Saturday, April 28, 2012

ගෑණියෙක්ව සතුටු කරන්න පුලුවන් ක්‍රම 45 ක්.....


මේ සටහන් තිබුනේ අන්තර්ජාලේ... මුනු පොතේ පිටුවක....... කියවලාම ඉතුරු ටික කථා කරමු....
ඔබේ පෙම්වතිය වැඩිපුරම කැමති, ඒ වුණත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45 ක්. 
1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.
2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.
3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.
4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.
5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.
මේ දේවල් අමතක කරන්නත් එපා . . .
6. ඇයව වැළඳගන්න.
7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.
8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.
9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.
10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න.
නිදහස් තැන්වලදී . . .
11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.
12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.
13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.
14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.
15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා.
ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?
16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.
17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.
18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.
19. ඇය ලස්සන බව ඇයට පවසන්න.
20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න.
ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න
21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.
22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.
23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.
24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න
25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි.
ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා
26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.
27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.
28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.
29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.
30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි.
ඉතිරියත් කියවන්න, ඔබට මේ කරුණු වැදගත් වේවි
31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.
32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.
33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.
34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.
35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි
ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න
36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.
37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.
38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.
39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.
40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න.
ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.
41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න.
42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.
43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.
44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.
45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න........................
(ගෙඩිය පිටින්ම උපුටා ගැනීමකි......)
