Sunday, September 2, 2012

ඇරඹුමම කඳුලක් වෙලා.......


විවාහයක් කියන්නේ කෙනෙකුගේ ජීවිතේ දෙවන ඉපදීම.... ජීවිත කලේ පුරාම් අම්මා තාත්තා එක්ක ගෙවපු කාලේ වෙනස් වෙලා ජීවිතේ මගදී හඳුනගත්ත කෙනෙක් එක්ක ඉතිරි කාලේ ගෙවන්න සුදානම් වෙන හැමෝම මුලින්ම මුහුන දෙන ගැටළුක් තමයි, විවාහ වෙනකම් තමන් ගෙවපු ජීවිතෙන් මිදීමේ අපහසුතාව.. එහෙමත් නැත්නම් සමහර බැඳීම් අතහැරීම....

මේකෙදී අපට මුලිකව හමුවෙන බැඳීම් කිපයක් තියනවා... එකක් තමයි දෙමපිය බැඳීම... ඉපදුන දවසේ ඉඳලා හැදුනු වැඩුනු අම්මා තාත්තගේ රැකවරණය සෙනෙහස අහිමිවිම....
අනෙක තමයි සහෝදර සහෝරියන්ගෙන් ආදරයි....
අනෙක නෑදෑයින්ගෙන්....
විශේෂිතම කොටස තමයි යාළු මිත්‍රාදීන්ගෙන් වෙන්වීම....
ඔය දේ කොහොම උනත් අපේ තියන යම් යම් ආර්ථික අපහසුතා නිසා අපිට යම් සීමාවක් තුල ජීවත් වෙන්න සිද්ධවෙනවා.... සමහර විට පෙම්වතුන් අවධියේ මැව්ව හීන විවාහයෙන් පස්සේ බොඳවෙලා යන්නේ සැබෑ ජීවිතේම මුන දෙන යතාර්ථය නිසා..... අපි කොයි තරම් හීන මවාගෙන හිටියත් අපේ හීන වලින් කීයෙන් කියද හැබෑ වෙන්නේ... හීන වලට ලංවෙන්න දුරු වැඩි වෙනකොට... කාලෙත් එක්ක වයසට යනකොට හීන ඇතෑරලා හැබෑ ජීවිතේට ලංවෙන්න අපිට හිතෙනවා... ඒ විදියට විවාහ වුනු යුවලකගේ ජීවිතේ යථාර්ථය දැක්කේ මේ විදියට.......

ආවේ වැඩ ඇරී හොඳටම පමා වෙලා...
මැ එනතුරු බලා සිටියා ඇය මගට වෙලා....
එනවිට අපි දෙදෙන ඇතුලුට තුරුළු වෙලා...
අම්මා හිටියේ ඇස් කොනකින් බැළුම් හෙලා....

කසාද බැන්ඳේ මුල කාලේ තරුණවියේ....
අම්මයි තාත්තයි මා ලඟමයි සිටියේ....
අම්මා මාවෙතම අවධානෙන් සිටියේ...
දෙන්නා මැද ඈ නිතරම එන සැටියේ....

ඉඳිනෙමි බලාගෙන සැම නිදයන තුරැම....
නිකමට නැහැ ඉඩක් ඉන්නට තිනිතනිව...
සාලේ රෑපවාහිනියේ හඬ අඩුව...
තිබුනත් බලන්නට බැහැ කිසිවක් හිත දැඩිව....

ලේට් නයිට් චිත්තර පටි බලන කල...
අම්මා ඇවිත් කැරකෙයි නිරතුරු අසල....
නොනිදා ඉන්නේ, නිවාඩු දැයි අසන කල.....
උත්තර දෙන්න නැහැ කට නැත දොඩමළුව....

අවේ පමා වී ඇති වැඩ නිමකරලා....
ඇඟපත සොදලා සරමක් ගෙන ඇඳලා...
දාගෙන පොඩි එකක් මම සැන් පව්ඩර් ගාලා....
එන විට ඉඳී මා එනතුරු ඇඳට වෙලා.....

තුරුළුව එකිනෙකා ඇගටම එකට ඇලී....
සිටිනා කලට ගත සිත තව යයි ඉපිලී....
දානා කලට මම එක එක වැඩ කෑලී....
කට තදකරන් හිටියත් ගෑවෙයි කෙඳිරී....

මට බැහැ තවත් නම් ඉන්නට මෙය ඉවසා....
අදට මේ ඇතිය ඇය කිව්වා පවසා.....
මෙය නම් නවත්වනු බැහැ තව ඉවසනු කෙලෙසා....
අම්මා ඇහැරිලා  ඉන්නට ඇයිබැරි ඉවසා....

දාගෙන කකුල ඇඟ වෙත ඇය ගේ මත්තේ....
පෙරළුනි හිරකරන් පපුවට ඇය මත්තේ....
තෙරපෙන කරට ගත සිත අවදිව ඇත්තේ....
ඉවසා දරාගෙන ඉනු බැහැ මේ තත්තේ....

මගේ ස්පර්ශයට ඇය ටික ටික මත්වෙන්නේ....
කෙඳිරිය ඇගේ දැන් ටික ටික වැඩි වෙන්නේ....
කට තද කරන් හිටියත් නැහැ අඩු වෙන්නේ....
“ලොකු පුතා“ මොකද... ඇයි ඔය කෙඳිරිගාන්නේ....

කිව්වම අහලා මේ දේ අපි නවතමුද....
අම්මලාට ඇහෙනවා ලැජ්ජා නැද්ද.....
කියනා සිංහලේ තේරෙන්නේ නැද්ද....
අරගෙන වෙන ගෙයක් යන්න බැරි ඇයිද....

