Monday, March 19, 2012
පැණි හඳ.......
නගිනකොටම ඇතිවෙච්ච ගැස්සිල්ල...
දරාගත්ත විදියටම...
මට නම් දැනුනා..
ඔරැවට නැග්ග...
එකම එකා..
මම නොවන වග...
හබල ගන්නකොට අතට...
පෙන්නපු හුරැ ගතිය...
මගේ හිතට ඇතිකලේ...
හබල නම් උඹේ අතට...
අළුත් දෙයක්..
නොවන බව...
ගැස්සෙන හැම වාරෙකම...
ඔරොත්තු දෙන තරමට...
ඔරැව පදම්වෙලා බව..
පසක් කලා මගේ හිතට..
මේ තියන..
නිසල බව...
වඩදියට බාදියට...
දෙකට එකම විදියට...
නොසැලී ඉන්නකොට...
මගේ හිතට නම් හිතුනේ...
මහා ලොකු රැළි වලට..
අහුවෙලා තියනව වග...
හුළං හමන අත..
හරියටම දැනගෙන වේගය..
තව තවත් දුර යන්න...
හරවලා ඔරු බඳ...
දකින කොට මම හිතුවා...
ඔරුවේ ඇති පැරණි බව...
තොටුපොල පෙනි පෙනී..
මග නතර උනාම...
වෙනස් උන තරමටම..
මගේ හිතට නම් දැනුනා..
කැළණි පාලම යටින්..
පොල්ලෙල්ලක් ගිය බව....
Labels:
කවි,
කවි කථා,
කවි නොවන කවි
Subscribe to:
Post Comments (Atom)
ඔන්න මම කවිය බැලුවා
ReplyDeleteබොහොම ස්තූතියි.... නෙරංජි කලින්ම ඇවිත්....
Deleteසුපර්බ්. එච්චරයි කියන්න තියෙන්නේ..
ReplyDeleteබොහොම ස්තූතියි.... මාතලන්....
Deleteනියමයි මාරයි
ReplyDeleteබොහොම ස්තූතියි අනුර නිරංජන්.....
Deleteහික්ස් නියමයි :D
ReplyDeleteවල් කෙල්ලෝ
Deleteබොහොම ස්තූතියි.... ගිම්....
Deleteකව්ද බං අනෝ වල්....
ඔය වගේ පරණ ඔරුවල ඔරු පදින්න පුරුදු වෙලා, අලුත් ඔරුවක් පදින කොට අලුත් ඔරුවට අබ සරණයි ......
ReplyDelete(නියමයි .... එලම කිරි ....)
බොහොම ස්තූතියි.... පංසල් හංදිය.....
Deleteහ්ම්.... අලුත් ඔරු...... පරන ඔරු... පෙනෙයි...තරු
මට මතක් උනේ මෙන්න මේ පෝස්ට් එක,,
ReplyDeletehttp://r4ng4.blogspot.com/2010/12/blog-post_9804.html
බොහොම ස්තූතියි.... අභියා...
Deleteකියලා වැඩක් නැ සුපිරී........
ReplyDeleteඒත් අපිට කොයින්ද පුසෝ ඔරු,
තාම අතින් හදන කඩදාසි ඔරු තමයි... :D :D :D :D :D
මට ලින්ක් එක දාපු "පන්සල් හංදිය"ට තැන්කූ....
බොහොම ස්තූතියි.... මාඩා....
Deleteබොහොම ස්තූතියි.... පන්සල් ටත්... නැවතත්...
superb.....
ReplyDeleteබොහොම ස්තූතියි.... රොෂාන්....
Deleteසුපිරි කවි ටික ... ඔරු කදේ.රූප මැවෙනවා ....>>
ReplyDeleteබොහොම ස්තූතියි.... බිංදු....
Deleteඔරු කඳ.. මරු කඳ....
අර බස්සො පැටව් දෙන්නයි අම්මයි නම් ලස්සනයි.
ReplyDeleteඑතකොට අක්කා කවිය???????? ;) :D
Deleteබොහොම ස්තූතියි.... නදී.....
Deleteහැ හැ.... මොකද කසුනා කියන්නේ....
අලුත් බැනර් එක මරු බස්සො... පෝස්ට් එක ගැනනම් කවර කතාද? ;)
ReplyDeleteබොහොම ස්තූතියි.... සාතන්.....
Deleteදෙතුන් පාරක් කියවලා යාන්තම් තේරුනා කියලා හිතනවා. :D
ReplyDeleteබොහොම ස්තූතියි....ප්‍රවීනා.....
Deleteහි හි.... කොහොම හරි අන්තිමට තේරැනා නම් ඒ ඇති....
බැනර් එක ශෝයි!!! හරිම ලස්සනයි!!