මේක කියෙව්වාම මට හිතුන දේ තමයි ගෑණු කොයි තරම් Complicated  ද කියලා.. මේක ලිව්වේ කව්ද කියලා පැහැදිලි නැති උනත් මේ කියන බොහෝ දේ ඇත්ත නේද කියලා කල්පනා කලාම... එහෙමත් නැත්නම් අත්දැකීම එක්ක සංසන්දනය කලාම හිතෙනවා.... හිතලා බලන්න... ඔබට මේ දෙවල් වලට මුන දෙන්න වෙලා නැද්ද..
ඔබ කාර්ය බහුල උන වෙලාවක ඔබට ඇයගේ උපන් දිනය අමතක උනොත්...? එහෙමත් නැත්නම් ඔබගේ විවාහ සංවත්සරය අමතක උනොත්.... එහෙමත් නැත්නම් ඔබේ පලමු හමුවේ සංවත්සරය අමතක උනොත්..... ඇයගේ ප්‍රතිචාරය කොහොම වෙයිද...?
අපි මේ වගේ ලැයිස්තු වලට කියන්නේ Wish list එකක් කියලා... අපේ තරුණ කාලේ නම් අපි Favorite Book  කියලා එකක් යාළුවෝ අතරේ බෙදාගත්තා... ඒ අපි එකිනෙකා කැමති දෙවල් ගැන දැනගන්න...  මේ ලැයිස්තුව දැක්කාම මතක් වෙන්නෙත් ඒ වගේ දෙයක්....නමුත් මගේ පෞද්ගලික අත්දැකීම අනුව මේ කියලා තියන දේ හරි... ගෑණු...(ගෑණු කිව්වාම අදහස් කරන්නේ ගෑණු සතා කියන දේ. එහෙම නැතිව විවාහක අවිවාහක කියන දේ නෙමෙයි).... කොහොමත් මේ අච්චුවට ගැලපෙනවා.... 
දැන් මේක බලලා කියයි ගෑණු එහෙම තමයි සංවේදීයි... පොඩි දෙයක් පවා ගොඩක් හිතනවා.... පොඩි වෙනස් කමත් දැනෙනවා කියලා.... නෑ ඒක අසත්‍යක්...... ඒ පෙන්නන්නේ වෙස් මුනක්..... බොහෝ දෙනෙක් ඒ වෙස් මුනට රැවටෙනවා..... මේ වෙලාවේ මට මතක් වෙනවා ගොර්කිගේ “අම්මා“ පොතේ (මගේ මතකේ හොඳ නම්) තිබුන කියමනක්.... 
“දුමක් බීපන්.... ලස්සන කෙල්ලෙක් උඹට ආදරය කරනවාට කැමතිද..? ඔව් උඹ කැමති වෙයි.... උඹ ඇයගේ දෙතොල් ඉරැවොත්.... ඒකි උඹව මුලු ජීවිත කාලෙම බැඳ ගනීවී.... උඹට ඒකිගෙන් ගැලවෙන්න බැරි වේවි.... කෙල්ලෝ කියනවා උඹට පන වගේ ආදරය කරනවා කියලා.... එහෙම කියන එකියකට උඹ ඇල්පෙනෙත්ති තුඩකින් ඇණපන්.... එදාට ඇයි උඹගේ ආත්මය උනත් උදුරගන්න පැකිලෙන එකක් නැහැ“
මම හිතන විදියට මේක අදටත් වලංගුයි......
ඔබ හිතන්නේ පිරිමියෙක් කැමති දේවල් මේ වගේ Wish list එකක් ලිව්වොත් කොයි තරම් පේලි ගනනක් ලියන්න වෙයිද..?
බොහෝ පිරිමි ගැන කියන්න බැරි උනත් පෞද්ගලිකව මගේ ගැන ලියන්නම්...
1. ගැහැණියක් මට ඇහුම්කන් දෙනවා නම්....
2. උත්තර හොයනවට වඩා ප්‍රශ්ණේ බෙදාගන්න පුලුවන් නම්..
3. වැඩ ඇරිලා එනකොට හිනාවෙන් පිළිඅරගෙන තේකක් අතට දෙන්න පුලුවන් නම්...
4. පත්තරයක් බලනකොට ලඟට වෙලා නිහඬව ඉන්නවා නම්...
5. පොඩි ඩ්‍රින්ක් එකක් දානකොට බයිටක් හදලා දෙනවා නම්...
6. තනියට ලඟට වෙලා මම කියන දේ අහගෙන ඉන්නවා නම්....
7. මම ඇඳට එනකොට ඇහැරිලා බලාගෙන ඉන්නවා නම්....
8. මට කලින් මගේ ඇඟ උඩට එනවා නම්...
දැනට අමතක පස්සේ මතක් වෙයි කියලා හිතන තව දෙක තුනක් ඇරෙන්න වැඩි දෙයක් මගේ Wish List එකේ නැහැ.... වෙනත් පිරිමියෙක් ගත්තත් මේ දේවල් වලට අකැමැති වෙන්න විදියක් නැහැ... තව ඕනේම නම් කීපයක් එකතුවෙයි.
අපිට මේක මේ වගේ බොහොම සරළව කථා කරන්න පුලුවන් උනාට මේක අද පවතින සාමාජීය ගැටළුවක්.... එකිනෙකාගේ අවශ්‍යතා හඳුනා නොගැනීම.... මේ හේතුව හින්දා තමයි අවුරුදු ගානක් ආශ්‍රය කරලා... දිවට දිව තියාගෙන ආදරේ කරලා.... විවාහ වෙලා මාස ගනකින් පවුල් වල ප්‍රශ්ණ ඇතිවෙන්නේ... එහෙම වෙන්න ප්‍රධාන හේතුව තමයි ආදරය කරන කාලේ අපි එකිනෙකාගේ ඕනෑ එපා කම් සෙනේ සිතින් ඉවසුවට විවාහ උනාට පස්සේ එකම වහලක් යට ජීවත් වෙනකොට, දිගින් දිගටම එකම දේ සෙනේ සිතින් ඉවසනකොට ඒක නුරුස්සනා ගතියක් ඇති වීම.... ආදරේ පස්සා දෙරෙන් පලා ගිහින් ඉවසීම ඉස්සරහා දොරන් බැහැලා ගිහින් වෛරය.... එහෙමත් නැත්තනම් නුරුස්සන බව ඇති වීම.... මෙහි දෙවැනි අතුරු ඵලය වෙන්නේ අවිශ්වාසය...... දෙන්නා දෙන්නව අවිශ්වාස කිරීම..... ඒ වෙලාවට තමයි හිතෙන්නේ...“පෙම් ලොව දී දුටු ඔහුම ද මේ.... ඔහුටද මා අන්ධ උනේ කියලා...“.... හැබැයි .... පිරිමියාටත් ඔය දේම හිතෙනවා... ඔහු ඒක හංගගෙන ඉන්නවා....
එකඟ නොවෙන තැන් ඇති.... එන්න අපි කථා කරමු.... ආදරය කරන උන්ටත්... කසාද බැඳපු උන්ටත් තේරෙන භාසාවෙන් අපි කථා කරමු.....

