ඉස්සර
අතට පන්සීයයි..
කාමරේට දෙසීයයි
හරියට පැයයි....
උඹ හරි ගනන්...
රතු තොල් දිලිසෙන...
බෝල ඇස් කරකවන...
පුම්බපු දෙතන..
ගස්සන උකුල....
කෝ උඹේ මායම් දැන්...
හපලා හපලා සාරේ උරපු...
බුලත් හපේ වගේ උබත්...
ඒ හක්කෙන් මේ හක්කට..
තැලිලා තැලිලා...
බිටම වැටුන....
උඹේ තිබුන ගනන්
දැන් බැහැලා පයිසෙටම
අද..
පාන් බාගෙට.....
කරෝල සීයට.....
පරිප්පු පනහට...
ගඳ ගහන මුඩුක්කුවේ..
එලපු ගොනි පඩංගුවේ..
දාඩියෙන් තෙත්වෙව්ච...
රළු දෑතට යටව..
හදිසියට බුදියන..
ඇඟට බරවෙන තරමට..
නුඹටත් දැනුනද
ජීවන බර..
අප්පා නැති දරුවන්ගේ..
බඩගින්න...
තෙල් ගනන් ගිය කාලේ...
ඇයි උඹ මේ තරම් ලාභ..
සරමෙන් පිහිදගෙන...
අතට ගුලි කරන..
රුපියල් දහයට...
උස්සන තරමට...
වැඩිද දැන් සැපයුම...
කාගෙවත් සරණක් නැති..
අවලංගු කාසිය..
නුඹ....
අපේ කාලයේ....
ජනපදකල්‍යාණිය..
උඹ රාචගිරිය පැත්තෙ රෑට ගිහින් තියනවනං දැකල ඇති පාර්ලිමේන්තු පාරෙ දකුනු පැත්තෙ ඉන්නව ඇවිදගන්න බැරි තරමට කුඩු ගහපු කෙට්ටුම කෙට්ටු ගනිකාවක්. නම චායා. ඉස්සර රාජගිරියටම හිටපු සුපිරිම කෑල්ල. දැං රැපියල් 20ට කානු පල්ලෙ බුදියෙනව . . . මේක කියවද්දි මට මතක් උනේ ඒකිව . . රුපියලට යටවෙන මනුස්ස ජීවිත
ReplyDeleteරුපියල් ලක්ෂගානක් වියදම් කරලා කාන්තා දිනය සමරනවා..... මුලු ජීවිත කාලෙම ගිණිගත්ත මිනිස්සුන්ගේ ගිණි නිවලා මේ වගේ අසරණ උන කාන්තාවන් කීදෙනෙක් අද අපි අතර ඉන්නවාද ?
Deleteබොහොම ස්තූතියි මචං.....
වියපත් වෙනකොට බොහෝ ගණිකාවන්ට අත්වන ඉරණම මේක තමයි නේද ?
ReplyDeleteබොහොම ස්තූතියි ගිම්හානි නිංගී.....
Deleteමේක බොහොම පොදු තත්වයක්..... ඒක වෙනස් වෙනවා ඒ ඒ කාන්තාවන් සේවය සපයන සමාජ තලය අනුව...
තවත් දුක්බර ගෑනු චරිතයක්!!!
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රවීනා.....
Deleteඔව්.....වැඩි අවධානයක් යොමු නොවුන.....
කුරුණෑගල ස්ටෑන්ඩ් එකේ හිටපු ඩයනත් ඔහොම ඇති.
ReplyDeleteබොහොම ස්තූතියි.... කිරි පුතා.....
Deleteවෙන්ටැති... වෙන්ටැති....
සත්‍ය ජීවිත යථාර්තයක් .....
ReplyDeleteහෙට ගෑනුන්ට නං ඔහොම හරි පුලුවන් කියන්නකො, එතකොට පිරිමි මොකෑ කොරන්නෙ .....
බොහොම ස්තූතියි පන්සල් හංදිය....
Deleteපැහැදිලි නැහැ නේ ප්‍රශ්ණේ.....
මම පොඩි විහිලුවක් කලේ .......
Deleteමම කියන්න හැදුවෙ ගෑනු කොච්චර වයසට ගියත් මොකෙකුට හරි තමන්ගේ ඇඟ පූජ කරලා පරිප්පු ග්රෑම් 100 ක් හරි ගත්තා කියමුකෝ ......