ReplyDeleteබොහොම ස්තූතියි.... හිතුවක්කාරී....
DeleteSuperb +++
ReplyDeleteබොහොම ස්තූතියි.... සජීව....
Deleteමගුලයි....! දැන් ඉතින් මොනවා කරන්නද? ;)
ReplyDeleteබොහොම ස්තූතියි.... කසුනා....
Deleteබැඳ ගත්ත බෙරේ ගහන්න තමයි වෙන්නේ...
පිස්සු හැදෙන සඳ කිව්වලු.....
ReplyDeleteබොහොම ස්තූතියි.... හිත හොඳ පිස්සා....
Deleteපරණ ඔරුව පා කරපන්
ReplyDeleteඅළුත් ඔරුවකින් පැදපන්
බොහොම ස්තූතියි.... ජිංජිබිරිස්....
Deleteඑහෙම ලේසි නැහැ දැන්.....
පිස්සු හැදෙන (පැණි) හද! නියමයි.
ReplyDeleteබොහොම ස්තූතියි.... රාජ්....
Deleteහොඳ කවි ටික ...කාටත් කියවල ඕන විදියකට තේරුම් ගන්න පුළුවන් .
ReplyDeleteබොහොම ස්තූතියි.... මහේෂ් අයියා... බොහොම සාදරයෙන් පිළිගන්නවා...
Deleteදැන් ඉතින් මොනවා කරන්නද ගත්ත ඔරුව හඹල් ගානවා මිසා.. කවි ටිකනම් සුපර්බ්....
ReplyDeleteබොහොම ස්තූතියි.... දිනේෂ්...
Deleteදැන් කරන්න දෙයක් නැහැ ... පදින්න තමයි වෙන්නේ
ආයෙ අළුත් ඔරුවක් හෙමීට පැදලා පැදල හදාගන්නවට වඩා නාකද මුල ඉඳලම විදල යන ඔරුවක්...
ReplyDeleteබොහොම ස්තූතියි.... සිතුවම්.....
Deleteලස්‌සනයි ආ..මම මේ කවියෙන් මගෙ හිතේ මවා ගත්ත දේට අනුව (දැන් අහන්න එපා මවා ගත්තේ මොකක්‌ද කියලා.මම හිතන්නේ ඔයා මවා ගත්ත දේම තමයි) මට කියන්න තියෙන්නේ අනේ කොල්ලෝ මෙහෙම තමංගෙ කෙල්ල ගැන හිත හිත නොකියා ඉන්නවත් ඇති කියලයි..කෙල්ලනේ පරිස්‌සමෙන්..
ReplyDeleteඒත් තව ප්‍රශ්නෙකුත් ආවා..ඒ ගැන කොල්ලො කොහොමද මෙච්චර සවිස්‌තරාත්මකව දන්නේ...කොල්ලවත් ශුවර් නැහැ මටනම්...
බොහොම ස්තූතියි....dreams....ඔව් ඔයා කිව්වා වගේ එහෙම දේවල් අද ඕන තරම් දකින්න පුලුවන්.... තමන්ගේ හිතේ තියාගෙන විඳවන ගෑණු පිරිම චරිත....
Deleteෆස්ට මචං..
ReplyDeleteඒත් මට ප්‍රශ්නයක්.. පොල් ලෙල්ල උබද ? :))
බොහොම ස්තූතියි සෑමා....
Deleteහැකස්....හ්ම් ඒකත් ප්‍රශ්ණයක් තමයි....
මරු ඔරු පැදිල්ලක්...
ReplyDeleteපට්ට මචං....:D
බොහොම ස්තූතියි ප්‍රියන්ත මචෝ.....
ReplyDeleteමේ පැත්තේ ඇවිත් දෙන සහයට....
දැං දැං වැඩි හරියක් ඔරු ඔහොම තමයි බං . . .
ReplyDeleteමරු... :D :D
ReplyDeleteඅදමයි මේ පැත්තට ආවේ.තාම කියවනවා.සුපිරියි ඈ..ආ ඔය වගේ කෙල්ලෙක් තමයි ඉතුරු සල්ලිත් දුන්න කියන්නෙ..නේද?
ReplyDeleteකුරුම්නියා.
මරු මරු නියම කවි ටික
ReplyDeleteසුපිරි....
ReplyDeleteචිහ්..
ReplyDeleteමගෙ වල් හිත. කුනුහරුපමයි මොනා දැක්කත් හිතට එන්නෙ...
නියමයි...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteපැණි හඳේ කවිය ...
ReplyDeleteකියෙවුවෙ මම දෙවැනි පාරය
කවිය නම් සුපිරිය .....
ගොඩක් ඔරු දැන් මේ සමානය ........
ලොකු අමරුවක වැටුනු පාටයි
ReplyDelete