Friday, July 6, 2012

නංගි ලොකු වෙලා.......



පොඩි කාලේ පටන් නිතරම ලඟ රැඳුනු....
මාදං හුඹුටු සීනී පේර ගෙඩි කඩපු....
අල්ලපු වැටේ නංගී මගේ ලඟ නටපු...
කොහොමද වැටුනේ ජම්බු ගහෙන් බිම හිටපු...

කාලෙත් එක්ක ටික ටික ලොකු වෙනු දැක්කා...
දෙහි ගැට දොඩම් වෙනු දැක දැක මග රැක්කා...
පුවක් පට්ට කරත්තේ යන කොට දක්කා...
එක්කර ගෙන ගියා හිදිසියේ ලොකු අක්කා...

හවසට වෙනදා වගේ ගුඩු පනින්නට...
අස්සයා ගොන් ටික් ටික් ටික් කරන්නට...
මහගෙයි මුල්ලේ හැංගී පිට දී දොරට...
දැන් ඈ එන්නේ නැහැ සෙල්ලම් කරන්නට...

ඉස්කෝලේ එක්කර ගෙන ගියේ මම...
එනකොට අතින් අල්ලාගෙන ආවේ මම...
වැවට ගිහින් නාන්න ලඟ හිටියේ මම...
දැන් ඈ නැතිව තනියම ලතැවෙන්නේ මම...

දවසක් දෙකක් මග බල බල මම හිටියා...
එනමුත් තවම ඇය නම් නොම එනු සැටියා....
රිංගා වැටෙන් පීරා ගස් මී වැටියා....
ගේ කිට්ටුවට අවේ මෙන් හොර කොටියා....

තට්ටු කරා ජනේලේ මුල්ලකට හෙමින්...
“සුදු නංගී“ අයියා මම ආවේ හොරෙන්....
අයියා, එන්න බැහැ දැන් නම් පෙර විලසින් ...
කිව්වා නංගි කාටත් නෑහෙන අයුරින්.... 

මට බැහැ ඔයා නොබලා දැන්නම් ඉන්න....
එක මොහොතකට පුලුවන් නම් දැකගන්න...
ජනේලේ තදයි බැහැ නොවැ එය ඇරගන්න...
මම ඉන්නවා මෙතනම බැහැ මට යන්න....

අයියේ කිය දේ චුට්ටක් අහනවද....
මම ලොකු වෙලා ඒ ගැන ඔබ දන්නවද...
අම්මා දැක්කොතින් විසුමක් නැති වෙයිද...
ඔය සුදු මුන දැක ගන්නට බැරි වෙයිද...

යනවා එහෙමනම් මම යන්නට නොඑන්නට...
එන්නෑ යලිත් නම් චක්ගුඩු පනින්නට...
හැන්දෑ කොරේ වැව ලඟ තනි රකින්නට...
පිටේ සුවඳ සැවැන්දරා ගාන්නට....

අයියට කියන දේ ඇයි නොම තේරෙන්නේ...
කොහොමද නොකියා මම දැන් එළියට එන්නේ...
අම්මා දැක්කොතින් නම් නැහැ බේරෙන්නේ...
මට කරදර නොකර හිමිහිට වැට පැනගන්නේ...

ලොවි ගැට ලොකු උනේ හින්දා සාත්තුව...
මැද මහ මුකලානේ දී උනු හේත්තුව...
මිරිකා උරා යුස අරගගෙන සාන්තව...
උඹ ලොකු උනේ මා ගාවදී කේන්තිව...

අයියා කියන දේ නාහන්නේ මන්ද...
කියනා කිසිත් ඔය මොලයට නොවැටෙද්ද....
හිමිහිට ඇවිත් ගෙයි මුල්ලට නොම සද්ද...
මිරිකුවා නෙළුම් පොට්ටුව මතකද නැද්ද...

ආසයි නගේ උඹේ පොට්ටුව දැකගන්න...
හැකිනම් ලඟට අරගෙන කොන මිරිකන්න...
දැන් නම් තවත් බැහැ මට මෙය ඉවසන්න...
ජනේලේ කඩං එනවා ඇතුලට ඔන්න....

අසයි මටත් සුදු අයියව දැක ගන්න....
පපුවට තුරුල් කරගෙන කෙහෙරැළි සිපගන්න..
කොතරම් කලත් බැහැ නොවැ මෙය ඇරගන්න...
මා ගැන තකා තව ජුන්ඩක් ඉවසන්න...

ජුන්ඩක් තියා තප්පරයක් බැහැ ඉන්න...
හැකිනම් ඇවිත් මයේ සතුටට පෙන්නන්න...
මෙච්චර කලක් උඹ වගේ මගේ ලඟ උන්න..
නැහැ වෙන කිසි කෙනෙක් දිව්රුවා මම ඔන්න...

