා අද වෙද්දී ටෙලි නාට්‍යවල, චිත්‍රපටවල, නවකතාවල මෙන්ම සමාජයේ අප අත්දකින ප්‍රේම සම්බන්ධතා සැබෑම ප්‍රේමය ද කියා පොඩි ප්‍රශ්නාර්ථයක්‌ තියෙනවා. මගේ නම් අදහස අද වන විට ප්‍රේමය කියන දෙය විස්‌ථාපනය වෙලා ලිංගිකත්වය එතනට ඇවිල්ලා. එතකොට ප්‍රේමය වශයෙන් කතා කරන හැම දේම සමාජගත වෙන්නේ ලිංගිකත්වයට සම්බන්ධ වෙලා. අද කොල්ලෙක්‌, කෙල්ලෙක්‌ දිහා බලන්නේ ලිංගිකත්වයෙන්. ඒ නිසා අද ප්‍රේමය ගැන සාකච්ඡා කිරීම අවසානයේදී ලිංගිකත්වය පිළිබඳව සිදු කරන සාකච්ඡාවක්‌ බවට පත්වෙනවා.

මම පුංචි උදාහරණයක්‌ කියන්නම්. එක සැරයක්‌ මම "ලව් එකට සිංහල" කියලා පුංචි බුක්‌ මාර්ක්‌ එකක්‌ ගැහුවා. බොහෝ දෙනෙක්‌ මේක පෙන්න පෙන්න හැමතැනම මට බැන්නා. හේතුව තමයි මේ අය ලව් (LOVE) කියන දෙය තේරුම් අරන් තියෙන්නේ ''සෙක්‌ස්‌'' විදිහට. ඒ කියන්නේ ඔවුන්ගේ ජීවිතයේ ලව් කියල දෙයක්‌ නැහැ. තියෙන්නේ සෙක්‌ස්‌ විතරයි.

නමුත් මේ ප්‍රේමය තුළ ලිංගිකත්වය කියන දෙය සදාකාලික දෙයක්‌. අද වගේම එදා පෙම්වතුනුත් හිතුවේ එහෙමයි. නමුත් මේක අතීත කාමය පිළිබඳ සංවාදයක්‌ නෙමෙයි.

අපි මෙහෙම හිතමු. පනහේ දශකයේදී මහාචාර්ය සරච්චද්‍රයන්ගේ මලවුන්ගේ අවුරුදු දා සමාජගත වෙනවා. එතෙනදී නොරිකෝ සං දෙව්න්දරා සංගේ ගෙදර නැවතිලා ඉන්නවා. මේ අය කසාද බැඳලා නැහැ. ඔවුන් චිත්‍රපට බලනවා. කබුකි නාට්‍ය බලන්න යනවා. මේ අවස්‌ථාවලදී නොරිකෝගේ තාත්තා දෙව්න්දරා සංට ස්‌තුතිවන්ත වෙනවා එයාගේ දුවව කබුකි නාට්‍යයක්‌ බලන්න රැගෙන යැම පිළිබඳව. නොරිකෝගේ අයියා දෙව්න්දරාව රැගෙන එන්න පෙරමඟට යනවා. ඒ මලගිය ඇත්තෝ

දැන් මේක වර්තමාන සමාජයට දමල බැලුවොත් කෙල්ලෙක්‌ යනව කොල්ලෙක්‌ එක්‌ක මහින්දාගමනය චිත්‍රපටය බලන්න. නරක ගමනකුත් නෙමෙයි. චිත්‍රපටයත් නරක එකක්‌ නෙමෙයි. මේක කෙල්ලගෙ තාත්තට ආරංචි වුණොත් "බොහෝම පිංසිද්ධ වෙනවා පුතේ" කියල කියයිද? නංගිගේ යාළු කොල්ල ගෙදර එනව කිව්වොත් අද අයියල කරන්නේ මඟදීම අරූගෙ කකුල් කඩනව. නැත්නම් හොම්බ තලනවා. මේක තමයි යථාර්ථය. කරුණාසේන ජයලත්ගේ එක නවකතාවකවත් අරන් පෙන්නන්න පුළුවන්නම් කෙල්ලෙකුට ලිංගිකත්වය ආරෝපණය කරපු එකක්‌වත් නැහැ. ඒක නිසා ලිංගිකත්වය එදත් තිබුණ කියල කියන්න බැහැ. එදත් ලිංගිකත්වය සහ ප්‍රේමය තිබුණා. නමුත් අද ප්‍රේමය ඇත්තේම නැහැ.

