Saturday, March 31, 2012

මුන් ඔක්කොම එකතු වෙලා මාව දූෂණය කලා........


මේ ගැන ලියන්න හිතුනේ මම මිට පෙර ලියපු අකැමැකි මතක කියන පොස්ට් එකට ලැබුනු ප්‍රතිචාර වල තිබුන යම් යම් කරණු පාදක කරගෙන... මම මීට කලිනුත් කියලා තියනවානේ මම මානව හිමිකම් සම්බන්ධආයතනයක සේවය කලා කියලා...

ඒ කාලේ මම පොලිස් නිළධාරීන්ට කාන්තාවන් සම්බන්ධයෙන් වෙන වැරදි වලදී කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුනා.....

මෙහිදී ළමා සහ කාන්තා අපචාර සම්බන්ධයෙන් වැරදි වලදී කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන් අපි රටපුරා පොලිස් නිළධාරින් දැන්වත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කලා... මෙහිදි අපි බොහෝ විට මේ වැඩසටහන් සඳහා ප්‍රායෝගික උදාහරණ භාවිතා කලා ඔවුන්ට මේ පවතින තත්වයන් ගැන වටහාදෙන්න.

මේ මම කියන්න හදන සිද්ධියත් ඒ වගේ පාවිච්චි කරපු උදාහණයක්... නමුත් මේ සිද්ධිය සත්‍ය කථාවක් යම් යම් අවස්ථා උචිත විදියට සංස්කරණය කරලා අධ්‍යාපනික වටිනාකමක් මතුවෙන විදියට....

මේ කියන වකවානුවේ අපේ රටේ ආරක්ෂක තත්වය බොහොම බරපතලයි.... පැමිණිල්ලක් කරන්න පවා පොලිස් ස්ථානයකට ඇතුල් වෙන්න බොහොම අමාරු තත්වයක් තමයි තිබුනේ.....විශේෂයෙන්ම උතුරු පලාතේ....

මේ සිද්ධියට මුන දීලා තිබුනේ අපේ රටේ හිටපු බොහොම දක්ෂ රජයේ නිතිඥ මහත්මයෙක්... මේ සිද්ධිය එතුමාගේ වචන වලින්ම විස්තර කරන්නම්.....

----------------------------------------------

එක්තරා බාලවයස්කාර ගෑණූ දරැවෙක් තමන්ගේ නිවසේදීම දුෂණයට ලක්වෙනවා..... ඒ දරැවා එනවා පොලීසියට..... දරැවගේ කකුල් දෙකෙන් ලේ ගලනවා... ඒ පිටින්ම ඒ දරැවා පොලීසියට එනවා....

මුලින්ම ඒ දරැවට හමුවෙන්නේ ගේට්ටුවේ ඉන්න අයි ජී පී මහත්තයා.....(ඔව් අර දුඹුරු පාටට හුරු පාටක් ඇඳගෙන ඉන්න එක්කෙනා)
එයා අහනවා “මොකද මේ...?“
සර් මාව අපේ බාප්පා දුෂණය කලා....
ආ... ඇත්තද...?
කොහොම උනේ......
සර් මම තනියම කාමරේ ඉන්නකොට ඇවිත් මාව දුෂණය කලා...
ආ... ඇත්තද.... කෝ ඇඳුම් ඉරිලා නැහැ නේ...
කොහොමස දූෂණය කලේ...? ගවුම පිටින්මද....?
නැහැ සර්..... (ගෑණු ළමයා අඹරෙමින්)
එහෙනම්... ගවුම උස්සලාද.....?
ඔව් සර්.....
ආ... ඒ කොහොමද....?
මම නිදියගෙන ඉන්නකොට ඇවිත් මගේ කට වහලා..... මාව තද කරගෙන දුෂණය කලා සර්.....
ආ.... වෙන මොනවද කලේ......
(ගෑණු ළමයා අඹරෙමින්... සිද්ධිය විස්තර කරයි...)
හ්ම්... එහෙනම් යනවා ඇතුලට.....
(ගේට්ටුව විවර වේ.... ළමයා ඇතුලට යයි....)

පොලිසියේ පිළිගැනීමේ නිළධාරී...
මොකද මේ....
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
හ්ම් බංකුවෙන් වාඩි වෙලා ඉන්න... ඕ.අයි.සී. මහත්තා කථාකරනකම්....

ඕ.අයි.සී මහතා......
මොකද මේ....?
සර් බාප්පා මාව දුෂණය කලා....
මොකද උනේ....?
සර්... මම ඇඳේ නිදියයෙන් ඉන්නකොට බාප්පා බීලා ඇවිත් මාව දූෂණය කලා සර්...
ඔච්චචර දෙයක් කරනකම් තමුන්ට දැනුනේ නැද්ද...?
දැනුනා සර්.... මම කෑගහන්න හදනකොට බාප්පා මගේ කට වැහැව්වා....
වෙන මොනවද උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
හ්ම්.... ක්‍රයිම් කේස් එකක්.....
ටිං...ටිං... (ඔ අයි සී මහතා සීනුව නාද කරයි)
සර්.....
මෙයාව ක්‍රයිම් එකට දානවා.....

