Wednesday, May 23, 2012

රෙද්ද උස්සා Who කියමු...ද...?




ව්‍යාපෘතියක් යනු යම් නිශ්චිත අරමුනක් ඉටුකරගනු වස්, නිශ්චිත කාලයක් යටතේ සිදුකරන්නා වු මානව, මුල්‍ය සහ භෞතික සම්පත් මෙහෙයවීමක් ලෙස ඉතා සරලව හැඳින්විය හැක...මෙහිදී ප්‍රධාන පියවරයන් කීයපක් ක්‍රියාත්මක වේ...

1. Need Assessment (අවශ්‍යතා හඳුනාගැනීම)
2. Objectives, Goal (අරමුණ, ඉකක්කය)
3. Plan (සැලැස්ම)
4. Implement (ක්‍රියාත්මක කිරීම) 
5. Monitoring (අධීක්ෂණය)
5. Evaluation (ඇගයීම)

රටක් මෙහෙය වීම යනු එක්තරා ආකාරයක ව්‍යපෘතියක් මෙහෙය වීමකි... එහී දී එම ව්‍යාපෘතිය මෙහෙය වන්නන්ට වඩාත් වගකීමකින් කටයුතු කල යුතු වන්නේ එහි විපාක මුලු මහත් ජාතියක් කෙරෙහිමය බලපාන හෙයිනි... 

රටක නිතී රීති සහ ප්‍රතිපත්ති සම්පාදනය විය යුත්තේ ඒ රටේ පවතින ප්‍රායෝගික තත්වයන්.... පරිසරය... ජනතාව... ආදී බොහෝ කරැණු සැලකිල්ලට ගෙනය... එහිදී සත්‍ය වශයෙන්ම පවතින තත්වයන් අවබෝධ කරගැනීම, බලාපොරොත්තු වෙන අවසාන ඉලක්කය සාර්ථක කර ගැනීමට මහත් රැකුලකි... එසේ නොමැති වීම ඉහත කී මානව, මුල්‍ය සහ භෞතික සම්පක් කාබාසිනියා කිරීමක් ලෙස හැඳීන්විය හැකිය... 

රටක සංවර්ධනයේ මුලික අඩිතාලම වන්නේ දිගු කාලීන ප්‍රතිපත්තිමය මානව සහ භෞතික සංවර්ධණ කළමනාකරණ කාර්යයන්ය... එය අධ්‍යාපනය... සෞබ්‍ය.... ආරක්ෂණය... ආදී වශයෙන් ප්‍රධාන කාරණ ගනනාවක් යටතේ ලැයිස්තු ගත කලහැකිය.... අද  අපේ රටේ නැත්තේද දිගු කාලීන සැලසුස් සහගත ප්‍රතිපත්තීන්ය.... 

අධ්‍යාපනය පිරිහිලාය..... අධ්‍යාපන ඇමති චක්‍රලේඛ, ගැසට් නිවේදන නිකුත් කරන්නේ හංදියේ කඩේ මුදලාලි අප්ප බානවාටත් වඩා වේගයෙනි..... උසස් අධ්‍යාපන ඇමති ඊට හපන්ය... ඔහුට රටේ අධ්‍යාපනය යනු දාම් ලෑල්ලකි.... කපන්න ඕන එක කොයි මුල්ලේ හිටියත් ඔහු ගේ ඉත්තා ඕන තැන තියා කපන්නට ඔහු දක්ෂය...ඒ සඳහා කුමන හෝ වටිනාකමක් ගෙවන්ට ඔහු පසුබට වෙන්නේ නැත....  ඔහුට අවශ්‍ය නම් සිසුන්, ආචාර්යවරු පමනක් නොව මහාචාර්යවරුක් පවා කනෙන් අල්ලා එලියට දමා තමාගේ නියමය ක්‍රියාත්මක කිරීමට තරම් ඔහු දක්ෂය..... අධ්‍යාපන ඇමති අද අන්දරේටත් වඩා විකටයෙකි... උසස් පෙළ ප්‍රථිපල නිකුත් කිරීමේද කෙළවාගත්තේ රටේ දරුවන්ගේ විභාග ප්‍රථිපල බිල්ලට දීමෙනි.... වරෙකි ඔහු ඔහුගේ ආර්ථික විද්‍යාත්මක ටිකිරි මොළයෙන් කල්පනා කර රු.2500.00 න් නොමැරී ජීවත් විය හැකි බව කියයි... අළුත්ම කාරණය වනනේ ලංකාවේ අධ්‍යාපනය සඳහා පහල භාලංශයේ සිට උසස් පෙල... සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සත පහක්වත් අය නොකරන බවට පාර්ලිමේන්තුවේදී කට මැත දෙඩීමය.... මු හිනෙන් කථා කරනවා දැයි සැකයක් පවති.... උසස් පාසැලකට දරුවෙකු ඇතුලත් කිරීමට ලංකාවේ වලංගු මුදලින් රුපියල් ලක්ෂ 1 සිට ලක්ෂ 5, 6,7 දක්වා ගෙවන්නට දෙම්ව්පියන්ට සිදුවන්නේ සෑම දෙම්ව්පියෙක්ම තම දරුවා “හොඳ“ පාසැලකට ඇතුලත් කරගැනීමට ඇති ඇම්ම හෙයිනි.... එතනින් නොනවතින මෙම ගසාකෑම පහසුකම් සේවා ගාස්තු (මෙය රජයේ අනුමත ගාස්තුවක් වන අතර රුලියල් දෙතුන් සීයයක් වන බවට සැකයක් නැත), පාසැල් සංවර්ධන අරමුදල්, ආරක්ෂක අරමුදල්, සනීපාකරක්ෂක අරමුදල් ආදී වශයෙන් විවීධ අරමුදල් ද, තින්ත ගෑම... විවිධ උත්සව..., බුදු මැදුරු ඉදිකිරීම... පිහිනුම් තටාක ඉදිරිකිරීම... ක්‍රිඩා තරඟ..., විවිධ ප්‍රසංග ආදී මෙකී නොකී විවීද ආකාරයේ දේ වෙනුවෙන් දෙමව්පියන් මුදල් වියදම් කරද්දී අධ්‍යාපන ඇමති පාර්ලිමෙන්තුවේ බෙරිහන් දෙන්නේ “සත පහක් වත නොගෙන“ රටේ දරැවන්ට “නිදහස් අධ්‍යාපනය“ නොමිලේ ලබා දෙන බවයි....

අනෙකුත් අංශද එසේමය..... පාරිභෝගික භාණ්ඩ ගැන කථා කරන්නට දෙයක් නැත.... පසුගිය දිනෙක එක්තරා ගුවන් විදුලි නාලිකාවක් මගින් ප්‍රචාරය උන වැඩසටහනක් අතරතුර පාරිභෝගික කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමා පැවසුයේ යම් යම් භාණ්ඩ වල මිල අධික උවද හාල්.... පරප්පු.. සීනි, එළවළු වැනි අත්‍යාවශ්‍ය භාණ්බ වල මිල පහල ගොස් ඇති බවයි.... හාල් මිල පහල ගියද හාල් අමුවෙන් ආහාරයට ගක හැකිද... සීනි විතරක අනුභව කර ජීවත් විය හැකිද... ? හැමදාම මිනිස්සුන්ට එළවළු සළාද පමනක් ආහාරයට ගෙන ජීවත් විය හැකිද යන්න පිලිබඳව මේ  ගොන් වහන්සේලාට නොතේරෙන්නේ ඔවුන් මන්දබුද්ධිකද රටේ පරිපාලනයට ගැත්තන් පත්කරන උන් පාර්ලිමේන්තුවට යවන අපි මන්දබුද්ධිකද යන්න ගැන නැවතත් සිතිමට පොළබවමිනි.... 

පසුගිය දිනෙක බොහොම අපුරු නිතියක් සම්මත කලේය.... ඒ ත්‍රී රෝද රථයක රියදුරු ඇතුලු තිදෙනෙකුට වඩා ගෙන යා නොහැකි ලෙසටය...මොවුන් සිතන්නේ එක ත්‍රී රෝද රථයක පස් හය දෙනෙකු යන්නේ ආතල් එකට කියාය... දැන් පවුලේ දෙමව්පියන් සහ දරුවන් දෙදෙනෙකු සිටින අවස්ථාවක කිලෝ මීටර් දෙකක ගමනක් යන්නට ත්‍රී රෝද රථ දෙකක් අවශ්‍යය.... කලින් මේ ගමනට වියදම් උනේ රුපියල් 50 නම් දැන් රුපියල් 100 ක් වියදම් වේ..... ඒකෙන්ද කෙළවෙන්නේ දුප්පත් ජනතාවටය... දැන් ඒ ගමනට ත්‍රිවීල් දෙකක් ගත යුතුය... එවිට ඉනධන පරිභෝජනය වැඩිය.... ත්‍රීවිල් කාරයන් ඇතුලු සියළු ගසාකන්නන්ට මෙය ඉල්ලමකි.... සත්‍ය වශයෙන්ම ගැටළුව කුමක්ද...? විනයක් නැති රථ ධාවනයය... මාර්ග නිතී උල්ලංඝන... එහෙමත් නැත්නම් නිසි නඩත්තුවක් නොමැතිකමය.. ප්‍රශ්ණය බොහොම ලේසියෙන් විසඳන්නට ප්‍රවාහන බලධාරීන් ක්‍රියා කලේ දුප්පතාගේ බඩටම කෙලලාය....

