Monday, June 25, 2012

පුර්ව මධු සමය හා පශ්චාත් මධුසමය.....


(ඡායාරෑපය අන්තර්ජාලයෙනි)

අද නැවතත් කථා කරන්න යන්නේ ටිකක් පට්ට ගහපු කාරණයක්... නමුත් නැවත නැවතත් යම් යම් අදහස් මතුවෙන් නිසා නොලියාම බැහැ කියලා හිතුනා.... ඇත්තටම මේ සඳහා මුල් උනේ අපේ "නුතනයා".. නුතන මල්ලිගේ ‍මුනු පොතේ පොස්ට් එකටද දාන්න ලටන් ගත්ත කමෙන්ටුව පොස්ට් එකක් කරලාම ඉවර කරන්න හිතුනා.....

බොහෝ විට අපි ආකර්ෂණය පටලවා ගන්නවා ආදරය කියලා.... මේ ගැන මම ප්‍රේමය නම් රාගයෙන් තොර..? කියන පොස්ට් එකේදීත් කථා කලා.... 
 අපි හොඳටම දන්නවා අපි තුල තියෙන්නේ ආකර්ෂණයක් කියලා... ඒක විවිධ හේතුන් මත වෙන්න පුලුවන්...

* මුදල්.. තත්වය...දේපල මත
* භාහිර ස්වරෑපය මත
* ජනප්‍රියත්වය සමාජ තත්වය මත
* ලිංගිකත්වය මත

මේ වගේ විවිධ හේතුන මත අපි එකිනෙකා කෙරෙහි වෙන ආකර්ෂණය, ආදරය කියලා පාට කොලේක ඔතලා පෙන්වනවා....

ආකර්ෂනය හරහා තමයි ආදරය ඇතිවෙන්නේ..... මේ ටිකක් හිතලා බලන්න අපි ආදරය කරනවා කියන්නේ මොකක්ද.... අපි කෙනෙක් ගෙන් ඇහැව්වොත් තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතා එහෙමත් නැත්නම් ස්වාමියා හා බිරිඳ තමන්ට ආදරේ කරන්නේ කොහොමද....?
එහෙමත් නැත්නම් අපි කෙනෙක්ගෙන ඇහැව්වොත් මොක්ක්ද ආදරය කියන්නේ කියලා ඔය තර්කයේ අවසානය වෙන්නේ යම් යම් ක්‍රියාකාරකම් සමුහයක්.. එකිනෙකා වෙනුවෙන් කරන... උදාහරණයක් විදියට....

*එකිනෙකාගේ හිත් සතුටින් තියනවා...උදා - එයා කැමති විදියට ඉන්නවා.... එයා අකැමැති දේ කරන්නේ නැහැ.....
* එකිනෙකා වෙනුවෙන් පෙනී ඉන්නවා උදා - ලෙඩකදි දුකකදී.. එහෙමත් නැත්නම් වෙන ප්‍රශ්ණයකදී...
* ඇහුම්කන් දෙනවා... උදා - එයාට ප්‍රශ්ණයක ආවාම ලඟ ඉඳගෙන උදව් කරනවා.... දුකක් නම් බෙදාගන්නවා... ශක්තියක් වෙනවා....
* ලිංගික වශයෙන් එකිනෙකා ගේ අවශ්‍යතාවයන් ඉෂ්ධ කරනවා.....

මේ වගේ බොහෝ දේ අපිට ලැයිතුගත කරන්න පුලුවන්....මේ හැම දෙයක්ම කරන්නේ ආදරය නිසා කියලා අපි කියනවා... ආදරයි නිසා අපි මේවා කරනවා කිව්වට ආදරය කරන්නේ හෝ ආදරය දැනෙන්නේ කොහොමද කියන කාරනාව ගැන කථා කරනකොටත් කියන්නේ මේ වගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් ආදරය දැනෙනවා කියන එක...

ඒ කියන්නේ ආදරය යනු එකිනෙකාගේ අවශ්‍යතා මත සිදුවන්නා වු ක්‍රියාකාරකම් සුමුහයක් ද ත් කියලා හිතෙනවා....
සමහර අවස්ථාවලදී මම අත්දැකලා තියනවා කාන්තාවන් විවිධ ආකාරයෙන් මේක විග්‍රහ කරන්න උත්සහා කරන .. කාරනා විදියට ගත්තොත් ඔවුන් පිරිමියෙක් කෙරෙහි ආකර්ෂණය වෙන හේතුන් කීපයක් තියනවා... නමුත් ඒ ‍අදහස් සියල්ලේ හරය පොදු අදහසක් විදියට හැඟෙන්නේ ඔවුන් බලාපො‍රොත්තු වෙන පිරිමියෙක් විසින් කරනු බලන්නා වු විවිධ වු ක්‍රියාවලින් සමුහයක් මගින් කාන්තාව ඔහුට ආකර්ෂනය වෙනවාය කියන එක..... මම කියන්නේ නැහැ පිරිමියා එහෙම නැහැ කියලා....
 
මේ හැම දේම ක්‍රියාකාරකම්... තනි තනිව ගත්තත් පොදුවේ ගත්තත් කෙනෙක් තමන් වෙනුවෙන් ඉන්නවා කියන හැඟීම ඇතකරන ක්‍රියාකාරකම්... එතකොට කෝ ආදරේ..... 

ගැහැණිය හා  පිරිමියා ආකර්ෂණය (ආදරය) වඩාත් වැඩිම කාලය තමයි පෙම්වතුන් විදියට ගෙවන අවදිය... මේ කා‍ලයේ දී විවිධාකාරයෙන් තම තමන් කෙරෙහි පවතින්නා වු ආකර්ෂණය වැඩි කරන ක්‍රමවේයන් අනුගමනය කරන්න පෙළ‍ඹෙනවා..... තම තමන්ගේ ගති පැවතුම් වෙනස් කරමින්... වෙනස්ම චරිත මවාපාමින්... තම තමත් ඉදිරියේ පාරිශුද්ධත්වය පෙන්නමින් දෙන්නාට දෙන්නා රවට්ට ගන්නවා... ඒ වගේම පිරිමියා බලන්නේ ලද හැම අවස්ථාවකම කාන්තාව තෘප්තිමත් කරන්න.... ඒ සඳහා විවිධ උපක්‍රම අනුගමනය කරනවා.. විශේෂයෙන්ම බටහිර තරුණිය සාපේක්ෂව ලාංකික තරුණිය පුර්ව ලිංගික අත්දැකීම් වලින් අඩු මට්ටමක ඉන්නේ... මුල් කාලේ සුළු ස්පර්ශයක් පවා ඇය යම් වින්ඳනයක් ලබනවා...

