Showing posts with label ආදරය සහ රාගය. Show all posts
Showing posts with label ආදරය සහ රාගය. Show all posts

Wednesday, July 17, 2013

වැරදි නම්.. මට ගල ගහන්න.....



අනේ යකෝ.....
මට ගහන්න ඕනේ තෝ වගේ එකියකට ආ‍දරේ කලාට......
ලැජ්ජා නැති කම... තොට යන්න ඕන්නම් පල.....
තෝ නැහැයි කියලා මම මැරෙන්නේ නැහැ....
උඹ මට ලොකු නැහැ යකෝ.... ‍
ආදරේ කියලා ‍දුන්නා...
විඳින්න කියලා දුන්නා....
ජීවිතේ දුන්නා....
ඒ හැම දේටම උඹ මට දුන්න දේ තමයි මේ....
ඔව් වෛරය.....
මම උඹට වෛර කරනවා.....
ආදරේ කරපු හිතින්ම ආදරේ කරපු තරමටම...
මම උඹට වෛර කරනවා....
තොට ඔන වෙලාවට එන්නයි.....
තොට ඕන වෙලාවට යන්නයි...
මේක හරි කෙළියක්නේ....
උඹට විතරද රිදෙන්නේ...
එතකොට මගේ හිත...
ඒක ගලක්ද ?
හොඳට හිතේ තියාගනින්....
උඹව නැතිකරන්න හිතෙනවා මට....
කුඩුපට්ටම් කරලා දාන්න ම‍ගේ හිතින්.....
ආයි පස්පාගන්න හිතන්නෙපා....
මේ පැත්ත පලාතේ....
යන එකෙක් එක්කම පල...

Wednesday, May 8, 2013

ගල... තන සහ රෑප රචන.....


මෑතකදී දෙරණ නාලිකාවේ පැවතුනු දෙරණ "Music video awards 2013" හිදී සෝමරතන් දිසානායකයන් විසින් බොහොම මතබේදාත්මක වගේම විවේචනාත්මක අදහසක් පල කලා.. විශේෂයෙන්ම අද අපේ රටේ බිහිවෙන ගීත සඳහා නිෂ්පාදනය කරන රෑපරචනා සම්බන්ධයෙන්... ඔහුගේ අදහස අනුව එම සම්මාන උළෙල සංගීත රෑප සඳහා සම්මාන දෙන උළෙලක් නම් ලංකාවේ සංගීත රෑප කියන එක ප්‍රශ්ණයක්... ඒ අවස්ථාවේ දී ඒ කථාව අහලා එතනින් අවසන් කලත් අද මම බලපු සංගීත රෑප රචනා කීපයක් දැක්කමා හිතුනා සෝමරත්න දිසානායකයන් ගේ ප්‍රකාශයේ යම් ඇත්තක් තියනවා කියලා....

මගේ මතකයේ හැටියට මේ සංගීත රෑප රචනය කියන සංකල්පය අපේ රටේ බිහිවෙන්නේ අනුව දශකයේ මුල් භාගයේ දී.... ජාතික රෑපවාහිණියේ විකාශය වුනු තරුණ තරුණියන් වෙනුවෙන් වෙන් වුනු “යාත්‍රා“ කියන වැඩසටහනින් තමයි මුල් වරට ගීත සඳහා රෑප රචනය කිරීම අපිට හඳුන්වා දුන්නේ... (මගේ මතකේ වැරදි නම් ඒ ගැන දැනුවත් කරන්න). ඒ තුලින් ඒ කාලේ බිහිවෙච්ච නව ආරේ ගීත පදරචනයන්ට යම් සජීවී බවක් ඇතිවුනා. එදා ඒ ආරම්භ උන සංගීත රෑප රචනය අද අපේ සමාජය තුල වෙනමම කලාවක් දක්වා වර්ධනය වෙලා තියනවා. සංගීත රෑප රචනය වෙනුවෙන්ම බිහි වුනු ආයතන, අධ්‍යක්ෂවරු වගේම නිෂ්පාදකවරුත් අද අපේ රටේ බහුලයි. නමුද අද සංගීත රෑප රචනයයේ භාවිතාව ගැන නැවත සිතා බැලීම වැදගත්.. එදා යාත්‍රා හී අපි නරඹපු රෑප රචනයන්ට වඩා අද රෑප රචනයන් හාත්පසින්ම වෙනස් වෙලා. එදා රෑප රචනයේ දී වැදගත් උනේ ගීතය. ගීතය සජීවිකරණය කරන්න තමයි රෑප රචනය යොදාගත්තේ. නමුත් අද අද බිහිවෙන රෑප රචානා දැක්කමා හිතෙන්නේ මේ රෑප රචනා වලට හරියන්න ගීත ලිව්ව ද කියන හැඟීමක්.

