Thursday, March 29, 2012

අකැමැති මතක.......



ඒ 2003 වසරයි......... එවකට මා සේ වය කලේ ලංකාවේ පිළිගත්ත මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක... දවසක් මම එක්තරා පලාතක ගමකට ගියා...ගමේ ගම්මලාදෑණියා එක්ක ගමේ ප්‍රශ්ණ පිළිබඳව සාකච්ඡා කරලා නැවත අවසන් වෙලා මමත් මගේ සහයකයත් අවට සැරි සරන කොට දැක්කා කුඩා නිවසක් අසල ගහක් යට කෙසඟ සිරැරකට හිමිකම් කියන පුංචි දියණියක් මාස ගනන් වලින් වයස කියන්න පුලුවන් තරමේ දරැවෙක් අතේ තියාගෙන ඉන්නවා..... මම ඇයට කිට්ටු කලා....

කොහොමද දුව... අම්මා නැති නැද්ද ගෙදර.... දුවද නංගිව බලාගන්නේ.....?

නැහැ මහත්තයෝ මේ මගේ දරැවා..... අම්මා වැඩට ගිහින්.... මේයා අඬනවා... නවත්තන්නෙම නැහැ... 

ඒ කථාවත් එක්ක මගේ හචවත මොහොතකට නතර උනා...... 

ඇයට වයස වැඩිම උනොත් 15 ක් හෝ 16 කි පමන වෙන්න ඇති..... ඇයි මාස කීපයක දරැවෙකුගේ මවක්......

ඇයගෙන් විස්තර ඇහැව්වා....

සිද්ධිය මෙහෙමයි....

බොහොම දුප්පත් පවුලකට දාව ඉපදුනු ඇය, ඇයට අවුරුදු 14 දී පමන මෙහෙකාරියක් විදියට නිවසකට සේවයට ගියා.... ඇයගේ දෙමව්පියන්ගේ තිබුන ආර්ථික තත්වයත්... පවුලේ තිබුන අඟහිඟකම් හේතුවෙන් ඇයගේ දෙමව්පියන්ට ඇයව මෙහෙකාර සේවය සඳහා යවන්න අකමැත්තෙන් උනත් කැමැත්ත දෙන්න සිද්ධ උනා.. ඇයට රැගෙන ගියේ ඇයගේ දෙමව්පියන් වාසය කලේ ගම්මානයේ තිබුන පොලිස් මුරපොලේ සේවය කරපු පොලිස් නිළධාරියෙක් ගේ නිවසකට....... ඒ යනකොට ඇය වැඩිවිය පැමිණිලා මාස කීපයක් විතරයි......

මෙතන ඉඳලා සිද්ධිය ඇයගේම හඬින් අහමු.....

මම එහෙ ගිහින් මුල් දවස් කීයප කිසිම කරදරයක් තිබුනේ නැහැ.... ඒත් පස්සේ මට මට හැමදාම උදේ පාන්දර 4 ට නැගිටින්න උනා.... ඒ උදේ උයන්න ඕන කරන දේවල් ලෑස්ති කරන්න.... නෝනට උයන්න ඕන කරන හැම දෙයක්ම මම ලෑස්ති කරලා තියන්න ඕනේ..... හාල් හෝදලා ගරලා..... ලුණු සුද්ධ කරලා...ඔය වගේ උයන්න ඔන් කරන හැම දෙයක්ම මම ලෑස්ති කරලා තියන්න ඕනේ... ඊට පස්සේ උයලා ඉවර වෙලා නෝනා වැඩට යනවා....... ගෙවල් දොරවල් අස්පස් කරලා..... රෙදි හෝදනන් ඕනේ....... නෝනගේ පුතාව බලාගන්න ඕනේ මහත්තයා එනකම්.... මහත්තයා උදේ 9 ය 10 විතර වෙනකොට එනවා... ඊට පස්සේ මහත්තයාගේ වැඩ......  

ඔහොම වැඩ කරගෙන ඉන්න කොට දවසක් හවස මහත්තයා මට කථා කලා කාමරේට..... මම බබත් එක්ක සෙල්ලම් කර කර හිටියේ... මම ගියා මොකද කියලා බලන්න නොන්ලගේ කාමරේට...... කෙල්ලේ මෙහේ වරෙන්.... මහත්තයා මට ලඟට කථා කලා...... මහත්තයා හිටියේ ඇඳේ වාඩි වෙලා......මහත්තයා මාව ලඟට අරගෙන මහත්තයාගේ කකුල් දෙකට හිර කර ගත්තා..... මහත්තයා මගේ ඇඟ අතගාන්න පටන් ගත්තා.... මම දුවන්න ලෑස්ති උනා..... මහත්තයා මාව හිර කරගත්තා..... මම කෑගහන්න හැදුවා.... මහත්තයා මගේ කට වහගත්තා.....

“උඹ කෑගැහැව්වොත් මම උමේ ගෙදර ඉන්න උන් ඔක්කොම මරලා දානවා...... උඹේ අම්මා... තාත්තා.. මල්ලී... නංගී...හැම එකෙක්වම මරලා දානවා....“

මහත්තයා මගේ කනට කරලා කිව්වා..... මට බය හිතුනා.... මහත්තයා මගේ පවුලේ අයව මරලා දායි කියලා... ඒ නිසා මම කෑගැහැව්වේ නැහැ....

මහත්තයා මගේ ගව්ම අස්සෙන් අත දැම්මා.... මාව කිති කැව්නා......මගේ මුලු ඇඟම අත ගෑවා.... එක එක ඇඳුම් ගැලෙව්වා.... මට මොනවද උනා......ඊට පස්සේ............................................... ?

