Monday, February 27, 2012

පටාචාරා ගේ පිරිමි සතා.......



මට කව්රුවත් නෑ
ඹබත් නෑ ඇයත් නෑ
දරුවනුත් නෑ
අනේ කෝ මගේ දරුවෝ...

ඇය ඇතර ගොස් මා
නොකල වරදට
දරුවන් නැත ලඟක
දුරක මා ඇතහැර.....

ගෙවෙන දවසින් දවස
දුකද හා තනිකම
රජ කරන දිවියක
කොතැනකද සැනසුම.....

මා පියන් මාඇතැර
ගත් නිසා ඈ සුරත
එරෙහිව ගිය නිසා ඔවුනට
දැන් නෑ කිසි කෙනෙක් තනියට....

ලංකරගන්න හදනා
හැම මොහොතකම දුර ඇදෙනා
තනි හිතට රිදුනා
ලේසියට හිත මතට ඇදුනා.....

හිත තැලෙන හැම වාරෙම
නෙත උනන හැම කඳුලම
දිය කර වීදුරැවෙ ම
ඉන්නේ හිත අවසියෙම.....

සිහිනෙන් වගේ හද
මුමුනන්නේ කවි පද
ගොතා හිත පිරිමැද
කොටමි සිත නිවෙන සඳ....

ඉන්නට උනා අතැර
දරැවන් හා නිවස
සරි කල උන් දිවි පෙවත
නොකා නොලබා සැපත..

අගයක් නැහැ ඒත්
ඒ ගැන එකෙක්ටවත්
අත්හරිමි අත්හරිමි
දුෂ්කරක් ක්‍රියාව......

රෑට එහෙම හිතෙනවා
හිත දැඩි කරගන්නවා
උදේ ඇහැරෙනවා
අද නිවාඩුවක් ගමුද ?.....

ඒත්.... ළමයින් ගේ ස්කූල් ෆීස්
වෑන් සල්ලි... ක්ලාස් වලට
පීට්සා.. මැක්ඩොනල්ඩ්
ඔන්න ඔහේ වැඩට යමු....

අඩු ගානේ මට නැතත්...
උන්වත් විඳියි නේ ජීවිතේ....
මට නැතත් කමක් නැහැ...
ඔන්න ඔහේ වැඩට යමු....

මං වැඩට යනවා......

Sunday, February 26, 2012

අතට පෙම් බැඳි මා සිත.........(18 +)


සුමුදු මුදු බඳ
ලං කර තුරුළ කර ඇද...
නෙතු යුග සිඹින සඳ
දැනේ නුඹ සුවඳ මන බඳ.....

රුව නෙතු පිනායා
වත ගත සනසනායා..
මන්මත් වෙනයා
ඔබ ගත මිහිර මා පුබුදනායා.....

ඔබ නෙතු දකින සඳ
කාන්තිය විඳි සඳ....
මන්මන් කරන ලද
ඇසට දැනුනා රසය විනිවිද....

උකුලට ගත් සකි
රතියට මග පෑමකි...
සුසුමින් කණ වැකි
ගත ඉපිලුනා අරැමෙකි....

මන දොල පිනාය
දෙතන වත සනසනායා.....
මුවග රස දනවනයා
සුසුදු වත රතු උනේයා...

මා කණ විකායා
හැඟුම් ඉපැදුනායා...
රැය තවත් දිගු වේයා
සිත ගත අතරමංමං වේයා....

දඟ යුග සලනු උරුවකි
ගත සලිත වන රිද්මෙකි....
ඔබ පහන් දැල්ලකි
මා එහි වෙලෙන මෙරැවෙකි.....

තවාන හොඳින් පොඩිකර
පොඩි පොඩි ගස් ඈත් කර.....
මල් විල මුවට ලංකර
රස බැලුවා දිවෙන් ඉවකර....

මලවි කරළිය තෙමුනා
රසය මුව අගට දැනුනා.....
රෝස පොට්ටුව හැපුනා
මට නොදැනුනත් ඇයට රිදුනා.....

තලෙළු වත දැක
මෝදු වන බව නොම සැක....
තුරුළුව පහසු දෙතනක
නැහැ අගේ වෙන පහසක....

ඔබ තවත් තුරුලු වෙන කල
මා තව තවත් සිර කල...
කම්සැප විඳින කල
මුල්ලට හිර විය පොල් උල...

උස්සා බඳ රවුම
ගස්සා පස්ස හැරවුම...
හොල්ලා තුරුණු ලැම
පෙන්නුවා ඔබේ දස්කම...

ගත තව තව දවායා
ගිණ කඳුද උතුරායා....
ලෝදිය ගලායා
දෙකකුල් මැද පෙරේයා...

අවසන ලඟම පෙනුනා
මහිත සතුටින් ඉපිලුනා...
කෙඳිරිල්ල වැඩි උනා
වේගයෙන් මුසපත් උනා...

ගත වෙහෙස වැඩිය
සිතට නම් තව මදිය...
නොගෙන තව කාලය
පෙරලුනි කියා... මට මහන්සිය.....

අතිරස නිමා නොවුනා
තනිමට නිතර ලඟ සිටිනා...
මා නොහැර නිති පෙමිනා
ඉන්න අත මට සෙවන දුන්නා...

(කව්රුවත් මේ ගැන තරහා ගන්ට කාරි නෑ ඕං... කරුමොට මේ වගේ වෙලාට හිතට එන්නේම මහා වල් කවි සිතුවිලි..... මොනවටද ඔව්වට අගුල් තියන්නේ.. ඔන්නොහෝ ලියලා දැම්මා...)

Friday, February 24, 2012

නිරුවත සහ අහවල් එක.... (18 + ද මන්දා)


නිරුවත.... කිව්ව පමනින් කොලේලෙක් නම්....ඇස් හොඳට ඇර ගන්නවා..... කෙල්ලෙක් නම් ඇස් වහගන්නවා...(හොරෙන් බලනවා) ... ඇස් ඇරලා බැලුවත්... වහලා බැලුවත් අපි හැමෝම නිරැවත නරඹන්න දකින්න කැමතියි... විශේෂයෙන්ම පිරිමි කැමතියි කාන්තා නිරුවත දකින්න.... ‍හැම පිරිමෙයෙක්ම කැමතියි... එහෙම නැහැයි කියනවා නම් මොකක් හරි අසනීප තත්වයක් වෙන්න ඕනේ.... ඒ ව‍ගේ හැම ගැහැණියක්ම කැමතියි නිරුවත දකින්න.... පිරිමි නිරුවත දකින්න... නමත් සාපේක්ෂ ව‍ශයෙන් පිරිමින් ඒ දෙස බලන ආකාරයට කාන්තාවන් බලන්නේ නැහැ... බොහෝ විට කාන්තාවන් මේ දිහා බලන්නේ කාටවත් නොපෙනෙන්න.....

ගැහැණු හෝ පිරිමි දැන දැන නිරුවත් වෙන්නේ අවස්ථා කීපයකදී විතරයි... තමන්ගේ ස්වාමි පුරුෂයා හෝ භාර්යාව ඉදිරියේ.... එහෙමත් නැත්නම් වෛද්‍යවරයක් ඉදිරියේ..... අවසානයේ දී එම්බාම් කරන මනුස්සයා ඉදිරියේ... මේ වගේ බොහොම සීමිත අවස්ථා වලදී ඇරෙන්න අපි නිරැවත් වෙන්න කැමැති නැහැ... ඒ අපි තුල තියෙන්නාවු ලැජ්ජාවත්.... අපේ හැදුන පරිසරයත්.... අපේ තියන වටපිටාවත් පදනම් කරගෙන.... ඒ තරමට නිරුවත අපිට ආගන්තුකයි.... විශේෂයෙන් ගැහැණියක් පිරිමියෙක් ඉදිරියේ නිරැවත් වීම.....

නමුත් බොහොමයක් බටහිර රටවල් වල නිරුවත කියන්නේ  මහා දෙයක් නෙමෙයි..... සමහර රටවල් තියනවා නිරැවත් මුහුදු වෙරළ.. නිරුවත් සංචාරක කළාප.... නිරැවත් සාද.... නිරුවත් සමාජ ශාලා වගේම නිරුවත් ගුවන් සේවා පවා තියනවා.... බොහෝ විට මේ වගේ විශේෂිත අවශ්‍යතා ඇතිවෙ‍න්න බොහෝ විට ඒ ඒ රටවල් වල දේශගුණික තත්වයන් බලපානවා වෙන්න පුලුවන්.... බොහොමයක් බටහිර රටවල් අවුරුද්දේ මාස කීපයක් අධික ශීතල... ඒ කාලේ හැම දෙනෙක්ම අඳින්නේ පළඳින්නේ ඒ දේශගුණයට ගැලපෙන විදියට.... ඉස්මුදුනේ ඉඳලා යටිපතුල  වෙනකම්ම ආවරණය කරලා....  ඒ වගේ තත්වයකදී ඔවුන් හොඳින් ඉර එළිය වැටෙන කාලයට ඇඳුම්අඳින්නේ අඩුවෙන්...ඒ රටවල ඒ ආකාරයේ විලාසිතා එළියට එනවා..... ඒ ඔවුන්ගේ ශරීරයට අවශ්‍ය කරන හිරැ එළිය ලබාගන්න... ඒතනදි බොහෝ දෙනෙක් අඳින්නේ ඒ හා සමාන ඇඳුම් පැලඳුම්..වැඩි දෙනෙක් ඒක වගේ ශරීරය නිරාවරණය කරගෙන යන නිසා ඒක අනෙක් අයටත් එහි ‍අමුත්තක් නැහැ.

