Wednesday, May 2, 2012

කුලියට දෙනු ලැබේ....


අම්මපා අයෙමත්
දෙන්න නම් හිතන්නෑ
හොඳයි දෙන එක කුළියට
නැහැ කිසිම කරදර
ඉන්නවානම් හිටපන්
පලයන් යන්න බැරිනම්

දුන්නම බද්දට
කරදර ගොඩයි පිට පිට
ලයිට් බිල් ‍ගෙවන්නෑ
වතුර බිල් ගෙවන්නෑ
කිසි නඩත්තුවක් නැහැ
මුලින් තිබ්බ උනන්දුව නැහැ
කිසි වගක් නැහැ

කරදරයක් නැහැ දෙන එක කුලියට
පොරොන්දු පත්‍ර නැහැ
උසාවි නැහැ
ලියාපදිංචි නැහැ
ඉන්න බැරි නම් හරියට
අල්ලලා දානවා
බෙල්ලෙන් එළියට

නොගෙව්වොත් ලයිට් බිල්
හිටපල්ලා කළුවරේ
නෙගෙව්වොත් වතුර බිල්
හිටපල්ලා පිපාසෙන්
හරිම ලේසියි පහසුයි..
නෑ කිසිම වගකීමක්..
නෑ කිසිම බැඳීමක්...

අම්මපා.. .
ආයේ නම් නැහැ..

17 comments:

  1. හරියට හරි... දෙනවනම් කුලියට මිසක් දෙන්න හොඳ නෑ...

    ReplyDelete
  2. සම්පූර්ණ ඇත්ත... ආයෙනම් බද්දට දෙන්නේ නෑ.. :)

    ReplyDelete
  3. කුලියටදීල බුක්තියට සින්න උනොත් තමා වැඩේ....

    ReplyDelete
  4. අ‍ඩේ මම හිතුවේ 2ම එකයි කියලා..

    ReplyDelete
  5. පස්ටයි අයියේ...! පදයි, අදහසයි දෙකම එල කිරි.

    ReplyDelete
  6. බලාගෙන දෙන්නෙ
    කුලියට
    හොර රහසෙම
    උස්සන් යයි සන්තකේම....

    ReplyDelete
  7. අම්මපා මටම ගැලපෙන කවියක් :/

    ReplyDelete
  8. පාඩමක් ඉගෙන ගෙන වගේ..

    ReplyDelete
  9. හ්ම්ම් ඒක හොදයි .

    ReplyDelete
  10. නියමයි!!! (Y) දෙන්න නරකයි බද්දට..:/

    ReplyDelete
  11. මළා දීලා ඉවරයි නෙව බද්දට.චුට්ටක් කළිං කියන්ඩ එපායැ.පට්ට කවිය

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. දැන් ඉතින් මොනවා කරන්නද..දුක තමයි..

    ReplyDelete
  14. මටත් මගේ හදවත
    දෙන්න හිතුනා කුලියට
    දෙන්නේ නෑ බද්දට
    හිටපු වුන් හැදු පලුදු දස අත

    ReplyDelete