ගන්නට ගෙයක් පුලුවන් නම් මට හෙටම....
නොගෙන ඉඳියි කියලා ඔබ හිතවද....
නිදහස අපට කොයි තරමට වටිනවද....
පුලුවන් කමක් තිබුනා නම් නොකරයිද....

මහා රෑ ජාමේ ඇහැරුනු එලාම් තියලා....
ඇයි මේ වදේ නිදිනැද්දයි ඇය ඇසුවා....
අවදිවු හැඟුම් තවමත් සැනසුනේ නැතුවා....
නවතමු තැනින් අරඹමු දැයි මම ඇසුවා...

නිදිගැට කඩා හැර මා හට තුරුළු වෙලා...
ඇය මා මත් කලා පපුවට තුරුළු වෙලා....
පමා නොවී යන්නට පෙම ඉහ වහලා....
අල්ලා හිර කලා යන්නට බැමි බිඳලා....

කරස් කරස් සද්දෙන් ඇඳ හෙලවෙනවා....
ඔංචිලි වාරම වගේ එය දැන් පැද්දෙනවා....
නවතනු හිතක් නැහැ තව ඉක්මන් වෙනවා....
හොලවන පාරකට දෙවරක් හෙලවෙනවා....

ආසාව ද සතුට එක ලෙස දෝර ගලා....
බැඳි බැමි ලිහිල් කොට මැද්දෙන් ගමන් කලා....
අවසන් මොහොත ලං වෙනකොට අකුල් හෙලා....
“දඩාස්“ අපිටම හොරෙන් එක කකුලක් බුරුල් වෙලා....

දෙදෙනා කඩා වැටුනා මහා සද්දෙන් බිමට.....
ඇඳ පළු මෙට්ටේ හරහට කැඩිලා දෙකට.....
මොනවද ළමයිනේ මහ රෑ මහ හඬට....
අම්මා අසන විට උත්තර නැහැ අපට....


කසාදයක් බඳිනවා නම් අනිවාර්යෙන්ම අඩු ම තරමින් ජීවිතේ මුල කාලේ වෙනම ගෙවන්න පුලුවන් නම් විතරක් කසාද බඳින්න.... එහෙම නැත්නම අඩුම ගානේ කුලියට ගෙයක් අරගෙන වෙනම ජීවත් වෙන්න... එහෙම නොවුනොත් “ඇරඹුමක කඳුකල් වෙලා“ වගේ ජීවිතේ පටන්ගන්න කොටම ජීවිතේ අවුල් වෙයි..... විවාහ “ජීවිතේ දකින්න... විඳවන්න නොව... විඳගන්න....“

53 comments:

  1. කරස් කරස් සද්දෙන් ඇඳ හෙලවෙනවා....
    ඔංචිලි වාරම වගේ එය දැන් පැද්දෙනවා....
    නවතනු හිතක් නැහැ තව ඉක්මන් වෙනවා....
    හොලවන පාරකට දෙවරක් හෙලවෙනවා....

    මේ ටික කියවද්දිනම් බඩ අල්ලන් හිනා!

    මට පොඩි ප්‍රශ්නයක් තියනව, මම පවුලෙ එකා නෙ :O ඔහොම කරන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. දැන් කොහොම කරන්නේ කොහොමද කියලාද දැනගන්න ඕනේ මලායට.......

      Delete
    2. අන්තිම ඡේදය

      Delete
  2. අම්මෝ.. මගේ කතාව මයි...... කමක් නෑ නේ මුලින්ම මෙහෙම දැම්මට....

    ////කසාදයක් බඳිනවා නම් අනිවාර්යෙන්ම අඩු ම තරමින් ජීවිතේ මුල කාලේ වෙනම ගෙවන්න පුලුවන් නම් විතරක් කසාද බඳින්න.... එහෙම නැත්නම අඩුම ගානේ කුලියට ගෙයක් අරගෙන වෙනම ජීවත් වෙන්න... එහෙම නොවුනොත් “ඇරඹුමක කඳුකල් වෙලා“ වගේ ජීවිතේ පටන්ගන්න කොටම ජීවිතේ අවුල් වෙයි..... විවාහ “ජීවිතේ දකින්න... විඳවන්න නොව... විඳගන්න....“///

    සීයට සීයක් නෙවෙයි ඊටත් වඩා ඇත්ත...

    යාලුවෙන්නත් කලින් ඉදලා කිව්ව එකම දේ තමයි බැන්දට පස්‌සේ වෙනම ඉන්න ඕනෙ කියන එක.... ඒත් ඒක කරගන්න බැරි උනා.... රෙන්ට් එකට යමු කියලා කිය කිය ඉදලා අන්තිම මොහොතේ “ගෙයක් හොයගන්න බැරි උනා ... තාත්තා අපිට එයාලත් එක්ක ඉන්න කියනවා“ කියලා කිව්වා....කරන්න දෙයක් නැති තැන මම කැමති උනා.... ප්‍රශ්ණ පිට ප්‍රශ්න ඇති වේගෙන එනකොට මම කසාදේ දමලා ගහලා ගෙදර යන්න ලෑස්ති උනා.... ඒ පාර කට්ටිය ඇයි කියලා ඇහුවා.....

