Thursday, March 13, 2014

උක්කුංට ලියමනක්.....



මගේ බ්ලොගේ කියවන බොහෝ දෙනෙක්ට මතකයි නේ “උක්කුං“ ගැන... ඔව් අර ගෑණු නාන තැන හිටපු “උක්කුං“ තමා... කොහොමෙන් කොහොම හරි මේ ගොයියා පෙළවහකුත් කරගත්තා කියමුකෝ.. උක්කුං ගේ පවුල උනේ සඳා.. ඒත් වැඩි කාලයක් පවුල් කන්න ලැබුනේ නැහැ.. සඳාට ඩුබායි යන්න සිද්ධ උනා...  පස්සෙන් පහු ආදර ගණුදෙනුව සිද්ධවුනේ තැපෑලෙන්... උක්කුං වගේම සඳාත් කවියට දස්ස නිසාම මෙයාලාගේ ලියුම් බොහොම රසවත් උනා... 

දැකගන්නට නැති නිසා කලකින් සුදු මුණ...
නිදි නැති කලට මම දකිනවා පෙම් හීන...
තනිවී නිදන නුඹ මට නොපෙනෙන මාන...
අමාවකය මහිතට කෝ හඳ පාන..

ඉන්නට බදා නුඹේ වත උණුහුමට ලයේ...
මහ ලොකු හිතක් මගේ ගාවත් තවම තියේ...
එන්නට හැකි උනොත් මහ රෑ දොලොස් පැයේ..
එනවා නේද ඇවිදිමු අපි අරාබියේ...

තනිවම නිදන නුඹ දැක ඇවිලි සෝක..
සිතමින් හීන දකිනෙමි මම හැම රෑක...
දවසක් ඇවිත් හීනෙන් කළුවර දාක...
මොහොතක් නුඹේ ලඟින් ඇල වුවා මා ද..

උණුසුම් හාදුවක් දෙතොලට දොතොල තියා...
දෙන්නම් තුරුලු කරගෙන මම දෙනෙත පියා...
සීතල හදවතට උණුහුම ගෙනෙන ඔයා...
හිරවී තදකරන් ඉමි මම ඉඩ නොතියා....

සිහිනෙන් මගේ නම කීවා මට ඇසුනා...
මදහස පිපී දෙතොලේ මතු වනු දුටුවා..
නොදැනිම වගේ නෙතඟට කඳුලක් ආවා..
දිලිසෙන පිණි බිඳක් නුඹේ වත මත පිපුනා...

තිසරැන් පොඩි කරන් පොට්ටුව මිරිකන්න...
දෙතනේ උණුහුමේ සැනසුම විඳගන්න...
යන්තම් කණ විකා ලාවට රිද්දන්න...
ආසයි සොඳුරියේ නුඹ  මත සැතපෙන්න...

දෙතොලට දෙතොල තද වෙන ඒ සොඳුරු පැයේ...
වැසෙනා දෙනෙත් තුල නුඹ ගේ රුවම මැවේ...
තව තව තුරුලු වෙමි ලොම් පිරි නුඹේ පපුවේ...
මට ඉඩ දෙන්න ආදර සිත තෙමෙයි මෙහේ...

යංතං මොදු වෙනකොට නුඹේ සෙනෙහේ ලඟ...
තෙමනවා ඉවුරු දන්නවා පෙම් අමා ගඟ..
එය අම රසකි දැනුනේ මට දිවේ අග...
එන්නට හිතයි දැන්මම ලත නොවී මග...


මෝරන පපුව නුඹේ දෙතොලම ඉල්ලනවා...
පොඩිකර මතක්කර මෙට්ටෙට තදවෙනවා...
තද වෙන මොට්ටු හිමි හිමිහිට උල්වෙනවා..
“උක්කුං“ ආවොතින් මම “කුක්කුං“ දෙනවා...

වටකුරු දෙතන දෑතට ගෙන එකට බදා...
පෙම් රස වින්ඳ හැටි මතකෙට නැගේ එදා...
පන්සල් පොලේ හඳපානේ තදින් බදා...
උන් හැටි මතක් වෙනකොට මට දුකයි “සඳා“...


