Wednesday, March 14, 2012

ඩොලර් කාක්කෙන්ගෙන්..... පංචායුදේට........ආදරයෙන්......




ව්බිම දිනවමු.....!!!!.... හා දිනවමු......

වේදිකාවල “මව්බිම දිනවමු“ කියලා වේදිකාවල බෙරිහන් දුන්නට මව්බිම දිනවන්න බෑ සහෝදරයා...
සටන් පාඨ වලින් මව්බිම දිනවන්න පුලුවන් නම් අපිත් එන්නම්..... ඒත් අතීතයේ ඉඳලම සිද්ධ උනේ මේක තමයි....
ඔහේලා අපිට එන්න කිව්වා මව්බිම දිනවන්න... අපිත් ආවා... අන්තිමට ඔහේලා දින්නා.... මව්බිම වගේම අපිත් පරාද උනා.....
ඔහේලා අදත් කියන්නේ ඒකයි.....
කරුමේ කියන්නේ ඔහෙලාගේ සද්දෙට අපි අදත් රැවටෙන එකයි.....
ගිරිය කඩාගෙන කෑගහලා නෙමෙයි....සටන් පාඨ නෙමෙයි....
මානව හිමිකම් චෝදනා කරනවා නම් ඒවට උත්තර දෙන්න... ඒ විදියට... බොරුවට මිනිස්සු එකතු කරගෙන පාරේ කෑගහලා නෙමෙයි....
අන්තර්ජාතික වශයෙන් ඒවාට උත්තර දෙන්න.... කොටි ජාලය ඔවුන්ගේ පැත්තෙන් ගෙනියන වැඩලිළිවෙල හා සමාන වැඩලිළිවෙලක් ගොඩනගන්න....
පඹයෝ පුච්චලා... මාරාන්තික උපවාස කරලා ඔය ප්‍රශ්ණ වලට උත්තර හොයන්න බැහැ....
ඒ වගේ දේවලට ඔය චෝදනා නවත්වන්නත් බැහැ..
ඔහේලා එක සැරයකුත් ඔය තකතීරැ වැඩේ කලා.... මුන්ට චුන් වෙන්න...
ඔහේ මාරාන්තික උපවාසක් කලානේද ?...
මේකද උනේ.....
මුන් දරුස්මාන් වාර්ථාව අකුලගත්තද..... ඔහේ බොරු රඟපෑමක් කරලා පොර වෙන්න හැදුවා.....
ඔහේ එහෙයියෝ ටිකයි... ගොට්ටෝ ටිකයි වට කරගෙන කරන මේ සෙල්ලම දැන්වත් නවත්තන්න...
ඔහේලා අතීතයෙත් කලේ මේ දේ... මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරපු එක....
71 දී ඔහේලාගේ සටන්පාධ වලට රැවටුන තරුණයෝ කීදාහක් බල්ලෝ බළල්ලු වගේ මරුනද....?
ඒ සිද්ධ උන සමුලඝාතනයෙන් අපේ රටේ බුද්ධිමතුන් කී දාහක් අනිවාර්තේ රටට අහිම් උනාද ?
ඒ ඇතිවෙච්ච බුද්ධි අවපාතය නිසා අපි අවුරුදු කීයක් පීඩා වින්ඳද....
යම්තම් අපි ඒ තත්වයෙන් ගොඩ එන්න හදනකොට ඔහේලා ආයිත් අපිට කිව්වා....
“මව්බිම නැත්නම් මරණය“ කියලා....
අපි ඔහේලා පස්සෙන් වැටුනා.....
ඔහේලගේ මහා ජාතිආලයට අපි රැවටුනා......
අනිත්මට මොකද උනේ......
තවත් වටිනා ජීවිත රැසක් බිල්ලට අරගෙන.... මොල ටික විනාස කරලා.... චින්තකයෝ මරලා.....
ඔහේලා ඔහේලගේ පන්තිය රැකගත්තා.....
අන්තිමට ඔහේ මොකද කරේ..... සටන පාවා දුන්නා... කෝ අද ඔහේගේ විප්ලවේ..... ඕක ඒ කාලෙම කලා නම් අර පාරවල් පාරවල් ගානේ ටයර් සෑ වල පිච්චිච්ච.... හංදිගානේ ලයිට් කණු වල ගැටගහලා හිටපු..... වට රවුම් වල ඔලු එල්ලගෙන හිටපු තරුණ තරුණියේ තාමත් ජීවතුන් අතර..... ඔහේලා මේ සෙල්ලම් කරන්නේ මිනිස්සුන්ගේ ජීවිත එක්ක බව මතක තියාගන්න.....
අද පාර්ලිමෙන්තුවේ උගත්තු බුද්ධිමත්තු කීදෙනක් ඉන්නවද ?...
චණ්ඩි... කුඩුකාරයෝ.... බුකිකාරයෝ...... හොරු...... බස්කාරෙයෝ... නිළියෝ... ක්‍රීඩකයෝ... නළුවෝ.....