    ඔය දේ විතරක් නෙමෙයි.... බැන්දට පස්‌ෙස් එකපාරටම අලුත්ම මිනිස්සු ගොඩක් මැද්දට කෙල්ලෙක්ව ගෙනත් දැම්මම ඕනෙ කෙල්ලෙක් අවුල් වෙනවා.... මොකද එයා එතන පිට මිනිස්සු ගොඩක් එක්ක පිට තැනක නේ.... මේ උදාහරනේ හිතන්න.... ගෙදර ඉන්න කාලේ කොට කලිසමක් ටී ෂර්ට් එකක් ඇදගෙන ගෙදර හිටපු කෙල්ලෙක්ට එක පාරටම සිද්ද වෙනවා උදේ පාන්දර නැගිටලා මූණ කට හොදලා තදට තදේ බ්‍රා එකක් එහෙම ඇදගෙන දණිස්සෙන් පල්ලෙහාට සායක් ඇදගෙන දවසම ඉන්න.... ඒකම ඇති යාලුවෙලා හීන ලොට් එකක් හිතේ තියාගෙන කසාද බදින කෙල්ලෙක්ට ජීවිතේ එපා වෙන්න.... කෙල්ලගෙන් වෙනස් වීමක් බලාපොරොත්තු වෙනවා නම් කොල්ලෙකුත් වෙනස් වෙන්න හිතන්න ඕනේ... හොදම දේ දෙන්නම දෙන්නත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන එක...

    මම අන්තිමට හස්බන්ඩ්ට කිව්වා “ මට ඔයාලගේ පවුලේ විදියට හැඩ ගැහෙන්න බෑ.. මොකද මම දකින විදියට වැරදි ගොඩක් එයාලගේ තියෙනවා.... ඔයාට අපේ ගෙදර විදියට හැදෙන්න කිව්වොත් ඔයා කරන්නේ නෑනේ... අපි දෙන්නා අපි දෙන්නගේ විදියට ජීවිතයක් හදා ගන්න ඕනේ.. ඔයාගේ විදියට මම, මගේ විදියට ඔයා..... එතකොට අපේ ප්‍රශ්න අපිට විසදගන්න පුළුවන්....ඒක මේ ගෙදර ඉදන් කරන්න බෑ..... ඒක නිසා අපි වෙන තැනකට යමු..... මොකද තව ටික කාලයක් මෙහෙම ඉන්න ගියොත් මට පිස්සු හැදෙයි....“ කියලා.....

    මගේ හස්බන්ඩ්ගේ අම්මටයි තාත්තටයි ඇත්තම කිව්වා.... “ මම ජීවත් උන පවුලේ පරිසරයයි මේ පවුලේ පරිසරයයි ගොඩක් වෙනස්... අවුරුදු 11 යාලු‌ෙවලා හිටියට අපි දෙන්නට එකට ඉන්න පුරුදු නෑ... මට එකපාරටම මේ වෙනස්කම් ඔක්කොටම මූණ දෙන්න බෑ... මට දැන් එපා වෙලා තියෙන්නේ... අපිට එකට ඉන්නත් බෑ මේ ප්‍රශ්නෙ නිසා.. ඒක නිසා අපි ටික කාලයක් වෙනම ඉන්නම්....“ ඔන්න ඔහොමයි මම කිව්වේ....

    යන්තම් වෙන තැනකට ආපු නිසා අවුරුදු 2ක් ඇදගෙන ආවා.... ඒත් ඒකෙන් ඇති වෙච්ච ප්‍රශ්න තාමත් එහෙමමයි....

    මගේ කතාව මෙතන දැම්මේ මේ ලියලා තියෙන දේට හොද උදාහරණයක් කියලා හිතුන නිසායි.... අවුලක් වගේ නම් අයින් කරන්න... ප්‍රශ්නයක් නෑ....

    ReplyDelete
    Replies
    1. හොඳ උදාහරණයක් හිරැ.... අපි අපට නොදැනුවත්වම අපේ ජීවිතේට බාධා ඇතිකරගන්නවා... සමහර වෙලාවට ඒවා තේරුම්ගන්නකොට පරක්කු වැඩියි....
      බොහොම ස්තූතියි ඔබේ සැබෑ අත්දැකීම් බෙදාගත්තට.....

      Delete
    2. බුදු අම්මෝ, බයේ බෑ. වෙලාවට කොල්ලො උනේ :P

      මං බඳින්නෙ නෑ, මට දුක් විඳින්න බෑ!

      Delete
    3. ඔයාගේ තත්වේ ඉන්න කොල්ලෙක්ට මේක ටිකක් අමාරුයි.. හොදට හිතලා බලලා ඔයාගේ පවුලේ විදියට ගැලපෙන ඔයාගේ අම්මලගේ හිත දිනාගෙන ඉන්න පුළුවන් විදියෙ කෙල්ලෙක් හොයා ගත්තේ නැත්තම් කෙල්ලට වඩා දුක් විදින්න වෙන්නේ ඔයාටයි... ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ ඔයා කෙල්ලට තියෙන ආදරේටයි අම්මලට තියෙන ආදරේටයි මැදි වෙලා තැලේවි..... එතනදි ගන්න ඔනේ කාගේ පැත්තද කියලා හිතා ගන්න බැරි වෙලා ඔයාගේ ජීවිතේ අපායක් වේවි...

      ඔයාගේ අම්මලා විවෘත මනසක් තියෙන ඕනේ දෙයක් කතා කරන්න පුළුවන් අය නම් හොදම දේ මුලින්ම ඒ අයත් එක්ක කතා කරලා ටික කාලයකට හරි වෙනම තැනකට යන්න හදා ගන්න එක... ඒක කරන්න පුළුවන් නම් ඔයාලටත් සතුටු වෙන්න පුලුවන් ජීවිතයක් හදා ගන්න පුළුවන් වේවි... හැබැයි මෙහෙම එකක් තියෙනවා.... අම්මලට ආදරේ කොල්ලන්ට කෙල්ලෝ කැමති උනත්, හැමදේටම අම්මලව බදා ගෙන ඉන්න එකට නම් ගොඩක් කෙල්ලෝ කැමති නෑ......