අධි වේගී මාර්ග... අධි වෙගි දුම්රිය මාර්ග ගැන උදම් අනන අපේ රටේ තවමත් වෙලාවට වැඩ කරන බස් සේවයක් නැත... වෙලාවට වැඩ කරන දුම්රිය සේවයක් නැත... දුම්රිය කාල සටහනේ හරියටම පැය 5.43 ට දුම්රියක් එන බව දක්වා තිබුනද මුලු මහත් ජීවිත කාලයමට ඒ නියමිත වෙලාවට දුම්රියක් එන්නේ නැත.... බස් රථ කාලසටහන් හොයාගන්නට වත් බැරි තරම්ය.... ඒවා කාල නැතත් සටහන් ලෙස බෝඩ් වලට සීම වී ඇත.. නමුත් අපි උදම් අනන්නේ අධි වේගය ගැනය.... පොදු ප්‍රවාහනය මොන ආකාරයකට අඝාධයකට ඇද වැටුනද අපේ පාලකයන්ට අධි වේගය මාර ආතල්ය... ඒ උන්දැලාට එකෙන් පැය කීයපක් තුල ආතල් ගන්න තැන් වලට යන්න පුලුවන් වෙන නිසාදැයි අපි නොදනිමු... නමුත් ඒක මාර ආතල්ය.... ගාල්ල මාතර අධිවේගී දුමරිය මාර්ගයේ අදාල වේගයට දුම්රිය ධාවනය වුයේ විවෘත කිරීමේදී පමනය.... එදාට පසුව ඒ මාර්ගයේ පැයට කිලෝ මීටර් 100 ක වේගයෙන් දුම්රියක් ධා වනය වන්නේ නැත.... මාර්ග සංඥා.... අනාරක්ෂිත මාර්ග ආදී මෙකී නොකී විවිධ හේතු හේතුවෙන් ඒ ව්‍යාපෘතිය වෙනුවෙන් වැයකල මුදලේ නිසි ප්‍රථිපල ජනතාවට නොලැබී ඇත..... මෙම අධි වේගි දුම්රිය මාර්ගය හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා ඇතිවන බව මහා මාර්ග ඇමතිවරයෙක් ප්‍රකාශයක් කල බව මතකය... (ඒ මොකක් භාර කෙනාද නම් පැහැදිලි නැත... දැන් පවතින තත්වය අනුව ඉදිරියේ  වම් රේල් පීල්ල භාර ඇමති වරයෙකුත් දකුණු රේල් පීල්ල භාර ඇමති වරයෙකුත් පත්වන්ටද බැරි නැත).

මෙකී නොකී බොහෝ දේ මේ පවතින තත්වයන් හමුවේ පෙන්වා දිය හැකි උවත් මෙම ලිපියේ අදහස වනනේ රජයට මඩ ගැසීම හෝ රජය අපහසුතාවට පත්කිරීම නොවේ... පවතින තත්වයන් හමුවේ මේ තත්වයන් හට ගැනීමට මුලික හේතු කාරනා ගැන දැකිවීමය..... රටේ බොහෝ ගැටළු වලට හේතුව වන්නේ අපේ රටට නිසි රාජ්‍ය ප්‍රතිපත්තියක් නොමැති වීමය.... අතීතයේ සිටම අපේ රටේ ක්‍රියාත්මක වු තට්ටු මාරු දේශපාලනයේ වැරදි පුර්වාදර්ශ වලින් අගතියනට පත්වන්නෙ රටත් ජනතාවත්ය.... පාට මාරු වෙන හැම අවස්ථාවකම වෙනස්වෙන ප්‍රතිපත්තීන් හමුවේ රටකට දිගු කාලීන සංවර්ධන වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කල හැකිදැයි සැකයක් පවතී.... අධ්‍යාපන ඇමති වෙනස් වෙන විට වෙනස් වන ප්‍රතිපත්තීන් නොව දීර්ඝ කාලීන ඉලක්ක යටතේ ක්‍රියාත්මක කලයුතු ප්‍රතිපත්තීන් රටට අවශ්‍යය.... ඒවා සකස් කිරීමේදී නිසි පරිදි අවශ්‍යතා හා අඩුපාඩු හඳුනාගත යුතුයි.... ඒවා මග හරවා ගෙන දීර්ඝ ගමනක් සඳහා ප්‍රතිපත්ති සැලසුම් කලයුතුය...  


අපි අපේ පවතින මුල්‍ය ප්‍රතිපත්තීන් වල දුර්වලතා, කළමණාකරණ දුර්වලතා.... අදී වශයෙන් අපේ අඩුපාඩු අපි අවබෝධ කරගත යුතුය... එය දේශපාලණ වාසි තකා යටගැසීම යනු රටේ ඉදිරි ගමනට කරන බලවත් අසාධාරණයකි... සරළවම කියතොත් රටේ බඩු මිල වැඩි බව රජය පිළිනොගන්නාතාක් ඒ සඳහා නිසි විසඳුමක් ක්‍රියාත්මක කල නොහැක... අධ්‍යාපනයේ බිඳ වැටීම තේරුම් නොගන්නාත්කා රටේ අනාගත දරුවන්ට සෙතක් සැලසිය නොහැක...... 

