Sunday, January 15, 2012

නොබැඳපු උන්‍ දන්නේ නැති.. බැඳපු උන් කියන්නේ නැති කථාවක්...



ලෝකයේ බොහෝ සත්වයන් පිළිබඳව අධ්‍යනය සහ ගවේශණය කිරීම තුලින් ඒ ඔවුන් පිළිබඳව සහ ඔවුනගේ චර්යා රටාවන් දැනගැනීමටත්, වටහා ගත හැකිය. නමුත් ‍කොතෙකුත් අධ්‍යන කලත් ගවේශණය කලත් නිවැරදිව තේරැම් ගත නොහැකි එක් සත්වයෙක් මේලොව තුල ඇත... ඒ මිනිසාය...අපට බොහෝ අවස්ථාවල අපව තේරුම් ගත නොහැක.. එසේ තිබියදී අප අනෙකා තේරුම් ගැනීමේ අසාර්ථක උත්සහායක නිරතවෙමු.  

සාපේක්ෂ වශයෙන් ගත් කල ගැහැණියට සාපේක්ෂව පිරිමියා තේරුම් ගැනීම පහසුය... පිරිමියෙකුගේ චර්යා රටාවන් බොහෝ විට  ඒකාකාරීය. දවස ගෙ‍වන්නේ එකම න්‍යාය පත්‍රයක් අනුවය... අවදිවීමේ සිට නින්දට යාම දක්වා සෑම දිනක්ම බොහෝවිට ඒකාකාරීය.. කිසිවිට ඔහු ඒ කෙරෙයි කළකිරීමක් හෝ අකමැත්තක් ඇතිකර නොගනී.. සමහර දේ පුරැද්දට මෙන් කරයි... හිතන්නට බොහෝ දේ නැත.. ඇඳුම් පිළිබඳව හෝ අමතර ආයිත්තම් පිළිබඳව මහා දෙයක් නැත... බොහෝ විට සරළය... කාන්තාව එසේ නොමැත... ඒකාකාරී රටාවකට ඇයි අකමැතිය.. නිතරම යම් වෙනසක් බලාපොරොත්තු වේ..සෑම දෙයකින්ම වෙනස් වීමට ඇය ප්‍රියකරයි... ඇඳුම් පැළඳුම් ද... ආභරණද.... එක් වරක් ඇන්ඳ පසු කාලයක් නැවත නොඅඳිය....කොන්ඩා මොස්තරය වෙනස් කරයි....ගෙදරක බඩු භාහිරාදිය නිතරම වෙනස් කරයි... අල්මාරියෙහි ඇඳුම් පිළිවෙල නිතරම වෙනස් කරයි.... 

බොහෝ අවස්ථාවල පිරිමියා මේ සම්බන්ධයෙන් දක්වන්නේ විරොධාකල්පයකි.. ඔහු වෙනසට අකමැතිය... යමක් වෙනස් කිරීමේ දී දෙවරක් නොව ඊට වඩා වැඩි වාර ගනනක් කල්පනා කරයි.... යමක් තියන ආකාරයෙන් තිබීම තුල යම් හානියක් නෙවේ නම් එහි වෙනසක් අපේක්ෂා නොකරයි.. නිතරම නිවෙස් තුල බහින්බස් වීම්, සිත් රිදවීම් ඇති‍වීමට මේ චර්යාමය වෙනස බලපායි...