මම සාමාන්‍යෙයන් ප්‍රවෘත්ති ඇරුනාම ලංකාවේ වැඩ සටහනක් බලන්නේ බුකියේ පලවෙන ලින්ක් එකක් ඕස්සේ දකින්න ලැබෙන දෙයක් විතරයි. නමුත් ටික දවසකට උඩදී අතුල සමිතා ගායනා කරපු “ඉවසයිද මන්දා“ කියන ගීතයේ රෑප රචනය බලන්න ලැබුනා.ඒ රෑප රචනාවත් එක්ක ඒ ගැන මගේ හිතේ මැවුනු අදහස මම බොහොම සරළව කිව්වොත්.

“කෙල්ලෙකුයි කොල්ලෙකුයි එකට ජීවත් වෙනවා. කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාළු වෙනවා. ඒක කොල්ලට අහු වෙනවා. කෙල්ල කොල්ලාව දාලා යනවා. දාලා ගිහින් අළුත් කොල්ලත් එක්ක එකට ජීවත් වෙනවා. ටික කාලයක් යනකොට කෙල්ල බලාපොරොත්තු වෙන ආදරේ අළුත් කොල්ලාගෙන් ලැබෙන්නේ නැහැ. ඒ හේතුවෙන් කෙල්ල පරන කොල්ලා ගැන හිතනවා. එක අවස්ථාවක දී අළුතු කොල්ලා කෙල්ලව රවට්ටලා කියලා කෙල්ලට තේරෙනවා. ඒක අහපුවාම අළුත් කොල්ලා කෙල්ලව එළියට දානවා. කෙල්ල සතියකට විතරක් ඇති වෙන්න රෙදි අඩුක්කරපු බෑග් එකත් අරගෙන ගෙදරින් එළියට බහිනවා.  කෙල්ල පරණ කොල්ලට කොල් කරනවා. කොල්ලා අන්සර් කරන්නේ නැහැ. පස්සේ කෙල්ල කොල්ලාව හොයාගෙන යනවා. හැබැයි එතකොට පරණ කොල්ලා අළුත් කෙල්ලෙක් එක්ක ජීවත් වෙනවා.“

ඒ රෑප රචනය නැරඹුවාම මට දැනිච්ච කථාව බොහොම සරළව මේ විදියට අකුරු කරන්න පුලුවන්. මේ කාරනා එකින් එක අරගෙන බැළුවොත් මට දැනෙන්නේ මේ කියනනේ අපේ ලංකාව ගැනද කියන එක මට නම් ප්‍රශ්ණයක්. ඔය වගේ දේ ඇමරිකාව වගේ රටවල් වල වෙන්න පුලුවන්. හැබැයි ඒවා වඩාත්ම දකින්නේ ඒ රටවල් වල බිහිවෙන චිත්‍රපටි වල විතරයි. ඇත්ත සමාජේ ගත්තාම ඇඳුම් මාරැ කරනවා වගේ ගෑණු මිනිස්සු මාර් කරන ක්‍රමයක් මේ රටවල් වලත් නැහැ. අනිත් පැත්තෙන් මට දැනෙන්නේ මේ ප්‍රෙමෝට් කරන හදන තියරිය මොකක්ද කියන එක. සාමාන්‍යෙයන් අපේ රටේ පැවතුන පවතින සංස්කෘතික රටාව තුල ගෑණියෙක් මිනිහෙක් එකට ජීවත් වෙනවා කියලා කියන්නේ යම් නිශ්චිත බැඳීමකට යටත්ව සිද්ධ වෙන දෙයක්. එතනදී නීතිමය වශයෙන් හෝ වේවා සමාජීයමය වශයෙන් හෝ වේවා යම් බැඳීමක් තියනවා. හිතෙන හිතෙන වෙලාවට ගෙවල් වලින් එළියට බහින්නවත් ඇතුලට ගන්නවත් අපේ සමාජ ක්‍රමය අනුව හැකියාවක් නැහැ. ඇත්තටම අපිට එහෙම කරන්න අවශ්‍ය උනත් අපි වටා පවතින අපේ සමාජ ක්‍රමය අපේ සමීපතමයන්, දෙම්වපියෝ ඒ දෙවල් අනුමත කරන්නේ නැහැ. එවැනි තත්වයක් යටතේ මේ ගීතයෙන් ප්‍රෙමෝට් කරන්න හදන්නේ බටහිර රටවල තියන “Living together"කියන සංකල්පයක ද කියලා මට හිතෙනවා.

