Tuesday, January 31, 2012

ජීවිතය හැරී බලමි - පස්වැනි පැටළුම



සුන්දරම පැය කීපයක් ගෙවුනා "අනූ" එක්ක.... එයා ගොඩක් සතුටින්.....

මම ගොඩක් සතුටින් ජානු... එත් මට බයයි... මේ සතුට හැමදාම පවතියිද කියලා...

හැම වෙලේම අසුභවාදීව කල්පනා කරන්න එපා "අනු"..

අපිට වරදින්නේ නැහැ... මොන ප්‍රශ්නේ ආවත් මම ඔයාව අමතක කරන්නේ නැහැ... මම බයත් නැහැ.... ඔයාව මගේ ලඟට ගන්න හිතුවේ මට මුන දෙන්න වෙයි කියලා හිතෙන හැම ප්‍රශ්ණයක් ගැනම කල්පනා කරලා...

මගේ ලඟින් ඉන්න.... මම ඔයාගෙන් ඉල්ලන්නේ එච්චරයි...

මම හැමදාමත් ඔයා ලඟ ඉන්නවා ජානු

ඒත් මම ඉන්නේ හිර ගේක... අපේ අම්මලා මාව ඒ හිර කූඩුවේ  හිර කරලා... යතුර රොහාන්ගේ අතට දීලා තියෙන්නේ..... මට බයයි ඔයා ගැන....රොහාන් මට නිතරම කියන්නේ ...

එයාගෙන් ඈත් වෙන්න හැදුවොත්... කවදාවත් මට සතුටින් ඉන්න දෙන්නෙ නැහැ කියලා..... එයා දන්නවා මම එයත් එක්ක ඉන්නේ සතුටින් නෙමෙයි කියන එක....

ඇයි මට කියලා මගේ කියලා ජීවිතයක් මට නැත්තේ ජානු... ඇයි හැමකෙනෙක්ම එකතු වෙලා මගේ සතුට නැති කරන්න හදන්නේ....

මම ඔයාව බලාගන්නම්....  ගොඩක් දේ අතඅරින්න වෙයි "අනූ".... මම එකට ලෑස්තියි.... මට පුලුවන් ඔයා වෙනුවෙන් ඒ හැම දෙයක්ම කරන්න...

ඔයා මගේ ලග ඉන්න..... මම රොහාන්ගේ හිරගෙදරින් ඔයාව නිදහස් කරගන්නම්....

"අනූ" ගේ ඇගිලි වලට මගේ ඇගිලි හිර උනා.... කවදාවත් වෙන් කරන්න බැරි තරමේ හැගීමකින්....

අපි යමු...... 


"අනූ" ගේ බීම විදුරැවේ අන්තිම උගුරත් කටට හලාගත්තත මම ඉස්සර උනා..."අනූ" මගේ පස්සෙන් වැටුනා...
--------------------------------- 
පස්වෙනි පාරටත් මම කාර්යාල දොර දිහා බැළුවේ තාමත් ඒ සුවද නොදැනුන නිසා.... හැමදාම උදේම දකින්න බලාපොරොත්තු වෙන් ඉන්න ඒ ඇස් දෙක මා ඉදිරියේ නැති නිසා.....

මොකද ජානක සර්.. සැරින් සැරේ දොර දිහා බලන්නේ ... කවුරු එනකම්ද..?

මාලි මිස්ගේ හීනි හිනාවක් එක්ක ඇහැව්වා.....

ඒ එක්කම වගේ මට සුපුරුදු ඒ සුවඳ නාස් පුඩු අතරට දැනුනා... 

ගුඩ් මොර්නින්... මාලි මිස්.... ගුඩ් මෝනින් ජානු.....

ජානු... ඒ මොකෙක්ද ඒ.... වගේ බැල්මකින් මාලි මිස් මා දිහා බැලුවා.

ගුඩ් මෝනින්.... පැය භාගයක් පරක්කුයි මිස් අනු අද....

මාලි මිස්ගෙ අවධානය වෙන අතකට ගන්න මගේ රාජකාරී වාක්‍ය මම පාවිච්චි කලා......

අනේ සොරි මිස්ටර් ජානක... අද බස් එක කැඩුනා මගදී.... ඒකයි..... 
----------------------------------------
හරි වැඩේ නේද උනේ ජානු... මාලි මිස්ට තේරුනාද දන්නෑ....

මොකො නොතේරෙන්නේ... මාලි මිස් බබෙක් ද ?

හරි වැඩේ ජානු උනේ... එදා යනකොට රොහාන් බොරැල්ලට ඇවිත් හිටියා..... වෙනදට වැඩිය පැයක් විතර පරක්කුයි නේ.... ප්‍රශ්ණ වැලයි.... ඇයි පරක්කු උනේ.... කියලා......