අපේ රට තාම ඒ තත්වයේ නැහැ.... අපි ජීවත්වෙන රාමුවක් තියනවා... අපි බැඳිලා තියෙන්නේ අපේ පරිසරයත් එක්ක.... බොහෝ විට අපි ජීවත්වෙන පරිසරයෙන්, රාමුවෙන් වෙනම අපිට ජීවත් වෙන්න බැහැ....අපේ රටේ දී අපිට බැහැ බටහිරින් එන හැම විලාසිතාවක්ම අත්හදා බලන්න... මොකද අපි ජීවත් වෙන සමාජය නිසා... අද කෙල්ලෙක් කොටට ඇඳුමක් ඇඳලා යන කොට කීදෙනක් ඒ දිහා හැරිලා බලනවද.... කර පලල හැට්ටයක් ඇඳගෙන බස් එකක යනකොට උඩින් බලන කී‍ දෙනෙක් ඉන්නවාද ? පන්තියක..... කාර්යාලෙක... එහෙමත් නැත්නම් පංසලක, පල්ලියක බෝක්කුවක් දැක්කොත් (මේ කියන්නේ අර හවසට වාඩි වෙලා ඉන්න ඒවා නෙමෙයි) ඒ දිහා නොබලන්නේ කීයෙන් කීදෙනාද ? බලලා නිකම් ඉන්නවද ?...පට්ට කෑල්ල... මරු ගල් දෙක.... මරු ගෙඩි දෙක.... කියලා හිතින් විඳින්නේ නැද්ද ?..... අපි ඉන්නේ මේ වගේ සමාජෙක... මේක තමයි අපේ පරිසරය... මොකද අපි කුඩා කාලේ ඉඳලම දැක්කේ නිරුවත මහා වරදක් විදියට.... ඇත්තමට ඒක වදරක්ද ?

දැන් කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් කෙල්ලෙක් මොන විදියේ ඇඳුමක් ඇන්දත් මොකද ?, ඒ දිහා වනචර විදියට නොබලා හිටියානම් ඉවරයිනේ කියලා..... එහෙමත් නැත්නම් ඇයි මේ මිනිස්සුන්ට තමුන්ගේ සහෝදරිය, මව දිහා බලන ඇහින් වෙනත් සහෝදරියෙක් දිහා බලන්න බැරි ?....

එහෙම දෙයක් බලාපො‍රොත්තු වෙන්න බැහැ.. මොකද රහත්වෙච්ච වත්... ආසාවන් දමනය කරපු හෝ එහෙම නැත්නම් ඉටි පන්දම් හඳුන්කූරැ කන මිනිස්සු නෙමෙයි නේ අපේ සමාජේ ඉන්නේ... ඒක නිසා අපිට මුලු මහත් සමාජයක් හදන්න බැහැ... අපි දැනගන්න ඔනේ අපි කොහොමද තැනට අදාලව තමන්ගේ ඇඳුම් පැලඳුම් තෝරගන්නේ කියලා... පන්සලට අඳින්න ඕන ඇඳුම... පල්ලියට අඳින්න ඕන ඇඳුම වගේම සාමාන්‍ය ගමනක බිමනකදී අඳින්න ඕන පිළිවෙලත්..... උත්සවයට සහභාගීවීමේදී අපි යන්න ඕ‍නේ කොහොමද කියලත් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ... එහෙම නැත්නම් දෙමව්පියන්ට වැඩිහිටියන්ට වගකීමක් තියනවා තමන්ගේ දරැවන් විශේෂයෙන්ම දියණිය අඳින ඇඳුම් පැලඳුම් ගාන අවධානය යොමුකරන්න....

අද අපේ රටේ වෙන දේවල් හැටියට මව.. සහෝදරිය නෙමෙයි... තමන්ගෙ ලෙයින් උපන් පිරිමි දරැවන්ව පවා ලිංගික අපයෝජනයට ලක්කරන, ලොකු හාමුදුරැවෝ ඇබිත්තියාගේ පුක පලන, තාත්තා කමන්ගෙ දියණියව දුෂණය කරන, අම්මා තමන්ගෙ දුවව තමන්ගේ හොර මිනිහට දෙන මේ රටේ පාරේ දකින දකින කෙල්ලෝ තමන්ගේ සහෝදරියෙක් හෝ දුවෙක් කියලා හිතන එක බලාපොරොත්තු වෙන්නවත් බැහැ....එහෙම වෙනවා නම් අද ගබ්සාව නීති කිරීම සඳහා නිති රීති සම්පාදනය නොකර කාන්තාවන් දුෂණයට ලක්වීම නවත්වන්න තිබුනා...

ඒ වගේම තමයි අද තියන ෆේස් බුක් වගේ සමාජ ජාලාවල මේ වගේ සිද්ධීන් ගැන නිතර අහන්න දකින්න ලැබෙනවා... තමන්ට ලැබුන පහත් පණිවිඩයක් ගැන.... එහෙමත් නැත්නම් චැට් බොක්ස් එකට ලැබුන අනවශ්‍ය යෝජනාවක් ගැන.... එහෙමත් නැත්නම් තමන්ගේ පිංතූරයක් බද්ධ කරලා අන්තර්ජාලයට මුදා හැරීමක් ගැන... මෙවැනි විවිධාකාර දේ අපිට අහන්න දකින්න ලැබෙනවා.....සමහර ගැහැණු ළමයින් තමන්ගේ පවුලේ අයත් එක්ක බෙදාගන්න ඕන පිංතූර මුලු අන්තර්ජාලයත් එක්කම බෙදාගන්නවා.... එහෙම වෙන්න එක් හේතුවක් තමයි අපි එළියට දෙන අපේ ප්‍රතිරූපය....බොහෝ දෙනෙක් ඒක තීරණය කරන්නේ අපේ බාහිර ස්වරූපය අනුව...ඉතා සරළවම කිව්වොත් 

"අපි දෙන්න වගේ හිටියොත් වටේ ඉන්න උන් බලන්නේම ගන්න තමයි....."

Wednesday, February 22, 2012

වනචරයා....... නොහොත් ඔහු......


ඇය ශානි.... කොළඹ ක්‍රමයේ යුවතියක්..... සුන්දර රෑ සපුවක් ඈ සතුයි......ඇයි එඩිතරයි..... මුකරි කටක් තිබුනා.... ඕනෑම අවස්ථාවක අසාධාරණය වෙනුවෙන් කථා කරන්න, නැගී සිටින්න ඇය මැළි උනේ නැහැ...

තදාසන්න නගරයක මාර්ගයක්.... සෙනග පිරුණු බස් රථයකි..... කාර්යාල වැඩ අහවර කරපු ශානිත් බොහොම අමාරුවෙන්  බස්රථයට ගොඩ උනා...... කාර්යාල අවසන් වෙලාව නිසා බස් රථය පිරෙන්න සෙනග... ශානිගේ වාසනාවට ඇයි ආසනයක් ලැබුනා... බස් රථයේ මැද ආසනයක්....ඒත් නිතරම වීදුරැවෙන් අවට පරිසරය දෙස බලාගෙන යන ශානිට එය හිතට මදි කමක් උනත් ඇයි එයින් සෑහුනා....

බස් රථය ගමන ආරම්භ කලා..... බසය හැල්මේ දුවනවා.... ටික දුරක් යන විට අසල උන් තරුණයා අනවශ්‍ය ආකාරයට තමන් ගේ පැත්තට බර වෙනවා කියලා ආයට තේරුනා..... ඇය තමන්ගේ ආසනයේ පැත්තකට වෙන්න උත්සහා කලත් අසල වාඩීවෙලා හිටපු තරබාරැ කාන්තාව නිසා ඇයට එහෙම කරන්න පුලුවන් උනේ නැහැ.....බසය තිරිංග තද කරන... වංගුවක් පසු කරන අවස්ථාවේදිත් අර තරුණයා ගමන්ගේ පැත්තට බර වෙන බව ශානිට තේරුණා..... සෙනග පිරුණු බස් රථය නිසාවෙන් ශානි ඉවසගෙන හිටියා.....

එන්න එන්නම බසයේ තද බදය වැඩි වෙනවා..... අර තරැණයා එහාට මෙහාට ඇඹරෙනවා.... ඔහු තමන්ගේ අත් දෙකින්ම බස් රධයේ ආධාරකය අල්ලගෙන ඉන්න උත්සහා කරනවා වගේ පෙන්නමින් ශානි දෙසට බරවෙනවා කියලා ශානිට හිතුනා.... පිට කල නොහැකි කේන්තියෙන් ශානි බස් රථයේ වීරුදුවෙන් ඉවත බලාගෙන හිටියේ වෙන කල හැකි දෙයක් නොමැති නිසා.....

ඒ අතර ශානිට තේරුනා ඒ තරුණයා තමන්ගේ කකුල පාගනවා.... ඇය කෙළින්ම ඔහුගේ මුහුන දිහා බැලුවා... ඔහු බොහොම අසරණ බැල්මකින් ශානි දිහා බැලුවා.... ශානි ගේ ගිණි ගන්න ඇස්දෙකින් ශානි ඔහුට රැව්වා... ඔහු ඉවත බලාගත්තා...... තව විනාඩි කීපයකින් ඔහු නැවතත් කකුල පෑගුවා.... එවර ශානි ගේ ඉවසීමේ සීමාව පැන්නා....