63 comments:

  1. මගෙ අම්බෝ.....මෙච්චර නං බැරිය.. :-)

    ReplyDelete
    Replies
    1. ඔඋ බන් මම වශියක් කරල ගෑනි‍යෙක්ව දා ගත්ත දැන් සතුටු කරන්නත් එපෑ මගුල ආ‍යෙඅයින් කරන්නයැ ගුරා‍ගෙන් අහල බලන්න ඕන www.nomileguru.blogspot.com ගිහිල්ල

      Delete
  2. අර 45 කටපාඩම් කරගෙන පිළිපදින්න පුළුවන් මගේ විෂ් ලිස්ට් එකට ගැලපෙනව‍ නම්,

    1) මම කරන කියන දේ අවබෝධ කරගන්න පුළුවන් නම්,
    2) මාව විශ්වාස කරනව නම්,

    අනිත් දෙක නම් ඒ තැනැත්තිගෙම සුභ සිද්ධියට,
    3) තමන්ගෙ කේන්තිය පාලනය කරගන්න පුළුවන් නම්,
    4) පොඩි එකෙක් හරි තමන්ගෙ වරදක් පෙන්නල දුන්නොත් ඒක හදාගන්නව නම්....

    හැබැයි ඔය සුදුසුකම් 4ම තියෙන උන් මේ වෙද්දි ලොවෙත් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔය 4 වෙනි එක නම් උඹේ නෑ අයියේ....

      Delete
    2. කසුන් මලය ඔහොම කියන්නෙ ඇයි කියලත් කිව්ව නම්...

      Delete
    3. ඔය අවංකව හැම දෙයක්ම කරනවානම් ඔයාව විශ්වාස කරනවා එය කොහොමත්..එත් රවට්ටලා ඉවර වෙලා මාව විශ්වාස කරන්න කිව්වොත් වරද පෙනී පෙනී විශ්වාස කරන්න පුලුවන්ද?අනික එක හා දෙක ඔයා හරියටම ඉෂ්ට කරනවානම් තුන් වෙනි එක නිකන්ම හැදෙනවා.

      Delete
    4. @dreams
      /*ඔයා අවංකව හැම දෙයක්ම කරනවානම් ඔයාව විශ්වාස කරනවා එයා කොහොමත්*/
      ඔයා ඔය කියල තියෙන කාරණය 100% විශ්වාස කරනව නම් ඔයා විශ්වාස කරන්නෙ වැරදි දෙයක්... මිනිහෙක් කොච්චර අවංක වුනත් සැක කරන උදවිය සැක කරනව... අනිත් අතට මගේ වැරදි තියන් ඔහොම ඉල්ලන්න මම මන්ද බුද්ධිකයෙක් නෙමෙයි :)

      පළවෙනි සහ දෙවනි කාරණා වල මට ඉෂ්ඨ කරන්න දෙයක් නෑ... එහෙම තිබිල ඉෂ්ඨ කරත් තුන් වෙනි කාරණය නිකම්ම හැදෙන්නෙත් නෑ... මොකද මම කියල තියෙන්නෙ මගේ කරන කියන දේවල් වලට කේන්ති ගැනීම විතරක් පාලනය කරන්න කියල නෙමෙයි.. ඔයා කියන විදිහට කෙනෙක්ට කේන්තිය පාලනය කරගන්න එක හැදෙන්නෙ වටපිටාව සර්ව සම්පූර්ණ වෙන්න ඕනද?... එතකොට වෙන්නෙ කේන්තිය පාලනය කරගැනීමක් නෙමෙයි කේන්ති යන්න හේතු නැති හින්ද කේන්ති නොයෑම... :)

      Delete
  3. ඔය ඔක්කොම බොහොම කැමැත්තෙන් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ, හැබැයි අර දොරවල් ඇරලා දෙන එක ඇරෙන්න. මට පෙන්නන්නම බැරි වැඩක් ඒක.:)

    අම්මෝ අයියගේ ලිස්ට් එකට වඩා මගේ එක නම් ගොඩක් දිගයි.;)

    ReplyDelete
  4. මේක කියවල පිරිමි ලමෝ ටික බය වෙයි .