මේ ඔක්කොම එකතු වෙලා රටේ කෝටි දෙකක් වන ජනතාවගේ ජීවිත ගැන තීරණ ගන්නවා....
ඔහේලා අපිට පටි තද කරගන්න කියනවා....
ඔහේලගේ දවල්ට දෙන කෑම එක කීයද...?
අපිට කවදාවත්ම ඒ මුදලට කෑම එකක් කන්න පුලුවන්ද.....
අපි පටි තද කරගන්නකොට ඔහේලා පුස් ඌරෝ වගේ ආරලා... පටි බුරුල් කරගන්නවා......
ඔහේලා කෑ ගහනවා අපේ රටට අත තියන්න එපා කියලා... තව මොනවද තියන්න තියෙන්නේ... දැන් තියලා ඉවරයි.... අපේ කියලා අපිට මොනවද තියෙන්නේ....
මොන රටටද අපි ණය නැත්තේ.....චීනෙට ණයයි... ජපානෙට ණයයි... ඉන්දියාවට... ඉරානෙට.....අන්තර්ජාතික මුල්‍ය අරමුදට ණයයි...මෙකී නොකී බොහෝ රටවල් වලට ණයයි.....
ඔහෙලා මහ උජාරැවට කියනවා පාරක් පාරක් ගානේ සංවර්ධනය කියලා...
ඔව් පාරවල් හැදෙනවා තමයි....
ඒත් තව පරම්පරා ගානකට ඒ පාරවල්වල යන උන්ට ගෙවන්න ණය තියනවා.... කවදා හරි දවසක උන් කියයි මෙහෙම පාරවල් හදලා අපිව ණය කාරයෝ කරලා රටට බිහිකරාට වැඩිය ඒ කාලෙම සරමට හැළුවා නම් කියලා.....
පාරක් හැදුවාම ඔහේගේ සාක්කු පිරෙනවා නේද..... ඔහේලා හිතන්නේ අපි ඒක දන්නේ නැහැ කියලද....
ඔය කරන හැම මහා සංවර්ධන සංග්‍රාමයකින්ම ඔහේලගේ සාක්කු පිරෙනවා කියලා අපි දන්නවා..... ඒකනේ ඔහේල වෙන මොන අඩුපාඩු තිබුනත් කොන්ක්‍රීම් වලටම සල්ලි යට කරන්න හදන්නේ.....
අධි වේගී මාර්ග ඕනේ.... ගුවන් පාලම් ඕනේ...... ඒත් එක්කම .....
මිනිස්සුන්ට ජීවත් වෙන් පුලුවන් වාතාවරණයක් හදන්න.... මනුස්සයෙක්ට මාසේ පඩියක් අරගෙන තමන්ගේ අඹුදරැවෝ එක්ක සතුටින් ඉන්න පුලුවන් රටක් නිර්මාණය කරන්න....
ඉස්කොල වහන්න නෙමයි අරින්න වැඩ කරන්න...... ශිෂ්‍යන්ට ඉගෙනගන්න පුලුවන් පරිසරයක් හදන්න....
ක්‍රීඩකයන්ට ඔවුන්ගේ පාඩුවේ ක්‍රීඩාව කරගෙන යන්න දෙන්න...
ගොවියන්ට වී ටිකට සාධාරණ මිලක් දෙන්න..... ගෙවන්න පුලුවන් විදියේ විදුලි බිලක් දෙන්න......
සරිලන වැටුපක් දෙන්න....... අලි කරදරෙන් දුක් විඳින මිනිස්සුන්ට අපි වැටක් දෙන්න..... ගෙදරින් එළියට ගිය තමන්ගේ දරුවා යහතින් ගෙදරට එන්න පුලුවන් විදි වාහන පදවන නීතිගරුක රියදුරන් පිරිසක් බිහි කරන්න.....
ගුවන් පාලම් නෙමෙයි.... ගඟ හරහා යන්න පාලමක් හදලා දෙන්න
මිනිස්සු ඉල්ලන්නේ ආසියාවේ ලොකුම කුළුණ නෙමෙයි.....
මිනිස්සුන්ට ජීවත් වෙන් පුලුවන් පරිසරයක්......
නාස්තිය අවම කරන්න... ගසා කෑම නවත්වන්න.....
අඩුම ගානේ උත්සහ කරන්න රටේ තියන සම්පත් නිසි පරිදි කළමණාකරණය කරන්න....
වැඩපිළිවෙලක් හදන්න ඇත්පෙනිත්තක්වත් අපේ රටේ හදන්න.... මුලු ලෝකෙම ඉස්සරහට යන්නේ තාක්ෂණයෙන්....
තේ, රබර්, පොල් වලම එල්ලිලා ඉන්නේ නැතිව වෙන දෙයක් භාණ්ඩ නිෂ්පාදන ආර්ථිකයකට රට යොමු කරන්න.....
මිනිස්සු ඡන්දේ දෙන්නේ අතීතයේ කරපු ගොංකං තවත් කරන්න නෙමෙයි....
අන්න එදාට මව් බිම දිනයි.....
අන්න එදාට අපේ අනාගතේ සුභ වෙයි.....!!!!!