ක්‍රයිම් ඕ අයි සී (අපරාධ අංශය)
මොකද උනේ.....?
සර් බාප්පා මාව දුෂණය කලා..
මොකද උනේ....?
සර්... මම ඇඳේ නිදිහයෙන් ඉන්නකොට බාප්පා බීලා ඇවිත් මාව දූෂණය කලා සර්...
තමුන් තනියමද ගෙදර හිටියේ......
ඇයි දමව්පියෝ හිටියේ නැද්ද...?
එයාලා කුඹුරට ගිහින් සර්....
ඔච්චචර දෙයක් කරනකම් තමුන්ට දැනුනේ නැද්ද...?
දැනුනා සර්....
මම කෑගහන්න හදනකොට බාප්පා මගේ කට වැහැව්වා....
වෙන මොනවද උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
වයස කීයද...?
16 සර්....
හ්ම්....
මේක සී ඇන්ඩ් ඩබ්ලියු එකක්...(ළමා සහ කාන්තා අංශය)
මෙයාව සි ඇන්ඩ් ඩබ්ලියු එකට ගෙනියන්න....

ළමා සහ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිතුමිය....
මොකද උනේ.....ෙ
බාප්පා මාද දුෂණය කලා....මැඩම්....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ මැඩම් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
ඩබ්ලියු පී සී ....
මෙයාව අරගෙන යනවා ජේ ඇම් ඕ ගාවට (අධිකරන වෛද්‍ය නිළධාරී)
(දරැවාව රෝහලට රැගෙන යයි)


එහිදී..... අධිකරණ වෛද්‍ය නිළධාරී.....
මොකද උනේ...?
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්...
බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
(සාක්ෂි ලබාගනියි..... දරුවා සම්පුර්ණ පරික්ෂාවකට ලක්වේ.....)
(භෞතික සාක්ෂි ලබාගනියි)
හ්ම්..... මේ ගැන ළමා රක්ෂක අධිකාරිය දැනුම් දේ....

ළමා රක්ෂක නිළධාරී....
මොකද උනේ....?

සර් බාප්පා මාද දුෂණය කලා...
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
දරුවාට නිතිඥ සහාය ලැබේ....

නිතිඥ මහතා....
මොකද උනේ..
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
හ්ම්.....

අධිකරණයේ දී.....ගරැ මහේස්ත්‍රාත්වරයා...
මොකද උනේ.....
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
විත්තියේ නිතිඥයා හරස් ප්‍රශ්ණ අසයි....
ඇයි දුෂණය කරනකම් බලාගෙන හිටියේ....
තමුන් සනීපෙට හිටියා නේද....?
නැහැ... එහෙම නම් ඇයි විරුද්ධ නොවුනේ....
(තව තවත් හරස් ප්‍රශ්ණ)
සිද්ධිය මහාධිකරණයට යොමු වේ....

ගරු මහාධිකරණ විනිසුරැ.....
මොකද උනේ....?
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)



සිද්ධිය මහාධිකරණයේ දි මාස ගනනක් විභාග වේ.....

මේ අවසන් නඩු වාරයයි... තීන්දුව ප්‍රකාශ වීමට නියමිතයි....
නැවතත් රජයේ නිතිඥ...
මොකද උනේ....?
(දැරිය නිහඬය...)
නැවතත්....
මොකද උනේ.....
මුකුත් නැහැ....
රජයේ නිතීඥ...... මුකුත් නැහැ..
විනිසුරුගෙන් විනාඩි 30 ක් කාලයක් ඉල්ලයි....
අවසර ලැබේ.....
රජයේ නිතීඥ...
මොකද ළමයා වෙලා තියෙන්නේ...
ඇයි සිද්ධිය විස්තර කරන්නේ නැත්තේ....
සර්.... මම මේ වෙනකොට මේ සිද්ධිය 54 වතාවක් කියලා තියනවා...
සර්ට ඕනේ මේක 55 වෙනි වතාවටත් මගේ කටින් අහගන්නද...?

රජයේ නිතිඥ නිහඬයි......

44 comments:

  1. Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි මමත් ඔය කතාව අහලා තියනවා, මේක හරියට 54 වතාවක් දුෂණය කළා වගේ වැඩක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...... හදවතින්ම ශ්‍රී ලාංකිකට....

      මේ වගේ සිද්ධින් වෙනවා...එදත් ....අදත්... හෙටත් වෙනවා....

      Delete
  2. කෙල්ලෙක් ඇවිත් අරයා මාව දූශනය කලා කීව ගමන්ම අරයාව පොලිසියෙන් අත්ඩංගුවට අරන් අර දූශනය වෙච්ච කෙනාගෙන් ආයි මුකුත් අහන්නෙ නැතුව..මොකද එකසැරය්ක් දූශනය වෙච්ච කෙනානෙ.. අරයට දැඩි දඬුවන් දෙන්න ඕනි මන් නම් කියන්නෙ ! එහෙමද මේ තත්වයට විකල්ප යෝජනාව ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ.....
      කව්ද බං ඒ වගේ ‍දෙයක් කිව්වේ..... හොඳට කියෙව්වානම් තේරුම් ගන්න පුලුවන් මොනවා ගැනද කියලා තියෙන්නේ කියලා....

