ටික දවසක් ලියන්නේ නැතිව හිටියේ ලියන්න තියෙන කම්මැලි කම හින්දා නෙමෙයි... එකින් එක සිදුවීම් මතක් කරනකොට හිතේ ඇතිවෙන වේදනාව හින්ඳයි.. ඇත්තටම ඒ කාලේ මතක් වෙන හැම මොහොතකම හිස් මුදුනෙන් පටන් ගන්න හීනි වේදනාවක් යටිපතුල් දිගේ ගාලාගෙන යනවා දැනෙනවා.. ඒත් මං ලියන්න හිතුවා...කවදාහරි දවසක අනු මේක දකියි... කවදා හරිම දවසක...
පැතිමි මම මනාලිය වන්නට...
ඔබේ සුරතේ එල්ලී...
සොඳුරැ කුටිය වෙත පියමනින..
සියළු අභරන බැඳි වතින්..
සුදු මලින් ගත් වරලසින්..
ඔබමගේ මුහුණ සිඹින කල..
විලියෙන් රතු වු මුහුණින්..
ඔබේ පපුතුරේ දැවටෙන්න..
ඔබ මගේ රැඳි සේළ හිමි හෙමින්..
මුදාලන කල්හී..
ඔබේ තුරැලෙන් මිදී..
විලියෙන් සැඟවයන්නට..
පුරමි පාරමී මං..
අනුගේ සිතුවිලි..මට තාමත් මතකයි අනු ඔය කවිය ලියපු දවස...එදා වගේම...
........................................................................
අනු...මට සමාවෙන්න.. ඔයාව රිද්දන්න හිතාගෙන නෙමෙයි මං එහෙම කිව්වේ... අනු කැමති නම් අනුගේ හිතේ තියෙන දුක කියන්න මං අහගෙන ඉන්නම්... මං අනුට කිව්වා...
ඇත්තටම මං ටිකක් හරි සතුටින් ඉන්නේ ජානක.....ඔයත් එක්ක ගෙවන මේ වෙලාව තමයි...ගෙදර අපායක්.. එක පැත්තකින් තාත්තගෙන් ප්රශ්ණ... එයා දැන් අපි ඉන්නවද මලාද බලන්නේ නැහැ... අම්මට ඔනේ මාව ඉක්මනට රොහාන්ට බන්ඳලා දෙන්න...වයස විසි දෙකක්කින් මට කසාද ගෑණියෙක් වෙන්න ඕනෙ නැහැ ජානක... රොහාන් අපේ අම්මගෙන් මං ගැන අහලා තිබුනේ මං ඕලෙවල් කරන දවස්වලම.. එයා හොඳ රස්සාවක් කරන්නේ.. අම්මා කියලා තියෙනවා ඕලෙවල් කරනකං ඉන්න කියලා.. ඊට පස්සේ ඉඳලා එයා මං පස්සේන්මයි.. මාව පන්ති එක්කං යනවා... එක්කං එනවා.. මට යන්න ඕන හැම තැනකම මං ගියෙත් මට යන්න සිද්ධවුනෙත් රොහාන් එක්ක...
මං අඳින්නේ මොනාද කියන එක පවා තීරණය කලේ එයා..ඒ දවස් වල මට තේරැනේ නැහැ... මට රොහාන් ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ව ආශ්රය කරන්න ලැබිලා නැහැ..
රොහාන් මට ආදරෙයි....ඒත් ටික ටික ලොකුවෙනකොට මට තේරෙන්න ගත්තා මේ ආදරේ මං බලාපොරොත්තු වෙන දේ නෙමෙයි කියලා...තාත්තා නැති අඩුව රොහාන්ගෙන් පිරිමැහුනා... ඒත් මට මට ඕනේ ජීවිතේ විඳින්න ජානක....
බස් එකේ කර්කශක සද්දේ අතරින් අනුගේ හීන් ඉකිබ්ඳුම මට ඇහුනා...
අඬන්න එපා අනු... ඔයා අඬනවා බලං ඉන්න බැහැ.. මං කැමති නැහැ ඔයා අඬනවට...
මට වෙන මොනාද කරන්න පුළුවන් ජානක..
මං හරිම අසරණයි... කව්රැවත්ම මං ගැන තකන්නේ නැහැ... ඒත් හැමෝම මගෙන් යම් යම් දේවල් බලාපොරොත්තු වෙනවා... කව්රැවත් මට ඔනේ මොනාද කියලා අහන්නේ නැහැ..