      Delete
    4. අම්මව බදාගෙනනම් ඉන්නෙ නෑ ඉතින් :D
      මුහුදට හත්ගව්වටත් වඩා තියනවනෙ....

      ස්තූතියි අක්කා පැහැදිලිකිරීමට!

      Delete
    5. තව පොඩි ප්‍රශ්නයක් වගේ එකක්.
      අර කියපු විදියට ඉන්න කෙල්ලෙක්ව බැඳලා පුරුශයාගේ/මිනිහගේ/හස්බන්ඩ්ගෙ ගෙදර ගිහින් අර කියපු විදියට ඉන්නවට වඩා තනිකමක් අවදානමක් නැද්ද කාත් කවුරුවත් දන්නැති පැත්තකින් ගෙයක් අරං පදිංචියට ගියොත් !
      :O

      Delete
    6. ඔවු... ටිකක් ඒ අවදානම තියෙනවා... ගර්ල්ව ගෙදර තනියම දාලා ඔයාට වැඩට යන්න වෙනවා.. ඔයා රෑ උනොත් එයාට ඔයා එනකම් තනියෙන් බලං ඉන්න වෙනාව... හැබැයි ඒ වගේ දේවල් වලින් බැදීම් තවත් ශක්තිමත් වෙනවා... කසාද බදින්නේ දෙන්නටම අළුත් ජීවිතයක් ලබා ගන්න.. එක්කෙනෙකුට විතරක් නෙවෙයි.... මෙහෙම එකක් තියෙනවානේ.... ජීවිතේට තනියම මූණ දෙන්නම ඕනෙ ජීවිතේ ජය ගන්න නම්... හැමදාම අම්මලා තාත්තලා ඉන්නේ නෑ නේ... පීනන්න බය නම් මුහුදට පනින් නැතුව ඉන්න... තව කෙනෙක්ගේ අතේ පිහිට බලාපොරොත්තු වෙන් නැතුව..... මොකද ඒ පිහිට නැති උනොත් ඔයා ගිලෙනවා....

      තව කල් තියෙනවානේ ඔයාට නම් නේද......

      අඩේ අපි මේ සාම සාකච්ඡා දානවා... බස්සට කේන්ති ගිහිල්ලද දන් නෑ සද්ද නැත්තේ... හි හි...

      Delete
    7. කිසිම ප්‍රශ්ණයක් නැහැ හිරැ...... හොඳ සංවාදයක් බලාගෙන හිටියා.... ඔබගේ අත්දැකීම් ගොඩක් වැදගත් වෙයි අනිත් අයටත්.....

      බොහොම ස්තූතියි මේ ලිපියට දෙන වටිනාකමට....

      Delete
    8. අපි කාපු කටු තව කෙනෙක් කන්න එපා කියලා හිතෙන නිසායි ඇත්ත නමින්ම ඇත්තම කිව්වේ... ඇනෝ එන්න හදලත්....

      අවුරුදු 18 න් බදින බබාලාට නම් තනියම ඉන්න එක අවදානම්... ජීවිතේ මොකද්ද කියලා තේරුමක් නැති නිසා.... නමුත් කෙල්ලෙක්ට කොල්ලෙක්ට අවරුදු 25ක් 28ක් වෙනකොට ජීවිතේ තනියෙන් තීරණ ගන්න තේරුමක් =(බැන්දම මේ මේ වගකීම් දරන්න වෙනවා කියන එක... තමන්ගේ ජීවිතේ මත සහ තමන් ගන්න තීරණ මත තවත් ජීවිත ගනනාවක් රැදිලා තියෙන බව... පවුල් සෞඛ්‍ය ගැන..) සහ පුලුවන් කමක් = (ස්ථිර ආදායමක්, ඉතුරු කරගත්ත දෙයක්..) තියෙන්න ඕනේ... හැමදේටම අම්මලා ඇඟිලි ගහන්න හොද නෑ.. අම්මලා කරලා දෙනකම් බලංඉන්න හොදත් නෑ...

      මේ කියන්නෙ අම්මලා කියන දේ අහන්න ඕනේ නෑ කියලා නෙවෙයි... අම්මලා තාත්තලා ළමයින්ගේ තීරණ වලට ගරු කරන්න ඕනේ කියන එකයි.... ළමයි දැං වැඩිහිටියෝ කියලා හිතන්න අපේ සමාජයේ දෙමවුපියෝ පුරුදු නෑ... ඒක නරකක් නෙවෙයි.. ඒත් එහෙම උනාම තමයි ඔය නැන්දම්ම ලේලි ගැටුම් එහෙම ඇති වෙන්නේ.... ඇයි ඉතිං අම්මට තාම පොඩි එකා උනාට ගෑණියෙක් ගේ මිනිහෙක් නේ.... හැම මඟුලම අම්මගෙන් අහලා කරන්න ගියාම ගෑණිට කේන්ති යන එක සාධාරණයි.. මොකද ගෑණිටත් යමක් කමක් තේරෙන නිසානේ කසාද බදින්නේ..... එහෙම උනාම මිනිහා අමාරුවේ.. ඇයි ඉතිං මෙච්චරකල් අම්මලා කියන විදියට ඉදලා එකපාරටම ගෑණිට ඕනෙ විදියට ඉන්නේ කොහොමද......? එතකොට අම්මා තරහා වෙනවා.. වටේ පිටේ එවුන් කතන්දර හදනවා... අම්මා කියන විදියට හිටියොත් ගෑණි රණ්ඩු වෙනවා.... මොන කෙහෙල්මලකටද බැන්දේ අහනවා... අම්මටම වැදගෙන හිටියනං ඉවරයිනේ කියනවා... ( ඒවා ගුටි බැට දක්වා යන්නත් ඉඩ තියෙනවා... ) ඉතිං දෙන්නා රණ්ඩු වෙනකොට දෙපැත්තෙම ඉන්න දෙමවුපියෝ දුක් වෙනවා... අනිත් පාර්ශවය එක්ක තරහත් ඇති කර ගන්නවා.. දෙගොල්ලන්ටම දරුවන්ගේ ජීවිත ලොකුයි නේ.... ඉතිං එතන තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා...