මේ වගේ හැම දාම උනා.... හැමදාම බබාව නිදි කරලා මහත්තයා ගාවට යන්න උනා මට...... මහත්තයා බීලා ඉන්න දවසට මට ගොඩක් වද දුන්නා... මගෙ ඇඟ හැම තැනම හපනවා..... වෙලාවකට මගේ කට රිදෙනවා... කට ඇරගෙන ඉඳලා..... මගේ කොන්ඩේ ගැලවෙන්න තරම් වේදනාවක් එනවා..... ඒත් මම ඉවසගෙන හිටියා... මොකද මම බෑ කියන හැම වෙලාවකම මහත්තයා කිව්වේ මගේ පවුලේ අයව මරලා දානවා කියලා.....

ටික කාලයක් යනකොට මට වෙනසක් දැනෙන් ගත්තා... මට උදේට වමනේ වගේ ආවා... දවසක් නෝනා දැක්කා මම වමනේ දානවා... නොනා මගෙන් විස්තර ඇහැව්වා.... පස්සේ මම කිව්වා මට මහත්තයා කරපුවා.... නෝනා මට හොඳටම ගැහැව්වා.....
එදා නෝනා වැඩට ගියේ නැහැ....... පස්සේ මහත්තයා ආවා... මට ඇහුනා දෙන්නා රණ්ඩු වෙනවා... පස්සේ එදාම මාව ගෙදර ගෙනත් ඇරලුවා... තාත්තට මම වැඩ කරපු කාලෙට පඩිත් දුන්නා......

පස්සේ මහත්තයා අපේ ගමෙන් ගියා..... මට මේ බබා ලැබුනා.......

------------------------------------------------------

මේ සත්‍ය සිදුවීමක්... මේ පොලිස් නිළධාරියෙක් විසින් සිදුකරපු බාලවයස්කාර අපයෝජනයක්..... මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා පොලිස් නිළධාරියෙක්.....ඔහු විසින් මේ බාල වයස්කාර දැරිය නොකඩවා මාස ගනනක් දුෂණය කරලා තියනවා.... අවසනයේ ඇය ගැබ් ගත් වහාම ඔහුත් බිරිදත් එකතු වෙලා මේ දැරියට නිවසට ඇරලා... මේ සම්බන්ධයෙන් මො දරැවගේ දෙමවපියෝ පොලිසියේ පැමිණිල්ලක් කරලා.... නමුත් මේ පොලිස් නිළධාරියත්...අදාල ප්‍රෙදේශයේ පොලිස් අධිකාරී කාර්යාලයෝ සේවය කරපු ඔහුගේ බිරිඳත් මේ සිද්ධිය සම්පුර්ණයෙන්ම යට ගහලා....

මේ ගැන දැන ගතත් වහාම මම ඇතුලු  අපේ අනෙකුත් නිළධාරීන් වහාම ක්‍රියාත්මක වෙලා මේ සම්බන්ධයෙන් හොයලා, සිද්ධිය මහේස්ත්‍රාත් අධිකරණයටත්..... ඒ මගින් මහාධිකරණයටත් යොමුකලා...... අදාල නඩුව කැඳවන සෑම අවස්ථාවකදීම මේ දරැවටත් දෙමව්පියන්ටත් අදාල නඩුවට පෙනී හිටින්න එන්න ගමන් ගාස්තු පවා කාර්ය මණඩලයේ පෞදිගලිකව මුදල් ලබා දුන්නා.... 

අවසානයේ අපි හැමොගෙම උත්සහායෙන් අදාල නිළධාරියාට වසර 7 ක සිර දඬුවමකුත්..මේ දරැවට රු. 50,000.00 ක වන්දියකුත් ලබාදෙන්න මහාධිකරණය තීන්දු කලා..... ඒ වගේම මේ නිළධාරියා සම්බන්ධයෙන් ආයතනික වශයෙන් විනය පරීක්ෂණයකුත් ක්‍රියාත්මක කරන්න පොලිසිය කටයුත් කල බව ආරංචියි......

එදා මානව හිමිකම්කාරයක් විදියට මම කරපු දේ ගැන අදත් මම සතුටු වෙනවා..... කාගෙන්වත් සරණක් නැති...... අසාධාරණයට ලක් වෙච්ච ජනතාවට උදව් කරන්න හැකිවීම සම්බන්ධයෙන්...

ඔබට මොකද හිතෙන්නේ... මානව හිමිකම් කාරයෙක් ගේ සේවය ගැන......

මේ සිද්ධියත් එක්ක ඔබට ඇතිවෙච්ච හැඟීම මොකක්ද....?

මේ දරුවාට සාධාරණය ඉෂ්ඨ කිරීම උදෙසා.. අදාල පොලිස් නිළධාරියාව නිතිය ඉදිරියට ගෙන ඒම රටට ද්‍රෝහි විමක්ද...?

රටේ නීතිය කඩන්නන්ට එරෙහිව නැගී සිටීම රටට ද්‍රෝහි වීමක්ද....?

එහෙමත් නැත්නම් අසරණ දෙමව්පියන්ගේ දියිණියට සාධාරණය ඉටු කිරිම රටට ද්‍රෝහි විමක්ද...?

ඔබම හිතන්න.....

මේ අසරණ උන දැරිය සිංහල කථා කරන දැරියක්ද... දෙමළ කතා කරන දැරියක්දැයි ඔබ තාමත් දන්නේ නැහැ.... ඒත් ඔබේ හිතේ ඇතිවෙච්ච හැඟීම මේ කථා කරන භාෂාව හේතුවෙන් වෙනස් වෙන්න පුලුවන්ද....?

