Saturday, March 31, 2012

මුන් ඔක්කොම එකතු වෙලා මාව දූෂණය කලා........


මේ ගැන ලියන්න හිතුනේ මම මිට පෙර ලියපු අකැමැකි මතක කියන පොස්ට් එකට ලැබුනු ප්‍රතිචාර වල තිබුන යම් යම් කරණු පාදක කරගෙන... මම මීට කලිනුත් කියලා තියනවානේ මම මානව හිමිකම් සම්බන්ධආයතනයක සේවය කලා කියලා...

ඒ කාලේ මම පොලිස් නිළධාරීන්ට කාන්තාවන් සම්බන්ධයෙන් වෙන වැරදි වලදී කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුනා.....

මෙහිදී ළමා සහ කාන්තා අපචාර සම්බන්ධයෙන් වැරදි වලදී කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන් අපි රටපුරා පොලිස් නිළධාරින් දැන්වත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කලා... මෙහිදි අපි බොහෝ විට මේ වැඩසටහන් සඳහා ප්‍රායෝගික උදාහරණ භාවිතා කලා ඔවුන්ට මේ පවතින තත්වයන් ගැන වටහාදෙන්න.

මේ මම කියන්න හදන සිද්ධියත් ඒ වගේ පාවිච්චි කරපු උදාහණයක්... නමුත් මේ සිද්ධිය සත්‍ය කථාවක් යම් යම් අවස්ථා උචිත විදියට සංස්කරණය කරලා අධ්‍යාපනික වටිනාකමක් මතුවෙන විදියට....

මේ කියන වකවානුවේ අපේ රටේ ආරක්ෂක තත්වය බොහොම බරපතලයි.... පැමිණිල්ලක් කරන්න පවා පොලිස් ස්ථානයකට ඇතුල් වෙන්න බොහොම අමාරු තත්වයක් තමයි තිබුනේ.....විශේෂයෙන්ම උතුරු පලාතේ....

මේ සිද්ධියට මුන දීලා තිබුනේ අපේ රටේ හිටපු බොහොම දක්ෂ රජයේ නිතිඥ මහත්මයෙක්... මේ සිද්ධිය එතුමාගේ වචන වලින්ම විස්තර කරන්නම්.....

----------------------------------------------

එක්තරා බාලවයස්කාර ගෑණූ දරැවෙක් තමන්ගේ නිවසේදීම දුෂණයට ලක්වෙනවා..... ඒ දරැවා එනවා පොලීසියට..... දරැවගේ කකුල් දෙකෙන් ලේ ගලනවා... ඒ පිටින්ම ඒ දරැවා පොලීසියට එනවා....

මුලින්ම ඒ දරැවට හමුවෙන්නේ ගේට්ටුවේ ඉන්න අයි ජී පී මහත්තයා.....(ඔව් අර දුඹුරු පාටට හුරු පාටක් ඇඳගෙන ඉන්න එක්කෙනා)
එයා අහනවා “මොකද මේ...?“
සර් මාව අපේ බාප්පා දුෂණය කලා....
ආ... ඇත්තද...?
කොහොම උනේ......
සර් මම තනියම කාමරේ ඉන්නකොට ඇවිත් මාව දුෂණය කලා...
ආ... ඇත්තද.... කෝ ඇඳුම් ඉරිලා නැහැ නේ...
කොහොමස දූෂණය කලේ...? ගවුම පිටින්මද....?
නැහැ සර්..... (ගෑණු ළමයා අඹරෙමින්)
එහෙනම්... ගවුම උස්සලාද.....?
ඔව් සර්.....
ආ... ඒ කොහොමද....?
මම නිදියගෙන ඉන්නකොට ඇවිත් මගේ කට වහලා..... මාව තද කරගෙන දුෂණය කලා සර්.....
ආ.... වෙන මොනවද කලේ......
(ගෑණු ළමයා අඹරෙමින්... සිද්ධිය විස්තර කරයි...)
හ්ම්... එහෙනම් යනවා ඇතුලට.....
(ගේට්ටුව විවර වේ.... ළමයා ඇතුලට යයි....)

පොලිසියේ පිළිගැනීමේ නිළධාරී...
මොකද මේ....
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
හ්ම් බංකුවෙන් වාඩි වෙලා ඉන්න... ඕ.අයි.සී. මහත්තා කථාකරනකම්....

ඕ.අයි.සී මහතා......
මොකද මේ....?
සර් බාප්පා මාව දුෂණය කලා....
මොකද උනේ....?
සර්... මම ඇඳේ නිදියයෙන් ඉන්නකොට බාප්පා බීලා ඇවිත් මාව දූෂණය කලා සර්...
ඔච්චචර දෙයක් කරනකම් තමුන්ට දැනුනේ නැද්ද...?
දැනුනා සර්.... මම කෑගහන්න හදනකොට බාප්පා මගේ කට වැහැව්වා....
වෙන මොනවද උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
හ්ම්.... ක්‍රයිම් කේස් එකක්.....
ටිං...ටිං... (ඔ අයි සී මහතා සීනුව නාද කරයි)
සර්.....
මෙයාව ක්‍රයිම් එකට දානවා.....

ක්‍රයිම් ඕ අයි සී (අපරාධ අංශය)
මොකද උනේ.....?
සර් බාප්පා මාව දුෂණය කලා..
මොකද උනේ....?
සර්... මම ඇඳේ නිදිහයෙන් ඉන්නකොට බාප්පා බීලා ඇවිත් මාව දූෂණය කලා සර්...
තමුන් තනියමද ගෙදර හිටියේ......
ඇයි දමව්පියෝ හිටියේ නැද්ද...?
එයාලා කුඹුරට ගිහින් සර්....
ඔච්චචර දෙයක් කරනකම් තමුන්ට දැනුනේ නැද්ද...?
දැනුනා සර්....
මම කෑගහන්න හදනකොට බාප්පා මගේ කට වැහැව්වා....
වෙන මොනවද උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
වයස කීයද...?
16 සර්....
හ්ම්....
මේක සී ඇන්ඩ් ඩබ්ලියු එකක්...(ළමා සහ කාන්තා අංශය)
මෙයාව සි ඇන්ඩ් ඩබ්ලියු එකට ගෙනියන්න....

ළමා සහ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිතුමිය....
මොකද උනේ.....ෙ
බාප්පා මාද දුෂණය කලා....මැඩම්....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ මැඩම් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
ඩබ්ලියු පී සී ....
මෙයාව අරගෙන යනවා ජේ ඇම් ඕ ගාවට (අධිකරන වෛද්‍ය නිළධාරී)
(දරැවාව රෝහලට රැගෙන යයි)


එහිදී..... අධිකරණ වෛද්‍ය නිළධාරී.....
මොකද උනේ...?
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්...
බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
(සාක්ෂි ලබාගනියි..... දරුවා සම්පුර්ණ පරික්ෂාවකට ලක්වේ.....)
(භෞතික සාක්ෂි ලබාගනියි)
හ්ම්..... මේ ගැන ළමා රක්ෂක අධිකාරිය දැනුම් දේ....

ළමා රක්ෂක නිළධාරී....
මොකද උනේ....?

සර් බාප්පා මාද දුෂණය කලා...
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
දරුවාට නිතිඥ සහාය ලැබේ....

නිතිඥ මහතා....
මොකද උනේ..
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
හ්ම්.....

අධිකරණයේ දී.....ගරැ මහේස්ත්‍රාත්වරයා...
මොකද උනේ.....
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
විත්තියේ නිතිඥයා හරස් ප්‍රශ්ණ අසයි....
ඇයි දුෂණය කරනකම් බලාගෙන හිටියේ....
තමුන් සනීපෙට හිටියා නේද....?
නැහැ... එහෙම නම් ඇයි විරුද්ධ නොවුනේ....
(තව තවත් හරස් ප්‍රශ්ණ)
සිද්ධිය මහාධිකරණයට යොමු වේ....

ගරු මහාධිකරණ විනිසුරැ.....
මොකද උනේ....?
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)



සිද්ධිය මහාධිකරණයේ දි මාස ගනනක් විභාග වේ.....