මගේ වෙනසක් දැනිලද මන්දා... ඔයාගේ වැඩ මතක් වෙලා මට තනියම හිනා ගියා....

මගෙන් හාර හාර අහනවා ඇයි තනියම හිනා උනේ... මොකක්ද මතක් උනේ කියලා....
ගෙදර ගිහිල්ලත් එහෙමයි..

අම්මටත් වෙනසක් දැනිලා ද මන් දා.....

මට බයයි ජානු...... 

හ්ම්..... එන විදියට මුන දෙමු “අනූ“.... හැමතිස්සේම දුකම හිතන්න එපා.... කඳුළු අතරන් හිනා වෙන්න උත්සහා කරන්න....

මුලු කැන්ටිමම හිස්.... අපි යමු..... මම නැගිට්ටා.... අනූ එතනමයි....

වටපිට බලලා එකපාරටම පාත් වෙලා අනූගේ තොල් පෙති දෙකට හාද්දක් දුන්නෙ "අනූ" ටත් හිතාගන්න බැරි තරම් වේගෙකින්.....

හැම මොහොතෙම බය වෙලා ඉන්න මුවැත්තියගේ කන් පෙති රතු උනේ නිමේෂයකින්...... මම මුකුත් නොකියම කාර්යාලය පැත්තට අඩිය ඉක්මන් කලා....

අනූ එක්ක ගෙවෙන හැම දවසක්ම සුන්දරයි.... හැම මොහොතක්ම හිතේ ආදරය වැඩි වෙනවා....

"අනූ" ගොඩක් සතුටින්... ඒත්.....
----------------------------------------------
කාර්යාලේ ඔරලෝසුව දිහාත්... ගොරවන අහස දිහාත් බැලුවේ යන්න සුදානමින් කාර්යාලයට ආපු අනූ ගේ හඬට... 

අද යන්නේ නැද්ද.....

යමු එහෙනම්... ඔයා යන්න ඉස්සර වෙලා මම එන්නම්....

වහිනවා ජානු... කුඩයක් නැහැ නේද ?

ඇයි තියෙන්නේ ඔයා ලඟ... අද තුරුල් වෙලා යන්න පුලුවන්.....

එන්න ඉක්මනට.... තෙමෙයි.....

කියාගෙනම අනූ එලියට බැස්සා.....

මමත් පොත අත්සන් කරලා අඩියට දෙකට අනූ පස්සෙන් වැටුනේ ඉක්මනින් කුඩේ යටට යන්න....

පුංචි කුඩේ යට මම අනූට තුරුල් උනා.... අපි දෙන්නවම තෙමෙනවා.... 


මම කිටි කිටියේ අනූව තුරුල් තුරුල් කරගත්තා මගේ ඇඟට..... 


වැස්සට හේදිලා ගලන වතුර අපේ කකුල් අතරින් ගලාගෙන ගියේ ගමන පමා කරමින්....


තෙමෙනවා "අනු".. ඔයා හොඳමට තෙමිලා...


"අනූ" නොතෙමී ඉන්න ලොකු උත්සහයක් යෙදෙනවා... 


වැස්ස වහින්නෙ හරහට... අකුණු පුපුරනවා...


"අනූ" ගේ ඇඳුම් තෙමිලා හොඳටම...


අපි අමාරැවෙන් බස් නැවතුමට ආවා....

අනේ ජානු... කොහොමද මෙහෙම බස් එකකට නගින්නේ... තෙත බරියන් වෙච්ච අනූගේ ඇඳුම් ඇඟට ඇලිලා...


එහෙනම් අද අපේ ගෙදර යමු....


හොඳට හිටියි.... නැන්දම්මා කියයි බඳින්න කලින් ලේලි ගෙවල් ගානේ රිංගන්න ඇවිත් කියලා....


මම පාර දිහා බැලුවේ බස් එකක් එනවද කියලා....


"අනූ" ගේ ඇඟිලි වලට මැදි වෙලා තිබුන මගේ අත හිර උනා එකපාරටම.... මම "අනූ" දිහා බැලුවා.....


අනේ ජානු.... රොහාන්..... සුදු අක්කගේ කඩේ ඉඳලා එළියට පැන්නේ කොටියෙක් ගොදුරකට පනිනවා වගේ..


පට්ට බැල්ලි.....


පාරෙන් පැන්න රොහාන් ගේ අත "අනූ" කම්මුලේ පතිත තප්ප වෙන්න රයක් වත් ගියේ නැහැ..... "අනූ" විසිවෙලා වැටුනා....


තෝ පරයා..... තෝ දන්නවා නේද යකෝ මේකි මගේ කියලා.... 


රොහාන් අතඇරපන් ෂර්ට් එකෙන්.... 


තොට ගහගන්න ඕනේ නම් ‍අපි වෙන තැනකට යමු... මේ මහපාර..


