Monday, May 30, 2011

ජීවිතය හැරී බලමි

                                                          පළමු පැටළුම


ජීවිතය හරිම පැටලැවිල්ලක්.. එකක් බේරගන්න හදනකොට තව කොහෙන් හරි පැටලිලා. මේක මට විතරක්ද, පොදු තත්වයක්ද කියන්න දන්නේ නැහැ. ඒත් මට එහෙමයි. කොහේ හරි  තැනකින් පටන් අරගෙන මේක ලිහාගන්න ඕනෙමයි. සමහර වෙලාවට මටම හිතෙනවා මේ හැම දෙයක්ම උනේ මගෙම වැරදි නිසයි කියලත්. පිස්සු බල්ලෙක් වගේ දුවන හිත මෙල්ල කරගන්න බැරි උන නිසාදත් කියලා හිතෙනවා. ඒත් මං අද නැවතිලා. එකම එක තැනක නැවතිලා ජීවිතේ නැවත හැරිලා බලන්න උත්සහ කරනවා. මේ මගේ කථාව....... තවමත් නැවතීමේ තිත නොතියපු මගේ කථාව.....


ඇය අනූ......... තාමත් මතකයට එනකොට හොයාගෙන යන්න හිතෙන තරමටම ඇයට.. ඒ මතකයන්ට මං තාමත් ආදරෙයි. ඇය මගේ ප්‍රථම ප්‍රේමය නොවුනත් මං තාමත් ඒ මතකයට ආදරේ කරනවා. 


ජානක සර්........


මාලි මැඩම් ගේ හඬ.. යන්තමට ඔළුව උස්සලා කාර්යාල කාමරය දිහා බැළුවේ නැගිටින්න කලින් මොකක්ද ගෙනියන්න ඕන ලිපිගොනුව දැනගන්න. 


Personal File එක... තවත් අලුත් එකියක්.. මට එහෙම හිතුනා..


ජානක සර්.. මේ ඉන්නේ අනුත්තරා.... අපේ අළුත් Quality Supervisor ... එහෙනම් මෙයයි මේ...වගේ බොහොම ගාම්භීර බැල්මක් දැම්මා මං..
මෙයාට Section එක පෙන්නන්න.. මාලි මැඩම්ගේ අණ.. අනූ.. මෙයා ජානක.. අපේ Floor Manager.... ඔයාට ඕනෙම දෙයක් මෙයාගෙන් දැනගන්න පුළුවන්...
එයා මගේ දිහා බලලා හිනාවෙලා මගේ පැත්තට අත දික්කලා..... Nice to meet you....
මගේ ඇස් නතර උනා... ඒ ඇස් දෙක ගාව....මං ගොළු උනා.....
මිස්ටර් ජානක.... මගේ අත......
අපොයි... වස නෝන්ඩිය.... මාලි මැඩම්... මගේ දිහා බලල නොන්ඩියට වගේ හිනා උනා..
සොරි.....පොලොව පලාගෙන යන්න බැරි නිසා මං කිව්වා..
මං “අනූ“ ව වඩම්මගෙන ගියා QC Section එකට.... ළමායි... මේ ඉන්නේ ඔයාලගේ අළුත් Quality Supervisor......
මිස් ද මිසිස් ද... මං කනට කරලා ඇහැව්වා..
මිස්.... ඇහෙන නෑහෙන ගානට එයා උත්තර දුන්නා..
මගේ හිතේ තිබුන සැකත් ඒ පිහිටෙන්ම අහවර කරගත්තා...
මේ ඉන්නේ ඔයාලගේ අළුත් Quality Supervisor මිස් අනුත්තරා...


එදා පටන් ගත්ත සුහදත්වය මගේ ජීවිතයට කොයි තරම් නම් ලං උනාද...


