අද කියන්න හදන්නේ මම මානව හිම්කම් ආයතනයේ වැඩකරන කාලේ මුහුන දුන්න සිදධියක් සම්බන්ධයෙන්. මේක බොහොම සුළු සිද්ධියක් උනත් ලියන්න හිතුනා..මේ කාලේ මම රාජකාරී කලේ වවුනියාව දිස්ත්‍රික්කයේ උනත්.. මුලතිව්, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ පිහිටි මේ ගම්මාන අයත් ප්‍රදේශය අපේ වවුනියාව කාර්යාලට බාරව තිබුනේ.. මේ ගම්මාන වලට තිබුන එක් ගැටළුවක් පරිපාලන දිස්ත්‍රික්කය පැහැදිලි නොවීම... සමහරක් නිළධාරීන් මොවුන් මුලතිව් දිස්ත්‍රික්කට අයිතිය බව කිව්වත් ඡන්දයකදී මොවුන් අනුරාධපුරයට ඈඳා ගන්නවා...මේ නිසා මේ ජනතාව අයාලේ යන තත්වයක් තමයි තිබුනේ.
පරාක්‍රමපුර, ජනකපුර, කිරිඉබ්බන්කටුව, ඇතාවැටුනුවැව, මොණරවැව වගේ අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ තිබුන මේ ගම්මාන නිතරම කොටින්ගේ තර්ජනයට ලක් උනා. කොයිතරම් කොටි තර්ජන තිබුනත් ඒ මිනිස්සු තමන්ගේ ගම්බිම් දාලා එන්න කැමති උනේ නැහැ... රජයෙන් අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන්න කියලා තමයි ඔවුන්ගේ ඉල්ලීම උනේ. වෙන කිසිම දෙයක් නෙමෙයි ආරක්ෂාව. මේ අතර තමයි හේන් කොටන්න කැලේට රිංගපු අහිංසක ගම්මු දෙනනෙක් කොටි මරලා දාලා තිබුනේ. මේක දෙබරෙට ගල් ගැහැව්වා වගේ උනා. මේ හේතුව නිසා මේ අහිංසක ගම්මු අතට අහුවෙන අහුවෙන දේවල් එකතු කරගෙන පදවිය පැත්තට පල්ලම් බැස්සා.
ඔවුන් ඇවිල්ලා තාවකාලික නිවාස අටවගත්තේ පදවිය සීමවේ තියන බොරළුකන්ද සහ ඒ අවට. එකවරමු සිද්ධ උන මේ සිද්ධිය නිසා ඒ අවට මහා තදබදයක් ඇති උනා.. තමන්ගේ මුලික අවශ්‍යතා ඉටුකරගන්න.... ඒ වගේම පානීය ජලය, ආහාර පාන, සනීපාරක්ෂාව වැනි අවශ්‍යතා ඉටුකරගැනීමේදීත්.. දරැවන්ගේ අධ්‍යාපනය....සෞඛ්‍ය වැනි ගැටළු වලට මේ පිරිසට මුහුන දෙන්න සිදුවුනා..
මේ සම්බන්ධයෙන් අප ආයතනයේ උසස් නිළධාරීන් දැනුවත් කලත් කිසිම සහනදායි පිළිතුරක් ලැබිලා තිබුනේ නැහැ.. මුලික අවශ්‍යතා සැපයීම අප ආයතනයේ කාර්යභාරය නොවුනත් බොහෝ අවස්ථාවලදී මෙවැනි කරැණු සම්බන්ධයෙන් අපි මැදිහත් උනා, මේ වගේ කාරණා සම්බන්ධයෙන් අවශ්‍ය ආයතන දැනුවත් කරන්න සහ සංවිධානය කරන්න. මෙහිදී ලැබුන ප්‍රතිචාරය උනේ වවුනියාව කාර්යාලයට මේ සිද්ධිය සම්බන්ධයෙන් මැදිහත් විය නොහැකි බවත් අවුරාධපුර කාරියාලය මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවත්ය... නමුත් එම කාර්යාලයේ අභ්‍යන්තර වශයෙන් අවතැන්වුවන් සම්බන්ධ ව්‍යාපෘතියක් නොමැති බැවින් මේ සඳහා සම්බන්ධ විය නොහාකි බවත්ය...මේ සම්බන්ධයෙන් වවුනියව කාර්යාලයට මැදිහතක් වීමට අවසර ලබාසෙන් මෙන් ඉල්ලීමක් කල නමුත් සති කීපයක් ගතවුනත් මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් නොලැබීම නිසා මම මගේ ඉහල නිළධාරියට ඊයක් යැව්ව.. ඒක තිබුනේ මේ විදියට..
