
අපි බලමු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අපිට තියෙන අයිතිවාසිකම් මොනවාද ? ඒවා දිනාගතහැකි එහෙමත් නැත්නම් ආරක්ෂාකරගත හැක්කේ කොහොමද කියලා.
ලොකයේ මානව අයිතිවාසිකම් සමිබන්ධ සම්මුතීන්, ප්‍රඥ්ඥප්ති, ගිවිසුම් කොයිතරම් තිබුනත් අපේ රට ඒවාට එකඟව අත්සන් කර ඇතත් අපේ රටේ නීතිමය රාමුවට ඒවා අදාල වන්නේ නැත. (ඔය හේතුව හින්ඳා තමයි පහුගිය කාලේ එක එක අය ඔය එක්සත් ජාතීන්ගේ සංවිධානයට එහෙම පැමිණිලි කරන්න ගියේ).
අපේ රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් වඩාත්ම වැදගත් ලේඛණය වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවාස්ථාවයි. එහි 3 වන පරිඡ්ඡේදයේ 10 වන වගන්තියේ සිට 14 වන වගන්තිය දක්වා කොටස “මූලික අයිතිවාසිකම්” ලෙස ශ්‍රී ලාංකික පුරවැසියෙකුට අදාල වෙන අයිතිවාසිම් දක්වා ඇත.
මෙහි මුලික අයිතිවාසිකම් 13 ක් සඳහන්ව ඇති අතර 15 වැනි වගන්තියෙන් මෙම අයිතිවාසිකම් හී සීමාවන්ද 16 වන වගන්තියෙන් ලිඛිත හෝ ලිඛිත නොවන නීතීන්හී බලපෑමද, 17 වන වගන්තියෙන් විධායක ක්‍රියා මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනයන්ට ප්‍රතිකර්මද, 126 වන වගන්තියෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනයන් මුලික අයිතිවාසිනම් පිළිබඳව අධිකරණ බලය සහ ඒ බලය ක්‍රියාත්මක කිරීමද පෙන්වා දෙනු ලැබේ. හරියටම තේරැනේ නැහැ වගේ නම් ඒච්චරම ඒ ගැන හිතන්න එපා. ඒකේ හැටි එහෙම තමයි. මේ ලිපි පෙළ මගින් ඔය හැම දෙයක්ම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.
අපි මුලින්ම ගමු 10 වැනි වගන්තිය.. 10 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ දැක්වෙන්නේ මේ විදියට..
“සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳගැනීමේ නිදහසද, ලබ්දියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද ඇතුළුව සිතීමේ නිදහසටද, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය”
අපි මේ වගන්‍තිය කොටසින් කොටස සරළව තේරැම් ගන්න උත්සහ කරමු. මේකේ පළමු කොටස ගත්තොත් මේකෙන් කියන්නේ ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති ආගමක් අදහන්න එහෙමත් මතයක් දරන්න අයිතියක් තියෙනවා කියන එකයි. ඒක ලෝකය පිළිගත්, ජනප්‍රිය එකක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්, පුද්ගලිකව විශ්වාස කරන මතයක් වෙන්නත් පුළුවන්. ඒ විශ්වාසය අන් ආගමකට, මතයකට, පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට හානියක් නොවෙනවා නම් ඒ සඳහා සීමාවන් පනවන්න බැරි බව තමයි මෙයින් කියන්නේ. සරළවම කිව්වොත් හිතන්නකෝ මනුස්සයෙකුට හිතෙනවා කියලා ප්‍රසිද්ධ ස්ථානයක ඔළුවෙන් හිටගෙන හිටියාම විමුක්තිය ලබාගන්න පුළුවන් කියලා. ඒකේ කිසිම වරදක් නැහැ. ඒක ඒ මනුස්සයගේ අයිතිය. හැබැයි ඔහුට සරමක් ඇඳගෙන ඔය වැඩේ කරන්න බැහැ.

