ඇය ශානි.... කොළඹ ක්‍රමයේ යුවතියක්..... සුන්දර රෑ සපුවක් ඈ සතුයි......ඇයි එඩිතරයි..... මුකරි කටක් තිබුනා.... ඕනෑම අවස්ථාවක අසාධාරණය වෙනුවෙන් කථා කරන්න, නැගී සිටින්න ඇය මැළි උනේ නැහැ...
තදාසන්න නගරයක මාර්ගයක්.... සෙනග පිරුණු බස් රථයකි..... කාර්යාල වැඩ අහවර කරපු ශානිත් බොහොම අමාරුවෙන් බස්රථයට ගොඩ උනා...... කාර්යාල අවසන් වෙලාව නිසා බස් රථය පිරෙන්න සෙනග... ශානිගේ වාසනාවට ඇයි ආසනයක් ලැබුනා... බස් රථයේ මැද ආසනයක්....ඒත් නිතරම වීදුරැවෙන් අවට පරිසරය දෙස බලාගෙන යන ශානිට එය හිතට මදි කමක් උනත් ඇයි එයින් සෑහුනා....
බස් රථය ගමන ආරම්භ කලා..... බසය හැල්මේ දුවනවා.... ටික දුරක් යන විට අසල උන් තරුණයා අනවශ්‍ය ආකාරයට තමන් ගේ පැත්තට බර වෙනවා කියලා ආයට තේරුනා..... ඇය තමන්ගේ ආසනයේ පැත්තකට වෙන්න උත්සහා කලත් අසල වාඩීවෙලා හිටපු තරබාරැ කාන්තාව නිසා ඇයට එහෙම කරන්න පුලුවන් උනේ නැහැ.....බසය තිරිංග තද කරන... වංගුවක් පසු කරන අවස්ථාවේදිත් අර තරුණයා ගමන්ගේ පැත්තට බර වෙන බව ශානිට තේරුණා..... සෙනග පිරුණු බස් රථය නිසාවෙන් ශානි ඉවසගෙන හිටියා.....
එන්න එන්නම බසයේ තද බදය වැඩි වෙනවා..... අර තරැණයා එහාට මෙහාට ඇඹරෙනවා.... ඔහු තමන්ගේ අත් දෙකින්ම බස් රධයේ ආධාරකය අල්ලගෙන ඉන්න උත්සහා කරනවා වගේ පෙන්නමින් ශානි දෙසට බරවෙනවා කියලා ශානිට හිතුනා.... පිට කල නොහැකි කේන්තියෙන් ශානි බස් රථයේ වීරුදුවෙන් ඉවත බලාගෙන හිටියේ වෙන කල හැකි දෙයක් නොමැති නිසා.....
ඒ අතර ශානිට තේරුනා ඒ තරුණයා තමන්ගේ කකුල පාගනවා.... ඇය කෙළින්ම ඔහුගේ මුහුන දිහා බැලුවා... ඔහු බොහොම අසරණ බැල්මකින් ශානි දිහා බැලුවා.... ශානි ගේ ගිණි ගන්න ඇස්දෙකින් ශානි ඔහුට රැව්වා... ඔහු ඉවත බලාගත්තා...... තව විනාඩි කීපයකින් ඔහු නැවතත් කකුල පෑගුවා.... එවර ශානි ගේ ඉවසීමේ සීමාව පැන්නා....
“වනචරයා“..... වචනේ පිට වෙනවත් එක්කම ශානි ගේ දකුණු අත නතර උනේ අර තරැණයාගේ දකුණු කම්මුලේ...
"තොපි වගේ උනි නිසා තමයි ගෑණියෙක්ට බස් එකක වත් යන්න බැරි.... තමුසෙට මදනයා ගහලා නම් වෙන එකෙක් හොයා ගන්නවා..... මගේ කකුල පාගන්නේ නැතිව..... "
වටේ පිටේ හිටපු අනිත් මගීනුත් මේකට හවුල් උනා.....
"මහ උජාරැවට ඇදගෙන වනචර කම් කරන්න එනවා..... මුන් වගේ උන්ට ඔහොම තමයි කරන්න ඕනේ...."
අර තරුණයාගේ අස් දෙකේ කදුළු එළියට පනින්න ඔන්න මෙන්න....මුන රතු වෙලා ලැජ්ජාවටයි වැදුනු කම්මුල් පාරටයි.... ඔහු බිම බලාගෙන අවලාද අහගෙන හිටියා....
ඔහු ශානි දිහා බලාගෙන හිටියා... ඒ ඇස්දෙකේ හැඟීම ශානිට කියවන්න බැරි උනා.....
ඔහු නිහිඬව දරාගන හිටියා..... කලින් වගේම ආධාරකයේ ආධාරයෙන්....
බස් රථය ගමනාන්තය කරා ලංවෙනවා....
ඔහු බහින්න සුදානම් වෙලා ශානි දෙසට නැඹුරු උනා....
"මට සමාවෙන්න නංගී....."
"ඇත්ත කකුලට රිදුනා කියලා බොරු කකුලට දැනුනේ නැහැ...."