ඇත්තමට ඇය ද්‍රවිඩ දැරියක්... මැදවච්චිය මන්නාරම පාරේ අඩප්පන්කුලම් කියන සරණාගත කඳවුරේ දැරියකට උන සිද්ධියක්.... මෙ නඩුව විභාග උනේ වව්නියාව මහාධිකරණයේ......2003/ 2004 තියන කාල වකවානුවේ......

මතක් කරන්න අකැමැති... ඒත් තවමත් අමතක නොවන... අකැමැති මතක......

43 comments:

  1. මේ දරුවාට සාධාරණය ඉෂ්ඨ කිරීම උදෙසා.. අදාල පොලිස් නිළධාරියාව නිතිය ඉදිරියට ගෙන ඒම රටට ද්‍රෝහි විමක්ද...?

    රටේ නීතිය කඩන්නන්ට එරෙහිව නැගී සිටීම රටට ද්‍රෝහි වීමක්ද....?

    එහෙමත් නැත්නම් අසරණ දෙමව්පියන්ගේ දියිණියට සාධාරණය ඉටු කිරිම රටට ද්‍රෝහි විමක්ද...?
    හෑ මේ කතාව මෙච්චර ලියල හරිම බොළඳ ප්‍රශ්න තුනක්නේ අන්තිමට අහල තියෙන්නේ...ඔය කතාව කියවපු කෙනෙක්ගෙන් ඔයා අහල තියෙන මේ ප්‍රශ්න තුන අහන්නම ඕනෙද?:O

    ReplyDelete
    Replies
    1. මටත් ප්‍රශ්න තුන දැක්කහම ඔය හා සමාන හැඟීමක් ඇති වුනා....... ඒත් බොහොම දෙනෙකුට මේ දැරිවි දෙමළ දුප්පත් දැරිවියක් කිව්වා නං සමහරවිට හොඳ වැඩේ කියලා හිතන පිරිස වැඩි නිසා තමයි ඔය ප්‍රශ්න අහලා තියෙන්නේ.............

      කොහොම වුනත් ඉතාමත්ම අගනා සේවයක් ඉටු කරලා තියෙන්නේ....... ඒ ගැන අප්‍රමාණ සතුටුයි

      Delete
    2. @ ඇනෝ..... මේ ප්‍රශ්ණ ටික බොහොම සරළ උනත් අහන්න සිද්ධ වෙන්නේ අද රටේ පවතින තත්වය අනුව..... යම් පුරවැසියෙක් විසින් කරන්නා වු යම් කිසි වැරැද්දක් පෙන්වා දීම හා ඒ වින්ඳිතයන් සම්බන්ධයෙන් සාධාරණයක් ලබාදෙන්නට කටයුතු කරන පුද්ගලයින් හා ආයතන දේශද්‍රෝහීන් විදියට හංවඩු ගහනවා......

      http://www.colombotelegraph.com/index.php/disturbing-images-of-war-crimes-rape-and-killings/

      මේ සිද්ධිය ගැන මේ වගේ ලිපියක් පල කලොත් මොනවගේ ප්‍රතිචාරයක් දක්වයිද ?

      Delete
    3. අපි සුදනෝ දේශප්‍රේමයට අනුව උන්ට මොකක් වුනත් අපිට කමක් නැත!

      Delete
  2. හොඳ වැඩක්නෙ කරල තියෙන්නෙ ඇනෝ කිව්වත් වගේ අර ප්‍රශ්න 3 අහන්න ඕන නෑ.....ඔය වගෙ යක්කුන්ට රජ කාලෙ දඬුවම් දෙන්න ඕන.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හිත හොඳ පිස්සා.....

      අද හොඳ වාඩ කරන මිනිස්සු තමයි රටට වැඩියන් කරදර වෙලා තියෙන්නේ... මිනිස්සු වෙනුවෙන් කථෘ කරන් මිනිස්සු....

      එහෙව් එකේ නැහැ කොහොමද ?

      Delete
  3. මෙහෙම දෙවල් කරන්න පුලුවන්ද ඇත්තට මිනිසුන්ට ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගිම්...... පුලුවන්....
      මේ කරලා තියෙන්නේ.....

      Delete
  4. මම සාමාන්‍යයෙන් මේ සයිට් එකේ ෆේස්බුක් නොටිෆිකේෂන් එකක් දැක්ක හැටියේ එන්නෙ ටිකක් හිනා වෙලා යන්න, මේ කතාව ඇහුවාම නං හිත කීරි ගැස්සුනා, අර හිත හොඳ පිස්සා කියලා තියන විදියට මුන්ට දෙන් ඕන රජකාලේ දඞුවම් ......

    කාලකන්නි .......

    ReplyDelete
    Replies
    1. රජකාලේ කාලේ දඬුවම් කෙසේ වෙතත් රටේ පවතින නීතියි අනුවවත් දඬුවම් දෙන්න ලැබීම ලොකු දෙයක්..

      බොහොම ස්තූතියි පන්සල් ඇවිත් දෙන සහායට..... මම හැම විටම උත්සහා දරන්නේ බ්ලොගේ තුලින් යමක් දෙන්න.....

      මම ටික කාලෙකට උඩදී මානව හිමිකම් ගැන ලිපි පෙලක්ම පල කලා.....

      මේ තියෙන්නේ ඒ ලිපි පෙලට අදාල ලිපියක්.... මේකේ පරන ලිපි හැම එකකම ලින්කු තියනවා... ඒවත් කියවලා බලන්න....

      Delete
  5. මේ වගේ දේවල් සතෙකුටවත් වෙන්ට හොඳ නෑ. ඒ ගැන කියවන කෙනාට ඇති උනේ මොන හැඟීමක් දැයි කියවන අය කියයි නේද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රවීනා....