      Delete
  3. ඇත්තටම මෙ කියන මුල්ම නිලධාරියාට තිබුනේ මෙ ලමයාව කෙලින්ම අදාල අංශයට යොමු කරන්නයි. මෙක කියවන කොට මටත් හරි තරහක් ඇතිවුනා ඔය නිලධාරින් ඔක්කෝම එක්ක, ඇයි අනේ දැනටමත් ඒ ලමයා විදින මානසික හා කායික වේදනාව මදිද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඩී.ජේ.....
      ඒ දේ නීතියට නොතේරෙන එක තමයි ප්‍රශ්නේ......

      Delete
  4. ඇත්ත.. මේවගේ දේවල් නිසා තමයි මෙහෙම අකටයුත්තක් උනත් ඒ අය නීතිය ඉදිරියට යන්නේ නැත්තේ.. ඒ අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්න බැරි නිසා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනේෂ්.....
      ඔව් බොහෝ විට වාර්ථා නොවෙන් ස්ත්‍රී දුෂණ සිද්ධින් අනන්තයි... අප්‍රමාණ්‍යි....

      Delete
  5. කලකට ඉහතදි මනෝවිද්‍යා පාඨමාලාවකදි එක්තරා මනෝවෛද්‍යවරයෙක් පෙන්නුව උදාහරණයක් සිහිපත් වුණා. ඔහු සටහනක් ඉදිරිපත් කළා වසර දෙකක් ඇතුළත, විසි හතර වතාවක් විභාගයට ගත් අපචාර නඩුවක්. ඒත් තීන්දුවක් නැහැ. අපචාරයට ලක් වුණු දරුවා හෝ කාන්තාවගෙ මානසික තත්වය ගැන නඩු අහන අයට ප්‍රශ්නයක් නැහැ.
    ඊලඟ දුක්ඛිත තත්ත්වය, ඊට විසඳුම ලෙස ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන මගින් ගන්නා වැඩපිළිවෙල. දූෂණයට ලක් වුණු දැරියන්ගේ භාරකරුවන්ට ඔවුන් පැහැදිලි කරනවා නීති මගින් කටයුතු කරන්නට ගිහාම ඇති වෙන මේ තත්වය. එහෙම කරලා, ඔවුන්ව කැමති කරව ගන්නවා නීතියේ පිහිට නොපතා, සිද්ධිය සඟවන්නට. කරදරයට පත් දැරිය (සමහරවිට සිද්ධිය හේතුවෙන් ගැබ් ගත් දැරියනුත්) ඔවුන්ගෙ නිවාසයට ඇතුළු කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. මෙහෙම දෙයක් අහුවමයි. ඒ කියන්නෙ ඔවුන්ගේ නිවාසයේ ලමයි ගාන වැඩිකරගන්න. එහෙමද???

      Delete
    2. මමත් මෙහෙම දෙයක් ඇහුවමයි... එයාලගෙ අරමුණ ළමයි ගාන වැඩි කරගෙන වැඩි ආධාර ප්‍රමාණයක් ලබා ගැනීමද....?

      Delete
    3. බො‍හොම ස්තූතියි නලිනි දොස්තර නෝනා.....
      අපි බොහෝ නීතියප්‍රකාරව මේ වගේ සිද්ධින් වලට බොහොම කාලයක් ගතවෙනවා.... ඒක තමයි ඇත්ත තත්වේ... මම සහභාගී උන පුහුණු වැඩමුළුවකදී එක්තරා දේශක මහකෙත් ප්‍රකාඹ කල ආකාරායට එක්තරා සිද්ධියක් තිබුනා මස්සිනා අතින් නෑනා අතවරයට ලක්වෙලා... පොලිසියේ පැමිණිල්ල දාලා....
      කොහොම හරි මේ සිද්ධිය අවසාන නඩු වාරේ එනකොට මේ දෙන්නා විවාහත් වෙලා.... නෑනට දරුවෙකුත් ලැබිලා.... නමුත් මේ නඩුව දිගටම ක්‍රියාත්මක වෙලා.... අවසානයේ මස්සිනාට දඬුවම් පවා නියම වෙලා තියනවා.....