“වනචරයා“..... වචනේ පිට වෙනවත් එක්කම ශානි ගේ දකුණු අත නතර උනේ අර තරැණයාගේ දකුණු කම්මුලේ...

"තොපි වගේ උනි නිසා තමයි ගෑණියෙක්ට බස් එකක වත් යන්න බැරි.... තමුසෙට මදනයා ගහලා නම් වෙන එකෙක් හොයා ගන්නවා..... මගේ කකුල පාගන්නේ නැතිව..... "

වටේ පිටේ හිටපු අනිත් මගීනුත් මේකට හවුල් උනා.....

"මහ උජාරැවට ඇදගෙන වනචර කම් කරන්න එනවා..... මුන් වගේ උන්ට ඔහොම තමයි කරන්න ඕනේ...."

අර තරුණයාගේ අස් දෙකේ කදුළු එළියට පනින්න ඔන්න මෙන්න....මුන රතු වෙලා ලැජ්ජාවටයි වැදුනු කම්මුල් පාරටයි.... ඔහු බිම බලාගෙන අවලාද අහගෙන හිටියා....

ඔහු ශානි දිහා බලාගෙන හිටියා... ඒ ඇස්දෙකේ හැඟීම ශානිට කියවන්න බැරි උනා.....
  
ඔහු නිහිඬව දරාගන හිටියා..... කලින් වගේම ආධාරකයේ ආධාරයෙන්....

බස් රථය ගමනාන්තය කරා ලංවෙනවා....

ඔහු බහින්න සුදානම් වෙලා ශානි දෙසට නැඹුරු උනා....

"මට සමාවෙන්න නංගී....."

"ඇත්ත කකුලට රිදුනා කියලා බොරු කකුලට දැනුනේ නැහැ...."

එහෙම කියලා ඔහු දොර දෙසට අපහසුවෙන් ඇවිද ගෙන ගියා....

අධිෂ්ඨානයෙන්... අභීතව..... අරමුණ කරා....

ඔහු පිටේ එල්ලගෙන හිටිය ගමන් මල්ලේ සටහන් වෙලා තිබුනා ශානි දැක්කා....

Monday, February 20, 2012

නිදියහනේ.... නැහැ සහනේ........


අපි බොහෝ දෙනෙක් ආදරේට ආදරෙයි.... ආදරේ ලබන්න... වගේම ආදරේ කරන්න... බොහෝ දෙනෙක් තමන් ගේ පෙම්වතිය පෙම්වතා තෝරගත්තට පස්සේ ඔහු හෝ ඇය එක්ක අනාගතය සැලසුම් කරනවා... විවාහය... ජිවිතේ ඉදිරිය කොහොමද ගතකරන්නේ.... අනාගතය සැලසුම් කරන්නේ කොහොමද... ඔන්න ඔය වගේ දේවල්... 

මේ බොහෝ දේ කරලා.... අවුරුදු ගානක් ආශ්‍රය කරලා විවාහ උනාට පස්සේ ටික කාලෙකදි පවුලේ විවිධ ප්‍රශ්ණ ඇතිවෙනවා... දෙන්නට දෙන්නගේ තියන නොගැලපීම්, අනවබෝධය දේවල ටික් ටික එළියට එන්න පටන් ගන්නවා... ආදරය කරන කාලේ කුරැළු ජෝඩුවක් වගේ හිටපු අය නයා සහ මුගටියා චරිතය රඟපාන්න පටන් ගන්නවා.... ස්වාමියාට භාර්යාව රුස්සන්නේ නැහැ... භාර්යාවට ස්වාමියාව රුස්සන්නේ නැහැ... ආදරය කරන කාලේ පුංචි පුංචි දේ ඉවසලා.. සමාව දෙන..... ඒවා අමතක කරලා දාලා හිටපු දෙන්නා විවාහ උනාට පස්සේ දෙන්නට දෙන්නගේ වැරදි අඩුපාඩු මතුකරනවා. ඒවා විවේඡනය කරනවා.. සමහර වෙලාවට ප්‍රසිද්ධියේ.... ඒක්කෝ දෙමව්පියෝ එක්ක... යාලුවෝ එක්ක... බිරිඳ ගේ සැමියගේ වැරදි කියනවා.... ඔවුන්ගෙන් උත්තර හොයනවා... 

මේ වගේ අවස්ථාවක දී ඊලඟ අදියර වෙන්නේ දෙදෙනා අතර ඇතිවෙන සැකය... බිරිඳ මේකට බොහෝ විට මුල් වෙනවා... "තමුසේ මට ආදරේ නැත්තේ තමුසෙට ආදරේ කරන්න වෙන එකියක් ඉන්නවා ඇති"...... මේ වගේ අදහසක් නිතරම හිතේ තියාගෙන කටයුතු කරනවා... බිරිඳ කෙලින්ම මො චෝදනාව කරනවා... බොහෝ විට යම් බහින්බස් වීමක අවසාන තුරැම්පුව විදියට බිරිඳ පාවිච්චි කරන්නේ මේ ආයුධය...

සැමියත් එහෙමයි.... බිරිඳගේ නොරිස්සුමට හේතුව "මම වැඩට ගියාම මේකි වෙන එකෙක් එක්ක මගුනල් නටන" හින්දා වෙන්න ඇති කියන සැකය ඇති කරගන්නවා...මේ වැඩේ දිගින් දිගටම පවත්වාගෙන යාම තුලින් පවුල් ජීවිතය නීරස වෙනවා පමනක් නෙමෙයි, දැඩි මානසික පීඩනයත් ආතතියත් හේතුවෙන් ඔහු හෝ ඇයි අවට පරිසරයට ඒ පිඩනය මුදා හරිනවා... සමීපතමයින් පීඩාවට පත්වෙනවා....

ප්‍රේමවන්තයින් විදියට ඉන්න ලද හැම අවස්ථාවක සිපගන්න.... තුරුල් කරගන්න වගේම එතනින් එහාට යන්නත් බලාගෙන ඉන්න අය විවාහ උනාට පස්සෙ නිදියහනට යන්නෙත් සාලාක ක්‍රමයට.... "ඔයා නිදාගන්න මම එන්නම්"... ලිංගික ජීවිතය උදාසීන වෙලා.... මේ ගැන මීට පෙරත් නොබැඳපු උන්‍ දන්නේ නැති.. බැඳපු උන් කියන්නේ නැති කථාවක්...තුලිනුත් මම පෙන්නලා දුන්නා...

බොහෝ විවාහ උන පිරිමින්ට තමන්ගේ බිරිඳ හැර තමන්ගේ වටේ ඉන්න කාන්තාවන් ලස්සනට, හැඩට පේනවා.. වාහනයක... එහෙමත් නැත්නම් පොදු ප්‍රවාහන සේවයක වැඩට පිරිමියෙක් තමන් දකින කාන්තාවන් කීදෙනක් එක්ක හිතින් සංසර්ගයේ යෙදෙනවද ? ෂික්...  මේක මට ලැබුනේ නැහැනේ කියලා කනගාටු වෙනවද.....අපරාදේ නොබැඳ හිටියා නම් කියලා කීපාරක් හිතනවද ? නමුත් පිරිමියා මේ සිතුවිළි හිතේ හිර කරගෙන ඉන්නවා... ප්‍රකාශ කරන්නේ නැහැ....

ඒ වගේම තමයි බොහෝ කාන්තාවන්... තමන්ගෙ පිරිමියා ඇරෙන්න ලොකේ ඉන්න හැම පිරිමියාම ඇයට හොඳයි... තමන්ගේ පවුලට ආදරෙයි... භාර්යාවට ආදරෙයි.... බොහෝ විට කාන්තාවන් මේ බව ප්‍රකාශ කරනවා.... "බලනවා අර අහවලාගේ හස්බන්ඩ් එයාට කොයිතරම් ආදරේද ?" ..... "බලන්න අනේ අපේ මිනිහා....... ඊයේ රෑ 12 ත් පහු වෙලා ගෙදර එනකොට"...... මේ වගේ බොහෝ චෝදනා කාන්තාව එළියට ප්‍රකාශ කරනවා..... 

මේ වගේ බොහෝ නොගැලපීම්.... චෝදනා.....හිත්තැවුල්... නොරිස්සුම්.. ආදී මෙකී නොකී දේ තුල විවාහ ජීවිතය අඩාල වෙනවා.....

ඒත් ආයි මෙහෙම වෙන්නේ ..... පෙම්වතුන් විදියට දවසක් දෙකක් එකිනෙකා නොදැක ඉන්න බැරිව.... කට හඬ අහන්න බැරිව හිටපු පම්වතුන්.... මෙහෙම වෙනස් වෙන්නේ ඇයි..... මේ ගැන හිතන්න ඔබට බාර කරනවා..

මේ ප්‍රශ්ණ කියල අහන්න හිතුනා.... ඔබ විවාහක ස්වාමියෙක් හෝ භාර්යාවක් නම්..... ඔබ පෙම්වතෙක් හෝ පෙම්වතියක් නම් ඔබට අවංකව මේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න....

1. ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම පාට කුමක්ද ?
2. ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම පාට ‍කුමක්ද ?
3. ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම මල ‍කුමක්ද ?
4. ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම මල ‍කුමක්ද ?
5. ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම ගීතය ‍කුමක්ද ?
6. ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම ගීතය ‍කුමක්ද ? 
7. ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම කෑම ‍කුමක්ද ? 
8. ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම කෑම ‍කුමක්ද ? 
9. ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම බීම ‍කුමක්ද ? 
10. ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම බීම ‍කුමක්ද ? 
11. ඔබේ සහකාරයා හෝ සහකාරිය අහනන් කැමතිම චවනය කුමක්ද ? 
12.ඔබේ‍ සහකාරයා හෝ සහකාරිය අහන්න අකැමතිම වචනය කුමක්ද ?
13. ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම චිත්‍රපටය ‍කුමක්ද ?  
14. ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම චිත්‍රපටය ‍කුමක්ද ? 
15. ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම පලාත ‍කුමක්ද ? 
16. ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම පලාත ‍කුමක්ද ? 
17. ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම ඇඳුම ‍කුමක්ද ? 
18.ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම ඇඳුම ‍කුමක්ද ?
19.ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම සංසර්ග ඉරියව්ව ‍කුමක්ද ?  
20.ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම සංසර්ග ඉරියව්ව කුමක්ද ?

ඔබ ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමති දේ පිළිබඳව කොයි තරම් දැනුවත්ද ?..... 100 %  නම් ‍ඔබ ‍හොඳ සහකාරයෙක් හෝ සහකාරියක්....
ඔබ ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමති දේ පිළිබඳව කොයි තරම් දැනුවත්ද ?..... 100 % නම් ඔබ ‍ඉතා හොඳ සහකාරයෙක් හෝ සහකාරියක්....



"කැමතිම දේ දැනගැනීමට වඩා අකමැතිම දේ ඈත් කිරීම තුලින් ආදරයට බොහෝ බලපෑම් කල හැකි බව තරයේ මතක තබා ගන්න......"

-මතු සම්බන්ධයි- 

(ඇනෝ ඇතුලු සියලු අදහස් සංවාදයට හේතුකාරණා වේ)

Saturday, February 18, 2012

ආශ්චර්ය සලාකය..... (රෙද්ද..)



සර්...

මොකද තමුසේ මුදු යන්නද ?

නෑ සර්..... සලාකේ ගන්න ආවේ...


මොන සලාකේද මනුස්සයෝ..


සර්.. තෙල් සලාකේ සර්...


හ්ම්.. .මේ ෆෝම් කොලේ පුරෝගෙන අරගෙන එනවා...


මම කොහොමෙයි මේක පුරවන්නේ... මම අකුරු දන්නේ නැහැනේ සර්..


එහෙමද ?.... 10 ක්දෙනවා... මම පුරවලා දෙන්නම්....


නම.... ඇන්ටා.....


ඇන්ටා.... සම්පුර්ණ නම කියනවා අයිසේ....


ඇන්ටනී සිල්වා.....


මුලකුරු.....


ඒ කීවේ....


නමේ මුලකුරු මනුස්සයෝ.....


ඇම්. පී....
මොකක්ද ඇම් පී කියන්නේ....
මල්මුතු පේඩිලාගේ....


තවත් බොහෝ විස්තර අසයි.....


පවුලේ කීදෙනෙක්ද ?


පවුලේ විස්තර මොනවටැයි සර්...
උන් මුදු යන්නේ නැහැනේ..


තමුසෙට ඒ පණ්ඩිතකම් වැඩක් නැහැ...
කියනවද නැද්ද ?
මට වැඩ තියනවා....


දරැවෝ පස් දෙනයි සර්...


නම් මොනවද


අන්තොනි.... ක්‍රිස්ටිනා.... අතර්.... අල්පොන්සෝ...
බාල එකි.... සැන්ඩ්‍රා සර්...
උපන් දින....
එව්වා මතක නැහැ සර්....


තමුසෙද තාත්තා...
ඔව් සර්....


මරු තාත්තෙක් නේ ඕයි....
ළමයින්ගේ ඉපදිච්ච දවස් මතක නැද්ද....


ඔය පස්දෙනාම ඉපදෙන කොට මම හිටියේ මුදේනේ සර්...
බාල එකීව දැක්කේ මාස තුනකුත් පස්සෙන් පහු....
මුදේ අතරම වෙලා ඉන්දියාවේ හිරෙත් ඉඳලා අවේ සර්...


එව්වා වැඩක් නැහැ....


මේක අරගෙන ගිහින් අර මිසීට දෙනවා...


මිසී... තෙල් සළාකේ ගන්න.....


හ්ම්.. දෙන්න බලන්න..


කෝ මේකේ විසිතර අඩුයි නේ.....
මේක හරියන්නේ නැහැ...අරගෙන ගිහින් හරියට පුරවගෙන එන්න.
අනේ මිසි... අද  මුදු යන්නේ නැතිව ආවේ....
අදත් දවසේ ගාන පාඩුයි...


ඒවාට අපිට කරන්න දෙයක් නැහැ...
මේවා ආණ්ඩුවේ රාජකාරී....
කෝ ලියාපදිංචිය....


ඒ මොකක් ද මිසී ඒ..


කෝ ධීවර ලියාපදිංචිය...


එහෙම එකක් නැහැ නේ මිසී..


එහෙනම් අළුතින් ලියාපදිංචි වෙන්න වෙයි...
මෙන්න මේ ෆොම් එක පුරවගෙන එන්න...


සර්.... .තව කොළයක් තියනවා පුරෝගෙන එන්න කිව්වා අර මිසී...


කෝ දෙනවා තව දහයක්...


හ්ම්.... කෝ තමුසෙගේ විස්තර...
බෝට්ටු වේ අංකේ.....


එව්වා නම් දන්නේ නැහැ සර්....


අර රේඩියෝ එකේ කිව්වා නේ.. මුදු රස්සාව කරන අයට තෙල් සහනාධාරේ දෙනවා කියලා..
ඒකනේ ගන්න ආවේ...


ඒහෙම කියන කියනා හැම එකාටම තෙල් සහනාධාරේ දේන්න මේවා තමුසෙගේ අම්මගේ අප්පාගේ බුදලේ කියලා හිතුවද ?
තරහාගන්න කාරි නැහැ සර්...


හ්ම්.. හ්ම්... මේකට සී සී මහත්තයාට කීයක් හරි දෙන්න වෙයි...
දෙනවා දෙසීයක්...
මම මහත්තයාට කියලා මේක පාස් කරලා දෙන්නම්....


ආ.. සර්....


ඉන්නවා ඔහොම.....


වෙලා යයිද සර්....


තමුසේ හිතුවද තමුසේ විතරයි මෙතන ඉන්නේ කියලා...


මම තේකක් බීලා එන්නම එහෙනම්....


හා හා.. ගිහින් එනවා....


පැයි කීපයකට පසු.....


සර් මගේ වැඩේ....


ඉන්නවා අයිසේ...


සීසී මහත්තයා... කෑමට ගිහික් තාම ආවේ නැහැ...


දැන් 11 යි නේ සර්...


ඔව් ඔයි.... මම මොනවා කරන්නද ?
ඒ මනුස්සයා උදේ කෑමට එළියට ගිය ගමන් තාම ඇවිත් නැහැ.....
කොච්චර වෙලා යයිද ?.....
කියන්න බෑ ඕයි.. තමුසේ හිතුවද මේක මාළු බානවා වගේ කියලා....


ඔහු කාර්යාලයෙන් එළියට ගියා...


පස්සේ ඒ මනුස්සාව දකින්න ලැබුනේ නැහැ.....


ඒත් ඈතින් ඇහුනා..... සද්දෙට මම පාර දිහා බැලුවා......


අඩෝ.. තියාගනින් තොගේ සලාකේ....
හු..... ගේ පුතාලා..... තියාගනිල්ලා තොගේ ලබ්බ......
රුපියල් තුන්සීයක් දෙන්න දෙසිය විස්සක් ගත්ත හැත්ත...
වරෙව්කෝ ඊලඟ ඉලැකේසොන් එකට..
කෙළවලා ගන්න.....


ආශ්චරිය රෙද්ද...
මෙන්න අශ්චරිය.....


ඔහු සරම උස්සලා පෙන්නුවා......

Thursday, February 16, 2012

ඹබ එනවා නම්.. හීනයක් වෙලාවත්.....



ආ... මහත්තයා බොමු ප්ලෙන්ට්යක්....

ඔහු මෙතෙක් බිමට බර වෙලා තිබුන මුණ උඩ ඔසවලා මගේ අතේ තිබුන අසෝක වීදුරැව අතට ගත්තා.

මීට අවුරුදු 17 කට පෙර මුල් වරට මට ඔහුව හමුවෙනකොට තිබුන තාරැණ්‍ය ඔහුගෙන් ඈත් වෙලා... දුර්වරණ වෙච්ච දත් පෙලත්... කළුපැහැ ගැන්වුන තොල් දෙකෙත්... බර වෙච්ච ඇස් දෙකත් ඔහුගේ වියපත් බව කියාපානවා...

හැම අවුරුද්දකම ඔහු අද වගේ දවසක මෙතනට එනවා.... හැමදාමත් වගේ මා එක්ක දොඩමළු වෙනවා...

 මේ කනත්තේ මගේ අවුරුදු 35 හේ සේවාකාලය තුල හමුවුන අපුරුම පුද්ගලයා ඔහු.... බොහොම සංවේදීම පුද්ගලයා..

හැම දාම වගේ ඔහුගේ ජීවිත කථාව මා ඉදිරියේ දිග හරිනවා..

වෘත්තියෙන් විධායක නිළධාරියෙක්....

ඇයි මහත්තයා දැන්වත් මේ වැඩේ අතඇරලා දාන්න බැරිද ?

බැහැ සිරිදාස අයියා... කවදාහරි එයා එනවා.....

