Wednesday, January 4, 2012

මෝඩ කමට බෙහෙත් නෑ


තරවටු කලෙමි
අකීකරැ මගේ හිතට
මග බලා ඉන්නවට
ඈ නේන බව දැන දැනම
කොයිතරම් පහදලත්
පිළිගන්නේ නැහැ තවම
නුඹේ ඇති පෙම තරම්
ඈ සිත නුඹට
පෙමේ නොකරනා බව
තියන මහ මුරණ්ඩුව
අනේ අම්මපා 
හිතෙනව මට
අල්ලලා ගැට ගහන්නට
පන්සලේ වැටේ නුඹ
ඒත් මට හරිම දුක
හිතෙනවා නුඹේ ගැන
මොනකටද 
මේ තරම් මුදු උනේ ලෝකයට
ඒක නුඹේ වරදමයි
ඒක නුඹේ වරදමයි

5 comments:

  1. ගන්ඨාර කුළුනෙ ගැටගහපං...

    ReplyDelete
  2. මොක කොලත් මෙල්ල කොරන්ට බැරි ලොකුම එකනෙ ඕන්....
    හොඳම වැඩේ ඕක පැත්තකින් තියල ඕක දිහා බලගෙන ඉඳල ඕක වැඩ කොරන විදිය ටිකක් අධ්‍යයනය කොරන එකයි... එතකොට ජුන්ඩක් තේරුම ගන්න පුලුවන් ඇයි ඒක ඔහොම වැඩ කොරන්නෙ කියල..

    ReplyDelete
  3. ගැට ගහල බලපල්ලකො ඕක තවත් හිතකටම මෙල්ල වෙන්නෙ නැද්ද බලන්ට....
    ලොල්!
    :D

    ReplyDelete
  4. ඇයි හිතන්නේ වැරදියට
    ලෝකෙම බැනුම් අහගෙන
    එනකොට මම නුබ බලන්න
    නුබ ගිහිල්ල මා තනිකර

    ReplyDelete
  5. බෙහෙත් නෑ... බෙහෙත් නෑ... හැබැයි නිකම්ම හොද වෙනවා..!!

    ReplyDelete