රසවිල ඈත් කර ගිණියම් ඇඟිලි වලින්...
යන්තම් මිරිකලා මදටිය ඇටය හිමින්...
නුඹ කලේ වැඩේ “අම්මෝ“ හැම දෙනට හොරෙන්...
තව කොයි කලක් ඉවසන්නද මන්දා ඉතිං...

ඇත්තයි “සඳෝ“ උඹ හැම වැඩදම දස්සී...
මම වහුපැටියා වගෙයි නුඹ එළ වැස්සී...
ඹබාගෙන මුන හිටියට මම ඉස්සි...
උඹ රස වුනේ හරියට වාගෙයි පිස්සී...

අනේ රත්තරනේ මට යන්න වෙනෝ...... 
අපේ “බාබා“ ඇහැරිලා....
ආයිත් ලියන්නම්... 

හරිය.....

(කථාව ඉවර නැහැ)

Sunday, March 2, 2014

“ලොකු බේබිගේ වීර ක්‍රියා“ අංක 1 - කකුල පිච්චු දැරිය..


(ඡායාරෑපය ශෙහාන් ගුනසේකර සහෝදරයාගේ මුනු පොතෙනි)

දැන් දැන් අපට අසන්නට ලැබෙන්නේ අමුතුම ආකාරයේ පුවත්ය... රජයේ නාළිකා වලින් පමනක් තොරුතුරු දැනගන්නා මහජනයාට අසන්නට දකින්නට ලැබෙන සුරපුරය ලොව අන් කිසි රටකට නොදෙවැනිය... එය ඒ තරමටම ආශ්චර්යමත්ය.... ඊට අමතරව දවසින් දවස “බේබි“ ලාගේ වීර ක්‍රියා ගැනද අසන්නට ලැබේ... මේ වීරයන් අතීතියේ අප අසා ඇති, අපේ රටේ බිහිවු ජාතික වීරයන් යයි සම්මත කොටසට වඩා ප්‍රාතිහාර්යය පාන්නට දක්ෂය... ගලිවර්ට වඩා යෝදය... ටින් ටින් ගේ වීර ක්‍රියා වනට වඩා ඥාණසම්පන්නය.... ෂර්ලොක් හෝල්ම්ස් ගේ රහස් පරීකෂණ වික්‍රමයන්ට වඩා තීක්ෂණය.....මේ වීර ක්‍රියා ගත්කල අතීත වීරයන් කල කී දෑ හී වටිනාකම “පයිසෙට“ වඩා ටිකක් වැඩිය.... 

මේවායිනුත් වැඩියෙන්ම අසන්නට ලැබෙන්නේ “ලොකු බේබි“ ගේ වීර ක්‍රියා ය... එක් පසකින් ගත් කල මේවා කථාංගය...... එකිනෙකට සම්බන්ධය....  “කකුල පිච්චු දැරිය“ එහි නවතම කථාංගයයි... එය ෂර්ලොක් හොල්ම්ස් ගේ තීක්ෂණ බුද්ධියට කරන අභියෝගයකි... කථාව සරළව මෙසේය.... ගුරවරයෙක් විසින් සාමාන්‍ය පෙල පන්තියේ දැරවියක මෙහෙකාර සේවයේ නොහොත් “වැඩකාරකමට“ යොදවයි... අපට නොකිව්වත් ඒ තුල අපහරනයක් හෝ කුට්ඨනයක් නොහොත් සුද්ද භාෂාවෙන් “සොර අඹු“ කමට තබාගැනීමක් සිදුවිය හැක... පසුව ඇයට සිදුවන අසීමිත පීඩා හමුවේ ඇය නිවසින් පැනයාමට තීරණය කරයි...  එසේ පැනයන දැරියට ගුරුවරයා විසින් තර්ජනය කරනු බලන්නේ ඇය නැවත කෙසේ හෝ තම නිවසට ගෙන්වන බවට අනතුරු අඟවමිනි.... ඔහුගේ කියමන සනාථ කරමින් ඒ දැරිවියට ඇතිවන යම් කායින හෝ මානසික රෝගී තත්වයක් හමුවේ ඇයව නැවතත් අර ගුරුවරයා ලඟටම ගෙනයාමට සිදුවන්නේ ඇයට යම් ශාන්තිකර්මයක් වැනි යමක් කරවා ගැනීමටය.... මේසේ ගෙනයන දැරිවියට වැහුනු යක්ෂයා පැන්නවීම සඳහා ගුරුවරයා විසින් ඇයලේ දෙපතුල රත්කරන ලද යකඩයකින් පුළුස්සනු ලබයි.... කථාව ඉවර නැත... අවසානයේ යක්ෂයා පැන්නීම කෙසේ වෙතත් දැරිය රෝහල් ගත කිරීමට දෙමව්පියන්ට සිදුවේ... මෙය පැහැදිලිවම ශ්‍රී ලංකාවේ බලාත්මක අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාර වරදකි.... එය එසේ වුවත් ගුරුවරයා සතු යම් ආකාරයක “බලයක්“ හමුවේ නීතිය නිසියාකාර ක්‍රියාත්මක නොවේ.... 