අනිත් කාරනේ එකට ජීවත් වීම තුල උනත් එහි යම් අධ්‍යාත්මික වශයෙන් බැඳීමක් තියනවා. අඩුම ගානේ එකිනෙකා තුල ඇතිකරගත්ත අවබෝධයක්. එකිනෙකා වෙනුවෙන් කැපවීමේ එකඟතාවයක්. එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවක් තියනවා. නමුත් මේ රෑප රචනයේ දී අදාල අධ්‍යක්ෂවරයා ඒ සියළු හැඟීම් සම්බන්ධතා බිඳලා “එකිනෙකාගේ හැඟීම් සංතර්පණය“ කියන බැඳීම පදනම් කරගෙන රෑප රචනය කරලා තියන බව තමයි මට හැඟෙන්නේ. ඒක එසේ නොවෙනවා නම් එක ගෑණියෙක් අත් අරින කොට තව ගෑණියෙක් ගන්නත් එක මිනිහෙක් අත් අරිනකොට තව මිනිහෙක්ගේ ඇඟේ එල්ලෙන්නත් හැකියාවක් නැහැ. මේ ගීතයට වඩත් ගැලපෙන රෑප රචනයක් කරලා තිබුනා කව්දෝ වෙනත් කෙනෙක්. ඔරිජිනල් අධ්‍යක්ෂවරයාට වඩා ගීතය මනා ලෙස තෙරැම් අරගෙන ඔහු ඒ රෑප රචනය කරලා තිබුනා.

ඒ වගේම තවත් බොහොම අපුරු රෑප රචානාවක් අද අහම්බෙන් බලන්න ලැබුනා. ඒ රෑප රචනාව බැළුවාම මට දැනුන දේ බොහොම සරළව මෙහෙමයි..

“මුලු හදින් ඔබ“ කියලා ආරම්භ වෙන ගීතයේ රෑප රචනය ගටන් ගන්නකොටම තියන රෑප රාමුව කෙල්ල දාලා යන අවස්ථාව. කොල්ලයි කෙල්ලයි එකට ජීවත් වෙනවා. ඒ එක්කම කෙල්ලගේ යාළුවෙක් දෙන්නා “දරුකමට“ වගේ හදාගන්න අරගෙන තියනවා. ඒ දරැවා කෙල්ලට වඩා ටිකක් පැහැපත්. කෙල්ලට වඩා විසේ ගතියක් තියනවා. (සමහර විට දරුකටම හදාගත්ත හින්ඳා වෙන්න ඇති) කෙල්ලයි කොල්ලයි යන හැම තැනම දරුවාවත් එක්කගෙන යනවා. කෙල්ල කොල්ලාගේ අතින් ඇල්ලුවත් දරුවාගේ මුන හොඳ නැහැ. කොල්ලා කෙල්ලව ඉම්බොත් අර දරැවා ඈතට යනවා. පස්සේ කොල්ලා ගිහින් අතින් අල්ලා සනසනවා. කේකට ඒ වෙන කිසි දෙයක් ගැන පැහැදිලි වැටහීමක් නැහැ. මෙතනදී මට තේරුම් ගන්න බැරි ලොකු ප්‍රශ්ණයක් තියනවා. මට නම් දැනෙන්ම  මේ කෙල්ලෝ දෙන්නාගේ “ආප්ප“ කේස් එකක් තියනවා කියලා. දරුවා අර කෙල්ලව කොල්ලගෙන ගලවන්න හදන්නේ එක නිසා. කොල්ලා ගේ මොකක්දෝ නපුන්කස ගතියක් තියනවා. කොල්ලට හොඳටම අවස්ථාව තියනවා දෙකම තියාගෙන “රජෙක්“ වගේ ඉන්න. ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ. දරුවා කොල්ලට කොච්චර බැල්ම දැම්මත් කෙල්ලට ගානක් නැහැ. කෙල්ලට කොල්ලාව කොච්චර විශ්වාසයිද කියන්නේ උදේ පාන්දර දරුවා සුටි කොට කලිසමක් ඇඳලා ඉන්න වෙලාවේ අර අහිංසක කොල්ලාව තනියම දාලා යනවා.“