මහරජ... අභ්‍යන්තර අවතැන් වුවන් යනු කව්ද ?
ස්වාමිනී “ස්වකැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් තම පදිංචිව සිටින ස්ථානයෙන් ඉවත් වනු ලැබු හෝ ඉවත් කරනු ලැබ රට තුලම වෙනත් ස්ථානයක පදිංචි වු හෝ පදිංචිකරනු ලැබු පුද්ගයින් අභ්‍යනැතර අවතැන්වුවන්" ලෙස හඳුන්වයි...
මහරජ... එය එසේනම්....වවුනයාවේ සරණාගත කඳවුරැවල ජීවත් වන්නන් අභ්‍යන්තර අවතැන්වුවන් නොවේද?
ස්වාමීනී.. ඔවුන් අභ්‍යන්තර අවතැන්වුවන් වේ
මහරජ..... එය එසේනම්....පදවිය බොරළුකන්ඳ හා ඒ අවට සරණාගත කඳවුරැවල ජීවත් වන්නන් අභ්‍යන්තර අවතැන්වුවන් නොවේද ?
ස්වාමීනී.. ඔවුන් ද අභ්‍යන්තර අවතැන්වුවන් වේ
එය එසේනම්.. වවුනියාවට එක හැන්දකිනුත්... පදවිය ට තවත් හැන්ඳකින් බෙදනු කිම...
පහුවෙනිදා ආවා දුරකථන ඇමතුමක්....
කථාව ඉවරයි....
වවුනියාවටවත්.පදවියටත් විතරක් නෙවේයි.ඕක මුලු ලන්කාව පුරාම ජීවත් වෙන මිනිස්සු අත් වින්දින අත්දැකීමක්.එක එක පාටින් හැමතැනම ඔය ප්‍රශ්නෙ තියනවා.නමුත් ඒ ගැන කතා කරන්න, පිට කොන්දක් මිනිසුන්ට නැ.කතා කරන්න පිට කොන්ද තියන මිනිසුන්ට වැඩි අයුශ නැ.ඉතින් හැන්ද ගැන මොන කතාද.
ReplyDeleteමම ආස නෑ මේ වගේ පෝස්ට් දකින්න ...ලංකාවෙ සමහරු එක්ක පුදුම තරහක් ඇතිවෙනව...ආයෙ එන්න හිතෙන්නනෙම නැහැ ඔය රටට...
ReplyDeleteමේ ළඟදි මටත් මරු අභ්‍යන්තර අවතැන්වූවන් පිරිසක් හමුවුනා. එක්තරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකක මායිම එක්තරා කුඩා ඔයක්. කාලීනව පවුල් පහලොවක් විතර අනිත් කොට්ඨාශෙට වැටෙන විදිහට ඔයේ ගමන වෙනස් වෙලා. දැන් ඒගොල්ලො එහාටයි මෙහාටයි දෙකටම අයිතියි. ඒ තමයි ලෝකෙ ප්‍රීතිමත්ම අවතැන්වූවන්. මෙහා ගොඩේ වැලි පර්මිට් තහනම්. ඒ හින්දා එහා පැත්තෙන් පර්මිට් ගන්නවා. එහෙන් සමෘද්ධිය අරන් මෙහෙන් ආදායම් සහතික ගන්නවා. කට්ටියට හොඳ වාසි.
ReplyDeleteකොහාටවත් අයත් නැති වූවන් වෙන එක හුඟක් අමාරුයි. නමුත් අඩුම ගානෙ සමූහයක් ලෙස එහෙම ඉන්න එකෙන් ඔය විදිහට කවුරුන් හරි ඒ අය ගැන සැලකිලිමත් වෙනවා.
ReplyDeleteබස්සා දක්ෂ විදිහට ඉහළ නිලධාරියාගෙන් වැඩ අරගෙන.
එළ කොල්ලෙක්...
ReplyDelete