      මේ එක පැත්තක් විතරයි....

      වෙනම ඉන්න එක හොදයි කියලා කියන්නේ එතකොට දෙන්නට තමන්ගේ ජීවිත තමන්ට ඕනෙ විදියට හදා ගන්න ඉඩ ලැබෙන නිසා... තමන්ට ඕනෙ විදියේ පොඩි පොඩි තීරණ ගන්න පටන් අරන් දෙන්නට දෙන්නාගේ අවශ්‍යතා හදුනගන්න, දුර්වලතා හදුනගන්න හොදම ත්‍රමය මේකයි.. එතකොට අඩිතාලම හොදයි.... නැත්තම් ඉතිං ලත් තැන ලොප් වෙනවා....

      චූටි උදාහරණයක් කියන්නම්..

      වෙනම ඉන්නකොට සතියකට සැරයක් දෙන්නා එක්ක පොළට ගිහිල්ලා එළවලු ටික අරං එන්න වෙනවා... එතකොට කතා වෙනවා වයිෆ් මම මේවා කන්න ආසයි, හස්බන්ඩ් මේවා කන්න ආසයි, මේවට ආසා නෑ කියලා... දෙන්න‌ගේ ආසාවල් ගැන කතාකරනවා... ආස දේවල් ගන්න පුලුවන් වෙනවා... හැබැයි බැදලා අම්මලගේ ගෙදර නම් ඉන්නේ .. පුතා පඩි පැකට් එක ගෙනත් දෙන්නේ අම්මා අතට... බඩු ටික ගේන්නේ අම්මා.. වයිෆ්ට අම්මා තමයි කියන්නේ පුතා මේවා කන්න ආසයි, මේවාට ආසා නෑ කියලා.... එතකොට වයිෆ්.... එයාගේ ආසාවල් කතා කෙරෙන්නේ නෑ... එයාගේ අවශ්‍යතා අම්මට කියන්න බෑ... ඒවා ගැන කතා කෙරෙන්නේ නැ... එතකොට එකිනෙකා තේරුම් ගන්න අවස්ථාවක් හම්බුවෙන් නෑ නේද....

      අර මුලින් කියපු හේතුව නිසයි තවත් ටිකක් කිව්වේ.. දැන් ඇති නේද..හි හි...

      Delete
  3. ජීවිතය විඳවන්නේ නැතිව , මුල සිටම අළුත් ජීවිතේකට හැඩ ගැහෙන්නත් ලේසි වෙන්නෙ තමන්ටම කියල වෙනම නිවසක ඉන්නට හැකිනම් කියල හිතෙනවා . ඒත් එහෙම කරන්නෙ පුලුවන් වෙන්නේ කීයෙන් කී දෙනාටද ? හැකියාවක් තියෙනවානම් නව යුවලක් වෙනම ඉන්න එක හොදයි කියල මගෙත් මතය .

    …හිරුත් හොඳ පැහැදිලි කිරිමක් කරල තියෙනවා .

    ReplyDelete
  4. කසාද බඳින ඕනෙ ම කෙනෙක් බැඳල ආයෙ ගෙදර එන්න නරකයි අවුරුදු දෙක තුනක් ම යනකං..!!
    අපට බඳින කාලෙ මුකුත් ම තිබුනෙ නෑ. නමුත් බැඳල හංඩු ඇනෙක්සියක් කුලියට අරං ගියා. එතැනින් වෙ ගේකට ගියා. එයින් පස්සෙ ගෙයක් හදාගෙන ම ‍ඒ ගෙදර පදිංචියට ගියා.
    ඒ මතු වන ප්‍රශ්න වෙනයි. දෙමාපියන් සමග ඉඳිමින් හිත තද කරගෙන ඉන්න කොට මතු වන ප්‍රශ්නවලට උත්තර ලෝකෙ කොහේවත් නෑ.......!!!

    ReplyDelete
    Replies
    1. බඳිනව කියන්නෙත් මාර කේස් එකක් වගේනෙ :O

      Delete
  5. ..බැඳ කසාදයක් වසනේනම් මාපිය සමග
    …දොරගුල් දමාපන් කාමරයේ හොඳට
    …පැදුරක් එලා බිම පියඹිය සමග
    …දාපන් කැසට් යන්තරයක් හොඳ සද්දේට

    ...::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::...

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක මල් හතයි ඈ.. ;)

      Delete
    2. හෙනදිග පෝස්ට් එකකට උත්තරයක් උඹ පද හතරෙන් කෙලියා නේද?
      එල ඈ

      Delete
    3. කවියට කවියෙන් උත්තර බඳිද්දී මාර ආතල් එකක් තියනවා

      Delete
  6. තට්ටු දෙකේ ගෙදරක් නම් ඔන්න අවුලක් නෑ !!

