Wednesday, July 11, 2012

හාස්කම.....



නිවස පුරා පැතිර තිබුනේ පාළු මූසල බවක්.මවගේ කෙදිරිලි හඩින් නිවසේ පැවති නිශ්ශබ්දතාවය බිදී ගියා. ඒ හඩට සවන් යොමා සිටි පුංචි සැලී ඇගේ පියා කලබලයෙන් නිවස පුරා ඇවිද යන ආකාරය බලා සිටියේ සංවේගයෙන්. විටක මව සිටි කාමරයට ඇතුල් වී මවගේ හිස අත ගෑ ඔහු තවත් විටක නිවස ඉදිරියට විත් මාවතේ ඈත කෙලවර දෙස බලා සිටියේ නොයිවසිල්ලෙන.

"තාත්තේ..."
හෙමින් හෙමින් පියා අසලට ඇදුනු සැලී ඇගේ හඩ අවදි කලා
"ඇම්බියුලන්ස් එක තවම නැත්තේ ඇයි?"

"දැන් ලගම එනවා ඇති දුවේ" යැයි සැලීට පිලිතුරු දුන් පියා ඇයව තම තුරුලට ගත්තා.

"දුවට බයයිද? බය වෙන්න එපා දුවේ...මම ඉන්නවානේ"යැයි පියා පැවසුවේ පුංචි සැලීගේ සිතේ කැකෑරෙන බිය සහ ශෝකය ඔහුට දැනුනු නිසාවෙන්.

මද වේලාවකින් හඩ නංවමින් පැමිනි ගිලන් රථයක් නිවස අසල නැවැත්වූ අතර ඉන් බැස ගත් වෛද්‍යවරියක් සහ හෙදියන් දෙදෙනෙක් හනික නිවස තුලට පැමිනියා.ඔවුන් සුව පහසු අසුනක මවව හිදවා ඇයව ගිලන් රථය වෙත රැගෙන යන ආකාරය කදුළු පුරවා ගත් දෙනෙතින් යුතුව සැලී බලා සිටියා.
පියා වෙත සෙමින් සෙමින් ලං වූ ඇය ඔහුගෙන් මෙසේ ඇසුවා,

"තාත්තේ...අම්මා මැරෙයිද?"

පුංචි සැලී දෙස ආදරණීයව බැලූ පියා ඇයට පිලිතුරු දුන්නා
"නෑ දුවේ අම්මාට මොකුත්ම වෙන්නේ නෑ...තව ටික දවසකින් දුවට මල්ලි පැටියෙකුත් අරගෙන අම්මා ගෙදර ඒවි"

සැලීගේ දෙනෙත් විශාල වුනා...මුහුන ආලෝකවත් උනා...ඇගේ මුව පුරා ඇදී ගියේ සුන් දර සිනහවක්...

දින කිහිපයක් ගෙවී ගියා.මව යලිත් නිවසට පැමිනියා,ඇය පැමිනියේ තනිවම නොවේ, සැලීට පුංචි හුරුබුහුටි මල්ලියෙකුත් සමගයි. ඔහුට ජෝජ් යැයි නමක් යෝජනා කලේ සැලීමයි.

කාලය ගෙවී ගියා,දැන් සැලීට වයස අවුරුදු 8ක්. දිනක් ඇගේ මව සහ පියා ඇයගේ පුංචි සොහොයුරා ජෝජ් පිලිබදව කල කතාවක් ඇයට ඇසුනා.ඔහු මාරාන්තික අසනීපයකින් පසුවන බවත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කල හැකි සියල්ල තම මව සහ පියා කර ඇති බවත් සැලීගේ පුංචි මොළයට වැටහුනා.වෛද්‍යවරුන්ට අනූව ඉතා විශාල මුදලක් වැය වන ශල්‍යකර්මයකින් කුඩා ජෝජ්ගේ දිවි බේරා ගැනීමට හැකි වන නමුත් එවැනි විශාල මුදලක් දැරීමට සැලීගේ මවට සහ පියාට හැකියාවක් නැහැ.

"දැන් ඉතින් පුතාව බේරගන්න වෙන්නේ හාස්කමකින් විතරයි" පියා දුක්මුසු හඩින් මව සමග පවසන අයුරු සැලීට ඇසුනා.

"හාස්කමක්? ඒවා කොහේද තියෙන්නේ?" සැලීට ප්‍රශ්ණයක්.
හනික තම නිදන කාමරයට දිව ගිය සැලී සගවා තිබූ තැනින් තමන්ගේ කැටය අතට ගත් අතර හනික එය බිද දැමූ ඇය එහි තිබූ මුදල් ගණන් කිරීමට පටන් ගත්තා.කුඩා වියේ සිටම මව සහ පියා ලබා දුන් මුදල් ඉතිරිකිරීමට හුරු වී සිටි නිසා ඇගේ කැටයේ සෑහෙන ප්‍රමානයක මුදලක් ඉතිරි වී තිබුනා. කැටයේ පිරී තිබූ මුදල් තෙවරක්ම ගැන බැලූ සැලී අවසානයේ ඒවා රැගෙන නිවස අසල තිබුනු ඖෂධ සැල වෙත ගියා.

