ඉස්සර අපේ ගම්පලාතේ බොහොම අහිංසක තරුණයෙක් හිටියා.. අපි දැනට එයාට උකුක්ං කියමු.... මිනිහා අහින්සක උනාට හෙන වලත්තයා.. හැබැයි කාටවත් කරදරයක් නැහැ.... මිනිහගේ තිබ්බ එකම වැරැද්ද නාන ලිං අස්සේ... ගෑණු නාන තැන් අස්සේ... ලිං පැත්තේ කැරකෙන එක... හැබැයි කාටවත් කරදරයක් නැහැ උක්කුං ගෙන්... මිනිහා කවියට දස්සයා.... දවසක් මිනිහා ගෑණු නාන ලිඳක් කිට්ටුව තිබුන කුඹුක් ගහක් උඩ ඉඳගෙන ඉන්නකොට මිනිහට අපුරු කවි සිතිවිලි පහල උනා.... අපි මෙතන ඉඳලා ඒ ගැන කවියෙන් අහමු.....
ගහ මුදුනේ උස අත්තක වාඩි වෙලා..
මම හිටියා ගස් දෙබලක් මැදට වෙලා...
රුව ඇති ලඳුන් තිදෙනෙක් දෙස බැළුම් හෙලා..
දුවන මුවන් දැක කුමකට නෙළු පලා....
කමලයි කුසුමා සහ ඩිංගිරි රන් මැණිකා...
දිය නාගන්න ආවා ලිඳ ලඟ පොරකා...
වෙන්නට යන විනාසය ගැන නොම සලකා...
ගස් දෙබලට මුවා උනි මගේ ඇඟ මිරිකා...
විලිසංගයක් නැහැ නොවැ මුන් තිදෙනාගේ...
සිව් බිත්තයක් මැද දඟලන මෙරු වාගේ...
හැට්ටය ලිහා එල්ලා ඇති ඇණ බාගේ...
ඇදගත් තරම දිය රෙදි ඔසරිය වාගේ.....
කමලා දෙකට නැමුනා ගෙන බාල්දිය....
රෙද්ද ටිකක් පපු මැද්දෙන් ලිහිල් විය...
ගලනා වතුර සෝදා ගෙන පිරැණු කය...
ගහ උඩ සිටිය මගේ මයිනා කෙලින් විය...
සුමනා දැම්මා රෙදි ටික කළු ගල පල්ලේ...
රෙද්ද ගසා ගත්තා ගෙන තුම්මුල්ලේ...
උස්සා ගසන විට රෙදි ටික හැම කල්ලේ..
ගස්වල තියන වළු රන් තැඹිලිද හෙල්ලේ...
මැණිකා ගත්තා ඇඟ අපුලන ගල අතට..
රෙද්ද බුරුල් කෙරුවා කමලා මැදට...
අත යන අතට වැල ගෙඩි වැනෙනා කලට...
නොබලා ඉනු කෙලෙස මේ දෑ මක්කකට...
ගාලා සුවඳ සැවැන්දරා සබන් පෙන....
උලනා කලට කලවා මැද නැමීගෙන...
පෙනෙනා තිරුවානා කැට ගැන දැකීමෙන...
කිරි ගරුඬයෙන් කල දෙව් රුව මතක් වින...
කෙල්ලක් අනෙකාගෙ තනයක් මිරිකන්නී...
අල්ලා පනල්ලේ කිතියෙන් දඟලන්නී...
මොන මොනවදෝ හිමි හිමිහිට කොඳුරන්නී...
හිනා කටින් ඇයි සතුටින් හිනැහෙන්නි....
අල්ලාගෙන රෙද්ද එක අතකින් අත නෑර
උස්සා කකුල ලිං බැම්මේ තැබු වාර..
උස්සා බාල්දිය ගස්සා ගෙන නහර....
ගැසුවා තුන් හතර සැරයක් දිය පාර...
මයිනා සැනසුනා ගහ උඩ අත මත්තේ...