පිරිමියා බොහෝ විට යමක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ දී දෙවරක් සිතයි.... එය යම් අයෙකුගේ සිත් රිදවීමක් ඇත්වේද.. තමා වටා සිටින්නන්ට ඉන් හානියක් වේද ?... යන්න පිළිබඳ දැඩි අවධානයක් යොමුකරයි... කෙනෙකු සම්බන්ධයෙන් යමක් ප්‍රකා‍ශ කරන විට පවා බොහොමත්ම ප්‍රවේසම් වේ.. කාන්තාවන් ඊට හාත්පසින්ම වෙනස්ය... ඕනෑම තැනක දී  කව්රැන් කෙසේ සිටියද ඇය තම අදහස ප්‍රකාශ කරයි... ඉන් වෙන හානිය පිළිබඳව ඇයට වැදගත් නොවේ.... සිත් රිදවීම්  ගැන කිසිම වගක් නැත... එමෙන්ම කාන්තාව බොහෝ ඉක්මනින් තමන් වෙත චෝදනා එල්ලකර ගනී.. යම් කෙනෙක් වෙ‍නකෙකු වෙනුවෙන් කියන දේකින් පවා රිදවා ගනී...  අනුන්ගේ දෙයකට හෝ කිසිම ‍සෙවිල්ලකින් තොරව කිපේ.... ක්ෂණික ප්‍රතිචාර දක්වයි....පිරිමියා බොහෝ විට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්නේ නැත... ඔහුටම එල්ල කල චෝදනාවක් හෝ වේවා නෑසුකන්ව සිටීමට ප්‍රියකරයි.... සමහර අවස්ථාවලදී නැන්දම්මා ලේලි ගැටළුවට මැදිවන බොහෝ පිරිමින් කරන්නේ නෑසුකන්ව සිටීමය... 

පිරිමියා එදිනෙදා බොහෝ දේ ගැන වෙන්වෙන් වශයෙන් බැලීමට ප්‍රියකරයි... බිරිඳ, රැකියාව, දරැවන්, දෙමව්පියන්, බිරිඳගේ දෙමව්පින්, සහෝදර සහෝදරියන්, වාහනය, නිවස ආදී වශයෙන් වෙන් වෙන් වශයෙන් සැළකිලිමත්වේ... ඔහු මේ එක් දෙයක් ගැන කථා කිරීමේ දී ඒ අදාල දේ පිළිබඳවම පමනක් කථා කිරීමට ප්‍රවේශම් වේ... එකිනෙකෙහි සම්බන්ධයක් නැත. කාන්තාව එසේ නොවේ....ස්වාමිපුරැෂයා රැකියාවට සම්බන්ධය... රැකියාව වාහනයට සම්බන්ධය... සහෝදරයින් නිවසට සම්බන්ධය... දෙමව්පියන් සහෝදරියින්ට සම්බන්ධය.. ඇයි බොහෝ විට යමක් පිළිබඳව කථාකිරීමේ දී එකකට එක සම්බන්ධ කොට කථා කරයි... එක් ප්‍රශ්ණයක් විසඳීමට උත්සහ කිරීමේද  තවත් ප්‍රශ්ණ කීපයක් පැනනගින තත්වයක් දැක ඇත..

පිරිමින් බොහෝ විට ප්‍රශ්ණ ගැන කථා කිරීමට අකමැතිය.. ඔවුන්ට යම් ප්‍රශ්ණයක්, ආතතියක් ඇතිවු අවස්ථාවක ඔහු බොහෝ විට කරන්නේ නිහඬව සිටීමය... සමහර අවස්ථාවලදී ඔහු තනිව සිටීමට උත්සහ කරයි.. දුම්පානය කිරීම හෝ මත්පැන් පානය කිරීම කරන්නේ ඔහු ඒ නිසා ආතතිය අඩු නොවන බව නොදැන  නොවේ.. නමුත් ඒ කාලය බොහෝ විට තනිව සිටීම තුල ඔහු සිය ආතතිය හෝ ගැටළුව පාලනය කරගනී... බොහෝ විට පිරිමින් තනිව සිටින අවස්ථා කාන්තාවන්ට ගැටළු මතු කරයි.. ‍‍"මොකද ‍අනේ ඔයාට වෙලා තියෙන්නේ..? මොකක්ද ප්‍රශ්ණේ.. මට කියනන් බැරි දෙයක්ද ? ඇයි මට කියන්න බැරි ?".... ‍පිරිමියාගේ මේ හැසිරීම කාන්තාවට මහත් ප්‍රශ්ණ ගෙනදේ....  