තමන්ට වැරදී ඇති බව පිලිනොගන්නා පුද්ගලයා.. අවසානයේ ඔහුත් සාමාජයත් විනාශ මුඛයට ගෙන යනු ලබන බව නොරහසකි.....අවසාන වශයෙන් කිවහැක්කේද එයයි..... 

අපිට සුභ අනාගතයක්.....


(විචාරයට ඉඩ)

කුණුහරැප කවි.....ද..?

 (චිත්‍ර නිර්මාණය ආලෝක කොඩිතුවක්කු- අන්තර්ජාලය)

1. පිස්සු පකේ බිජු එළියට ඇදලා
රාමා සුමනා පකාගෙන
තිත්ත තිබ්බටු පකාද ගනිමින්
මහපක ඇතුලේ ඔබාගෙන
ඇස්ස වසා උණු අළුවේ තම්බා
මහපක මිරිකා යුෂ රැගෙන
දස්ස ලෙසින් දත මුල තැබුවෝතින්
දත්ත රෝග දුරු වෙයි සැනිනා

2. අම්මත් දුවත් එක නැකතෙයි උපන්නේ
අම්මට වඩා දුව වැඩිමල් කියන්නේ
උම්මට උණු කරපු පැන් දුව නාන්නේ
මෙතුන් පදේ තෝරාලයි බත් කන්නේ

3. පොල්ල කෙලින් කර ඇතුලට දැම්ම වර
වල්ල වැනෙයි පොල්ලේ මුල දෑල වර
හොල්ල දෙතුන් විටයක් ඉද ඇද්ද වර
පොල්ල අගින් එතකොට වෑහේ වතුර

4. ලන්ඩ ලන්ඩ ටික ටික උඩ එයි දන්ඩ
දන්ඪ මැදින් කලලේ වැල් ලා ගන්ඩ
පැදුරේ වැටුනු විට පණ නැති වෙයි දන්ඩ
මෙතුන් පදේ නුවනින් තෝරා දෙන්ඩ

5. රෙද්ද උනාලා පැදුර එළාලා
දනකිඩ ගහලා ඉද ගන්නේ
දමන හිලක් ඇත මැද ඇණයක් ඇත
දැම්මොත් ලෙලි ඇරිලයි එන්නේ
උඩින් එකෙක් ඇත යටින් එකෙක් ඇත
උඩින් එකාමයි දගලන්නේ
ගජ හපනෙකි මෙය තෝරා දෙන අය
මෙතුන් පදේ තෝරා දෙන්නේ

6. වනේ එකෙක් ඇත කඳ මිස පණ නැත
පණ නැති දෙන්නෙක් එක් වෙන්නේ
ගුණේ කොහෙත් නැති එකෙක් ඇවිල්ලා
බැඳ පෙරළා ගෙන ගුටි දෙන්නේ
වදේ බැරිව ඔහු අඬයි විටින් විට
නඩුකටත් නැත පවසන්නේ
අනේ මේක තෝරලා බැලූවොත්
ඉතාම කදිමයි පද සන්නේ

7. අපේ රටේ හොර ගෑණු සියල්ලම 
ගස්උඩ නැගිලාමයි ඉන්නේ
ඔපේ කොහෙත් නැති ලින අප්පුලා 
ගෑණු තුරුල්ලේමයි ඉන්නේ
සැපේ නොදන්නා හොර මිනිසුන් රෑ 
ගෑණු බදාගෙන ගෙට එන්නේ
අපේ ගෙදර හිමි දවල් දිනේ ගොස් 
ගෑණු සමඟ කදිමට එන්නේ

8. ඇස් දසයකි අට බැල්මකි දෙකක් කණා
පය දහසකි අට පයකින් ගමන් යනා
මෙපස් දෙනෙකි පණ සතරකි සැරිසරනා
තේරු කෙනෙක් මේ පද තිරිදුනි හපනා

පුලුවන් නම් තොරගන්න.... කව්ද බලමු හපනා.....

