Wednesday, July 2, 2014

අන්තිමවතාව...



සිගරට් බොන්නෙපා ඔය හැටි....
පපුව පිච්චෙයි....
ගිණිගන්න තැනක..
තව මොනවා පිච්චෙන්නද...
බොන්නෙපා ඔය හැටි...
විඳවලා මැරෙන්න වෙයි...
විඳවමින් ජීවත් වෙනවට වැඩිය...
මැරෙන එක සැප නැද්ද...
ඇයි මැරෙන්නම හදන්නේ...
වටිනාකමක් නැති තැන...
ජීවිතයක් තියනවද....
මට ආසයි අන්තිම පාරට මුන බලන්න....
එපා.. එපා...
ඒ ඇයි....
එතකොට මට...
මැරෙන්න හිතෙනෙකක් නැහැ...

Saturday, April 5, 2014

මාවත් හලාල් කරන්න.. (අග මුල නැති සටහනකි)



ඝානසාර හාමුදුරුවෝ ප්‍රසිද්දියේ ශ්‍රී ලංකා කැබිනෙට් අමාත්තිය වරයෙකුට පත්තර-රේඩියෝ-ටීවී නාලිකා ඉදිරියේ "පරයා,...පරයා...පරයා" කියා ගරු නම්බුව නොහොත් රෙස්පෙක්ට් කිරීම.(ඊයේ පොස්ට් එකේදී ගොඩාක් සිංහල සහෝදරයෝ කියලා තිබුනා සිංහලෙන් පරයා-කියලා කීම වැරදි වචනයක් නොවෙයි කියලා, එක තමයි රෙස්පෙක්ට් කියලා දැම්මේ)1.ලංකාවේ සිංහල-බවුද්ද කැබිනෙට් අමෙතිවරයෙකුට මෙහෙම ගරු කලොත් ප්‍රතිචාරය කෙසේ ඇද්ද?2.ප්‍රභාකරන් මැරෙන්න ඉස්සර ඔහුට පරයා කීමට හැකි මිනිහෙක් ලංකාවේ හිටියද?3. සුළු ජාතීන්ට ප්‍රසිද්දියේ අව නම්බු කිරීමට ලාංකික මහජාති සිංහල බවුද්දයෝ අනුබල දෙනවාද?4.ලෝකයා ඉදිරියේ ලාංකිකයාගේ සිවිලයිස් තත්වේ මොකක්ද?5.ලාංකිකයෝ වශයෙන් අපි හැමදාම මේවගේ එකිනෙකාට පාච්චල් කරගන්නවාද?//මෙම සන්ග්වාදයට සහභාගිවුණු සියලුම සහෝදර-සහෝදරියන්ට ස්තුතියි. අද උදේ වෙනකොට කොමෙන්ට්ස් 107යි, ලයික් 22(කොච්චර ආඩම්බරයක් ද මන්කියන්නේ) අද හවස මේක ඩිලීට් කරනවා, හේතුව මම හවස මක්කම-උම්රා වන්දනාවේ යනවා, විශේෂයෙන් මගේ රටටත් රටේ සියලු ජාති-ආගම් වලට අයිති හැම කෙනාටත් අධි විශේෂයෙන් අපේ ගරු පුජ්ජිය ගලබඩ ඇත්තේ ඝානසාර ස්වාමින් වහන්සේටත් හරි මග පැදේවා, සාමය පැතිරේවා සියලුම සැප සම්පත් හිමිවේවා , මගේ රට ශ්‍රී ලංකා බැබලේවා කියා ප්රාත්තනා කරමි. ඔබට අස්සලාමුඅලයික්කුම්,වනක්කම්, ...ආයු-බෝවන්.////////////////////