      ඔබ කියන දෙවැනි කාරනාව නම් කථා කරන්න ඕනේ... මේ ප්‍රකාශයේ යම් වැරැද්දක් තියනවා... අපේ රටේ බොහෝ දෙනෙක් මේ වගේ නිකුත් කරන පොදු ප්‍රකාශ වලින් මුලු මහත් රාජණ නොවන සංවාධාන ක්ෂේත්‍රය කෙරෙහිම වැරදි වැටහීම් ඇතිවෙනවා..... මොකද රටේ විවිධාකාරයේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක වෙන නිසා.... අර කථාවක් තියෙන්නේ එක මකුනෙක් කෑවාම මුලු මකුණු සංහතියම වග කියන්න ඕ‍නේ කියලා... ඒ වගේ සිද්ධියක් තමයි මේක....
      අනිත් කාරනේ නම් ඔබ කටයුතු වල බොහෝ දුරට නිරතවෙන්නේ මිෂනරි ආයතන..බොහේ විට ඔවුන් රාජ්‍ය නොවන සංවිධානයක් විදියට ලියාපදිංචි වෙලා නැහැ... කුමක් හෝ ආගමික් මධ්‍යස්ථානක් කේන්ද්‍රකරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ....
      කිසිම ආයතනකට නිතිමය අවසරයක් නැහැ කිසිම වින්ඳිතයෙක් නීතියේ ක්‍රියාකාරීත්වයෙන් ඈත්කර තබන්න.... එහෙම කරනවා නම් අදාල ආයතනයට එරෙහිව නීතිමය වශයෙන් ක්‍රියා කරන්න පුලුවන් බලයක් තියනවා....

      Delete
  6. අපොයි කොච්චරවත් පොඩි මිනිහමයි තැලෙන්නෙ.බැරි වෙලාවත් ඕක ලොකු මිනිහෙක්ගේ දරුවෙක්ට උනානං ඔය දේ ඔය විදිහට සිද්ද වෙනවද???

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනුක.... ඔව් ඒ වගේ අවස්ථාවකදී මේ තත්වයට වෙනස් වෙන්නත් පුලුවන්....

      Delete
  7. මේක සහතික ඇත්ත...

    මිනිස්සු කතන්දර අහලත් ලබන ආශ්වාදයක් තියෙනවා. අනිත් මිනිහගේ මානසිකත්වය නොසිතා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සෑමා....
      ඔව් සමහර අවස්ථා තියනවා විශේෂයෙන්ම පොලීසියේ පහල මට්ටමේ නිළධාරීන්ගේ අතින් මේ ‍වගේ දේ වාර්ථා වීම්....

      Delete
  8. සමහරු මළ ගෙවල් වලට එන්නෙ දන්න කියන අය අඩන හැටි බලන්නලු. පළවෙනි පාරම ප්‍රකාශය වීඩියෝ කරගත්තනං ඉවරනෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චින්තක අයියා.....

      ඔව් වීඩියෝ සාක්ෂි ලබාගැනීමේ හැකියාව තියනවා.... ඒත් මම කියන වකවානුවේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් තිබුනේ ළමා රක්ෂණ අධිකාරීයේ කොළඹ පිහිටි ප්‍රධෘන කාර්යාලයේ විතරයි.... ලංකාවේ කෙහේ ප්‍රශ්ණයක් උනත් කොළඹ එන්න ඕනේ.....

      Delete
  9. මේ කතාව නම් ඇත්ත.මම දන්නවා අවුරුදු 16 දී අතවරයට පත් උණු ගැණු ලමයෙක් නම් නඩුව අහලා තීන්දුව දීලා ඉවර වෙනකොට ඒ ළමයට අවුරුදු 25ත් පැනලා.ඒ වෙනකල්ම භැම නඩු වාරයකදිම මේ ළමයා මානසිකව නොනවත්වා අතවරයට ලක් වෙනවා. අන්තිමට අපරාධ කාරයාට ලැබෙන දඬුවමත් ඒ හැටි ලොකු දෙයක් නෙවෙයි ඒ ළමයට වුණු දේ හැටියට බලනකොට. අන්තිමට වෙන්නෙ අපරාධ කාරයාට අවුරුදු 5ක අත් හිටවූ සිර දඬුවමක් හා ගෑණු ළමයාට රු 50000/-ක වන්දියක් ලැබෙනවා. එහෙමත් නැත්නම් අපරාධ කාරයාට එක් අවුරුදු සිර දඬුවමක් හා ගෑණු ළමයාට රු 50000/-ක වන්දියක් ලැබෙනවා. ඔය වගේ දේකට පොලිසියේ පිහිට ඉල්ලගෙන ගිහින් නඩු දානවට වඩා හොඳයි ඉතින්.......................................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තරු අරුන්දතී.....

      මෙවැනි සිද්ධින් වලද බොහෝ විට අපරාධාකාරයන්ට අඩු දඬුවම් ලැබෙන්නේ සිද්ධිය නිසියාකාරව ඔප්පු කරගන්න බැරිවීම හේතුවෙන්....

      Delete
  10. මචන්,

    ලංකාවේ අධිකරණයට මිනිස්සු ගොඩාක් යන්නේ තමන්ට සාධාරණයක් ඉටු කරන්න නෙවෙයි... රටට දඩයක් ගෙවලා එන්න.... මේක ලොකුවට විස්තර කරන්න පුළුවන් මීටත් වඩා.....