හොඳට හිතලා බලන්න මේ කාලේ ඉඩක් ලැබෙන හැම අවස්ථාවකම බලන්නේ මොන විදියට හරි "පුට්ටු" වෙලා ඉන්න... පාරේ යන්නේ අත්බැඳගෙන... වම් අත කරට දාගෙන එක්කෝ ඉන වටේ පටලෝගෙන.. අනිත් අත් දෙකේ ඇඟිලි පටලෝගෙන..... පන්සලේ පල්ලියේ ‍ආදී කිසිම තැනක් නැතිව ඉඩක් ලැබෙන හැම අවස්ථාවකට සිපගැනීම්.. වැළඳ ගැනීම් අඩුවක් නැහැ....කාලේ තමයි කොල්ලා දන්න වැඩ කෑලි ඔක්කොම දාලා කෙල්ලව අල්ලගන්නේ..මේ කාලේ කොල්ලෙක් හැම තිස්සේම ඉන්නේ කෙල්ල තමන්ව දාලා යයි කියලා....

මම ලියපු නිදියහනේ නැහැ සහනේ කියන පොස්ට් එක කියවපු කෙනෙක් මගේ මෙහෙම ප්‍රශ්ණ කීපයක් අහලා තිබුනා.....

* ආදරේ නැතිව ලිංගික වශයෙන් එක්වෙන්න පුලුවන්ද...? 
ආදරේට විතරක් ප්‍රානවත් වෙන්නේ මේ ලොකේ මිනිස්සු සල්ලි දීලා බඩු ගහන එක්ක නැහැ. මේ ලොකේ ගණිකාවෝ ඉන්න එකකුත් නැහැ. ගෑණු වෙන මිනිස්සු පස්සේ යන එකකුත් නැහැ. මිනිස්සු හොර ගෑණු පස්සේ යන එකතුත් නැහැ.... ස්ත්‍රී දූෂණ වෙන එකකුත් නැහැ.... තාත්තලා නැති ලමයි හම්බෙන එකකුත් නැහැ... අම්මලා ඉපිදිච්ච ගමන් දරුවන්ම මරලා දාන එකකුත් නැහැ... ඔය කියන්න පුලුවන් හොඳ තේරෙන විදියට කිව්වේ...මේක තමයි ලෝක ස්වාභවය...තේරුම් ගන්න.
ඇගේ දෙවනි ප්‍රශ්නේ උනේ....

* එහෙනම් මොන දේකට ද කසාද බදින්නේ....අපි අපිව රවටන් බොරු කරන්නෙ ඇයි.. ඇයි විවාහ නොවී දෙන්නට එකට ජීවත් වෙන්න බැරි...? 

කාසාද කියන්නේ සාමාජ බැඳීමක්... අපි විසින් හදාගත්ත සම්මතයක්. සංසර්ගය නීතිගත කීරීමක්... හරියට ****** දෙන ලයිසන් එකක් වගේ... කසාද බැන්ඳා හෝ නොබැන්දා සංසර්ගයෙන් ලමයි හම්බවෙන්නේ නැද්ද..? හම්බවෙනවා.....ඒත් ඒ ගෑණු කෙනත් පිරිමි කෙනෙක් ඒ දරුවා තමනගේ දරුවෙක් කියලා පිලිගත්තාට....සරුවගේ උප්පැන්නේ සඳහන්වෙන්නේ මව්පියන් අවිවාහක කියලා නම් සාමාජය ඒ දරුවට කියන්නේ අවජාතක කියල....හැබැයි ඒ දෙන්නා පස්සේ කාද බැන්ඳොත් ලමයාගේ අවජාතකත්වය.. සුජාත වෙනවා....නමුත් ඇත්තටම ලමයා කසාද බැන්ද පුද්ගලයාගේ නොවෙන්න පුලුවන්.... නමුත් විවාහය නිසා දරුවගේ ජාතකේට වැරදි සුජාතකත්වයක් ලැබෙනවා.....මොකක්ද ඒකේ සාධාරනේ.....

මේ ගැනම කථා කරපු තවත් ලිපියක් තමයි නොබැඳපු උන් දන්නේ නැති.. බැඳපු උන් තියන්නේ නැති කථාවක් කියන ලිපියත් කියවන්න.....

ඒ වගේම තමයි ආදරේ නැතිව බඩවෙන හැටි ගැන ලියපු ලිපිය.....

විවාහ වෙච්ච අලුත ආදරේ යේ රහ ගැන කථා කරපු බාහුම් සහස්ස කියන ලිපිය...

පෙම්වතුන් පෙම්වතින් විදියට ගෙවන කාලේ ලබන ලිංගික අත්දැකීම් ගැන කියවෙන උස්සන්න කලින් මේ ගැනත් හිතන්න කියන ලිපිය...

විචාරයට ඉඩ....
*
*
(හුදෙක්ම ජීවිත අත්දැකීම් ඇසුරෙන් ලියන ලද්දක් පමනක් බව කරුනාවෙන් සලකන්න)

අරකේ ඉතුරු ටික බලාගෙන හිටය උන්ට තව ටිකක් ඉන්න වෙයි වගේ.....

37 comments:

  1. "කාසාද කියන්නේ සාමාජ බැඳීමක්... අපි විසින් හදාගත්ත සම්මතයක්. සංසර්ගය නීතිගත කීරීමක්... හරියට ****** දෙන ලයිසන් එකක් වගේ..."