ඥාණසාර හාමුදුරුවෝ පරයාකියලා සඳහන් කලේ හකීම් ගැන නම් ඒක වරදක් නැහැ... ප්‍රශ්ණේ වෙලා තියෙන්නේ හකීම්ගේ පරකම දැන දැනම අපේ දේශපාලකයෝ හකීම් එක්ක අතවැල් බැඳගන්න එක.. හකීම්ට කොයිතරම් හයියක් තියනවද කියලා මෑතකදී හකීම් ප්‍රසිද්ධ වේදිකාවක කියලා තිබුන කථාවක්...මේ රටේ ආණ්ඩු පිහිටවන්නේ අපි...
චන්ද්‍රිකා ගෙනාවෙත් අපි...රනිල් නැවත ගෙනාවෙත් අපි...මහින්ද බලයට පත්කලෙත් අපි...අනාගත ආණ්ඩු බිහිකරන්නෙත් අපි...
ඇත්තටම හකීම්ට එහෙම ප්‍රකාශයක් කරන්න තරම් හයියක් ආවේ කොහොමද..?
ලංකාවේ මුලු ජනගහනයෙන් 74.88 ක් ඉන්නේ සිංහල.. මුස්ලිම් ප්‍රජාව මුලු ජනගහනයෙන් 9.2%. එහෙම වතාවරණයක හකීම්ට ඔය කියන ආකාරයේ බලයක් ලැබෙන්නේ කොහොමද..?
උත්තරය බොහොම සරළයි...හකීම් ඇතුලු මුස්ලිම් දේශපාලණය පාවිච්චි කරන්නේ මෝඩ සිංහලයාගේදුර්වලකම්...
අපි ජාතියක් විදියට අවස්ථා කීපයදී හැර එකා වගේ කෙලින් ඉඳලා නැහැ...  නිදහස ලබාගත්ත කාලේ ඉඳලා අපේ පාලකයෝ අපිව පුරුදු කලේ පක්ෂය මුල්කරගත්ත දේශපාලණ ක්‍රියාවලිකට... ආණ්ඩුව මොන දේ කලත් විරුද්ධ පක්ෂයේ කාර්යභාරය උනේ විරුද්ධවෙන එක... වරුද්ධ පක්ෂේ මොන යෝජනාව ගෙනවාත් ආණ්ඩුවේ උත්සහාය ඒක නිෂ්ප්‍රභා කරන එක... මහජනයා තමන්ගේ සිතුම් පැතුම් ගොඩනගාගන්නේ ඒ ඒ පක්ෂ හැසිරෙන ආකාරයත් එක්ක... ආණ්ඩුව අත්තනෝමතික ලෙස ලයිට් බිල වැඩිකරනවට විරුද්ධ වෙන පිරිසක් වගේම ඒකට එකඟ වෙන පිරිසක් ඉන්නවා... මොකද ඒ එකඟ වෙන පිරිසට වෙනම ලැයිට් බිලක් එනවද..? නැහැ එතන තියෙන්නේ දේශපාලනේ... තමන්ට යම් හානියක් වෙන තැනකදී පවා ඒකට විරැද්ධ වෙන්න තරම් අපි සිංහල කියාගන්න ජාතිය තුල සමගියක්.. එකමුතුභාවයක් නැහැ....ඒ දුර්වලකම තමයි හකීම් පාවිච්චි කරන ආයුධය...මුස්ලිම් ජනතාව එකතුවෙන එක තැනක් තියනවා.. ඔවුන් කුමන මතයක්.. කුමන දේශපාලයක්.. දැරුවත් ඔවුන් පල්ලිය තුල එකාවන්ව ඉන්නවා... ඉහල සිට පහලට එකම මතයක් ගලාගෙන යනවා.. ඒ යාන්ත්‍රනය ක්‍රියාත්මක වෙන්නේ පල්ලිය හරහා...අනිත් කාරනේ දේශපාලකයින්ට දැක්මක් තියනවා.... තමන්ගේ ජාතියට සේවය කරනවාය කියන එක... මොන ආණ්ඩුව බලයට පත්වුනත් ඔවුන් ඒකේ කොටස්කාරයෝ වෙලා තමන්ගේ ජාතියට සලකනවා... අද හකීම් කරන දේම හොදම උදාහණයක්... හකීම් අධිකරණ ඇමති උනාට පස්සේ නීති විද්‍යාලයේ තිබුන ජාතිය අනුව ජනඅනුපාය වෙනස් වෙලා... නැඩිපුර මුස්ලිම් ශිෂ්‍යෙයා් නීති වද්‍යාලයට ඇතලුත් වෙනවා...හකීම් ආණ්ඩුව ඇතුලේ ඉඳගෙනම ආණ්ඩුවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ආණ්ඩුවට විරැද්ධව පෙත්සම් යවනවා... එහෙම අවස්ථාවක පවා අපේ පාලකයින්ට කොන්ඳක් නැහැ හකීම් බෙල්ලෙන් අල්ලලා එලියට දාන්න... වෙන මුකුත් නෙමෙයි බලයට ියන කෑදර කම නිසා... බලය පවත්වාගැනීම උදෙසා තමන්ගේ ජාතිය පාවලා දෙන්න උනත් පාලකයෝ පසුබට වෙන්නේ නැහැ...එහෙම උනත් අනිත් අතින් තමන්ට විරුද්ධව ලියන.. ආණ්ඩුව විවේඡනය කරන මාධ්‍යෙව්ධින් මර්ධණයට ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියනවා... තමන්ට විරුද්ධව ප්‍රවෘත්ති පලකරන පුවත්පත් වාරණය කරනවා... වේඩ් අඩවි විාරණය කරනවා..... ඔන්න ඕකයි ආණුඩුවේ තත්වේ....මේ දෙවල් වලට මුස්ලිම් පාලකයින්ට දෙස් තියලා වැඩක් නැහැ... අපේ ජාතියේ වල කපාගන්නේ අපි විසින්මයි...දැන් ඥාණසාර හාමුදුරුවෝ අරගෙන බලමු... උන්වහන්සේ ගේ හැසිරීම පිළිබඳ ප්‍රශ්ණ තිබුනත් ඒ මතකරන කරුණු පට්ට ඇත්ත... හලාල් ප්‍රශ්නේ ඇතිවුනේ බොදු බල සේනාව ඒක මතුකරපු නිසා... එහෙම නොවුනා නම් අදටත් අපි නොදැනුවත්ම අපි හලාල් බද්ධක් ගෙවනවා... (දැන් දැන දැනම ගෙවන එක වෙනම කථාවක්)....බෞද්ධ සිද්ධස්ථාන අත්පත්කරගන්න එක... ඒ අවට පල්ලි ඉදිකරන එක ගැන අවධානය යොමු වුනේ බොබොසේ ඒක මතු කලාට පස්සේ.. එහෙම නොකලා නම් තවමත් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා....දැන් කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් ඒක ආගමික නිදහස සීමා කිරීමක් එහෙමත් නැත්නම් ඒක ප්‍රජානත්ත්‍රවාදයට විරැද්ධයි කියලා...ඒත් දකුණු මධ්‍යම සහ දකුණු ආසියාතික රටවල ඉතිහාසය ගත්තාමඒ විරුද්ධත්වය එසේ නොතිබුනොත් අපිටත් වෙන්නේ ඒ සංසිද්ධියම තමයි... අද ඇෆ්ගනිස්ථානය 100% මුස්ලිම් රටක් වුනත් ඇෆ්ගනිස්ථානය කියනනේ බෞද්ධ රටක්... බොහොම සිය්මුව ආක්‍රමණය කරලා අද වෙනකොට තිබුන අන්තම බෞද්ධ නටඹුන් වුන බාමියන් බුදු පිළිම පවා විනාශකරලා දැම්මා...