51 comments:

  1. Replies
    1. බොහොම ස්තූතියි.....!!!!

      Delete
  2. සිරා කතාව. ඒත් මේක කියන්න ඕනෙ එකාට මේක යයිද?? පත්තරේකටවත් දාමුද??

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.....!!!! නිසුපා නංගී... මුන් මේවා බලනවද කියන් එක නම් ප්‍රශ්ණයක් තමයි.....
      හැබැයි මුන්ට ඡන්දේ දෙන් අයවත් මේවා බලනවා නම් හොඳයි.....

      Delete
  3. විමල් ඇමතිතුමෝ! මෙන්න දේශද්‍රෝහී ඩොලර් කාක්කෙක්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.....!!!!
      අධිරාජ්‍යවාදී..... දේශද්‍රෝහියෙක්.....

      Delete
    2. // අධිරාජ්‍යවාදී..... දේශද්‍රෝහියෙක්.....//
      ෂිහ් ඒ වචන දෙක දාන්න අමතක වුනා.. කමක් නෑ විමල් තුමාගේ ශබ්දකෝෂයේ ඩිෆෝල්ට් වචන කීපෙන් දෙකක් නිසා ඒක එතුමාම අතින් දාල කියයි. හිකිස්....

      Delete
  4. මිනිසුන්ගෙ මොළ කන උපාධියක් දුන්නොත් වීල වංස මාම පී.එච්.ඩී එකත් අරගෙන තමා පස්ස බලන්නෙ......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.....!!!! අනිවා.....ඇත්ත....

      Delete
  5. Replies
    1. බොහොම ස්තූතියි.....!!!!

      Delete
  6. Replies
    1. බොහොම ස්තූතියි.....!!!!

      Delete
  7. මේව මිනිස්සුන්ට පේන්නෙ නෑ..පෙනුනත් නොපෙනුනා වගේ යනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.....!!!!
      ඒක අපේ ජාතියේ හැටියක්නේ.....
      කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් ...
      වෙන මොන කෙංගෙඩියද ඕන කියන්නේ....

      Delete
  8. නියමයි.. කියන්න ඕන ටික නියමෙටම කියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.....!!!!
      දකින හිතෙන දේ අමුවට කියන එක මගේ ගතිය නේ දිනේෂ්.....

      Delete
  9. මොන පිස්සුද කළිං මොන ආණ්ඩුවද මෙච්චර සංවර්ධනයක් රටට කළේ.අපිනං ඊළඟ පාරත් ඡන්දෙ දෙන්නේ රජතුමාටයි නාමල් බේබිටයි විමල් අයියටයි තමයි.

    ඔන්න අපේ රටේ උන්ගෙ මානසිකත්වය.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම , වෙන කව්ද බන් ඉන්නේ දෙන්න. ?

      Delete
    2. බොහොම ස්තූතියි.....!!!!
      මොනවා කියනවද ?...
      කන්න නැතත් අපිට හයිවේ තියනවා.....
      බේබිගේ රේස් බලන්නත් පුලුවන්...
      පොඩි බේබිගේ රග්ර් මැච්...
      වෙන මොන අඩුවක්ද අප්පා.....

