Sunday, March 2, 2014

“ලොකු බේබිගේ වීර ක්‍රියා“ අංක 1 - කකුල පිච්චු දැරිය..


(ඡායාරෑපය ශෙහාන් ගුනසේකර සහෝදරයාගේ මුනු පොතෙනි)

දැන් දැන් අපට අසන්නට ලැබෙන්නේ අමුතුම ආකාරයේ පුවත්ය... රජයේ නාළිකා වලින් පමනක් තොරුතුරු දැනගන්නා මහජනයාට අසන්නට දකින්නට ලැබෙන සුරපුරය ලොව අන් කිසි රටකට නොදෙවැනිය... එය ඒ තරමටම ආශ්චර්යමත්ය.... ඊට අමතරව දවසින් දවස “බේබි“ ලාගේ වීර ක්‍රියා ගැනද අසන්නට ලැබේ... මේ වීරයන් අතීතියේ අප අසා ඇති, අපේ රටේ බිහිවු ජාතික වීරයන් යයි සම්මත කොටසට වඩා ප්‍රාතිහාර්යය පාන්නට දක්ෂය... ගලිවර්ට වඩා යෝදය... ටින් ටින් ගේ වීර ක්‍රියා වනට වඩා ඥාණසම්පන්නය.... ෂර්ලොක් හෝල්ම්ස් ගේ රහස් පරීකෂණ වික්‍රමයන්ට වඩා තීක්ෂණය.....මේ වීර ක්‍රියා ගත්කල අතීත වීරයන් කල කී දෑ හී වටිනාකම “පයිසෙට“ වඩා ටිකක් වැඩිය.... 

මේවායිනුත් වැඩියෙන්ම අසන්නට ලැබෙන්නේ “ලොකු බේබි“ ගේ වීර ක්‍රියා ය... එක් පසකින් ගත් කල මේවා කථාංගය...... එකිනෙකට සම්බන්ධය....  “කකුල පිච්චු දැරිය“ එහි නවතම කථාංගයයි... එය ෂර්ලොක් හොල්ම්ස් ගේ තීක්ෂණ බුද්ධියට කරන අභියෝගයකි... කථාව සරළව මෙසේය.... ගුරවරයෙක් විසින් සාමාන්‍ය පෙල පන්තියේ දැරවියක මෙහෙකාර සේවයේ නොහොත් “වැඩකාරකමට“ යොදවයි... අපට නොකිව්වත් ඒ තුල අපහරනයක් හෝ කුට්ඨනයක් නොහොත් සුද්ද භාෂාවෙන් “සොර අඹු“ කමට තබාගැනීමක් සිදුවිය හැක... පසුව ඇයට සිදුවන අසීමිත පීඩා හමුවේ ඇය නිවසින් පැනයාමට තීරණය කරයි...  එසේ පැනයන දැරියට ගුරුවරයා විසින් තර්ජනය කරනු බලන්නේ ඇය නැවත කෙසේ හෝ තම නිවසට ගෙන්වන බවට අනතුරු අඟවමිනි.... ඔහුගේ කියමන සනාථ කරමින් ඒ දැරිවියට ඇතිවන යම් කායින හෝ මානසික රෝගී තත්වයක් හමුවේ ඇයව නැවතත් අර ගුරුවරයා ලඟටම ගෙනයාමට සිදුවන්නේ ඇයට යම් ශාන්තිකර්මයක් වැනි යමක් කරවා ගැනීමටය.... මේසේ ගෙනයන දැරිවියට වැහුනු යක්ෂයා පැන්නවීම සඳහා ගුරුවරයා විසින් ඇයලේ දෙපතුල රත්කරන ලද යකඩයකින් පුළුස්සනු ලබයි.... කථාව ඉවර නැත... අවසානයේ යක්ෂයා පැන්නීම කෙසේ වෙතත් දැරිය රෝහල් ගත කිරීමට දෙමව්පියන්ට සිදුවේ... මෙය පැහැදිලිවම ශ්‍රී ලංකාවේ බලාත්මක අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාර වරදකි.... එය එසේ වුවත් ගුරුවරයා සතු යම් ආකාරයක “බලයක්“ හමුවේ නීතිය නිසියාකාර ක්‍රියාත්මක නොවේ.... 

(බස මරා අවසන්... මෙතනින් පස්සේ තමයි “පයිට්“ කෑලි පටන් ගන්නේ...)