තුන් වැල අතර කොස් පොලොස්ද ගැට ඇත්තේ...
මේ හැම එකට දකිනට පිංකර ඇත්තේ...
ලැබුවා නොනිම් සුව ගස් දෙබලක් මත්තේ...
සුමනා අපුලන කලට රෙදි පෙරලා ගලක...
රන් මැණිකා අතුල්ලනවා පිට බිත්තියක....
බාගෙට පැහුනු දෙල් ගෙඩි වැටෙනා ලෙසක...
දැනුනා හිතට දෙල් රස, ඇති බව නොසැක...
කෙල්ලන් තුන් දෙනා තරඟෙට නාන්නේ.....
කොයි දෙස බලා ඉන්නට හිත නැහැ දෙන්නේ...
ඇඟටම ඇළුනු දිය රෙදි හැඩ පෙනෙන්නේ....
මේ දෙස බලා හිත කොහොමද සනසන්නේ....
ගත්තා බාල්දියඇය ඉහලට ඔසවා....
හැළුවා ජල කඳක් යන්නට ඇඟ නලවා...
වතුරේ සැරට ගන්නට බැහැ තව දිරවා...
වැටුනා රෙද්ද පය පාමුල ඇඟ සොලවා...
ක්රස්.. කරාස්... දෝබොස්.....චපාස්ස්ස්ස්ස්ස්ස්ස්......
කෙල්ලන් නාන තොට ලඟ හොල්මන් මොක්කුං...
දුර සිට බලා සැනසුනු හැටි දැක කුක්කුං...
තොට හොඳ වැඩේ ගස් උඩ නැග කර දස්කං...
වෙදරාලට කියලා පත්තුව බැඳගං උක්කුං..
ගහ උඩ අත්ත කඩාගෙන වැටුනු උක්කුංට........නනා හිටපු කෙල්ලෙක් එහෙම කිව්වලු....
කෙල්ලන් නාන තොට ලඟ හොල්මන් මොක්කුං...
ReplyDeleteදුර සිට බලා සැනසුනු හැටි දැක කුක්කුං...
තොට හොඳ වැඩේ ගස් උඩ නැග කර දස්කං...
වෙදරාලට කියලා පත්තුව බැඳගං උක්කුං..
උක්කුන් කිව්වේ ජනකටදෝ පොඩි කාලේ....
ReplyDeleteමගේ මතකයත් දිව යනවා ඒ කාලේ....
කුරුණෑගල වැවේ නෑ ගස්ලබු රාලේ....
මතකෙට ආවා මෙය කියවීමෙන් ජාලේ...
Ha Ha Abheetha ayya apith dannawa Kurunegala Wewe thiyena ewa gena..
Deleteකවි ටිකනම් පට්ටයැ !
ReplyDeleteඅතර මැද්දේ ලෙස්බෝ සීන් ගියා වගේ..
ReplyDeleteඒ අස්සේ මයිනා දිය නෑවා අගේ...
මටත් හිතෙන්නේ උක්කුං බස්සා වගේ..
පට්ට පට පටය සුපිරිය මේක අගේ..
හි හි අපේ ඔයේ නාන මංකඩ මතක් උණා...
ReplyDeletematath hithenne ukkun bassa wage
ReplyDeleteHikiz.....