    ReplyDelete
  7. සහතික ඇත්ත කතාවක්... මේ ගැන නොකී දේ බ්ලොග් එකේ දසුනිත් දාලා තිබුනා. ඒත් මීට වඩා වෙනස් කතාවක්..
    කොහොම වුනත් දෙන්නෙක් පවුල් වුනාම වෙනම ඉන්න එක කාටත් හොඳයි..

    ReplyDelete
  8. කසාඳ නොබැඳ වුනත් 25ක් 30ක් විතර වෙනකොට වෙනම ජීවත් වෙන්න ඕන... ඒක තමා මගේ තියරිය... :)

    ReplyDelete
  9. අදයි මේ පැත්තට ආවේ. මගෙ ජීවිතයටත් බොහොම සමීප අත්දකීමක් නිසාම ආසාවෙන් කියෙව්වා. අපි දෙන්නා කසාද බැඳපු දිනයෙම මරණ තුනක් උනා. අපේ වෙඩිං එකට ආව කට්ටියක් ඇක්සිඩන්ට් වෙලා. මම මහත්තයාගෙ ගෙදරට ගොඩ උන ගමන්මයි ඒ ගැන ආරංචි උනේ. එයාගෙ අම්මා මගේ අපල පිටින් ඒවා දමලා සෑහෙන කාලයක් මට වේදනා දුන්නා. මම ඇයර වෛර කලේ නෑ. අන්තිම වෙනකල්ම හැම දේම ඉවසුවා. සමහර වෙලාවට මම බැනපු වෙලාවලුත් නැතිවාම නෙවෙයි. මාස හයකට පස්සේ අපි වෙනම ගෙදරක පදිංචි උනා. ඊට පස්සේ ආදරේ උපරිම ලැබුවා. අදටත් බොහෝ හැල හැප්පීම් තිබුනත් අපි සතුටින් ඉන්නවා. ගැහැණියකගේ ඉවසීම තියෙන්නම ඕනෙ පවුලක් ගෙනියන්න. හැම දෙයක්ම උපේක්ශාවෙන් දරා ගන්න හැකි නම් ජීවිතේ සාර්ථකයි කියල මට හිතෙන්නෙ. දැන් අපි විවාහ වෙලා අවුරුදු විසි අටක්.වෙනම ඉන්න එක ගොඩක් හොඳයි.මටත් හිරු කියනවා වගේ මුලදී එයාලගේ ගෙදර පරිසරයට පුරුදු වෙන්න හරිම අමාරු උනා. අපේ ගෙදර පරිසරය ඊට වඩා වෙනස් නිසා. ඔබේ අඩවියට ඇවිත් මගෙ අත් දැකීම් බෙදා ගත්තාට අමනාප නැතිව ඇති කියල හිතනවා.

    ReplyDelete
    Replies
    1. චන්දි කියනවා වගේ වැඩක් මටත් උනා... ඒක උනේ මත්පැන් නිසා.... පොඩි රැග් එකක් දෙන්න හැදුව වෙලාවේ ඒක නවත්තන්න ගිහිල්ලා වචන හුවමාරුවක් උනාලු.... (ඒක ඉතිං අපේ තාත්තගේ වැරැද්ද.....ඇත්ත කියන්න එපැයි.. බොන්න දෙන්න ඕනේ නෑ කියලා වැන්දේ නැතුවා විතරයි මම... ඇහුවෙ නෑ....)

      උනාය කියන දේ ඇත්තමද කියලා කියන්න මමවත් මගේ මහත්තයවත් ඒ වෙලාවෙ එතන හිටියේ නෑ .. ඒත් ඒක අල්ලගෙන අදටත් මගේ මහත්තයගේ අම්මලා අපේ ගෙදර යන්නේ නෑ.. මගේ මහත්තයා එක දවසක් වත් අපේ ගෙදර රැයක් ඉදලා නෑ....ඒක නිසා මට යන්නත් නෑ.... එයාලා බලාපොරොත්තු වෙන්නේ මම මගේ අම්මලාව අතඅරින්න ඕනෙ වගේ දෙයක්...... ඒක කිව්වේ නැති උනාට වැඩ කරන්නේ එහෙම.... ඒක හින්දා අපේ අම්මලා පුදුම දුකකින් ඉන්නේ.... අපේ තාත්තා ම‌ෙග් මහත්තයගේ තාත්තට වැදලා සමාව ඉල්ලුවා වෙඩින් එක දවසේම ඒ උන පුංච් දේට .... සමහර දෙමවුපියෝ තමන්ගේ දරුවන්ගේ ජීවිත හදන්න කොච්චර දේවල් කරනවාද.....? ඒත් සමහරු කරන දේවල් නිසා ළමයි ජීවිත කාලෙම දුක් විදිනවා කියන එක ඒගොල්ලෝ හිතන්නේ නෑ....

      තමන්ගේ දෙමවුපියන්ට වැරදි කියන තැනක දරුවෙක්ට ඉන්න පුළුවන්ද හිත හදාගෙන....සන්තෝසෙන් ඉදිල්ල කෙසේ වෙතත්....... ගොඩක් දුක් විදින්නේ ඒ හින්දා.....

