Wednesday, July 2, 2014

අන්තිමවතාව...



සිගරට් බොන්නෙපා ඔය හැටි....
පපුව පිච්චෙයි....
ගිණිගන්න තැනක..
තව මොනවා පිච්චෙන්නද...
බොන්නෙපා ඔය හැටි...
විඳවලා මැරෙන්න වෙයි...
විඳවමින් ජීවත් වෙනවට වැඩිය...
මැරෙන එක සැප නැද්ද...
ඇයි මැරෙන්නම හදන්නේ...
වටිනාකමක් නැති තැන...
ජීවිතයක් තියනවද....
මට ආසයි අන්තිම පාරට මුන බලන්න....
එපා.. එපා...
ඒ ඇයි....
එතකොට මට...
මැරෙන්න හිතෙනෙකක් නැහැ...

10 comments:

  1. බස්සට හරි නිර්මානාත්මක කවි හිතක්නේ තියෙන්නේ. මේකෙ මතුපිට සරලව තිබුණත් එහි ඇතුළත අරුත මහා දාර්ශනික බවක් නේ තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දයානන්ද මහත්මයා...
      බොහොම වටිනවා අගය කිරීම....

      Delete
  2. ඇත්තටම අපූරුයි.. මෙහෙම හැකියාවක් තියන්නේ ඉතින් ඉදලා හිටලා ලියන්නේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනේෂ්... කාලයක් තිස්සේ ඉඳන් දෙන ධෛර්යට බොහොම ස්තූතියි...

      Delete
  3. මන් හැමතිස්සෙම කියන වචනයක් දැක්ක නිසා ඇවිත් බැලුවා "සිගරට්" ඇත්තටම මේකේ ඊට වඩා ලොකු අර්ථයක් එක්ක ලියපු එකක් වගේ මටනම් හිතුනේ. හිතට වදිනවා නෙමෙයි ඇත්තටම මේ වචන හිතට දැනෙනවා

    ReplyDelete
  4. සිගරැට් කොම්පැණියෙද වැඩ කරන්නේ?

    ReplyDelete
  5. අන්තිම වතාව කියන්නේ - බ්ලොග් එකේ අන්තිම ලිපියද?

    ReplyDelete
  6. අයියෝ ඉවරද ලිපි ටික ?

    ReplyDelete
  7. ඒක සුපිරියට හිතට වැදුනා මචං..

    ReplyDelete
  8. මට ආසයි අන්තිම පාරට මුන බලන්න....
    එපා.. එපා...
    ඒ ඇයි....
    එතකොට මට...
    මැරෙන්න හිතෙනෙකක් නැහැ...

    ReplyDelete