මේ රෑප රචනා දෙකේදිම මම දැක්කේ අර මම මුලින් කියපු ලිවින් ටු ගෙදර් කියන සංකල්පය ලංකාව තුල ප්‍රචලිත කිරීම සඳයා පල නිෂ්පාදනය කරපු දැන්වීම් දෙකක් විදියට. ඊට අමතරව “මුලු හදින් ඔබ“ කියන ගීතයේ විශේෂත්වය තමයි කාලයක් අපේ රටේ තිබිලා වැලලිලා ගිය අයියා මලෝ එක ගෑණි බෙදාගත්ත “එකගෙයි කෑම“ කියන සංකල්පයේ අනිත් අන්තය හෙවත් “චන්නයි කෙල්ලෝ දෙන්නයි“ ක්‍රමය ප්‍රමෝට් කරන්න හදවාද කියන එක. කොහොම නමුත් අනිත් කාරනේ මේ රචනා සඳහා භාවිතා කරන පන්තිය. උදේට මුහුද අයිනේ කැෆේ එකක සෙට් වෙන, හවසට බීච් එකේ ෆන් ගන්න... ක්ලබ් එකකට සෙට් වෙලා බිලියට් ගහන පන්තිය ගැන ප්‍රමෝෂන් එක්ක ද කියලාත් හිතෙනවා....
(මුළු හදින් ගිතය බලන්න මෙතනට කොටන්න)

මේ මොන දේ කොයි විදියට ප්‍රමෝට් කලත් මේවා ගැන යම් පාලන යාන්ත්‍රනයක් බිහිවෙන්න සුදුසු කාලේ ඇවිත් කියන එකයි මගේ මතය. අද මගේ දරුවන් ඇතුලු මුලු රටේම දරුවන් පොතට වැඩිය යොමුවෙලා තියෙන්නේ රෑපවාහිණියට. උදේ ඉඳලා රෑ වෙනකම් එකක් මාරැ කරන කොට එකක් වශයෙන් තියන චැනල් හැට හුටා මාරේම ප්‍රචාරය වෙන්නේ මේ ගීත. අද ගීයක් මාකට් කරන්නේ ගීතයේ පද රචනාවෙන්වත්, සංගීතයෙන්වත්,  ගායකයගේ කටහඬින්වත් නෙමෙයි. “පට්ට කෑල්ලක්“ “හැන්ඩි කොල්ලෙක්“ අරගෙන කෑල්ලට කකුල් දෙක පේන කොට ජංගි කෑල්ලද අන්දලා... කොල්ලා ඉස්සරහා කකුලක් පිට කකුලන් දම්මලා.. කැමරාව කකුලෙන් පටන් අරන් තන් දෙක මැද්දෙන් ගිහින් රවුමක් දාලා... පස්සේ හුලඟට උඩයන ගවුමක් ඇඳගෙන මුහුදු වෙරලට ගිහින් උඩ යන රෙද්ද අතින් අල්ලගන්න හදලා... බුරුත කොට වගේ කලවා කෑලි දෙක එළියට එන්න අල්ප දයන්න වගේ නිදි කරවලා... පොඩි පොඩි විෂුවල් එෆෙක්ට් ටිකක් දැම්මාම අපි ඒකට මියිසික් වීඩියෝ කියලා බලනවා. ඉස්සර අපි රෑපවාහිණිය ඉස්සරහා වාඩි උනාම නයිට් රයිඩර් කෙල්ලගේ කට කන්න යන කොට අපි ඇස්වහලා ඇඟිලි අස්සෙන් බලනවා. අද ළමයි ඇඟිලි අස්සෙන් බැලීම කෙසේ වෙතත් පොඩි කාලේ ඉඳලාම දකින්නේ වැල්ලේ පෙම් කෙළින ඒවයි... ගෑණු දාලා යන සිද්ධියි. මොහොතක් හිතන්න මේවා ළමා මනසට බලපාන්නේ නැහැ කියලා ඔබට දෙන්න පුලුවන් සහතිකේ මොකක්ද..? අද බිහිවෙන තරැණ පරම්පරාව ඇයි වල්මත් වෙන්නේ. ඔවුන් හොයාගෙන යන්නේ අද අපිට උදේ හවා රැපවාහිණියේ පෙන්නන ආතල් ලෝකෙට. අපි ඉස්සර 1.25 ට තෝසේ කෑවට අද තරුණ දරුවෝ චේන්ජ් එකට යන්නේ කේඑෆ්සී... කෙල්ල එක්ක යන්නේ මැක්ඩොනල්ඩ්ස්... මොකටද අයිස් ක්‍රීම් කන්න.... 