මේ සිද්දිය අමු අමුවේම ආරංචි වෙනවා මොනරවාහිණියට... මොනරවාහිණියේ රිපෝටර් ඇත්තෝ සිද්ධිය අඩු වැඩියත් සපයලා “ලයිව් ඇට් එයිට්“ එකේ දානවා.... අැත්ත තමයි සිද්ධිය. කෙල්ලගේ කකුල් දෙක පතුරු ගහලා.... ගුරුවරයා පොලිසියේ කට්ටියත් එක්ක සෙට්ලු... ඒක නිසා පොලිසිය නිහඩයි ලු......දවසක් දෙකක් යනවා.... ඔන්න ඔය සිද්ධිය නිසා අපේ ලොකු බේබිගේ ලැම්බෝගිනි යේ සීට් එක රත්වෙනවා.... ලොකු බේබි කෙලින්ම කෙල්ලව හොයගෙන කෙල්ලගේ ගෙදරටම යනවා... කකුල් දෙක පරීක්ෂා කරලා බලලා වහාම රෝහල් ගත කරන්න කියලා දෙමව්පියන්ට උපදෙස් දෙනවා... දොස්තරලා කඩියෝ වගේ වැඩ.... කෙල්ලගේ එක කකුලක් එක දොස්තර කෙනෙක් බලනවා... අනිත් කකුල තව දොස්තර කෙනෙක් බලනවා.... නර්ස් කෙනෙක් කෙල්ලගේ කකුල් දෙක මැද්දෙන් අත තියාගෙන ඉන්නවා... කෙල්ලගේ ගවුම ඉස්සලා අපයෝජනයට ලක්වෙයි කියලා..... දොස්තරලා තීරණය කරනවා වහාම කෙල්ලව කොළඹ මහ රෝහලට යවන්න ඕනේ කියලා... දොස්තර හිතනකොට ඇම්බියුලන්ස් එක වේගෙන් ඇවිත් “කරාස්“ ගාලා බ්රේක් ගහගෙන දොර පඩිය ගාව නවත්වනවා... දොස්තර කෙනෙක් එක්කම කෙල්ලව දාගෙන ඉගිල්ලෙනවා.... (කථාව තාම ඉවර නැහැ)

“ලොකු බේබි“ වහාම පොලිසියට නියෝග කරනවා මේ ගැන පරීක්ෂණ පවත්වලා ගුරුවරයා අත්අඩංගුවට ගන්න කියලා.... ඕඅයිසී ටෙලිෆෝන් එක බිම තියන්න කලින් ජීප් එක දොර ගාව.... යනවා කට්ටයි... ගිහින් ගුරාව කුදලගෙන එනවා.. .එන ගමන්ම ජාතික ළමාරක්ෂක අධිකාරියට කොල් එකක් දාලාම වැඩේ ගැන කියලා.... එයාලා කොළඹින් පිටත් වෙනවා පරීක්ෂණය කරන්න.....  මේ මුලු ක්‍රියාවලියම සිද්ද වෙන්න ගතවෙන්නේ දවසයි... 

දැන් මේ සිද්ධිය ඒ ගමේ මිනිස්සුට ආරංචි වෙනවා... මිනිස්සු ලොකු බේබි ගැන මහා ශ්‍රද්ධාවක් ඇතිකරගන්නවා.... පොඩි මිනිහාගේ වැඩකට ලොකුම තැනින් වෙච්ච මැදිහත් වීම ගැන... අර දැරිවිගේ අම්මයි තාත්තයි බේබිට මල් තියලා වඳිනවා... සමහර විට අර බෙදපු පොතක් එහෙම ඒ දැරවි ගාව තිබ්බා නම් ඒකේ මුල පිටුව කඩලා බුදු පිළිමෙට උඩින් එල්ලාවි.... ගමේ ලිඳ ගාව,  කඩ පිළ ගාව, බණ මඩුවේ බේබිගේ වික්‍රෙම් ගැන කථා කරනවා... අනේ අපේ බේබිට පින් සිද්ධ වෙන්න අර කෙල්ලට බෙහෙතක් හේතක් කරගන්න පුලුවන් උනා... ගුරාව පොලිසි ගෙනිච්චා..... බේබි ට පින් සිද්ධ වෙනවා... වයසක අම්මලා කියනවා.....
---------------------------------------------

මේ අපේ රටේ සබෑ තත්වයයි... පසුගිය වසර කීපයක සිටම මෙවැනි සිද්ධින් ගනනාවක් අපට අසන්නට දකින්නට ලැබිනි... මාස කීපයකට පෙර බෝගම්මර බන්ධනාගාර රැඳවියන් පිරිසක් වහලයට නැග උපවාස කරමින් ඉල්ලා සිටියේ “ලොකු බේබිව“ ගෙන්නවා තමන්ගේ ප්‍රශ්ණය විසඳා දෙන ලෙසයි.... රටේ ජනතාව තේරුම්ගත යුතු කරුණක් ඇත... රටේ පාලකයින් යනු කරවන්න් නොව කෙරවීමට අදාල ක්‍රමවේද සකසන්නන්ය.... පොලිසියේ රාජකාරිය නීතය බලාත්මක කිරීමය... අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමය... ඔවුන් පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමය.... අදාලා අංශ දැනුවත් කිරීමය.... සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමය.... අධිකරණයේ වගකීම වන්නේ අදාල කරුණට අනුව පවතින පරිවේශණීය සාක්ෂි හා වාචික ප්‍රකාශ කරුණ තර්ක පදනම් කරගෙන නඩු කටයුත්තට ආදාල පුද්ගලයින් වැරදිකරුවන් යැයි ඔප්පු වුවහොත් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් පැමිනවීමය... එසේත් නැත්නම් නිදෝස් කොට නිදහස් කිරීමය.... මේ ක්‍රියාවලිය නිිසියාකාරව සිදුවෙනවා දැයි පරික්ෂාකරන්නට වෙනම කණ්ඩායමක් පත්කර ඇත... බේබිලා ඇතුලු ආණ්ඩුව විසින් කල යුත්තේ මේ පවතින පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමය... පොලිසියට ස්වාධීන්ව තමන්ගේ රාජකාරීන් ක්‍රියාත්මක කල හැකි පරිසරයක් නිර්මාණය කරදීමය... දේශපාලන අතපෙවීම් වැලක්වීමය.... ස්වාධින අධිකරණ පද්ධතියක් බිහිකිරීමය... කොටින්ම කිව්වොත් පවතින ක්‍රමවේදය නිසිපරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමය......

