Wednesday, November 30, 2011

සුසර කල ජීවිතය.....


සුසර කරන්නට හදන කල....
ජීවිතය... 
නොදී පැන යන්න තනන.. 
නුඹ ගැන දුකයි
මට..
ඇත් නම් වරම් ආසයි.. 
මම..
වයන්නට නුඹව ආදරෙන්.... 
මැදිකරන් උරහිසට... 
තදකරන් නිකටින්... 
පිරිමදිම් ඇඟිල් තුඩු වලින්.... 
නැගෙන්නට මිහිරි...
සෙනෙහසේ විලාපය....

ඡයාරෑපය - සොඳුරැ සිත

4 comments:

  1. සුසර කරන්නට වෙහෙසී
    මා ගත සිත නුඹ
    ඉසුරු ගෙනෙන්නට නොසිතන්
    මයෙ ජීවිතයට
    කුමක් කළත් පල නැත්තම්
    ජීවිත ගීතය
    අනුන්ගෙ තනුවක් වයනට එපා
    ඉතින් නුඹ

    ReplyDelete
  2. වාදකයාණෙණි,,,,,,,,,උරහිසට මැදිකරන් වයන්න. සෙනෙහසේ විලාපය නොව.සෙනෙහසේ මිහිරි සත්සර නාදය........

    ReplyDelete
  3. සුසර කල මැන..
    නුඹ හඬට නොව හදට..
    වැයේවි..
    නුඹ උරහිසහි දැවටී..
    ජීවන මග ගීතය..

    ලස්සන සිතිවිල්ලක් සහෝ. :)

    ReplyDelete
  4. ‍කෙටියි හැඩයි...........

    ReplyDelete