අපි නැවතත් කථාකරමු මානව හිමිකම් ගැන... මතකයිනේ අපි මාස කීපයක ඉඳලා කථාකරමින් ලංකාවේ අපිට බලපාන ආකාරය සම්බන්ධයෙන්....මේකත් හරියට මොකාගෙද මොකක්ද අල්ල ගත්තා වගේ වැඩක්... පටන් ගත්ත නිසා ඉවර කරන්නම වෙනවා...හැබැයි දැන් අපිට වටේ යන්නේ නැතිව කථා කරන්න පුලුවන්... මොකද අපි මේ කරැණු සම්බන්ධයෙන් ඔබේ අයිතිය සහ වගකීම කියන සීරීස් එකේ..1, 2, 3, 4, 5, 6 සහ 7 කියන පෝස්ට් වලින් දිගමට කථා කරපු නිසා. එහෙම බලලා නැත්තම් පොස්ට් ඔකකොම බලලා එන එක තමයි හොඳ... එහෙම නැත්නම් මේ ගැන නිසි අවබෝධයක් ගන්න අමාරැයි... පහුගිය පෝස්ට් එකේ අපි නැවැත්තුවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවාස්ථාවේ, 3 වැනි පරිඡ්චේදයේ දැක්වෙන 13 වන වගන්තිය පලමු උප වගන්තිය ගැන කථාකරන අතරමග. අපි පටන් ගමු 13 වන වගන්තියේ, දෙවැනි උප වගන්තිය ගැන කථා කරන්න..
අපි මේ වගන්තියෙත් සඳහන් කරන "නීතියෙන් නියම කරනු ලැබු කාර්ය පටිපාටිය" මොකක්ද කියන එක විමසා බලමු...
මෙහිදී සංඥය වැරදි සහ සංඥය නොවන වැරදි යනුවෙන් කොටස් දෙකක් ගැන අපිට කථා කරන්නට සිද්ධවෙනවා.. සංඥය වරදක දී පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වන අතර සංඥය නොවන වරදකදී වරෙන්තුවක් සහිතව අත්අඩංගුවට ගත යුතුය.
(සංඥය වරදක්ද? නැද්ද? යන්න 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය, පළමුවන උපලේඛනයේ 3 වන තීරයේ සඳයන් තොරතුරු අනුව තීරණය කරයි.)
සාමාන්‍ය පුද්ගලයකු විසින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි අවස්ථා:-
අපරාධ නඩු විධාන සංග්‍රහය 35 වගන්තිය
1) තමා ඉදිරිපිටදී සංඥය වරදක් කරන තැනැත්තෙකු
2) වරදකරු ලෙස ප්‍රකාශයට පත්කර ඇති තැනැත්තෙකු
3) පැන දුවන්නා වූද ,සංඥය වරදක් කළ තැනැත්තෙකු යැයි සැකකිරීමට
සාධාරණ හේතු ඇති අයෙකු
මෙසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් හැකි ඉක්මනින් සාම නිලධාරියෙකු ඉදිරියට නැතහොත් පොලිස් ස්ථානයකට ගෙනයා යුතු වන අතර එහිදී ඒ පුද්ගලයා 32 වන වගන්තියේ විධි විධාන යටතට ගත හැකි පුදිගලයෙකු නම් සාම නිළධාරියා විසින් නැවත සිරභාරයට ගත යැතුය.
තවද පුද‍්ගලික ආරක්ෂාවේ අයිතිය යටතේ යම් වරදක් කරන පුද්ගලයෙකු වැළැක්වීමට කටයුතු කල හැකිය (දණ්ඩ නීති සංග්‍රහය 89 සහ 99 වගන්තිය)
සංඥය නොවන වරදකදී වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි අවස්ථා:-
අපරාධ නඩු විධාන සංග්‍රහය 33 වගන්තිය
1) එම තැනැත්තා ඔහුගේ නම ,ලිපිනය දීම ප්‍රතික්ෂේප කළවිට හෝ
අසත්‍ය නමක් ,ලිපිනයක් දෙන බවට හැඟී ගිය අවස්ථාවකදී,
2) එම තැනැත්තා ලංකාවේ ස්ථීර පදිංචියක් නැති අයෙකු හෝ රට
හැරයාමට ඉතා ආසන්න බවට හැඟී ගිය අවස්ථාවකදී,
සැඟවී සිටින අයෙකු අත්අඩංගුවට ගැනීම:-
අපරාධ නඩු විධාන සංග්‍රහය 24,25 වගන්ති අදාල වේ.