මේ අවසන් නඩු වාරයයි... තීන්දුව ප්‍රකාශ වීමට නියමිතයි....
නැවතත් රජයේ නිතිඥ...
මොකද උනේ....?
(දැරිය නිහඬය...)
නැවතත්....
මොකද උනේ.....
මුකුත් නැහැ....
රජයේ නිතීඥ...... මුකුත් නැහැ..
විනිසුරුගෙන් විනාඩි 30 ක් කාලයක් ඉල්ලයි....
අවසර ලැබේ.....
රජයේ නිතීඥ...
මොකද ළමයා වෙලා තියෙන්නේ...
ඇයි සිද්ධිය විස්තර කරන්නේ නැත්තේ....
සර්.... මම මේ වෙනකොට මේ සිද්ධිය 54 වතාවක් කියලා තියනවා...
සර්ට ඕනේ මේක 55 වෙනි වතාවටත් මගේ කටින් අහගන්නද...?

රජයේ නිතිඥ නිහඬයි......

Thursday, March 29, 2012

අකැමැති මතක.......



ඒ 2003 වසරයි......... එවකට මා සේ වය කලේ ලංකාවේ පිළිගත්ත මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක... දවසක් මම එක්තරා පලාතක ගමකට ගියා...ගමේ ගම්මලාදෑණියා එක්ක ගමේ ප්‍රශ්ණ පිළිබඳව සාකච්ඡා කරලා නැවත අවසන් වෙලා මමත් මගේ සහයකයත් අවට සැරි සරන කොට දැක්කා කුඩා නිවසක් අසල ගහක් යට කෙසඟ සිරැරකට හිමිකම් කියන පුංචි දියණියක් මාස ගනන් වලින් වයස කියන්න පුලුවන් තරමේ දරැවෙක් අතේ තියාගෙන ඉන්නවා..... මම ඇයට කිට්ටු කලා....

කොහොමද දුව... අම්මා නැති නැද්ද ගෙදර.... දුවද නංගිව බලාගන්නේ.....?

නැහැ මහත්තයෝ මේ මගේ දරැවා..... අම්මා වැඩට ගිහින්.... මේයා අඬනවා... නවත්තන්නෙම නැහැ... 

ඒ කථාවත් එක්ක මගේ හචවත මොහොතකට නතර උනා...... 

ඇයට වයස වැඩිම උනොත් 15 ක් හෝ 16 කි පමන වෙන්න ඇති..... ඇයි මාස කීපයක දරැවෙකුගේ මවක්......

ඇයගෙන් විස්තර ඇහැව්වා....

සිද්ධිය මෙහෙමයි....

බොහොම දුප්පත් පවුලකට දාව ඉපදුනු ඇය, ඇයට අවුරුදු 14 දී පමන මෙහෙකාරියක් විදියට නිවසකට සේවයට ගියා.... ඇයගේ දෙමව්පියන්ගේ තිබුන ආර්ථික තත්වයත්... පවුලේ තිබුන අඟහිඟකම් හේතුවෙන් ඇයගේ දෙමව්පියන්ට ඇයව මෙහෙකාර සේවය සඳහා යවන්න අකමැත්තෙන් උනත් කැමැත්ත දෙන්න සිද්ධ උනා.. ඇයට රැගෙන ගියේ ඇයගේ දෙමව්පියන් වාසය කලේ ගම්මානයේ තිබුන පොලිස් මුරපොලේ සේවය කරපු පොලිස් නිළධාරියෙක් ගේ නිවසකට....... ඒ යනකොට ඇය වැඩිවිය පැමිණිලා මාස කීපයක් විතරයි......

මෙතන ඉඳලා සිද්ධිය ඇයගේම හඬින් අහමු.....

මම එහෙ ගිහින් මුල් දවස් කීයප කිසිම කරදරයක් තිබුනේ නැහැ.... ඒත් පස්සේ මට මට හැමදාම උදේ පාන්දර 4 ට නැගිටින්න උනා.... ඒ උදේ උයන්න ඕන කරන දේවල් ලෑස්ති කරන්න.... නෝනට උයන්න ඕන කරන හැම දෙයක්ම මම ලෑස්ති කරලා තියන්න ඕනේ..... හාල් හෝදලා ගරලා..... ලුණු සුද්ධ කරලා...ඔය වගේ උයන්න ඔන් කරන හැම දෙයක්ම මම ලෑස්ති කරලා තියන්න ඕනේ... ඊට පස්සේ උයලා ඉවර වෙලා නෝනා වැඩට යනවා....... ගෙවල් දොරවල් අස්පස් කරලා..... රෙදි හෝදනන් ඕනේ....... නෝනගේ පුතාව බලාගන්න ඕනේ මහත්තයා එනකම්.... මහත්තයා උදේ 9 ය 10 විතර වෙනකොට එනවා... ඊට පස්සේ මහත්තයාගේ වැඩ......  

ඔහොම වැඩ කරගෙන ඉන්න කොට දවසක් හවස මහත්තයා මට කථා කලා කාමරේට..... මම බබත් එක්ක සෙල්ලම් කර කර හිටියේ... මම ගියා මොකද කියලා බලන්න නොන්ලගේ කාමරේට...... කෙල්ලේ මෙහේ වරෙන්.... මහත්තයා මට ලඟට කථා කලා...... මහත්තයා හිටියේ ඇඳේ වාඩි වෙලා......මහත්තයා මාව ලඟට අරගෙන මහත්තයාගේ කකුල් දෙකට හිර කර ගත්තා..... මහත්තයා මගේ ඇඟ අතගාන්න පටන් ගත්තා.... මම දුවන්න ලෑස්ති උනා..... මහත්තයා මාව හිර කරගත්තා..... මම කෑගහන්න හැදුවා.... මහත්තයා මගේ කට වහගත්තා.....

“උඹ කෑගැහැව්වොත් මම උමේ ගෙදර ඉන්න උන් ඔක්කොම මරලා දානවා...... උඹේ අම්මා... තාත්තා.. මල්ලී... නංගී...හැම එකෙක්වම මරලා දානවා....“

මහත්තයා මගේ කනට කරලා කිව්වා..... මට බය හිතුනා.... මහත්තයා මගේ පවුලේ අයව මරලා දායි කියලා... ඒ නිසා මම කෑගැහැව්වේ නැහැ....

මහත්තයා මගේ ගව්ම අස්සෙන් අත දැම්මා.... මාව කිති කැව්නා......මගේ මුලු ඇඟම අත ගෑවා.... එක එක ඇඳුම් ගැලෙව්වා.... මට මොනවද උනා......ඊට පස්සේ............................................... ?

මේ වගේ හැම දාම උනා.... හැමදාම බබාව නිදි කරලා මහත්තයා ගාවට යන්න උනා මට...... මහත්තයා බීලා ඉන්න දවසට මට ගොඩක් වද දුන්නා... මගෙ ඇඟ හැම තැනම හපනවා..... වෙලාවකට මගේ කට රිදෙනවා... කට ඇරගෙන ඉඳලා..... මගේ කොන්ඩේ ගැලවෙන්න තරම් වේදනාවක් එනවා..... ඒත් මම ඉවසගෙන හිටියා... මොකද මම බෑ කියන හැම වෙලාවකම මහත්තයා කිව්වේ මගේ පවුලේ අයව මරලා දානවා කියලා.....

ටික කාලයක් යනකොට මට වෙනසක් දැනෙන් ගත්තා... මට උදේට වමනේ වගේ ආවා... දවසක් නෝනා දැක්කා මම වමනේ දානවා... නොනා මගෙන් විස්තර ඇහැව්වා.... පස්සේ මම කිව්වා මට මහත්තයා කරපුවා.... නෝනා මට හොඳටම ගැහැව්වා.....
එදා නෝනා වැඩට ගියේ නැහැ....... පස්සේ මහත්තයා ආවා... මට ඇහුනා දෙන්නා රණ්ඩු වෙනවා... පස්සේ එදාම මාව ගෙදර ගෙනත් ඇරලුවා... තාත්තට මම වැඩ කරපු කාලෙට පඩිත් දුන්නා......

පස්සේ මහත්තයා අපේ ගමෙන් ගියා..... මට මේ බබා ලැබුනා.......

------------------------------------------------------

මේ සත්‍ය සිදුවීමක්... මේ පොලිස් නිළධාරියෙක් විසින් සිදුකරපු බාලවයස්කාර අපයෝජනයක්..... මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා පොලිස් නිළධාරියෙක්.....ඔහු විසින් මේ බාල වයස්කාර දැරිය නොකඩවා මාස ගනනක් දුෂණය කරලා තියනවා.... අවසනයේ ඇය ගැබ් ගත් වහාම ඔහුත් බිරිදත් එකතු වෙලා මේ දැරියට නිවසට ඇරලා... මේ සම්බන්ධයෙන් මො දරැවගේ දෙමවපියෝ පොලිසියේ පැමිණිල්ලක් කරලා.... නමුත් මේ පොලිස් නිළධාරියත්...අදාල ප්‍රෙදේශයේ පොලිස් අධිකාරී කාර්යාලයෝ සේවය කරපු ඔහුගේ බිරිඳත් මේ සිද්ධිය සම්පුර්ණයෙන්ම යට ගහලා....