පෙම්වතෙක්‌ ලෙස ඔබේ තරුණ විය දෙස හැරී බැලුවොත්, ඔබ මොනවගේ පෙම්වතෙක්‌ද?

තරුණ වියේදී කියූ දෙයට මා විරුද්ධයි. මා තවමත් තරුණයි. ඒ වගේම තවමත් පෙම්වතෙක්‌. මගෙන් කවුරු හරි ඇහුවොත් පෙම්වතෙක්‌ ලෙස පළමු වරට හැඟුම් ප්‍රකාශ කළේ කොයි කාලෙද කියල මගේ අවංක පිළිතුර තමයි පහේ ශිෂ්‍යත්ව පන්තියේදී කියන එක. ඒක ප්‍රේමයද, එහෙමත් නැත්නම් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි තිබෙන ආකර්ෂණය ද කියල මට තේරුමක්‌ තිබුණේ නැහැ. කොහොම වෙතත් මගේ හිතේ ඒකපාර්ශ්වික කැමැත්තක්‌ ඒ ළමයට තිබුණා. හැබැයි අදටත් එහෙම දෙයක්‌ ඒ ගෑනු ළමය දන්නෙ නැහැ. ඊට පස්‌සේ අවුරුදු දාසයේදී, විසිපහේදී තිහේදී තිබුණු ප්‍රේම සම්බන්ධතාවල ස්‌වරූපයේ වෙනසක්‌ තිබුණා. අද වෙත්දි තවත් වෙනස්‌ වෙලා. අනාගතයේදී වෙනස්‌ම විදිහක්‌ වේවි. ප්‍රේමය කියන්නේ එක තැනක තියෙන නිර්මල පාරිශුද්ධ අදහසක්‌ නෙමෙයි.

එදා සහ අද පෙම්වතුන්ගේ ඔබ දකින වෙනස්‌කම් තිබෙනවාද?

ඔව්. උදාහරණ කීපයක්‌ අරගෙන බලමුකෝ. අපේ අප්පච්චි අපේ අම්මට ආදරේ කරන කාලේ දීල තියෙනව කිතුල් හකුරු බෑයක්‌. මොකද ඒ කාලේ අප්පච්චි කිතුල් කපල තියෙනවා. ඒක තමයි ඔවුන්ගේ ප්‍රේමයේ සංකේතය. ගමේ මගේ අයිය කෙනකුට එයාගේ ගෑනු ළමය දීල තිබුණ මට මතකයි කොට්‌ට උරයක්‌. ඒකෙ තිබුණ බෝකොළ වගේ දෙකක්‌ මහල. ඒ මැදින් ඊතල දෙකක්‌ මහල. උරේ එක පැත්තක තිබුණ Good Morning කියලා. අනෙක්‌ පැත්තෙ තිබුණා Good Night කියලා. ඔය කාලෙම වගේ අපේ අක්‌ක කොල්ලෙකුට ලේන්සුවක්‌ දීල ලොකු ප්‍රශ්නයක්‌ වුණා මට මතකයි. අපි ප්‍රේම කරන කාලේ චොක්‌ලට්‌, පොත් වගේ දේවල් තමයි සංකේත විදියට හුවමාරු කරගත්තේ. අද අලුත්ම තත්ත්වය තමයි ගුවන් ටිකට්‌පතක්‌, නැත්නම් හෝටලයක කාමරයක්‌, මේ තමයි ප්‍රේමයේ හුවමාරු භාණ්‌ඩ ලෙස අලුතෙන්ම සොයාගෙන තියෙන්නේ.

ඒ කාලේ මේ පෙම්වතිය වගේ කෙනා සොයන්න පොඩි සාහිත්‍ය පසුබිමකුත් තිබුණා. වත්සාන සිහිනයේ චාප වගේ අය හෙව්වා. කරුණාසේන ජයලත්ගේ නවකතා කියවල තක්‍ෂිලාවේ ධම්මි වගේ අය හොයනවා. ඊටත් එහාට ගියාම රුක්‌මණී වගේ අය හෙව්වා. මාලනී වගේ ගැමි මුහුණු තිබෙන අයවත් හෙව්වා. ඒ කියන්නේ සාහිත්‍ය කලාව ප්‍රේමය සඳහා ඔවුන්ට යම් යම් ඉඟි සපයා තිබුණා. ඒ වෙනුවට දැන් අපේ බහුතරයක්‌ පෙම්වතුන්, හොයන්නේ ''පට්‌ට කෑල්ලක්‌'' ස්‌ත්‍රිය තුළ තිබුණු ප්‍රේමය තුළ තිබුණු ආධ්‍යාත්මය නෙමෙයි එතෙන තියෙන්නේ. මේ හොයන්නේ ශරීරය.