    මේ කියමන සාර්ථක කියමනක් නොවේ. තිරිසනුන් කසාද බඳින්නේ නැත. කසාදය යනු අප වැඩිමහල්ලන්, සහ හිතවතුන් ඉදිරිපිට කරන, ගැහැනියක් සහ පිරිමියෙක් එකිනෙකාට අහිතක් හෝ වැරැද්දක් (To be true to each other) නොකරන බවට පොරොන්දුවකි. සමහරු මෙම පොරොන්දුවට හෝ කොන්තරත්තුවට එකතු වෙන්නේ මුළු හිතින් නෙවෙයි. එතකොටයි ඔය කසාදයේ තේරුම වැරදි අතට යන්නේ. බල්ලොන්ට බලු පූට්ටුවක්‌ දාන්න කසාදයක් අවශ්‍ය නැහැ. නමුත් කවුරු කවද්ද දැක්කේ මිනිස්සු කසාද බැඳ හෝ නොබැඳ පාරේ අයිනේ පූට්ටු වෙලා ඉන්නව බල්ලෝ වගේ?

    අත්වැල් බැඳගෙන හිටියයි කියල එකේ වැරැද්දක් නැහැ. තමන් තමන් ආදරය කරන එක්කෙනෙකු සිප වැළඳ ගැනීමේ වැරැද්දකුත් නැහැ. වැරැද්ද තියෙන්නේ කෙනෙකු තමන්ගේ බහ තව කෙනෙකුට දී තියේනම්, හෝ විවාහයෙන් පිට අනියම් සම්බන්දතාවන් තියාගෙන සිටීමයි.

    ReplyDelete
    Replies
    1. කසාඳ බැඳපු මිනිස්සු වැඩි හරිය ඉන්නෙ සිත සතුටින් නෙමෙයි නේ ද?

      Delete
    2. සිව්පාවුන් ගැන උදාහරණ අරගෙන බුද්ධිමත්... හිතන්න මොලයක් තියන මිනිස්සු ගැන කථා කිරීම සාධාරණද ශානක මහත්මයා....
      සත්තු මිනිස්සු තරම් බුද්ධිමත් නැහැ...
      හැබැයි මිනිස්සු බුද්ධිමත්....
      “ගැහැනියක් සහ පිරිමියෙක් එකිනෙකාට අහිතක් හෝ වැරැද්දක් (To be true to each other) නොකරන බවට පොරොන්දුවකි“
      සහතික ඇත්ත....
      නමුත් ලංකාවේ අවුරුද්දකට කොයි තරම් දික්කසාද නඩු දානවද.... කොයි තරම් දික්කසාදවීම් සිද්ධ වෙනවද.....?
      වචනයට පමනක් සීමා වුනු පොරොන්දු කොයිතරම් දුරට වැදගත්ද කියන ප්‍රශ්නේ ඇතිවෙනවා....

      Delete
    3. "කසාඳ බැඳපු මිනිස්සු වැඩි හරිය ඉන්නෙ සිත සතුටින් නෙමෙයි නේ ද?"

      මම නම් දන්නා තරමක් (යහළුවන්, ඥාති සොයුරු, සොයුරියන්, වෙනත් හිත මිතුරන්, සහ මගේම පෞද්ගලික ජීවිතය උදාහරණයක් ලෙස ගත්තොත්) 99% වඩා ඉන්නේ සතුටින්.

      හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා. තමන් බොහෝ විට ඇසුරු කරන්නේ තමන්ගේ සමාජ මට්ටමේ අයයි. කුඩු කාරයෝ ආශ්‍රය කරන්නේ තවත් කුඩුකාරයෝයි. හොර ජාවාරම් කාරයෝ ආශ්‍රය කරන්නේ ඒවගේම අයයි. මම ආශ්‍රය කරන්නේ මගේ Intellect and Way of life එකට ඔබින, සහ එවැනිම මති මතාන්ත්‍රණ පිළිගන්නා අයයි. ඉතින් බැඳලා දුකින් ජීවත් වෙන අය මට හමුවන්නේ ඉතාමත්ම කලාතුරකින්. :).

      කසාද බැඳපු නැති කට්ටිය සතුටින් ඉන්නවා කියන එක ඔප්පු කරන්න බැහැ. ජීවිතය ෆුල් ටයිම් පාටියක් නෙවෙයි. ලෙඩට දුකට, හිතේ අමාරු තියෙන වෙලාවට අර ජොලියේ හිටපු වෙලාවේ හිටපු යාලුවෝ බෙහෙතකටවත් හොයන්න බැහැ. හිටියොත් ඉන්නේ අර කසාද බැඳපු එක්කෙනා නේද? මගේ දෙමව්පියෝ බැඳලා, එකට ඉඳල දැන් අවුරුදු 49. මගේ මවගේ පැත්තේ ආච්චි/සීයා දෙන්නම අන්තරා වෙනකොට බැඳලා අවුරුදු 68. පියාගේ පැත්තේ දෙමාපියෝ අවුරුදු 74. නැන්දලා මාමල තවම එක මනුස්සයයි බැඳලා ඉන්නේ (අවම වශයෙන් අවුරුදු 40 කට වඩා). ඉතින් ඔය (මට පෙනෙන) උදාහරණ ගත්තහම, කොහොමද කියන්නේ කසාදය කියන එක වැඩ කරන්නේ නැහැ කියල? :D

      Delete
    4. "වචනයට පමනක් සීමා වුනු පොරොන්දු කොයිතරම් දුරට වැදගත්ද කියන ප්‍රශ්නේ ඇතිවෙනවා...."

      නමුත් ජනක, සැබෑ පොරුන්දුව වචන වලට පමණක් සීමා නැහැ. "මම ඕකට හොඳ පාඩමක් උගන්නනවා" කියල සිතින් පොරොන්දුවී, අහුවුන වෙලාවක ඇට්ටි හැලෙන්න නෙලන්නේ, එක සැබෑ පොරොන්දුවක් නිසා. මගේ දෙමව්පියෝ මම කවද හරි හොඳින් බලා ගන්නවා කියන්නෙත් සිතින් කරන සැබෑ පොරොන්දුවක්. අපි දෙවියන් බුදුන් ඉදිරියේ කසාදයකදී කරන පොරොන්දුවත්, එවැනිම සැබෑ පොරොන්දුවක් ලෙසයි මම පිළිගන්නේ.