මේ ගැන දැන ගතත් වහාම මම ඇතුලු  අපේ අනෙකුත් නිළධාරීන් වහාම ක්‍රියාත්මක වෙලා මේ සම්බන්ධයෙන් හොයලා, සිද්ධිය මහේස්ත්‍රාත් අධිකරණයටත්..... ඒ මගින් මහාධිකරණයටත් යොමුකලා...... අදාල නඩුව කැඳවන සෑම අවස්ථාවකදීම මේ දරැවටත් දෙමව්පියන්ටත් අදාල නඩුවට පෙනී හිටින්න එන්න ගමන් ගාස්තු පවා කාර්ය මණඩලයේ පෞදිගලිකව මුදල් ලබා දුන්නා.... 

අවසානයේ අපි හැමොගෙම උත්සහායෙන් අදාල නිළධාරියාට වසර 7 ක සිර දඬුවමකුත්..මේ දරැවට රු. 50,000.00 ක වන්දියකුත් ලබාදෙන්න මහාධිකරණය තීන්දු කලා..... ඒ වගේම මේ නිළධාරියා සම්බන්ධයෙන් ආයතනික වශයෙන් විනය පරීක්ෂණයකුත් ක්‍රියාත්මක කරන්න පොලිසිය කටයුත් කල බව ආරංචියි......

එදා මානව හිමිකම්කාරයක් විදියට මම කරපු දේ ගැන අදත් මම සතුටු වෙනවා..... කාගෙන්වත් සරණක් නැති...... අසාධාරණයට ලක් වෙච්ච ජනතාවට උදව් කරන්න හැකිවීම සම්බන්ධයෙන්...

ඔබට මොකද හිතෙන්නේ... මානව හිමිකම් කාරයෙක් ගේ සේවය ගැන......

මේ සිද්ධියත් එක්ක ඔබට ඇතිවෙච්ච හැඟීම මොකක්ද....?

මේ දරුවාට සාධාරණය ඉෂ්ඨ කිරීම උදෙසා.. අදාල පොලිස් නිළධාරියාව නිතිය ඉදිරියට ගෙන ඒම රටට ද්‍රෝහි විමක්ද...?

රටේ නීතිය කඩන්නන්ට එරෙහිව නැගී සිටීම රටට ද්‍රෝහි වීමක්ද....?

එහෙමත් නැත්නම් අසරණ දෙමව්පියන්ගේ දියිණියට සාධාරණය ඉටු කිරිම රටට ද්‍රෝහි විමක්ද...?

ඔබම හිතන්න.....

මේ අසරණ උන දැරිය සිංහල කථා කරන දැරියක්ද... දෙමළ කතා කරන දැරියක්දැයි ඔබ තාමත් දන්නේ නැහැ.... ඒත් ඔබේ හිතේ ඇතිවෙච්ච හැඟීම මේ කථා කරන භාෂාව හේතුවෙන් වෙනස් වෙන්න පුලුවන්ද....?

ඇත්තමට ඇය ද්‍රවිඩ දැරියක්... මැදවච්චිය මන්නාරම පාරේ අඩප්පන්කුලම් කියන සරණාගත කඳවුරේ දැරියකට උන සිද්ධියක්.... මෙ නඩුව විභාග උනේ වව්නියාව මහාධිකරණයේ......2003/ 2004 තියන කාල වකවානුවේ......

මතක් කරන්න අකැමැති... ඒත් තවමත් අමතක නොවන... අකැමැති මතක......

Friday, March 23, 2012

ආදරේ නැතිව බඩ වෙන්නේ කොහොමද ?


ආදරයක් නැතිව ළමයි හම්බෙන්න පුලුවන්ද ?

මේක ටික දවසකට කලින් කෙනෙක් මගෙන් අහපු ප්‍රශ්ණයක්.....

මගේ උත්තරේ උනේ “ඇයි බැරි“... කියන එකයි...

ඇත්තටම එහෙම පුලුවන්ද ?

ඇය නැවතත් ඇහැව්වා....

එහෙම නැත්නම් ලංකාවේ දුෂණයි වෙන කාන්තාවන්ට ළමයි හම්බෙන්න හිටින්නේ නැද්ද... ?

එහෙමත් නැත්නම් යෝජිත විවාහන් වලදී පලමු එක්වීමෙන්ම ළමයි හම්බෙන්නේ නැද්ද..?

ඇත්තටම අපි මේ කියන ආදරය එතන තියනවද...?

මේවා ඇත්තටම ප්‍රශ්ණ, ළමයෙක් හම්බෙන්න ඇත්ත වශයෙන්ම අවශ්‍ය මොනවද...?  පිරිම ශුක්‍රාණුවක්.. ගැහැණු ඩිම්බයක් සමග සංකෝචනය වීම තුලින් දරුවෙක් හටන්නවා කියන එක සාපේ දී මම ඉගෙන ගත්ත දෙයක්....

එතනදි කිසිම අවස්ථාවක ආදරයක් කියන දේ ගැන කථා කරලා නැහැ.... ඇත්තටම මේ සංසිද්ධිය වෙන්න ආදරයක් අවශ්‍යද..?

සාමාන්‍යෙයන් පුරුෂ ලිංගයක් මොහොතකින් ප්‍රානවත් වෙන් පුලුවන්... ඒ වලේම ස්ත්‍රී යෝණියක් ඒ සඳහා සුදානම් වෙන්න පුලුවන්...... ඒ ඒ අවස්ථාවේ දී උද්දීපනය වන් හැඟීමත් එක්ක.. එතන ආදරයවත්......ගෞරවයවත් ඇතිවෙන්නේ නැහැ... එහෙම වෙනවා නම් අද අපේ රටේ මේ තරම් තාත්තලා නැති දරැවන් බිහිවෙන්නෙත් නැහැ....

එහෙම නම් කෝ ආදරය.....

ඇත්තටම කෝ ආදරය....... ඒක හොයන්න තමයි අමාරැ.... අපි බොහෝ විට මේ දෙක පටල ගන්නවා..... අවශ්‍යතාවය සහ ආදරය.... සාමාන්‍යෙයන් වයස අවුරුදු 16 ක් විතර වෙනකොට ඕනෑම වැඩුනු ගෑණු දරුවෙකුටත් පිරිමි දරුවෙකුටත් ලිංගික හැඟීම පහල වෙනවා... ඒ ඒ අය ජීවත් වෙන පරිසරය අනුව මේ තත්වය එහේ මෙහේ වෙන්න පුලුවන්....

මේකට කියන්නේ විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ශනය.. මේ සංසිද්ධිය බොහොම පරණයි...ආදම් සහ ඒව දක්වා අතීතයක් තියනවා.... අනිත් අතින් විජය කුවේණි දක්වා අතීතයක් තියනවා......ආදම් සහ ඒව සම්බන්ධතාවයේදී අපිට තහනම් ගහේ ගෙඩි කෑවා කියලා නොකියා කියන්නේ දෙන්නා ලිංගික වශයෙන් එකතු උනා තියන එකයි.. .එහෙමත් නැත්නම් සංසර්ගයේ යෙදුනා කියන එකයි....හැබැයි එතනදී කිසිම අවස්ථාවක කථා වෙන්නේ නැහැ ආදම් ඒ වා සමග පෙමින් වෙළුනා කියලා.. එහෙනම් එතන තියෙන්නේ මොකක්ද... ආකර්ෂණය.... විරුද්ධ ලිංගිකයන් කෙරෙහි තියන ආකර්ෂණය....

ඒ වගේම විජය කුවේණි කථා වෙදී... කුවේණියව දැක්ක ගමන් විජයට ආදරයක් ඇති උනාද.... සරළවම එහෙම ආදරයක් ඇත් වෙන්න පුලුවන්ද...?... කුවේණි ගැබිනියක් උනේ ආදරය හින්දා නෙමෙයි.. .ආකර්ශණය හින්දා.....

අනිත් අතින් ගත්තොත්...ඇයි මේ ජීවයේ පැවැත්මේ මුලිකම අංගය වන සංසර්ගය හැම තිස්සේම වහලා ගහන්න හදන්නේ....