ඉදිරියට පෙම්වතුන්ගේ දිනයක්‌ කියා දෙයක්‌ එනවා. ඔබත් මේ වෙනුවෙන් බොහෝ සංකල්ප මැවූ කෙනෙක්‌. අද ඔබ මේ දිනය දකින්නේ කොහොමද?

පෙම්වතුන්ගේ දිනය ලංකා සමාජයේ පහළ පන්තියට ළංකරන්න පළමුවෙන්ම උත්සාහ කළේ මම. ඒක මම පිළිගන්නවා. හැබැයි ලංකාවේ ඉහළ පන්තිවල අය කාලෙක ඉඳන් මේ පෙම්වතුන්ගේ දිනය බොහොම ලස්‌සනට සැමරුවා. ඒ කාලේ මම මේ වෙනුවෙන් ''ආදරණීය වත්සානය'' කියලා ප්‍රසංගයක්‌ කළා. විහාරමහාදේවි එකේ ''රත්තරන් වැස්‌ස කියල කඳවුරක්‌ කළා. මගේ අම්මේ ඒ කාලේ මේකට තිබුණු විරෝධය. නමුත් ලංකාවේ එකම එක පත්තරකාරයෙක්‌ (දිවයිනේ චද්‍රසිරි දොඩංගොඩ) මේක හරියට නිරීක්‍ෂණය කරලා ලිපියක්‌ ලිව්වා. එතන ඔය මිනිස්‌සු කියපු කිසිදෙයක්‌ වුණේ නැහැ කියලා. මේ හැම දෙයක්‌ ගැනම වැරදියට බලල කෑගහල අපේ රටට අවශ්‍ය සෙනෙහස හා ආදරය ලැබුණද කියල ප්‍රශ්නයකුත් මතුවෙනවා. මෙහේ නැත්තෙම ඒක.

සුළි සුළං එන ජපානේ, සුනාමි එන ජපානේ, කාඩ්බෝඩ්වලින් ගෙවල් හදන ජපානේ, හිරෝෂිමා, නාගසාකී වැනි විනාශයන් වුණු ජපානේ ෆුජියාමා ගිනිකන්ද කොයි වෙලාවේ පුපුරයිද කියල දන්නේ නැති ජපානේ, මිනිස්‌සුන්ගේ හිත්වල පුපුරන්න තරම් ප්‍රේමය තියෙනවා. ඒක හරි ලස්‌සනයි. නමුත් මෙච්චර ආරක්‍ෂා කරන්න හදන, මෙච්චර බණ කියන ලංකාවේ ප්‍රේමය කියන සාධකයට මොනවද අද දකින්න ලැබෙන්නේ. කෙල්ලත් මරල කෙල්ලගෙ නංගිවත් මරලා අම්ම තාත්තත් මරලා වත්තේ තියෙන කෙසෙල් ගස්‌ දෙකකුත් කපල යන තත්ත්වයක්‌ තමයි අද තියෙන්නෙ. පරම්පරාවම ඉවරයි. මේකද ප්‍රේමය කියන්නේ. දැන් කටුනායකින් ලංකාවට විදේශිකයෝ එද්දී මල්මාලා දාල ආයුබෝවන් කියල බොහෝම ලස්‌සනට පිළිඅරගෙන තංගල්ලේදී මරල දානවා. මේකද ප්‍රේමයේ පාරාදීසය. මේක තමයි ලෝකෙ වැඩියෙන්ම පන්සිල් ගන්න රට. පෝය දවස හොයන්නත් බැහැ වෙන දවසක්‌ හොයන්නත් බැහැ කොයි වෙලාවේ බැලුවත් රේඩියෝ එකේ බණ. නැත්නම් පිරිත්. නමුත් වැඩියෙන්ම කාමයේ වරදවා හැසිරෙන්නේ මෙහේ. බොරුකීම සබ්ජෙට්‌ එකක්‌ වෙලා තියෙන්නේ මෙහේ. වදාපු අම්ම පල්ල, බුදුහාමුදුරුවන් පල්ලා, දෙයියම්පල්ලා, දරුවෝපල්ලා කියලා බොරු කියනවා. අසාධාරණය විනෝදයක්‌ කරගෙන තියෙන රටක්‌. එහෙම රටක ආදරය තියෙන්න විදිහක්‌ නැහැ. පෙම්වතුන්ගේ දිනයට අපේ අය පහර ගැහුවේ බටහිරින් ආපු දෙයක්‌ කියලනේ. එහෙනම් තෝමස්‌ අල්වා එඩිසන්ගේ බල්බ් පත්තු කරන්නත් හොඳ නැහැ.