    දූෂණයට ලක් වෙච්ච, එච්චර ඕන නෑ වෙන අසාධාරණයකට ලක් වෙච්ච කාන්තාවන්ගෙන්, තමන්ට ලැබෙන සොච්චමට සාධාරණයක් කරන්න කියලා හිතාගෙන රෙද්දේ රෙවෙන්න ප්‍රශ්ණ අහන නීතිඥ්ඥයෝ ටික කම්බස් කරන්න ඕන ඔක්කොටම කලින්.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අභියා.... මේ පැත්තේ ඇවිත් දෙන සහායට....

      ඕකට ප්‍රධානම ප්‍රශ්ණය වෙන්නේ නිතිඥයා කියන්නේ වෘත්තිකයෙක් වීම..... ඔහුගේ වෘත්තිය අනුව ඔහු විත්තියට හෝ පැමිණිල්ල වෙනුවෙන් කථා කරන්න වෙනවා...ඒ ඔහුගේ වෘත්තිය... එහිදී ඔවුන් තර්ක කරන්නේ නීති පොත් වල තියන කරුණු අනුව.... ඒ වෙනුවෙන් තමයි ඔවුනට මුදල් ලැබෙන්නේ..... මම දැකලා තියන තමන්ගේ හෘදය සාක්ෂිකය එකඟව කටයුතු කරන්න බැරි එකම රැකියාව නිතඥ වෘත්තිය....

      Delete
  11. මේ කතාව අද තමයි ඇහුවෙ.....මේක වෙන්න පුලුවන් දෙයක්.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හිත හොඳ පිස්සා....

      මේවැනි දේ එදත් උනා... අදත් වෙනවා... හෙටත් විය හැකියි.....

      Delete
  12. යක්ෂයෝ ඉන්න රටක් මේක. ඉන්දියාවේ මීට හපන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කාජල්....

      ඔව් මිනිස්සු අතරේ ඕනෑ තරම් වෘක්යෝ වගේම සර්පයොත්... යක්ෂයොත් ඉන්නවා....
      ඒ අය අඳුරගන්න එක තමයි අමාරු.... ඒ නිසා හැම වෙලාවෙම තමන්ගේ ආරක්ෂාව සපයාගත යුතුයි....

      Delete
  13. ඒ ළමයාට වුනු අතවරයට වඩා අතවරයක් මේ අනිත් මිනිස්සු කරන්නේ. මේවා සහ ගහන අපරාද

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වර්ණා නංගි.....

      ඔව් අපේ නීති පද්ධතිය මෙහෙම තමයි..... බොහෝ විට ලංකාවේ නිති පද්ධතිය තුල වින්ඳිතයන රුකගැනීමේ නිසි සැලැස්සමක් නැහැ....

      Delete
  14. මේක නම් දේශනය සඳහා පාදක කරගත් නිර්මාණාත්ම එකක් වගෙයි බැලූ බැල්මට පේන්නෙ. මොකද පොලිසිය තුල සිදුවු සමහර තැන් මේ ලියල තියන විදියට නිර්මානාත්මක ගෙතුම්.
    ඒ කොහොම වුණත් මේයින් ගත යුතු මූලික හරය නම් "ස්ත්රීල දූෂණ" නඩුවක ප්රදශ්න කිරීමේ ස්වභාවයයි.

    දණ්ඩ නීති සංග්රේහය අනුව ස්ත්රී දූෂණක් සිදුවිය හැකි අවස්ථා කීපයක්ම පෙන්නා දීලා තියෙනවා. මම ඒක ඉතාම කෙටියෙන් ලියල පෙන්නල දෙන්නම් ඇයි ඒ විදියට ප්රදශ්න අහන්නෙ කියලා.

    ස්ත්රීඉ දුෂණයක් සිදුවිය ගණනාවක් තියෙනවා කාන්තාවගේ කැමැත්ත ඇතිව/ කැමැත්ත නැතිව / මරණ බිය ඇතිකර ලබා ගන්නා කැමැත්ත මත/ වයස අවුරුදු 12ට අඩු දැරියකගේ කැමැත්ත ඇතිව හෝ නැතිව

    මෙයින් වයස අවුරුදු 12ට අඩු දැරියකගේ කැමැත්ත ඇතිව හෝ නැතිව යන්න අධිකරණයේදී ඔප්පු කල යුතු නැත. එයම වැරැද්දකි.

    සෙසු අවස්ථා සඳහා කාන්තාවගේ කැමැත්ත තිබුණාද නැද්ද යන්න අධිකරණයේදී විසඳ‍ාගත යුතු ප්ර්ශ්ණයක්.

    එහිදී කාන්තාවගේ වයස අවුරුදු 12 -14, 14 - 16, සහ 16 -18 , ඊට වැඩි අවස්ථාවල මෙය ඒඒ අවස්ථාව අනුව වෙනස් වෙනවා.