      Delete
  10. ළගදි දවසක කොරියානු ජාතිකයෙක් ලංකාව ගැන කියපු දෙයක්,
    " යුද්දෙන් පස්සේ ලංකාවේ මිනුසුනගේ ජාති ආලේ ආණ්ඩුව ප්‍රයෝජනයට ගත්තේ නෑ,දැන් මිනිස්සුන්ගේ සිහින ඉවරයි,"
    "කොරියාව යුද්දෙන් පස්සේ මිනිස්සුන්ගේ සිහින සැබෑ කරන්න කැපවුනා"
    ඒ කතාව හිතට වැටුනේ මේක බලපුවාම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.....!!!! බිංදු....
      අපිට පස්සේ නිදහස දිනාගත්ත රටවල් අද ඉන්න තැනත් අපි ඉන්න තැනත් ගැන වෙනම වාචාරයක් කරන්න කාලය දැන්....

      Delete
  11. මම තාමත් කල්පනා කරන්නේ ගමේ කඩපිළේ පචහලන රංබන්ඩා මාමාට මේ කතාව පැහැදිළි කොරන්නෙ කියලා උන්දැයි ඔතෙන්ට එන අනිත් උනුයි ඔක්කොම කියන්නෙ දැන් රට දියුනුයි පාරවල් පාලං හැදෙනවනෙ කියලා... ඩොලරෙ ගනං ගියාට අපිට මොකෑ ලු... හයියූ.. සල්ලි..

    ReplyDelete
    Replies
    1. ඒකට හේතුවත් මේ උන්දැලම තමයි.... මම කියව්වා වගේ අපේ දශක කීපයක් ඇතුලට බුද්ධිමතුන් උගතුන්ගේ සංහාරයක් ඇති උනාව වෙන පල විපාක තමයි ඔය....
      අපිට නොදැනුනාට මේවා බොහොම සංවිධානාත්මකව කරන පෙළඹවීම්.....
      මගේ මතය හැටියට 56 දී බණ්ඩාරණායක මහත්තයත් කලේ ඔය දේම තමයි....

      Delete
  12. ඔයා මේ බොරුවට කෑ ගහන්න එපා .....

    ඔන්න බලන්න තව ටික දවසක් යනකොට ඇමරිකාවට මොකද වෙන්නෙ කියලා, අන්න දැම්මම ගූගල් සමාගමේ කොටස් මිල ගණන් සීඝ්‍රයෙන් පහල බැහැලලු ......

    (මේවට හිනා වෙන්න ඕන කොතනින්ද මන්ද)

    ප/ලි
    ලිවීම උපරිමයි .....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.....!!!! පංසල් හංදිය....
      දෙකොනෙන් තමයි.....
      ඔව් දැන් ඇමරිකාව වැටිලා ලු...මුනදැ ගේ ගු ගල් එකවුන්ට් එක වහලා හින්දා....

      Delete
  13. මචං මම මේක දෙපාරක් කියෙව්වා.. මට ඊ‍යෙත් නිවුස් වලට ඇහුන‍ා පංචාගුදය කෑගහනවා ගිරිය කඩාගෙන..

    ඇත්තට උන් දින්න මවිබිම පරාදයි.. දැන් මිනිස්සුන්ව චූන් කරනවා..

    මේක මේල් එකක් විදිහට උබේ අතින්ම ස්ප්‍රෙඩ් කරපං කොල්ලා.. බ්ලොග් එකේ ලින්කුවක් සමගම... මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්න..

    ජය !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.....!!!! සෑමා.....

      Delete
  14. Replies
    1. බොහොම ස්තූතියි.....!!!! වර්ණාගේ වර්ණනාවට....

      Delete
  15. නියමයි... මම මේක මිතුරන් (FB ) සමග බෙදාගන්නද ?

    ReplyDelete
    Replies
    1. කිසිම ප්‍රශ්ණයක් නැහැ.....

      Delete
  16. උඹ හීනයක් දැකලද? ඔය අන්තිමට කියපු ඒවා කවදා වෙයිද බන්....

    අපි විසින්ම කාලා ඇදලා ඉන්න ක්‍රමයක් හොයාගන්නේ නැත්නම් අපිත් වලපල්ලට යන එක නවත්තන්න බෑ මචන්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.....!!!! අභියා.....
      අපිට පුලුවන් මේවා පෙන්නලා දෙන එක....
      ඒත් මේවා නොතේරෙන එක තමයි පුදුමේ කියන්නේ....
      සුනිල් ගේ සිංදුව තමයි හරියටම හරියන්නේ.....