ඉතිං මහත්තයා හොයලා බලන්න තිබුනානේ...

එහෙම උනොත් එයාට කරදරයක්... එයා හොඳින් ඉන්නවා නම්... හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා නම්... එකට බාධාවක් වෙනවා...

එහෙනම් ඇයි මේ තරම් බලාගෙන ඉන්නේ.... ඇයි මේ තරැණ ජීවීතේ විහින් නාස්ති කරගන්නේ...

ජීවිතේ..... කෝ සිරිදාස අයියා ජීවීතේ... කොහේද තියෙන්නේ....මම ජිවීතේ සැළසුම් කලේ එයත් එක්ක... හීන මැව්වේ එකත් එක්ක... ඒ හැම දෙයක්ම ද්වීපාර්ශවීය හීන.... කොහොමද මට විතරක් ජීවිතය ගැන හිතන්නේ...

ඔය මහාප්‍රාණ මට තේරෙන්නේ නැහැ මහත්තයා.... ඒත් මහත්තයා හොඳ පපුවක් තියන.. හොඳ මොලයක් තියන මනුස්සයෙක්... ඇයි මේ විහින් නාස්තිවෙන්න හදන්නේ....

එයාට මම පොරොන්දුවක් උනා... හරියටම මෙන්න මෙතනදි....

එදා අපි මිල්ටන් ගේ ස්මාරකේ තියන සිංදු කියව කියවා හිටියේ.....

“කෙසේ කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියලා.... මගේ මුවින් මම ලොවට කියා ඇත... ඔබ ගුනවත් කියලා..“

මට ඔයාව දාලා යන්න උනොත් ඔයත් මෙහෙම කියනවද ?

ඔයා මාව දාලා යන්නේ නැහැ නේ....?

නැහැ මම කියන්නේ ..... නිකමට හරි... එහෙම උනොත්....

ඔයාට බැහැ මාව දාලා යන්න....

මේ ලෝකේ අපිට ඕන දේම විතරක් වෙනවා නම් මේ ලෝකේ කොයි තරම්     සුන්දර ද ?

මම අහන්නේ එහෙම දෙයක් උනොත් ඔයා මට වෛරකරනවද ?

නැහැ... කවදාවත්ම නැහැ....

මම හැමදාමත් ඔයා එනකම් බලාගෙන ඉන්නවා... නැවතුන තැනම ඉඳගෙන....

එහෙම උනොත් ඔයා සතුටින් ඉන්න..... මම තරහා නැහැ.... ඒත් කවදා හරි දවසක ඔයා තනි උනොත්...  ඔයාට කරදරයක් උනොත්..... ඔයා එන්න.....

ඒත් එදාට... මට ඔයාව හොයාගන්න බැරි උනොත්...

ලෝකේ කොහේ හිටියත් මම අද වගේ දවසට මෙතනට එන්නම්... අන්න එදාට ඔයා මෙතන හිටියොත්.....
එදාටත් අපි අද වගේම මිල්ටන්ගේ සිංදු කියමු....

ඔය ඇත්තම ද ?

සත්තයි..... මම ඉන්නවා.... ඔයා එන්න....

මම මගේ පොරොන්දුව කරනවා සිරිදාස අයියා.....
එයා එන්නේ නැහැ කියලා කියන්නේ ඔයා හොඳින් කියන එක.... ඒක මගේ හිතට සතුටක්... ඒත් මට එයාව අමතක කරන්න බැහැ... එයා මගේ ජීවිතේ..... ඒ තරමට මම එයාට බැඳිලා.....

බීලා ඉවර උන සිගරට් කොට ගොඩ උඩට තවත් සිගරට්ටුවක් එකතු කරලා.. අලුත් ඒකක් මුවේ රඳවා ගත්ත ඔහු දිග සුසුමක් හෙළුවා.....

ඔහු ගේ මේ කථාව මට හොඳට හුරුයි..... පහුගිය අවුරුදු 17 පුරාවටම ඔහු මා එක්ක මේ කථාව කියලා තියනවා.... ඒ කථාව අහපු එකම කෙනාත් මම....

හවස පිච්චෙන්න දාපු මෘත ශරීරයෙන් නැගෙන හීන වීගෙන යන දුමාරයත් එක්ක බටහිර අහස කළු කරගෙන එනවා....

යන්නම් සිරිදාස අයියේ......

මහත්තයා හිත හදාගන්න.... ලබන අවුරුද්දේ දකින්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

කොහොමත් කවදාහරි දවසක අන්තිමට එන්න වෙන්නේ සිරිදාස අයියා ලඟට තමයි....

යන්නම්.....

පාළු මාවත දිගේ ඔහු හීන වී ගෙන ගියා... 
අනිවාර්යෙන්ම ඊලඟ අවුරුද්දෙත් ඔහු ඒවි......

Tuesday, February 14, 2012

වැලන්ටයින් "ප්‍රීති" ය......


මහ දවල් කාමරේ..
මුසලයි අඬ අඳුර...
දුඹුරු පැහැ තිර රෙද්ද...
හීනි නියෝන් එළිය..
නහය කඩාගෙන යන..
පුළුටු ඟඳ ඇඳ පුරාම..
සීතල හාදු...
උණුසුම් තෙරපුම්..
දිගු සුසුම්...
කෙටි සුසුම්...
හීන් කෙඳිරිළි...
කරස්.. කරස්... සද්දෙන්..
මහ හයියෙන් කෑගහලා..
නිහඬ උනා ඇඳ.....
"චකොස්" හඬින්...
වැටුනා..
කොපුවේ හිරවුනු..
වැලන්ටයින්..
කුණු බක්කියට...

Saturday, February 11, 2012

බිත්තරයක් සහ තවත් වාර්ථාවක්....





එක්තරා රටක ජනතාවට ලොකු ප්‍රශ්ණයක් උනා කුකුලන්ගෙන්.. (නෑ නෑ... කුරැළු උණ නෙමෙයි).. මොකක්ද කියනවා නම් බිත්තර වල තැවරිලා තියන කුකුලන්ගේ (ඇත්තමට කිකිලියන්ගේ) මලපහ නිසා බිත්තර ආහාරයට ගන්න ජනතාව ලෙඩ වෙන්නත්... විවිධ ශාරීරික අපහසුතා ඇති‍ වෙන්නත් පටන් ගත්තා..  මේක ඒ රටේ රජයට ලොකුම ලොකු ප්‍රශ්ණයක් උනේ ඒ රටේ ජනතාවට වෙන කිසිම ප්‍රශ්ණයක් නොතිබුන නිසා... ඒ නිසා මේ සම්බන්ධයෙන් ක්ෂණික පියවරක් ගන්න කියලා ඒ රටේ ජනාධිපතිතුමා කුකුල්ලු බාර ඇමතිවරයාට නියෝගයක් නිකුත් කලා.... මේ ඇමතිවරයාට නියෝගය ලැබුනාම ඔහු නැවතත් ජනාධිපතිතුමාට කථා කරලා කිව්වා මේ ප්‍රශ්ණේ වඩාත් සම්බන්ධ වෙන්නේ කිකිළියන්ට... ඒ නිසා කිකිළියෝ භාර ඇමතිවරියට මේක යොමුකරන්න කියලා... ඒ වෙලාවේ නම් ජනාධිපතිතුමාට මල පැන්නලු..

"දෙන්නාගෙන මොකා හරි මට කමක් නැහැ"... වහාම මේ ගැන හොයලා වාර්ථාවක් ලබාදෙන්න... කියලා.......නියෝගයක් දුන්නලු... ඒ විතරක් නෙමෙයි ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙසට මහා බාණ්ඩාගාරේටත් නියෝග කලාලු....

ටික දවසකින් වාර්ථාව මෙන්න මේ විදියට ජනාධිපතිවරයාට බාරදුන්නා....


බිත්තර පරිභෝජනය තුලින් ජනතාවට විය හැකි අනතුරැ අවම කරගැනීමේ උපාය මාර්ගික සැලැස්ම සහ සංක්ෂිප්ත වාර්ථාව


ක්‍රමවේදය 
කුකුළු මළ සහ අපද්‍රව්‍ය අඩංගු බිත්තර පරිභෝජනය තුලින් මහජනතාවට විවිධාකරයේ ගැටළු මතුවීම හේතුවෙන් ඒ පිළබඳව තත්ත්ව පරීක්ෂණයක් සිදුකිරීම සඳහා සිව්පුද්ගල කමිටුවක් පත්කල අතර ඒ සඳහා මහාචාර්යවරයෙක්, විශේෂඥණ වෛද්‍යයවරයෙක්, සනිපාරක්ෂක තුවා නිෂ්පාදකවරයෙක් සහ කුකුළු ගොවිපොල කළමණාකාරවයෙක් ඇතුලත් විය. මේ පිරිස පුරා මාසයක කාලයක් රට පුරා කුකුළු ලොවිපල 60 ක නියැධියක් ගෙන ඒ එක් එක් කුකුළු ගොවි පොලයන්හී පවතින තත්වයන්ද, කුකුළු කූඩුද පරීක්ෂා කර බලා ඒ ‍ඒ ගොවිපොලයන්හී පොදු කරැණු සැළකිල්ලට ගෙන මෙම වාර්ථාව සකස් කෙරිනි.