      Delete
    5. ඔබ කියන්නේ යම් කොටසක් ගැන ශානක මහත්මයා... ඔබ දකින ඔබ ආශ්‍රය කරන සමාජ තමයි හෝ කුටුම්භය ගැන.....
      පහුගිය කාලේ අපේ රටේ වාරථා උන දික්කසාද වීම්, සිය දිවි නසා ගැනීම්... මරණයට පත් කිරීම්... ප්‍රමාණය ගනනය කලොත් ඔබ ඔය කියන පොරොන්දුව කොයි ආකාරයෙන් ඉටුකරනවද කියන එකේ ප්‍රශ්ණයක් මට තියනවා....
      අපේ රටේ දිස්ත්‍රික් උසාවියක වසරකට ගොනු වෙන දික්කසාද නඩු ප්‍රමාණය ගැන හෙව්වොත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි අර්ථයක් ලබාගන්න පුලුවන්......

      Delete
    6. ජනක, ඔබ කියන දේ හි ඇත්තක් තියෙන්න පුළුවන්. නමුත් කසාදය කියන දේ ලංකාවට පමණක් අයිති දෙයක් නෙවෙයිනේ? :). ඉතියෝපියාවේ හරි වෙනත් අප්‍රිකානු රටවල් වල හරි මිනිස්සු හරියට හාමතේ ඉඳං නොකා නොබී මැරිලා යනවා. නමුත් ඒ ප්‍රමාන ගණනයන්, ලංකාවේ මිනිස්සු හාමතේ ඉඳං මැරෙන ගණන නෙවෙයිනේ? ලෝක සම්මතයක් හැටියටත් නෙවෙයිනේ? නමුත් ඔයාගේ "කතු වැකිය" "ලංකාවේ කසාදයන්" ගැන පමණක් නෙවෙයි නේද කතා කරන්නේ? :)

      marriage is still considered a sacred institution, world wide. අර අපේ සිංහලේ කතාවක් තියෙනවානේ "හු.... පැරදිලා" කියල? නමුත් කවුරු හරි තේරුමක් නැතිව කරපු නාඩගමක් හන්දා, එක අපි ලෝක සම්මතයක් හැටියට බාර අරන්, අනේ බං, බැඳලා කාටද හරිගියේ? අපි හැමදාම ජොලියේ බඩු ගගහ ඉමු. එවැනි ජීවිතයක ඵලේ කුමක්ද? (ආදාර හැදිලා මැරෙනවා මිසක්?) :) කට්ටියකට වැරදුනි කියල මුළු ලෝකෙටම වැරදුනේ නැහැනේ? එහෙම බලනවානම්, තවත් කට්ටියක් කියයි, මොකටද අපි විරුද්ද ලිංගික සම්බන්දතාවන් තියාගන්න ඕනේ? සම ලිංගික සම්බන්දතාවන් හොඳටම ඇතිනේ කියල? එතකොට බඳින්න ඕනෙත් නැහැ, අවජාතක ළමයි හැදෙන්නෙත් නැහැනේ? :)

      Delete
    7. මම කියන්න හදන දේ ශානක මහත්තයා පැහැදිලිව තේරුම් නොගත්තද මන්දා....? මම කියන්න හදන්නේ අපේ රටේ විවාහය කියන සංකල්පය ගැන හිතන ක්‍රමයේ ප්‍රශ්ණයක් තියනවා..... විවාහය හුදු ආදරය මත පමනක් පදනම් කරගෙන නෙමෙයි සිද්ධ වෙන්නේ.... ආදරය කියන්නේ යම් ක්‍රියාකාරකම් සමුහයක්..... එකිනෙකා කෙරෙහි පවතින්නා වු ආකර්ෂණය ආදරය යනුවෙන් තේරුම් ගැනීම ගැනීම ගැන තමයි මෙයින් ප්‍රධාන වශයෙන් මම මතු කරන්න උත්සහා කරන්නේ....

      Delete
    8. ඔබ ගැන බොහොම සතුටුයි ශානක මහත්තයා. සතුටින් ඉන්න විවාහකයෙක්...

      Delete
    9. හිහිහි.. දැනුයි තේරුනේ. (නැහැ.. වැටහුනේ).. අනේ මං දන්නේ නැහැ.. මගේ තරුණ වයසේ (අර හිච්චි කොලුවා කියල කියපු කාලේ), ඔය එක එක ආකර්ෂණ තිබුන.. නමුත් ඒ කාලේ ඔය ආකර්ෂණ magnet වගේ දාපු ගැහැණු ළමයින්ගේ අතින් අල්ලන් හිටියත් හොඳටම ඇති. හොරෙන් හාද්දක් ගතහොත් මරේ මාරු. හැබැයි ඒ කතා දුර ගියේ එපමණයි. ඔය පැයට ගෙවන හෝටලුත්, හිතු මතේට කසාද බඳිමු කියන සිතුවිලි අවශ්‍ය වුනේ නැහැ. ලෝකය දැන් සෑහෙන්න දරුණුයි. දැන් ඉන්න එවුන, උන්ගේ අම්ම අප්පා වුනත් විකුණන් කයි. නමුත් මේ තත්වයට අපේ රට කිඳා බැස්සේ කෙසේද? ඇත්ත වශයෙන්ම මම මුලින් පැවසූ අන්දමට මම තරුණ කාලේ ඔයවගේ බැඳලා ලිහන කතාවල් ගැන ඇහුවේ Dynasty TV Series එකේ විතරයි.

      Delete
    10. කසාදය ගැන මාත් මෙන්න මෙහෙම ලියල තියෙනව කලින් දවසක...

      කසාදය __

      ආන්ඩුවෙන්
      ලයිසං අරං
      නැන්දම්මාට
      ට්‍රයල් පෙන්නීම...