ඖෂධ සැලට ඇතුල් වූ සැලී ඖෂධ සැලේ සේවකයෙකුගේ අවධානය ඇය වෙත යොමු වන තෙක් බලා සිටියත් කාර්යබහුලව සිටි ඔවුන් කිසිවෙකුගේ අවධානය ඇය වෙත යොමු වුනේ නෑ .අවසානයේ තම පසුම්බියෙන් කාසියක් අතට ගත් ඇය එයින් මේසයට තට්ටු කල අතර එය ඇසුනු මුදල් අයකැමි කාන්තාව පුංචි සැලී දෙස නොරිස්සුම් සහගත බැල්මක් හෙලුවා.

"මොකද?"

"මම ආවේ මගේ මල්ලී ගැන කතා කරන්න..." සැලී සිහින් හඩින් පිලිතුරු දුන්නා,
"එයාට තවම වයස අවුරුදු දෙකයි...එයා ගොඩක් ලෙඩින්...මට එයාව හොද කරන්න හාස්කමක් ගන්න ඕනෙ...ඇන්ටිලා ලග හාස්කම් තියනවද?"

මුදල් අයකැමි කාන්තාව තුෂ්නිම් භූත වුනා.
"මොකද්ද දරුවෝ කිව්වේ..මට තේරුනේ නෑ" ඇය යලිත් විමසුවා.

"තාත්තා කිව්වා මගේ මල්ලීව හොද කරන්න පුලුවන් හාස්කමකට විතරයි කියලා...මට මල්ලිව හොද කරගන්න ඕනේ..අනේ ඇන්ටි හාස්කමක් කීයද?"
සැලී හැඩුම්බරව ඇසුවා.

"අපි ලග හාස්කම් විකුනන්න නෑ දරුවෝ..."මුදල් අයකැමි කාන්තාව සෙමින් පැවසුවත් සැලී පරාජය බාර ගත්තේ නෑ.

"අනේ ඇන්ටි මගේ ලග සල්ලී තියනවා...මම සල්ලි දෙන්නම්..."

මෙවිට පිලිවෙලට හැද පැලද ගත් මහළු මිනිසෙක් සැලී අසලට පැමිනියා,

"ඔයාගේ මල්ලිට මොන වගේ හාස්කමක්ද ඕනේ දරුවෝ"? ඔහු කරුණාවන්ත හඩකින් සැලීගෙන් විමසුවා.

"මම දන්නේ නෑ අංකල්" සැලීගේ දෙනෙතින් කදුලු ගලා ගියා.

"මගෙ මල්ලිට ගොඩක් අසනීපයි...එයාව හොද කරන්න ඔපරේෂන් එකක් කරන්න ඕනෙලු...ඒත් මගේ අම්මටයි තාත්තටයි එච්චර සල්ලි නෑ...ඒ නිසා මගේ ලග තිබුනු සල්ලි අරගෙන මම ආවා හාස්කමක් ගන්න"

"ඉතින් පුතා ලග සල්ලි කොච්චර තියනවද"?ඔහු ඇසුවා.

"ඩොලර් එකයි සත එකොලහක් තියනවා අංකල්" සැලී ආඩම්බරයෙන් පිලිතුරු දුන්නා.

"හරි පුදුමයි" සිනා සෙන ගමන් මහලු මිනිසා පැවසුවා,

"මල්ලි කෙනෙක්ව බේරගන්න තියන හාස්කමේ ගාණ හරියටම ඩොලර් එකයි සත එකොලහයි"
එක් අතකින් දැරියගේ අත තිබූ මුදල් ගත් ඔහ් අනෙම් අතින් දැරියගේ අතක් අල්ලා ගත්තා,
"මාව දුවගේ ගෙදරට එක්ක යන්නකෝ එහෙනම්...මට දුවගේ මල්ලිව බලන්න ඕනේ... දුවගේ අම්මයි තාත්තයි එක්ක කතා කරන්නත් ඕනේ"
ඔහු පැවසුවා.

ඒ මහලු මිනිසා වෛද්‍ය කාල්ටන් ආම්ස්ට්‍රෝන් වූ අතර ඔහු ඉතා දක්‍ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස එකල පිලි ගැනුනා.

ඔහු කුඩා ජෝජ්ගේ ශල්‍යකර්මය බාර ගත් අතර ඔහු එය සිදු කලේ කිසිදු ගාස්තුවකින් තොරවයි. ශල්‍යකර්මය සාර්ථක වූ අතර කුඩා ජෝජ් ඉතා ඉක්මනින් සුවය ලැබුවා.

නිවසට පැමින කෙලිදෙලෙන් පසු වූ ජෝජ් දෙස බැලූ මව පියාට මෙසේ මිමිනුවා

"මට නම් මේ ඔපරේෂන් එක ගැන හිතා ගන්නවත් බෑ...මේක හාස්කමක් වගේ...ඇත්තටම මේකට කීයක් යන්න ඇතිද?"