නිරීක්ෂණ
1. බොහෝ ගොවිපොල හී කුකුළු කූඩු නිසිපරිද නඩත්තු ‍නොවේ.
2. කිකිළියන් සහ කුකුලන් එකම කුඩුවක වෙසෙයි. 
3. කිකිළියන් බිත්තර දමන අතර කුකුලන් ඒ සඳහා සහායක් නොදක්වයි.
4. ගොවිපොල හිමිකරැවන් කුකුලන්ට සහ කිකිළියන්ට ආහාර සඳහා දෙනු ලබන්නේ සත්ව ආහාර පමනකි.
5. කුකුලන් හෝ කිකිළියන් මළපහ කරන විට කිසිදු සනීපාරක්ෂක කරැණු පිළි නොපදියි.
6. කුකුළු කුඩු වල පොලොව කිසිම ආකාරයක ආවරණයක් කර නොමැත.

පිරිවැය
- ගමන් වියදම්                  - රු. 165,000.00
- සංග්‍රහ වියදම්                 - රු   395,000.00
- ලිපි ද්‍රව්‍ය වියදම්             - රු     95,000.00
- වැටුප් සඳහා වියදම්       - රු    865,000.00
- මුද්‍රණ වියදම්                 - රු    123,500.00
- වෙනත් වියදම්              - රු      35,760.00
                   එකතුව        - රු 1,679,260.00

නිර්දේශ
1. කිකිළියන් සඳහා සනීපාරක්ෂක ක්‍රම හඳුන්වාදීම හා පුහුණුකිරීම.
2. බිත්තර දැමීම සඳහා අදාල ස්ථානයට යාම පෙර කකුල් සෝදා ගැනීම සඳහා වතුර පිරවු භාජන අදාල ස්ථාන  වල ස්ථාපනය කිරීම..
3. කුකුලන් සඳහා පාවහන් (මේස්) වර්ගයක් භාවිතා කිරීම.
4. කුකුළු කූඩු වල බිමට ටයිල් ඇල්ලීම.
5. බිත්තර ප්‍රවාහනය සඳහා  සුදානම් කිරීමට පෙර සේදීම සඳහා ගොවිපල හිමියන්ට අවශ්‍ය පහසුකම් සපයා දීම.
-----------------------------------------

ඉහත සියළු කරුණු කෙරෙහි අවධානය යොමුකල ජනාධිපතිවරයා ඒ සම්බන්ධියන් කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීම සඳහා නියෝගයනක් ලබාදුන් අතර අදාල වාර්ථාවද නිර්දේශයන්ද, සිව්පුද්ගල කමිටුවද එතුමාගේ මහත් ප්‍රශංසාවට ලක්විය..

Friday, February 10, 2012

අපුරු රස්සාව....


පිංතූර බලන්නයි...
ඒවා ‍ගැන කියන්නයි..
කථා බහ කරන්නයි..
කවි කථා ලියන්නයි..
අදහස් කියන්නයි..
බුකියේ පැය තුනයි
 බ්ලොගේ ලියන්න පැයයි..
බ්ලොග් හොය හොය බලන්න..
කියවන්න තව පැයයි...
යකෝ එහෙම්ම ම.. 
පැය පහක්..
රස්සාව පැය අටයි..
බොසා අනාතයි...

Thursday, February 9, 2012

මරා


මරා යනු මෑත යුගයේ ශ්‍රී ලංකාවේ බිහිවු විශිෂ්ඨතම දේශපාලකයාය.... ඒ ගැන මා තුල විවාදයක් නැත... විජය කුමාරණතුංගයන්ට වඩා වැඩියෙන් ජනතාව අතර ජනප්‍රිය, කිසිම දේශපාලණ දැක්මකින් තොරව ජනතාව ආදරය කරන චරිතය වුවා නම් ඒ මරා ය...ඒ තරමටම ඔහු ජනතාවට සමීපය.... මෑත යුගයේ ශ්‍රී ලංකාවේ බිහිවු දේශපාලකයින්ගෙන ආර්.ප්‍රේමදාසයන් හැරුනු කොට මරා තරම් ජනතාවට සමීප දේශපාලකයෙකු නොමැති තරම්ය... ඔහු ළමයි වඩා ගැනීමේ දක්ෂයෙකි.... මෑතකදී අනුරාධපුරයේ බසවක්කුලම වැව් තාවුල්ලේ ඇවිද යමින් මරා ජනතාවට තවත් සමීප විය... ජනතාව අතරට ගියේය..... මේ පලමු අවස්ථාව නොවේ... ඔහු නොදන්වා... හදිසියේ මෙවැනි විජ්ජා පෙන්වීමේ දක්ෂය.. තම ආරක්ෂකයිගේ අවවාද  පයිසයකට මායිම් නොකර කැඹිතිගොල්ලෑව බස් බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව බලන්නට ගියේය... ඔවුන්ගේ හිස අතගා වේදනාව සමනය කලේය.... කොටි සහමුලින්ම විනාශ කරන බවටද පොරොන්දු දුන්නේය... අවසානයේ ඔහු පොරොන්දුවු ආකාරයටම කොටියා විනාශ කලේය... කොටි කොඳු නාරටිද විනාශ කලේය....දැන් කොයිතරම් ඩයස්පෝරා කථා කීවද කොටින්ට නැවත නැගිටීමක් ගැන හිතන්නටද බැරිය... කොටි සංවිධානයේ මහ මොල එසේත් නැත්නම් අවියෙන් බලය පෙන්නූ බොහෝ දෙනා වලපල්ලට ගොස්ය...ඉතිරි කොටස ආණ්ඩුවත් සමගය...ඔවුන් නැවත කිසිදින අවියක් තියා ගිණිපෙට්ටියක් වත් අතට ගන්නේ නැත... ඒ තරමට ඔවුන් මරාට ආදරේය... මරා ගේ පරචිත්ත විඥාඥණ දේශපාලණය එසේය... 

තමන් වටේ සිටින්නන් පිළිබඳව නිරතුරැ අවධානයෙන් සිටියි... තමන්ට යම් අභියෝගයක් විය හැකි අයෙක් තමන් වසඟයට ගැනීමේ අපුරු දක්ෂතාවක මරා සතුය.... වසඟ නොවන්නා දමනය කිරී මට කිසිම අවස්ථාවක ඔහු පහු බට වන්නේ ද නැත. මැරවින් ගේ සිද්ධිය මිට හොදම උදාහරණයයි.. කාලයක් ඔහු මැරවින්ට ඇති තරම් නටන්නට ඉඩ දුන්නේය.... කුඩු නුවන් සමග ගොස් රූපවාහිනියට පහරදුන් අවස්ථාවේදී පවා ඔහු මර්වින් ආරක්ෂාකලේය...කොයි තරම් විනය පරික්ෂණ තිබ්බද ඔහු නිදහස් විය....භූමිකම්පාවකින් පසු ඇතිවන පසු කම්පන මෙන් ඒ සිද්ධියෙන් පසු ඇතිවු පරහරදීම්ද... දැලිපිහි පහරවල්ද....වෙඩි තැබීම්ද ඉදිරියේ නෑසු කන්ව සිටියේය.... ඕනෑම ගොන් මොට්ටයෙක්ට පේන පරිදි ඒ සිද්ධියේ දී විනය පරීක්ෂණයක් හෝ නොතබා මැරවින් වැරදිකරැ වීමේ හැකියාව තිබිනි.... පක්ෂයේ "විනය කතා" විනය පරීක්ෂණයක් පැවැත්වුනේය... තාවකාලික ඇමතිකම් අහිමි කිරීමකින් පසු නැවතත් මැරවින් තමනගේ සුපුරුදු ගොන්පාට් පටන් ගත්තේ  මරාගේ පුර්ණ ආශිර්වාදයෙනි... සාමාන්‍ය ජනතාව මෙවැනි වැරැද්දක් කලොත් ක්‍රියාත්මක වන නීතිය මැරවින් ඉදිරියේ නිහඬ විය... 

පසුව ඔහු සිරසට පහර දුන්නේය.... පැල් බැඳගෙන පහරදුන්නේය... මාධ්‍ය වේදීන්ට අමු අමුවේ අඩන්තේට්ටන්  කලේය.... මේ හැම දෙයක්ම පිටු පස ඔහුට තිබුනේ වෙන බලයක් නොව මරා ගේ හයියය... මරා ඔහුට විරුද්ධව  කට නොඅරින බව මැරවින් දැන සිටියේය... ඒ කුමන  හෝ මහා රහසක් මැරවින් වසන් කරගෙන සිටින නිසා යැයි මම නොසිතමි.... බොහෝ විට ඔහු තමනගේ ගමේ මනුස්සයා නිසා විය හැකිය... මරා මැරවින්ගේ මේ ක්‍රියාකලාපය ඉවසුවේය.... ඉවසුවේය... අවවාද කලේය... ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය.... අවසානයේ ඌරාගේ මාලු උගේ ඇගේම තියා කැපීමේ තියරිය අනුගමනය කරන්නට මරා ට සිදුවිය.....ඒ ජනතාව ඇන්ඳවීමට ද ඇත්තටම මැරවින් දමණය කිරීමටදැයි කියන්නට තවමත් හැකියාවක් නොමැත.... විනය පරීක්ෂණයේ දී මැරවින් කිවේ තමා එහි පැමිණිළිකරැ බවයි... එසේ නම් විත්තිකාර පාර්ශවය වන්නේ කැළණියේ ඡන්දය දුන් ජනතාවදැයි සැකයක්ද ඇතිවේ.....