නමුත් කාන්තාව එසේ නොවේ, ඇය බොහෝ විට ඇතිවන ප්‍රශ්ණයක් හෝ ඇතිවන මානසික ආතතිය පිට කරයි... නිතරම ඒ ගැන කථා කරයි... මේ අවස්ථාවලදී ඇය බොහෝ විට පිරිමියාගේ ඇහුන්කන් දීම බලාපොරොත්තු වේ...අවධානය බලාපොරොත්තු වේ.. බොහෝ විට පවුල් තුල ප්‍රශ්ණ ඇති කරන්නට මේ ඇහුම්කන් දීම හෝ නොදීම බලපායි.. ඊට හේතු වන්නේ පිරිමියා ඇහුම්කන් දුන් පසු ඒ සම්බන්ධයෙන් පිලිතුරු ලබාදීමට හෝ සහාය වීමට උත්සහා කිරීමයි.. නමුත් බොහෝ විට කාන්තාවන් බොහෝ ගැටළු සම්බන්ධයෙන් පිලිතුරු බලාපොරොත්තු නොවේ... ඇයට අවශ්‍ය තමාගේ ප්‍රශ්ණයට ඇහුම්කන් දීම පමනය... බොහෝ ගැටළු ඇය ඔබට පවසන්නේ ඒවා විසඳාගැනීමෙන් පසුව විය හැකිය... නමුත් ඒසේ කියා ඔබට ඇහුම්නක් නොදී සිටීමෙන්ද පවුල තුල ගැටුම් ඇතිවේ....  


විවාහකයින්ට තේරැම් ගන්නටත්.. අවිවාහකයින්ට හැදෙන්නටත් අපි මේ ගැන කථා කරමු... මීලඟ ලිපියෙන් තව දුරටත්.... 

මේක ලියන්න හේතු උනේ සබියා ගේ  අයි ඩෝන්ට් නෝ වයි? ලිපි පෙළ බව මතක් කරන්න කැමතියි..


(ඇනෝ ඇතුලු සියලු අදහස් සංවාදයට හේතුකාරණා වේ)

53 comments:

  1. බස්ස ලාෆ් යුවර් වේ බලල වගේ.. සබියගෙ පෝස්ට් එකෙත් දැම්මෙ ඒක බලපන් කියල..

    ඔන්න බලපන් කෙල්ලො වැඩිහරියක් මේක ගනන් ගන්නෙ වත් නෑ.. මොකද මේක තේරුම් ගත්තොත් උන්ට පාඩුයි කියල හිතන හින්ද...

    ReplyDelete
    Replies
    1. @ සාතන්... බොහොම ස්තූතියි... ඔව් ඒකත් පැලුවා... තව තව ඒවත් බැලුවා... ඔක්කොම බලලා... ඒවා අත්දැකීම් වලට ගලපලා තමයි ලිව්වේ...මේ බොහෝ දේ පෞද්ගලිකවම විඳලාත් තියනවා...

      Delete
  2. //පිරිමියා බොහෝ විට යමක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ දී දෙවරක් සිතයි.... එය යම් අයෙකුගේ සිත් රිදවීමක් ඇත්වේද.. තමා වටා සිටින්නන්ට ඉන් හානියක් වේද ?... යන්න පිළිබඳ දැඩි අවධානයක් යොමුකරයි... කෙනෙකු සම්බන්ධයෙන් යමක් ප්‍රකා‍ශ කරන විට පවා බොහොමත්ම ප්‍රවේසම් වේ.. කාන්තාවන් ඊට හාත්පසින්ම වෙනස්ය... ඕනෑම තැනක දී කව්රැන් කෙසේ සිටියද ඇය තම අදහස ප්‍රකාශ කරයි... ඉන් වෙන හානිය පිළිබඳව ඇයට වැදගත් නොවේ.... සිත් රිදවීම් ගැන කිසිම වගක් නැත..//

    මේ කොටසට නම් එකඟ වෙන්ට බැහැ. ඔබ සමහර විට ඇසුරු කර ඇති කාන්තාවන්ගෙන් මෙය දැක තිබෙනවා වෙන්ට පුළුවන්. නමුත් කාන්තාවක් වශයෙන් සහ මගේ කාන්තා මිතුරියන් අනුසාරව නම් මේ තත්වය වෙනස්. අපි ඇත්තටම ගොඩක් වෙලාවට අදහස් දක්වන්ට යන්නෙත් නැහැ. අරය මොනවා හිතයිද, මෙයා මොනවා හිතයිද කියල බයෙන් ඔහේ නිකම් ම ඉන්නවා