නිහඬව කලක් ඉදලා බ්ලොගයේ පැත්තේ
ReplyDeleteආ එක සතුටු කරුණකි බස්සෝ සිත අස්සේ
මේ ලෙස ලියන කවි නුඹ මහ රෑ තිස්සේ
කොපි කරනා අයට වස් කවි ලී හැකි තිස්සේ
කවියට කතාවට කවදත් හරි දස්ස
බස්සෝ නුඹ ලියන කවි හරි පරසිද්ධ
නුඹෙ නම ගම නැතිව තැන තැන ඇලවෙච්ච
ගත හැකි මඟක් නැතිදෝ දඩුවම් දෙන්න
ළිඳ ළඟ රෙදි ඇදන් කෝමල සිනහ පපා
නානට වෙලාවක් කොයි අද ළඳට පුතා
රිංගා බාත් කාමරයට හිතා ගතා
නිර්වස්ත්‍රෙයනි දිය නෑවේ මොඩර්න් ළඳා
එක නම් ඇත්ත අක්කේ
Deleteසීතල සුලඟ ගත දැවටෙන තාවුල්ලේ
Deleteසී පද මතක් වේ දකිනා හැම තිස්සේ
කෙල්ලන් නාන්නේ මොකටද පරසිද්දේ
කොල්ලන් බලන්නේ ඒකයි හැම තිස්සේ
මයිනා බලන් ඉන්නේ ලබු කන්නටය
සිතෙනා සිතුම් කොඳුරන්නේ සුළගටය
දන්නා තරම් කීමට මට පද නැතිය
ආසයි මටත් දැක ගන්නට ඒ සිරිය
සුපිරි ලියවිල්ලක් නෙව.. හාස්‍යය උපරිමයි
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete.
ReplyDeleteවෙන කවුරුත් නෙමේ මේ උක්කුන් බස්‌සාමයි
ඇහුවොත් ඉතින් මා මේ ගැන ලිස්සා යයි
මේ වගේ කවි ලියන්නත් ඔහු හරි දස්සයි
බලාගෙනයි කවි ටික නොකියම උස්සයි
GNT කියලා ඩබල් එක්‍ස් චිත්‍රපටියක් බැලුවා වගේ... :)
ReplyDeleteලැප ලග සිටිය මගේ මයිනා කෙලින් විය...
ReplyDeleteඈ........!!!!
Deleteකවි ටික පංකාදු පහයි.
ReplyDeleteපිරිමි මොකද ගෑණු නානවා බලන්න ඔය හැටි කැමති
ReplyDeleteගෑණු නාන හැටි නොවෙයි නාන ගෑණුන්ගේ හැටි බලන්නයි පිරිමි කැමති.
Deleteඑහෙනම් කියන්නකො පිරිමි අය නාන ගෑණුන්ව බලන්න කැමති මොකද?
Deleteයකෝව් ඇල් ගනෝ ගෑණු නානවා නොබලා පිරිමි නානවා බලන්නද??
Deleteඕනෑම දෙයක සුන්දරත්වයක් ඇත... නාරි දේහයද සුන්දර කලා වස්තුවකි... අඩු ගානේ පොඩි කාලේ සිත්තරයක්වත් ඇඳලා තියේ නම් දන්නවා ඇති අනිවාර්යෙන් නාරි දේහයක් අඳින්න දෙනවාමයි... ඒ කලාත්මක භාවය නිසා... කවුද දන්නේ උක්කුං කලාත්මක ඇහැකින් බලා හිටියද කියලා...
අනේ ඕගොල්ලන්ගෙ කලාත්මක ඇහැවල් ගැන අපි දන්නෙ නෑනෙ
Deleteගැනුන් නාන හැටි හොරැහින් බලු මිනිසා
ReplyDeleteඅත්තක් කඩන ඌ වැටි හැටි ලිස්සා
කුකුසක් ඇතැයි මගේ හිත යට අස්සා
මේ වැටුනේ වෙන එකෙකුත් නොව.....බස්සා
කොහොමද මගේ ටිකිරි කවි
නියම කවිය ආයිත් මොනවද ඉතිං
ReplyDeleteගැහැණුන් නාන හැටි බැලු කුඹුකට නැගලා
ReplyDeleteවාවන්නට වැරුව අත්තෙන් බිම වැටිලා
යන්නට සිදුවිනිලු වෙද්ගෙදරට කුදලා
මට නම් හිතෙන්නේ බස්සායි උක්කුං කියලා
එළම තමා...
ReplyDeleteහහ්හ්හා සිරා කවි ටික.