    ReplyDelete
  5. ඔච්චර දේවල් හිතලා කරන්න ඕනේ නැහැ. ඇත්තටම කෙනෙක්ට ආදරෙයි නම් ගෑනු සතට ඕක දැනෙනවා.
    //එකිනෙකාගේ අවශ්‍යතා හඳුනා නොගැනීම.... මේ හේතුව හින්දා තමයි අවුරුදු ගානක් ආශ්‍රය කරලා... දිවට දිව තියාගෙන ආදරේ කරලා.... විවාහ වෙලා මාස ගනකින් පවුල් වල ප්‍රශ්ණ ඇතිවෙන්නේ...//

    මේක නම් සහතික ඇත්ත ... දීවට දිව තියාගෙන ආශ්‍රය කලත් නොගැලපෙනවා කියල දැනෙනකොටම අයින් නොවෙන එකෙනුත් අපේ රටේ ප්‍රශ්න ගොඩක් ඇතිවෙනවා. මොකද ලංකාවේ ගොඩක් අය හිතන්නේ යාලු උනානම් එකවම බැදපන් කියලනේ. ඉතින් ඊට පස්සේ සදා ප්‍රශ්න

    ReplyDelete
  6. මාර වැදගත්. අනේ මංදා ඉන් එහාට මොනව කියන්නද කියල,
    සුපුරුදු කෙනෙක්ගෙ කමෙන්ට් එකක් අඩුයි වගේ?

    ReplyDelete
  7. ගෑණියෙක්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ අංග පහයි....

    1. හැමෝම බලාපොරොත්තුවන දේ
    2. හැකි සෑම විටම ඉවීම... බැරි වෙලාවක මගෙන් උදව් ඉල්ලුවාට කමක් නැත..
    3. අංක දෙකේ පරිදිම රෙදි සේදීමත්...
    4. ප්‍රශ්ණයක් ආ විට බෙරිහන් නොදී හෝ අඳෝනා නොදී විසඳුම සෙවීමට හැකි වීම.
    5. විවෘත භාවය... - කරන ඕන මඟුලක් මට පවසා කිරීම.

    ReplyDelete
    Replies
    1. මමත් පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වන දෙයක් තමි පස් වෙනි එකනම්.

      Delete
  8. To satisfy a man ... just suck his cock!

    ReplyDelete
  9. ඔබ කාර්ය බහුල උන වෙලාවක ඔබට ඇයගේ උපන් දිනය අමතක උනොත්...? එහෙමත් නැත්නම් ඔබගේ විවාහ සංවත්සරය අමතක උනොත්.... එහෙමත් නැත්නම් ඔබේ පලමු හමුවේ සංවත්සරය අමතක උනොත්..... ඇයගේ ප්‍රතිචාරය කොහොම වෙයිද...?

    Don't even think about it !!!

    ReplyDelete
  10. මගේ ලිස්ට් එකත් ඹ්කම තමා.......බස්සාටත් එන්නෙ මාර අයිඩියා තමයි.....

    ReplyDelete
  11. සහතික ඈත්ත වගේ............

    ReplyDelete
  12. පිරිමි විශ් ලිස්ට් එකෙ 5 හැරුණු කොට අනික් හැම එකම ඉතාම මානුශිකයි, සාදාරණයි බස්සා අයියා...;)))

    ReplyDelete
    Replies
    1. මටත් පස් වෙනි එකනම් බැහැ..අනිත් ටිකනම් අනිවාර්යෙන්ම කරනවා.