(බස මරා අවසන්... මෙතනින් පස්සේ තමයි “පයිට්“ කෑලි පටන් ගන්නේ...)

මේ සිද්දිය අමු අමුවේම ආරංචි වෙනවා මොනරවාහිණියට... මොනරවාහිණියේ රිපෝටර් ඇත්තෝ සිද්ධිය අඩු වැඩියත් සපයලා “ලයිව් ඇට් එයිට්“ එකේ දානවා.... අැත්ත තමයි සිද්ධිය. කෙල්ලගේ කකුල් දෙක පතුරු ගහලා.... ගුරුවරයා පොලිසියේ කට්ටියත් එක්ක සෙට්ලු... ඒක නිසා පොලිසිය නිහඩයි ලු......දවසක් දෙකක් යනවා.... ඔන්න ඔය සිද්ධිය නිසා අපේ ලොකු බේබිගේ ලැම්බෝගිනි යේ සීට් එක රත්වෙනවා.... ලොකු බේබි කෙලින්ම කෙල්ලව හොයගෙන කෙල්ලගේ ගෙදරටම යනවා... කකුල් දෙක පරීක්ෂා කරලා බලලා වහාම රෝහල් ගත කරන්න කියලා දෙමව්පියන්ට උපදෙස් දෙනවා... දොස්තරලා කඩියෝ වගේ වැඩ.... කෙල්ලගේ එක කකුලක් එක දොස්තර කෙනෙක් බලනවා... අනිත් කකුල තව දොස්තර කෙනෙක් බලනවා.... නර්ස් කෙනෙක් කෙල්ලගේ කකුල් දෙක මැද්දෙන් අත තියාගෙන ඉන්නවා... කෙල්ලගේ ගවුම ඉස්සලා අපයෝජනයට ලක්වෙයි කියලා..... දොස්තරලා තීරණය කරනවා වහාම කෙල්ලව කොළඹ මහ රෝහලට යවන්න ඕනේ කියලා... දොස්තර හිතනකොට ඇම්බියුලන්ස් එක වේගෙන් ඇවිත් “කරාස්“ ගාලා බ්රේක් ගහගෙන දොර පඩිය ගාව නවත්වනවා... දොස්තර කෙනෙක් එක්කම කෙල්ලව දාගෙන ඉගිල්ලෙනවා.... (කථාව තාම ඉවර නැහැ)

“ලොකු බේබි“ වහාම පොලිසියට නියෝග කරනවා මේ ගැන පරීක්ෂණ පවත්වලා ගුරුවරයා අත්අඩංගුවට ගන්න කියලා.... ඕඅයිසී ටෙලිෆෝන් එක බිම තියන්න කලින් ජීප් එක දොර ගාව.... යනවා කට්ටයි... ගිහින් ගුරාව කුදලගෙන එනවා.. .එන ගමන්ම ජාතික ළමාරක්ෂක අධිකාරියට කොල් එකක් දාලාම වැඩේ ගැන කියලා.... එයාලා කොළඹින් පිටත් වෙනවා පරීක්ෂණය කරන්න.....  මේ මුලු ක්‍රියාවලියම සිද්ද වෙන්න ගතවෙන්නේ දවසයි... 