බංගලාදේශය බෞද්ධ සම්බවයක් පැවති රටක්.... අද වෙනකොට බෞද්ධයිනට පාරක යන්න බැරි තරමට රට තුල මුස්ලිම් ආගමික ක්‍රියාකාරකම් වර්ධනය වෙලා තියනවා....මියන්මාරය මුස්ලිම්කරණය වෙමින් පවතිනවා....බුදුන් ඉපදුනු... බුද්ධත්වුනු.. පිරිනිවන්පාපු ඉන්දියාවේ අද බෞද්ධයෝ් නැත්තටම නැති තරම්...මාලදිවයින තනිකරම මුස්ලිම් ආගමිකකරණය වෙලා....අද ආසියා මහද්වීපයේ මහජාතිය බෞද්ධය කියන්න තියන ඉතුරුවෙලා තියෙන එකම රට ලංකාව...අද ඒකත් බොහොම සියුම්ව මුස්ලිම්කරණය වෙමින් පවතිනවා....ලංකාවේ ගමක ගෙවල් 10 ක් 15 ක් මුස්ලිම්වරු පදිංචි වුනොත් ඔවුන් මුලින්ම කරන්නේ එක ගෙදරක තියන ඉඩක තමන්ගේ වන්දනාමාන කරනන් ස්ථායනක් වෙන්කරගන්නවා... හාම සිකුරාදාම කට්ටිය එකතු වෙලා යාඥාකරනවා... වන්දනාමාන කරනවා... පස්සේ එක් පල්ලියක් වෙනවා... ඒ පල්ලිය ආශ්‍රිතව තව තව මුස්ලිම් ප්‍රජාව එකතු වෙනවා.. පසුකාලීනව පල්ලියට ඉතිහාසයක් ඇතිවෙනවා... ගම මුස්ලිම් වෙනවා.... සිංහල අපි මුස්ලිම් උදවියට වැඩිගානට ඉඩම් විකුනලා වෙන වෙන පැතිවල පදිංචියට යනවා... ඔන්න ඒ ගම මුස්ලිම් වෙලා හමාරයි.... අද මුස්ලිම්වරු නැති පලාතක් හොයන්න.. අද වෙනකොට උතුර දකුන නැගෙනහිර බස්නාහිර මධ්‍යම වයඹ සබරගමුව කියන කොයිපලාත ගත්තත් මුස්ලිම්කරණය වෙලා....ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය හෝ ආගමික නිදහස මුස්ලිම් රටවල්වල නැත්තේ ඇයි.... අද අපිට ගිහින් සෞදි ආරාබියේ හරි ජොර්දානේ හරි පන්සලක් විවෘත කරන්න පුලුවන්ද...? අඩුම ගානේ රැකියාවකට ගිහින් ඉන්න බෞද්ධයෙක්ට තමන්ගේ කාමරේ බුදු පිළිමක් තියාගෙන වන්ඳනාමාන කරන්න කිදහසක් තියනවද...? ඇයි එතනදී ප්‍රජාතන්ත්‍රවාදය හෝ ආගමික නිදහස ගැන කථා නොකරන්නේ....

දැන් දැන දැනම අපිත් යන්නේ බංගලාදේශය හෝ අෆ්ගනිස්ථානය යන පාරට නම් ඒකට වගකියන්න ඕනේ අපේ රටේ පාලකයෝ.... සහ සර්ව සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව... අද සමහරු මේ ගැන කථා කරන්න පවා බයයි... ඇයි තමන්ගේ ජාතියට වෙන වින්නැහිය කථා කරන කෙනා ජාතිවාදියෙක්යකියලා වටකරගෙන පිරිසක් අපේ රටේ ඉන්නවා... ඒ අයට තියෙන්නේ සර්වාගමික බඩේ අමාරුවක්... අපි හැමෝම එක අම්මාගේ දරුවෝ.... බුද්ධාගමේ කියනනේ සතුරටත් මෛත්‍රිය කරන්න කියලා.... මේක ප්‍රජාතමන්තවාදී රටක්... වගේ කුණුහබ්බ කියලා කථා කරන එකාව පාගලා දානවා....අපේ රට සර්වාගමික රටක් බහුජාතික රටක් නම් ඇයි අන්‍යජාතිකයෝ ඒ විදියට නොහිතන්නේ... ඇයි උන්ට මේ රට ශ්‍රී ලංකාව සහ තමන් ශ්‍රී ලාංකිකයි කියන එක වෙනුවෙන් පෙනී නොසිටින්නේ....ඇයි ක්‍රිකට් මැච් එකක දී පාකිස්ථානෙට හුරේ දාන්නේ....ඇයි තමන් පත් වුනේ තමන්ගේ ජාතියට වැඩ කරන්න කියලා ප්‍රකාශ කරන්නේ....ඇයි තමන්ගේ ජාතියට වෙන ආසාධාරණ කියලා ජීනීවා ගිහින් පෙත්සම් ගහන්නේ...එහෙම කලාම අපහසුතාවයට පත්වෙන්නේ තමන් නියෝජනය කරන තමන් ඉපදුන තමන් ජීවත්නෙව මේ ශ්‍රී ලංකාව කියලා ඇයි උන්ට කැක්කුමක් නැත්තේ....පහුගිය ආසියා ශුරතාවෙදී පකිස්ථානයට ජය පතලා කෑගැහැව්වේ ඇයි...අපේ විකට් එකක් යන යන ගානට රතිඥ්ඥා පත්තු කලේ ඇයි....?
උඹලා උන් පකිස්ථානේ ජීවත් වෙන නිසාද...?
එතකොට කෝ ඔය කියන සර්වාගමික.. බහුජාතික පූට්ටුව....මටත් ඔබතුමාගෙන් යම් ප්‍රශ්ණ කීපයක් අහන්න තියනවා... - හකීම්ට පරයා කියලා ආමන්ත්‍රනය කරපු එකට මේ මහත්මයාට මේ වගේ ප්‍රශ්ණ වැලක් අහන්න පුලුවන්, ඔය මහත්තයා සරුවාගමික බහුජාතික නම් ඇයි මුස්ලිම් සහෝදරයෝ පකිස්ථානෙට චියර්කරපු එක ගැන යමක් කියන්න බැරි උනේ...?
- හකීම් ජීනීවා වලට යැව්ව පෙත්සම ගැන ඇයි ජාතිහිතෛශිව බලන්න බැරීවුනේ..?
- සිංහල මිනිස්සුන්ට නැති මුස්ලිම් වීම මත පදනම් තියන ප්‍රශ්ණ මොනවාද..?
- නැගෙනහිර ජීවත්වන සුළුතරයක් වෙන සිංහල මිනිස්සුන්ට මුස්ලිම් මිනිස්සුන්ගෙන් වෙන පීඩා ගැන ඔබතුමාට යම් මතයක් ගොඩනගන්න බැරි ඇයි..?
- මම පල්ලි කඩනවා කියලා චෝදනා කරන ඔබතුමා බාමියන් බුදු පිළිම වලට කරපු විනාශය ගැන දරන අදහස කුමක්ද...?
- අවසාන වශයෙන් මට අවශ්‍යනම් මගේ වියදමින් ඉරානේ, ඉරාකේ, ඇෆ්ගනිස්ථානයේ හෝ වෙනත් මුස්ලිම් බහුතරය වෙසෙන රටක පන්සලක් ආරම්භ කරන අවසර ලබාගැනීමට හැකියාවක් තියනවාද... එහෙම තියනවා නම් ඒ ‍කොයි රටේ ද..?

(බුකියේ සංවාද සටහනකින් උපුටා ගැනීමකි)

Thursday, March 13, 2014

උක්කුංට ලියමනක්.....