    අනිත් කොටස් නම් සමස්තයක් ලෙස නිවැරදියි

    ReplyDelete
    Replies
    1. @ අමා.... බොහොම ස්තූතියි... ඔව් වෙන්න පුලුවන්... අපි අපේ ජිවිත කාලේ පුරාම විවිධ අත්දැකීම් ලබනවා... ඒ අනුසාරයෙන් තමයි අපි යම් යම් මත ගොඩනගන්නේ.... ඒවා වෙනස් වෙන්න පුලුවන් අමා...

      Delete
    2. තේවින්දFebruary 26, 2012 at 10:44 PM

      කාන්තාවන් ඊට හාත්පසින්ම වෙනස්ය... ඕනෑම තැනක දී කව්රැන් කෙසේ සිටියද ඇය තම අදහස ප්‍රකාශ කරයි... ඉන් වෙන හානිය පිළිබඳව ඇයට වැදගත් නොවේ.... සිත් රිදවීම් ගැන කිසිම වගක් නැත
      මෙහිදී තමන්ට ' වාසියක් ' සිදුවන ඕනෑම තැනක දී යයි යෙදුවහොත් වඩාත් නිවැරදි වනු ඇත .හැක හැක :පී !

      Delete
  3. බස්ස තරම් ඔය සම්බන්දව පරිනත නැහැ. ඒත් හුගක් වටිනා අදහස් ටිකක්. තන්කූ කිව්ව!!

    ReplyDelete
    Replies
    1. @ අමල්....බොහොම ස්තූතියි... මේ පැත්තේ නැතිරම ඇවිත් දෙන සහයට... ඔහොම යනකොට දැනගනීවි.... ජය !!!!

      Delete
  4. හැම පිරිමියෙක් හා ගැහැණියක් සම්බන්දව ඔය කරුණු ඇත්තද මන්ද!
    ඔයින් පරිබාහිර ගති ලක්ෂණ මම නම් දැකල තියෙනව!
    (අත්දැකීම් නම් නෑ!:P)

    ReplyDelete
    Replies
    1. @ නුවන් තාරක...බොහොම ස්තූතියි...හැම පිරිමියෙක් හා ගැහැණියක් සම්බන්දව හැම පිරිමියෙක් හා ගැහැණියක් සම්බන්දව මේවා ඇත් තනොවෙන්න පැලැවන්.. ඒත් බහුතරය එහෙමයි මම දකින විදියට... මීට හාතපස වෙනස් චරිත හමුවෙලා තියනවා... ඒත් මම කථා කරන්නේ බහුතරය ගැන...

      Delete
  5. http://www.youtube.com/watch?v=3XjUFYxSxDk&feature=related

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... මේ වගේ තව ඒවා තියනවා.. හොයාගෙන බලන්න...

      Delete
  6. හරියටම හරි.කෙටියෙන්ම කීවොත් නම්.
    “ පිරිමියා සරලයි ගොරහැඩියි ,ගැහැණිය සංකීර්ණයි සුන්දරයි “

    ReplyDelete
    Replies
    1. අරේ වා...සොසී අක්කගේ ටෝක් එක කොහොමද??

      Delete
    2. hmmm
      eka nam aththama aththa

      Delete
    3. @ සොසී... බොහොම ස්තූතියි... බොහොම අපුරු විග්‍රහයක් නොවැ...

      Delete
  7. ඒත් මට හිතා ගන්න බැරි , සරල දේ ගොරහැඩි වෙන්‍නෙත් , සංකීර්ණ දේ සුන්දර වෙන්නෙත් කොහොම ද කියලයි.
    “ ඔන්න බලමුකෝ , මාත් සරල දේවල් සංකීර්ණ කරන් “

    ReplyDelete
    Replies
    1. හේතුව හොයන්න හදනවට වඩා ගොරහැඩි බව තුල තියන සරල බවත්... සුන්දරත්වය යට තියන සංකීර්ණ බවත් වටහා ගැනීම වටිනවා මම හිතන විදියට...