උපුටා ගැනීම...
හෙළ ජන ගී සංග්‍රහය

එම්.ජී කුමාරපාල

Monday, May 14, 2012

හදවත් යතුර



සති ගානක් හිතලා හිතලා
වරු ගානක් ගෙවල ගෙවලා
අමාරුවෙන් කට්ට කපපු
හදවත් යතුර

වහලා තිබුන ගොළු හදවත
අමාරුවෙන් කැපවීමෙන්
ඇරගන්නට හදාගත්ත
හදවත් යතුර

උඹේ තිබුනු කළුගල් හිත
බොර දාල කෑලි කරලා
සුමුදුව කැටයමක් කපපු
හදවත් යතුර

මුනපුරා නැහිලා තිබුන
කළු පැල්ලම අයින් කරලා
හිනා කටක් අරං ආපු
හදවත් යතුර

පෙට්ටගමක වහදා දාලා
ගෙයි මුල්ලට කරලා තිබුන
හදවත දුවිලි පිහිදපු 
හදවත් යතුර

උඹේ තියන කුම්මැහිකම
කම්මැලිකම මුරණ්ඩුකම
හින්දම උඹ නැතිකරගත් 
හදවත් යතුර

ආයෙත් නම් කිසි දවසක
බිඳුනු කැඩුනු දුකට වැටුනු
හදවතකට හරියන් නැති 
හදවත් යතුර..

Thursday, May 10, 2012

අම්මලගේ රෙද්ද උස්සන අධ්‍යාපනේ.....





අධ්‍යාපනය යනු රටේ ජීවනාලියයි.... පාසැලක ආරම්භය සිරගෙවල් කීපයක් වසා දැමීම බව ප්‍රකට කථාවකි.... කරැමයක මහත... අතීතයේ සිට අද දක්වා මේ මහා ශ්‍රී ලංකාද්වීපය තුල සිදුවුවේද... දැනට සිදුවන්නේ ද..... ඉදිරියටත් විය හැක්කේද සිරගෙවල් විවෘත වන තත්වයකි..... රටක මතු පරපුරේ අනාතගය තීරණය කරන ප්‍රබලම සාධකය රටේ අධ්‍යාපයනයයි... එයින් තොර සංවර්ධනයක්... බුද්ධිමත් ජාතියක්.. නව නිමැවුමක් ගැන සිතිය නොහැකිය....  අද අපි කොතැනකද ? සරල කාරණා කිහිපයක් ගැන කල්පනා කරමු...

රටේ පාසැල් පද්ධතිය එන්න එන්නම අගාධයය යමින් පවත්න බව කාටත් නොරහසකි... අද පාසලක් හොඳ හෝ නරකය යන්න තීරනය කරන්නෙ බාහිර සාධක පදනම් කරගෙනය...පාසැල සතු ගොඩනැගිලි ප්‍රමාණය... ක්‍රීඩා පිට්ටනියේ ප්‍රමානය.... පිහිනුම් තටාක ආදී නොයෙක් වු බාහිර සාධකයන්, තුලින් පාසැලක් මහා, මධ්‍ය හෝ කනිෂ්ඨ පාසැලක් යන්නට තීරනය කරනු ලබයි....
ගුරැවරැ පඩි වැඩි කරන්නයි උද්ඝෝශනය කරති... අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැටුප් විෂමතා ඉවත් කරන්නැයි උපවාස කරති.... ගුරැවරයාගේ මුලික වගකීමද ප්‍රධාන අරමුණද දරැවාට නිසි අධ්‍යාපනයක් ලබාදීමයි... අමුත් අපේ රටේ නොවන්නේද..... මෙයමය.... ගුරැවරන්ට ඊට වඩා හිතන්නද බොහෝ දේ ඇත...තමන්ගේ පවුලේ පොෂණය.. දරැවන් රැකබලා ගැනීම... තමුනගේ අයිතීන් දිනා ගැනීම... තමන්ගේ සේවයට සරිලන වැටුපක් ලබා ගැනීම ආදී මෙකී නොකී බොහෝ දේ ගුරුවරැන් හට කල්පනා කරන්න සිදුවී තිබේ...

මේ සියළු කාරනා හමුවේ නැවතත් දරැවන් පාසැලට ඇතුලත් කරගැනීමේ මහා තරගය බොහොම මෑතකදී ආරම්භ කිරීමට නියමිතව තිබේ... අද දෙමවිපියන් මුහුන දෙන ඉතාමත් බරපතල ගැටළුවක් සම්බන්ධයෙන් යම් විග්‍රහයක නිරත වීම් මෙම ලිපියේ අරමුණ වේ.....