ගුරුවරයෙක්‌ ලෙස සිසු සිසුවියන් තුළ හටගන්නා ප්‍රේමය ඔබ අනුමත කරනවද?

මම විටෙක බේබද්දෙක්‌ . මොකද මට හිතුනම යාළුවොත් එක්‌ක මත්පැන් බොනවා. මම රස්‌තියාදු ගහනවා. එතකොට රස්‌තියාදුකාරයෙක්‌, වෙලාවකට නවකතා කාරයෙක්‌, තවත් වෙලාවකදී සංවාදකාරයෙක්‌. විචාරකයෙක්‌, ගෙදරදී දරුවන්ට පියා, බිරිඳට ස්‌වාමිපුරුෂයා, උගන්නද්දී තමයි ගුරුවරයා. ලංකාවේ තියෙන වරද තමයි මේ හැම දෙයක්‌ම ගුරුවරයත් සමඟ පටලවා ගැනීම.

පන්ති කාමරයේදී දැඩි නීතිනීති අනුගමනය කරන ලංකාවේ විනය ගරුකම ගුරුවරයා මම. මගේ පන්තිවල කාටවත් සෙල්ලං කරන්න බැහැ. පොලිස්‌කාරය පොලිසියේදී සැර වුණාට ගෙදරදී ඒ සැර නැහැ. මම අනෙක්‌ දේවල් පන්තියේදී කරනව නම් ඒක වැරදියි. නමුත් මම පන්තියේදී ගුරුවරයෙක්‌ පමණයි. මම පන්ති එන්නේ ලස්‌සනට දිග කලිසමක්‌ ඇඳල. නමුත් මම රස්‌තියාදු ගහන්නෙ ෂෝට්‌ එකක්‌ ඇඳල. ඒ නිසා මේව පටලවා ගැනීම වැරදියි.

නමුත් ඉගෙන ගන්න ළමයින්ව ප්‍රේමයට පොළඹවනවාය කියන චෝදනාව ඔබට තියෙනවා

අද හැදෙන තරුණ පරම්පරාවට ආදරය කරන්න උගන්වන්න පුළුවන් නම් ගොඩක්‌ හොඳයි. නමුත් පන්තියේ පෝළිමවත් හදාගන්න බැරුවයි මම ඉන්නේ. මේ සමාජයේ ඉඳල එන එවුන්ට උගන්වනවා ඇරෙන්න වෙන දෙයක්‌ කරන්න මට බැහැ.

ඔබත් අධ්‍යාපනය ලබන වයසේ දරුවන් ඉන්න තාත්තා කෙනෙක්‌. ඔබේ දරුවෙක්‌ ප්‍රේමවන්තයෙක්‌ වුණොත් ඔබ ගන්නා තීරණය කුමක්‌ වෙයිද?

මම මේ ළඟදී පොඩි එකාගෙන් ඇහුවා පුතේ කෙල්ලෙක්‌ එහෙම ඉන්නවද කියලා. නැහැ කිව්වා. ලොකු පුතාගෙනුත් ඇහුවාම එයා කිව්වෙත් නැහැ කියලා. ඊට පස්‌සෙ මම ඇහුවා යකෝ මෙච්චර කල් මොනව කරනවද කියලා. මට නම් කිසි ප්‍රශ්නයක්‌ නැහැ. එහෙම තියෙනවා නම් කොච්චර සුන්දරද?

ඔබ මේ කරන කියන හැම දේකම අවසාන බලාපොරොත්තුව ඔබට මේ සමාජයේ හොඳ මාකට්‌ එකක්‌ හදා ගැනීම සඳහායි කිව්වොත්?

පත්තර හෝ වේවා වෙනත් මාධ්‍යයකින් හෝ වේවා කවුරුවත් ඇවිල්ල මට ආදරේට සන්නස්‌ගලට සපෝට්‌ එකකට මාව ඉන්ටවිව් කරන්නේ නැහැනේ. ඔය එන්නේ තම තමන්ගේ මාකට්‌ එක හදාගන්න. ඒ නිසා මට අලුතෙන් මාකට්‌ වෙන්න ඕන නැහැ.

සන්නස්‌ගල කියන්නේ සාර්ථක ව්‍යාපාරිකයෙක්‌ ද හොඳ ගුරුවරයෙක්‌ද?