බුද්ධ චරිතයේ ගත්තොත්.... අපි පොඩි කාලේ අහලා තියෙන්නේ සුදු ඇත් පැටියෙක් නෙළුම් මලක් අරගෙන යමහමායා දේවියගේ කුසයට ඇතුල් උනා කියලා... ඒත් සත්‍ය වශයෙන්ම සුද්ධොදන රජතුමා කියන්නේ මනුස්සයෙක් නම්.... මහමායා දේවිය කියන්නේ මනුස්ස දුවක් නම් සරළම සත්‍ය තමයි සුදු ඇත් පැටියෙක් කුසට ඇතුල් උනා කියන හීනයක් හේතුවෙන් ගැබ් ගැනීමක් නොවන බව... මේ වහලා කියන්නේ සුද්ධෝදණ රජතුමා මහමායා දේවිය එක්ක සංසර්ගයේ යෙදුනා කියන එක නෙමෙයිද...?

ජේසුස් වහන්සේගේ ගේ උත්පත්තියේදිත් වෙන්නේ මේ හා සමාන සිද්ධියක්.. මරියා නැමැති තරැණියගේ කුසට ආලෝකයක් මගින් දරු පිළිසිඳ ගනිමක් වෙනවා... මෙතනදිත් ව්‍යංගයෙන් කියන්නේ මරියා සහ ජුසේ කියන සාමාන්‍ය අඹුසැමි යුවලක් සංසර්ගයේ යෙදීම තුලින් දරුවෙක් පිළිසිඳ ගත්තා කියන දේ නෙමෙයිද...?

පොඩි කාලෙදී අපි මේ දෙවල් විශ්වාස කලාට කාලයත් එක්ක වැඩන කොට මේ වගේ දේවල් ගැන තර්ක කරන්න හිතෙනවා....

ඇත්තමට සංසර්ගයට ආදරය අවශ්‍යද..?...සංසර්ගය කියන්නේ මහා පාපයක්ද ?... ජීවීයේ පැවැත්මේ මුලිකම අංගය වෙන සංසර්ගය ඇයි අපි වහලා ගහන්නේ.... මේවා ප්‍රශ්න මට නම්...... මේ කියපු දේ ගැන ආගම්වාදීව නොහිතයි කියලා බලාපොරොත්තු වෙනවා......

සරළ වශයෙන්ම ගත්තොත් මේ තියෙන්නේ පහුගිය අවුරුදු හත තුල ලංකාවේ වෙච්ච ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව... මේ හැම එකකම ආදරය තිබුනද...? එහෙම නම් ඇයි මේවා ස්ත්‍රී දුෂණ වෙන්නේ....

2005 දී - 1540 
2006 දී - 1463
2007 දී - 1397
2008 දී - 1582
2009 දී - 1624
2010 දී - 1854
2011 මුල් මාස 3 තුල දී - 471

(මුලාශ්‍ර - ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය)

මේ සංඛ්‍යා ගැන අවධානය යොමු කලොත් අපිට බොහොම පැහැදිලියි දරු ගැබක් හටගන්න හෝ සංසර්ගයේ යෙදෙන්න ආදරය අවශ්‍ය නැහැ කියන එක... 

කථාවට නම් අපි තරම් ආගම අදහන... ආගමට ලැදි ජාතියක් මේ ලෝකේ කෙහේවත් නැහැ..... ඒත් අවුරුද්දකට අපේ රටේ කාන්තාවන් 1000 කට වැඩි ගනනක් දුෂණයට ලක්වීම් වාර්ථා වෙනවා...( වාර්ථා නොවෙන් සිද්ධින් කොපමනද ?) 

මෙවගේ තත්වයක් තුලත් අපි බොහොම අපුරුවට කාන්තා දින සමරනවා.....

කාට හිනා වෙන්නද මන්දා...?

හිතන්න.......

Monday, March 19, 2012

පැණි හඳ.......



නගිනකොටම ඇතිවෙච්ච ගැස්සිල්ල...
දරාගත්ත විදියටම...
මට නම් දැනුනා..
ඔරැවට නැග්ග...
එකම එකා..
මම නොවන වග...

හබල ගන්නකොට අතට...
පෙන්නපු හුරැ ගතිය...
මගේ හිතට ඇතිකලේ...
හබල නම් උඹේ අතට...
අළුත් දෙයක්..
නොවන බව...

ගැස්සෙන හැම වාරෙකම...
ඔරොත්තු දෙන තරමට...
ඔරැව පදම්වෙලා බව..
පසක් කලා මගේ හිතට..
මේ තියන..
නිසල බව...

වඩදියට බාදියට...
දෙකට එකම විදියට...
නොසැලී ඉන්නකොට...
මගේ හිතට නම් හිතුනේ...
මහා ලොකු රැළි වලට..
අහුවෙලා තියනව වග...

හුළං හමන අත..
හරියටම දැනගෙන වේගය..
තව තවත් දුර යන්න...
හරවලා ඔරු බඳ...
දකින කොට මම හිතුවා...
ඔරුවේ ඇති පැරණි බව...

තොටුපොල පෙනි පෙනී..
මග නතර උනාම...
වෙනස් උන තරමටම..
මගේ හිතට නම් දැනුනා..
කැළණි පාලම යටින්..
පොල්ලෙල්ලක් ගිය බව....

Wednesday, March 14, 2012

ඩොලර් කාක්කෙන්ගෙන්..... පංචායුදේට........ආදරයෙන්......




ව්බිම දිනවමු.....!!!!.... හා දිනවමු......