මගේ බ්ලොගේ කියවන බොහෝ දෙනෙක්ට මතකයි නේ “උක්කුං“ ගැන... ඔව් අර ගෑණු නාන තැන හිටපු “උක්කුං“ තමා... කොහොමෙන් කොහොම හරි මේ ගොයියා පෙළවහකුත් කරගත්තා කියමුකෝ.. උක්කුං ගේ පවුල උනේ සඳා.. ඒත් වැඩි කාලයක් පවුල් කන්න ලැබුනේ නැහැ.. සඳාට ඩුබායි යන්න සිද්ධ උනා...  පස්සෙන් පහු ආදර ගණුදෙනුව සිද්ධවුනේ තැපෑලෙන්... උක්කුං වගේම සඳාත් කවියට දස්ස නිසාම මෙයාලාගේ ලියුම් බොහොම රසවත් උනා... 

දැකගන්නට නැති නිසා කලකින් සුදු මුණ...
නිදි නැති කලට මම දකිනවා පෙම් හීන...
තනිවී නිදන නුඹ මට නොපෙනෙන මාන...
අමාවකය මහිතට කෝ හඳ පාන..

ඉන්නට බදා නුඹේ වත උණුහුමට ලයේ...
මහ ලොකු හිතක් මගේ ගාවත් තවම තියේ...
එන්නට හැකි උනොත් මහ රෑ දොලොස් පැයේ..
එනවා නේද ඇවිදිමු අපි අරාබියේ...

තනිවම නිදන නුඹ දැක ඇවිලි සෝක..
සිතමින් හීන දකිනෙමි මම හැම රෑක...
දවසක් ඇවිත් හීනෙන් කළුවර දාක...
මොහොතක් නුඹේ ලඟින් ඇල වුවා මා ද..

උණුසුම් හාදුවක් දෙතොලට දොතොල තියා...
දෙන්නම් තුරුලු කරගෙන මම දෙනෙත පියා...
සීතල හදවතට උණුහුම ගෙනෙන ඔයා...
හිරවී තදකරන් ඉමි මම ඉඩ නොතියා....

සිහිනෙන් මගේ නම කීවා මට ඇසුනා...
මදහස පිපී දෙතොලේ මතු වනු දුටුවා..
නොදැනිම වගේ නෙතඟට කඳුලක් ආවා..
දිලිසෙන පිණි බිඳක් නුඹේ වත මත පිපුනා...

තිසරැන් පොඩි කරන් පොට්ටුව මිරිකන්න...
දෙතනේ උණුහුමේ සැනසුම විඳගන්න...
යන්තම් කණ විකා ලාවට රිද්දන්න...
ආසයි සොඳුරියේ නුඹ  මත සැතපෙන්න...

දෙතොලට දෙතොල තද වෙන ඒ සොඳුරු පැයේ...
වැසෙනා දෙනෙත් තුල නුඹ ගේ රුවම මැවේ...
තව තව තුරුලු වෙමි ලොම් පිරි නුඹේ පපුවේ...
මට ඉඩ දෙන්න ආදර සිත තෙමෙයි මෙහේ...

යංතං මොදු වෙනකොට නුඹේ සෙනෙහේ ලඟ...
තෙමනවා ඉවුරු දන්නවා පෙම් අමා ගඟ..
එය අම රසකි දැනුනේ මට දිවේ අග...
එන්නට හිතයි දැන්මම ලත නොවී මග...


මෝරන පපුව නුඹේ දෙතොලම ඉල්ලනවා...
පොඩිකර මතක්කර මෙට්ටෙට තදවෙනවා...
තද වෙන මොට්ටු හිමි හිමිහිට උල්වෙනවා..
“උක්කුං“ ආවොතින් මම “කුක්කුං“ දෙනවා...

වටකුරු දෙතන දෑතට ගෙන එකට බදා...
පෙම් රස වින්ඳ හැටි මතකෙට නැගේ එදා...
පන්සල් පොලේ හඳපානේ තදින් බදා...
උන් හැටි මතක් වෙනකොට මට දුකයි “සඳා“...


රසවිල ඈත් කර ගිණියම් ඇඟිලි වලින්...
යන්තම් මිරිකලා මදටිය ඇටය හිමින්...
නුඹ කලේ වැඩේ “අම්මෝ“ හැම දෙනට හොරෙන්...
තව කොයි කලක් ඉවසන්නද මන්දා ඉතිං...

ඇත්තයි “සඳෝ“ උඹ හැම වැඩදම දස්සී...
මම වහුපැටියා වගෙයි නුඹ එළ වැස්සී...
ඹබාගෙන මුන හිටියට මම ඉස්සි...
උඹ රස වුනේ හරියට වාගෙයි පිස්සී...

අනේ රත්තරනේ මට යන්න වෙනෝ...... 
අපේ “බාබා“ ඇහැරිලා....
ආයිත් ලියන්නම්... 

හරිය.....

(කථාව ඉවර නැහැ)

Sunday, March 2, 2014

“ලොකු බේබිගේ වීර ක්‍රියා“ අංක 1 - කකුල පිච්චු දැරිය..


(ඡායාරෑපය ශෙහාන් ගුනසේකර සහෝදරයාගේ මුනු පොතෙනි)

දැන් දැන් අපට අසන්නට ලැබෙන්නේ අමුතුම ආකාරයේ පුවත්ය... රජයේ නාළිකා වලින් පමනක් තොරුතුරු දැනගන්නා මහජනයාට අසන්නට දකින්නට ලැබෙන සුරපුරය ලොව අන් කිසි රටකට නොදෙවැනිය... එය ඒ තරමටම ආශ්චර්යමත්ය.... ඊට අමතරව දවසින් දවස “බේබි“ ලාගේ වීර ක්‍රියා ගැනද අසන්නට ලැබේ... මේ වීරයන් අතීතියේ අප අසා ඇති, අපේ රටේ බිහිවු ජාතික වීරයන් යයි සම්මත කොටසට වඩා ප්‍රාතිහාර්යය පාන්නට දක්ෂය... ගලිවර්ට වඩා යෝදය... ටින් ටින් ගේ වීර ක්‍රියා වනට වඩා ඥාණසම්පන්නය.... ෂර්ලොක් හෝල්ම්ස් ගේ රහස් පරීකෂණ වික්‍රමයන්ට වඩා තීක්ෂණය.....මේ වීර ක්‍රියා ගත්කල අතීත වීරයන් කල කී දෑ හී වටිනාකම “පයිසෙට“ වඩා ටිකක් වැඩිය.... 