මම තමයි ලංකාවේ අසාර්ථකම ගුරුවරයාගේ සංකේතය. පසුගිය කාලෙ ඩික්‌සනරියක්‌ ගහල ලක්‍ෂ පන්සීයක්‌ නැතිකර ගත්තා. චිත්‍රපට තුනක්‌ කළා. තුනම අසාර්ථකයි. මට වඩා හොඳ නවකතාකාරයෝ ලංකාවේ අවම වශයෙන් දහදෙනෙක්‌වත් ඉන්නවා. මට වඩා හොඳ ගීත රචකයෝ අවම වශයෙන් පහළොවක්‌වත් ඉන්නවා. මට වඩා හොඳ ව්‍යාපාරිකයෝ ලංකාවේ ලක්‍ෂ ගාණක්‌ ඉන්නවා. හැබැයි මට වඩා හොඳ ගුරුවරයෙක්‌ මේ ලංකාවේ කොහෙවත් නැහැ.

සමාජය ඔබව නොයෙකුත් විදිහට හඳුනාගෙන තිබෙනවා. නමුත් ඔබ හඳුනාගෙන සිටින ඔබ කවුද?

මට ඒකට උත්තරයක්‌ නැහැ. මොකද මගේ ජීවිතේ කවදාවත් ටාගට්‌ එකක්‌ තිබිල නැහැ. මම මේ හැම තැනකම සැරිසරන චරිතයක්‌. මෙහෙම ඉඳලා කවද හරි යන්නම යයි. අන්න එදාට කවුරුහරි මාව හඳුනගත් කෙනෙක්‌ මා ගැන කියයි.

ඔබ තුළ සිටි සිනමා වේදියා පලාගිහින්ද?

පළවැනි චිත්‍රපටය කරල ආර්ථික අතින් වැටෙනවා. දෙවැනි එක කරල ආයෙත් වැටුණා. තුන්වැනි එකත් කරල හොම්බෙන්ම ගියා. මෙහෙම නැති කරන්න මා ළඟ රේස්‌බුකි සල්ලිවත්, පිරමීඩ් සල්ලිවත් නැහැනේ. උගුර ලේ රහ වෙනකම් කෑගහල තමයි මේවා හොයන්නේ. දැන් චිත්‍රපටි නොකර ඉන්නේ සල්ලි නැති නිසා.

මේ සියලු දේ අවසානයේ ඔබේ බලාපොරොත්තුව මොකක්‌ද?

මුකුත් නැහැ. මේ හැම දේම මගේ සතුට වෙනුවෙන්.

රංග විදානේ
ඡායා - නිශාන් එස්‌. ප්‍රියන්ත

(උපුටා ගැනීම - සොඳුරැ සිතේ මූනු පොතේ බිත්තියේ තිබුන ඉරිදා දිවයින පුවත් පතේ මීවිත අතිරේකයේ පලවු සාකච්ඡාවක් ඇසුරින්)

Friday, February 24, 2012

නිරුවත සහ අහවල් එක.... (18 + ද මන්දා)


නිරුවත.... කිව්ව පමනින් කොලේලෙක් නම්....ඇස් හොඳට ඇර ගන්නවා..... කෙල්ලෙක් නම් ඇස් වහගන්නවා...(හොරෙන් බලනවා) ... ඇස් ඇරලා බැලුවත්... වහලා බැලුවත් අපි හැමෝම නිරැවත නරඹන්න දකින්න කැමතියි... විශේෂයෙන්ම පිරිමි කැමතියි කාන්තා නිරුවත දකින්න.... ‍හැම පිරිමෙයෙක්ම කැමතියි... එහෙම නැහැයි කියනවා නම් මොකක් හරි අසනීප තත්වයක් වෙන්න ඕනේ.... ඒ ව‍ගේ හැම ගැහැණියක්ම කැමතියි නිරුවත දකින්න.... පිරිමි නිරුවත දකින්න... නමත් සාපේක්ෂ ව‍ශයෙන් පිරිමින් ඒ දෙස බලන ආකාරයට කාන්තාවන් බලන්නේ නැහැ... බොහෝ විට කාන්තාවන් මේ දිහා බලන්නේ කාටවත් නොපෙනෙන්න.....

ගැහැණු හෝ පිරිමි දැන දැන නිරුවත් වෙන්නේ අවස්ථා කීපයකදී විතරයි... තමන්ගේ ස්වාමි පුරුෂයා හෝ භාර්යාව ඉදිරියේ.... එහෙමත් නැත්නම් වෛද්‍යවරයක් ඉදිරියේ..... අවසානයේ දී එම්බාම් කරන මනුස්සයා ඉදිරියේ... මේ වගේ බොහොම සීමිත අවස්ථා වලදී ඇරෙන්න අපි නිරැවත් වෙන්න කැමැති නැහැ... ඒ අපි තුල තියෙන්නාවු ලැජ්ජාවත්.... අපේ හැදුන පරිසරයත්.... අපේ තියන වටපිටාවත් පදනම් කරගෙන.... ඒ තරමට නිරුවත අපිට ආගන්තුකයි.... විශේෂයෙන් ගැහැණියක් පිරිමියෙක් ඉදිරියේ නිරැවත් වීම.....

