Tuesday, January 31, 2012

ඈ......අභිනිශ්ක්‍රමණය කලාය...


ඇයි තේරැම් නොගන්නේ..
බැහැ මට මුලු එකම ඕනේ..
කොටස් එපා..
දෙනවා නම් මුලු එකම දෙන්න..
දෙන්න බැරි බව දැන දැන....
ඇයි මට වද දෙන්නේ..
බෙදන්න බැහැ මට...
මේ ෆැන්ටසිය මට එපා...
ඒත් මට වෙන දෙන්න දෙයක් නැහැ...
මෙච්චර දුර ආවේ දැනගෙන නෙමෙයිද ?
දන්නවා..
ඒත් මට බැහැ තව දුර යන්න...
භාග වලින් සෑහෙන්න බැහැ මට..
හැමෝම වගේමයි ඔයත්..
ඔව් මමත් ගැහැණියෙක්...
මම අසරණයි..
මට කරන්න දෙයක් නැහැ ඒකට..
මට සරණක් වෙන්න බැහැ..
ආදරේ මහ ආත්මාර්ථකාමියි..
ඔව් වෙන්න ඇති
ඕන උනේ විඳින්න පුරුදු කරන්න..
දැන් මට විඳවන්න වෙලා..
මම දන්නැ ඒක..
දෙනවද නැද්ද...
මම උත්තර දීලා ඉවරයි..
මම යන්නද ?..
කැමැත්තක් කරන්න...
මම මෙතනම ඉන්නවා..
වැඩක් වෙන එකක් නැහැ..
කමක් නැහැ...
මම කැමතියි අතරමන් වෙන්න..
මට අනුකම්පාවක් ඇති වෙන එකක් නැහැ...
ඔව්...
ඒත් ආදරයක් ඇතිවෙයි....
එහෙම උනොත් එන්න...
මම වෙනදා වගේම...
වෙනදා වෙලවෙටම..
මේ බංකුවේ ඉන්නවා...
මම යනවා....
කොහොම නවතින්න කියන්නද ?...
මේ...
ආයිත් පටන් ගත්ත තැනටම එන්නද හදන්නේ...
ඉන්න බැරිද.....
කරැණාකරලා....
බැහැ....
මම යනවා....
ඈ...
සමුදෙන්නත් කලින්ම ගිහින්....

3 comments:

  1. ආදරේ මහ ආත්මාර්ථකාමියි..

    ඇත්තක්!!!! සහතික ඇත්තක්!!! මට මගේ ජීවිතේ දිහාත් හැරිලා බලන්න වුනා මේ සමහර තැන් කියවද්දි

    ReplyDelete
    Replies
    1. අපි හැමෝමට යම් තැනකදී හැරෙන්න වෙනවා හිතුවක්කාරි යේ... සමහර වෙලවට පස්සේ අපි දුක්වෙනවා... අපිට මග ඇරැන දේවල් වගේම අපි අතඇරපු දේවල් ගැනත්.......

      Delete
  2. අපේ පැත්තේ ආවෙ නැහැ නොවැ..

    අවස්ථාවාදීව ආත්මාර්ථකාමී ආදරය.. !

    ReplyDelete