      Delete
  2. මේ මාතෘකාව ගැන නම් කියන්න දේවල් ගොඩයි මේ ඔය හැම දෙයක්ම සම්බන්දයෙන් මට හිතුන දේවල් වලින් ටිකක්

    විවාහය කියලා එකක් සමාජය විසින් නිර්මාණය කරගෙන තියෙන්නේත් යම් කිසි සදාචාරවත් පිළිවලක් අනුව ගැහැනියකුට සහ මිනිහෙකුට ලිංගික සතුට විදින්න අවස්තාවක් සලසා දෙන්න. මිනිසා අනෙකුත් තිරිසන් සතුන්ගෙන් වෙන් වෙන්නේ අන්න ඒ වගේ කාරණාවන් මත. තිරිසන් සතුන් අතරේ සහකරුවෙක් සහකාරියක් බෙදා ගන්න ඇතිවන ගැටුම් මිනිසුන් අතරේ ඇති නොවෙන්න තමයි විවාහය කියන නීතිමය ආකෘතියක් තුල එක පිරිමියෙකුට එක ගැහැනියක් පවරාදීම සිදු වෙන්නේ. එතැනදී බලාපොරොත්තු වෙන්නේ එක් පුරුෂයෙක් සහ කාන්තාවක් එකතු වෙලා වෙනම පවුලක් හැටියට ඔවුන් දෙදෙනාගේ එක්වීම නිසා ඇතිවන දරුවන් සමග සමාජ ඒකකයක් ලෙස ජිවත් වීම වගේ කාරණාවන්................

    http://ape-ambalama.blogspot.com/2012/06/blog-post_25.html

    ReplyDelete
  3. තාම ආරම්භය...ඕනි ටික මට තවම කියා වුනේ නෑ.

    ReplyDelete
  4. අදමයි ආවේ ,,නියමයි මචෝ

    ReplyDelete
  5. බැදලම බලන්න එපැයි දැන්ම මුකුත් කියන්න බැහැ ඔය ගැන

    ReplyDelete
  6. හොද විග්‍රහයක්...
    එල
    ජයවේවා!!!!!!

    ReplyDelete
  7. විවාහය සහ ලිංගිකත්වය ගැන මම තරමක් හොයලා බලලා තියෙනවා.එහිදී හම්බවුනු විද්‍යාත්මක විග්‍රහයක් මම කියන්නම්.කට්ටිය එකඟ වීම හෝ නොවීම ඒ අයට අයිති දෙයක්.

    අනිත් සත්තුන්ට සාපෙක්ෂව දීර්ඝම ළමා කාලයක් තියෙන්නෙ මිනිස්සුන්ට.මේ ළමා කාලයේදී ඒ ළමයින්ව බලාගන්න මව ඒ අය ළඟ රැදෙන්න වෙනවා.එතකොට මවගේ සහ දරුවන්ගේ පෝෂණ කර්තව්‍යය සිද්ද කරන්න තව කෙනෙක් අවශ්‍ය වෙනවා.එතෙන්දි තමයි ඒ සඳහා වැඩි ශක්‍යතාවයක් සහිත පිරිමියා පවුල කියන සංකල්ප්ය තුලට එකතු වෙන්නෙ.අනිකුත් සත්ව කොට්ඨාසවල අපි පිරිමි සතාගේ කාර්යභාරය දකින්නේ හරිම අඩුවෙන් හෝ බොහොම ටික කාලෙකට.

    ඉතින් පිරිමියා නිවෙස වෙත රඳවා ගැනීමේ උපක්‍රමයක් විදිහට තමයි මිනිස්සුන්ගේ ලිංගික ක්‍රියාවන් වසර පුරාම වෙනසක් නැතුව සිද්ද වෙන්නේ.අනිත් සතුන්ගේ බොහෝ විට ඒ සඳහා වසරේ යම් නිශ්චිත කාලයක් පමණයි තියෙන්නේ.

    මිනිසා ශිෂ්ඨාචාරගත වෙද්දි එතෙක් යුතුකමක් වුනු පුරුෂයා විසින් පවුල පොෂණය කිරීමේ ක්‍රියාවට සමාජීය රැකවරණයක් යටතේ නීතිමය තත්ත්වයක් ලබා දෙනවා.ඒක තමයි විවාහය.මිනිසුන්ගේ අනෙකුත් සාමාන්‍ය සබඳතාවලටත් නීතිමය රැකවරණය දීපු අවස්ථා තියෙනවා.උදාහරණයක් විදිහට තමන්ගේ දරුවන්ට නිසි ලෙස පෝෂණය ලබා නොදෙන දෙමව්පියන්ට විරුද්ධව නීතියෙන් කටයුතු කරන්ඩ පුළුවන් බටහිර රටවල.

    මේ නීති ගෙනෙ ඒම සිද්ද වෙන්නේ හැම මිනිස් ජීවිතයක්ම මිනිස් සමාජයේ වැදගත් අවයවයක් විදිහට සමාජය සළකන නිසා.කිසිම ජිවිතයක් යම් අයෙකුට අයිති නෑ ඒ ජීවිතය අයිති මුළුමහත් සමාජයටමයි කියන මතය අපි තුළත් අවිඥානිකව ඇති නිසා තමයි අපි ගබ්සා කිරීම්වලට විරුද්ධ වෙන්නෙ.තමන්ගේ කුසේ ඉන්න දරුවගේ ජීවිතේ වෙනුවෙන්වත් පුද්ගලික තීරණයක් ගන්න කෙනෙකුට සමාජයෙන් ඉඩ දෙන්නෙ නෑ.

    සංක්ෂිප්තව කිව්වොත් විවාහය යනු ඉදිරි පරම්පරාවේ එනම් කුඩා දරුවන්ගේ පෝෂණය, ආරක්ෂාව ඇතුළු අනෙකුත් අවශ්‍යතාවයන් ඒ අයට ලැබීම සහතික කරනු වස් සමාජය විසින් ලබා දී ඇති රක්ෂණාවරණයක්.

    එහෙම නැතුව විවාහය පූජනීය මහා ලොකු එකක්ය කියන අය පොඩ්ඩක් හිතලා බලන්න කසාද බඳිනවා කියන්නේ 'මම උඹට කැමතියි, ඒත් මට උඹව ශුවර් නෑ.ඒක හින්දා සෙනඟ ගොඩක් ඉස්සරහා පොරොන්දුවෙලා සහ නීතියෙන් ලියලා මාව අරන් පලයන්.' කියන එක නේද? ඇත්තටම මේ නොකියා කියන්නේ 'මට උඹව ශුවර් නෑ' කියලා නේද?

    ReplyDelete
    Replies
    1. ශික්... ඔන්න ඔය වෙලාවට තමයි ලයික් බටන් එකක් තිබුන නං හොඳයි කියල හිතෙන්නේ.. :) විග්‍රහය නම් එල.. ජයවේවා!