      ඔව් නමුත් ඒ හැඟීම බොහෝ දුරට වෙන්නේ අනුකම්පාව මිසක් මේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් කියන අහිමි වීම සම්බන්ධයෙන් නෙමෙයි.... මේ සිද්ධිය පදනම් කරගෙන මට කියන්න ඕන ‍පණිවිඩේ මම පලවෙනි ඇනොගෙන් ප්‍රශ්ණ කලා.....

      ප්‍රවීනගේ අදහස මොකක්ද ඒ සම්බන්ධයෙන්...?

      Delete
  6. අනේ මේ වගේ මිනිස්සු. මුන් මිනිස්සු නෙමෙයි තිරිසන්නු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වර්ණා....

      ඔව් මුන් තිරිසන්නුන්ටත් වඩා අන්තයි.... කිසිම කෙනෙක්ට නීතියෙන් බලයක් ලබා දීලා නැහැ දඬුවම් කරන්න හෝ අගතියට ලක්කරන්න....

      ඒක අපේ සතුරෙකුට උනත් පොදුයි....

      Delete
  7. මහත්තයා මේක ලියලා තියෙන අරමුණ හොද වෙන්න පුලුවන්. නමුත් ලියලා තියෙන සමහර දේවල් වලින් මේවගේ දේට තවත් ආරාධවාක් වන බව හොදට මතක තියා ගන්න. මේක ගැහණු ළමයකුගේ දුක පිළිඹද කියන්න තිනෙ එකක මිසක් ඒ ළමයට දැනිච්ච හැටියි කරපු අරවි මේවයි ගන වැඩක් නෑ. අද කාලේ ළමා අපචාර ගැන ලිය ගොඩ දෙකේ දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන වැරැද්දක් මේක.

    ReplyDelete
    Replies
    1. මම ඒ ඡේදේ පටන් ගන්නකොටම සඳහන් කලා මේ ලියලා තියෙන්නේ ඒ දරුවා කියපු දේ කියලා.... වසහ අවුරුදු 13 ක දරුවෙක්ට දැනිච්ච දේ...

      මෙතන කිතිය කියන දේ වැරදියට තේරුම් ගන්න එපා... කිතිය කියන්නේ හැඟීම් දනවන කිතිය නෙමෙයි... අපි සිංහලෙන් කියන කිචිය... එහෙමත් නැත්නම් කුචිය..... කියන දේ....

      අනිත් කාරනේ තමයි හිතන්න අවශ්‍ය.... සිද්ධිය ගැන ඇය කිව්ව වචන කීපය අහලා ඔය මේ තරම් අපහසුතාවයට පත් වෙනවා නම් මේ සිද්ධිය සම්බන්ධයෙන් වසර තුනක් මහාධිකරණයේ නඩු වාර 30 කට ආසන්න ගනනක් අහද්දී... හැම අවස්ථාවකම තමන්‍ට වෙච්ච සිද්ධිය මහා සෙනගක් ඉදිරියේ කියද්දී ඇයට මොනවගේ හැඟීමක් ඇතිවෙන්න ඇත්ද ?

      Delete
    2. ඔය නඩු අහන ක්‍රමය වෙනස් කරන්න ඕනෑ!

      හැම නඩුවක්ම ප්‍රසිද්ධියේ අහන්න ඕනෑ නෑ. අනික පත්තරවල පොඩි ලමයින්ගේ පින්තුර දාන එකත් වැරදියි.

      Delete
  8. ඔයා ඔය කරලා තියන දෙ වැරදියි.

    ඔය දෙමල ගැහැනු ලමයා ජිවිත කාලෙම මැරි මැරි උපදියි. දවසක එ කෙල්ලගෙ ඇඟට එයාගෙ මිනිහා අත තියද්දි එ කෙල්ලට තමන්ගෙ ජිවිතෙ තිබුන අමිහිරිම මතකය නැවත නැවත මතක් වෙයි. පොලිස් කාරයා අවුරුදු 7 න් ආපහු තව පොඩි දෙමල කෙල්ලක්ව දුෂනය කරයි.

    නිතිය තියන්නෙ පික් පොකට් ගහලා, කසිප්පු පෙරලා එන මිනිස්සුන්ට දඩ ගහලා නිතිවෙදින්ටයි, අධිකරන විනිසුරුවන්ටයි තම තමන්ගෙ ජිවිත ගෙවාගන්න සල්ලි හොයාගන්න. මෙ අසරන කෙල්ලට සාදාරණය ඉෂ්ඨ කරන්න නිතිය හමුවට ගිය එක හරි වැරදියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රවා.....

      බොහෝ දෙනෙක් අද කියන්නේ ඔය කථාව නේ... පොලිසීයේ රණ විරැවෙක් ගේ අතින් නොදැන වෙච්ච වැරැද්දට ඔහුට දඬවම් ලබාදෙන එක වැරදියි කියලා....

      ඔහුට දඬුවම් කරලා වින්ඳිතයන්ට සාධාරණය ඉෂ්ඨ කිරීම රටට කරන ද්‍රෝහිකමක් විදියට නේ අද දකින්නේ...

      ඔය කියන්නේ මානව හිමිකම් කාරයෝ....ඩොලර් කාක්කෝ... අධිරාජ්‍යවදී ගැත්තෝ කියලා...