මං හරියට සරැංගලයක් වගේ... නූල බුරැල් කලොත් උඩ යනවා...නූල තදකලොත් නවතිනවා....මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්න ජානක... මට වෙලාවකට මැරෙන්න හිතෙනවා...
අනූඌෟෟෟෟෟෟ............................... වටේම ඉන්න අයට ඕනෑ ඔනෑ විදියට තමංගේ ජීවිතේ තීරණ ගන්න ඉඩ තියන්න එපා අනූ...
කව්රැ නැති වුනත් ඔයාට මං ඉන්නවා... මට තවත් මේක හිතේ තියාගෙන ඉන්න බැහැ... එහෙම වුනොත් එක්කෝ මට පිස්සු හැදෙයි.. නැත්තං සිරෝසිස් හැදෙයි....
මං ඔයාට ආදරෙයි අනු.....
මට පුළුවං ඔයාව දුකක් දෙන්නැතුව බලාගන්න... හැබැයි මට එහෙම කරන්න එපා කියන්න එපා අනු... ඔයා මට ආදරේ නොකර ඉන්න... ඒත් මට ඔයාට ආදරේ කරන්න එපා කියන්න එපා අනු....
අපි දෙන්නා අතර නිහඬ බව හරියට කල්පයක් වගේ මට දැනුනේ... අනු තාමත් මූණ බිමට බරකරගත්ත ගමන්... ඇස් දෙපැත්තේන් හීනි කඳුළු කැට දෙකක් එලියට පනින්න පොර කනවා....
අනු ඔළුව ඉස්සුවේ කඳුළු වක්කරගෙනම...
ඒ ඇස් දෙක කියන දේ මට තේරැණා...... කර වටේ අතදාලා පපුවට තුරැළු කරගත්තේ බස් එකේ කියලා කිසිම ගානක් නැතිව...
මාව කවදාවත් තනි කරන්න එපා ජානක....
පපුවට තුරැල් උනු අනුගේ හුස්ම ගන්න හඬ මට ඇහුනා...
මට තාමත් මතකයි ඒ දවස....
එක්තරා අවුරැද්දක හරියටම දෙසැම්බර් දහවැනිදාවක්.... එදා සෙනසුරාදාවක්.....මට තාමත් හරියටම ඒ වෙලාව මතකයි... ඔයා ඇඳගෙන හිටියේ කළු පාට රැළි සායකුයි.. කහපාට බ්ලවුස් එකකුයි..ඔයාට මතකද.... හරියමට එදා.... ඔයාගේ සෙරප්පුව කැඩුනා පිටකොටුවෙදී....මගේ ඉස්ඉස්සල්ලම තෑග්ග... කෙහෙල්වත්තේ සපත්තු කඩ අස්සේ රිංගලා සෙරප්පු ගත්තා.....මං අරං දුන්න කළු පටි සෙරප්පු ජෝඩුව... ඒ හැම දෙයක්ම මට තාමත් මතකයි අනූ....
අනු..... අපි හෙට කොහේ හරි යමුද ?
මට ඔනේ ඔයත් එක්ක නිදහසේ ඉන්න පුළුවන් තැනක්....
යමු රත්තරං.... මං ඔයා කියන් ඕන තැනකට යන්න එන්නං..
ජානක.....
ඇයි පැටියෝ....
මගේ අත රිදෙනවා රත්තරං... ඔයාගේ අතට හිරවෙලා.....
අනේ සොරි අම්මා......
අනේ ජානක මං තරහයි....මීට පස්සේ එහෙම සොරි කිව්වොත්.... මීට පස්සේ කිසිම දේකට සමාව ගන්නවත් ස්තූති කරන්නවත් එපා...
ඇයි අනු ඒ....
සමාව ගන්නෙත්, ස්තූති කරන්නත් ඕනේ අපි දෙන්නා දෙන්නෙක් නම් නේද ? එහෙමනේ ද?
ඔයා ඇයි ඔයාගෙන් සමාව ඉල්ලන්නේ....
කොටුවේ ස්ටේශන් එකේ... හත්වෙනි වේදිකාවේ අන්තිම බංකුවේ ඉඳගෙන ඔයා මට කිව්වා.....
ඔව් රත්තරං අපි දෙන්නා දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්...
අනුගේ පුංචි ඇඟිලි ආයිත් මගේ ඇඟිලි වලට මැදිඋනා....