අපේ රටේ සෑම දෙමව්පියෙකුගේම අරමුණ වන්නේ තමන්ගේ පුතා හෝ දුව රටේ යහපත් පුරවැසියෙකු වීම දැකිමයි... ඒ සඳහා ඔවුනට අවශ්‍ය නිසි අධ්‍යාපනය බලා දීම බොහෝ දෙමව්පියන්ගේ ඒකායන පරමාර්ථයයි... ඒ සඳහා ඔවුන් තම දරැවන් ජනප්‍රිය... සුපිරි ජාතික පාසැලකට ඇතුලත් කිරීමට පෙළඹෙන්නේ නිරායාසයෙන්..... තමන්ගේ දරුවා උසස් පාසැලක අධ්‍යාපනය ලබනු දැකීම සෑම දෙමව්පියෙකුගේම සිහිනයක් බවට පත් වී තිබේ... ඒ හෙයින් මේ සඳහා බොහෝ දෙමව්පියෝ අකැමැත්තෙන් හෝ වේවා විවිධ වංචාසහගත උපක්‍රම අනුගමනය කිරීමට පෙලඹිම නොවැලැක්විය හැකි කාරනයකි....දරැවෙකු පාසැලකට ඇතුලත් කිරීමේදී ඒ සඳහා ඒ ඒ සුදුසුකම් මට්ටම මැන බැලීම සඳහා විවිධ ගණ (Category) අධ්‍යාපන අමාත්‍යංශය විසින් හඳුන්වා දී තිබේ.... 


1. ප්‍රාදේශිය පදනම
2. ආදි ශිෂ්‍ය පදනම
3. සහෝදර පදනම
4. ආරක්ෂක සේවා පදනම 


ආදී වශයෙන් මෙම සාධන මට්ටම් ක්‍රියාත්මක වේ......දරුවාගේ උපතේ සිට දෙමවිපියන් උත්සහා කරන්නේ මේ ගණ අතරින් කුමන හෝ ගණයකට තමන්ගේ දරැවා ඇතුලත් කර ජනප්‍රිය පාසැලක අධ්‍යාපනය ලබාදීමටයි... මෙහිදී දෙමව්පියන් විවිධ උපක්‍රම අනගමනය කරනු ලබයි....


ප්‍රාදේශිය පදනම සඳහා සුදුසුකම් ලැබීම උදෙසා විවිධාකාරයේ උපක්‍රම ක්‍රියාත්මක වේ... ඉන් එකක් වනුයේ දරුවා කොළඹ හෝ තදාසන්න රෝහලක් ජාතක කිරීමයි... ඒ සඳහා බොහෝවිට කොලඹ ප්‍රධාන රෝහල් කරා දෙමව්පියන් ඇදෙනු දක්නට ලැබේ... මෙහි අනෙක් කාරණය වන්නේ කොළඹ හෝ ඒ ආසන්න ප්‍රෙද්ශයක ලිපියක් ලබා ගැනීමයි... එය කොළඹ ආසන්න විශේෂයෙන්ම කොල්ළුපිටිය.. බම්බලපිටිය... හා ඒ හා සමාන ප්‍රෙදේශයන් හී පදිංචිකරුවන්ට ජැක්පොට් දිනුමක් ලැබුනා හා සමාන වරප්‍රසාදයකි.... බොහෝ විට විවිධ තැරුව් කරුවන් මාර්ගයෙන් ඔවුන් තමන් පදිංචි ස්ථනයේ ලිපිනය අලෙවි කරනු ලබන අතර අදාල දෙමවිපියන්ගේ නම් ඡන්දනාම ලේඛනය ඇතුලත් කිරීම ඇතුලු අවශ්‍ය සියළු ලිපි ලේඛණ සැකසීම සිදුවේ....ඒ සඳහා බලාපොරොත්තු වෙන් පාසැලේ ජනප්‍රියත්වය අනුව මුදල නියම වේ... එය රු. 50,000 සිට 200,000 හෝ අවශ්‍යතාවය සහ ඉල්ලුම අනුව වැඩි වෙන අවස්ථා ඇත...  යමෙක් එසේ නොවන්නේ යැයි තර්ක කල හොත් ඒ සඳහා හොදම උදාහරණය කොළඹ අවට පැසැල් වලට පිට පලාත් වලින් දිනක් තුල එනු ලබන පැසැල් ලමුන් ප්‍රමාහනය කරන වෑන් රථ පිළිබඳව සංඝනනයක් කිරීම මගින් අවබෝධයක් ලබාගත හැකිය.... වෙන්නප්පුව... නිට්ටඹුව... අවිස්සාවේල්ල... කළුතර ආදී, අදාල ප්‍රතිසාදන මට්ටම ඉහවහා ගිය ප්‍රෙදේශ වල සිට පවා කොළඹ පාසැල් සඳහා දිනකට එනු ලබන පාසැල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ ප්‍රමාණය ගැන සිතීමේදී පාසැල් වලින් 80% කට වඩා වැඩි ලමුන් සංඛ්‍යාවක් පිට පලාත්වල දරැවන් බව වටහා ගැනීම අපහසු කරැණක් නොවනු ඇත....