      Delete
  13. අපොයි ඒ ලිස්ට් දැක්කාම බයත් හිතෙනවා.:D

    //අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.//
    මෙන්න මේ වගේ කෙනෙක් ඉන්න එක නම් හරියට වටිනවා.;)

    පොඩ්ඩක් රන්ඩුවෙන කෙනෙකුත් වෙන්ට ඕනි. එතකොට තමා ආදරේ වැඩිවෙන්නේ.:)))

    ReplyDelete
  14. මේ කියන සමහර ඒවා සරත්වජේසූරිය මහතාගේ සමහර ජීවිතය සහ සමකාලින පැවැත්ම පිළිබඳ සමහර දේශනවලදී කියල තියෙනවා. ඇයි අර ඒ මහත්මයාගෙ "හුචක්කුව" දේශනය ඇතුළත් වීඩියෝවෙ තියෙන්නෙත් මේ අදහස්මයි.

    ReplyDelete
    Replies
    1. Ethuma Translate karapu pothaka oya karunu 45 thiyenawa...

      Delete
  15. ඔය 45ම කෙල්ලෙක් වෙනුවෙන් කරන්න පුලුවන් අය අඑති කියලනම් හිතන්නෙ නෑ..හික්ස්... :D

    මාත් එකඟයි පොඩි කුමාරිහාමි අක්කා එක්ක.පොඩ්ඩක් රණ්ඩු වෙද්දි ත් මරු!!!

    ReplyDelete
  16. සෑහෙන්න සංකීර්ණයිනේ..

    ReplyDelete
  17. හොඳම කෑල්ල එක හාදයෙක් උඩ දාල තියෙන්නෙ

    ReplyDelete
  18. උඹ හරි අයියේ.........මං අද දවල් මගේ ගැණු දරුවත් එක්ක කතා කරපු දේවල් ටික ඔක්කොම මේකේ තිබුණා...උඹ හරි......

    ReplyDelete
  19. මේ ඔක්කොම කොහොම කරන්නද අප්පා... කිවුවත් වගේ සංකීර්ණ වැඩක් නේ..

    ReplyDelete
  20. 3. "ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න"........ මෙකෙ තුන්වෙනි එකනම් කරන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා, මොකද අපේ රහස් ඔක්කොම ඇයට කිව්වොත් ඇය වෙනස්වුනොතින් අපිටම අවාසියි, පොඩිකුමාරි හාමි ගෙ පලවන අදහසට මම 100% එකඟයි එත් දෙවන එකටනම් මම කැමති නැහැ, අපෝ ගැනූ රන්ඩුවෙනකොට කියවන එකනම් මළ වදයක්....

    ReplyDelete
  21. අම්බෝ......
    මේ ඔක්කොම??????

    ReplyDelete
  22. අත්දැකීමෙන්ම එකඟයි බස්සා සහෝ !!! කෙල්ලෙක් ආශ්‍රය කරන්න හිතාගෙන ඉන්න පිරිමි ළමයි ඔය ටික හොඳින් හිතේ තියා ගත්තොත් ප්‍රශ්ණ හුඟක් අඩුවේවි...!

    ReplyDelete
  23. ඔය හැම දෙයක්ම ඇත්ත :)

    ReplyDelete
  24. කරන මිනිසුන් සිටියි...

    ReplyDelete
  25. කවදාකවත් මාව සැක කරන්නේ නැත්නම් . . .
    කෝල් කරන්න පමා වුනෝතින් ගෝරි දාගන්නේ නැතුං ඉන්නවානම් ..

    මට නම් ඒ මදෑ පණ වුණත් දෙන්න

    ඔය ඉල්ලීම් දෙක දිනා ගන්න මම මේ දින වල සටන් වදිනවා ..!

    ReplyDelete
    Replies
    1. අපේ එක්කෙනෙකුත් ඕකම කියනවා.

      Delete
  26. හයියූ සල්ලි.. මටත් හිතෙනවා මේ සියලු කාරනා ඉතා නිවරදි බව..

    ජයවේවා!!

    ReplyDelete
  27. මටත් මේ හැමදේම ගොඩක් දුරට ලැබිල තියනවා ගොඩක් වෙලාවට.එත් මට මදි වගේ.මම හිතන්නේ මමත් එහෙමයි...මේක කියවද්දී දැනුනේ අපිටම කිව්වා වගේ.