      Delete
  8. //සාපේක්ෂ වශයෙන් ගත් කල ගැහැණියට සාපේක්ෂව පිරිමියා තේරුම් ගැනීම පහසුය.//

    සරල සම්පුර්ණ ඇත්ත.. වැදගත් ලිපි තියෙනව වගේ... කියවල බලන්නම්.. ජය !

    ReplyDelete
    Replies
    1. @ සැම්... බොහොම ස්තූතියි... මේ පැත්තේ ආවාට... ජය !!!

      Delete
  9. නැවතිල්ලේ බැලුවම ඇත්ත තාමා බං.....

    ReplyDelete
    Replies
    1. @ කල්ප... ඔයත් දන්නවා වෙනස නේද ? බොහොම ස්තූතියි... මේ පැත්තේ ආවාට... ජය !!!

      Delete
  10. අත්දැකීම් තියෙන මිනිස්සු මේවා ගැන ලියන එක හොඳයි නෙවැ අපි වගේ උන්ට ඉගෙන ගන්න..අනාගතයට ඕන වෙන පාඩම් නේ!

    ReplyDelete
    Replies
    1. @ සබිත්... ඔයාගේ පොස්ට් එක කියෙව්වට පසුසේ තමයි ලියන්න හිතුනේ... මේවා ගන නම් තව ලිපි වැලක් ලියන්න පුලුවන්.. අත්දැකීම් තියනවා... බොහොම ස්තූතියි... මේ පැත්තේ ආවාට... ජය !!!

      Delete
  11. පිරිමි වගේ ගැහැණු ගැනයි ගැහැණු වගේ පිරිමි ගැනයි අහල නැද්ද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... මේ පැත්තේ ආවාට... ජය !!!

      Delete
  12. ටික ටික එහෙ මෙහෙ වෙන්න පුළුවන් වුණාට කතාටික සෑහෙන්න ඇත්ත!

    ReplyDelete
    Replies
    1. @ හරේ.... හ්ම්.... බොහොම ස්තූතියි... මේ පැත්තේ ආවාට... ජය !!!

      Delete
  13. සොදුරු සිත අක්කගේ කතාව තරයේ හෙළා දකිමි එහෙම නැති අයත් ඉන්නවනේ... අත්දැකිමෙන් කියන්නෙ..... හී හී .... කතාවෙ අවුලක් නැත්තෙම නෑ...

    ReplyDelete
    Replies
    1. @ රහස් පරීක්ෂකයා... ඔව් ... වෙනස් අයත් ඉන්නවා... ‍එහෙම වෙන්න පුලුවන්...බොහොම ස්තූතියි... මේ පැත්තේ ආවාට... ජය !!!

      Delete
  14. නියමයි අයියා....සුපිරි....බඳින්න කලින්ම ඕක තේරුම් ගන්න පුළුවන් නම් පට්ට...

    ReplyDelete
    Replies
    1. @ මකුළුවා.. ඔනාවට වැඩිය තේරුම් ගන් නයන්ත් එපා.. ඊට පස්සෙ බඳින එකකුත් නැති වෙයි... හැකස්....බොහොම ස්තූතියි... මේ පැත්තේ ආවාට... ජය !!!

      Delete
  15. මගේ අදහසනම්, මේ ලිපියේ කියන දේවල් හැම ගැහැණියටම හෝ පිරිමියටම අදාළ නොවන බවයි.සොන්දුරු, කියනවා වගේ හැම ගැහැණියක්ම.සරල සුන්දර නොවනවා වගේම, හැම පිරිමියෙක්ම බස්සා කියන තරන් ගැඹුරු හික්මීමක් ඇති,දුරදක්නා නුවනක් ඇති පිරිමින්මත් නෙවෙයි. හැම පිරිමියම වගකීම් වලට අසීමිතව ගරු කරන අය උනිනම්. අපේ පවුල් සන්ස්ථාව මොන තරන් සුන්දර තැනක් වෙන්න තිබුනාද

