සති ගානක් හිතලා හිතලා
වරු ගානක් ගෙවල ගෙවලා
අමාරුවෙන් කට්ට කපපු
හදවත් යතුර
වහලා තිබුන ගොළු හදවත
අමාරුවෙන් කැපවීමෙන්
ඇරගන්නට හදාගත්ත
හදවත් යතුර
උඹේ තිබුනු කළුගල් හිත
බොර දාල කෑලි කරලා
සුමුදුව කැටයමක් කපපු
හදවත් යතුර
මුනපුරා නැහිලා තිබුන
කළු පැල්ලම අයින් කරලා
හිනා කටක් අරං ආපු
හදවත් යතුර
පෙට්ටගමක වහදා දාලා
ගෙයි මුල්ලට කරලා තිබුන
හදවත දුවිලි පිහිදපු
හදවත් යතුර
උඹේ තියන කුම්මැහිකම
කම්මැලිකම මුරණ්ඩුකම
හින්දම උඹ නැතිකරගත්
හදවත් යතුර
ආයෙත් නම් කිසි දවසක
බිඳුනු කැඩුනු දුකට වැටුනු
හදවතකට හරියන් නැති
හදවත් යතුර..
This comment has been removed by the author.
ReplyDeleteඅන්සතු යතුරක් කිසිදා
ReplyDeleteතව හදකට නොමනා බව
වටහා ගත් හින්ද යි
නැති කර ගත්තේ
යතුර
ගෙයි පිලකට මුවා වෙලා
ආලය බැහැ ගන්න බෙදා
යතුරු එකයි දොර දෙකටම
බෙදා ගන්න බැරි නුඹගේ
හදවත් යතුර
නම ලියලා දුන්න පුදා
යතුරු කපන්නෙක්ට කියා
කපන යතුරු වලංගු නැහැ
ඒ නුඹෙ යතුර
ගන්නත් බැරි දෙන්නෙත් නැති
යතුරු බලන් හූල්ලන්න
බැරි හින්දා නැති කර ගත්
හදවත් යතුර
අද හෙට නොව හැමදාමත්
ගොළු හදවත අරින්න බැරි
ලෙසට යතුර වීසි කළෙමි
අනන්තයේ කෙලවරකට
ආදර යතුර
ආයෙත් නම් එන්න එපා
ආදර යතුර
අම්මද බොල..මෙන්න උත්තර ඔය දීල තියෙන්නේ කොර වෙන්නම.ආයේ අපට කියන්න දෙයක් ඉතිරි කොරලා බොලව් මේ ගැටිස්සී. ජය..!
ReplyDeleteපරෙස්සමට අරන් තියා නොගෙන
ReplyDeleteතැන තැන දාලා නැතිකර ගත්ත
අමාරුවෙන් හදපු යතුර මම,
නුඹට ඕන වෙලා හෙවුවත්
හොයාගන්න බැරි තරම් මුල්ලකට
නුඹම විසිකල..
හිතුන වෙලාවට විවර කල හැකි
ReplyDeleteහිතුන වෙලාවට අගුළු ලා හැකි
හොඳට නරකට
දෙකට එක ලෙස
ගැනිම හැකි
හදවත් යතුර
මට හැරෙන්නට කිසිවකුට
කිසිම වැඩකට නැති
හදවත් යතුර..
නියමයි
ReplyDelete