      Delete
    2. මේවගේ ප්‍රශ්නවලට තියෙන හොදම විසදුම තමයි counseling මේ video එක බලන්න
      http://www.youtube.com/watch?v=MKCzczLutGk

      Delete
  10. මම නම් තාම බැඳලා නෑ කසා‍ඳේ
    උපදෙස් බස්සාගේ මසුරන් වටින්නේ

    දෑවැදි එපා කීවත්, හොඳ හයිහක්තිය තියෙන ඇඳක් ගෙනියන්නෝනි. හැබැයි ඉතින් හැම මනුස්සයටම මෙහෙම කලබොලයක් නැතිවැති මයෙ හිතේ.

    බලාන ගියාම ගැහැණු අයත්...
    " අනේ දැන් බෑ අනේ......"
    " ලැජ්ජයි අනේ"
    " ඔය ඇති අනේ..."
    කියන්නේ හිතේ තියෙන කැමැත්ත හංඟාගෙන වගෙයි.....

    "ගැහැණු කවද්ද හිතේ තියෙන දේ කීවේ"

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කනපිට වෙන එකේ මොකො හොඳවයින් පැදුරක් ගෙනිච්චොත්. ඒකෙන් වැටෙන්නෙත් නෑනේ අක්කෙ :P

      Delete
    2. සින්ගර් එකෙන් වොෂින් මැශින් එකක් ගෙනාවනම් "වැඩේ හරි වගේ "

      Delete
  11. අපි නම් තාම සුටි කොල්ලොනේ ....ඕවා පස්සේ තමා ..හික්ස්
    සොඳුරු අක්කාට නම් සිංගර් මැෂින් එකක් ඕනේ වෙලා වගේ ...ලොල්

    ReplyDelete
  12. ඇද නම් සත්තයි අපමන සොදුරු
    නමුදු විශ්වාසය මට නම් අදුරු
    මොනවා වුනත් හිතපන් මාගේ මිතුරු
    එලාගෙන කරනු යහපත් ලොකු පැදුරු

    ජය !

    ReplyDelete
  13. දෙදෙනා කඩා වැටුනා මහා සද්දෙන් බිමට.....
    ඇඳ පළු මෙට්ටේ හරහට කැඩිලා දෙකට.....
    මොනවද ළමයිනේ මහ රෑ මහ හඬට....
    අම්මා අසන විට උත්තර නැහැ අපට....

    දීපන්කෝ දැන් උත්තර..

    කථාවය 100%ක්ම එකගයි..

    ReplyDelete
  14. අනික ඇයි වයසක අය හැමේකටම " ඇයි කෙදිරි ගාන්නේ සනීප නැද්ද " " මොකද සද්දේ " කිය කිය අහන්නේ. මොකද එයාල බබාල ද ? අනේ මන්දා. අපිත් වයසට ගියාම නාකි වුනාම එහෙම වෙයි...

    ReplyDelete
  15. මොනවා උනත් අර කවි ටික නම් මරු

    ReplyDelete
  16. පවුල් ආරවුල් හැල හැප්පීම් ඇතිවෙන්න මූලික අඩිතාලම තමයි විවාහ වූ අලුත දෙමව්පියන් සමග එක ගෙදරක වාසය කිරිම තමන්ගේ නිදහස වගේම අනුන්ගේ නිදහසත් නැතිවෙනවා. මේක හරියට තේරැම් නොගත්විට ඇතැම් වෙලාවල මේක විසඳෙන්න නව යුවල දික්කසාදයකින් වෙන්වෙන්න තීරණය කරන්නේ

    "එයා හැම දේම කරන්නේ අම්මගේ තාත්තගේ කීමටයි. එතිනන් එහාට මම කියන කිසිවක් මායිම් කරන්නෙ නෑ"

    මෙන්න මේ දේ කියාගෙන දික්කසාදය ඉල්ලනවා.

    ඒ වෙලාවට දෙන හොඳම උත්තරේ විවාහ වූ විට පළමු වසර හතර පහ වෙනම වාසය කරන්න කියන එකයි.

    ReplyDelete
    Replies
    1. ඒ ඇයි මුල් අවදියෙ විතරක්. පස්සෙන් පහු ඔක්කම හරියනව ද ඉඹේ ම?

      Delete
  17. අපි දැම්ම බදින්නේ නැති උනාට බැඳපු කාලෙකට වටින පොස්ට් එකක් :)

    ReplyDelete
  18. අනිවා ඩෙෆා ......මේකනම් එළකිරිම පොස්ට් එකක් බස්සා....ඔහොම යමු ...

    ReplyDelete
  19. එළ එළ.මමනං මෙට්ටේ බිම දාලා නෙව නිදියන්නේ.ඉතිං බැන්ද කාලෙකටත් සද්ද එන්නෑ ඇඳෙං.අනික අර සින්දුවෙත් තියෙන්නේ "ඇඳට වඩා පැදුර හොඳයි හොඳට වදිනවා" කියලා.

    මම අඳුරණ අයියා කෙනෙක් බැන්දා.මම මහ රෑට ඌට රිං කරනවා.මේකා මට පහුවදාට බණිනවා "මොන හු**** බං කරන්නේ රෑට ගානට වැඩේ කරගෙන යද්දි තෝ රිං කරනවා නවත්තලා දාලා ෆෝන් එක ගන්ඩයෑ.ඉතිං දිගටම රිං වෙද්දි අම්මා ඇවිත් දොරට ගහනවා 'පුතේ ඔන්න ෆෝන් එක වදිනවා කියලා"

    ReplyDelete
    Replies
    1. ආත්ම ගානක් ගෙවන්න වෙන පවක් කරල තියෙන්නෙ ;)

      Delete
  20. //කරස් කරස් සද්දෙන් ඇඳ හෙලවෙනවා....
    ඔංචිලි වාරම වගේ එය දැන් පැද්දෙනවා....//
    හයියෝ මේක කියවලා පණ යනකම් හිනා උනා... අහන්නෙපා ඇයි කියලා......හික්ස්...