      Delete
  9. කාලකන්ණි....
    මේ වගේ වරදකට ලබා දුන් වන්දියත් ලැබුණු දඬුවමත් මදි කියල තමයි මගේ අදහස
    ළමයා වෙනුවෙන් මාස්පතා නඩත්තු මුදලක් ලැබිය යුතුයි නේද.
    අර දුප්පත් කෙල්ල කොහොමද අර තිරිසනාගේ ළමයෙක් නඩත්තු කරන්නේ නඩත්තු මුදලක්වත් නැතුව
    සාධාරණය බාගෙට ඉටු වීමක් තමයි මම දකින්නේ
    වැරැද්ද ඔබේ නොව, අප රටේ ඇති නීතියේ

    කෙසේ නමුත් ඔබ විසින් කල සේවය ඉතා වටිනා එකක් බව සිහි කිරීමට අවසර......

    ReplyDelete
    Replies
    1. රටේ නිතිව හරියට ඉරිච්ච මාදැලක් වගේ.... බොහොම කුඩා මාළු පවා අල්ල පුලුවන් උනාට මහා ලොකුවට ඉරුණු තැන් තියනවා....

      බොහොම ස්තූතියි ලොකු පුතා....

      Delete
  10. ඔය දැරිවිට ඔය කතාව ,උසාවියේදී කිසැරයක් කියන්න සිද්ධ වුනාද කියලා කවුද දන්නේ. කරපු දේවල්.කරපු හැටි. ගැහැණු ළමෙක් ට ඔය දේවල් වලට මුහුණ දෙන්න කොයි තරම් ශක්තියක් තියෙන්න ඕනි ද.

    එක අතකින් ලැබෙන දේ හිසනමාන බාර ගන්න පුලුවන් වීමත් කොයි තරම් අසරණකමක් ද?

    හැබැයි එක දෙයක් එක්ක එකඟ වෙන්න අමාරුයි. ඒ තමයි පහතින් මම උපුටල දක්වල තිනෙ කොට ස.

    //මහත්තයා මගේ ගව්ම අස්සෙන් අත දැම්මා.... මාව කිති කැව්නා......මගේ මුලු ඇඟම අත ගෑවා.... එක එක ඇඳුම් ගැලෙව්වා.... මට මොනවද උනා......ඊට පස්සේ............................................... ?//

    බිය හා කුතුහලයත් එක්ක මේ දේවල් මෙහෙම දැනුනයි කියනෙක විස්වාස කරන්න පුලුවන් ද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සොඳුරු....ඔව් මේ කථාව මේ දැරිවි අඩුම තරමේ 40 වතාවක් වත් කියන්න ඇති.... ඒයිනි වැඩි වාර ගනනක් උසාවියේ සෙනග ඉදිරියේ..... මේ හැම වතාවකම ඇයව තව තවත් දූෂණයට ලක්වෙනවා.... මේක අපේ රටේ ‍පොදු තත්වයක... දුෂණයට ලක්වෙන් හැම කාන්තාවකට අත්වෙන ඉරණමක්....

      ළමා අපචාර සම්බන්ධයෙන් වීඩියෝ සාක්ෂි යොදාගන්න අවස්ථාව තිබුනට ඒ අවශ්‍ය පහසුකම් තියෙන්නේ කොළඹ ෂමාරක්ෂණ අධිකාරියේ විතරයි.... වින්ඳිතමයන් තමන්ගේ වියදමින් ඇවිත් සාක්ෂි දෙන්න ඕනේ..... මේ කිව්වේ ඒ කාලේ තත්වය... අද කොහොමද දන්නේ නැහැ...

      මේ සම්බන්ධයෙන් බොහොම අපුරු උදාහණයක් තියනවා... අනිත් පෝස්ට් එක විදියට ඒක දාන්නම්...

      Delete
    2. ඔය දැරිවිට ඔය කතාව ,උසාවියේදී කිසැරයක් කියන්න සිද්ධ වුනාද කියලා කවුද දන්නේ. කරපු දේවල්.කරපු හැටි. ගැහැණු ළමෙක් ට ඔය දේවල් වලට මුහුණ දෙන්න කොයි තරම් ශක්තියක් තියෙන්න ඕනි ද.

      අන්තිමට සොඳුරු සිතත් එක්ක මට එකග වෙන්න උනා.

      හම්බුන රුපියල් කීයටහරි වඩා මේකම ආපහු දූශනය වීමක් වෙන්න ඇති නේ?

      Delete
  11. ඇත්තටම මම ඔබ කරපු දේ අගය කරනවා.. බලයෙන් හැමදෙයක්ම යට ගහලනේ තිබිලා තියෙන්නේ.. නීතියෙන් ලැබුන දඩුවම මදි උනත් කවදාම හරි දවසක මේ දේවලට විදවන්න වේවි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනේෂ්.....

      Delete
  12. දිනෙෂ් අයියගේ කතාවට මාත් එකගයි

    ReplyDelete
  13. අද අහම්බෙන් ඇහැ ගැහුණ මේ පෝස්ට් එක කියවන්න නිකමට වගේ මගේ හිත යොමු කළා. ඉතාමත් සංවේදී කතාවක් නිසා මේ ගැන පුංචි සටහනක් එක් කරනවා.

    මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කරන ක්රිගයාකාරි නිලධාරියෙකුට වගේම රටේ සෙසු පුරවැසියන්ටත් මෙවැනි කරුණු ගැන අවධානයෙන් සහ සැළකිල්ලෙන් යුතුව අවශ්යග අවස්ථාවලදී පෙනී සිටිය යුතුමයි. ඔබට අහම්බෙන් අතරමග ඇස ගැසුණු මේ සිද්ධිය වගේ තව නොදුටු සිදුවීම් කීයක් සැඟවිලා එහෙමත් නැත්නම් සඟවලා ඇතිද?