අනිත් කාරණය වන්නේ මරා ගේ දුර දක්නා නුවණ නොහොත් අනාගතය සැලසුම් කිරීමේ හැකියාවයි. මෙතෙක් බිහිවු කිසිම දේශපාලකයෙකුට දැකිය නොහැකි තරමේ දුරක් දැකීමට මරාට හැකිය....රටේ අනාගතය මෙන්ම තමන්ගෙ අනාගතයද ඉතා සුපරික්ෂාකාරී ලෙස මනා සැලැස්මකට අනුව ගොඩනැගෙමින් පවතින බව පෙනේ..කලින් කලට නායකයන් වෙනස්වීම රටක සංවර්ධනයට බාධාවක් වන බැවින් එකම පවුලක සහෝදර සහෝදරියන් අතරම නායකත්වයත්, පාලනයත් රඳවා ගැනීම රටට වඩාත් ඵලදායී වන හෙයින්ද ‍පසුපෙළ නායකත්වයද තම පරම්පරාව අතට බාරදී මේ වැඩපිළිවෙලද මනාව ක්‍රියාත්මක වෙමින් පවතියි.. 

අනිත් කාරණය නම් මරා අනිත් දේශපාලකයින්ට වඩා නිර්මාණශීලී විමයි.. ඕනෑම ගූ බෙට්ටක් වටිනා දවටනයකින් ඔතා පිළිගැන්වීම තුලින් ජනතාව එය සතුටින් බාරගන්නා බව මරා මැනවින් අවබෝධ කරගෙන ඇත. හිත ඇදගන්නා තේමාවන්ද.... ඇ‍ඟේ ‍ලේ රත් වෙන කථාවෙන් ද ජනතාව ඇන්ඳීමේ හැකියාව වෙන කිසිම දේශපාලකයෙකුට නැති තරම්ය.. ‍දැන් හැම ව්‍යාපෘතියක්ම එළියට එන්නේ කුමක් හෝ තේමාවක් සහිතවය.. මීට පෙරද මේ තේමා වැඩේ අනුගමනය කලද මරාට තරම් අපුරුවට මෙය කරන්නට තකිසිම දේශපාලකයෙකුට හැකියාවක් ‍නොමැත. මරා ට වැරදුනු එකම අවස්ථාව පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුපයි... අච්චර හොඳ දෙයක් කරන්නට මේ කාළකණ්ණි අකමැති වීම නිසා ඒ පනත අකුලාගන්නට සිදුවිය...  


අවාසන වශයෙන් මෙසේ සටහන් කරමි.... මරා කිසි දින පරාජය කල නොහැක.... අදටත්... හෙටත්... මතුවටත් මේ රටට මරා ය....

Sunday, February 5, 2012

වලිගය පෑගී ඇත......





AnonymousJan 28, 2012 07:25 PM


         සිතිවිලි මණ්ඩිය/ජනක බස්නායක නොහොත් බස්සා-
         ඔබ රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරී සාමාජිකයකුව හිදගෙන
මෙවැනි මෙවැනි ලිපි අනුමත කරමින් කමෙන්ට් කිරීම එච්චරම සදාචාර සම්පන්න
මදි නේද? එසේම යුධ වාතාවරණ සමයෙහිදී ඔබගේ ඒ සඳහා ක්‍රියාකාරී දායකත්වය
කොයි ආකාරයෙන්ද උනේ කියලත් පොඩ්ඩක් පැහැදිලි කරමුද? දැනට ඔබට දේශපාලන
රැකවරණ ලේබලය යටතේ ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි බවත් හෙලි කලානම්
නරකද? එයට අමතරව යුධ සමයේදී ඔබගේ සේවාව හරහා ඔබ ලැබූ වැටුප නොව ලැබූ
දීමනාත් අද වන විට එයින් ඔබට නොලැබී ඇති දීමනා ගැනත් ජුංඩක් විතර
පැහැදිලි කරන්න පුළුවන්ද?


         තරහකට මරහකට නෙවෙයි මචං ඒ ගැනත් අපි දැන ගන්න ආසයි.


     Delete
  3.
     AnonymousJan 28, 2012 07:30 PM


         තව ප්‍රශ්නයක්.ඔබ විසින් ගරු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත
ඉදිරිපත් කල නැගෙනහිර නවෝදයට සම්බන්ධ ව්‍යාපෘති වාර්ථාව එතුමා විසින්
ප්‍රතික්ෂේප කරන ලද්දේ ඇයි? එහි තිබූ මූල්‍ය කටයුත් සම්බන්ධ අපැහැදිලි
තාවයන් පිළීබඳව ඔබ අයත් සංවිධානයෙන්ම යම් අප්‍රසාදයක් පල වූ බව සැබෑද?
         එසේම එම ව්‍යාපෘතයි හරහා ඔබ රාජ්‍ය නොවන සංවිධානය අතැර රජයේ
පාර්ශවයට හොරෙන්ම මාරු වීමට ගොස් එය අසාර්ථක වූ බව සැබෑද?




මේ ඉහලින් දැක්වෙන්නේ පසුගිය දිනක පලවු ලිපියක් සම්බන්ධයෙන් එක්තරා ඇනෝවෙක් විසින් දක්වන ලද අදහස් කීපයකි.... පැය කීපයකට පසු මෙම අදහස් ඉවත් කරගෙන ඇතත් ඒ කාලය තුල මෙම කමෙන්ටුව කියවන ලද පිරිසට යම් පිලිතුරක් දිය යුතුයැයි හැගෙන හෙයින් මේ ලිපිය සටහන් කරමි.....

පලමු ප්‍රශ්ණය නම් “මා මේවන විටත් රාජ්‍ය නොවන සංවිධාන නොහොත් ඇන්ජීඕ (Non Government Organization) එකක සේවයේ යෙදී සිටිමින් මෙවැනි ලිපි අනුමත කරමින් කමෙන්ට් කිරීම සුදුසු නොව බවයි“

මා අදාල ලිපියට කිසිදු ආකාරයක කමෙන්ටුවක් යොදා නොමැති බව දන්වනු කැමැත්තෙමි...එසේ දැම්මද එහි වැරැද්ද කුමක්දැයි ඒ කමෙන්ටුව පලකල නයිට් විෂන් ඇනෝගෙන් විමසන්නට සතුටුය...... සාමාන්‍යායෙන් සම්ප්‍රදායක් ලෙස මම මඩ කමෙන්ට් යොදන්නේ නැත...තර්ක කීරීමට මෙන්ම මතවාදී ගැටුම් වලට එකඟ නමුත්  මා කිසිදිනක මඩ ගසන්නේ හෝ පෞද්ගලික අපහාසාත්මක කමෙන්ට් යොදන්නෙක් නොවෙමි...

දෙවැනි ප්‍රශ්නය උනේ “යුධ වාතාවරණ සමයෙහිදී ඒ සඳහා මගේ ක්‍රියාකාරී දායකත්ව කොයි ආකාරයෙන්ද උනේ කියලත් පොඩ්ඩක් පැහැදිලි ලෙසයි“..... 

මෙසේ පිලිතුරු ලබාදෙමි..... මා ආයුධ භාවිතා කරන්නෙකු නොවෙමි... කුමන ආකාරයක හෝ හිංසනයට මම පෞද්ගලිකව විරුද්ධය..... එල් ටි ටී ය මායිම් ගම්මාන (තර්ජිත ගම්මාන) වැසියන් ඝාතනය කරන අවස්ථාවන් හී දී ඔවුන් සමග  දුක බෙදා ගත්තෙක්මි..... කැබිතිගොල්ලෑව යකාවැව දී බස්රථයකට ක්ලේමෝ බොම්බ පුපුරවා හැර අහිංසක සිවිල් වැසියන් ඝාතනමට ලක් ව ඔවුන් තම ප්‍රදේශ වලින් ඉවත්ව අවතැන් කඳවුරැ වල ජීවත් වන අවස්ථාවේ දී ඔවුන්ගේ සුභසාධනය සඳහා දිවා රෑ අවතැන් කඳවුරැ වල සේවය කර ඇත...... කොළඹ සිට යුද්ධයට ආවඩන්නන  මෙන්ම යුද්ධය ගැන කඳුළු හෙලන්නන්ට ද එවකට අනුරාධපුරයෙන් එහා අඩිය තියන්නට මැලි වන යුගයක මා මායිම් ගම්මන නොහොත් තර්ජිත ගම්මාන වැසියන් සමග කටයුතු කර ඇති අතර යුද්ධය හා එහි විපාක දෑසින් දැක විඳ ඇත්තෙක්මි.... යුද්ධයගැන මට උගන්නවට අවශ්‍ය නොවේ.....කැබිතිගොල්ලෑව..යකාවැව... පදවිය.. ජනකපුර...කිරිඉබ්බන්කටුව.. මොණරවැව... ඇතාවැටුනුවැව ආදී යුද්ධයෙන් මහත් සේ පිඩාවට පත් ගම්මාන වල මා ජනාතාවගේ ‍දුකද පීඩාවද හොඳින් අඳුන්නෙකු බව දන්වනු කැමැත්තෙමි.... එමෙනම කලක් වවුනියා දිස්ත්‍රික්කයේ සිංහල දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ මානව අයිතීන් ආරක්ෂා කීරීම උදෙසා මෙන්ම තිවිධ හමුදාව මානව හිමිකම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම උදෙසා උදෙසා කටයුතු කල අයෙකු බව දන්නවානු කැමැත්තෙමි... යුද්ධය සඳහා නොව සාමය සඳහා මගේ දායකත්වය ගැන තවත් බොහෝ කරුණු පෙන්වා දිය හැකි උවත් මේ සැහේ යැයි සිතමි...


