Tuesday, January 10, 2012

කළු ගල් හිත....


කළු ගලක් වගේ මහා ලොකු
ලේසියෙන් රිදෙන්නැති
පහසුවෙන් වැටෙන්නැති
කාටත් නැවෙන්නැති
හිතක් තිබුනා මට
නුඹ ඇවිත් ඒ හිතට
ආදරේ පෙන්නලා
සෙනෙහසින් ලංවෙලා
රස රහස් කොඳුරලා
මාව වල් මත් කලා
අයිති කරගන්න මට
හිතාගෙන මම හිටියට
නුඹ අයිති ලෝකයට
නුඹේ වට පිට උන්ට
මට කොහේද අයිතියක්
නුඹ ලෝක උරැමයක්
මට නැති අයිතියක්
මේක මහ කරැමයක්
ඉතිං ඉල්ලමි කෙසේ
මගේ අයිතිය නුඹේ
මා අයිති නැති කල නුඹට
‍ඉතිං අවසරයි එහෙනම්
හදවතින් සමුගන්න
ඉඩ දෙන්න තනිවෙන්න
නුඹෙන් ඈතට යන්න
යලිත් නුඹ වෙත එන්න
එපා මට ඉඩ දෙන්න
තනිකමට හුරු වෙන්න
පුරුදු ලෙස තනිවෙන්න
ඉතිං මට ඉඩ දෙන්න...

14 comments:

  1. මේ සීගිරිය ගැන වෙන්නැති.
    එහෙම හිතන්න මූලික උන කාරණා ගොඩාඩාඩාඩාඩායි.
    1-කළු ගලක් වගේ මහා ලොකු
    2-නුඹ අයිති ලෝකයට
    3-නුඹ ලෝක උරැමයක්

    සීගිරියට පෙම් කරලා ,කාශ්‍යප රජතුමා විනාශ උනා, ඔයැයිතුත හදන්නේ ඒ කළුගල් ගෙඩියෙම ඔළුව ගහ ගන්න යැයි?

    වැඩි වෙලා ඉන්නෙත් සීගිරි ගල උඩ ද මන්දා.

    ReplyDelete
  2. "මට කොහෙද අයිතියක්
    නුඹ ලෝක උරුමයක්"

    බෙහෙවින් සිත් ගන්නා සුළු නැවුම් යෙදුමක්.

    ReplyDelete
  3. අදයි ගොඩ උණේ මේ දිහාවට !
    බලන් යනකොට ස්ත්‍රියට පුළුවන් කළු ගලුත් උණු කරන්න!

    ReplyDelete
  4. තනිකමට හුරුවෙන්න ....
    ඉතින් මට ඉඩදෙන්න....
    ජය වේවා!!

    ReplyDelete
  5. තනිකමට හුරුවෙන්න ....
    ඉතින් මට ඉඩදෙන්න....
    ජය වේවා!!

    ReplyDelete
  6. කලුගල් වගේ තිබුන එව්ව කුරුවල් කරගත්ත නම් විඳවපන් කියන්න තමයි වෙන්නෙ...

    මේ ලෝක උරුම කතාව තමයි තේරුනේ නැත්තෙ.. ඒ කෑල්ලත් එක්ක ගත්තහම හිතෙන්නෙ සිංහගල තමන්ගෙ වටේ තියෙන සිංහරාජ කැලෑවට කියන එකක් වගේ..

    ReplyDelete
  7. තනිකම හරිම සුන්දරයි .

    ReplyDelete
  8. අන්තිම පද ටික නියමෙට ගලපලා තියනවා!

    ReplyDelete
  9. ඔයාට තේරෙන්නේ නැති ඒ මන්තරේම මගේ හිත ගොඩක් රිද්දනවා

    ReplyDelete
  10. ආදරය කළු ගල් වගේ හිත් මෙලෙක් කරනවයි කියනවනේ...

    ReplyDelete
  11. බොහොම ස්තූතියි සියලුම දෙනාට... ජය !!!!

    ReplyDelete
  12. මම ආදරෙයි.
    හිත කළුගල් නෙමෙයි.
    ඒ නිසාම දරා ගන්න හරිම අමාරුයි.
    සමාවෙන්න හිත රිදුන නම්.
    මයෙ හිතත් දස දහස් වාරයක් රිදෙනවා.

    ReplyDelete
  13. මට කොහේද අයිතියක්
    නුඹ ලෝක උරැමයක්
    මට නැති අයිතියක්
    මේක මහ කරැමයක්
    ඉතිං ඉල්ලමි කෙසේ
    මගේ අයිතිය නුඹේ
    මා අයිති නැති කල නුඹට
    ‍ඉතිං අවසරයි එහෙනම්
    හදවතින් සමුගන්න ......................................... :'(

    ReplyDelete