මම මේ දෙවල් වැරදි කියනවා නෙමෙයි... සමහර අයට හිතෙයි මේ ලිං මැඩි ආකල්ප කියලා.... ඒක එහෙම වෙනවා... මොකද හැමදාමත් එක් පරම්පාරවක් තවත් පරම්පරාවක් දිහා සංසන්දනාත්මකව බලනකොට දකින අඩු පාඩු හෝ වැරදි, වැරදි විදියට දකින්න අළුත් පරම්පරාව කැමති නැති නිසා.... ඒත් මේවා ගැන නැවත හිතලා බලන්න.. අද ගැන නෙමෙයි.. හෙට ගැන.. හෙට උපදින දරුවෝ ගැන.... අපේ රටේ මේයාකාරයෙන් සිද්ධවෙන දේ ගැන ලියන්න ගියොත් තව පිටු කීපයක් ලියන්න පුලුවන්.. ඒත් අද මම උත්සහා කලේ අපේ රටේ “මියිසික් වීඩියෝ“ වල “ට්‍රෙන්ඩ්“ එක ගැන මට දැනෙන දේ ඔයාලත් එක්ක බෙදාගන්න.....

අපි මේ හැමදාම සෙල්ලම් කරනේ රටේ අනාගත දරුපරම්පරාවත් එක්ක කියන එක විතරක් මතක තියාගන්න.....

(සංවාදයට ඉඩ)

Saturday, April 13, 2013

අම්මා ගත්ත ආදර යතුර.... (The online love..)



බොහොම අමාරුවෙන් වෙලාවක් හොයගත්තේ ඈ හමුවෙන්න.... අපේ අපේම ලොකෙකට යන්න.... දුර නිසා ලැබෙන වෙලාවල් බොහොම අඩුයි... එයා එකතැනක, මම තව තැනක.... ලැබුනු මොහොතත් උදුරගන්න තරම් එයාගේ අම්ම ක්‍රෑර (ෘ දෙකයි) උනා.... ඒ ගැන මගේ හිතේ මැවිච්ච දුක කවි කරන්න හිතුවා... මේවා දුකට කියවෙන කවි....

පෙම්මබර හදක් ලඟ උපදින ආල හැඟුම්..
වලකනු කෙලෙස හද උපදින අනඟ රැඟුම්...
ලංවී තොදොල් බස් තෙපලා කනට හොරෙන්...
කන් පෙති තද කරමි නොරි දෙන සෙලට සෙමින්...

ආලය සිතේ මොරන විට නොඉඳ දුරින්...
දුවගෙන ඇවිත් තුරැළු වෙන්න බැරි ද ඉතිං...
ලංකර දෙතොල් උණුහුම දෙතොලඟට තදින්...
ගුලි වී වෙලී ඉමු අපි නොගැලවෙන ලෙසින්...

මෝරණ කලට හිත යට ආලේ තදට...
බණ්ඩක්කා මොරණවා වැනි යලට....
ලංකොට තුරුළු කොට ඉන්නට බැරි පවට...
දුන්නේ වැඩිය ලං වෙන්නට දකුනතට...

දෙන්නට පපුව සතපා නෙක හංස රැඟූම්....
ලංවෙමු තුරුල්ලට ගෙන හද තුල ආල රඟුම්...
පාදා තුරුණු ළැම රඟදෙන රුහිරු පෙමන්..
එනවා ලඟදී දකිනට මුදු හංස රෑඟුම්...