ReplyDeleteපෙර කල රජුන් කුට්ටම් පොකුනක් ගාව
ReplyDeleteපිනවා සොඳුරු දසුනින් මනහර පෑව
කවිකම නුඹේ උරුමයකින් ගෙන ආව
"බස්සා" නේද මැව්වේ මගෙ නෙත ගාව
නියම කවි ටික අයියේ.... ඒක නෙමේ බුකියේ ෂෙයාර් වුනා අයියගේ කවි පන්තියකුත්
ReplyDeleteකවිකර කියයි හොඳ සිතුවිල්ලක් බස්සා
සිද්ධිය අගෙයි මැවුනා ලියු දේ බස්සා
පහුගිය ටිකට බ්ලොගයට සමුදුන් බස්සා
සැකයක් නොමැත මේ අපෙ උක්කුං බස්සා
සිරාම කවි සෙට් එක.. මම දෙපාරක්ම කියෙවුවා... මරු..
ReplyDeleteහපෝ වැල පත්තරක් වගේ.... :D නියම කවි ටික... වල් විදියට හිතන්න එපා, රූප සියල්ල මැවී පෙනුනා...
ReplyDeleteකියන්ඩ වදන් නැ මචං එල ඈ.නියමෙට ලියවිලා තියනවා.
ReplyDeleteගෑණුන් නාන විට ලිඳ ලඟ රෙදි උස්සා
ReplyDeleteඑබිකම් කලේ වෙන කවුරුත් නොව බස්සා
ගහෙන් වැටී සිටියත් වාගේ වස්සා
ලැජ්ජා නැතුව ආයෙත් වැඩටම බැස්සා
පට්ටයි ඈ...
Delete+++++++++++++
Deleteඇඬෙනවා තනි ඇහැට :'( :lol: :D :P ..එකක් නම් අනිවාරෙන්ම පැහැදිලියි නාන ගෑණු දිහා බලන් නොහිටපු කෙනෙකුටනම් මෙච්චර සිරාවට ලියන්න බැහැ :P .. පට්ට කවි ටික ... :D .. එල මචෝ උපරිමයි....
ReplyDeleteAli patiya @ Elakiri.com
පට්ටයි හලෝ :)
ReplyDeleteමැවිලා පෙනේවි රූපේ ...
සිරා මචං! නියම කවි ටික කියලා ඌට කියහං!
ReplyDeleteෆට්ට
ReplyDeleteකවි ටික නම් පංකාදුයි
ReplyDeleteපෙට්ටගමෙ ඔය ගැන පොස්ට් එකක් දාලා ඇති කැමතිනම් බලන්න දියනාන තැන
පට්ට මචන්!
ReplyDeleteමරේ මරැ කියන්න වදන් නැ
ReplyDeleteමරු පට්ට කවි ටික...
ReplyDeleteMaru Maru.....
ReplyDeleteඅත්දැකීමක් වගේ කවියකට දාලා තියෙන්නේ...
ReplyDeleteඅද කාලේ නාරින් බ්ලා ගන්න
ReplyDeleteවෙන ක්‍රම් තිබේ අත පය නොකැඩෙන්න
මදු සමයක් වුව හැකි දැක ගන්න
උක්කුන් පොඩි කැමරාවක් ගන්න
නියමෙට අදහස් කවි කරල එල එල
ReplyDeleteසිතුවිලි තමා සිත තුළ කර ඇති මෙල්ල
ReplyDeleteනියමයි වචන වල තැවරූ රස කදිම
බස්සගෙ යටිහිතේ හැංගී බදින පොර
උක්කුං බස්සාමයි කියනවා මුං ඔන්න.....
බස්සා හොඳ එකා පට්ටම අවංකයා
ReplyDeleteඋක්කුං නමින් ලිව්වත් එය කලේ එයා
මම දොස්තරෙක්, දවසක් හැන්දෑවේ එයා
ලේ පෙරි පෙරි ආව මයිනත් අතේ තියා