Monday, May 14, 2012

හදවත් යතුර



සති ගානක් හිතලා හිතලා
වරු ගානක් ගෙවල ගෙවලා
අමාරුවෙන් කට්ට කපපු
හදවත් යතුර

වහලා තිබුන ගොළු හදවත
අමාරුවෙන් කැපවීමෙන්
ඇරගන්නට හදාගත්ත
හදවත් යතුර

උඹේ තිබුනු කළුගල් හිත
බොර දාල කෑලි කරලා
සුමුදුව කැටයමක් කපපු
හදවත් යතුර

මුනපුරා නැහිලා තිබුන
කළු පැල්ලම අයින් කරලා
හිනා කටක් අරං ආපු
හදවත් යතුර

පෙට්ටගමක වහදා දාලා
ගෙයි මුල්ලට කරලා තිබුන
හදවත දුවිලි පිහිදපු 
හදවත් යතුර

උඹේ තියන කුම්මැහිකම
කම්මැලිකම මුරණ්ඩුකම
හින්දම උඹ නැතිකරගත් 
හදවත් යතුර

ආයෙත් නම් කිසි දවසක
බිඳුනු කැඩුනු දුකට වැටුනු
හදවතකට හරියන් නැති 
හදවත් යතුර..

6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අන්සතු යතුරක් කිසිදා
    තව හදකට ‍නොමනා බව
    වටහා ‍ගත් හින්ද යි
    නැති කර ගත්තේ
    යතුර

    ගෙයි පිලකට මුවා වෙලා
    ආලය බැහැ ගන්න බෙදා
    යතුරු එකයි දොර දෙකටම
    බෙදා ගන්න බැරි නුඹගේ
    හදවත් යතුර

    නම ලියලා දුන්න පුදා
    යතුරු කපන්නෙක්ට කියා
    කපන යතුරු වලංගු නැහැ
    ඒ නුඹෙ යතුර

    ගන්නත් බැරි දෙන්නෙත් නැති
    යතුරු බලන් හූල්ලන්න
    බැරි හින්දා නැති කර ගත්
    හදවත් යතුර

    අද හෙට නොව හැමදාමත්
    ගොළු හදවත අරින්න බැරි
    ලෙසට යතුර වීසි කළෙමි
    අනන්තයේ කෙලවරකට
    ආදර යතුර

    ආයෙත් නම් එන්න එපා
    ආදර යතුර

    ReplyDelete
  3. අම්මද බොල..මෙන්න උත්තර ඔය දීල තියෙන්නේ කොර වෙන්නම.ආයේ අපට කියන්න දෙයක් ඉතිරි කොරලා බොලව් මේ ගැටිස්සී. ජය..!

    ReplyDelete
  4. පරෙස්සමට අරන් තියා නොගෙන
    තැන තැන දාලා නැතිකර ගත්ත
    අමාරුවෙන් හදපු යතුර මම,
    නුඹට ඕන වෙලා හෙවුවත්
    හොයාගන්න බැරි තරම් මුල්ලකට
    නුඹම විසිකල..

    ReplyDelete
  5. හිතුන වෙලාවට විවර කල හැකි
    හිතුන වෙලාවට අගුළු ලා හැකි
    හොඳට නරකට
    දෙකට එක ලෙස
    ගැනිම හැකි
    හදවත් යතුර
    මට හැරෙන්නට කිසිවකුට
    කිසිම වැඩකට නැති
    හදවත් යතුර..

    ReplyDelete