    ඒ අතින් ඔබත් ඔබ සේවය කළ ආයතනයත් මේ සඳහා දැක්වූ ප්රතතිචාරය ඉතාමත් ප්රතශංසනීයයි. විශේෂයෙන්ම මේ සිද්ධිය මහේස්ත්රාළත් අධිකරණයේ සිටි මහාධිකරණය මගින් චූදිත නිලධාරියාට දඬුවම ලබා දී දක්වා. මානව හිතවාදියෙකු ලෙස රටට ආදරය කරන කෙනෙකු ලෙස ඔබ ඔබේ යුතුකම නියම පුරවැසියෙකු වශයෙන් ඉටු කර තියෙනවා ඒ ගැන මම අවංකවම සතුටු වෙනවා.

    ඒත් මේ දූෂණයට ලක්වූ බාල වයස්කාර දියණිය/ නැගණිය වෙනුවෙන් අපරාධ නඩුවිධාන සංග්රමහය අනුව පොලිස් නිලධාරියාට ලැබෙන දඬුවම වසර 07 ක සිර දඬුවමක් සහ රැපියල් 50000/- ක වන්දියක්. ඒක ප්රධමාණවත්ද, අභියාචනාධිකරණයේදී ඔහුගේ දඬුවම වෙනස් වීමට හොඳටම ඉඩ තියෙනවා. අනෙක් අතට දූෂණයට ලක්වූ බාල වයස්කාර දියණිය/ නැගණියගේ ජීවිතය ඒ මුදලට යථාවත් කරන්න පුළුවන්ද? ඉන්පසු ඇයට සමාජයේ ලැබෙන තැන මොකක්ද? ඒ නූගත් දෙමව්පියන්ගෙන් ඇයට අත්වන ඉරණම කුමක්ද? ඒ දැරියට උපන් දරුවාගේ අනාගතය කෙබඳු අයුරකින් විස‍ඳේද? ඇයගේ අනාගතය කෙබඳු වේද? මෙන්න මේවගේ සංකීර්න ගැටලු රාශියක් සමාජගතවෙනවා

    මේවගේ විශාල ස්ත්රීු දූෂණ සංඛ්යාළවක් නිරන්තරයෙන් අධිකරණයේ විභාග වෙනවා. හැබැයි ඒ හැම එකකින්ම විත්තිකරු‍ට හිමිවන්නේ වසර කීපයක සිර දඬුවමක් සහ අදාල දුෂණයට ලක් වූ තැනැත්තියට සුළු වන්දියක්. එහෙමත් නැත්නම් නඩු විභාගයේදී ඉදිරිපත් වන කරුණු අනුව විත්තිකරු නිදොස් කොට නිදහස් වෙන වාර ගනන වැඩියි.

    ඒකට හේතු කීපයක් තියනවා. මූලිකවම නඩු විභාගයේදී පැමිණිල්ල සිද්ධිය විස්තර කිරීමට දක්වන මැලිකම. එහිදී එම අවස්ථාවේ හෝ අදාල කාල පරිච්ඡේදය තුළ සිදුවූ සියලු සිද්ධීන් විවෘත අධිකරණයේදෝ ඒ තැනැත්තිය විසින් නැවත ප්ර කාශ කළ යුතුයි.ඒත් ලංකාවෙ සංස්කෘතිය තුළ මෙරට කාන්තාවන් ඒ දූෂණය වූ ආකාරය ප්රතකාශ කරන්නේ ඉතාමත් කලාතුරකින්. ඒ ඇයට තවමත් ඇති ලැජ්ජාව සහ බය ( සංස්කෘතික හැදියාව) නිසා. අනික දෙමව් පියන් මේවැනි සිද්ධි දැනගත්තද නිති ක්රිසයාමාර්ග තුළ සමාජයෙන් වන අවඥාවෙන් වසන් වීම ට දක්වන කැමැත්ත. සහ පැමිණිලි කාරිය අධිකරණය මග හැරසිටීම එතැනින් අධිකරණයේදී විත්තියට වාසි ලැබෙනවා. ඩී.එන්.ඒ පරීක්ෂණ සදහා අධිකරණය ප්රාවේශ වෙමින් තියනවා.

    ඒ කොහොම වුණත් දූෂණයට ලක් වූ කාන්තාවකට පවා "ගබ්සාවක්" කර ගැනිමට නිතියේ ප්රිතිපාදන නැහැ . ඒ නිසාම රහසේ විශාල මුදල් ගෙවා ගබ්සා කරගැනීම් ඉතා විශාලයි. නමුත් මේ වන විට ගබ්සාව සමබන්ධ නිති සංශෝධන වෙමින් පවතිනවා ඒසේ ගබ්සා කරගැනීමට හැකියාව ඇති අවස්ථා 03 ක් සඳහා අකමැත්තෙන් සිදුවූ අතවරය / ස්ත්රීය දුෂණයකදී/ සහ පිළිසිඳගත් දරුවා අංගවිකල බවට පූර්ව වෛද්යක පරීක්ෂණ නිගමන කියන අවස්ථා තුන. ඒකටත් මානව හිමිකම් හා සිවිල් සංවිධාන එරෙහිවෙමින් පවතිනවා. නමුත් මම පෞද්ගලිකව ගබ්සාව මුළු මනින්ම නිතිගත කල යුතුය යන මතයේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අකමැත්තෙන් සිදුවූ අතවරය / ස්ත්රීය දුෂණයකදී/ සහ පිළිසිඳගත් දරුවා අංගවිකල බවට පූර්ව වෛද්යක පරීක්ෂණ නිගමන කියන අවස්ථා තුන

      ඉහත අවස්ථා යටතේ ගබ්සාව නීතිගත කරන එකට මමත් කැමතියි.අකමැත්තෙන් සිදුවන අතවරය ස්ත්‍රි දූෂණ ගනයටම නොවේද වැටෙන්නේ??