    ‍මේ කැමැත් තිබුනාද නැද්ද යන්න තහවුරු කිරීමට සිද්ධිය සිදු වූ වෙලාව, ස්ථානය ඒ අවස්ථාව, සිදුවූ හානිය, ( තුවාල, සීරිම්, සැපීම්, ) ඒ මොහොතේ ඒ තැනැත්තිය ඊට එරෙහි වීමට දැක්වූ ප්රුතිවිරෝධය සහ විත්තිකරුගේ ස්වභාවයත්, ඒ මෙහොතේ ඇඳ සිටි ඇඳුම් ආදියත්, මෙම සිද්ධිය පොලීසියට / අධිකරණයට වාර්තා වූ කාලයත් අතර පරතරය මේ ක්රි යාව ඔප්පු කිරිමට වැදගත් සාධක.

    පොලීසියට ලබාදුන් ප්රතකාශයත්, මහේස්ත්රාේත් අධිකරණයේදී කරනු ලැබූ දිවුරුම් පිට ප්රැකාශයත් පදනම් කරගෙන මහාධිකරණයේ නඩුව විමසනවා.

    මෙහිදී අදාළ ස්ත්රීර දූෂණ නඩුව විභාගය ආරම්භ කිරිමට පෙර අධිකරණ ශාලාවට පැමිණ සිටින සෙසු සියළුම මහජනයා ඇතුලු පාර්ශව අධිකරණ ශාලාවෙන් ඉවත් කල පසු නඩුව විමසීම ඇරඹේ.

    මෙහිදී පැමිණිලිකාරිය ගේ ප්රශකාශය චූදිතයාට දඬුවම් කිරීමට ඉතා වැදගත් සාධකයක්. වගේම ඇයගේ අකමැත්ත මත එය සිදුවූ බව ඔප්පු කිරීම වැදගත් වේ.

    මෙහිදී පැමිණිලි කාරිය මහේස්ත්රාරත් අධිකරණයේදී කරනු ලැබූ දිවුරුම් පිට ප්රාකාශය " එයාගේ එක මගේ එකකට බලෙන් ඇතුල් කළා" වගේ ප්රයකාශයක් නම් එහෙමත් නැත්නම් “ එයා මට බලෙන් කරදර කළා” එගේ ප්රරකාශයක් නම් එතැන දී මේ "එක" යන්න හෝ “කරදර කළා” යන්න පැහැදිලි කල යුතු වෙනවා මොකද එහි විවිධ තේරුම් යෙදෙන නිසා ඒ නිසා ඇ‍යගේ අයිතිවාසිකම් තහවුරු කිරිම අධිකරණය නිරන්තරයෙන් ක්රිමයා කරනවා නමුත් ලංකාවෙ සංස්කෘතිය තුළ මෙරට කාන්තාවන් ඒ දූෂණය වූ ආකාරය ප්රිකාශ කරන්නේ ඉතාමත් කලාතුරකින්. ඒ ඇයට තවමත් ඇති ලැජ්ජාව සහ බය ( සංස්කෘතික හැදියාව) නිසා. අනික දෙමව් පියන් මේවැනි සිද්ධි දැනගත්තද නිති ක්රිජයාමාර්ග තුළ සමාජයෙන් වන අවඥාවෙන් වසන් වීම ට දක්වන කැමැත්ත. සහ පැමිණිලි කාරිය අධිකරණය මග හැරසිටීම එතැනින් අධිකරණයේදී විත්තියට වාසි ලැබෙනවා. නමුත් එසේ දූෂණය වූ යේ වයස අවුරුදු 15 ට අඩු දැරියක් නම් ඇය සෘජුවම අධිකරණයේදී සියළු විස්තර මුල සිට අගට ප්ර කාශ කරනවා. වයස අවුරුදු 16 හෝ ඊට වැඩි බෙහෝ අය සිද්ධිය විස්තර කරන්නේ නැහැ.
    මේ ප්රුශ්ණ කිරීම් ලිංගික උත්තේජනයක් ඇතිකරන එහෙමත් නැත්නම් කුණු රසය පිරුණු කාමුක රසය දනවන දේ දැනගැනිමට අධිකරනය සහ නීතිඥවරු කැමතියි කියා යමෙක් කියනවානම් එය ඉතාම නොදැනුවත්ව කරන ප්රරකාශයක් විය යුතුය. මන්ද ඒ මොහොතේ ඒ කාන්තාව විඳින පීඩාවම එතැන සිටින සෙසු අයද විඳින බැවිනි.

    අධිකරනය සහ නීතිඥවරු සම්බන්ධයෙන් වැරදි මතයක් ඇතිවේ යැයි සිතා එය නිරවුල් කර ගැනීමට මෙම පැහැදිළි කිරීම කළෙමි.

    සහෝ .. උඹ මේ වගේ දෙවල් ලියල සමාජය දැනුවත්කර කරන එක ගොඩක් වැදගත්. බොහෝ දෙනෙක් අතින් නොකෙරෙන්නෙත් එයයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දයානන්ද රත්නායක මහත්මයාට..... බොහොම වටිනා පැහැදිලි කිරීමක්....