වේදිකාවල “මව්බිම දිනවමු“ කියලා වේදිකාවල බෙරිහන් දුන්නට මව්බිම දිනවන්න බෑ සහෝදරයා...
සටන් පාඨ වලින් මව්බිම දිනවන්න පුලුවන් නම් අපිත් එන්නම්..... ඒත් අතීතයේ ඉඳලම සිද්ධ උනේ මේක තමයි....
ඔහේලා අපිට එන්න කිව්වා මව්බිම දිනවන්න... අපිත් ආවා... අන්තිමට ඔහේලා දින්නා.... මව්බිම වගේම අපිත් පරාද උනා.....
ඔහේලා අදත් කියන්නේ ඒකයි.....
කරුමේ කියන්නේ ඔහෙලාගේ සද්දෙට අපි අදත් රැවටෙන එකයි.....
ගිරිය කඩාගෙන කෑගහලා නෙමෙයි....සටන් පාඨ නෙමෙයි....
මානව හිමිකම් චෝදනා කරනවා නම් ඒවට උත්තර දෙන්න... ඒ විදියට... බොරුවට මිනිස්සු එකතු කරගෙන පාරේ කෑගහලා නෙමෙයි....
අන්තර්ජාතික වශයෙන් ඒවාට උත්තර දෙන්න.... කොටි ජාලය ඔවුන්ගේ පැත්තෙන් ගෙනියන වැඩලිළිවෙල හා සමාන වැඩලිළිවෙලක් ගොඩනගන්න....
පඹයෝ පුච්චලා... මාරාන්තික උපවාස කරලා ඔය ප්‍රශ්ණ වලට උත්තර හොයන්න බැහැ....
ඒ වගේ දේවලට ඔය චෝදනා නවත්වන්නත් බැහැ..
ඔහේලා එක සැරයකුත් ඔය තකතීරැ වැඩේ කලා.... මුන්ට චුන් වෙන්න...
ඔහේ මාරාන්තික උපවාසක් කලානේද ?...
මේකද උනේ.....
මුන් දරුස්මාන් වාර්ථාව අකුලගත්තද..... ඔහේ බොරු රඟපෑමක් කරලා පොර වෙන්න හැදුවා.....
ඔහේ එහෙයියෝ ටිකයි... ගොට්ටෝ ටිකයි වට කරගෙන කරන මේ සෙල්ලම දැන්වත් නවත්තන්න...
ඔහේලා අතීතයෙත් කලේ මේ දේ... මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරපු එක....
71 දී ඔහේලාගේ සටන්පාධ වලට රැවටුන තරුණයෝ කීදාහක් බල්ලෝ බළල්ලු වගේ මරුනද....?
ඒ සිද්ධ උන සමුලඝාතනයෙන් අපේ රටේ බුද්ධිමතුන් කී දාහක් අනිවාර්තේ රටට අහිම් උනාද ?
ඒ ඇතිවෙච්ච බුද්ධි අවපාතය නිසා අපි අවුරුදු කීයක් පීඩා වින්ඳද....
යම්තම් අපි ඒ තත්වයෙන් ගොඩ එන්න හදනකොට ඔහේලා ආයිත් අපිට කිව්වා....
“මව්බිම නැත්නම් මරණය“ කියලා....
අපි ඔහේලා පස්සෙන් වැටුනා.....
ඔහේලගේ මහා ජාතිආලයට අපි රැවටුනා......
අනිත්මට මොකද උනේ......
තවත් වටිනා ජීවිත රැසක් බිල්ලට අරගෙන.... මොල ටික විනාස කරලා.... චින්තකයෝ මරලා.....
ඔහේලා ඔහේලගේ පන්තිය රැකගත්තා.....
අන්තිමට ඔහේ මොකද කරේ..... සටන පාවා දුන්නා... කෝ අද ඔහේගේ විප්ලවේ..... ඕක ඒ කාලෙම කලා නම් අර පාරවල් පාරවල් ගානේ ටයර් සෑ වල පිච්චිච්ච.... හංදිගානේ ලයිට් කණු වල ගැටගහලා හිටපු..... වට රවුම් වල ඔලු එල්ලගෙන හිටපු තරුණ තරුණියේ තාමත් ජීවතුන් අතර..... ඔහේලා මේ සෙල්ලම් කරන්නේ මිනිස්සුන්ගේ ජීවිත එක්ක බව මතක තියාගන්න.....
අද පාර්ලිමෙන්තුවේ උගත්තු බුද්ධිමත්තු කීදෙනක් ඉන්නවද ?...
චණ්ඩි... කුඩුකාරයෝ.... බුකිකාරයෝ...... හොරු...... බස්කාරෙයෝ... නිළියෝ... ක්‍රීඩකයෝ... නළුවෝ.....
මේ ඔක්කොම එකතු වෙලා රටේ කෝටි දෙකක් වන ජනතාවගේ ජීවිත ගැන තීරණ ගන්නවා....
ඔහේලා අපිට පටි තද කරගන්න කියනවා....
ඔහේලගේ දවල්ට දෙන කෑම එක කීයද...?
අපිට කවදාවත්ම ඒ මුදලට කෑම එකක් කන්න පුලුවන්ද.....
අපි පටි තද කරගන්නකොට ඔහේලා පුස් ඌරෝ වගේ ආරලා... පටි බුරුල් කරගන්නවා......
ඔහේලා කෑ ගහනවා අපේ රටට අත තියන්න එපා කියලා... තව මොනවද තියන්න තියෙන්නේ... දැන් තියලා ඉවරයි.... අපේ කියලා අපිට මොනවද තියෙන්නේ....
මොන රටටද අපි ණය නැත්තේ.....චීනෙට ණයයි... ජපානෙට ණයයි... ඉන්දියාවට... ඉරානෙට.....අන්තර්ජාතික මුල්‍ය අරමුදට ණයයි...මෙකී නොකී බොහෝ රටවල් වලට ණයයි.....
ඔහෙලා මහ උජාරැවට කියනවා පාරක් පාරක් ගානේ සංවර්ධනය කියලා...
ඔව් පාරවල් හැදෙනවා තමයි....
ඒත් තව පරම්පරා ගානකට ඒ පාරවල්වල යන උන්ට ගෙවන්න ණය තියනවා.... කවදා හරි දවසක උන් කියයි මෙහෙම පාරවල් හදලා අපිව ණය කාරයෝ කරලා රටට බිහිකරාට වැඩිය ඒ කාලෙම සරමට හැළුවා නම් කියලා.....
පාරක් හැදුවාම ඔහේගේ සාක්කු පිරෙනවා නේද..... ඔහේලා හිතන්නේ අපි ඒක දන්නේ නැහැ කියලද....
ඔය කරන හැම මහා සංවර්ධන සංග්‍රාමයකින්ම ඔහේලගේ සාක්කු පිරෙනවා කියලා අපි දන්නවා..... ඒකනේ ඔහේල වෙන මොන අඩුපාඩු තිබුනත් කොන්ක්‍රීම් වලටම සල්ලි යට කරන්න හදන්නේ.....
අධි වේගී මාර්ග ඕනේ.... ගුවන් පාලම් ඕනේ...... ඒත් එක්කම .....
මිනිස්සුන්ට ජීවත් වෙන් පුලුවන් වාතාවරණයක් හදන්න.... මනුස්සයෙක්ට මාසේ පඩියක් අරගෙන තමන්ගේ අඹුදරැවෝ එක්ක සතුටින් ඉන්න පුලුවන් රටක් නිර්මාණය කරන්න....
ඉස්කොල වහන්න නෙමයි අරින්න වැඩ කරන්න...... ශිෂ්‍යන්ට ඉගෙනගන්න පුලුවන් පරිසරයක් හදන්න....
ක්‍රීඩකයන්ට ඔවුන්ගේ පාඩුවේ ක්‍රීඩාව කරගෙන යන්න දෙන්න...
ගොවියන්ට වී ටිකට සාධාරණ මිලක් දෙන්න..... ගෙවන්න පුලුවන් විදියේ විදුලි බිලක් දෙන්න......
සරිලන වැටුපක් දෙන්න....... අලි කරදරෙන් දුක් විඳින මිනිස්සුන්ට අපි වැටක් දෙන්න..... ගෙදරින් එළියට ගිය තමන්ගේ දරුවා යහතින් ගෙදරට එන්න පුලුවන් විදි වාහන පදවන නීතිගරුක රියදුරන් පිරිසක් බිහි කරන්න.....
ගුවන් පාලම් නෙමෙයි.... ගඟ හරහා යන්න පාලමක් හදලා දෙන්න
මිනිස්සු ඉල්ලන්නේ ආසියාවේ ලොකුම කුළුණ නෙමෙයි.....
මිනිස්සුන්ට ජීවත් වෙන් පුලුවන් පරිසරයක්......
නාස්තිය අවම කරන්න... ගසා කෑම නවත්වන්න.....
අඩුම ගානේ උත්සහ කරන්න රටේ තියන සම්පත් නිසි පරිදි කළමණාකරණය කරන්න....
වැඩපිළිවෙලක් හදන්න ඇත්පෙනිත්තක්වත් අපේ රටේ හදන්න.... මුලු ලෝකෙම ඉස්සරහට යන්නේ තාක්ෂණයෙන්....
තේ, රබර්, පොල් වලම එල්ලිලා ඉන්නේ නැතිව වෙන දෙයක් භාණ්ඩ නිෂ්පාදන ආර්ථිකයකට රට යොමු කරන්න.....
මිනිස්සු ඡන්දේ දෙන්නේ අතීතයේ කරපු ගොංකං තවත් කරන්න නෙමෙයි....
අන්න එදාට මව් බිම දිනයි.....
අන්න එදාට අපේ අනාගතේ සුභ වෙයි.....!!!!!

Monday, March 12, 2012

පට්ට ටීචර්......



එක්තරා පැසැලකට අලුතින් පත්වෙලා ආවා බොහොම තරුණ ගුරුවරියක්.. (නැහැ මම ගිය ඉස්කෝලේ නෙමෙයි) බොහොම හැඩකාර තරැණ ඇයි ටිකක් වැඩිපුර විලාසිතා පැත්තට බරයි (තරණ වයසනේ) මේ ගුරුතුමිය ඇඳන්නේ පළඳින්නේත් බොහොම කැපිලා පේන විදියට...

මුල් දවස් ටිකේ පහල පන්ති වල උගන්නපු ඇයට හදිසියේම ආදේශඛයක් විදියට සාමාන්‍ය පෙළ පන්තියකට උගන්නන්න සිද්ධ උනා.. 

ඔන්න මේ ගුරුතුමිය උගන්න උගන්න ඉන්නකොට එක කොල්ලෙක් අවධානය වෙන අතක... මොනවදෝ කුරුටු ගානවා..... තමන් කිසිම සටහනක් නොදුන්න එකේ මේ කොල්ලා මොනවද කුරුටු ගාන්නේ කියලා ගුරුතුමිය හොයලා බැලුවා....

ඇයට මෙන්න පොතක ලියලා තිබුන ඒ වෙනකොටත් අවසන් නොකරපු මෙන්න මේ කවි පෙල හම්බුනා...

නැමිලා දෙකට ගත්තා ඈ හුණු කොට්ටේ
කලිසම ගිහින් වැදුනා මේසේ ගැට්ටේ
මැද දාරයට හිර වී ඇගේ රතු හැට්ටේ
නටනවා වගේයි තාලෙට වැල එක නැට්ටේ..

මුල්ලට වෙන්න නෙරියේ රැළි ගොඩ ගැහිලා
සත පනහකට වැඩි ලොකු නාභිය ඇරිලා
නොවැදී වැදී යනවිට මා පහුකරලා
නොබලා ඉන්නේ කොහොමද මම ඇස්වහලා..