එහෙම කියලා ඔහු දොර දෙසට අපහසුවෙන් ඇවිද ගෙන ගියා....
අධිෂ්ඨානයෙන්... අභීතව..... අරමුණ කරා....
ඔහු පිටේ එල්ලගෙන හිටිය ගමන් මල්ලේ සටහන් වෙලා තිබුනා ශානි දැක්කා....
මම හිතන්නෙ මේ සිද්ධිය ගැන සින්දුවකුත් ලියවිලා තිබ්බා..
ReplyDeleteඑහෙමද ? මම අහලා නැහැ හැබැයි.....
Deleteබොහොම ස්තූතියි.. පැන්ඩා.....
This comment has been removed by the author.
Deleteඔව් සහෝදරයා.. මේ ගැන සින්දුවක් තියෙනවා.. ලක්ෂ්මන් හිල්මි තමයි සින්දුව කියන්නේ..( රිදී පාට කල පාතුඩු" ).. ලිපිය ඉවර කරලා තියෙන විදිය නම් පට්ටයි !!!
Deleteමෙන්න සින්දුව:http://ananmanan.org/sinhala_mp3/Lakshman_Hilmi_Ridi_Pata.mp3
February 22, 2012 7:09 PM
මේක ඇත්ත සිදුවීමක්ද? මේ කතාවම වෙනත් තැනකත් , වෙනත් විදියකට ලියැවිලා තිබුනා. මොනවා උනත් දුක හිතෙන කතාවක්.
ReplyDeleteමේ හා සමාන නොවුනත් මෙවැනි සිද්ධීන් අද අනන්තවත් සිද්ධ වෙනවා වාර්ථා නොවුනත්.... එදා වීරයන් විදියට මල් තියපු... වන්දනාමාන කරපු ඔවුන් අද නිකම්ම නිකං ආබාධිත රණවිරුවන් බවට පත්වෙලා....
Deleteඅද යුද්ධය හුදෙක්ම රජයේ ජයග්‍රහනයක්ම පමනක් විදියට අර්ථ දක්වනවා.... සරළම උදාහරණය තමයි මෙවර දැයට කිරුළ ප්‍රසර්ශණයේ හිටපු හමුදාපතිවරැන්ගේ ලැයිස්තුවෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගේ නම ඉවත් කිරීම...
ඔහු කුමන දේශපාලන මතයක් දැරුවත්.... කුමන පක්ෂයක ක්‍රියාකාරිකයෙක් උනත් යුද්ධ ජයග්‍රහණයේදී ඔහු කරන ලද සේවය මතක් කල යුතුයි කියන මතයේ මම ඉන්නවා.... (ඔහු කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් වෙනම සාකච්ඡා කලයුතුයි)
බොහොම ස්තූතියි ප්‍රවීනා....
//දැයට කිරුළ ප්‍රසර්ශණයේ හිටපු හමුදාපතිවරැන්ගේ ලැයිස්තුවෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගේ නම ඉවත් කිරීම...//
Deleteමෙහෙම දෙයකුවෙ වෙලා තිබුනද?? හරි කැත වැඩක් නෙ.... :(
ඔව් එහෙම දෙයක් වෙලා තියනවා නිසූපා.... හොයලා බලන්න.... ඒ අයට සරත් ෆොන්සේකා කියන හමුදා සෙන්පතියාව අමතක වෙලා....
Deleteඒක ගිය සැරෙත් උනා නේද ???
Deleteදුක හිතෙන කතාවක්...
ReplyDeleteමමත් මේ කතාව කොහේ හරි බ්ලොග් එකකමද මන්ද කියෙව්වා
එතැනදී ඒ වෙනුවෙන් ලියවෙච්ච සින්දුව ගැනත් ලියලා තිබුනා
මට සින්දුවනම් හරියට මතක නැහැ
බොහොම ස්තූතියි ලොකු පුතා...... මම ඔය සිංදුව අහලා නැහැ... මේ කථාව මම 2002/2003 විතර කාලේ කාන්තා අයිතිවාසිකම් ගැන දේශණ වලදී කථා කරපු සිද්ධියක්....
Deleteඔය කියන ගායක මහත්මයා ඒ කාලේ ඒ සිංදුව කිව්වද කියලා මම දන්නේ නැහැ ඇත්තටම....
මෙන්න සින්දුව....
ReplyDeletehttp://www.youtube.com/watch?v=PuzoBETmbSc&feature=related
ගොඩයාටත් කියන්න තියෙන්නේ ඒක තමයි......
Deleteමම ඔය සිංදුව අහලා නැහැ... මේ කථාව මම 2002/2003 විතර කාලේ කාන්තා අයිතිවාසිකම් ගැන දේශණ වලදී කථා කරපු සිද්ධියක්....කාන්තා අයිතාවාසිකම් ප්‍රායෝගික කරනයේ දී අපි බොහෝ විට උදාහරණයක් විදියට පාවිච්චි කරනනේ මේ වගේ සිද්ධින්......