“දැනට ඔබට දේශපාලන රැකවරණ ලේබලය යටතේ ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි බවත් හෙලි කලානම් නරකද?“

මේ ගැන නම් පුකෙන් හිනාය.... ඒ මා දැනට ඔස්ට්‍රේලියාවේ ජීවත් නොවන හෙයිනි.... කලකට පෙර විස්තරය වෙනස් නොකල බැවින් ඇනෝ වලිගය පාගාගෙන ඇත...

එයට අමතරව යුධ සමයේදී ඔබගේ සේවාව හරහා ඔබ ලැබූ වැටුප නොව ලැබූ දීමනාත් අද වන විට එයින් ඔබට නොලැබී ඇති දීමනා ගැනත් ජුංඩක් විතර පැහැදිලි කරන්න පුළුවන්ද?

යම් ආයතනයක් වැටුපක් ගෙවන්නෙ ඒ පුද්ගලයාගෙන් ඒ ආයතනය වෙන සේවය සලකලා.... මගෙන් වෙන සේවයට මට වැටුපක් ලැබුනා.... (ඒ කාලේ හැටියට එක් ලොකු මුදලක් තමයි) දීමනා නම් ලැබිලා නැහැ මට... සේවයෙන් අයින් වෙනකොට ලැබුනු පාරිතෝෂකය ඇරෙන්න....එහෙම ලැබුනා නම් අද මෙහෙම සීතල කාගෙන වැඩ කරන්න ඕනේ නැහැ...

අනිත් ප්‍රශ්ණය නම් මට කිසිසේත්ම අදාල නැහැ... මොකද මම ඔය කියන කාලේ (නැගෙනහිර නවෝදය කාලේ) වෙනකොට ඔය පැත්ත පලාතේ හිටියේ නැහැ.... වලිගේ හොඳටම පෑගිලා.....

මම සාමාන්‍යෙයන් ඇනොලට උත්තර දෙන්නේ නැති උනත් මේ සඳහා උත්තරයක් ලියන්න මේ ඇනෝ ලියලා තියන දේ බලන කෙනෙක්ගේ තියන වැරදි වැටහීම අයින් කරන්නට බව දන්වනු කැමැත්තමි..

--------------------------------------------------
පසු සටහන්...

බොහෝ දෙනා ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ගැන කථා කරන්නේ අප්‍රසාදයකින්... නමුත් බොහෝ දෙනා දෝෂාරෝපණය කලත් ඔවුන් තමන් දන්නේ නැහැ ඇයි තමන් බනින්නේ කියලා.... බොහෝ වෙලාවට මේවට හේතු වෙන්නේ විමල් වීරවංශ වගේ මෝඩ ඔලමොට්ටල දේශපාලකයෙක් ජනතාව චුන් කරන්න කියන කථාවක්... එහෙම ඇන් ජී ඕ කාක්කන්ට බැන බැන තමන්ගේ ආමාත්‍යංශයට ලැබෙන විදේශ මුල්‍යාධාර වලින් අඩුආදායම් ලාභින්ට නිවාස ඉදිකරලා තමන්ගේ වගේ විවෘත කරනවා..ලංකාවේ කිසිම රාජ්‍ය නොවන සංවිධානයකට තමන්ගේ හිතුමනාපෙට වැඩකරන්න බැහැ... ඒ සඳහා නීති පද්ධතියක් තියනවා... යම් ආයතනයක් ඒ නිති පද්ධතියෙන් බැහැරව කටයුතු කරනවා නම් ඒ ආයතනය හෝ ්සේවකයින්ට විරුද්ධව නීති මගින් කටයුතු කරන්න වගේම අදාල ආයතනය හා සේවකයින් රටින් පිටුවල් කරන්නත් රජයට බලය තියනවා....නමුත් මේ කිසි දෙයක් නොදන්න ඔලමොට්ටල දේශපාලුවන්ගේ මෝඩ චූන් අහන මිනිස්සු ඒ චරිත අධිරාජ්‍ය විරෝධී වීරයන් විදියට සළකනවා.... හොඳම උදාහරණය විමලේගේ උපවාසය... ආණ්ඩුව විමලෙව ඉස්සරහාට දාලා තමන්ගේ නොහැකියාව වහගත්තා...... විමලේ වීරයා උනා.... අන්තිමට “මුන්“ අකුලගත්තෙත් නැහැ.... ආණ්ඩුව ෆේල් උනෙත් නැහැ... මිනිස්සු මොඩයෝ උනා.....


අනිත් කාරණය තමයි ලංකාව තුල ක්‍රියාත්මක වෙන බොහොමයක් රාජ්‍ය නොවන සංවිධාන තමන්ගේ ව්‍යාපෘතිය තුලින් බලාපොරොත්තු වෙන අරමුණ කරා යන්න යොදාගන්නේ ලංකාව තුල ක්‍රියාත්මක වෙන ජාතික මට්ටමේ රාජ්‍ය නොවන සංවිධාන හො රජයේ ආයතන. උදාහරණයක් විදියට කිව්වොත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (Unicef) ලංකාව තුල සිය කටයුතු ක්‍රියාත්මක කරන්නේ ළමා ආරක්ෂක අධිකාරිය... ශ්‍රි ලංකා පොලීසිය... අධ්‍යාපන දෙපාර්තමෙන්තුව වගේ රාජ්‍ය ආයතන හරහා. අද විවිධ රාජ්‍ය ආයතන මගින් ක්‍රියාත්මක වෙන බොහෝ නව සංකල්ප ආශ්‍රිත වැඩසටන් හෝ ව්‍යාපෘති සඳහා මුල්‍ය දායකත්වය ලබාදෙන්නේ මෙවැනි රාජ්‍ය නොවන සංවිධාන. නමුත් බොහෝ විට මේ ව්‍යාපෘති වල ප්‍රධාන ගෟරවය අත්වෙන්නේ ඒ ක්‍රියාත්මක කරන ආයතනයට...කැනඩා ලෝක විශ්ව විද්‍යාලය (WUSC) නැමති ආයතනය කටයුතු කරන්නේ තෘතීය අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරන්නේ වෘත්තීය පුහුණු අමාත්‍යංශ, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරයි වගේ ආයතන සම්බන්ධ කරගෙන... මේවැනි බොහොමයක් අන්තර් ජාතික රාජණ නොවන සංවිධාන උදාහරණ දකිවන්න පුලුවන්. මෙහි දී මේ ආයතන වලින් වෙන සේවය නිසි පරිදි ජනාතාවට ලැබෙන්නේ මේ රාජ්‍ය ආයතන හෝ ජාතික රාජ්‍ය නොවන සංවිධාන වල සේවකයන්ගේ ආකල්ප අනුව. බොහොමයක් ආයතන වල සිද්ධවෙන ගසා කෑම් හේතුවෙන් ජනාතාවට ලැබෙනන ප්‍රතිලාභය අවම වෙනවා. මෙවැනි සිද්ධින් බොහොමයක් වාර්ථා වෙලා තියනවා... අදටත් තවමත් සුනාමි ආධාර සම්බන්ධයෙන් විවිධ ආයතන සහ පුද්ගලයින්ට චෝදනා එල්ල වෙලා තියනවා.. මගේ අත්දැකීම අනුව සුනාමිය සඳහා ලැබුනු ආධාර නිසි පරිදි කළමණාකරණය කලා නම් සුනාමියට අහුවෙච්ච පලාත් වල විතරක් නෙමෙයි. නුවරඑලියේ පදිංචි වෙල ඉන්න ජනාතාවටත් ගෙවල් හදලා දෙන්න තිබුනා. නමුත් එය එසේ උනේ නැහැ.


මෙහි දී නැගෙන තවත් චෝදනාවක් තමයි දෙමළ ජනතාවට වැඩි වශයෙන් අධාර උපකාර ලබාදෙනවා කියන එක.... මෙහිදී ලංකාවේ පැවති යුධ වාතාවරණයත් හේතුවෙන් සෑම රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශය (UDHR)  සහ අභ්‍යන්තර අවතැන්වුවන් සදහා වු ප්‍රතිපත්තී මාලාව (IDP Guidelines) අනුකූලව. ඒ ඒ ආයතන කරන්නා වු කාර්යය අනුව යුද්ධයෙන් පීඩාවට පත් පාර්ශවයන්ට සහන සැලසීම් වල යෙදෙනවා. යුද්ධය පැවතුනු ප්‍රෙදේශවල බොහෝ විට දෙමළ ජනතාව විවිධ ගැටළු වලම මුහුණ දුන්නා සේම තර්ජිත ගම්මාන වල වැසියන් බොහෝ විට අවතැන් වීම් වලට ලක් උනා. ඒ ජනතාව ගේ ඕනෑ එපාකම් සොයා බලා කටයුතු කලේත් ඔවුන් අතරම සිටියේත් මේ රාජ්‍ය නොවන සංවිධාන පමනයි. අදටත් ලංකාව පුරා ක්‍රියාත්මක වෙන බොහොමයක් රාජ්‍ය නොවන සංවිධාන විවිධාකාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නිහඬ සේවාවක් ඉටුකරනවා...


මේ සටහන ඒ නිහඬ සේවය ඉටුකරන දහසක් සිංහල දෙමල මුස්ලිම් සහ වෙනත් විවිධ ජාතීන්ට අයත් සහෝදර සහෝදරියන් වෙනුවෙන්....

රාජ්‍ය නොවන සංවිධාන පාලනය කරන රජයේ ක්‍රියාපටිපාටිය ගැන දැනගන්න මෙතැනට කොටන්න.