හිර කර ඇඟිලි තුඩුවට රට හුණු කෑලි
ඉස්සී පහත්වී ලියනා විට පේලී
මතුවන දාරයේ ලස්සන හැඩ බේරී
නොලියා ඉන්නේ කොහොමද මේ කවි කෑලී..

රත් පැහැ දෙතොල ඇයි මේ හැටි වෙහෙසන්නේ
සිහිනෙන් වගේ මොනවද ඈ පවසන්නේ
නැහැ කිසි දෙයක් වෙන මගේ මතකෙට එන්නේ
මේ හැටි ඇයිද පපුවට ගින්දර දෙන්නේ..

මල් සාරියට නම් ඈ හරි හැඩකාර
නොබලන දෑස් ඒ දෙස හරි පව්කාර
නොබලා ඉන්න හැදුවත් ඇස් කීපාර
නවතනු කෙලෙස මේ හිත හිතුවක්කාර..

නැමුනා එක වරම ඇය ගුරු මේසයට
වැල ගෙඩියක් වැටුනා වාගේ බිමට
පැත්තට පේන දර්ශණයේ අසිරියට
ඉවසන දනන් හට ජය කොඩි වෙන කුමට..

දැන් නම් තවත් බෑ මිස් ඉවසන් ඉන්න
හැකිනම් මාව ඔය ඔරැවට නග්ගන්න
හබල අලුත් හන්දා බැහැ දුර යන්න
කෙටි පාරකට පුලුවන් නම් හරවන්න..

පින්කර කියනවා මගේ ඇස් දෙක හොඳට
මතකෙට ගනිමි මම මේ පාඩම අදට
නින්දට කලින් සිහිකර මේ ගැන තිතට
දෙන්නෑ කිසිම නිවනක් අද මම අතට..

සමාවෙලා මේ දේ කියලා දෙන්න
කවුරුද ඔබව මැව්වේ මට පවසන්න..
ඔබ යන

මේක දැක්ක ගුරුතුමියට හොඳටම කේන්ති ගියාලු...
අර ළමයගේ කනින් ඇදගෙන.. පොතත් අරගෙන ගියා විදුහල්පතිතුමා ගාවට...
ගිහින් විස්තරේ කියලා ඔය කවිපෙළත් පෙන්නවලු...
දන්නවද විදුහල්පතිතුමා දුන්න උත්තරේ...
මේ කොල්ලා මොකෝ ටීචර්... ඔයාව දකින කොටත් මටත් හිතුනේ ඔය ටිකමනේ...

Wednesday, March 7, 2012

වේවැල්වත්තේ සිරියාවතී නොහොත්......

 ඉස්සර 
අතට පන්සීයයි.. 
කාමරේට දෙසීයයි
හරියට පැයයි....
උඹ හරි ගනන්...
රතු තොල් දිලිසෙන...
බෝල ඇස් කරකවන...
පුම්බපු දෙතන..
ගස්සන උකුල....
කෝ උ‍ඹේ මායම් දැන්...
හපලා හපලා සාරේ උරපු...
බුලත් හපේ වගේ උබත්...
ඒ හක්කෙන් මේ හක්කට..
තැලිලා තැලිලා...
බිටම වැටුන....
උඹේ තිබුන ගනන්
දැන් බැහැලා පයිසෙටම
අද..
පාන් බාගෙට.....
කරෝල සීයට.....
පරිප්පු පනහට...
ගඳ ගහන මුඩුක්කුවේ..
එලපු ගොනි පඩංගුවේ..
දාඩියෙන් තෙත්වෙව්ච...
රළු දෑතට යටව..
හදිසියට බුදියන..
ඇඟට බරවෙන තරමට..
නුඹටත් දැනුනද
ජීවන බර..
අප්පා නැති දරුවන්ගේ..
බඩගින්න...
තෙල් ගනන් ගිය කාලේ...
ඇයි උඹ මේ තරම් ලාභ..
සරමෙන් පිහිදගෙන...
අතට ගුලි කරන..
රුපියල් දහයට...
උස්සන තරමට...
වැඩිද දැන් සැපයුම...
කාගෙවත් සරණක් නැති..
අවලංගු කාසිය..
නුඹ....
අපේ කාලයේ....
ජනපදකල්‍යාණිය..

Tuesday, March 6, 2012

සන්නස්‌ගල නම් ඔහු.....

ප්‍රේමයේ ආධ්‍යාත්මය වෙනුවට අද හොයන්නේ ශරීරය
සන්නස්‌ගල


ප්‍රේමය නමැති මාතෘකාවට ඔබ මෙතරම් ඇලුම් කරන්නේ ඇයි?

අපේ රටේ ප්‍රේමය කියා දෙයක්‌ නැති නිසා අද වෙද්දී ටෙලි නාට්‍යවල, චිත්‍රපටවල, නවකතාවල මෙන්ම සමාජයේ අප අත්දකින ප්‍රේම සම්බන්ධතා සැබෑම ප්‍රේමය ද කියා පොඩි ප්‍රශ්නාර්ථයක්‌ තියෙනවා. මගේ නම් අදහස අද වන විට ප්‍රේමය කියන දෙය විස්‌ථාපනය වෙලා ලිංගිකත්වය එතනට ඇවිල්ලා. එතකොට ප්‍රේමය වශයෙන් කතා කරන හැම දේම සමාජගත වෙන්නේ ලිංගිකත්වයට සම්බන්ධ වෙලා. අද කොල්ලෙක්‌, කෙල්ලෙක්‌ දිහා බලන්නේ ලිංගිකත්වයෙන්. ඒ නිසා අද ප්‍රේමය ගැන සාකච්ඡා කිරීම අවසානයේදී ලිංගිකත්වය පිළිබඳව සිදු කරන සාකච්ඡාවක්‌ බවට පත්වෙනවා.

මම පුංචි උදාහරණයක්‌ කියන්නම්. එක සැරයක්‌ මම "ලව් එකට සිංහල" කියලා පුංචි බුක්‌ මාර්ක්‌ එකක්‌ ගැහුවා. බොහෝ දෙනෙක්‌ මේක පෙන්න පෙන්න හැමතැනම මට බැන්නා. හේතුව තමයි මේ අය ලව් (LOVE) කියන දෙය තේරුම් අරන් තියෙන්නේ ''සෙක්‌ස්‌'' විදිහට. ඒ කියන්නේ ඔවුන්ගේ ජීවිතයේ ලව් කියල දෙයක්‌ නැහැ. තියෙන්නේ සෙක්‌ස්‌ විතරයි.

නමුත් මේ ප්‍රේමය තුළ ලිංගිකත්වය කියන දෙය සදාකාලික දෙයක්‌. අද වගේම එදා පෙම්වතුනුත් හිතුවේ එහෙමයි. නමුත් මේක අතීත කාමය පිළිබඳ සංවාදයක්‌ නෙමෙයි.

අපි මෙහෙම හිතමු. පනහේ දශකයේදී මහාචාර්ය සරච්චද්‍රයන්ගේ මලවුන්ගේ අවුරුදු දා සමාජගත වෙනවා. එතෙනදී නොරිකෝ සං දෙව්න්දරා සංගේ ගෙදර නැවතිලා ඉන්නවා. මේ අය කසාද බැඳලා නැහැ. ඔවුන් චිත්‍රපට බලනවා. කබුකි නාට්‍ය බලන්න යනවා. මේ අවස්‌ථාවලදී නොරිකෝගේ තාත්තා දෙව්න්දරා සංට ස්‌තුතිවන්ත වෙනවා එයාගේ දුවව කබුකි නාට්‍යයක්‌ බලන්න රැගෙන යැම පිළිබඳව. නොරිකෝගේ අයියා දෙව්න්දරාව රැගෙන එන්න පෙරමඟට යනවා. ඒ මලගිය ඇත්තෝ

දැන් මේක වර්තමාන සමාජයට දමල බැලුවොත් කෙල්ලෙක්‌ යනව කොල්ලෙක්‌ එක්‌ක මහින්දාගමනය චිත්‍රපටය බලන්න. නරක ගමනකුත් නෙමෙයි. චිත්‍රපටයත් නරක එකක්‌ නෙමෙයි. මේක කෙල්ලගෙ තාත්තට ආරංචි වුණොත් "බොහෝම පිංසිද්ධ වෙනවා පුතේ" කියල කියයිද? නංගිගේ යාළු කොල්ල ගෙදර එනව කිව්වොත් අද අයියල කරන්නේ මඟදීම අරූගෙ කකුල් කඩනව. නැත්නම් හොම්බ තලනවා. මේක තමයි යථාර්ථය. කරුණාසේන ජයලත්ගේ එක නවකතාවකවත් අරන් පෙන්නන්න පුළුවන්නම් කෙල්ලෙකුට ලිංගිකත්වය ආරෝපණය කරපු එකක්‌වත් නැහැ. ඒක නිසා ලිංගිකත්වය එදත් තිබුණ කියල කියන්න බැහැ. එදත් ලිංගිකත්වය සහ ප්‍රේමය තිබුණා. නමුත් අද ප්‍රේමය ඇත්තේම නැහැ.