නමුත් බොහොමයක් බටහිර රටවල් වල නිරුවත කියන්නේ  මහා දෙයක් නෙමෙයි..... සමහර රටවල් තියනවා නිරැවත් මුහුදු වෙරළ.. නිරුවත් සංචාරක කළාප.... නිරැවත් සාද.... නිරුවත් සමාජ ශාලා වගේම නිරුවත් ගුවන් සේවා පවා තියනවා.... බොහෝ විට මේ වගේ විශේෂිත අවශ්‍යතා ඇතිවෙ‍න්න බොහෝ විට ඒ ඒ රටවල් වල දේශගුණික තත්වයන් බලපානවා වෙන්න පුලුවන්.... බොහොමයක් බටහිර රටවල් අවුරුද්දේ මාස කීපයක් අධික ශීතල... ඒ කාලේ හැම දෙනෙක්ම අඳින්නේ පළඳින්නේ ඒ දේශගුණයට ගැලපෙන විදියට.... ඉස්මුදුනේ ඉඳලා යටිපතුල  වෙනකම්ම ආවරණය කරලා....  ඒ වගේ තත්වයකදී ඔවුන් හොඳින් ඉර එළිය වැටෙන කාලයට ඇඳුම්අඳින්නේ අඩුවෙන්...ඒ රටවල ඒ ආකාරයේ විලාසිතා එළියට එනවා..... ඒ ඔවුන්ගේ ශරීරයට අවශ්‍ය කරන හිරැ එළිය ලබාගන්න... ඒතනදි බොහෝ දෙනෙක් අඳින්නේ ඒ හා සමාන ඇඳුම් පැලඳුම්..වැඩි දෙනෙක් ඒක වගේ ශරීරය නිරාවරණය කරගෙන යන නිසා ඒක අනෙක් අයටත් එහි ‍අමුත්තක් නැහැ.

අපේ රට තාම ඒ තත්වයේ නැහැ.... අපි ජීවත්වෙන රාමුවක් තියනවා... අපි බැඳිලා තියෙන්නේ අපේ පරිසරයත් එක්ක.... බොහෝ විට අපි ජීවත්වෙන පරිසරයෙන්, රාමුවෙන් වෙනම අපිට ජීවත් වෙන්න බැහැ....අපේ රටේ දී අපිට බැහැ බටහිරින් එන හැම විලාසිතාවක්ම අත්හදා බලන්න... මොකද අපි ජීවත් වෙන සමාජය නිසා... අද කෙල්ලෙක් කොටට ඇඳුමක් ඇඳලා යන කොට කීදෙනක් ඒ දිහා හැරිලා බලනවද.... කර පලල හැට්ටයක් ඇඳගෙන බස් එකක යනකොට උඩින් බලන කී‍ දෙනෙක් ඉන්නවාද ? පන්තියක..... කාර්යාලෙක... එහෙමත් නැත්නම් පංසලක, පල්ලියක බෝක්කුවක් දැක්කොත් (මේ කියන්නේ අර හවසට වාඩි වෙලා ඉන්න ඒවා නෙමෙයි) ඒ දිහා නොබලන්නේ කීයෙන් කීදෙනාද ? බලලා නිකම් ඉන්නවද ?...පට්ට කෑල්ල... මරු ගල් දෙක.... මරු ගෙඩි දෙක.... කියලා හිතින් විඳින්නේ නැද්ද ?..... අපි ඉන්නේ මේ වගේ සමාජෙක... මේක තමයි අපේ පරිසරය... මොකද අපි කුඩා කාලේ ඉඳලම දැක්කේ නිරුවත මහා වරදක් විදියට.... ඇත්තමට ඒක වදරක්ද ?

දැන් කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් කෙල්ලෙක් මොන විදියේ ඇඳුමක් ඇන්දත් මොකද ?, ඒ දිහා වනචර විදියට නොබලා හිටියානම් ඉවරයිනේ කියලා..... එහෙමත් නැත්නම් ඇයි මේ මිනිස්සුන්ට තමුන්ගේ සහෝදරිය, මව දිහා බලන ඇහින් වෙනත් සහෝදරියෙක් දිහා බලන්න බැරි ?....