    ReplyDelete
    Replies
    1. මම දකින විදියට පවුලක් සුන්දර නොවීමට මේ වගේ හේතු වගේම තෝරාගැනීමේද ඇතිවන ගැටලුත් බලපානවා සන්ධ්‍යාවි... මම ඒ ගැන මීට පෙර ලිපියකින් කථා කරලත් කියනවා... තමා විවාහය සඳහා තෝරාගන්නේ සැබෑ ආදාරයද කියන දේ සම්බන්ධයෙන්... බොහොම ස්තූතියි... මේ පැත්තේ ආවාට... ජය !!!

      Delete
  16. ඩිංග ඩිංග එහාට මෙහාට වෙන්න පුලුවන්....සමස්තයක් හැටියට මේ සොයාගැනීම් ටික නිවැරදියි කියන ගොඩට මාත් යනවා ඔන්න.කාන්තාවො තරහ වුනාට මක් කොරන්නෙයි‍.....

    ReplyDelete
    Replies
    1. @ වැලිමැඩියා.... බොහොම ස්තූතියි... මේ පැත්තේ ආවාට... ජය !!!

      Delete
  17. රසල් පීටර්ස් ගෙ " වුමන්ස් ආ තින්කර්ස්" වීඩියෝ එක බලල තියෙනවද ??

    මිනිහත් කියන්නෙ ඔය රිකමයි :D

    http://www.youtube.com/watch?v=4dOAjXSZJ1o

    ReplyDelete
  18. Women are from venus, men are from Mars කියන පොතේ තියෙන්නේ ඔය ප්‍රශ්නෙට විසදුමක්. කසාද බදින්න කලින් හැමෝම මේ ලෝක දෙකක ජීවත් වෙන ගැහැණු සහ මිනිස්සු එකම වහලක් යටට ගියාම වෙන දේ ගැන හිතල බැලුවනම් ප්‍රශ්න අඩු වෙයි. කසාදෙ කියන්නේ ආදරෙන් අන්ද වෙලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක දන්නේ බොහොම ටික දෙනයි. අපේ රටේ තියෙන ප්‍රශ්නේ කවුරුවත් අනුත් මිනිහගේ personal space එකට ඉඩ දෙන්නේ නැති කම කියල තම මට හිතුනේ

    ReplyDelete
  19. මට කියන්න ඕන කරල තියන දේ අමා කියල තියනවා . ඒ කරුණු ටික හැර බොහෝ කරුනු වලට එකඟයි . මේ ඔබගේ අත්දැකීම් අනුව කියපු දෙයක්නේ .

    ReplyDelete
  20. "පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය"

    see

    http://hotnewslanka.com/2012/02/blog-post_4853.html

    ReplyDelete
  21. පවුල් ජීවිතයේ තේරුම් ගන්න බැරි සමහර පොඩි පොඩි ගැටලු වලට විසදුම්........ජනක, ආඩම්බරයි ඔබ ගැන...

    ReplyDelete
  22. ගැහැනියගේ හා පිරිමියාගේ මනෝ මුලික සමාජ ලක්ෂණ කැටිවෙලා තිබුණා.මම එකඟයි අදහසට..

    ReplyDelete
  23. නමුත් කාන්තාවන් මෙහි එකඟ වීමට අකමැති කොටස් කීපයක් තිබුණා.එකට හේතුවත් මෙහිම ලියවිලා තියෙනවා.

    ReplyDelete
  24. kathawanum sahathika aththa saho...
    mama oya dewal mage GFgenma hondata athdakala thiyenawa...

    ReplyDelete
  25. නොදන්නා පැත්තක් ලස්සනට පෙන්නලා.... එල...