පෙම්වතෙක්‌ ලෙස ඔබේ තරුණ විය දෙස හැරී බැලුවොත්, ඔබ මොනවගේ පෙම්වතෙක්‌ද?

තරුණ වියේදී කියූ දෙයට මා විරුද්ධයි. මා තවමත් තරුණයි. ඒ වගේම තවමත් පෙම්වතෙක්‌. මගෙන් කවුරු හරි ඇහුවොත් පෙම්වතෙක්‌ ලෙස පළමු වරට හැඟුම් ප්‍රකාශ කළේ කොයි කාලෙද කියල මගේ අවංක පිළිතුර තමයි පහේ ශිෂ්‍යත්ව පන්තියේදී කියන එක. ඒක ප්‍රේමයද, එහෙමත් නැත්නම් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි තිබෙන ආකර්ෂණය ද කියල මට තේරුමක්‌ තිබුණේ නැහැ. කොහොම වෙතත් මගේ හිතේ ඒකපාර්ශ්වික කැමැත්තක්‌ ඒ ළමයට තිබුණා. හැබැයි අදටත් එහෙම දෙයක්‌ ඒ ගෑනු ළමය දන්නෙ නැහැ. ඊට පස්‌සේ අවුරුදු දාසයේදී, විසිපහේදී තිහේදී තිබුණු ප්‍රේම සම්බන්ධතාවල ස්‌වරූපයේ වෙනසක්‌ තිබුණා. අද වෙත්දි තවත් වෙනස්‌ වෙලා. අනාගතයේදී වෙනස්‌ම විදිහක්‌ වේවි. ප්‍රේමය කියන්නේ එක තැනක තියෙන නිර්මල පාරිශුද්ධ අදහසක්‌ නෙමෙයි.

එදා සහ අද පෙම්වතුන්ගේ ඔබ දකින වෙනස්‌කම් තිබෙනවාද?

ඔව්. උදාහරණ කීපයක්‌ අරගෙන බලමුකෝ. අපේ අප්පච්චි අපේ අම්මට ආදරේ කරන කාලේ දීල තියෙනව කිතුල් හකුරු බෑයක්‌. මොකද ඒ කාලේ අප්පච්චි කිතුල් කපල තියෙනවා. ඒක තමයි ඔවුන්ගේ ප්‍රේමයේ සංකේතය. ගමේ මගේ අයිය කෙනකුට එයාගේ ගෑනු ළමය දීල තිබුණ මට මතකයි කොට්‌ට උරයක්‌. ඒකෙ තිබුණ බෝකොළ වගේ දෙකක්‌ මහල. ඒ මැදින් ඊතල දෙකක්‌ මහල. උරේ එක පැත්තක තිබුණ Good Morning කියලා. අනෙක්‌ පැත්තෙ තිබුණා Good Night කියලා. ඔය කාලෙම වගේ අපේ අක්‌ක කොල්ලෙකුට ලේන්සුවක්‌ දීල ලොකු ප්‍රශ්නයක්‌ වුණා මට මතකයි. අපි ප්‍රේම කරන කාලේ චොක්‌ලට්‌, පොත් වගේ දේවල් තමයි සංකේත විදියට හුවමාරු කරගත්තේ. අද අලුත්ම තත්ත්වය තමයි ගුවන් ටිකට්‌පතක්‌, නැත්නම් හෝටලයක කාමරයක්‌, මේ තමයි ප්‍රේමයේ හුවමාරු භාණ්‌ඩ ලෙස අලුතෙන්ම සොයාගෙන තියෙන්නේ.

ඒ කාලේ මේ පෙම්වතිය වගේ කෙනා සොයන්න පොඩි සාහිත්‍ය පසුබිමකුත් තිබුණා. වත්සාන සිහිනයේ චාප වගේ අය හෙව්වා. කරුණාසේන ජයලත්ගේ නවකතා කියවල තක්‍ෂිලාවේ ධම්මි වගේ අය හොයනවා. ඊටත් එහාට ගියාම රුක්‌මණී වගේ අය හෙව්වා. මාලනී වගේ ගැමි මුහුණු තිබෙන අයවත් හෙව්වා. ඒ කියන්නේ සාහිත්‍ය කලාව ප්‍රේමය සඳහා ඔවුන්ට යම් යම් ඉඟි සපයා තිබුණා. ඒ වෙනුවට දැන් අපේ බහුතරයක්‌ පෙම්වතුන්, හොයන්නේ ''පට්‌ට කෑල්ලක්‌'' ස්‌ත්‍රිය තුළ තිබුණු ප්‍රේමය තුළ තිබුණු ආධ්‍යාත්මය නෙමෙයි එතෙන තියෙන්නේ. මේ හොයන්නේ ශරීරය.

ඉදිරියට පෙම්වතුන්ගේ දිනයක්‌ කියා දෙයක්‌ එනවා. ඔබත් මේ වෙනුවෙන් බොහෝ සංකල්ප මැවූ කෙනෙක්‌. අද ඔබ මේ දිනය දකින්නේ කොහොමද?

පෙම්වතුන්ගේ දිනය ලංකා සමාජයේ පහළ පන්තියට ළංකරන්න පළමුවෙන්ම උත්සාහ කළේ මම. ඒක මම පිළිගන්නවා. හැබැයි ලංකාවේ ඉහළ පන්තිවල අය කාලෙක ඉඳන් මේ පෙම්වතුන්ගේ දිනය බොහොම ලස්‌සනට සැමරුවා. ඒ කාලේ මම මේ වෙනුවෙන් ''ආදරණීය වත්සානය'' කියලා ප්‍රසංගයක්‌ කළා. විහාරමහාදේවි එකේ ''රත්තරන් වැස්‌ස කියල කඳවුරක්‌ කළා. මගේ අම්මේ ඒ කාලේ මේකට තිබුණු විරෝධය. නමුත් ලංකාවේ එකම එක පත්තරකාරයෙක්‌ (දිවයිනේ චද්‍රසිරි දොඩංගොඩ) මේක හරියට නිරීක්‍ෂණය කරලා ලිපියක්‌ ලිව්වා. එතන ඔය මිනිස්‌සු කියපු කිසිදෙයක්‌ වුණේ නැහැ කියලා. මේ හැම දෙයක්‌ ගැනම වැරදියට බලල කෑගහල අපේ රටට අවශ්‍ය සෙනෙහස හා ආදරය ලැබුණද කියල ප්‍රශ්නයකුත් මතුවෙනවා. මෙහේ නැත්තෙම ඒක.