එහෙම දෙයක් බලාපො‍රොත්තු වෙන්න බැහැ.. මොකද රහත්වෙච්ච වත්... ආසාවන් දමනය කරපු හෝ එහෙම නැත්නම් ඉටි පන්දම් හඳුන්කූරැ කන මිනිස්සු නෙමෙයි නේ අපේ සමාජේ ඉන්නේ... ඒක නිසා අපිට මුලු මහත් සමාජයක් හදන්න බැහැ... අපි දැනගන්න ඔනේ අපි කොහොමද තැනට අදාලව තමන්ගේ ඇඳුම් පැලඳුම් තෝරගන්නේ කියලා... පන්සලට අඳින්න ඕන ඇඳුම... පල්ලියට අඳින්න ඕන ඇඳුම වගේම සාමාන්‍ය ගමනක බිමනකදී අඳින්න ඕන පිළිවෙලත්..... උත්සවයට සහභාගීවීමේදී අපි යන්න ඕ‍නේ කොහොමද කියලත් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ... එහෙම නැත්නම් දෙමව්පියන්ට වැඩිහිටියන්ට වගකීමක් තියනවා තමන්ගේ දරැවන් විශේෂයෙන්ම දියණිය අඳින ඇඳුම් පැලඳුම් ගාන අවධානය යොමුකරන්න....

අද අපේ රටේ වෙන දේවල් හැටියට මව.. සහෝදරිය නෙමෙයි... තමන්ගෙ ලෙයින් උපන් පිරිමි දරැවන්ව පවා ලිංගික අපයෝජනයට ලක්කරන, ලොකු හාමුදුරැවෝ ඇබිත්තියාගේ පුක පලන, තාත්තා කමන්ගෙ දියණියව දුෂණය කරන, අම්මා තමන්ගෙ දුවව තමන්ගේ හොර මිනිහට දෙන මේ රටේ පාරේ දකින දකින කෙල්ලෝ තමන්ගේ සහෝදරියෙක් හෝ දුවෙක් කියලා හිතන එක බලාපොරොත්තු වෙන්නවත් බැහැ....එහෙම වෙනවා නම් අද ගබ්සාව නීති කිරීම සඳහා නිති රීති සම්පාදනය නොකර කාන්තාවන් දුෂණයට ලක්වීම නවත්වන්න තිබුනා...

ඒ වගේම තමයි අද තියන ෆේස් බුක් වගේ සමාජ ජාලාවල මේ වගේ සිද්ධීන් ගැන නිතර අහන්න දකින්න ලැබෙනවා... තමන්ට ලැබුන පහත් පණිවිඩයක් ගැන.... එහෙමත් නැත්නම් චැට් බොක්ස් එකට ලැබුන අනවශ්‍ය යෝජනාවක් ගැන.... එහෙමත් නැත්නම් තමන්ගේ පිංතූරයක් බද්ධ කරලා අන්තර්ජාලයට මුදා හැරීමක් ගැන... මෙවැනි විවිධාකාර දේ අපිට අහන්න දකින්න ලැබෙනවා.....සමහර ගැහැණු ළමයින් තමන්ගේ පවුලේ අයත් එක්ක බෙදාගන්න ඕන පිංතූර මුලු අන්තර්ජාලයත් එක්කම බෙදාගන්නවා.... එහෙම වෙන්න එක් හේතුවක් තමයි අපි එළියට දෙන අපේ ප්‍රතිරූපය....බොහෝ දෙනෙක් ඒක තීරණය කරන්නේ අපේ බාහිර ස්වරූපය අනුව...ඉතා සරළවම කිව්වොත් 

"අපි දෙන්න වගේ හිටියොත් වටේ ඉන්න උන් බලන්නේම ගන්න තමයි....."

Wednesday, February 22, 2012

වනචරයා....... නොහොත් ඔහු......


ඇය ශානි.... කොළඹ ක්‍රමයේ යුවතියක්..... සුන්දර රෑ සපුවක් ඈ සතුයි......ඇයි එඩිතරයි..... මුකරි කටක් තිබුනා.... ඕනෑම අවස්ථාවක අසාධාරණය වෙනුවෙන් කථා කරන්න, නැගී සිටින්න ඇය මැළි උනේ නැහැ...

තදාසන්න නගරයක මාර්ගයක්.... සෙනග පිරුණු බස් රථයකි..... කාර්යාල වැඩ අහවර කරපු ශානිත් බොහොම අමාරුවෙන්  බස්රථයට ගොඩ උනා...... කාර්යාල අවසන් වෙලාව නිසා බස් රථය පිරෙන්න සෙනග... ශානිගේ වාසනාවට ඇයි ආසනයක් ලැබුනා... බස් රථයේ මැද ආසනයක්....ඒත් නිතරම වීදුරැවෙන් අවට පරිසරය දෙස බලාගෙන යන ශානිට එය හිතට මදි කමක් උනත් ඇයි එයින් සෑහුනා....

