පස් වසක අතීතය..
මතක් විය අහම්බෙන්..
ඔබට මම, මටද ඔබ..
ආදරය කල සමය..
බස්රියේ දුම්රියේ..
මිණි සොහොන් භූමියේ..
පෙම් කලා අපි අපිට ..
ලෝකයම අමතකව ..
ඔබද අන් අයෙකුගේ ..
මමද අන් අයෙකුගේ ..
අයිතියක් නැතිව මයි ..
අපි අපිට ලං වුනේ ..
ලැබුනු හැම දිනයක්ම ..
අතීතෙට මුසු කලේ ..
දිගු සුසුම් කෙටි සුසුම් ..
වා තලේ පා වුනේ ..
අසම්මත මධු සමය ..
ඔබ හා ගෙවුනු ඒ යාමය ..
නිදි නැතිව ගෙවුනු ඒ..
සුන්දර අතීතය ..
පපුවට තුරැළු වී ..
ඔබ කිව්ව ඒ වදන් ..
තාමත් රැව් දෙමින්..
කනට කොඳුරයි මගේ..
හදිසියේ ආ කුණාටුව ..
ඔබව අරගෙන ගියා දුර..
මාව අසරණ කලා ..
ජීවිතෙන් පැනයන්න..
ලැබුන අරයුම් පතේ..
ඔබේ අකුරැ ලියවිලා..
“ආදරෙයි රත්තරං“..
කියු ඒ මුතු අකුරැ ..
එන්නටැයි ඇරයුමක්..
ඔබේ මංග්‍යයය ට ..
ටික කලක් ඇවෑමෙන්...
හදිසියේ අහම්බෙන්..
සොහොන් කොත් අද්දරින්..
දැක්ක ඔබේ රැව ..
ගැබිණියක් බව ඔබ..
තරම් පස්මසක ..
හරියටම අපේ ඒ..
අසම්මත මධුසමය..
කාලයට ලඟයි එය..
දරැ ගැබට..
කියන්නට පුලුවන්ද ..
හරියටම ටක්කෙටම ..
මේ ඉන්නේ ..
මගේ එකාද..
උගේ එකාද..
හරිම අපරාදයක්
ReplyDeleteහිත තුල ගොඩ ගැහුන
ආදරය කෝ නුඹේ
පිටාර ගලලම ඉවර උනාද
බඩේ ඉන්නේ කාගේ එකා වුනත්
මං හිතුවේ
නුඹ මාව ආදරයෙන් වැළඳ ගනීවි කියලා
මේ මිනී කනත්තෙන්
මාව අරන් යාවි කියලා
දුර ඈත අපි හදපු
ලස්සන අතීතෙට
නුඹත් ඔහු වගේමයි
ආදරය මොහොතයි
සුසුමකට විතරයි.....
Pst 1i, comment 1i.....niyamai.
ReplyDelete