සුළි සුළං එන ජපානේ, සුනාමි එන ජපානේ, කාඩ්බෝඩ්වලින් ගෙවල් හදන ජපානේ, හිරෝෂිමා, නාගසාකී වැනි විනාශයන් වුණු ජපානේ ෆුජියාමා ගිනිකන්ද කොයි වෙලාවේ පුපුරයිද කියල දන්නේ නැති ජපානේ, මිනිස්‌සුන්ගේ හිත්වල පුපුරන්න තරම් ප්‍රේමය තියෙනවා. ඒක හරි ලස්‌සනයි. නමුත් මෙච්චර ආරක්‍ෂා කරන්න හදන, මෙච්චර බණ කියන ලංකාවේ ප්‍රේමය කියන සාධකයට මොනවද අද දකින්න ලැබෙන්නේ. කෙල්ලත් මරල කෙල්ලගෙ නංගිවත් මරලා අම්ම තාත්තත් මරලා වත්තේ තියෙන කෙසෙල් ගස්‌ දෙකකුත් කපල යන තත්ත්වයක්‌ තමයි අද තියෙන්නෙ. පරම්පරාවම ඉවරයි. මේකද ප්‍රේමය කියන්නේ. දැන් කටුනායකින් ලංකාවට විදේශිකයෝ එද්දී මල්මාලා දාල ආයුබෝවන් කියල බොහෝම ලස්‌සනට පිළිඅරගෙන තංගල්ලේදී මරල දානවා. මේකද ප්‍රේමයේ පාරාදීසය. මේක තමයි ලෝකෙ වැඩියෙන්ම පන්සිල් ගන්න රට. පෝය දවස හොයන්නත් බැහැ වෙන දවසක්‌ හොයන්නත් බැහැ කොයි වෙලාවේ බැලුවත් රේඩියෝ එකේ බණ. නැත්නම් පිරිත්. නමුත් වැඩියෙන්ම කාමයේ වරදවා හැසිරෙන්නේ මෙහේ. බොරුකීම සබ්ජෙට්‌ එකක්‌ වෙලා තියෙන්නේ මෙහේ. වදාපු අම්ම පල්ල, බුදුහාමුදුරුවන් පල්ලා, දෙයියම්පල්ලා, දරුවෝපල්ලා කියලා බොරු කියනවා. අසාධාරණය විනෝදයක්‌ කරගෙන තියෙන රටක්‌. එහෙම රටක ආදරය තියෙන්න විදිහක්‌ නැහැ. පෙම්වතුන්ගේ දිනයට අපේ අය පහර ගැහුවේ බටහිරින් ආපු දෙයක්‌ කියලනේ. එහෙනම් තෝමස්‌ අල්වා එඩිසන්ගේ බල්බ් පත්තු කරන්නත් හොඳ නැහැ.

ගුරුවරයෙක්‌ ලෙස සිසු සිසුවියන් තුළ හටගන්නා ප්‍රේමය ඔබ අනුමත කරනවද?

මම විටෙක බේබද්දෙක්‌ . මොකද මට හිතුනම යාළුවොත් එක්‌ක මත්පැන් බොනවා. මම රස්‌තියාදු ගහනවා. එතකොට රස්‌තියාදුකාරයෙක්‌, වෙලාවකට නවකතා කාරයෙක්‌, තවත් වෙලාවකදී සංවාදකාරයෙක්‌. විචාරකයෙක්‌, ගෙදරදී දරුවන්ට පියා, බිරිඳට ස්‌වාමිපුරුෂයා, උගන්නද්දී තමයි ගුරුවරයා. ලංකාවේ තියෙන වරද තමයි මේ හැම දෙයක්‌ම ගුරුවරයත් සමඟ පටලවා ගැනීම.

පන්ති කාමරයේදී දැඩි නීතිනීති අනුගමනය කරන ලංකාවේ විනය ගරුකම ගුරුවරයා මම. මගේ පන්තිවල කාටවත් සෙල්ලං කරන්න බැහැ. පොලිස්‌කාරය පොලිසියේදී සැර වුණාට ගෙදරදී ඒ සැර නැහැ. මම අනෙක්‌ දේවල් පන්තියේදී කරනව නම් ඒක වැරදියි. නමුත් මම පන්තියේදී ගුරුවරයෙක්‌ පමණයි. මම පන්ති එන්නේ ලස්‌සනට දිග කලිසමක්‌ ඇඳල. නමුත් මම රස්‌තියාදු ගහන්නෙ ෂෝට්‌ එකක්‌ ඇඳල. ඒ නිසා මේව පටලවා ගැනීම වැරදියි.

නමුත් ඉගෙන ගන්න ළමයින්ව ප්‍රේමයට පොළඹවනවාය කියන චෝදනාව ඔබට තියෙනවා

අද හැදෙන තරුණ පරම්පරාවට ආදරය කරන්න උගන්වන්න පුළුවන් නම් ගොඩක්‌ හොඳයි. නමුත් පන්තියේ පෝළිමවත් හදාගන්න බැරුවයි මම ඉන්නේ. මේ සමාජයේ ඉඳල එන එවුන්ට උගන්වනවා ඇරෙන්න වෙන දෙයක්‌ කරන්න මට බැහැ.

ඔබත් අධ්‍යාපනය ලබන වයසේ දරුවන් ඉන්න තාත්තා කෙනෙක්‌. ඔබේ දරුවෙක්‌ ප්‍රේමවන්තයෙක්‌ වුණොත් ඔබ ගන්නා තීරණය කුමක්‌ වෙයිද?

මම මේ ළඟදී පොඩි එකාගෙන් ඇහුවා පුතේ කෙල්ලෙක්‌ එහෙම ඉන්නවද කියලා. නැහැ කිව්වා. ලොකු පුතාගෙනුත් ඇහුවාම එයා කිව්වෙත් නැහැ කියලා. ඊට පස්‌සෙ මම ඇහුවා යකෝ මෙච්චර කල් මොනව කරනවද කියලා. මට නම් කිසි ප්‍රශ්නයක්‌ නැහැ. එහෙම තියෙනවා නම් කොච්චර සුන්දරද?

ඔබ මේ කරන කියන හැම දේකම අවසාන බලාපොරොත්තුව ඔබට මේ සමාජයේ හොඳ මාකට්‌ එකක්‌ හදා ගැනීම සඳහායි කිව්වොත්?

පත්තර හෝ වේවා වෙනත් මාධ්‍යයකින් හෝ වේවා කවුරුවත් ඇවිල්ල මට ආදරේට සන්නස්‌ගලට සපෝට්‌ එකකට මාව ඉන්ටවිව් කරන්නේ නැහැනේ. ඔය එන්නේ තම තමන්ගේ මාකට්‌ එක හදාගන්න. ඒ නිසා මට අලුතෙන් මාකට්‌ වෙන්න ඕන නැහැ.

සන්නස්‌ගල කියන්නේ සාර්ථක ව්‍යාපාරිකයෙක්‌ ද හොඳ ගුරුවරයෙක්‌ද?

මම තමයි ලංකාවේ අසාර්ථකම ගුරුවරයාගේ සංකේතය. පසුගිය කාලෙ ඩික්‌සනරියක්‌ ගහල ලක්‍ෂ පන්සීයක්‌ නැතිකර ගත්තා. චිත්‍රපට තුනක්‌ කළා. තුනම අසාර්ථකයි. මට වඩා හොඳ නවකතාකාරයෝ ලංකාවේ අවම වශයෙන් දහදෙනෙක්‌වත් ඉන්නවා. මට වඩා හොඳ ගීත රචකයෝ අවම වශයෙන් පහළොවක්‌වත් ඉන්නවා. මට වඩා හොඳ ව්‍යාපාරිකයෝ ලංකාවේ ලක්‍ෂ ගාණක්‌ ඉන්නවා. හැබැයි මට වඩා හොඳ ගුරුවරයෙක්‌ මේ ලංකාවේ කොහෙවත් නැහැ.

සමාජය ඔබව නොයෙකුත් විදිහට හඳුනාගෙන තිබෙනවා. නමුත් ඔබ හඳුනාගෙන සිටින ඔබ කවුද?

මට ඒකට උත්තරයක්‌ නැහැ. මොකද මගේ ජීවිතේ කවදාවත් ටාගට්‌ එකක්‌ තිබිල නැහැ. මම මේ හැම තැනකම සැරිසරන චරිතයක්‌. මෙහෙම ඉඳලා කවද හරි යන්නම යයි. අන්න එදාට කවුරුහරි මාව හඳුනගත් කෙනෙක්‌ මා ගැන කියයි.

ඔබ තුළ සිටි සිනමා වේදියා පලාගිහින්ද?

පළවැනි චිත්‍රපටය කරල ආර්ථික අතින් වැටෙනවා. දෙවැනි එක කරල ආයෙත් වැටුණා. තුන්වැනි එකත් කරල හොම්බෙන්ම ගියා. මෙහෙම නැති කරන්න මා ළඟ රේස්‌බුකි සල්ලිවත්, පිරමීඩ් සල්ලිවත් නැහැනේ. උගුර ලේ රහ වෙනකම් කෑගහල තමයි මේවා හොයන්නේ. දැන් චිත්‍රපටි නොකර ඉන්නේ සල්ලි නැති නිසා.

මේ සියලු දේ අවසානයේ ඔබේ බලාපොරොත්තුව මොකක්‌ද?

මුකුත් නැහැ. මේ හැම දේම මගේ සතුට වෙනුවෙන්.

රංග විදානේ
ඡායා - නිශාන් එස්‌. ප්‍රියන්ත

(උපුටා ගැනීම - සොඳුරැ සිතේ මූනු පොතේ බිත්තියේ තිබුන ඉරිදා දිවයින පුවත් පතේ මීවිත අතිරේකයේ පලවු සාකච්ඡාවක් ඇසුරින්)