මම ලොකු වෙලා බැහැ ඉස්සර වගේ එන්න...
බඩ උඩ නැගලා අස්සයා පැන පැන යන්න...
සීනි පේර ගස් උඩ නැග ගෙඩි කන්ඩ...
මහ කළුවරේ බඩ වැටිවල රිංගන්න....

නංගී ලොකු වෙන්න කල කරුමය කිමද.
ඉස්සර වගේ ලඟ ඉන්නට බැරි ඇයිද.
අපි දෙන්නා නොදන්නා දේ මොනවාද...
මේ ගැන අම්මගෙන් වැඩිපුර අහනවද..

දන්නෑ අයියේ ඒ ගැන කියනට වැඩිය...
අම්මා දුන්න ඔවදන් සහ අඩු වැඩිය...
අහගෙන හිටියා මිස ඒ ගැන හරි හැටිය...
කියලා දෙන්න මම දන්නැ වැඩිය...

නංගියේ... ජනේලේ අරින්නම බැරිද....?
බැහැ සුදු අයියේ... අම්මා වහලාම දාලා....
උඹලගේ අම්මට කියපන් නංගියේ.....
දවසක මම ඕක අරිනවා...
වහන්න බැරි වෙන්න......

හරිය.....

26 comments:

  1. නියමයි ලස්සනට පඳ බැඳලා

    ReplyDelete
  2. කවිටික නම් පට්ටය!!

    "ටිකක් හිනා වෙන්න සහ මධුසමය"
    කෝ මචන් මේකෙ ඉතුරු ටික? ඉක්මනට ලියපන්කො..

    ReplyDelete
  3. හික්ස් මරේ මරැ නියමට ගොතලා කවිටික

    ReplyDelete
  4. පට්ටා පට පටය....

    ReplyDelete
  5. හොඳට තියෙනවා....

    ReplyDelete
  6. niyamai...... harima apuurui... Hariya !

    ReplyDelete
  7. හරිම අපුරුය.

    ReplyDelete
  8. මූ නම් සහෝදර ප්‍රේමෙන් නොව ඉන්නේ
    හරි තැන අහුඋනොත් නම් ඇය ඉවරයිනේ

    ReplyDelete
  9. සිරා කව්ටික....

    ReplyDelete
  10. ගොතලා ගොතලා රසටම ගොතලා ...

    ReplyDelete
  11. දවසක මම ඕක අරිනවා...
    වහන්න බැරි වෙන්න......

    හරිය.....

    ReplyDelete
  12. වහන්ඩ බැරිවෙන්ඩ අරින්නේ ජනේලෙ නේද?

    ReplyDelete
  13. මං මේ බ්ලොගේ පොලිටිකල් ගොඩට දාලයි තිබුනේ!!!

    ReplyDelete
  14. සෑහෙන කේන්තියක් ගිහින්නේ අන්තිමේ.. මොනා කරයිද මන්දා..

    ReplyDelete
  15. ඇරපන් මචං අවුලක් නෑ. ජය..!

    ReplyDelete
  16. මම කියවපු ලස්සනම කවී ටික මේ බ්ලොග් අවකාශයේ .......... ඒ වගේම තේරුමත් එල එල
    උඹලගේ අම්මට කියපන් නංගියේ.....
    දවසක මම ඕක අරිනවා...
    වහන්න බැරි වෙන්න......

    ReplyDelete
  17. පට්ට කවි ටික ...

    ReplyDelete
  18. සුපිරි!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  19. දැන්මම අරින්නට තදියම මොකද?
    ටිකක් ඉවසපන් අයියේ මම හරිය
    ටික ටික ලොකු වුනා දැන් ඔක්කොම හරිය
    මේ ටික උඔට මිස වෙන කාටද බස්සෝ....

    ReplyDelete
  20. පට්ටා බස්සෝ

    කෝ කෝ ටිකක් හිනා වෙන්න මධුසමය3 කෝ........
    මධුසමය නතර වෙලා ද?

    ReplyDelete
  21. වන පස මලක් සේ ලස්සන නුඹටයි
    නල වන උකුලෙ උණුසම සහනය නුඹටයි
    ලෙල වෙන හංස පැටවුන් නුඹ ගැන විමසයි
    ඉවසන් අයියේ මේ සුදු නංගිය නුඹටයි
    - බස්සට ගොඩාරියක් ආදරය කරන කෙනෙක් -

    ReplyDelete
  22. මැක්සා කවි ටික! මධුසමය ඉතුරු ටිකත් ඉක්මනට දාන්න....

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. නියමයි !!!!! කෝ බස්සෝ මදුසමයේ ඉතිරි ටික ??? ඉක්මනට දාන්න. අනේ මචන් එකනම් නවත්තන්න එපා. හරිය ?????

    ReplyDelete
  25. ජීවිතේ විඳගන්න නෙවෙයි නිකම්ම විඳෙනව බස්සො කියෝනකොට.. ඔහොම යං..ඔහොම යං..

    ReplyDelete