      ඔව් මම මුලින් සඳහන් කලා සේම මේ සිද්ධිය ඒ සිද්ධිය සත්‍ය කථාවක් උනත් යම් යම් අවස්ථා උචිත විදියට සංස්කරණය කරලා අධ්‍යාපනික වටිනාකමක් මතුවෙන විදියට සංස්කරණය කරලා තියනවා....

      නුමත් මම මේ කියන වකවානුවේ පොලිස් ස්ථානයකට අතුල්වෙනකොට දහසක් ප්‍රශ්ණ වලම මුන ලාන්න සිද්ධ වෙනවා... විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පලාත් වල දී... ඒහි දී බොහෝ අවස්ථාවලදී වැඩි වශයෙන්ම ප්‍රශ්ණ කරන්නේ ගේට්ටුවේ ආරක්ධාවට ඉන්න ග්‍රාමාරක්ෂක භටයෝ... ඔවුනට වෙඩි තියන්න පුරුදු කරාට සිවිප් සමාජය කුල පොලිසීයේ කාර්යභාරය පිළිබඳ වැටහීමක් නැහැ.... මේ වගේ අවස්ථාවන් මම මගේ සේවා කාලය තුල අනන්තවක් දැකලා තියනවා...බොහෝ විට පොලිසිය ඇතුලට යන කාරණාව පොලිසිය ඉස්සරහාදීම පැහැදිලි කරල යුතු වෙනවා....

      අනිත් කාරණය වෙන්නේ පොලිසිය තුල තියන අකාර්යධමතාව සහ සිමබන්ධීකරණයේ දුර්වලතා... හරියට වම් අත කරන දකුණු අත නොදන්නා ආකාරයේ සිද්ධීන් පොලිසිය තුල වෙනවා.... මෙයින් බොහෝ විට මම ඉහත සඳහන් කල ආකාරයේ වින්ඳතයන් අපහසුතාවටනට පක් වී මේ අවස්ථා පැන නගින්න පුලුවන්....

      ලංකාවේ නිතී පද්ධතිය තවමත් ළමයා යන්නට නිසි අර්තකථනයක් දීලා නැහැයි කියන එකයි ම‍ගේ පෞසිගලික මතය.... ඒ ඒ නීති පොත්වල ළමයා යන්න වෙනස් වෙනව මම දන්න විදියට... මේ ඔබ කියනව අවුරුදු 12 කියන්නේ ‍ළමා රෝග පිළිබඳ විශේෂඥභාවය පිඳිබඳව දැක්වීමේ දී නේද ?

      අවසාන වශයෙන් මේ හැම සිද්ධියක්ම අවසාන තීන්දුව තීරණය වෙන්නේ පැමිණිල්ලේ සහ විත්තියේ සාක්ෂි පදනම මත.... එහිදී නිතිඥයා ගේ කාර්ය භාරය පලිබඳ මට කිසිම ගැටළුවක් නැහැ... මොකද නිතිඥවරයෙක් යනු වෘත්තිකයෙක් වෙන නිසා... එහිදී ඔහු හෝ ඇය තමන්ගේ සේවාදායකයා වෙ‍නුවෙන් පෙනී සිටිය යුතුයි.... නමුත් සම්බන්ධයන් වෙනම සංවාදයක් ගොඩ නැගිය හැකි කාලය මම දකින විදියට....
      මේ ගැන මොනවට පැහැදිලි වෙනවා පහුගාය දවසක ගංගොඩවිල උසාවියේදී වෙච්ච සිද්ධිය.... (අර හාමුදුරුවරුන්ගේ ඝාතනයේ දී)

      බොහොම ස්තූතියි ලබාදෙන ශක්තියට හා ධෛර්යට....

      Delete
    2. දයානන්ද රත්නායක මහතාගේ කතාව ගොඩක් වටිනවා.නොදන්නා දේවල් ගොඩක් දැනගත්ත. මමද ඔබට ස්තුති කරනවා.

      Delete
  15. මේක කියවලා ගියා කලිනුත්. කොටින්ම කලින් එකටත් කොමන්ට් එකක් ලියන්න හිටියට බැරි වුනා.

    මෙහෙම ප්‍රශ්න අහන එක සාධාරණයිද කියන එක තීරණය කරන්න අමාරුයි. මාත් මේ වගේ සෙක්සන් එකක ඉඳලා හිටලා වැඩ කරන හින්දා මට නම් හිතෙන්නේ එහෙම අහන්නත් උවමනා කරනවා කියලා. ඒත් ඕක අස්සේ අර සුදුසු නිළධාරියට යොමු නොවී වටේ යවන එක නම් (ඒ වගේම ඕවා අහලත් නිකම් අපහාසයට වගේ හිනා වෙන උත්තර දෙන) පිළිකුල්.
    ඒත් ලංකාව වගේ රටක වෙන්නෙත් ඕකම නේ නේද?

    අපි මේ දේවල් දිහා සමාජයක් විදිහටම හිතන විදිහ වෙනස් වෙච්ච දවසට සාධාරණයක් ඉටු වෙයි.

    කොටින්ම මේ අපි ජීවත් වන රටවල වගේ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බුරු බබා....