      Delete
    2. ඔය කියන විදිහට කසාද බදින්නෙ ළමයි හදන්න.
      පරම්පරාව ඉදිරියට ගෙනියන්න.
      තමන්ට බැරි වුනාම සලකගන්න.
      තමන්ට කාත් කවුරුවත් නැති වෙයි කියන සිතුවිල්ල අවම කර ගන්න.

      ඒත් කසාද තුල තනිවෙච්චි මිනිස්සු විදින වේදනාව දැක්කම පුදුම හිතෙනවා....

      යාන්ත්‍රින වෙච්චි ' සතුටක් ,සැනසීමක් නැති, වගකීම් වලින්ම බැඳුනු ජීවිත ... කොටින්ම අද වැඩියෙන් ආදරය සොයන්නේ විවිහාක ගැණු /මිනිස්සු.

      රක්ෂාණාවරණයක වාරිකය අපි ගෙවන්නෙ සතුටින් නොවන විත්තිය අපි කවුරුත් දන්නව. සමහර වෙලාවට , රක්ෂණයක් දාන්තේ නොදාම බැරිකමට...

      Delete
    3. එතකොට කවුද ලැස්ති අපේ දමිත් මල්ලිට (අර පිලිහුඩුවොන්ට වද දෙන එකා) කියන්න ඌ ලඟදි කලේ ගන්නම බැරි මැටිමෝල් මෝඩ වැඩක් කියා????? :)

      Delete
    4. හ්ම්........ පහු පහු වෙන කොට හැමදේම වැටහේවි.

      Delete
    5. විවාහයත් එක්කම ලමයි ලැබුනාම දෙන්නට ආදරය කරන්න වෙලාවක් නැතිවෙලා වගකීම් වැඩිවෙනව කියලයි මම හිතන්නේ... සෑහෙන්න කාලයක් දරුවා බලාගන්නත් ඉන් පස්සේ දරුවා ලොකු නිසා ලැජ්ජාව නිසත් ආදරය අතපසු වීමෙන් විවාහ වෙච්චි ගෑණු මිනිස්සු සිය අවශ්‍යතාවය සපයගන්න අනික් අයට වඩා වෙර දරනවා විය යුතුයි.....

      මම හැමදාම කියනවා වගේ හනිමුන් බබාලා නැත්තම් විවාහ ජීවිතේ හැමෝටම සතුටුදායක එකක් වෙයි... කෙල්ල වගේම කොල්ලත් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ ඉතිං අවුරුදු ගානක් ආදරය කරලා විවාහ වෙන්නේ කාටවත් නලවන්න ළමයි හදන්න නෙමෙයිනේ ඒ නිසා.... ඉතුරුවා හිතාගන්ඩෝ

      Delete
  8. අදයි ආවෙ.හොඳ විග්‍රහයක් :)

    "කසාදෙ කියන්නෙ ගෑනුන්ට ජීවත් වෙන්න ලෙසි ක්‍රමයක්.ගෑනු
    මිනිහෙක්ව පටලවගෙන ඌව සදාකාලික සින්න කරගෙන පොතේ කුරුටු ගාගන්නව.ඉතින් ඊට පස්සෙ උන්ට කන්න අරන් දීපල්ල,අඳින්න අරන් දීපල්ල,අරක ඕන කියන කොටයි මේක ඕන කියන කොටයි........
    ඔව්ව ඉතිං කියල වැඩක් නෑ.මිනිහට වෙන ගෑනියෙක් දිහා බලන්නවත් ඉඩක් හම්බුවෙන්නෙ නෑ.ඔන්න ඕකයි පුතේ ඔය කසාදෙ කියන එකෙන් ලැබෙන කජ්ජ!!"

    මේ එක්තරා විවාහක කෙනෙක් මට කිව්ව කතාවක්.මොකද හිතන්නෙ ඒ කිව්ව් එව්වා ගැන?

    ReplyDelete
    Replies
    1. හිහිහි.. කියන්න ඇත්තේ මෝඩ චූන් එකක් ගිය ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක් වෙන්න ඇති. ඕක ගැන වැඩි විග්‍රහයක් කලොත්, අපි ඔක්කොමල්ල තරහ වෙනවා.. ඌට වෙන ගැහැණු දිහා බලන්න ඕනේ නම්, මොන හු... බැන්දේ? අපොයි ඔය වගේ එවුන්ම තමයි අහක බලාගෙන කරබාගෙන ඉන්නේ, ඌගේ ගෙදර අඹුව වෙන කාගේ දිහා හරි වැරදිලාවත් බැලුවොත්..

      එතකොට ගෑනි මෙහෙම කිව්වොත්? මිනිහෙක් කියන්නේ, ඌට හිතුන වෙලාවට ඌගේ ප.... නටවන්න හිතෙන, ගවුමක් ඇඳගත්ත කොස්සක් දැක්කත් සෙවල හලන, ගෑනිගේ දෑවැද්දෙන් පුළුවන් තරම් ජීවත් වෙන්න හදන, උගුරට එනකම් බීගෙන නටන, ගොන් මී හරකෙක් කියල... ඒ කතාවත් සාදාරණද? මොකද මේ ලංකාවේ ගැහැණු වැඩට යන්නේ නැද්ද? ලංකාවේ Central Bank එකේ Senior Economist ඇවිල්ල Australia වලින් දොස්තර පට්ටමක් තියෙන ගැහැණු එක්කෙනෙක් (මගේ හොඳ යහළුවෙක්). මම නං හිතන්නේ නැහැ එයා කවදාවත් " කන්න අරන් දීපල්ල, අඳින්න අරන් දීපල්ල, අරක ඕන" කියා කියා එයාගේ සැමියාට (මගේ තවත් යහළුවෙක්) බල කරනවා කියල. මොකද එයා විතරද ලංකාවේ ගැහැණු කෙනෙක් හැටියට වැඩ කරන්නේ?

      අපොයි.. උන් වගේ මිනිස්සු නම් බැඳලා තව මෝඩ ගොන් හරක් පැටවූ බිහි කරන එක නුවනට ඉතාමත්ම නුසුදුසුයි.