දැන් මේ සිද්ධිය ඒ ගමේ මිනිස්සුට ආරංචි වෙනවා... මිනිස්සු ලොකු බේබි ගැන මහා ශ්‍රද්ධාවක් ඇතිකරගන්නවා.... පොඩි මිනිහාගේ වැඩකට ලොකුම තැනින් වෙච්ච මැදිහත් වීම ගැන... අර දැරිවිගේ අම්මයි තාත්තයි බේබිට මල් තියලා වඳිනවා... සමහර විට අර බෙදපු පොතක් එහෙම ඒ දැරවි ගාව තිබ්බා නම් ඒකේ මුල පිටුව කඩලා බුදු පිළිමෙට උඩින් එල්ලාවි.... ගමේ ලිඳ ගාව,  කඩ පිළ ගාව, බණ මඩුවේ බේබිගේ වික්‍රෙම් ගැන කථා කරනවා... අනේ අපේ බේබිට පින් සිද්ධ වෙන්න අර කෙල්ලට බෙහෙතක් හේතක් කරගන්න පුලුවන් උනා... ගුරාව පොලිසි ගෙනිච්චා..... බේබි ට පින් සිද්ධ වෙනවා... වයසක අම්මලා කියනවා.....
---------------------------------------------

මේ අපේ රටේ සබෑ තත්වයයි... පසුගිය වසර කීපයක සිටම මෙවැනි සිද්ධින් ගනනාවක් අපට අසන්නට දකින්නට ලැබිනි... මාස කීපයකට පෙර බෝගම්මර බන්ධනාගාර රැඳවියන් පිරිසක් වහලයට නැග උපවාස කරමින් ඉල්ලා සිටියේ “ලොකු බේබිව“ ගෙන්නවා තමන්ගේ ප්‍රශ්ණය විසඳා දෙන ලෙසයි.... රටේ ජනතාව තේරුම්ගත යුතු කරුණක් ඇත... රටේ පාලකයින් යනු කරවන්න් නොව කෙරවීමට අදාල ක්‍රමවේද සකසන්නන්ය.... පොලිසියේ රාජකාරිය නීතය බලාත්මක කිරීමය... අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමය... ඔවුන් පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමය.... අදාලා අංශ දැනුවත් කිරීමය.... සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමය.... අධිකරණයේ වගකීම වන්නේ අදාල කරුණට අනුව පවතින පරිවේශණීය සාක්ෂි හා වාචික ප්‍රකාශ කරුණ තර්ක පදනම් කරගෙන නඩු කටයුත්තට ආදාල පුද්ගලයින් වැරදිකරුවන් යැයි ඔප්පු වුවහොත් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් පැමිනවීමය... එසේත් නැත්නම් නිදෝස් කොට නිදහස් කිරීමය.... මේ ක්‍රියාවලිය නිිසියාකාරව සිදුවෙනවා දැයි පරික්ෂාකරන්නට වෙනම කණ්ඩායමක් පත්කර ඇත... බේබිලා ඇතුලු ආණ්ඩුව විසින් කල යුත්තේ මේ පවතින පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමය... පොලිසියට ස්වාධීන්ව තමන්ගේ රාජකාරීන් ක්‍රියාත්මක කල හැකි පරිසරයක් නිර්මාණය කරදීමය... දේශපාලන අතපෙවීම් වැලක්වීමය.... ස්වාධින අධිකරණ පද්ධතියක් බිහිකිරීමය... කොටින්ම කිව්වොත් පවතින ක්‍රමවේදය නිසිපරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමය......

අපිට නොතේරෙන්නේ ද  ...  උන් නොකරන්නේ ද ... එයමය...