මේවායිනුත් වැඩියෙන්ම අසන්නට ලැබෙන්නේ “ලොකු බේබි“ ගේ වීර ක්‍රියා ය... එක් පසකින් ගත් කල මේවා කථාංගය...... එකිනෙකට සම්බන්ධය....  “කකුල පිච්චු දැරිය“ එහි නවතම කථාංගයයි... එය ෂර්ලොක් හොල්ම්ස් ගේ තීක්ෂණ බුද්ධියට කරන අභියෝගයකි... කථාව සරළව මෙසේය.... ගුරවරයෙක් විසින් සාමාන්‍ය පෙල පන්තියේ දැරවියක මෙහෙකාර සේවයේ නොහොත් “වැඩකාරකමට“ යොදවයි... අපට නොකිව්වත් ඒ තුල අපහරනයක් හෝ කුට්ඨනයක් නොහොත් සුද්ද භාෂාවෙන් “සොර අඹු“ කමට තබාගැනීමක් සිදුවිය හැක... පසුව ඇයට සිදුවන අසීමිත පීඩා හමුවේ ඇය නිවසින් පැනයාමට තීරණය කරයි...  එසේ පැනයන දැරියට ගුරුවරයා විසින් තර්ජනය කරනු බලන්නේ ඇය නැවත කෙසේ හෝ තම නිවසට ගෙන්වන බවට අනතුරු අඟවමිනි.... ඔහුගේ කියමන සනාථ කරමින් ඒ දැරිවියට ඇතිවන යම් කායින හෝ මානසික රෝගී තත්වයක් හමුවේ ඇයව නැවතත් අර ගුරුවරයා ලඟටම ගෙනයාමට සිදුවන්නේ ඇයට යම් ශාන්තිකර්මයක් වැනි යමක් කරවා ගැනීමටය.... මේසේ ගෙනයන දැරිවියට වැහුනු යක්ෂයා පැන්නවීම සඳහා ගුරුවරයා විසින් ඇයලේ දෙපතුල රත්කරන ලද යකඩයකින් පුළුස්සනු ලබයි.... කථාව ඉවර නැත... අවසානයේ යක්ෂයා පැන්නීම කෙසේ වෙතත් දැරිය රෝහල් ගත කිරීමට දෙමව්පියන්ට සිදුවේ... මෙය පැහැදිලිවම ශ්‍රී ලංකාවේ බලාත්මක අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාර වරදකි.... එය එසේ වුවත් ගුරුවරයා සතු යම් ආකාරයක “බලයක්“ හමුවේ නීතිය නිසියාකාර ක්‍රියාත්මක නොවේ.... 

(බස මරා අවසන්... මෙතනින් පස්සේ තමයි “පයිට්“ කෑලි පටන් ගන්නේ...)

මේ සිද්දිය අමු අමුවේම ආරංචි වෙනවා මොනරවාහිණියට... මොනරවාහිණියේ රිපෝටර් ඇත්තෝ සිද්ධිය අඩු වැඩියත් සපයලා “ලයිව් ඇට් එයිට්“ එකේ දානවා.... අැත්ත තමයි සිද්ධිය. කෙල්ලගේ කකුල් දෙක පතුරු ගහලා.... ගුරුවරයා පොලිසියේ කට්ටියත් එක්ක සෙට්ලු... ඒක නිසා පොලිසිය නිහඩයි ලු......දවසක් දෙකක් යනවා.... ඔන්න ඔය සිද්ධිය නිසා අපේ ලොකු බේබිගේ ලැම්බෝගිනි යේ සීට් එක රත්වෙනවා.... ලොකු බේබි කෙලින්ම කෙල්ලව හොයගෙන කෙල්ලගේ ගෙදරටම යනවා... කකුල් දෙක පරීක්ෂා කරලා බලලා වහාම රෝහල් ගත කරන්න කියලා දෙමව්පියන්ට උපදෙස් දෙනවා... දොස්තරලා කඩියෝ වගේ වැඩ.... කෙල්ලගේ එක කකුලක් එක දොස්තර කෙනෙක් බලනවා... අනිත් කකුල තව දොස්තර කෙනෙක් බලනවා.... නර්ස් කෙනෙක් කෙල්ලගේ කකුල් දෙක මැද්දෙන් අත තියාගෙන ඉන්නවා... කෙල්ලගේ ගවුම ඉස්සලා අපයෝජනයට ලක්වෙයි කියලා..... දොස්තරලා තීරණය කරනවා වහාම කෙල්ලව කොළඹ මහ රෝහලට යවන්න ඕනේ කියලා... දොස්තර හිතනකොට ඇම්බියුලන්ස් එක වේගෙන් ඇවිත් “කරාස්“ ගාලා බ්රේක් ගහගෙන දොර පඩිය ගාව නවත්වනවා... දොස්තර කෙනෙක් එක්කම කෙල්ලව දාගෙන ඉගිල්ලෙනවා.... (කථාව තාම ඉවර නැහැ)

“ලොකු බේබි“ වහාම පොලිසියට නියෝග කරනවා මේ ගැන පරීක්ෂණ පවත්වලා ගුරුවරයා අත්අඩංගුවට ගන්න කියලා.... ඕඅයිසී ටෙලිෆෝන් එක බිම තියන්න කලින් ජීප් එක දොර ගාව.... යනවා කට්ටයි... ගිහින් ගුරාව කුදලගෙන එනවා.. .එන ගමන්ම ජාතික ළමාරක්ෂක අධිකාරියට කොල් එකක් දාලාම වැඩේ ගැන කියලා.... එයාලා කොළඹින් පිටත් වෙනවා පරීක්ෂණය කරන්න.....  මේ මුලු ක්‍රියාවලියම සිද්ද වෙන්න ගතවෙන්නේ දවසයි... 