    ReplyDelete
  26. මේක පර්යේෂණ නිබන්ධනයක් ද? කොහොමද මේ ලේඛකයා "පිරිමියා මෙහෙමයි කාන්තාව මෙහෙමෙයි" කියල ඍජු වර්ගීකරණයෙන් කතා කරන්නෙ? මම නම් ඕනි තරම් දැකල තියනව් මේ කතාවලට හාත්පසින්ම වෙනස් අය. මීට වැඩා හොඳයි ලේඛකයා "මම මෙහෙමයි මගේ බිරිඳ මෙහෙමයි" වගේ මේක ලිව්වනම්. අඩුමතරමෙ එතකොට පාඨකයාට "අහ්, ඔයා එහෙමද, මාත් එහෙමයි" හරි "නෑ අපි නම් මෙහෙමයි කියල" සංවාදයකට එන්න පුළුවන්.
    තමාට සාපේක්ෂව ලෝකය මනින එක වැරදියි නේද? එහෙම කලත් එක සාමන්‍යයීකරණය කරන එක වැරදී නේද?

    ReplyDelete
    Replies
    1. @ දිලි.... ට රිදිලා තිය හැඩයි මේකෙන්... එහෙම උනා නම් සමාවෙන්න...... නිබන්ධනද නැද්ද කියන දේ නෙමෙයි... ඇත්ත ද නැද්ද කියලා තර්ක කරන්න.... තමන්ට වෙන විදියේ අත්දැකිම් තියනවා නම් ඒවා බෙදාගන්න...... එකඟ නොවෙනවා නම් ඒකට හේතු දක්වන්න... තර්ක බිඳින්න...... එහෙම නැතිව ..... හි.... හි....

      Delete
  27. හරි බුද්ධිමත් පිළිතුරක්. ඔබ තුමාගේ ලිපියේ තාරකානුකුල බව පිලිතුරුන්ම පේනවා. මටත් කියන්න තියෙන්නේ හි හී කියල තමයි.
    *මට රිදෙන්න කිසිම හේතුවක් නෑ. මේකෙ කිසිම දෙයක් මට අදාළ නෑ, අඩුම තරමේ මගේ යාලුවෙක්වත් එහෙම නෙමෙයි.
    *මේක බොරු මමවත් මමගේ යාලුවෝවත් මගේ සහෝදරයෙක්වත් මෙහෙම නෙමෙයි. හරි, එතකොට මම ඔබතුමාගේ තර්කය බින්දා.
    *මම එකඟ නෑ, හේතුව මම දන්නා කවුරුවත් මෙහෙම නෙමෙයි.
    මම කියන්නෙ මේකයි, ඔබ තුමා හිතාගෙන ඉන්නේ ඔබතුමා කාන්තාව ගැන සියල්ලදත් වගේ. එකනේ ඔබතුමා කාන්තාව, පිරිමියා කියල පොදු කුලකයෙන් ආමන්ත්‍රණය කරලා කතා කරන්නෙ. මට තියන ලොකුම ප්‍රශ්නෙත් ඔබ තුමා කොහොමද එහෙම පොදුවෙ කතා කරන්නෙ කියල. ඔබ තුමා කියනව මගේ අත්දැකීම් බෙදාගන්න කියල. අනේ ඉතිං ඔබ තුමාම උඩින්ම පටන්ගත්තනම් හරිනේ මේක මගේ අත්දැකීම කියල. එහෙම උනා නම් කිසිම ප්‍රශ්නයක් නෑනෙ. මෙතන වෙන වැරැද්ද මේකයි, මේක කියවන අත්දැකීම් නැති පුංචි පහේ අය හිතනව අම්මටසිරි මේක තමයි ඇත්ත කියල (මම මේ ලිපියට ප්‍රතිචාර දක්වන්නත් එක හේතුවක් ඒක. නැතිනම් ඔබතුමා මෙතන මොන පණ්ඩිතකම් කිව්වත් මට ප්‍රශ්නයක් නෑ). :-) :-)
    නිදහස තිබුණට සමාජයට වැරදි පණිවිඩ දෙන්න එපා.
    (හැකි නම් බුද්ධිමත් පිළිතුරක් දෙන්න. හි හී...)