    ReplyDelete
  28. ලිස්ට් එක දැක්කම නිකන් කරකවල ඇතෑරලා දැම්මා වගේ .ඒ වුනාට මචං ඔය සමහරක් ඒවට ආස නැති කෙල්ලො ඉන්නවා ඒ කරුණු ටික කොරන්න ගිහින් වැඩේ දෙල් වෙයි වගේ හිතෙනවා.හිතලා බලලා කොරමු වැදගත් පෝස්ටුවක්... ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. නම ඕන නෑMay 11, 2012 at 9:50 AM

      හම්බෙන පළවෙනි දවසෙම නම් ඔවා කරන්න යන්න එපා හරිද??? එතකොට කෙල්ලොත් කොල්ලො වගේම හිතාවි මෙයා නම් පුරුදු කාරයෙක් කියලා.. එහෙම වුනොත් ඔයා මේ ලිස්ට් එකම කළත් බලන්නෙ වපරැහින්

      Delete
  29. ඔය ලොකුවට ලිස්ට් එකක් වගේ දිග ඇරලා දැම්මාට ඔතන තියෙන්නෙ ගැහැණියක් බලා‍පොරොත්තු වන කාරණා තුනක් පමණයි.
    ආදරය/සතුට දෙන්න
    රැකවරණය සලසන්න
    ගෞරව කරන්න
    ආදරයත්/සතුට, රැකවරණයත්, ගෞරවයත් ඇතුලෙ තියන ක්‍රියාවන් තමයිනේ ඔය හුගක් දිග ඇරලා කියලා තියෙන්නේ. බස්සාගේ ලිස්ට් එක ගත්තත් ඕකම තමා තියෙන්නේ.

    ඔතනදි ගැටළුව වෙන්නේ ගැහැණිය සහ පිරිමියා ඔය කාරණා දකින/ විදින ආකාරයේ වෙනස සහ ඔවුනොවුන්ගේ සිතිවිල අතර වෙනසයි. ඒ වෙනස එය අදාල හෝර්මෝන පවතිනතාක් කල් නැතිකල නොහැක්කක්.

    ඔය මගුල් ඔක්කෝම පැත්තක තියල හිත පිරෙන්න, තමන්ටත් දැනෙන්න ආදරේ කරාම ඔය හැමදේම ඉබේම කෙරෙනවා. අනිත් කෙනාට ඒ ආදරේ දැනෙනවා, එකක් දෙකක් මග ඇරුණත් ඒක වගක් නැතුව යනවා.

    (ආදරයයි ගෞරවයයි කියන්නේ තමන්ට උයල දෙන එකයි රෙදි හෝදල දෙන එකයි කියල හිතන පිරිමින් එක්ක නම් වැඩේ හරි ලේසියි. ඔය දෙක කරල පැත්තකට වෙලා ඉන්න එකනෙ හෙහ් හෙහ්)

    ReplyDelete
  30. ඕකෙ තියෙන සමහර ඒවා නිකම්ම පිරිමි අතින් ඉටුවෙනවානෙ...;))

    ReplyDelete
  31. පිස්සු හැදෙනවා අප්පා රස්සාවක් කරනවට වඩා අමාරුයිනේ කෙල්ලෙක්ව සතුටු කරවන එක.... ලෝකයේ අඩුවෙන්ම සතුටු වන සත්වයා ගැහැණියයි කියලා කවුරුත් එහෙම කියලා නැද්ද ඈ

    ReplyDelete
  32. ඒ අතින් බලද්දී මන් බඳින්න ඉන්න කෙනා වාසනාවන්තයි ඔය එකක් වත් අදාල නැහැ

    ReplyDelete
  33. කෙටියෙන්ම කිව්වොත් ගෑනු අනිත් ගෑනු අතරෙ පිරිමියාගෙන් තමන්ට මුල්තැන බලාපොරොත්තු වෙනවා.පිරිමි තමන්ගෙ නිදහස බලාපොරොත්තු වෙනවා.අර ලිස්ට් එකම පාඩං කරගන්නවට වඩා මේ සරළ න්‍යාය මතක තියාගත්තොත් අවස්ථාව අනුව තීරණ ගන්න පුළුවන්

    ReplyDelete
  34. 50/50 කතාවක් ‍සහෝ....හැබැයි සීන් එක අද වෙද්දී අපි කාර්යබහල නෑ...ප්‍රමුඛතාවය දෙන විදියේ අවුලක් තියෙන්නේ....එහෙම වුනොත් අද පවතින සමාජයේ ඔය ආකාරය උදාහරණ සහිතව දැක බලාගන්න පුළුවන්

    ReplyDelete
  35. ගැහැනියකගේ සීන් ටික කලින් කියවලා ඇති මතකයක් ඇත. උබ ලියපු අන්තිම 8 සිරා.