දැන් මේ සිද්ධිය ඒ ගමේ මිනිස්සුට ආරංචි වෙනවා... මිනිස්සු ලොකු බේබි ගැන මහා ශ්‍රද්ධාවක් ඇතිකරගන්නවා.... පොඩි මිනිහාගේ වැඩකට ලොකුම තැනින් වෙච්ච මැදිහත් වීම ගැන... අර දැරිවිගේ අම්මයි තාත්තයි බේබිට මල් තියලා වඳිනවා... සමහර විට අර බෙදපු පොතක් එහෙම ඒ දැරවි ගාව තිබ්බා නම් ඒකේ මුල පිටුව කඩලා බුදු පිළිමෙට උඩින් එල්ලාවි.... ගමේ ලිඳ ගාව,  කඩ පිළ ගාව, බණ මඩුවේ බේබිගේ වික්‍රෙම් ගැන කථා කරනවා... අනේ අපේ බේබිට පින් සිද්ධ වෙන්න අර කෙල්ලට බෙහෙතක් හේතක් කරගන්න පුලුවන් උනා... ගුරාව පොලිසි ගෙනිච්චා..... බේබි ට පින් සිද්ධ වෙනවා... වයසක අම්මලා කියනවා.....
---------------------------------------------

මේ අපේ රටේ සබෑ තත්වයයි... පසුගිය වසර කීපයක සිටම මෙවැනි සිද්ධින් ගනනාවක් අපට අසන්නට දකින්නට ලැබිනි... මාස කීපයකට පෙර බෝගම්මර බන්ධනාගාර රැඳවියන් පිරිසක් වහලයට නැග උපවාස කරමින් ඉල්ලා සිටියේ “ලොකු බේබිව“ ගෙන්නවා තමන්ගේ ප්‍රශ්ණය විසඳා දෙන ලෙසයි.... රටේ ජනතාව තේරුම්ගත යුතු කරුණක් ඇත... රටේ පාලකයින් යනු කරවන්න් නොව කෙරවීමට අදාල ක්‍රමවේද සකසන්නන්ය.... පොලිසියේ රාජකාරිය නීතය බලාත්මක කිරීමය... අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමය... ඔවුන් පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමය.... අදාලා අංශ දැනුවත් කිරීමය.... සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමය.... අධිකරණයේ වගකීම වන්නේ අදාල කරුණට අනුව පවතින පරිවේශණීය සාක්ෂි හා වාචික ප්‍රකාශ කරුණ තර්ක පදනම් කරගෙන නඩු කටයුත්තට ආදාල පුද්ගලයින් වැරදිකරුවන් යැයි ඔප්පු වුවහොත් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් පැමිනවීමය... එසේත් නැත්නම් නිදෝස් කොට නිදහස් කිරීමය.... මේ ක්‍රියාවලිය නිිසියාකාරව සිදුවෙනවා දැයි පරික්ෂාකරන්නට වෙනම කණ්ඩායමක් පත්කර ඇත... බේබිලා ඇතුලු ආණ්ඩුව විසින් කල යුත්තේ මේ පවතින පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමය... පොලිසියට ස්වාධීන්ව තමන්ගේ රාජකාරීන් ක්‍රියාත්මක කල හැකි පරිසරයක් නිර්මාණය කරදීමය... දේශපාලන අතපෙවීම් වැලක්වීමය.... ස්වාධින අධිකරණ පද්ධතියක් බිහිකිරීමය... කොටින්ම කිව්වොත් පවතින ක්‍රමවේදය නිසිපරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමය......

අපිට නොතේරෙන්නේ ද  ...  උන් නොකරන්නේ ද ... එයමය...

Sunday, February 23, 2014

බුකියේ පෙන්නන දෙක....


දැන් අලුත්ම රැල්ල නැගිලා තියෙන්නේ බුකිය තහනම් කිරීම ගැන නේ... කාලෙකට පස්සේ මටත් හිතුනා ඒ ගැනම ලියන්න... දැන් නම් මේ ගැන පට්ට ගහලා තියන නිසා ලියන්න තියන දේත් බොහොම සීමිත උනත් මටත් ඒ ගැන යම් මතයක් තියනවා...මම “බුකි තහනම“ දෙආකාරයකින් දකිනවා.... එකක් තමයි එක්තරා කාලයකදී පැය 24 න් තුනෙන් දෙකක් විතර කාලයක් බුකියේ රැඳුනු... බුකියේ ජීවත් වුනු... බුකියේ ආතල් ගත්ත.. ගහගත්ත.. වාද කරගත්ත කෙනෙක් හැටියට...

අනිත් කෝණය තමයි යන්තමට දැළි රැව්ල වැවීගෙන එක... ටික ටික කට හඬ වෙනස් වේගෙන යන..‍ යෞවනයට අත වනමින් ඉන්න කොළු පැටියෙක් ගේ තාත්තෙක් හැටියට..... ඔය දෙකෙන් කොයිකට සාධාරණයක් ඉෂ්ඨ කරන්නද කියලා නොතේරුනත්.. ඔය දෙකෝනේම සාධාරණ විදියට මම දකින දේ ලියන්න බලමු....

බුකියේ ප්‍රශ්ණ තියනවාද...?

ඇත්තටම බුකිය අප්සට් තැනක්ද....?

මේකද කෙනෙක්ට 100%  නිවැරදි පිළිතුරක් තියේය කියලා මම විශ්වාස කරන්නනේ නැහැ... නමුත් මට නැහැ... බුකිය හොඳයි.... අපි බුකිය හොඳයි කියලා දකින්නේ අපි ආශ්‍රය කරන... අපි ගැවසෙන.. අපේ මිතුරු ලැයිස්තුවත් එක්ක සම්බන්ධ පරාසය තුල... නමුත් ඔය කියන පාරාසය මුලු ලෝකය පුරාම ඉන්න බුකිගත වන්නන්ගෙන සීයට කොච්චරක් විතර වෙයිද... ? අපි “හොඳ“ යැයි සම්මතය දකින්නේ අපේ පරාසය ඇතුලේ... අපි දන්නවා බුකිය හරහා වෙන “සත්කාර“ සමාජ මෙහෙවර වගේම බිහිවෙන නිර්මාණ ගැනත්... ඒත් ලංකාව ඇතුලෙම බුකිගත වෙන තව කොටසක් ඉන්නවා උන් බුකිය “කැටපත් පවුරක්“ ද යන්න වත් නොදන්න..... උන් ජීවත් වෙන ලෝකේ වෙනස්...උන්ට තියන ආතල් වෙනස්....

දැන් අහන්න එපා “බස්සා“ කොහොමද ඒ පැත්ත දන්නේ කියලා...