    ReplyDelete
    Replies
    1. බුද්ධිමත්ව පිලිතුරු දෙන්න බුද්ධිමත්ව ප්‍රශ්ණයක් අහන්න ඕනෙනේ දරුවෝ.....
      මේක බොරු කියලා ඔබ කියනවා නම් ඒ ඔබේත් පෞද්ගලික මතයනේ..... ඒකට මම ගරු කරනවා.....
      මොකද මේ ලිපියේ තියන අනෙක් කමෙන්ට් කියවනකොට තේරෙනවා ඒ ඒ අයට මෙහි බොහෝ දේ අඩු වැඩියෙන් අත්දැකීම් තියනව බව....
      අනිත් කාරනේ මම ලිපියක් ලියද් දී හිතට එන දේ ඔහේ ලියලා දාන කෙනෙක් කෙමෙයි.. බ්ලොගේ තමන්ගේ කියලා තමන්ට ඕන දෙයක් ලියන්න පුලුවන් කියලා ම හිතන්නේ නැහැ....
      ඔබ මේ සියළු දේ බොරැය කියලා බැහැර කරනවා නම් ඒ ගැන මීට වඩා තර්ක කර හෝ විවිදා කර පලක් නැහැ.... පාඨකයා හිතනන් පොළඹවනවා මිසක් හිතන්න බලකිරීම හෝ මගේ මතය නිවැරදි කරගැනීමට තර්ක කිරීම මගේ ක්‍රමය නෙමෙයි..... මගේ අනිත් පොස්ට් බැලුවොත් එක්ත පෙනෙයි....

      Delete
  28. ජීවිතේ පුරාවටම ස්ත්‍රියකට ස්වාධීනව ජීවත් වෙන්න අයිතියක් දෙන්නේ නෑ...පොඩි කාලේ ඉදන්ම හැමදේටම උපදෙස් දෙන්නේ තාත්තා,අයියා.අම්මා උනත් හැමදාම කියන්නේ තාත්තගෙන් අහන්න...අයියගෙන් අහන්න කියලා.ඉතින් හැමදාම එයාලට යටත් වෙලා ඉන්නේ එයාලට ගරු කරන්න සහ බය නිසා.ඒත් කවදා හරි ආදරේ කරන්න පටන් ගත්තම අපි බලාපොරොත්තු වෙන්න පටන් ගන්නවා අඩුම තරමේ ජීවිතේ එක්කෙනෙක් හරි අපිට ඇහුන්කන් දෙයි කියලා..අපි කොච්චර සැමියට ගරු කරත් ජීවිතේ අපි බය නැත්තේ එයාට විතරයි...මොකද අපිට ඉන්නේ එයා විතරක් නිසා..ඒක නිසා අපේ හිතේ තියෙන හැමදේම කියලා හිත නිදහස් කර ගන්නයි අපිට ඕනේ...විවාහයට කලින් කොටු වෙලා හිටපු ජීවිතෙන් එලියට ඇවිත් නිදහසේ බයක් නැතිව ජීවත් වෙන්නයි ගැහැනියක් ප්‍රාර්තනා කරන්නේ...සැමියෙක් හැටියට ඒක විදගන්න උනාට කමක් නෑ...මොකද ජීවිතේ සැමියෙක් වෙනුවන් ගොඩක් කැපකිරීම් අපි කරන නිසා...

    ReplyDelete
    Replies
    1. කතාවනම් ඇත්ත ඉන්දු.ඒත් මේකෙ ඉන්න කාන්තාවොම පිලිගන්නවා කාන්තාවක් කියන්නෙ සංකිර්න චරිතයක් කියලා.එහෙම සංකිර්න දෙයක් පාලනයකින් තොරව නිදහසේ හැසිරෙන්න ඉඩ හැරියොත් කොහොම වෙයිද?

      Delete
  29. උබ දන්න තරම් :P

    ReplyDelete
  30. මෝඩ කොල්ලාJanuary 12, 2013 at 1:20 AM

    පිස්සු හැදෙනවානෙ. අපේ මුලු ජිවිත කාලෙම ගියත් කෙල්ලන්ව නම් තේරුම් ගන්න බෑ..

    ReplyDelete