    ReplyDelete
  21. අනිවාර්යෙන්ම කාමරයක් හරි කුලියට අරන් වෙනම ඉන්න එක තමා හොද මුල් කාලේ ...

    ReplyDelete
  22. හොද ලිපියක්!!!! නොබැඳපු අයට, බඳින්න ඉන්න අයට ආදර්ශවත්..

    ReplyDelete
  23. මේ මගේ කතාවද කියල හිතෙන තරමට මට සමීපයි...මහා පත ඇදක් හදාගත්තට ඒකෙ ලෑලි ටික මේ කියන විදියම තමයි.අයියෝ ..වැඩක් පලක් කොරන වෙලාවක නෙමේ ඇදේ එහාට මෙහාට නෙට් එක දාද්දිත් අවල0 කිරි කිරිය...අල්ලපු කාමරේ අම්ම...දැන් බලාන ගියාම ඒක මේ හැමෝගෙම කතාව වෙන තරමට පොදු තත්වයක්.අහෝ... අලුත බැදපු ජෝඩු....

    කුරුම්නියා.

    ReplyDelete
  24. පොස්ට් එක මුලින් බැලුවත් කොමෙන්ට් එකක් නොදා ගියේ ආයෙමත් එන්න ඔනී නිසයි පරක්කු වෙලා ඇවිල්ලා පොස්ට් කියවන එක තමයි වඩාත්ම හොඳ උඳාහරන පොලිම් ගණන් වැටිලා තියනවනේ
    කලින් ඇවිල්ලා පෝස්ට් එක කියවලා හිනා වෙලා ගියාට එක ගැන වැඩිය හිතුවේ නෑ කොමෙන්ට් කියවපුවාම තමයි හිතුනේ එක ගැනත් හිතන්න ඕනී කියලා

    ReplyDelete
  25. අපිනම් ඕක මුල ඉදන්ම තේරුම් ගත්තා. කලින්ම ගෙවල්වලටත් කිව්වා බැන්දට පස්සේ දවසක්වත් එකට ඉන්නෑ, පුලුවන් උනොත් බදින්න කලින්ම ගේකට අත්තිවාරම් දාලා කාමරයයි කුස්සියයි විතරක් හදාගෙන බැදලා ඒකේ පද්oචියට ගිහින් හෙමීට ටික ටික ඉතිරි ටික හදාගන්නවා.
    බදින්න කලින් එහෙම කරගන්න බැරිඋනොත් බැදලා එක කාමරයක්හරි කුලියට අරන් යනවා. ඒකේ ඉන්න ගමන් අවුරුද්දකින් දෙකකින් පොඩියට ගෙයක් හදාගන්නවා කියලා.
    ඒක අහලා අම්මා කියපි
    "ඔයා පවුලේ බාලයා මේ ගෙදර අයිති ඔයාට, ඔයා කොහේ යන්නද?
    අනික තමන්ගේ ගෙයක් තියාගෙන කුලී ගෙවල්වල ඉන්නේ මොකටද?
    තව ගෙයක් හදන්න ඕනනම් පස්සේ හදාගන්න ඒත් එතකන් කුලියට ඉන්නැතුව මෙහෙ අපිත් එක්ක ඉන්න" කියලා.
    මට කට උත්තර නෑ, බැරිම තැන කරන්නම දෙයක් නැතිකමට නැන්දම්මා ලේලී ප්‍රශ්න ඇදලා අරන් "දෙන්නා අතර ප්‍රශ්නයක්වෙලා රන්ඩුවෙලා වෙන්න ඕන දේවල් උනාට පස්සේ හිත් නරක් කරගෙන වෙන් වෙනවට වඩා හොද නැද්ද ඊට කලින් වෙනම ඉන්න යන එක" කියලා යන්තම් ශේප් උනා
    ඇත්තම ප්‍රශ්නේ ඒ මොනවත් නෙමෙයි එයාට අසාමාන්‍යය විදියට කිති තියෙනවා:D

    ReplyDelete
    Replies
    1. කොටු කොටු.
      අන්තිම පේලිය කියව්වම හිනාකාලා මැරෙනව යකෝ

      Delete
  26. හ්ම්. මටනම් තව ගොඩක් කල් තියෙනවානේ. බස්සා අයියා කියපු දේවල් වටිනවා අනාගතේට.

    ReplyDelete
  27. මේවගේ ප්‍රශ්නවලට තියෙන හොදම විසදුම තමයි counseling මේ video එක බලන්න
    http://www.youtube.com/watch?v=MKCzczLutGk
    ඉවර වෙනකන් බලලා comments දාන්න.

    ReplyDelete
  28. බලන් ගියාම කසාද බදිනවා කියන එකත් ලේසි නැ අප්පා

    ReplyDelete
  29. මේව බලල කොමෙන්ටුවක් නොදැම්මොත් ඒ කියවන එකා හිත හොද කෙනෙක් නෙමෙයි. මට අද් තමා මේ බ්ලොග් එක හම්බ උනේ. තව තවත් දිරි ලැබේවා මෙවැනි දේවල් ලියන්න.

    ReplyDelete
  30. යකඩ ඇඳක් ගත්තත් වරදක් නැහැ මයේ හිතේ... හික්ස් ;)

    ReplyDelete