බස් රථය ගමන ආරම්භ කලා..... බසය හැල්මේ දුවනවා.... ටික දුරක් යන විට අසල උන් තරුණයා අනවශ්‍ය ආකාරයට තමන් ගේ පැත්තට බර වෙනවා කියලා ආයට තේරුනා..... ඇය තමන්ගේ ආසනයේ පැත්තකට වෙන්න උත්සහා කලත් අසල වාඩීවෙලා හිටපු තරබාරැ කාන්තාව නිසා ඇයට එහෙම කරන්න පුලුවන් උනේ නැහැ.....බසය තිරිංග තද කරන... වංගුවක් පසු කරන අවස්ථාවේදිත් අර තරුණයා ගමන්ගේ පැත්තට බර වෙන බව ශානිට තේරුණා..... සෙනග පිරුණු බස් රථය නිසාවෙන් ශානි ඉවසගෙන හිටියා.....

එන්න එන්නම බසයේ තද බදය වැඩි වෙනවා..... අර තරැණයා එහාට මෙහාට ඇඹරෙනවා.... ඔහු තමන්ගේ අත් දෙකින්ම බස් රධයේ ආධාරකය අල්ලගෙන ඉන්න උත්සහා කරනවා වගේ පෙන්නමින් ශානි දෙසට බරවෙනවා කියලා ශානිට හිතුනා.... පිට කල නොහැකි කේන්තියෙන් ශානි බස් රථයේ වීරුදුවෙන් ඉවත බලාගෙන හිටියේ වෙන කල හැකි දෙයක් නොමැති නිසා.....

ඒ අතර ශානිට තේරුනා ඒ තරුණයා තමන්ගේ කකුල පාගනවා.... ඇය කෙළින්ම ඔහුගේ මුහුන දිහා බැලුවා... ඔහු බොහොම අසරණ බැල්මකින් ශානි දිහා බැලුවා.... ශානි ගේ ගිණි ගන්න ඇස්දෙකින් ශානි ඔහුට රැව්වා... ඔහු ඉවත බලාගත්තා...... තව විනාඩි කීපයකින් ඔහු නැවතත් කකුල පෑගුවා.... එවර ශානි ගේ ඉවසීමේ සීමාව පැන්නා....

“වනචරයා“..... වචනේ පිට වෙනවත් එක්කම ශානි ගේ දකුණු අත නතර උනේ අර තරැණයාගේ දකුණු කම්මුලේ...

"තොපි වගේ උනි නිසා තමයි ගෑණියෙක්ට බස් එකක වත් යන්න බැරි.... තමුසෙට මදනයා ගහලා නම් වෙන එකෙක් හොයා ගන්නවා..... මගේ කකුල පාගන්නේ නැතිව..... "

වටේ පිටේ හිටපු අනිත් මගීනුත් මේකට හවුල් උනා.....

"මහ උජාරැවට ඇදගෙන වනචර කම් කරන්න එනවා..... මුන් වගේ උන්ට ඔහොම තමයි කරන්න ඕනේ...."

අර තරුණයාගේ අස් දෙකේ කදුළු එළියට පනින්න ඔන්න මෙන්න....මුන රතු වෙලා ලැජ්ජාවටයි වැදුනු කම්මුල් පාරටයි.... ඔහු බිම බලාගෙන අවලාද අහගෙන හිටියා....

ඔහු ශානි දිහා බලාගෙන හිටියා... ඒ ඇස්දෙකේ හැඟීම ශානිට කියවන්න බැරි උනා.....
  
ඔහු නිහිඬව දරාගන හිටියා..... කලින් වගේම ආධාරකයේ ආධාරයෙන්....

බස් රථය ගමනාන්තය කරා ලංවෙනවා....

ඔහු බහින්න සුදානම් වෙලා ශානි දෙසට නැඹුරු උනා....

"මට සමාවෙන්න නංගී....."

"ඇත්ත කකුලට රිදුනා කියලා බොරු කකුලට දැනුනේ නැහැ...."

එහෙම කියලා ඔහු දොර දෙසට අපහසුවෙන් ඇවිද ගෙන ගියා....

අධිෂ්ඨානයෙන්... අභීතව..... අරමුණ කරා....

ඔහු පිටේ එල්ලගෙන හිටිය ගමන් මල්ලේ සටහන් වෙලා තිබුනා ශානි දැක්කා....