      අංග විකල දරුවන් පෙරලි කරපු අවස්ථා නැතුවා නොවේ(nick vugicic) ඒත් ලංකාවේ බොහෝ දුරට එවන් දරුවන්ට උරුම වෙන්නේ මහ මග හෝ ළමා නිවාස ඒවායින් හරි හැටි වැඩක් නොවෙන නිසයි අවසන් කරුනට මම එකඟ

      Delete
    2. @ දයානන්ද රත්නායක මහත්මා.... බොහොම ස්තූතියි මේ සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කිරීම සම්බන්ධව..... ඇත්තමට මේ සිද්ධියේ ධි උනත් අපිට ඩී එන් ඒ පරීක්ධණයකට යන්න සිද්ධ උනා.... ඩී එන් ඒ පරීක්ෂණයකදී වින්ධිතයින් මුන දෙන පුධාන ගැටළුව වෙන්නේ මේ සඳහා දරන්නට වෙන අධික වියදම.... මෙහෙදී අපිට ඒ සඳහා එක්තරා අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානයක පිහිට පතන්න පවා සිද්ධ උනා.....
      මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියාකාරීත්වය බොහොම දුර්වල මට්ටමක් තිබුනේ.... ඒ අවස්ථාවේ මම සේවය කරපු ආයතනයේ තිබුන බලතලත් එක්ක අපිට කරන්න පුලුවන් උපරිමේ අපි කලා...
      මම දන්න විදියට ඔබත් නීතිඥ වෘත්තියේ යෙදෙන මහත්මයෙක්... මේ සිද්ධියේ දී වින්දිතයින් වෙනුවෙන් පෙනී සිටින්න නීතිඥ මහත්මයෙක් හොයාගන්න සෑහෙන පරිශ්‍රමයක් දරන්න සිද්ධ උනා.... මොකද මේ සිද්ධියේ චුදැතයා උනේ පොලිස් නිළධාරියෙක් හේතුවෙන්... ඒ වගේම ඔහුගේ බිරිඳ සේවය කලේ පොලිස් අධිකාරී කාර්යාලයේ වීම හේතුවෙන්......
      මොකද බොහොමයක් නීතිඥ මහත්වරැ පය උනා මේ සිද්ධියට අත දාන්න.... ප්‍රධානම කාරනේ උනේ තම තමන්ට පොලිසියෙන් ලැබෙන නඩු ප්‍රමාණය අඩුවෙයි කියන ප්‍රශ්ණය...
      කෙසේ හෝ අපිට ඒ අභියෝගය ජය ගන්න හැකි උනා.....
      මේ සිද්ධිය නිසා පෞද්ගලිකව ජීවිත තර්ජන පවා ආව අවස්ථා තිබුනා.....
      ඔබ සඳහන් කල ආකාරයට මේ වගේ ස්ත්‍රී දුෂණ සිද්ධියකදී ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් බොහොම අපුරු කථාවක් අපි පොලිස් නිළධාරීන්ට ළමයින් හා කාන්තාට එරෙහිව සිදුවන ක්‍රියා සම්බන්ධයෙන් පුහුණ වැඩසටහන් වලදී යොදාගන්නා අපුරු කථාවක් මතක් උනා...
      ඒක ඊලඟ පොස්ටුව විදියට දාන්න කියලා කල්පනා කලා....
      නැවතත් කියන්න ඕනේ.... මේ ලිපිය සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමුවීම බොහොම සතුටට කාරණයක්.....

      බොහොම ස්තූතියි....

      Delete
  14. ජාතිය කුමක් වුනත් කුඩා දරුවා කුඩා දරුවමයි... පොඩි දරුවෙක්ට මේ විදියේ අමන විදියට සලකන කාලකන්නි බල්ලන්ට ඔහොම දඬුවම් දීලා මදි අවුරුදු 20ක්වත් දුන්නනම් දැනෙනවා... පොඩි ලමයා කියපු දේවල් කියවද්දි මුළු ඇඟම වෙව්ලන්න ගත්තා පුදුම තරහක් එන්නේ... සෑහෙන්න දුකයි.අර මිනිහගේ ගෑනිට ගහලා පන්නන්න ඕනේ අසරණ වෙච්ච කෙල්ලට ගැහුවට.මුං දෙන්නම වැරදියි බාල වයස් ලමෙක්ව මෙහෙකාරකමට ගත්ත නිසා....

    හැබැයි අයියේ ස්‍ත්‍රි දූෂණ පිළිබඳ නඩු අහද්දි අදාල නීතිඥයන් පැමිණිල්ල සහ අදාල පුද්ගලයා පමණක් උසාවියේ ඉතුරු විය යුතුයි කියන මතයේ මම ඉන්නේ.මේ සිද්ධි අහගෙන ඉන්න එවුන් අර දැරිවිට අතවර නොකරයි කියලා කාටද කියන්න පුළුවන්.මේ ඉන්නේ අර දූෂණය වෙච්චි කෙල්ල කියලා වපරැහින් මුළු සමාජයම නොබලා ඉඳියිද.

    අන්තිමට ඉතින් කියන්න තියෙන්නේ මේවා එළි කරපු එකට ඔයාලට පිං... අර කාලකන්නින්ට හෙනම ගහපන් කියලයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගැමියාගේ පත් ඉරැව.....

      ඇත්තමට මේ සිද්ධිය තවත් එක් සිද්ධියක් පමණයි... මෙවැනි සිද්ධින් බොහොමයක් සම්බන්ධයෙන් අත්දැකීම් තියනවා.... අනාගතයේ දී ඒ සිද්ධින් ගැනත් මේ වගේමා කථා කරන්න අදහසක් තියනවා....

