Thursday, November 17, 2011

හදවත බද්දට...

පර්චස් පහේ හදවත..
දෙන්න හිතුනා  බද්දට..
හදලා තියනවා ගෙයක් පොඩියට
ඇති දෙන්නෙක්ට
පොඩි කුස්සියයි...කාමරෙයි..
නාන කාමරේ අතලඟ..
කරාමෙන් වතුර..
සාලේ පොඩි පොඩි බඩු ටිකක්..
පිළිවෙලට හරියට..

කැඩුවේ නැහැ මකුලු දැල් කාලෙකින්..
දුවිලි පිරිලා මුලුවල...
හැඩිවෙලා මුලු සාලෙම...
බීපු විදුරැ පුටු යට...
තම්බපු කඩල ඇට පුටු උඩ...
අළු කඩලා ගෙදර හැම මුල්ලේම..

ආපු එකියක් වත්..
හිටියේ නෑ වැඩි කාලයක්..
අවේ ඉල්ලගෙන සෙනෙහස..
සෙවනක් හිසට..
නිවනක් හිතට...
ටික කාලයයි සැනසුම..

බිඳුන හිත හැදුනම...
ඕනේ වෙනවා අලුතෙන්..
ලොකු පුටු සැට් සාලෙට...
ඇඳි පුටු කෑම මෙසෙට..
 ඩ්‍රසින් ටේබල් කෑලි තුනකට..

බොන්න ඉඳගත්තම..
නැහැ එක වීදුරැවක් පුටු යට..
චික් විතරක්...
ඉන්න බෑ සිගරට් ගඳ..
යන්න එළියට....
බොනවානම් සිගරට්...
 එළියට දාන්න හදනවා..
මගෙම ගෙදරන්...

හිතලා මුන්ගේ දුක ගැන....
වෙන්නට උනා මට අසරණ...
 හිතාගත්තා අයේනම්...
දෙන්නේ නැහැ බදු කාටවත්...
මේ තනිකම හොඳයි...
වෙන්න බෑ හිරකාරයෙක්...

කාලයක් ගෙවිලා දැන්
ඇති වෙලා තනිකම...
ඒකයි හිතුනේ දෙන්නට..
ආයෙත් කැමති කෙනෙකුට..
හිතලා බලන්න, කලින් ඉල්ලන්න..

සිගරට් දුම දැනෙන සුවඳට..
“බයිටක්“ හදා දෙන්නට...
වැටුන අළු අතුගාන්නට...
කැමති නම් විතරක්...
තියන්න ලංසුවක්...
දාන්න යන්නේ වෙන්දේසියේ..
මෙතෙක් මා හැර නොගිය..

තනිකම......

11 comments:

  1. වෙන්දේසියෙදි වැඩිම ඉල්ලුම් කාරයෙක්ටනෙ ඕක දෙන්නෙ.....අනේ මන්ද..!!

    ReplyDelete
  2. @ වින්චැට් කිරිල්ලී.... ස්තූතියි... ඔව්...තනිකම.....

    ReplyDelete
  3. දෙයියනේ

    ReplyDelete
  4. මාත් එක එකියක්
    වින්ද නුඹෙ සිත උණුසුම
    පිස දැම්ම මගෙ කඳුළම
    නුඹ දුන්නා සිත සැනසුම

    ඒත් එක දවසක්
    ආව ලොකු මහතෙක්
    “කවුද මේ ගෙදරට“
    වෙලා ඉන්නේ අඹු ලෙස
    මහ පොතේ ලියල ද
    අත්සන් එහෙම කරල ද

    දවා මා හදවත
    නුඹ දමා පිට වෙන්නට
    බැරි නමුත් යන්නට
    කුමක් කරමුද ඒ හැර

    නුඹට මා සිත ගත
    ආදරය කරන තරමට
    නැත වෙනත් කිසි කෙනෙකුට
    ආදරය නම් මම

    නුඹෙ පුංචි ගේ තුල
    මට දැනුන ඒ උණුසුම
    නැතිව තනිවෙන්නම්
    ඈතටම මම යන්නම්

    නුඹේ තනිකම මම
    නුඹේ තනියට තියල යන්නම්.

    ReplyDelete
  5. මටත් හිතයි තියන්නට ලංසුවක්
    …මාද ඔබ වැනිම තනි වූ ලඳක්

    ReplyDelete
  6. ලැබුනත් හිසට සෙවනක්......... කුමට නැත්නම් හිතට නිවනක්......නොවී(මී විතට )හොන්ද බයිටක්.........මගේ තනිකම මට හරිම ඔසුවක්.

    ReplyDelete
  7. අපූරු කවි පෙල මිත්‍රයා...

    ReplyDelete
  8. hamadamath wage hithata danenna liyala thiyenawa.suba pathum bassa ayyandi :)

    ReplyDelete
  9. නුඹ රිසි සියල්ලම ඉවසන
    ළඳක් හඳුනමි මම

    නුඹේ තාලයටම
    පෙළට සිගරට් බොන
    බයිටක් හදා, නොනැවත
    බෝතලයටත් හවුල් වෙන
    ගෙබිම වට අළු කිසි
    ගණන් නොගෙනම
    අලුත් බඩු මුට්ටු නොඉල්ලන
    ලද දෙයින් සැනසෙන...

    කැමතිද?
    අහලා කියන්නද මම?

    ReplyDelete
  10. දාන්නද ලන්සුවක් මම ඔට්ටුයි දිනනවා මම

    ReplyDelete