අත්අඩංගුවට ගතයුතු කෙනාගේ හෝ වෙනත් අයෙකුගේ යම් ස්ථානයක බාහිර හෝ අභ්‍යන්තර දොරක් කවුළුවක් කඩා එය විවෘතකර ඇතුලු වී සැඟවී සිටින අයෙකු අත්අඩංගුවට ගත හැක.
අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලිඛිතවීම,අධිකරණ විනිසුරුවරයකු විසින් අත්සන්කර තිබීම අවශ්‍යය.
(අ.න.වි.සං 50 වගන්තිය)
මේ කාරනා ටිකක් නොතේරෙන ගතියක් තියනවා.. .සම්පුර්ණයෙන්ම පැටලිලි සහගතයි... සාමාන්‍ය පුද්ගලයෙකුට කියවා තේරැම් ගන්නට අපහසුයි.... කීප වරක්ම කියවීම තුලින් තමයි යම් අවබෝධයක් ගන්න පුලුවන්.....ඒකට හේතුව අපේ රටේ නිතිපද්ධතිය හදලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් හිතලා ඉංග්‍රීසියන් වැඩකරන කොටසක් මගින් වීම... ඒ අය බර වචන දාලා ඉංග්‍රිසියෙන් ලියලා එවන එක ඒ වචන වලට ගැලපෙන සිංහල වචන යොදලා පරිවර්ථනය වීම තුල තේරම් ගන්න තියන අපහසුව තමයි...
මෙහිදී කථා කරන්නට යමක් තියනවා... ඒ තමයි "අපරාධ නඩු විධාන සංග්‍රහය 115 වැනි වගන්තිය...අත්අඩංගුවට ගනුලැබූ තැනැත්තෙකු පැය 24ක් ඇතුලත මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත්කළ යුතුය" යන්න.
මෙයින් අදහස් කරන්නේ අත්අඩංගුවේ පැය 24 ක් තියාගන්න පුලුවන් තියන එක නෙමෙයි. තියාගන්න පුලුවන් උපරිම කාලය පැය 24 ක් කියලා.. නමුත් ඊට කලින් මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් තරන්න හැකියාවක් තියනවා නම් ඉදිරිපත් කරන්න ඕනේ... එහෙම ඉදිරිපත් නොකිරීම මෙම 13 වැනි වගන්තිය උල්ලඝනය කිරීමක් කියලා ගරැ ශ්‍රේෂ්ධාධිකරණය පිළිඅරගෙන තියනවා. උදාහරණයක් විදියට කෙනෙක් රාත්‍රියේ දී අත්අඩංගුවට ගන්නා සාධාරණ සැකයක් මත... (මම මේ කියන්නේ සමහර වෙලාවට පාරේ යන ගමන් දාගෙන යන ඒවා ගැන) රෑ 10 ට කියමු.... පොලිසිටය ගෙනියනවා.... කුඩුවට දානවා... දැන් මොහු අත්අඩංගුවේ.... මේ සිද්ධිය අනුව පැය 24 සම්පුර්ණ වෙන්නේ පහුවෙනිදා රෑ 10.00 නමුත් කිසිම අවස්ථාවක මේ පුද්ගලයව ඒ වෙනකම් තියා ගන්න නීතියෙන් ඉඩක් නැහැ... එදා උදේම අධිකරණයට ඉදිරිපත් කල යුතුයි. මොකද පැය 24 ක් රඳවා ගන්න අවස්ථාව දීලා තියෙන් නේ යම් කිසි පුද්ගලයෙක් පිළිබඳව විමර්ශණයන් කරන්න... ප්‍රශ්ණ කරන්න වගේ දේවල් වලට.. මෙහිදී මොහුව අත්අඩංගුවට තියෙන්නේ නිශ්චිත හේතුවක් දක්වන්නේ නැතුව. සමහර වෙලාවට අපි දකිනවා නිවාඩු කියලා සැකකරැවන්ව තියාගන්නවා. ඒක වැරදියි. නිවාඩු දවසට අධිකරණය වහලා උනාට මහේස්ත්‍රාත් නිල නිවසට අරගෙන ගිහින් සැකකරැ ඉදිරිපත් කරන්න පුලුවන්. මහේස්ත්‍රාත්වරයා නැත්නම් අනිවාර්යෙන්ම වැඩබලන මහේස්ත්‍රාත් වරයෙකු සිටිය යුතුයි. කිසිම අවස්ථාවක නිවාඩු හේතු කරගෙන මේ ඉදිරිපත් කිරීම කල්දාන්න බැහැ. මේ හේතුව නිසා බොහෝවිට පොලිසිය කරන්නේ අත්අඩංගුවට ගන්න පුද‍්ගලයින්ව ලියාපදිංචි කරන්නේ නැහැ...එහෙම අවස්ථා අපි දැකලා තියනවා.... අනිත් කාරණය තමයි.. අත්අඩංතුවට ගන්න අවස්ථාවෙදි හෝ ප්‍රශ්ණ කිරීම් වලදී පහරදීමක් හෝ නිශ්චිත කාලයට වඩා රඳවාගෙන තියනවා නම් මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරන අවස්ථාවේදී ඒ ගැනදැනුම් දෙන්න අත්අඩංගුවේ පසුවන සැකකරැට අවස්ථාව තියනවා.. මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික තත්වයන් සාකච්ඡා කල හැකියි.. එවැනි සිද්ධින් ඔබ දන්නවා නම් සාකච්ඡාවට ඉඩ තියනවා.
(මූලාශ්‍ර "වීකිපීඩියා")
"අත් අඩංගුවේ තබාගනු ලැබු හෝ රඳවා ගනු ලැබු හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කරනු ලැබු හෝ සෑම තැනැත්තෙකුම නීතියෙන් නියම කරනු ලැබු කාර්ය පටිපාටිය අනුව ආසන්නතම නිසි අධිකරණයේ විනිශ්චයකාරවරයා ඉදිරියට ගෙන යා යුතු වන අතර, නීතියෙන් නියම කරනු ලැබු කාර්ය පටිපාටියට අනුකූලව ඒ විනිශ්චයකාරවරයා විසින් කරනු ලබන ආඥාව මත සහ අදාල ආඥාව ප්‍රකාර මිස, ඒ තැනැත්තා තව දුරටත් අත් අඩංගුවෙහි තපා ගැනීම හෝ රඳවා තබා ගැනීම හෝ ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම හෝ නොකල යුතුය"
අපි මේ වගන්තියෙත් සඳහන් කරන "නීතියෙන් නියම කරනු ලැබු කාර්ය පටිපාටිය" මොකක්ද කියන එක විමසා බලමු...
මෙහිදී සංඥය වැරදි සහ සංඥය නොවන වැරදි යනුවෙන් කොටස් දෙකක් ගැන අපිට කථා කරන්නට සිද්ධවෙනවා.. සංඥය වරදක දී පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වන අතර සංඥය නොවන වරදකදී වරෙන්තුවක් සහිතව අත්අඩංගුවට ගත යුතුය.
(සංඥය වරදක්ද? නැද්ද? යන්න 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය, පළමුවන උපලේඛනයේ 3 වන තීරයේ සඳයන් තොරතුරු අනුව තීරණය කරයි.)