ඊට අමතරව විවිධ නිළතල දරන්නන්ද තමන්ගේ නිළ බලය පාවිච්චි කර ලමුන් ජනප්‍රිය පාසැල් සඳහා ඇතුල් කර දීමේ ව්‍යාපාරයක නිරත වේ... එහි වටිනාකමද අදාල පාසැලේ ජනප්‍රියත්වය අනුව රු 200,000 සිට 500,00 හෝ ඊටත් එහා යන අවස්ථාද නැතුවා නොවේ... ඒ වටිනාකම තීරණය වීමට බලය පාවිච්චි කරන පුද්ගලයා සතු බල ප්‍රමාණයද බලපානු ලබයි..බොහෝ දේශපාලඥයින්... අධ්‍යාපන බලධාරීන්..ඇතුළු බලය හා සම්බන්ධ විවිධ පුද්ගලයින් ගේ මුදල් හම්බකරගැනීමේ අවස්ථාව උදා වීමට තව ඇත්තේ මාසයකටත් වඩා අඩු කාලයකි.... ඒ එළබෙන ජුනි මස මුල 2013 වර්ෂය සඳහා දරුවන් පාසැල්වලට ඇතුලත් කරගැනීම ආරම්භ වන බැවිනි....


මෙහි අනෙක් බොහොම කාළකණ්නි තත්වය වන්නේ ලිංගික අල්ලස් ලබා ගැනීමයි.... අදාල සුදුසුකම් සම්පුර්ණ කර තිබුනද කුමන හෝ කාරණයක් මවා පෙන්වා දෙමව්පියන් බියගන්වා විවිධා කරයෙන් ලිංගික අල්ලස් ලබාගැනීමේ ක්‍රමයක් කාලයක් තිස්සේ ක්‍රියාත්මකව තිබෙන් බව පසුගියදා කොළඹ ප්‍රධාන පැසැලක ඇතිවු සිද්ධියෙන් මොනවට පැහැදිලි වේ... මේ තවත් එක් සිද්ධියක් පමනක් උවද මෙය කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන.. මනා සංවිධානාත්මක කටයුත්තක් බව මොනවට පැහැදිලිය... සාමාන්‍යෙයන් ලංකාවේ අධ්‍යාපන පිළිවෙත අනුව එක් පංතියක සිටිය යුතු උපරිම සිසුන් ප්‍රමාණය 40 කි.. නමුත් බොහෝ පැසැල් වල මෙම 40 හේ සීමාව ඉක්මවා ගොස් පන්තියක ළමුන් 50 දක්වා බඳවා ගන්නා අවස්ථාවන් තිබේ... දේ අමතර ළමුන් 10 දෙනා බොහෝ විට පන්තියට එකතු වන්නේ පාසැල් වාරය ආරම්භ කර මාසයක් හෝ දෙකකින් පසුවය... නැතහොත් පලමු පාසැල් වාරයේ අවසානයේ දීය... පාසැලක් සඳහා ලමුන් බඳවා ගැනීමේ නිශිචිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේ නම් එසේ පාසැල් වාරය අතරතුර ලමුන් බඳවාගන්නේ කෙසේද යන්න ගැටළුවකි.....රජයේ පාසැලකට ඇතුලත් කරගන්න සියළු සිසුන් පිළිබඳ වාර්ථ අධ්‍යාපන බලධාරීන් හමුවට ඉදිරිපත් කලයුතු බැවින් මේ පිළිබඳව අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු නොවීම ගැටළුසහගත තත්වයකි....


තවද දරැවෙකු පාසැලට ඇතුලත් කිරීමේ සිට විවිධ ආකාරයෙන් පාසැලේ විවිධ කටයුතු සඳහා මුදල් එකතුකිරීම් දැකිය හැකිය.. .එය පාසැලේ ඩෙස් බංකු පිංතාරැවෙන් ආරම්භ වෙන අතර.... පොත්පත්..... නඩත්තු කටයුතු..... සනිපාරක්ෂක කටයුතු..... වැසිකිළි කැසිකිළි පහසුකම් පුළුල් කිරීම්.... ආරක්ෂක කටයුතු.....ආගමික කටයුතු.... විවිධ ප්‍රසංග.... විභාග ගාස්තු.... ක්‍රීඩා තරඟ... පාසැල් සංවර්ධන අරමුදල ආදී මෙකී නොකී විවිධ කටයුතු සඳහා දෙමව්පියන්ගෙන් මුදල් අයකරනු ලබයි... මෙවැනි අවස්ථාවදී බොහෝ දෙමවිපියන් අසරණ වන නමුදු තමන්ගේ දරුවන්ගේ අනාගත සුභ සිද්ධිය උදෙසා අමාරුකම් මධ්‍යයේ උවද කිසිදු ප්‍රශ්ණ කිරීමකින් තොරව මුදල් වියදම් කරයි.... මගේ පාසැල් අවධියේ වාර අවසානයේ දී ගුරුවරැනු වෙත බුලත් හුරුල්ලක් දී දණ නමා වැඳ ආචාර කලා මතකය..... එකල හැකිවක් ඇති අයෙකු වෙතොත් බිස්කට් පැකටුටුවක්.. එසේත් නැතිනම් කුඩයක්... සාරියකදී ගුරුවරියට කෘත ගුණ සැලකීමක් වශයෙන් පරිත්‍යාග කලා මතකය... නමුත් අද ක්‍රියාත්මක වන්නේ මාෆියාවක් වැනි තත්වයකි... පලමු වදර හෝ දෙවැනි වසර පන්ති වල දී ගුරුවරියට උදව්වක් වශයෙන් අම්මාකෙනෙකු පන්ති කාමරයේ රඳවා ගැනීමේ ක්‍රමය යටතේ පන්තියට එක්වෙන් අම්මා ගුරුවරිය සමග අතිකරගන්නා වු සුහදත්වය තුල ඇය හා බැඳුනු තවත් ඒ පන්තියේ පිරිසක් වාර අවසානයේ ගුරුවරියට පරිත්‍යාග කරන්නට පෙළඹෙන්නේ මුදල් වවුචරයකි.... පන්තියේ එක් සිසුවෙකු හෝ සිසුවියකගෙන් රු.1000 ක් බැගින් අයකරගන්නා මේ තුටු පඬුරට අමාර්වෙන් හෝ දෙමවිපියන් මුදල් ලබාදෙන්නේ, එසේ මුදල් ලබා නොදුන හොත් තමන්ගේ දරුවාට යම් අසාධාරණයක් වේයැයි ඇති සැකය හේතුවෙනි....