දැන් අපි ඉහත වගන්තියේ අනිත් කොටස ගමු. සිතීමේ සහ හෘදය සාක්ෂියේ නිදහස කියන කොටස. ඹබ හිතන විදියට මේවා සීමාකරන්න පුළුවන්ද? උදාහරණයක් ගමු... මතකද එක්තරා කාලෙකදී විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ කණ්ඩායමක් ඉල්ලීම් කලා තමන්ට හෘදය සාක්ෂියට එකඟව ඡන්දය පාවිචිචි කරන්න අවස්ථාව දෙන්න කියලා (ඒ කියන්නේ එච්චර කල් ඒ උන්නැහේලා ඡන්දය පාවිච්චි කරලා තියෙන්නේ ඕකට එකඟව නෙමෙයිද කියන එක වෙනම ප්‍රශ්ණයක්) ඒකෙන් කියවෙන්නේ කිසියම් තීරණයකදී නායකත්වය හෝ යම් කණ්ඩායමක් ගන්න තීරනයට අත උස්සනවා වෙනුවට තමන්ගේ හිතට එකඟව ඡන්දය පාවිච්චි අවස්ථාව දෙන්න කියලා.
මේ වගන්තිය සම්බන්ධයෙන් නිශ්චිත අර්ථකතනයක් නැති වුනත් විවිධ අවස්ථාවන්හීදී ගරැ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ ඒ අවස්ථාවන්හී දී මෙම වගන්තිය සඳහා අර්ථකතන ලබා දී තියෙනවා. මේ මෙම 10 වන වගන්තිය උල්ලංඝනය සම්බන්ධයෙන් ගරැ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු වෙච්ච පෙත්සම් කීපයක් සම්බන්ධයෙන් පුවත් වර්ථා කීපයක් මේ ලිපියට අමුනලා තියෙනවා.
මම තේරුම් ගත්තු වැදගත්ම දේ, ලෝකෙ තියෙන සේරම ප්‍රඥප්ති අත්සන් කරත්, ඒ විදිහට අපට සැළකීමට ආණ්ඩුව බැඳී නොමැත.
ReplyDeleteඇත්තටම මේ වැඩේ බොහොම වැදගත්. අපි හැම දෙනෙක්ටම යම් දිනක අවශ්‍ය විය හැකි, නමුත් අප වැඩිය නොදන්නා මාතෘකාවක් ගැන මෙහෙම මූලික දැණුමක් ලබා දීම ගැන බොහොම ස්තුතියි. ඒ වගේම සරල භාෂාවෙන් ලියා ඇති නිසා තේරුම් ගැනීමත් පහසුයි. අර වාක්‍යවල නොම්මරනම් ඉතින් මතක තියාගන්ඩ මහන්සි නොවෙමි.
ස්තුතියි දොස්තර නෝනාට...
ReplyDeleteලංකාවේ පොලිසියත් එක්ක ඔය මානව හිමිකම් කියන එවා ප්‍රායෝගිකව ගලප ගන්න පුලුවන්ද ......
ReplyDeleteඇත්තටම මට ප්‍රශ්න ගොඩක් තියනවා අහන්න, තාම වෙලාව නෙවේ ඔහොම ලියන්නකෝ අහන්න සුදුසු වෙලාව ආවාම මම අහන්නම් ........
@ පංසල් හංදිය....ස්තුතියි.. මේකේ ඊලඟ ලිපිය වෙන්නේ ගුටිනොකා සිටිමේ අයිතිය සම්බන්ධයෙන්.... මාත් හිතනවා ඒ ගුන බොහෝදෙනාට කථාකරන්න දේවල් තියෙයි තියලා හිතනවා...
ReplyDeleteවටිනා ලිපියක්..
ReplyDeleteමේ දේවල් දැන ගැනීම අත්‍යවශ්ය නොවුනත් යම් ප්‍රමාණයකට හරි දැනුවත්ව සිටීම හොදයි වගේ.. ස්තූතියි දැනුම බෙදාගත්තාට.. :)