සාමාන්‍ය පුද්ගලයකු විසින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි අවස්ථා:-
අපරාධ නඩු විධාන සංග්‍රහය 35 වගන්තිය
1) තමා ඉදිරිපිටදී සංඥය වරදක් කරන තැනැත්තෙකු
2) වරදකරු ලෙස ප්‍රකාශයට පත්කර ඇති තැනැත්තෙකු
3) පැන දුවන්නා වූද ,සංඥය වරදක් කළ තැනැත්තෙකු යැයි සැකකිරීමට
සාධාරණ හේතු ඇති අයෙකු
මෙසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් හැකි ඉක්මනින් සාම නිලධාරියෙකු ඉදිරියට නැතහොත් පොලිස් ස්ථානයකට ගෙනයා යුතු වන අතර එහිදී ඒ පුද්ගලයා 32 වන වගන්තියේ විධි විධාන යටතට ගත හැකි පුදිගලයෙකු නම් සාම නිළධාරියා විසින් නැවත සිරභාරයට ගත යැතුය.
තවද පුද‍්ගලික ආරක්ෂාවේ අයිතිය යටතේ යම් වරදක් කරන පුද්ගලයෙකු වැළැක්වීමට කටයුතු කල හැකිය (දණ්ඩ නීති සංග්‍රහය 89 සහ 99 වගන්තිය)
සංඥය නොවන වරදකදී වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි අවස්ථා:-
අපරාධ නඩු විධාන සංග්‍රහය 33 වගන්තිය
1) එම තැනැත්තා ඔහුගේ නම ,ලිපිනය දීම ප්‍රතික්ෂේප කළවිට හෝ
අසත්‍ය නමක් ,ලිපිනයක් දෙන බවට හැඟී ගිය අවස්ථාවකදී,
2) එම තැනැත්තා ලංකාවේ ස්ථීර පදිංචියක් නැති අයෙකු හෝ රට
හැරයාමට ඉතා ආසන්න බවට හැඟී ගිය අවස්ථාවකදී,
සැඟවී සිටින අයෙකු අත්අඩංගුවට ගැනීම:-
අපරාධ නඩු විධාන සංග්‍රහය 24,25 වගන්ති අදාල වේ.
අත්අඩංගුවට ගතයුතු කෙනාගේ හෝ වෙනත් අයෙකුගේ යම් ස්ථානයක බාහිර හෝ අභ්‍යන්තර දොරක් කවුළුවක් කඩා එය විවෘතකර ඇතුලු වී සැඟවී සිටින අයෙකු අත්අඩංගුවට ගත හැක.
අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලිඛිතවීම,අධිකරණ විනිසුරුවරයකු විසින් අත්සන්කර තිබීම අවශ්‍යය.
(අ.න.වි.සං 50 වගන්තිය)
- අත්අඩංගුවට ගනුලැබූ තැනැත්තෙකු පැය 24ක් ඇතුලත මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත්කළ යුතුය.
- මහේස්ත්‍රාත් නියෝගයක් මත වැඩිදුර විමර්ශන සඳහා එකී කාලය පැය 48ක් නොඉක්මවූ කාලයක් දක්වා දීර්ඝකරවාගත හැක.
මේ කාරනා ටිකක් නොතේරෙන ගතියක් තියනවා.. .සම්පුර්ණයෙන්ම පැටලිලි සහගතයි... සාමාන්‍ය පුද්ගලයෙකුට කියවා තේරැම් ගන්නට අපහසුයි.... කීප වරක්ම කියවීම තුලින් තමයි යම් අවබෝධයක් ගන්න පුලුවන්.....ඒකට හේතුව අපේ රටේ නිතිපද්ධතිය හදලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් හිතලා ඉංග්‍රීසියන් වැඩකරන කොටසක් මගින් වීම... ඒ අය බර වචන දාලා ඉංග්‍රිසියෙන් ලියලා එවන එක ඒ වචන වලට ගැලපෙන සිංහල වචන යොදලා පරිවර්ථනය වීම තුල තේරම් ගන්න තියන අපහසුව තමයි...
මෙහිදී කථා කරන්නට යමක් තියනවා... ඒ තමයි "අපරාධ නඩු විධාන සංග්‍රහය 115 වැනි වගන්තිය...අත්අඩංගුවට ගනුලැබූ තැනැත්තෙකු පැය 24ක් ඇතුලත මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත්කළ යුතුය" යන්න.