අපිට නොතේරෙන්නේ ද  ...  උන් නොකරන්නේ ද ... එයමය...

14 comments:

  1. මේක කියවද්දි මට ගරිල්ලා මාකටිං ෆිල්ම් එක මතක් වුනා... :)

    ReplyDelete
  2. එකෙන්ම බස්සා එකෙන්ම...

    ReplyDelete
  3. යකා ගේ හැටියට ලු විමානේ!

    ReplyDelete
  4. පට්ට මචන්
    ලොකු බේබි රගර් කැපා උනෙත් වීර ක්‍රියාවක් කරලා තමා

    ReplyDelete
  5. මේක කලිං නුවර යුගේ මුල් කාලෙට යන ගතියක් දැන් තියෙනවා. ඒ කාලෙ පොලිසි අධිකරන තිබුන් නැහැ නේ..මහරජා පවුල සහ ඇමතියන්ට ඕන්නං ඕනි දෙයක් කරන්න පුලුවන්. අතීත විභූතිය ගැන කියන අයත් ගොඩ දෙනෙක් ඒවට සපෝට් කරන නිසා ඒක සාර්තක වෙයි කියලා මට නිකමට හිතෙනවා.

    ReplyDelete
  6. නැවතත් වෙල්කම් බස්සා... ලොකු නිහැඩියාවකට පස්සෙ නේ..

    ReplyDelete
  7. ඒ කතා කොහොම උනත් මට එකක්නං ටක්කෙටම කියන්න පුලුවන්...මේ කතා දිගටම කියන්න ගියොත් එක්කො 33000එල්කේ එක වගේ බස්සව බෑන් වෙනව.. නැත්තං බස්සව ලංකාවට ආපු ගමන් සුදුවෑන් ට්‍රිප් එකක් එක්කන් යනව..

    ReplyDelete
  8. "අපිට නොතේරෙන්නේ ද ... උන් නොකරන්නේ ද ... එයමය..."
    ඔන්න ඕක නේ වැඩේ.

    ReplyDelete
  9. මේ ආත්මේක, මේ ලකේ, ඕම කෙරෙයිද කියල කිසිම ශුවර් එකක් නැතත්, අනිවා අයියා... ඔයා හරි :)

    ReplyDelete
  10. ලගදිම සුදු වෑන් එකකින් හයි වේ එකෙන්ම යන්ඩ පුලුවන් වෙයි........

    ලක්ෂ 30ක් ආශ්චර්යේ කිරුල බලන මෝඩයො ඉන්න රටකට මේ වගේ වීර ක්‍රියා තමයි බන් හරියන්නෙ.ඕකේ 5000 ට ගෝනියක බඩු ගන්න ඇමති තුමාත් ඉන්නව.හමුදාවල තියෙන ආයුද පෙන්වල අපේ උන්ට මිලිටරි ෆන් දීල උන් මිනී මරන කොට බණ කියනව.වයස 60 ගණන් වල ආච්චිලත් අතල් එකට කිරි එරෙන්න දවස් 5ක් කරවිල කන අසිරිමත් රටක මීට වැඩිය හොද වීර ක්‍රියා ලගදිම බලන්න පුලුවන් වෙයි.

    ගොඩක් සතුටුයි ඔය විදියට ලියන්න එකෙක් ඉන්න එක ගැන.

    ජය වේවා!!!.....

    ReplyDelete
  11. මෙ ඇත්ත අපි මී හරක්ට තේරෙන දවසක ...................................

    ReplyDelete
  12. අලුතින් කියන්න දෙයක් ඉතුරුවෙලානෑ. සියල්ලම කියල තියෙන නිසා.

    ඒ නිසා මට කියන්න තියෙන්නේ

    නාට්‍ය පිටපත - රචනය, රංගවින්‍යාසය- වෙස් ගැන්වීම- ඇදුම් පැලඳුම් නිර්මාණය- සංගිතය- නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය සියල්ල එකම වහලක් යටින්...........

    අපි ප්‍රේකෂකයෝ..... වෙන මොනා කරන්නද.

    ReplyDelete