ඔය මටත් තවත් ප්‍රොෆයිල් එකක් හෝ ඊට වැඩි ගනනක් තියනවා....ඒ නිසා මට සහතිකව කියන්න පුලුවන් අපි දකින “බුකියේ“ මේ පැත්ත නොදකින පිරිසක් ඉන්නවා වගේම උන් බුකිය භාවිතා කරන ආකාරය අපි දන්නේ නැහැ...
මේක බොහොම සරළ දෙයක්...
හරියමට අපි ජීවතවෙන සමාජය වගේමයි... අපි දකින අපිට “ඇක්සස්“ තියන කොටස විතරයි අපි දකින්නේ... ඒ තුල තියන හොඳ හෝ නරක අපි විඳිනවා වගේම විඳවනවා... ඒත් අපිට “ඇකසස්“ නැති කොටස ගැන අපිට පැහැදිලි චිත්‍රයක් නැහැ.... කොටන්ම කිව්වොත් බුකිය කියන්නේ අපි ජීවත් වෙන සමාජ ක්‍රමයේ එක් පැතිකඩක්.. ඒ තුල “හොඳ“ සහ “නරක‘ කියන කොටස් දෙකම තියනවා.... 

නමුත් තාත්තා කෙනෙක් විදියට මම මගේ පුතාට බුකිය අනුමත කරන්නේ නැහැ... යම් කාලයක් යනකම්... ඒකට හේතු තියනවා... එකක් තමයි මම මීට කලිනුත් කියප අපි “හොඳ“ යැයි දකින සීමාවට එහා තියන කොටස අපේ පාලනයෙන් තොර වීම.. 

අනිත් කාරනේ තමයි බුකිය තුල බොහොම ඉක්මනට “කොපි“ කිරිල්ල සිද්ධ වෙනවා... අනුගමනය කිරීම නෙමෙයි අනුකරණය කරන එක... ඒකේ සිමාවන් නැහැ.. ඇඳුම් පැළඳුම්... වචන භාවිතාව... හැසිරීම... විවිධාකාර මෝස්තර.... කොටින්ම කිව්වොත් මුලු ජීවන රටාවම “කොපි“ කරන්න පෙළඹෙන, පෙළඹවිය හැකි තැනක්....ඒකට හේතු වෙන බොහෝ දේත බුකිය තුල ෂෙයාර් වෙනවා... අපි බොහොමයක් අවස්ථවල දකිනවා බුකියේ තියන පොඩි පොඩි ගෙට්ටු... ගෘප් එකක සෙට් එකක් සෙට් වෙලා තන්න ආතල්... දාන පිංතූර... කේ එෆ සී.. මැක්ඩොක්ල්ඩ්ස්... මුහුදු වෙරළේ ගන්න ආතල්... කෙල්ලෝ කොල්ලෝ යන ට්‍රිප්... හැබැයි කවුරුත් ඔය ආතල් කොටස් ෂෙයාර් කලාට ඒ ඇතුලේ තියන “කුහක“ කෑල්ල් එළියට දාන්නේ නැහැ... ඒත් සමහර වෙලාවට දරාගැනීමේ සීමාව පැන්නාම ඒ පොඩි පොඩි ඒවා එළියට එනවා..... මොකක් උනත් ඔය ගන්න “ආතල්‘ දකින පොඩි පොඩි කොලු කෙලිත්තියෝ ගෙඩිය පිටින්ම මේවා “අනුකරණය“ කරන්න පෙළඹෙනවා....  ඔය යන බොහොම “ට්‍රිප්“ වල පිංතූර බලද්දී අපි දකිනව ඔය සමහර නංගිලා මල්ලිලා “දෙක“ පෙන්නගෙන ඉන්නවා... නිකමට අහලා බලන්න ඇයි ඔය “දෙක“ පෙන්නන්නේ කියලා... බොහෝ විට නිහඬ වෙන්න පුලුවන්.... ඇත්තටම එයාලා ඔය “දෙක“ පෙන්නීම දැකලා තිබ්බාට එහි සැබෑ අරුත “වී“ අකුරු හැබය නොහොත් “වික්ටරි“, එහෙමත් නැත්නම් ජයග්‍රහනය කියන එක නොදන්නවා වෙන්න පුලුවන්... මේ බුකිය තුල “ඇන්ඳීම“ කියන එකට බොහොම සරළ උදාහරයක් විතරයි....

මීට අමතරව බුකිය තුල “හන්ටර්ලා“ නොහොත් දඩයක්කාරයෝ ඉන්නවා...ඔවුන් බුකියට එන්නේ කවි ලියන්නවත් පිංතූර බලන්නවත් එහෙමත් නැත්නම් සංවාද කරන්නවත් නෙමෙයි.. ඔවුන්ගේ මුලික අරමුණ “බිලී බාගැනීම“.. ඔවුන් ඉල්ලන්ගේ “මස්“... ප්‍රශ්නේ තියෙන්නේ ඒ වරිත බුකිය තුල හඳුනාගැනීමේ අපහසුව... ඔවුන එන්නේ විවිධ වෙස් අරගෙන.. බොහෝවිට ඔවුන් එන්නේ රෑපසම්පතියෙන් වැඩි ගෑණු චරිත ඔස්සේ.. එහෙමත් නැත්නම හිත් ඇඳගන්න පිරිම රෑප ඔස්සේ... ඒ වගේ “බිලි බාගැනීම්“ කෙලවර වෙන්නේ එක්කෝ මුලු ජීවත කාලෙම විඳිවන්න සිද්ධ වෙන දේත එක්ක.. එහෙමත් නැත්නම් අවසානය වන්දි ගවෙන්නේ ජීවිතෙන්... අපි බුකිය කියන කොටස දකින්නේ සිංහල කථා කරන, සිංලෙන් කවි ලියන කොටස උනත් බුකිය ඊට එහා ගිය පාලනයෙන් අසීමාන්තික නිදහසක් තියන තැනත් විදියටමයි මම දකින්නේ....

ඒ කියන්නේ “බස්සා“ පුතාට බුකිය තහනම් කරනවද...?

උත්තරය ඔව්.....

 දැන් කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් “ඊට වැඩිය හොඳ නැද්ද ඒ තුල ආරක්ෂාකාරීව හැසිරෙන ආකාරය“ කියලා දුන්නා නම් කියලා... 

නැහැ.. මම පිළිගන්න දෙයක් තියනවා... “ප්‍රිවෙන්ෂන් ඊස් බෙටර් දෑන් ප්‍රටෙක්ෂන්‘  කියන එක.. ආරක්ෂා කරනවට වැඩිය වලක්වා ගැනීම හොඳයි.....

ඒ එක පැත්තක්....