මෙයින් අදහස් කරන්නේ අත්අඩංගුවේ පැය 24 ක් තියාගන්න පුලුවන් තියන එක නෙමෙයි. තියාගන්න පුලුවන් උපරිම කාලය පැය 24 ක් කියලා.. නමුත් ඊට කලින් මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් තරන්න හැකියාවක් තියනවා නම් ඉදිරිපත් කරන්න ඕනේ... එහෙම ඉදිරිපත් නොකිරීම මෙම 13 වැනි වගන්තිය උල්ලඝනය කිරීමක් කියලා ගරැ ශ්‍රේෂ්ධාධිකරණය පිළිඅරගෙන තියනවා. උදාහරණයක් විදියට කෙනෙක් රාත්‍රියේ දී අත්අඩංගුවට ගන්නා සාධාරණ සැකයක් මත... (මම මේ කියන්නේ සමහර වෙලාවට පාරේ යන ගමන් දාගෙන යන ඒවා ගැන) රෑ 10 ට කියමු.... පොලිසිටය ගෙනියනවා.... කුඩුවට දානවා... දැන් මොහු අත්අඩංගුවේ.... මේ සිද්ධිය අනුව පැය 24 සම්පුර්ණ වෙන්නේ පහුවෙනිදා රෑ 10.00 නමුත් කිසිම අවස්ථාවක මේ පුද්ගලයව ඒ වෙනකම් තියා ගන්න නීතියෙන් ඉඩක් නැහැ... එදා උදේම අධිකරණයට ඉදිරිපත් කල යුතුයි. මොකද පැය 24 ක් රඳවා ගන්න අවස්ථාව දීලා තියෙන් නේ යම් කිසි පුද්ගලයෙක් පිළිබඳව විමර්ශණයන් කරන්න... ප්‍රශ්ණ කරන්න වගේ දේවල් වලට.. මෙහිදී මොහුව අත්අඩංගුවට තියෙන්නේ නිශ්චිත හේතුවක් දක්වන්නේ නැතුව. සමහර වෙලාවට අපි දකිනවා නිවාඩු කියලා සැකකරැවන්ව තියාගන්නවා. ඒක වැරදියි. නිවාඩු දවසට අධිකරණය වහලා උනාට මහේස්ත්‍රාත් නිල නිවසට අරගෙන ගිහින් සැකකරැ ඉදිරිපත් කරන්න පුලුවන්. මහේස්ත්‍රාත්වරයා නැත්නම් අනිවාර්යෙන්ම වැඩබලන මහේස්ත්‍රාත් වරයෙකු සිටිය යුතුයි. කිසිම අවස්ථාවක නිවාඩු හේතු කරගෙන මේ ඉදිරිපත් කිරීම කල්දාන්න බැහැ. මේ හේතුව නිසා බොහෝවිට පොලිසිය කරන්නේ අත්අඩංගුවට ගන්න පුද‍්ගලයින්ව ලියාපදිංචි කරන්නේ නැහැ...එහෙම අවස්ථා අපි දැකලා තියනවා.... අනිත් කාරණය තමයි.. අත්අඩංතුවට ගන්න අවස්ථාවෙදි හෝ ප්‍රශ්ණ කිරීම් වලදී පහරදීමක් හෝ නිශ්චිත කාලයට වඩා රඳවාගෙන තියනවා නම් මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරන අවස්ථාවේදී ඒ ගැනදැනුම් දෙන්න අත්අඩංගුවේ පසුවන සැකකරැට අවස්ථාව තියනවා.. මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික තත්වයන් සාකච්ඡා කල හැකියි.. එවැනි සිද්ධින් ඔබ දන්නවා නම් සාකච්ඡාවට ඉඩ තියනවා.
(මූලාශ්‍ර "වීකිපීඩියා")
හොඳ ලිපියක්
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteyour efforts on educating public on this is greatly appreciated, keep up the good work
ReplyDelete