ආදි ශිෂ්‍ය පදනමේ හෙළුව මීලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.....

Monday, May 7, 2012

පරට්ටි.....


හැම දවසේම උඹ එන කම්..
මම ඉන්නවා මග බලාන..
එන්නේ නැහැ කිසි දවසක..
එනවා කිව්ව වෙලාවටම..
එහෙම කරන නුඹ බලන්න..
පමා උනොත් විනාඩියක්..
මහා හයියෙන් බෙරිහන් දෙන..
රතු පාටින් පාට කරපු..
තොල් උල් කර ඔමරි පාන..
වෙස්මුනක් වගේ මුන..
තරමට එක එක පාටින්..
පාට කරලා විච්චුරන..
රටේ උන්ව හිනස්සවන..
මග තොටේට දකින දකින..
එකා එක්ක මුකුළු කරන..
හැම එකාම හැරිලා බලන..
තරමට ඉඟ සුඟ නලවන..
කර පලාපු හැට්ට අඳින..
නැට්ට වැටුනු තැන පේන්න..
ඉනෙන් යටට ජීන්ස් අඳින..
බුරිය විදලා ගෙජ්ජි දාන..
නාහේ විදලා තෝඩු දාන..
ඉන මුල්ලට ටැටු ගහන..
තන  පල්ලට ටැටු අඳින..
එපා කියන දේම කරන
කියන කිසිම දේ නාහන
හායි.. බායි... හව් ආර්යු...
නැහැ නේ මෙයා... ස්වීට් අනේ..
සිංගිරිසිය ඔ‍ළුවේ තියන්..
මහ හයියෙන් කථා කරන..
කේ එෆ් සී... මැක්ඩොනල්ඩ්...
වලටම මගේ සල්ලි පුදන...
ගෙමේ හිටපු රංමැණිකා...
අනේ උඹට පුලුවන් නම්...
හොයලා දියන් මට ඒකිව...
හමුවුනොතින් නිකමට හරි..

කියපන් මාව බලන්න එන්න කියලා
මම  සිරිපාල..

Wednesday, May 2, 2012

කුලියට දෙනු ලැබේ....


අම්මපා අයෙමත්
දෙන්න නම් හිතන්නෑ
හොඳයි දෙන එක කුළියට
නැහැ කිසිම කරදර
ඉන්නවානම් හිටපන්
පලයන් යන්න බැරිනම්

දුන්නම බද්දට
කරදර ගොඩයි පිට පිට
ලයිට් බිල් ‍ගෙවන්නෑ
වතුර බිල් ගෙවන්නෑ
කිසි නඩත්තුවක් නැහැ
මුලින් තිබ්බ උනන්දුව නැහැ
කිසි වගක් නැහැ

කරදරයක් නැහැ දෙන එක කුලියට
පොරොන්දු පත්‍ර නැහැ
උසාවි නැහැ
ලියාපදිංචි නැහැ
ඉන්න බැරි නම් හරියට
අල්ලලා දානවා
බෙල්ලෙන් එළියට

නොගෙව්වොත් ලයිට් බිල්
හිටපල්ලා කළුවරේ
නෙගෙව්වොත් වතුර බිල්
හිටපල්ලා පිපාසෙන්
හරිම ලේසියි පහසුයි..
නෑ කිසිම වගකීමක්..
නෑ කිසිම බැඳීමක්...

අම්මපා.. .
ආයේ නම් නැහැ..