දැන් පිරිමි වෙච්ච අපිට කොච්චර සල්ලි නැති උනත් ඒ විදියට විකුණන්න දෙයක් නෑනෙ ....
අයියෝ සල්ලි.......
ReplyDeleteකාගේද ?
Deleteවයසට යද්දි කොයි දේ උනත් වෙනස් වෙනවනේ..
ReplyDeleteබොහොම ස්තූතියි දිනේෂ්.....
Deleteකාලය හැමදෙයක්ම වෙනස් කරනවා....
අස්ථිර ජීවිතයේ වෙනස්වීම ඇයට බලපාන හැටි.... රූපය, කටහඬ, ශරීර ශක්තිය වගේ ගුණයන් මෙන්ම මතක ශක්තිය වැනි ගුණයන් මත රඳා පවත්නා රැකියාවන් කරන කෙනෙකුට වුණත් කවදා හෝ මේ තත්වයට මුහුණ දෙන්නට වෙනවා. ගැටළුවකට තියෙන්නෙ, විශ්‍රාම යා යුතු වයස වෙනකොට රැකියාවට සමුදීමේ හැකියාව කී දෙනෙකුට තියෙනවද කියන එක.
ReplyDeleteගණිකාවන් කියන්නේ කියන්නේ මේ සමාජයේම කොටසක්.... නීතියෙන් කොයි තරම් තහනම් උනත් රටකින් කිසිම අවස්ථාවක ඉවත් කරන්න බැරි වෘත්තියක්.... ඒ ගැන හිතන්න කාලය ඇවිත් කියලයි මට හිතෙන්නේ....
Deleteබොහොම ස්තූතියි දොස්තර නොනේ....
අද කීදෙනෙක් නම් මේ ඉරණමට ගොදුරුවෙලා ඇත්ද...
ReplyDeleteatten attata pana pana yana kellontat antimata wenne me de
ReplyDeleteකියන්න වචන නැහැ බං..
ReplyDeleteසුපිරි !
බේරේ වැව ගාව තිබ්බ ප්‍රසිද්ධ කැරෝකේ එකේ හිටියා ලස්සන කෑල්ලක් නම මධූ.., ඇත්තටම පුදුම ලස්සනක් තිබ්බේ ඒ කෙල්ලට.., දවසක් අපි එක්කලා ගිය මගේ යාලුවෙක් මේ කෙල්ලව දැකලා කැමති වෙලා බඳින්නම ගියා.., කැමැත්ත කොතරම් ද කියලා කියනවා නම් මූගේ පෙරැත්තයට ම අම්මලා තාත්තලා පවා අන්තිමේ මේ සම්බන්දේට කැමැත්ත දුන්නා.., ඒත් කෙල්ලට උවමනාවක් තිබ්බේ නෑ ලස්සනට ජීවත් වෙන්න.., අපේ එකා කොයිතරම් පින්සෙන්ඩු වුනත් මේ ජරා ජීවිතෙන් අයින් වෙලා ඌ එක්කලා එන්න කියලා කෙල්ල කණකටවත් ගත්තේ නෑ.,
ReplyDeleteඅද අපේ යාලුවා කසාද බැඳලා ලස්සන ජීවිතයක් ගත කරනවා.., මධූ තාම කැරෝකෙ වල එන මිනිස්සුන්ව සතුටු කරනවා..,
පළඟැටියාගේ නැටිල්ල තියෙන්නේ ආලෝකය අස පමණයි බස්සා.., මේ කවිය දැක්කම මට මතක් උනේ ඒක.
උපරිම ලිවිල්ලක්..! ජය..!
මේවා ගැන මේ විදියටවත් කතා කරන එක ගැන සතුටුයි,ලස්සනට හිටපු කාලෙ කෙල හල හල බලපු උන්ම, පහු කාලෙදි පිලිකුලෙන් බලන එක තමා පහත්ම දෙය....
ReplyDeleteබස හරිම රසය.ගණිකාවන් අඳුනන්නේ නැති උනත් අහලා තියෙන කථානං ඔක්කොම මේ වගේම තමයි.
ReplyDeleteඅයියෝ සල්ලි :D
ReplyDeleteහදවතට දැනෙන්නම ලියල තියෙනවා....
ReplyDeleteඇත්තටම ඒත් මිනිස්සු නේද කියල අපේ සමාජයේ ඉන්න උදවිය හිතන්නේ නැති කම ලොකු ප්‍රශ්නයක්... :(
This comment has been removed by the author.
ReplyDelete