Tuesday, November 29, 2011

ස්තූතියි නැවත එන්න....

මම මහා විචාරකයෙකු නොවුනත් මේ ගැන ලියන්නම ඕනෙ කියලා හිතුනා... “ස්තූතියි නැවත එන්න“.... බොහොම කාලෙකට පස්සේ මං දැකපු... මම විශ්වාස කරන හොඳ චිත්‍රපටියක්....


යුධ ජයග්‍රහනය ගැන කොළඹ ඉඳගෙන කොඩි වන වන සතුටු වෙච්ච..... ලක්ෂ ගානක රතිඤ්ඤා පත්තුකරපු මිනිස්සු නොදැක්ක පැත්තක්... වැළිඔය... පදවිය... මොනරවැව...ජනකපුර... ඇතාවැටුනුවැව... කිරිඉබ්බන්වැව... යකාවැව... වගේ යුද්ධයෙනුත්.... පරිසරයෙනුත්.. පීඩාවින්ඳ... ඒත් තමන්ගේ උපන්ගම අතහැරනොගිය... ඒත් වීර පදක්කං නොලැබුන පිරිසක්... කොළඹ ඉඳගෙන යුද්ධය ගැන උදම් අනපු..... යුද්දේ පවතින ලාලේ මැදවච්චියෙන් එහාට පය නොගහපු උන්.....දිනපු යුද්ධය ගැන මහා ඉහලින් කථා කරපු උන් ඇහැක් ඇරලා බැලුවද යුද්ධයෙන් පැරදුනු උන්ගේ පවුල් වලට මොකද උනේ කියලා.... රණවිරැ වැන්දබුවන්ගේ දුක ඇහැනද උන්ට..... 


අන්තිම නිවාඩුවේදී බඩට ආපු දරැවාගේ මුන දකින්න වාසනාවක් නැතිව යුදබිමේදී තමන්ගේ ජිවිතය පුජා කරලා.... කෙසෙල් බඩයක්... එහෙමත් නැත්නම්.... ලී කොටයක් වෙලා පෙට්ටියේ ආපු ස්වාමිපුරැෂයා අහිමි වෙච්ච ගැහුණු විඳින මහා දුක්කන්දරාව ගැන.... ඔවුන්ට සමාජයෙන් විඳින්න වෙන අතරවරයන්.. කුහක කම් ගැන..... පැන්ෂන් එක හදාගන්න යන කොට ග්‍රාම නිළධාරියාගේ පටන්... බැංකු නිළධරියා දක්වා..“කෙළින්න“ බලාගෙන ඉන්න උන් ගෙන් ඇය විඳින්නාවු ගැහැට ගැන සොයා බැලුවද.... තමන්ගේ පුතා නැතිව අසරණ වෙච්ච දෙමව්පියෝ..... බඩම ආපු ගමන්ම තමන්ගේ පියා අහිමි උන කිරිකැටියෝ ගැන....... තමන්ගේ දුව පුතා.... ස්වාමියා... බිරිඳ.... යුධ බිමේ ඉන්නකොට ඒ ගෙදරක ඇවිලෙන  ගින්න.... වාහනයක් නවත්වන වාරයක් වාරක් පාසා ඔවුනගේ සිතේ නැගෙන විළාපය.... මේ බොහෝ දේ කැටිකරගත් ඉතා අපුරැ නිර්මානයක් විදියට මම “ස්තූතියි නැවත එන්න“ දකිනවා....

තවත් පැත්තකින් “අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා“ උපයාගත්ත උපාධිය කොට්ටේ යට තියාගෙන ... තමන්ගේ වෙලාව එනකම්.... ඉල්ලුම් ගත් පුරවන රණ විරැ බිරිඳ.... පෞද්ගලික විශ්ව විද්‍යාල.... මුදලට උපාධි පිරිනමන රටේ   මහන්සියෙන් හම්බකරගත්ත උපාධිය... අතේ තියාගෙන මොන්ටිසෝරි පාඨමාළාව... කරගන්න නොලැබීමට දුක්වෙන රණවිරැ බිරිඳක්....තවත් පැත්තකින්.... ඉරිතැළුන.... තාරැන්‍යට.... හෙටක්...... හොයාගන්න බැරැව ලතවෙන..... තමන් දැනුම නිකම්ම නිකන් දියවෙලායන... පාළු කාන්තාරයක අතරමංවුන.... තරැණ ගුරැවරයෙක්... සහ ගුරැවරියක්....

“හීතලට කන් පැලෙන්න එනකොට හිතෙනවා.. දාඩියට කුණු වෙන එක සැපයි කියලා“....

“කක්කුස්සියට කෝපි අරහං උනාට... හීතලට ගින්දර වගේ“

“බොට අපේ ආකාහේට රෙන්න හුජ්ජකරන්න මතක නැති වෙලා....කොළඹට වහින්නේ පුක හෝදන්නයැ....නුල ඇද්දා බෙට්ට ගියා..“

මෙන්න මෙතනින් ගිහින් බලන්න.... වැය කරන කාලය වටිනවා....

8 comments:

  1. විචාරය අගෙයි.‍ෆිල්ම් එක මම හෝල් එකෙන් බැලුවා.මේ වගේ හරයක් තියෙන නිර්මාණ වෙනුවට ගොන්පාට් ‍ෆිල්ම්නෙ අද වැඩියෙන් හැදෙන්නෙ.

    ReplyDelete
  2. බලල නෑ බලන්න ඕන ...

    ReplyDelete
  3. මාත් මේක බලලා නම් නෑ.. ඒත් මේක කියෙවුවම බලන්න ඕන කියලා හිතුනා..

    ReplyDelete
  4. නියම ලිපියක් මචං.....මම බලපු තවත් එක ලස්සන ෆිල්ම් එකක්....ලංකාවට ගැලපෙන්න හදපු ෆිල්ම් එකක්....

    ReplyDelete
  5. http://lankaviews.com/sin/index.php?option=com_content&view=article&id=13128:2011-11-27-10-47-41&catid=35:2008-10-13-08-30-14&Itemid=48

    ReplyDelete
  6. බලන්න නම් වුණේ නැහැ. දැන් ඉතින් දුක තමා සෝපාක

    ReplyDelete
  7. මේක ගැන අහල තිබුණට පැහැදිලි විස්තරයක් දැක්කෙ දැන්. උඹට ස්තූතිය බලන්නම හොයල දුන්නට. හේමසිරි, බිමල්, ජනනි කියන්නෙ මල විකාර චිත්‍රපටියක් වුණත් බලන්න පොළඹවන උත්ප්‍රේරක. මේක නම් කතාවෙන්ම හේඳයි වගේ...

    ReplyDelete
  8. කාලෙකින් බලපු හොද චිත්‍රපටයක්...අගැයීමට ලක්වුනා මදි කියලයි හිතෙන්නෙ...මේ තරමින් හෝ ඹබ කල අගැයීම හරි වටිනවා

    ReplyDelete