      ඔබ ඔය සඳහන් කල දේ ගැන සරළ සත්‍ය මම මගේ ඊ ලඟ පෝස්ටුවෙන් පෙන්නලා දෙන්නම්...... ලංකාවේ අධිකරණ වලදී බොහෝ විට කරන්නේ මහජනාතාව ඉස්සරහා රෙදි ගලවන එක...... ඒක තනි පුද්ගලයෙක් කරන දුෂණයකට වඩා අන්තයි.....

      Delete
  15. Replies
    1. බොහොම ස්තූතියි.. හිතුවක්කාරී......

      මේහෙම මිනිස්සු අපි අතරම තවත් ඉන්නවා....

      Delete
  16. මිතුර ඔබ දෙවියෙකි!

    ReplyDelete
    Replies
    1. දෙවියෝත්... යක්ෂයාත් අපේ ඇතුලේ ජීවත් වෙනවා කියලා මං විශ්වාස කරනවා.. ඒ අතරින් දෙවියෝ මතු කරගන්න අයට අපි හොඳ මිනිස්සු කියනවා.. යක්ෂයා මතු කරගන්න අයට අපි නරකයි කියනවා..මම ඔය දෙගොල්ලෝ අඳුනගන්න උත්සහ කරන කෙනෙක්..

      බොහොම ස්තූතියි කකා......

      Delete
  17. තුෂානිMarch 31, 2012 at 3:46 AM

    අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තුෂාණි....

      ඒහෙම මිනිස්සු ඉන්නවා අපි අතරම.....

      Delete
  18. මේව නොනැවති සිදුවෙනව මචං.. තාමත්..

    ඇයි දරුවෙක් ගැන හිතන්න බැරි ?

    ReplyDelete
  19. මෙහෙම දෙයක් සිද්ද වුනාම සිද්ධිය කියන පලවෙනි අවස්ථාවේ රෙකෝඩ් කරනන බැරිද??
    අහලා තිඉයන ප්‍රශ්න තුන අන්තිම සාධාරණයි.මට සිද්ධිය හරියටම මතක නැ,එත මොකක් හරි බෝම්බෙකින් දෙමල මිනිස්සු මැරුණා කියලා නිවුස් වලට කිව්වාම මගේ ලොකු අම්ම ගත්ත කටටම කිව්වා හොඳ වැඩේ කියලා.එතන හිටපු ගොඩක් වැඩිහිටියොත් එකම තමා කිව්වේ.ඒ මිනිස්සුත් එක්ක තර්ක කරලා තේරුම් කරන්න පුළුවන් ජාතියකුත් නෙවෙයි.මොලී කියලා කලඳක් නැද්ද කියලා වෙලාවකට කලකිරෙනවා.

    ReplyDelete
  20. ඔයා කලේ ඉතාමත් හොද වැඩක්. මනුස්සකමට ජාතිය, ආගම, දේශය,බලය හෝ වයස බලපාන්නේ නෑ. ඒ දරුවට නැති වු හැම දෙයක්ම නැවත ලබා දෙන්න කාටවත් බෑ. නමුත් අඩුම වශයෙන් අර මිනිසුන් ගෙ තිරිසන් ගති ලක්ෂණ නිතියට හෙලිදරව් කිරිමම ඇති.

    ReplyDelete
  21. ඔබ මැදිහත් වුණු නිසා එක් දරුවෙකුට හරි සාධාරනයක් ඉටු වුණා. ඒකට ජාති ආගම් ප්‍රශ්නයක් තිබිය යුතු නැහැ.

    ඉස්සර මාතලේ මූලික රෝහලේ මාසෙකට දෙතුන්වරක් අවුරුදු 14-15 දැරියක් එනවා දරු උපත පිණිස. ඔවුන්ව දූෂණය කර තිබෙන්නෙ ගමේම වැඩිහිටියන්. ඇතැම්විට නාකි මිනිස්සු එනවා 'බාරගෙන' යන්න. ඒ හුඟක් ළමයි මාරක කියන ගමේ.

    ඔවැනි සිද්ධියක් හින්දා ඒ ළමයගෙත්, ඇතැම්විට මුළු පවුලෙමත් ජීවිතය සහමුළින් වෙනස් වෙනවා; අධ්‍යාපනය ලබමින් හිටියානම්, ඒක එතනම ඇණ හිටිනවා. එහෙම නතර වුණු අධ්‍යාපනය නැවත පසුකාලෙක අරඹන විදිහෙ වටපිටාවක් මේ රටේ නැහැ- පොඩි කාලෙදි ඉගෙන නොගත්තනම් ඉගෙන නොගත්තමයි. ඒ ලැබෙන දරුවන්ටත් උපතේ සිටම පිළිගැනීමක් නැහැ. එහෙම බලද්දි ලැබෙන වන්දි මුදල ප්‍රමාණවත් නොවුණත්, ඔය තරමෙ මුදලක්වත් ලැබෙන්නෙ කලාතුරකින්. අනික් කාරණේ, එහෙම වන්දි මුදලක් ලැබුණහම, ඒක වියදම් වෙන්නෙ කොහොමද කියන එක. කරදරයට පත් ළමයාගෙ සුභ සිද්ධිය පිණිසද, එහෙම නැත්නම් ළමයගෙ පියාගෙ මත්පැන් සඳහාද? ඒත් නැත්නම්, ළමයව කාට හරි කසාද බන්දවා දීම පිණිස ගාස්තුවක් හැටියටද?

    ReplyDelete
  22. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසන් ඒ අමාරුව????

    ReplyDelete