      Delete
  9. කසාදවී සතුටින් සිටින අය සේම කසාදවී දුක් විදින අයත් සිටී. එසේම කසාද නොවී සතුටින් සිටින අයසේම කසාද නොවී දුක් විදින අයත් සිටී. දුක සහ සතුට යනු හිතේ අතිවන හැගීමක් මිස සදාකලික දෙයක් නොවේ.දික්කසාද වූ දෙදෙනෙක් දෙස බලා අපි සමහර විට සිතනවා ඇයි මෙයි පොඩි දෙටත් දික්කසාද උනේ කියා. එසේම, රන්ඩු දබර වෙමින් පවුලක් කොහොම හරි රකගැනිම වැදගත් කියා හිතන පවුලක් දෙස බලා අපි හිතනව ඇයි මෙහෙම පවුල් කන්නේ දික්කසාද නොවී කියලා. :)

    "දුක සැප නිති පෙරලේ". ඉතින් අස්ථීරවු දෙයකින් ස්ථිර යමක් බලපොරොත්තු වන්නා සමදා දුකේ. ජීවිතේ වටහාගෙන එයට මැදිහත්ව මුහුණ දෙන්නා ජීවිතය ජයගනී. කසාදය, ආලය යනු දුක සැප ලබාදෙන සාධකයක් පමණයි. බොහෝ දේ මත රදා පවතින්නක පැවත්ම එක දෙයකින් මනින්න එපා.

    -අම්බි

    ReplyDelete
    Replies
    1. පිරිමින්ගෙන් යැපෙන්න , කිසි ගෑණියෙක් කසාද බඳින්නේ නෑ අද කාලේ .මේ ලියන මමත් ගෑණු කෙනෙක් . ප්‍රොෆෙෂන්ල් කොලිෆිකේශන් , රස්සා , නෙවෙයි ගාමන්ට් එකකට යන සහෝදරියක් වත් එහෙම හිතන්නේ නෑ .ඒ සහෝදරියො කසාදෙට කලින් තමන්ට උවමනා කරන කණ කර ආබරණ , බැංකු පොතේ කීයක් හරි ඉතුරු කරගෙන බඳින්නේ . ඩුබායි ගෘහ සේවිකාවො හැටියට යන , වතු කරේ වැඩ කරන මේ ගෑණු කවුරුත් පිරිමින්ගෙන් යැපෙන්න හිතන් කසාද බැන්දනම් ඔය අමාරු රස්සා වලට යාවිද ?

      ඊලඟට ගෑනියෙක් විදියට මම බඳින්න තීරණේ කලේ නම් හොයා ගත්ත මනුස්සය එක්ක සර්ව සම්පූර්ණ මිස්ටර් රයිට් නොවුනත් කාලයක් ඉන්න පුලුවන් මනුස්සයෙක් කියලා හිතුන නිසා . ගෑනු බඳින්න ඕනේ ලෝකෙට බයේ , උන්ගේ පද හැදිලි වලට බයේ වත් මිනිහෙක් හොයන් ආර්ථික හෝ ලිංගික උවමනා සපුරාගනවට වඩා ඔය බන්ධනේට ඇතුල් වෙලා එන ගැටුම් වැටුම් එක්ක ඉන්න පුලුවන් කියලා හිතෙන මිනිහෙක් එක්ක . ලමයි හදන එක කසාදේ අතුරු කතාවක් .කසාදේ මූලික හරය ඒක නෙවේ . ලිංගිකව සතුටු වෙන්න ඕනේ ලමයි හදන්න නෙවේ බැඳපු මිනිස්සු දෙන්න සතුටු වෙන්න . මම ලිවින්ග් ටුගෙදර් වලට කැමති ඒක . කෙහෙම්මල් සංස්කෘතියක් ඉස්සරහට දාන් අපි බොරුවට දුක් විඳිනවා

      Delete
  10. "කාසාද කියන්නේ සාමාජ බැඳීමක්... අපි විසින් හදාගත්ත සම්මතයක්. සංසර්ගය නීතිගත කීරීමක්... හරියට ****** දෙන ලයිසන් එකක් වගේ.."

    ඔබ හරි.. කසාදයකියන්නෙ පෞද්ගලික දේපල රකින්න නිශ්පාදන ක්‍රමය විසින් නිර්මිත ඇටවුමක්....අදපවතින නිශ්පාදන ක්‍රමයෙ පදනම තමයි පවුල පෞද්ගලික දේපල හා රාජ්‍යය. ඇත්තටම කසාදය කියන්නේ අපිට බලෙන් පටවපු රාමුවක් මේක නිසා මිනිසා අතිශය අධ්‍යාත්මික සම්බන්ධතාවක් වූ ආදරය හෙවත් මානව ප්‍රේමයට බාදා පමුනුවනව..... ඊනියා සමාජසම්බන්දතා පවත්වාගෙන යාම කියන මිත්‍යාව හරහා උත්කර්ශවත් මානව ප්‍රේමයේ සුන්දරත්වය අපිට අහිමිකරනව ඒවෙනුවට අවුල් ජාලාවක්.. කු‍ටුම්බ ප්‍රශ්න ගනනාවක් උරුම කරනව..තනි තනිව ගොඩ ඒගත නොහැකි මඩ ගොහුරුවක් නිර්මානය කරනව... මේ ක්‍රමය යටතෙ ආදරය කියන්නෙ මොකද්ද කියල අපිට අපිට ප්‍රශ්නයක් පැනනගින්නෙ ඒකයි. කලාකෘතිවලින්.. සින්දුවලින් අපේ හිත්වල මවන සුන්දරත්වය කෝ කියල අපිට හිතෙන්නෙ ඒකයි.. ඇත්තටම මේ සියලු ප්‍රශ්න එකම නූලක ඇමුනුනුඒව...ඒ නිසා අපිට එකක් වියුක්ත කරල ගත්තහම අපි මුලවක වැටෙනව.. සියලුම පෞද්ගලික හා සමාජ මෙන්ම දේශ්පාලන සම්බන්ධතා ගොඩ නැගෙන්නෙ පවතින අර්ථ ක්‍රමයට හෙවත් නිශ්පාදන ක්‍රමයට සාපේක්ශව... ඒ කියන්නෙ මේ සකල විධ සම්බන්දතාවලට පදනම නිශ්පාධන ක්‍රමය.. ඒ නිශ්පාධන ක්‍රමය අර්බුදයට ලක්වෙනකොට ඒ උඩ ගොදනැගුනු සලවිධ දේ දෙදෙරන්න විනාශ වෙන්න පටන් ගන්නව අපි මේ අත්විඳින්නෙ ඒක තමයි.ඔය ආදරය සම්බන්ඳ ගැටලුවත් මේ ගැටලු පොකුරේ එකක්.