      Delete
  17. හොඳ ලිපියක් , අගය කරමි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.....!!!!

      Delete
  18. උබලත් දන්නේ ඉතින් කොහෙවත් යන එකෙක් කියන මෝඩ කතාවක් අල්ලගන කෑ ගහන්න. විහිලු වංස ගේ විහිලු වලයි , එකට පිළිතුරු ලියන උබලගෙඉ කිසිම වෙනසක් නැහැ. අනිත් එව්වොත් උඩ දාගන ඒවාට +++ දානවා. එකෙක්වත් දන්නේ නැහැ මේ ජරා වලෙන් ගොඩ එන්නේ කොහොමද කියල.

    ReplyDelete
    Replies
    1. ඉතිං බන් උඹ දන්නවානම් කියහංකෝ කොහොමද මේකෙන් ගොඩ එන්නේ කියලා.... එතකොට ඔය තකතීරුකං කරන් උන්ටත් රටට වැඩක් වෙන විදියේ දෙයක් කරන්න මෙලේ පෑදෙයි.... මෙව්වා ලියන අපිටත්.... මේවා කියවලා ++++ දාන උන්ටත් වෙන මංගල්‍යක් කරගන්න පුලුවන්නේ....

      Delete
    2. අනිත් කාරනේ මචං ඇනෝ... කොහේවත් යන කියලා කියන්න බැහැනේ...
      මේ ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්...
      කැබිනට් ඇමතිවරයෙක්...
      පක්ෂ නායකයෙක්...
      මෙහෙව් එකෙක්ට කොහේවත් නැති එකෙක් කියනවා නම් මේකේ ඉන්න අනිත් උන්දැලා ගැන කුමන කථාද ?

      Delete
  19. ආපහු අපිටත් කියවන්න දේවල් දාන එක ගැන සතුටුයි.

    විමල් මල්ලි ගැන හැමතැනම කියෙව්වා.
    පිස්සු නැත්නම් හොඳයි මුන් වගේ එවුන්ට චන්දේ දීලා මදිවට මේ බූරු කතා අහන් ඉන්නවට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බුරු බබා.....
      නැවතත් පැමිණිම ගැන....
      මේ කාලේ වෙන දේවල් ගැන ලියනවා නම් රස්සාවෙන් අයින් වෙලා ලියන්න පුලුවන්...
      කොහේද මුන් අපිට පඩි ගෙවන්නේ නැහැ නේ....

      Delete
  20. මචං මේක අදාල පුද්ගලයට පේන්න පත්තරයකටවත් දාන්න පුලුවන් නම් සෑහෙන්න වටිනවා.

    ReplyDelete
  21. පත්තර වල දාන්න ඕනේ නැහැ මචන්, මෙන්න මේ FB page එකේ Wall එකේ දැම්මනම් හරි. එත් එහෙම දැම්මහම වීරවංස ඇමති තුමා මු කියල තියන දේවල් දැකල ඒ විදිහට කොලොත් එහෙම. (දැනටමත් එහෙම තම කරන්නේ මුන් දන්නේ නැති උනාට ). එතකොට මුන් මොනවද බ්ලොග් වල ලියන්නේ ? මොකෝ මු අර චැනල් 4 එකට විරුද්දව ලියන්නද ? මුම කියල තියන විදිහට මු ඩොලර් කක්කෙක්නේ

    ReplyDelete
    Replies
    1. http://www.facebook.com/WimalWeerawansa?sk=wall

      Delete
  22. දැන් යුරෝපෙටත් ණය දෙන්නලුනේ හදන්නේ!

    ReplyDelete
  23. අපි ලියන ඒවා.. කොටන ඒවා අවශ්‍ය තැන් වලට යන්නෙ නෑ. උන්ට බ්ලොග් කියවන්න වෙලාවක් නෑ. අපි ලියල. අපිම කියවමු. තුවාලෙ එතනමයි. මේ පොරොන්දු දේශපාලන ක්‍රමය තිබෙන තුරු අපි එතනමයි. ඔය මනාප ක්‍රමයෙ වැරැද්ද. පාර්ලිමෙන්තුවෙ උගතුන් හිටියෙ ඉස්සර.. හප්පා එහෙම කාලයක්. ඩඩ්ලිල.... ඇන් ඇම්.. කොල්වින්ල.. ඇස් ඒ වික්‍රමසිංහල..

    ReplyDelete
    Replies
    1. හෙම හිටියා කියලා ලංකාවට මෙනාද උන සෙතෙ.

      Delete