හිතන්න දෙයක් නොහිතාම රොහාන් ගේ අත මිටි මොලවපු පාරවල් කීපයක් මගේ මුණ පුරා වැදුනා....


අනේ රොහාන් ජානූ ට ගහන්න එපා.... එයා වරදි නැහැ ... මමයි වැරදි.... "අනූ" රොහාන්ගේ අතේ එල්ලුනා... 


"චටාස්" රොහාන් තවත් පාරක් ගැහුවා "අනූ" ට....


අඩෝ... කැ.... පො...... තො ගෑණුන්ට ගහ්නන ලැජ්ජා නැද්ද යකෝ


මගේ ඉවසීම පුපුරලා ගියා..... පැනපු ගමන් රොහානට මුන හරහා පාරක් ගැහැව්වා... කොහොම ශක්තියක් ආවද මන්දා... 


රොහාන් දෙකයි හතරේ එකෙක්..... බෙල්ල අත මැද්දට හිර කරගත්ත පාරට මාව ඌත් රක්කම විසිවෙලා කාණූවට වැටුනා.....


සුදු අක්කගේ මහත්තයයි... තව කීපදෙනෙකුයි වට උනේ වැස්ස නොබලාම...


හොඳයි අපි බලාගමු... තෝ හිතාගනින්..... රොහාන්ගේ තර්ජනය....


හරි හරි අපි බලාගන්නම් එයා ගැන... අපි තමුසේ ගැන බලාගන්න කලින් යනවා....


තෝ නිසා තමයි ඔක්කම ... යමන් ගෙදර මම අද බලාගන්නම තෝ ගැන... රොහාන් "අනූ" ගේ අතින් ඇදගෙන අනිත් බස් නැවතුම පැත්තට ගියා....


වැස්ස පායලා....


රොහාන්ගේ මුන දෙපැත්තෙන් ලේ පාරක් යනවා.... මගේ අත් දෙකම පතුරැ ගිහින්...
ෂර්ට් එක පුරාම ලේ.... මුලු ලෝකෙම නැවතිලා...... 


ඈත යනු "අනූ" දිහා මම බලාගෙන හිටියා.......

12 comments:

  1. ආදරය දුකක් කියල මන් කියන්නේ විහිලුවට නෙමේ

    ReplyDelete
    Replies
    1. @ දුෂ්.... එහෙම හිතෙන්නේ තම තමන් ලබන අත්දැකීම අනුවම තමයි..... ආදරේ සුන්දරත් නැහැ... අසුන්දරත් නැහැ..... බොහොම ස්තූතියි......

      Delete
  2. රොෂාන් වගේ කෙනෙක් බඳිනවට වඩා හොඳයි සැමදා තනිකඩව ඉන්න එක .

    ReplyDelete
    Replies
    1. අපි බලමු මොකද වෙන්නේ කියලා ගිම්හානි නංගී..... බොහොම ස්තූතියි......

      Delete
  3. ඕඕ, මේ අර කලින් කියාගෙන ආව කතාව නේද? කාලෙකට පස්සෙ. "ජානු... ඒ මොකෙක්ද ඒ.... වගේ බැල්මකින් මාලි මිස් මා දිහා බැලුවා." හහ් හා. මට හිනාම ගියෙ ඒ කෑල්ලට. :D බලමු ඉස්සරහට වෙන දේ

    ReplyDelete
  4. බස්සො, පුළුවන්නම් කතාවෙ මුල් කොටස්වලට ලින්ක් දාන්නකො මේ එක්කම.

    ReplyDelete
    Replies
    1. ‍බොහොම ස්තූතියි දොස්තර නෝනා..... ‍ජීවිතර හැරී බලමි - හතරවැනි පැටණමේ ලින්ක් ඔක්කොම තියනවා.. මෙන්න ඒකට යන්න

      http://jbasnayaka.blogspot.com/2012/01/blog-post_19.html

      Delete
  5. මට මතක් උනේ කැම්පස් එකේදී වෙච්ච සිද්ධියක්.
    කපල් එකක් ගහක් යටට වෙලා ඉන්දැද්දී එතනට කෑ ගහගෙන ආව ගෑනු කෙනෙකුයි තව කොල්ලෙකුයි.
    අර ගෑනු කෙනා කපල් එකේ ගර්ල් ගේ අම්ම. එයා බැන බැන හැමෝම ඉස්සරහ දුවට ගහන්න ගත්තා. පස්සේ කව්ද කිව්වා අර ආපු කොල්ල ගමේ බඳින්න ඉන්න කෙනා කියල.

    පව්.

    ReplyDelete
  6. හීනයක් වගේ... මරුවට ලියලා..

    ReplyDelete
  7. අයි යකෝ මේක මෙතනින් නැවැත්තුවේ?කෑවා...කෑවා ....

    ReplyDelete