Wednesday, November 23, 2011

ගුරුසිත නොරිදවා.....

ජීවිතේ මේ මහ මුහුද වගේ කියලා මට හිතුනේ අද ඊයෙක නෙමයි.....දැනුම් තේරැම් ඇත් වයසේ ඉඳලා මම ජීවිතේ දැක්කේ මේ මහ මුහුදින්..... එක පිට එක එන රැළි වගේ ආපු කරදරත්.... නිසල මුහුද වගේ පාළු උන ජීවිතයත් මාව මේ මහමුහුදට බැඳලා තියාගන්නවා...... මම කොයිකරම් දරැවෝ මේ ජිවිත මුහුදෙන් එතෙර කරලා තියනවද? .... මගේ මුලු ජීවිතෙන් තුන්කාලක් මම වැයකරේ දරැවන්ට.... උන් ලොකු මහත් වෙන හැටි මම බලාන උන්නා.... පහල භාලාංශයෙන් පටන් අරගත්තු උන් මගේ ඇස් ඉදිරිපිට ඉලන්දාරි වෙලා උස ගියේ මාව මගේ උසට හිර කරගෙන.... උන් වයසට ගියාට මම වයසට ගියේ නැහැ... උන්ගේ තරැණකම මම වින්ඳා... උන්ට ගුරැවරයෙක් නොවී යාලුවෙක් වෙන්න පුලුවන් උනේ ඒ නිසා..... උන් ලොකුවෙද්දි... උන් මෝරද්දි මට දැනුනේ මම උන් වගේම ලපටියි කියලා.... උන්ගේ හිත් කියවන්න මට පුලුවන් උනේ ඒ හින්දා කියලා අද මට වැටහෙනවා...කී දෙනෙක් නම් මාව පහුකරගෙන ගියාද..... මගේ අත අල්ලගෙන ආපු උන් මහ ඉලන්දාරි වෙලා මගේ කකුල් දෙක ලඟ දණගහලා වඳින කොට ඇස්වලට කඳුළු උනන්නේ තියන ආඩම්බරකාර සන්තෝසෙට.....මගේ මේ ජිවිත කාලෙට මේ දෙපතුල ලඟ කී දෙනක් දණ ගහලා ඇද්ද.... 

ඒත් අද මේ මහ මුහද දිහා බලාගෙන ඉන්නකොට නැගෙන මහා කාලකණ්නි තනිකම අද මට මගේම දරැවන්ට ඊරිසියා කරන්න මාව පොළඹවන්නේ ඇයි කියන හැඟීම තේරැම් ගන්න මම උත්සහ කරනවා...... එදා වගේම මට පුරැදු පාරේ බයිසිකලේ පැදගෙන යනකොට මාව පහුකරගෙන රෝද හතරේ වාහන වලින් යන මගේ දරැවෝ දකින කොට ඇතිවෙන සතුට බොහොම ටික වෙලාවකදී මහා ආත්මානුකම්පාවක් බවට පත්වෙන්නේ ඇයි කියලා තේරැම් ගන්න බැරි නැහැ මට....ජීවිත කාලේ පුරාවට දරැවන්ගේ ලොකේට එලියක් දෙන්න කැපවුනු මගේ ලොකේ අද පාලුවෙලා කියලා හිතෙන වාරයක් වාරයක් පාසා ඇතිවෙන මහා ද්වේශ සහගත හැඟීම එලියට දාන්න බැරව හිරවෙලා තියන මගේ අසරණකම.... ජීවිතේ අවසාන කාලේ නිකම්ම නිකන් පැන්ෂ්න් කාරෙයෙක් වෙච්ච මට දරාගන්න ආමාරැයි.... දරැවෙක් මල්ලෙක් නැතිමගේ ජීවිතයට ඉන්න කිට්ටුවන්තයා මේ මහ මුහද......මෙතෙක් මා හැර නොගිය මගේ හිතවන්තයා.....මේ මහ මුහුද....


(ඡායාරෑපය සුපුන් රසන්ක සහෝදරයාගේ අක්කාගේ)

8 comments:

  1. ජීවිතේ තනිකම රජ කරද්දි,මිනිස්සු තනිය මකාගන්න,මොනම දේකට හරි ළං වෙනවා,බැඳෙනවා.... මහ මුහුද ත් එහෙම තනිමකන්න කිට්ටු වුනු හිතවතෙක් මේ ලිප්යෙ හැටියට... අපුරුයි සංකල්පනාව...පින්තූරෙත් අගෙයි!!!

    ReplyDelete
  2. මේක ඇත්ත කතාවක් ද?

    ReplyDelete
  3. මේක ඔබගේම කතාවද??

    ReplyDelete
  4. නියමෙට කතාව ලියලා තියෙනවා ඇත්ත කතාවක් ද ?
    මුහුද දිහා බලාගෙන ඉන්න එකත් එක අතකට මානසික සුවයක් වෙනවා. :)

    ReplyDelete
  5. ඇත්ත වුණට බොරු වුණට කාගේ කතාවක් වුණත් බොක්කටජ වැදුණා

    අපේ ඉස්කෝලේ උන්නු ගුරු දෙවිවරු කීප දෙනා මටත් මතකෙට ආවා

    ReplyDelete
  6. සුමුදු පෙනපිඩු වෙරල පුරා අතුරමින්,බොහෝ සෙනෙහේ සිතැත්තියක් වගේ, රැළ්ළ වෙරළට එනවා. කොයි තරන් බලන් උන්නත් එපා වෙන්නේ නෑ.ඒත් තවත් මොහොතක චන්ඩ රැලක් වී මහා විනාශයක් කරමින් ආපසු යනවා......හරියටම අපේ ජීවත වගේයි.පින්තූරයත්, කතාවත් හරිම ලස්සනයි.

    ReplyDelete