නමුත් රජය බුකිය තහනම් කරන්න හදන මුලික කාරණය විදියට ඔය දේ පෙන්නුවත් ඇත්තටම බුකිය තහනම් කරන්න හදන්නේ ඒ නිසා නොවන වග අපි හැමෝම දන්නවා....ලංකාවේ තියන බොහොමයක් අමාත්‍යංශ වල ඉන්න “ඩොකියුමන්ටේෂන් ඔෆිසර්“ කියන චරිතයේ එක රාජකාරියක් තමයි බුකිය ඇතුල අන්තර්ජාලය තුල සිද්ධවෙන දේවල් ගැන අදාල පාර්ශවයන්ට වාර්ථාකරන එක... සමහර විට ඔය කියන අය අපි අතර ඉන්නත් පුලුවන්... අපි කරන සංවාද ගැන වාර්ථා සකස් කරන්නත් පුලුවන්..

මුල් කාලේ බුකිය තුල සිදුවෙන රජයේ ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙල විවේචනයන් ලොකු බලපෑමක් නැති උනාට දැන් දැන් අන්තර්ජාලය ජනප්‍රිය වීම සහ එදිනෙදා ජීවිතයට නැතිවම බැරි.. බොහෝ දෙනෙකට පිවිසිය හැකි තැනක් වීම නිසාම බුකිය තුල ටවෙන සංවාද රජයේ ජනප්‍රියත්යට යම් බලපෑමක් එල්ල කරනවා... කොටන්ම අන්තර්ජාලය සාමාන්‍යකරණය වීම තුල බුකිය තුල සිදුවෙන සංවාද වලින් මේ රජය පිහිටුවීමේ ලා ලොකු බරක් ඇද්ද නිර්ධන පන්තියේ මනැසට යම් බලපෑමක් එල්ල වෙනවා... සමහර විට ඒ බුකිගත වෙන ඔවුන්ගේ දෙවැනි පරම්පරාව නිසා වෙන්න පුලුවන්... අපේ රටේ පාලනය වෙනස් කරන්නේ පිළිගත්ත පක්ෂ වලට වැඩ කරන කොටස නෙමෙයි... අලුතින් එකතුවෙන ඡන්දදායකයෝ සහ පාවෙන ඡන්දදායකයෝ... කැපුවත් කොල හෝ කැපුවත් නිල් කියන කොටසනි කවදාවත් රජයක් පත්වෙන්නේ නැහැ.... මේ තුල වැඩි වශයෙන් ගැවසෙන කොටස බුකිය තුල සිද්ධ වෙන විවිධාකරයේ සංවාද තුල ඇතිකරගන්න ආකල්පය රජයේ පැවැත්ටම බලපාන්න පුලුවන්...

පහුගිය කාලේ සිද්ද උන සිද්ධින් වලින් උනේ “අඬන්න ඉන්න මිහිනාට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා“ වගේ වැඩක්.... ඒ සිද්ධ වුන සිද්ධින් රජයේ ප්‍රයෝජනය පිණස පාවිච්චි වීමක් තමයි දැන් සිද්ධ වෙන්නේ....
අපේ රටේ සිය දිවි නසාගැනීම් ඇත්තටම ප්‍රශ්ණයක්.... 

ලංකාවේ අවුරුද්දකට අවම වශයෙන් පුද්ගලයින් 100,000 වත් සිය දිවි නසාගනෑමීට උත්සහා කරන බව වාර්ථා වල සඳහන් වෙනවා.... ඒ අතරින් දිනකට පුද්ගලයින් 10 ත් 12 ත් අතර ප්‍රමාණයක් සියි දිවි නසාගන්න පව තමයි වාර්ථා වෙන්නේ... පහුගිය කාලේ ලංකාව ලොකේ සිය දිවි නසාගගැනීමේ වාර්ථාව පවා පිහිටුවලා තිබුනා....  

ආණ්ඩුවට ඇත්තටම ලංකාවේ සිද්ධ වෙන සිය දිවි නසාගැනීම් අවම කරන්න කටයුතු කරන්න අවශ්‍යතාවයක් තියනවා නම් බුකිය තහනම් කිරීම කියන එක එන්නේ ඒ ලැයිස්තුවේ වාටිය හරියට... ඊට කලින් කරන්න බොහෝ දේ තියනවා...  ඉතාම සරළ දේ තමයි අපේ රටේ තියන “සිස්ටම්“ එකේ ප්‍රශ්නෙට නිසි පිළිතුරක් ලබා දෙන්න ඕනේ... උඩ ඉඳන් පහලටට සිස්ටම් එකේ ප්‍රශ්ණ තියනවා.. පහුගිල කාලේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට කන්න දෙන්න විදියක් නැතිව දරුවනුත් එක්කම ගඟේ පැන්න.. .ආණ්ඩුව මොකද කලේ.. අඩුම ගානේ එ් ගැන නියමිත පරිදි පොලිස් පරීක්ෂණයක් කලාද කියලාවත් සැකයි... ගොවියෝ ණය ගෙවාගන්න බැරිව “මැහි තෙල්“ බිව්වා..... විශ්ව විද්‍යාලේ ළමයි පීඩනය දරාගන්න බැරිව බෙල්ලේ වැල දාගන්නවා.... තමන්ගේ බිරිඳ රට ගියා කියලා සැමියි දරුවනුත් තුරුල් කරගෙන ලිඳට පනිනවා....

මේ දේවල් වලදී නිහඬ පිළිවෙතක් අනුගමනය කරන රජය ඇයි මේ බුකියේ ප්‍රශ්නෙදී මෙච්චර උනන්දුවක් දක්වන්නේ..... 

මෙතනින් එහාට ලිව්වොත් නැවතත් ලියන්න වෙන්නේ මේ ආණ්ඩුවයි ඒ හා බැඳුන් “කුඩු“.. “බඩු“ සහ “සුදු“ යන තුන් ආකාරික ක්‍රියාවලිය ඇතුලු අනෙකුත් “පජාත“ වැඩ ගැන නිසා ඒ ගැන වැඩි යමක් නොකියා ඉන්නම්... ඡන්දයක් අස්සේ ඕවා ලියලා ආණ්ඩුවට වැටෙන ඡන්ද ටික නවත්වන්නේ මොකටද...? (පුකෙන් මටම හිනා)....
මේක සංවාදිතද නැද්ද යන්න තීරණය කරන්න කියවන ඔබට බාරයි.... හැබැයි මේ ලිව්වේ මගේ පෞද්ගලික මතය... ඒක අප්සට් වගේ නම් මුලු පෝස්ට් එක පුරාම “අපි“ කියලා ලියලා තියන තැන් වලට “මම“ කියලා දාලා කියෙව්වත් කමක් නැහැ....