      ඔව් මේ ප්‍රශ්නේ දෙපැත්තක් තියනවා.... ඒ ගැන මතුකිරීම සම්බන්ධායෙන් බොහොම ස්තූතියි.....

      Delete
  16. Replies
    1. බොහොම ස්තූතියි ඔබ නොදුටු ලොවක්....

      Delete
  17. මම නීතීඥවරියක්. මම ඕන තරම් රෙප් කේස් දැකල තියනව. ඒවට ඉදිරිපත් වෙලා තියෙනව.. මගෙ අත්දැකීම අනුව මගේ දුවට,නංගිට, අම්මට යම් දවසක දූෂණයක් වුනොත් මම කවදාවත් නීතියේ පිහිට පතන්නෙ නෑ... මාව අහු නොවෙන විදිහට මම දූෂකයව මරල දාලා දඩුවම් කරනව. මොකද අවුරුදු ගාණක් නීතිය ඉදිරියේ වුනත් මගේ දුවට නංගි අම්ම නැවත නැවතත් මානසිකව දූෂණය වෙනව බලන් ඉන්නවට වඩා එය ම‍ටත් දුෂණයට ලක් වුන මගේ කෙනාටත් ඒක සැනසීමක් වෙනව

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම..මමත්.

      Delete
    2. @ ඇනෝ නිතිඥවරිය..... ඔබගේ ඒ කථාව නම් මම අනුමත කරන්නේ නැහැ සහ ඒ වගේ දෙයක් කරන්න බැහැ කියන එතයි මගේ අදහස.... ඊට වඩා නිතිඥවරියක් විදියට ඔබට කරන්න පුලුවන් දේ තියනවා..... මේ වෙනස් වීමයි අවශ්‍ය වෙන්නේ.... ඔබ දන්නවා උසාවියේ නඩුවක් නීතිපති වාර්ථාව එනතෙක් කොයි තරම් කල්යනවද කියලා.... වින්දිතයින් වගේම චුදිතයින් කොයිතරම් අපහසුතාවට ලක්වෙනවද කියලා.... මේ වගේ දේවල් වෙනස් කරන්න ඕනේ.....
      ඒහෙම නැතිව නීති‍යට පිටින් ගිහින් වැඩකරන එක නම් හොඳ උපදෙසක් නෙමෙයි.... හැබැයි නීතිය වල්මත් උනාම මිනිස්සු කරන්නේ නීතිය අතට ගන්න එක..... තමන්ට සාධරණය හොයාගෙන යන එක.... ඒක තමයි අද අපේ රටේ වෙලා තියෙන්නේ.....

      Delete
    3. බොහොම ස්තූතියි ඔබට.....

      Delete
  18. ඇත්තටම මේ නිතිය විහිළුවක්.පොලිස්සියට එන මිනිහව කඩේ අරින්නයි කඩේ යන්න බැරි මිනිහගේ පටි රෝල් කරන්නයි විතරයි මෙවුන් දන්නේ.අනේ මටනම් පුදුම තරහක්. ගම්බට්ටා ගේ ඉදල අනිත් හැම එකාම තමන්ගේ රාජකාරිය හරියට කරනවානම් මෙහෙම වැරදි කරන එවුන් ඒ දේවල් නොකර ඉදිවී.එත් කරුමෙට එහෙම වෙන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් නීතියි පොලිසිය කියන මේ දෙවල් විහිළුවකට ලක්වෙලා තියෙන්නේ ඒ නිති රීති හෝ ආයතන හිනදා නෙමෙයි... ඒවා තුල කටයුතු කරන මිනිස්සුන්ගේ ක්‍රියාකලාපයන් හින්දා....

      බොහොම ස්තූතියි ඩ්‍රීම්ස්....

      Delete
  19. මේක කියවන්න පටන් අරං මහ වෙලාවක් යන්න කලින් ඔලුවට ආවෙම මොන හුත්තක්ද මේ කියලා. ඒ ළමයව දූශනය කරල තියෙන්නෙ නීතියෙන්නෙ. ඉහල ඉන්න නීතීඥවරිය කියපු දේට මමත් එකගයි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... සමීර ආර්.... අනේ අම්මපා‍ බොගේ සංස්කරණය නොවන කට.....
      හැකිස්.....

      Delete
  20. මේ කාරණය ගැන හොඳටම කතා කරපු තැනක් තමයි සරත් ධර්මසිරිගෙ 'ගිනි කිරිල්ලී' ෆිල්ම් එක. දූෂණයකට ලක්වන කාන්තාවකට නීතිය හමුවේ සහ සමාජය හමුවේ මුහුණදෙන්න වෙන හැම ප්‍රස්නයක්ම ඒකෙ අපූරුවට නිරූපණය වෙනවා. ඒ වගේම බොහොම උත්ප්‍රාසවත් එන්ඩ් එකකුත්. DVD/VCD සාමාන්‍ය වීඩියෝ හලකින් මිලදී ගන්න පුළුවන් වෙයි.

    ReplyDelete