    E-Porter

    ReplyDelete
  11. එල කිරියටම විචාරේ දීලා තියනවා

    ReplyDelete
  12. මල්ලිලා, ගොන්පාට් නොදා, පරණ ලංඩන් සඟරා ටික හොයාගෙන කියනවනවද.

    ReplyDelete
  13. මමත් ඔය එක එක විධියට ගෑණු පක්ෂෙට කැමති වෙලා තියෙනව මචං... දැන් ඒක ගැන විශේෂ දෙයක් හිතෙන්නෙත් නැති ගානයි. ඒ තරමට සේරම කළවං වෙලා... ;-) ඔය සේරම හරි වගේ... අර කිව්වත් වගේ කසාදෙ කියල එකක් තියෙන්නෙ නම් සමාජයට බිහිවෙන ජීවීන්ට ශක්තිමත් පදනමක් දෙන්න තමයි. එහෙමයි කියල මිනිස්සු තමන්ට හරියන ලිංගිකයන්ට ආකර්ශණය වෙන එක නැවතෙන්නෙ නෑ‍ නේද?

    අර මර්වින්ගෙ සින්දුවක් තියෙන්නෙ ප්‍රේමකීර්ති ලියපු, "නිමා නොවන පෙම් හැඟුම්...." කියල :-)

    ReplyDelete
  14. * ආදරේ නැතිව ලිංගික වශයෙන් එක්වෙන්න පුලුවන්ද...?

    පුලුවන්.. සල්ලිවලට, නැත්තං තියෙන තිරිසන්කමට.

    අවංක ප්‍රේමයේ වුවද රාගයද මද වශයෙන් තිබිය යුතුය. එහෙත් ප්‍රේමය නැති රාගය පාරේ සිටිනා බලු කුක්කන්ද දන්නේය.

    ReplyDelete
  15. ගොඩාක් හිතන්න දේවල් ඉතුරු කළා
    හොඳ විග්‍රහයක්.

    ReplyDelete
  16. තරුණ ප්‍රේමය 100% ක්ම ආත්මාර්ථකාමී සිතුවිල්ලක්... එතන තියෙනෙ මගේ කෙල්ල මගේ කොල්ල කියන හැගීම මිසක් වෙන දෙයක් නෑ...

    මගේ කියන වචනෙ මුලට එනකොට ආතමාර්ථකාමි නැද්ද... ??

    අම්මගෙ ආදරේ උනත් ආත්මාර්ථකාමී කම යම් දුරකට තියෙනව.. තමන්ගෙ පුතා මැරුණම අම්ම අඩන්නෙ අනේ "මගේ" පුතේ කියල... වෙන කාගෙ හරි ලමයෙක් මැරුණත් අම්ම අඩන්න පුලුවන්.. ඒ මටත් ලමයෙක් ඉන්නව නේද කියල.. ඒත් අනේ මගේ පුතේ ඉයන්නෙ නෑ.. එතනදි අම්ම අඩන්නෙ ආදරයත් එක්ක ආත්මාර්තකාමීකම ඉස්සරහට දාගෙනයි..

    අනිත් එක ප්‍රේමයයි රාගයයි වෙන්කරන්න පුලුවන් වෙන්නෙ ප්‍රේමය නැතුව රාගය විතරක් ඇතිවෙන තැනදි විතරයි... ඒ කියන්නෙ සල්ලි දීල බඩුවක් ගහන් තැනකදි වගේ... ඒත් ලවු එකක්නම් අනිවාර්යෙන් එතන රාගය තියෙනවා... ඒකෙ හෝදන්න දෙයක් නෑ..

    බස්ස මෙතනදි ගේන අලුත් තර්කයටත මම එකගයි... ආකර්ෂනය තමයි ප්‍රේමය කියල නම දෙන්නෙ.. (තරුණ සම්බන්ද වලදි..) රාගය කියන්නෙ අහවල් වැඩේ කරන එක විතරක්ම නෙවෙයි... ස්කෝලෙ යන කාලෙ යාලුවෙන කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතින් අල්ලනවනම් එතනත් තියෙනෙ රාගයක්..

    පාරිශුද්ධ ආදරේ හොයාගෙන කෑගහන මහත්තුරු නෝනල මොනව කිවුවත් රාගයෙන් තොර තරුණ ආදරයක් නෑ....

    ReplyDelete
  17. 1.E-money,Computer, Facebook, Gmail, Dialog දුරකථනයට ලබා ගැනීමට REG[SPACE] danuma ලෙස සදහන් කර 77002 ට sms කරන්න.
    2.මව්කිරි ලබා දීමේදී සැළකිලිමත් විය යුතු කරුණු Dialog දුරකථනයට ලබා ගැනීමට REG[SPACE] LMK ලෙස සදහන් කර 77000 ට sms කරන්න
    3.දෙමළ විභාග ජය ගැනීමට අවශ්යත දැනුම Dialog දුරකථනයට ලබා ගැනීමට REG[SPACE] demala ලෙස සදහන් කර 77000 ට sms කරන්න.
    4. කුංග්ෆු සටන් කලා දැනුම ලබා ගැනීමට Dialog දුරකථනයට ලබා ගැනීමට REG[SPACE] kunfu ලෙස සදහන් කර 77000 ට sms කරන්න.
    5.උසස් පෙළ ආර්ථික විද්යාැ දැනුම Dialog දුරකථනයට ලබා ගැනීමට REG[SPACE] economic ලෙස සදහන් කර 77000 ට sms කරන්න.
    6.පිළිගත් ආයතනයක රැකියාවක් ලබා ගැනීමටREG[SPACE] LJD ලෙස සදහන් කර 77000 ට sms කරන්න. .(Dialog)

    ReplyDelete