මිස්ටර් ජානක මං කීයට ද Off වෙන්නේ... අනූ මගේ ඉදිරියේ....
ආ..ආ... මොකක් ද ඇහැව්වේ..
මං කීයට ද Off වෙන්නේ... එතකොටයි මං වෙලාව බැලුවේ...
5.15 යි.... ඔයා මීට පස්සේ 5 ට Off වෙන්න..
මං ලැජ්ජාව වහගෙන කිව්වා...
ඉස්කොලෙ යනකාලේ කොයි තරං කෙල්ලොත් එක්ක යාළුවෙලා හිටිය ද..
ගම්පහ class යනකොට උදේට බස් එකේ එකක්...
දවල්ට මේඛලා එකේ එකක්...
හවසට කෝච්චියේ තව එකක්...
එහෙම හිටිය මං...
ඒත් මට හිතාගන්න බැහැ ඇයි මං අනූ ඉස්සරහ මෙහෙම නිරැත්තර වෙන්නෙ කියලා..
යන්නං මිස්ටර් ජානක..see you tomorrow.....බායියියියියියියියියියියි...
අනූ එහෙම කියාගෙනම කාමරෙන් එලියට ගියා...
ඉහලට ගත්ත හුස්ම පහලට දාන සද්දෙ එළියටත් ඇහුනද මන්දා.. මං ඉක්මනට වීදුරැ කාමරෙන් එලිය බැළුවේ කවුරැවත් බලාගෙන ඉන්නව ද කියලා.. හොඳ වෙලාවට කව්රැවත් බලාගෙන නැහැ.. යන්තං ඇති...කියලා හිත හදාගත්තා..
මුළු කාමරේම පාළුයි... මං මටම කියා ගත්තා...හිත කෑගහනවා... පලයන්... පලයන්..  කියලා..
Production File එකත් වහලා එහෙම්මම නැගිට්ටා..
පොත අත්සන් කරලා එළියට ආවේ අනූ ව අල්ලගන්න හිතාගෙන..
ජානක මොකද අද කලින්ම..හුටා...මාලි මැඩම්..
නැහැ මැඩම් අද පොඩි වැඩක් තියනවා ගෙදර ඒකයි..
ආ ඇත්ත ද? මං ඒත් බැළුවා කවදාවත් නැතුව ජානක මොකද වේලපහින්න off වෙලා කියලා...
අනු ත් දැන් මට කථාකරලා ගියේ.... එහෙම කියාලෙනම මාලි මැඩම් ඇතුලට ගියා..
මං අඩියට දෙකට ගේට්ටුව ගාවට දිව්වේ බස් එකට නගින්න කලින් අනූ ව අල්ලගන්න හිතාගෙන...
මං පාරට එනකොටම බස් එකක් ගියා... 
හෝව්... හෝව්.... 
මුගේ අම්මට.... නැවැත්තු වේ නෑනේ මේ කැ......... හිත Driverයාගේ මුළු පවුලටම බැන්නා...
පාරෙන් එහා පැත්තට පැනලා “සුදු අක්කගේ“ තේ කඩෙන් වාඩිඋනා... කියන්නත් කලින් අක්කා ප්ලේන්ටියයි... ගෝල්ඩ්ලිෆ් එකයි මේසේ උඩින් තිබ්බා... අක්කා දන්නවා මගේ menu එක..
මොකද අද කවදාවත් නැතුව බස් එකේ එල්ලෙන්න හැදුවේ... අක්කා අහැව්වා..
නැහැ නිකං.... 
දුම් බෝල දෙකක් පිට කරලා නිකමට වගේ පාර දිහා බැළුවා...
අනූ................................
කොල්ලෙක් ගේ අතේ එල්ලිලා.. පපුවට ගත්ත දුම් ගුලිය ඉස්මොල්ලෙත් ගියා...


මතුවට ඉතිරිය..

Saturday, May 28, 2011

හත

එදා
ඔයා මට කිව්වා..
ලබන ආත්ම
හතම
ඔයා මගේමයි කියලා..
 අද
 
ඔයා මට කිව්වා..
උඹට හෙණ..
හතම
ගහපන් කියලා..

අම්මාවරැනේ...

ජීවිතේ අනියතයි කියලා කියලා භාවනා කරන හැම තත්පරයකම...ලොකු පුතා දවාලට කෑවද දන්නෑ...කියලා හිතෙන තරමට නුඹේ දරැ සෙනෙහස.. නුඹ සොයන නිවන්මග අවහිර කරනවද? රත්තරං අම්මේ..

ඊරිසියාව ආයුධයක් කර ගතිමි.

බොහොම මෑතකදි හාවාව අහම්‍බෙන් වගේ තමයි හම්බුනේ... එක දවසක් තමයි පොඩි චැට් එකක් දැම්මෙත්.. පස්සෙ මං හාවාපස්සෙ ගියා.. . පස්සෙ පහු ඉලංදාරියා“ ගේ බ්ලෝග් එක කියෙව්වා. ඒත් ඒ වෙනකොටත් ඌ යන්නම ගිහින්. (ඉලංදාරියාට නිවන් සැප ලැබේවා !!) අද දොස්තර නෝනගේ බ්ලොග් එක කියවන්න ලැබුනා.. හිත කිව්වා බ්ලොග් එකක් හදපන්ම කියලා..ඔන්න ඔහෙමයි ඊරිසියාව ආයුධයක් කරගත්තේ..