සැලී තනිවම සිනා සුනා...ඇය දැන සිටියා හාස්කමක මිල...එය ඩොලර් එකයි ශත එකොලහක්,නමුත් එයට සහෝදරියකගේ ආදරයත් විශ්වාසයත් එකතු විය යුතුයි.

 - ඊයක් ඇසුරින් උපුටා ගැනීමකි..... -

14 comments:

  1. //එය ඩොලර් එකයි ශත එකොලහක්,නමුත් එයට සහෝදරියකගේ ආදරයත් විශ්වාසයත් එකතු විය යුතුයි
    සිරා..

    ReplyDelete
  2. ඒ වගේ සහෝදරියක් ලැබෙන්න පිං කරන්න ඕනේ

    ReplyDelete
  3. අන්න‍ සහෝද්රී ලා !

    ReplyDelete
  4. ලස්සන කතාවක්...
    එ වගේ සහෝදර බැදිම් හරි වටිනවා..සහෝදරයෝ කවුරුත් නැති අයට එකේ වටිනාකම වැඩියි.

    ReplyDelete
  5. වැඩේ ඉතිං හැමතිස්සෙම හාස්කම් කරන්ඩ දොස්තරලටත් බැරි එකයි.කතාවේ හැටියට ශල්‍යාගාර ගාස්තුත් දරලා තියෙන්නේ දොස්තර වෙන්ඩ ඕනෙ.හැමදාම ඔය වැඩේ කරන්ඩ දොස්තරට උනත් පුළුවන් වෙයිද? හැබැයි අර වගේ අක්කලානං නොසෑහෙන්ඩ වටිනවා.

    ReplyDelete
  6. නියම සහෝදරියක්..

    ReplyDelete
  7. සහෝදරියොම විතරක් ඉන්න පවුලක තවත් එක සහෝදරියක් වෙච්චි මට සහෝදරයෙකුගෙ අඩුපාඩුව කොයි තරම් නම් දැනුන ද?

    දෙවෙනියටත් උපන්නෙ සහෝදරියක් වුනත් අම්ම කියල තිබ්බෙ මල්ලි කෙනෙක් අරන් එනව කියල තිබ්බ නිසා ද කොහෙද මම ඒ සහෝදරියව ඇමැතුවේ “ මල්ලි “ කියලා. මට තේරෙන වයස වෙනකම්ම . අලුත් සහෝදරියව බලන්න ආපු ඇන්ටිලා අංකල්ල “ අයියෝ බබා ඔයාට ඉන්නෙ නංගි කෙනෙක් නෙ “ කියද්දි මම “ නෑ ...නෑ ඒ මල්ලි කෙනෙක් “ කියල බිම පෙරළි පෙරළි ඇඩුවා කියල අදත් අම්මා මතක් කරනවා.

    පිරිමි සටහදෙරයෙක් නැති අඩුව මට හොඳටම දැනුනෙ අකාලයේ අවාසනාවන්ත විදිහට තාත්ත නැති වුනාට පස්සේ........

    මටත් තිබ්බ නම් “ හාස්කමක්“ සහෝදරයෙක් වෙනුවට මම ඉල්ලන්නෙ “ තාත්ත “ව

    ReplyDelete
  8. සහෝදර සහෝදරියො වුනාම ඇත්තටම එහෙම ඉන්න ඕනෙ.ඒත් දුක සමහරු වයසින් වැඩෙද්දි වෙනස් වෙන එක.

    ReplyDelete
  9. //එය ඩොලර් එකයි ශත එකොලහක්,නමුත් එයට සහෝදරියකගේ ආදරයත් විශ්වාසයත් එකතු විය යුතුයි. //
    එපමණක් නොවෙයි එම ආදරයත් විශ්වාසයත් හදුනන සංවේදී වැඩිහිටියන්ද සිටිය යුතුයි . එදිනෙදා අපට මුණගැසෙන හුදෙකලා සිඟිත්තන් දෙස මොහොතක් විමසිල්ලෙන් බලන්න ඔබට විවේකයක් තිබේද ?

    ReplyDelete
  10. ලස්සන කතාවක්.

    ReplyDelete
  11. සහෝදර බැම්ම ඒ වගේ තමයි..මටත් මමයි මල්ලියි ඇක්සිඩන්ට් වුන වෙලාවේ මම මගේ මල්ලිට කොච්චර ආදරේද කියලා තේරැම් ගත්තා.දැනුත් ඒ සිද්දිය මතක් වුන ගමන් මම මුඩ් ගහනවා...

    ReplyDelete
  12. නියම කතා පොඩ්ඩ. පොඩි උනාට අදහස හරිම උසස්.

    ReplyDelete
  13. ආදරණීය සහෝදරියක්..අම්ම මගේ තනියට ගෙනත් දුන්න මල්ලිලා දෙන්නටත් මං මේ වගේම ආදරෙයි..

    ReplyDelete