ඔය කියන ගායක මහත්මයා ඒ කාලේ ඒ සිංදුව කිව්වද කියලා මම දන්නේ නැහැ ඇත්තටම....
අහලා නෑ කිව නිසා අහන්න සලස්වන්න හිතාගෙන ලින්ක් එක දැම්මා මිසක් ඔබතුමා ඔය සින්දුවෙන් මේ පොස්ට් එක ලීවා වගේ අදහසක් දෙන්න මට කිසිසේත්ම වුවමනාවක් වුනේ නෑ. පොස්ට් එක කියවගෙන යද්දී පටස් ගාලා හිතට ආවේ මේ සින්දුව. ඒ නිසා ලින්ක් එක දැම්මා. එහෙම කියලා මේ පොස්ට් එකේ වටිනාකමේ කිසිම අඩුවක් නෑ. මගේ කොමෙන්ට් එක නිසා එහෙම වැරදි වැටහීමක් ඇති උනා නම් සමාවෙන්න. ඒ පිළිබඳව මගේ කණගාටුව.
Deleteකියන්න වචන නෑ ජනක
ReplyDeleteබොහාම ස්තූතියි සාතන්.....
Delete//"ඇත්ත කකුලට රිදුනා කියලා බොරු කකුලට දැනුනේ නැහැ...."//
ReplyDeleteමගේනම් හුස්මත් හිර උන වගේ දැනුනා මේ වචනෙට .
ඔව් සෑබෑ ජීවිතෙත් ඒ වගේ දේවල් ගොඩක් වෙනවා ගිමිහානි නංගි... හැබැයි අපි ඒවට සංවේදී නැහැ... අපි දාගෙන ඉන්න පාට කණ්නාඩි අපිව ඒවට සංවේදී කරන්නෙ නැහැ.....
Deleteඇත්තතෙන්ම
Deleteආරක්ෂක අංශ වලට සමාජය තුල තිබු පැහැදීම නැතිකළේ පාදඩ දේශපාලකයන් සහ උන්ගේ පදයට නැටූ හමුදා සහ පොලිස් ලොක්කන්ය..තමන් වෙනුවෙන් බෝධි පුජා කල, උපහාර බැනරයන් එල්ලූ,ලේ දන්දුන් මිනිසුන්ට එරෙහිව කටයුතු කිරීමට සිදුවන විට සෑම ආරක්ෂක අංශ සාමාජිකයෙක්ම ඒ පිලිබදව දෙවරක් සිතිය යුතුය.
ReplyDeleteබොහොම ස්තූතියි ඇනෝ....
Deleteමම 100 % ක්ම එකඟයි ඔබත් එක්ක.... මිනිස්සු එදත් අදත් හෙටත් සැබෑ රණ විරුවොත් එක්ක ඉන්නවා... නමුත් ඒක ගමන්ගේ බලය පවත්වා ගැනීමට ගැටළුවක් ලෙස දකින කොටසක් තමයි ඒ අයව මිනිස්සුන්ගෙන් ඈත් කරන්නේ....
අදටත් සිවිල් ජනතා ගැටළුවලදී හමුදාව හොදාගැනීමෙන් වෙන්නේ ඒකම තමයි...
පොලීසියටත් ඒක පොදුයි...
තමන්ගේ පංතියේ එකාව... ඒ පංතියේම එකා ලවා මර්ධනය කරනවා .....
මේ මම මීට කාලෙකට උඩදී ලියපු ලිපියක්....
http://jbasnayaka.blogspot.com/2011/06/blog-post_16.html
"ඇත්ත කකුලට රිදුනා කියලා බොරු කකුලට දැනුනේ නැහැ...."
ReplyDeleteමේ වචන පේලිය නිසා හිතට ඇති උනේ ලොකු දුකක්.. ඇය ඉක්මන් උන නිසානේ වරදක් නැතිව ඔහු ලැජ්ජවාට පත් උනේ..
බොහොම ස්තූතියි දිනේෂ්.....
Deleteදුකයි!!! මමත් මේක කොහෙහරි කියෙව්වා..මතක නෑ කොහෙද කියලා..
ReplyDeleteබොහොම ස්තූතියි... හිතුවක්කාරී....
Deleteලක්ෂ්මන් හිල්මිගේ සිංදුවක් තියනවා!ඒක ගැන බ්ලොග් පෝස්ට් එකකුත් දැක්කා කොහේ හරි!
ReplyDeleteබොහොම ස්තූතියි...සබිත්...
Deleteමාත් ඔය කියන අනිත් බිලොග් පොස්ට් එක දැක්කා මේවගේ දේවල් අපිට අමතක නොවෙන්න ආපහු පෝස්ට් එකක් දාපු එක හොදයි
ReplyDeleteබොහොම ස්තූතියි... ජිංජිබිරිස්.....
Deleteශානිගේ ඇස් වලට කඳුළු පිරුනා......
ReplyDeleteබොහොම ස්තූතියි...වැලි මැඩියා... ඔව් ඇත්තටම එහෙම උනා....
Deleteයකෝ බොක්ක රත් උනා......
ReplyDelete