    මට නම් තවත් දේවල් එකතු කරන්ට වෙනවා..

    ජය !

    ReplyDelete
  36. ඔය ඔක්කොම කොරන්ටත් කෙල්ලක් හොයාගන්න එපැයි.මුලින් කෙල්ලෙක් හොයාගන්න කියල දියන් බස්සා අයියේ.

    ReplyDelete
  37. කොච්චර කලත් අගයක් නැති එවුන්ද ඇත නමුත් කරන වනම් මෙන්න ආ.........!
    blessed

    ReplyDelete
  38. 45 කොහොම වෙතත් උඹ කියපු 8නම් පටේ පට්ටය..

    ReplyDelete
  39. ඇත්තම ඇත්ත ගෑනු ළමයෙක් විදියට ඔය වගේ දේවල් මාත් බලාපොරොත්තු වෙනවා.. ඔය හැමදේම... කියලා තියෙනවා වගේම කටින් නොකිව්වට හිතින් බලාපොරොත්තු වෙනවා.. හරි හරි දැන් ඉතින් මේක දකින කෙනා හිතනවා මේකිට නම් කොල්ලෙක් අනිවා කියලා .. ඔව් ඔව් රත්තරන් ටිකට කෙනෙක් ඉන්නවා...

    ReplyDelete
  40. වෙන මුකුත් ම ඕනෙ නැහැ
    මේ දෙක විතරක් කළත් ඇති...!!

    7. මම ඇඳට එනකොට ඇහැරිලා බලාගෙන ඉන්නවා නම්....(අඩු තරමින් ඇහැ අරිනවානම්..!)
    8. මට කලින් මගේ ඇඟ උඩට එනවා නම්...

    ReplyDelete
  41. 9.බොරු පොරොන්දු නොදෙන එක.එනවනම් එනව කියන්නෝනි.නැතිනම් නැහැ කියන්නෝනි.

    ReplyDelete
  42. ayya kiwwa sahatika atta mamat kamati ehema pirimiyekta..

    ReplyDelete
  43. Basso oya me 45 n keeyak withra itukalada oyage pemwathiyata(pemwathiyanta).

    ReplyDelete
  44. මේ හැම දෙයක්ම අත්දැකීමෙන් කීව දේවල්ද බස්සා

    ReplyDelete
  45. 1.E-money,Computer, Facebook, Gmail, Dialog දුරකථනයට ලබා ගැනීමට REG[SPACE] danuma ලෙස සදහන් කර 77002 ට sms කරන්න.
    2.මව්කිරි ලබා දීමේදී සැළකිලිමත් විය යුතු කරුණු Dialog දුරකථනයට ලබා ගැනීමට REG[SPACE] LMK ලෙස සදහන් කර 77000 ට sms කරන්න
    3.දෙමළ විභාග ජය ගැනීමට අවශ්යත දැනුම Dialog දුරකථනයට ලබා ගැනීමට REG[SPACE] demala ලෙස සදහන් කර 77000 ට sms කරන්න.
    4. කුංග්ෆු සටන් කලා දැනුම ලබා ගැනීමට Dialog දුරකථනයට ලබා ගැනීමට REG[SPACE] kunfu ලෙස සදහන් කර 77000 ට sms කරන්න.
    5.උසස් පෙළ ආර්ථික විද්යාැ දැනුම Dialog දුරකථනයට ලබා ගැනීමට REG[SPACE] economic ලෙස සදහන් කර 77000 ට sms කරන්න.
    6.පිළිගත් ආයතනයක රැකියාවක් ලබා ගැනීමටREG[SPACE] LJD ලෙස සදහන් කර 77000 ට sms කරන්න. .(Dialog)

    ReplyDelete