අම්මපා අයෙමත්
දෙන්න නම් හිතන්නෑ
හොඳයි දෙන එක කුළියට
නැහැ කිසිම කරදර
ඉන්නවානම් හිටපන්
පලයන් යන්න බැරිනම්
දුන්නම බද්දට
කරදර ගොඩයි පිට පිට
ලයිට් බිල් ගෙවන්නෑ
වතුර බිල් ගෙවන්නෑ
කිසි නඩත්තුවක් නැහැ
මුලින් තිබ්බ උනන්දුව නැහැ
කිසි වගක් නැහැ
කරදරයක් නැහැ දෙන එක කුලියට
පොරොන්දු පත්‍ර නැහැ
උසාවි නැහැ
ලියාපදිංචි නැහැ
ඉන්න බැරි නම් හරියට
අල්ලලා දානවා
බෙල්ලෙන් එළියට
නොගෙව්වොත් ලයිට් බිල්
හිටපල්ලා කළුවරේ
නෙගෙව්වොත් වතුර බිල්
හිටපල්ලා පිපාසෙන්
හරිම ලේසියි පහසුයි..
නෑ කිසිම වගකීමක්..
නෑ කිසිම බැඳීමක්...
අම්මපා.. .
ආයේ නම් නැහැ..
හරියට හරි... දෙනවනම් කුලියට මිසක් දෙන්න හොඳ නෑ...
ReplyDeleteසම්පූර්ණ ඇත්ත... ආයෙනම් බද්දට දෙන්නේ නෑ.. :)
ReplyDeleteකුලියටදීල බුක්තියට සින්න උනොත් තමා වැඩේ....
ReplyDeleteනැතුව නැතුව.
Deleteඅඩේ මම හිතුවේ 2ම එකයි කියලා..
ReplyDeleteපස්ටයි අයියේ...! පදයි, අදහසයි දෙකම එල කිරි.
ReplyDeleteබලාගෙන දෙන්නෙ
ReplyDeleteකුලියට
හොර රහසෙම
උස්සන් යයි සන්තකේම....
අම්මපා මටම ගැලපෙන කවියක් :/
ReplyDeleteහෙනම කලාත්මකයි.....
ReplyDeleteපාඩමක් ඉගෙන ගෙන වගේ..
ReplyDeleteහ්ම්ම් ඒක හොදයි .
ReplyDeleteනියමයි!!! (Y) දෙන්න නරකයි බද්දට..:/
ReplyDeleteමළා දීලා ඉවරයි නෙව බද්දට.චුට්ටක් කළිං කියන්ඩ එපායැ.පට්ට කවිය
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteදැන් ඉතින් මොනවා කරන්නද..දුක තමයි..
ReplyDeleteඒක හොද අදහස
ReplyDeleteමටත් මගේ හදවත
ReplyDeleteදෙන්න හිතුනා කුලියට
දෙන්නේ නෑ බද්දට
හිටපු වුන් හැදු පලුදු දස අත