දනවා හදවටත රස පිරි හැඟුම් ලයේ...
නුඹ ගැන හදේ පිරි ආලය දැඩිව තියේ...
ඉන්නට තුරුළු වී දවසක නිසල රැයේ...
සිත තුල කිව නොහැ කි තව තව දේ ද තියේ...

ගලවා සිරව ඇති තිසරුන් හනික අතින්...
ලෙලවා දෙකොන ඈතට ගෙන මළවිසරින්..
හිදුවා දෙපා පාදා අඩ සඳ මැනැසින්...
විඳිනට හිතයි රස විල හිත ඇවැසි ලෙසින්...

අඬ සඳ වගේ බාගෙට නැමි රස ගුල්ල...
ඇතැඟිල්ලට දැනෙන අම රස මසැවිලල්...
තෙත බරි ගතිය මතු වෙන කොට සැනසිල්ල...
කවදා මෙල්ල කර ගතහැකි වෙද දඟමල්ල...
 
දිව අග කොනට රස මසවුල්ලක් වැන්න....
අම රහ කිසිම දින නැහැ මට ලතැවිල්ල...
දෙතොලට දෙපස තෙත වුනි නම් නොම පල්ල...
ඇත්තට මැවේ ඔබ හා එක් වුනු කල්ල...

පුන් සඳ වගේ වටකුරු වට හොඳින් සැදු...
හාවා අයින් කර මැද්දට රවුම් යෙදු...
පිවිතුරු ගතිය දෑතට අසු නොවෙන බදු...
පුන් පියයුරට ලොබ නොබඳුනු කෙලස සුදු....

ගොමු ගොමු හඬට කන් දෙනු මිස නොම බඹරා...
තන් කල් බලා පැණි ගොමුවට මුව අතුරා...
රස තැන් බලා ඉව කර පැණි බොනු ඉඳුරා...
මම වෙමි නොවෙඳ නුඹේ හිත ගත් වල් බඹරා...

කවි සිත පුරා නුඹ හොල්මන් කරන විට...
පෙම් කවි අමා රස දහරක් ගලනකොට....
ගොනු කොට අකුරකට පෙන්වනු ලෙස එවිට...
වෙන මොන අනාවැකි කියනුද බැඳී පෙමට...

කවිකම ගන්නේ හද තුල රිද්මයට....
මම කවියෙකු නොවේ බැඳි පෙම නැතිනම් නුඹට...
හදවත පලා පෙරලා දුන්නත් අතට....
නුඹ පෙම තරම් නැහැ වටිනා දෙයක් මට...

කවිකම කලාවකි මම නිති ගරු කරන...
මැවෙනා සිත්තමකි පින්සලකින් අඳින...
සුන්දර රටා හැඩ තල එකිනෙක රැගෙන...
ගලපනු කෙලෙස කවියෙකු නොමවී ම වෙන..

සොඳුරුම සිත්තමක් ලෙස නුඹ සොඳුරුය මැණිකේ...
නුඹේ හිත මගේ හදවත් ගත්තා හනිකේ...
හදවත තරම් නුඹේ ලස්සන වෙන මොනකේ...
නැහැ මට කෙනෙක් හමුඋනේ නම් මයේ මැණිකේ...

දැල්වී පහන් වෙන වැටියක් ගෙන නෙතසිතින...
දැල්වෙනු වලක්වා නවතාලනු අතින....
අම්මා ඇවිත් නම් නොම යාහැකි කෙලෙස...
එහෙනම් ගිහින් හෙට දල් වනු හැකි ලෙසින

තුත්තුරි ගහත් ගස් වෙන කල් මේ ලෝකේ...
තටු නැති ගසකි නුඹ මට මේ තුන් ලෝකේ...
ලඟ නැති පවට හදවත නැගෙනා සොකේ...
ඉවසා දරා ඉමි නොලැඹුන පෙම් සෝකේ...

උදා වුනු හෝ වෙන්න තියන සිංහල දෙමළ අළුත් අවුරුද්ද සුභම සුභ එක්ක වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්... මගේ හිතවත් සහෝදර සහෝදරියෝ සියළුම දෙනාට...!!!

Saturday, April 6, 2013

ජීවිතය හැරී බලමි - හයවැනි පැටළුම



මේ ලොකේ අමාරුම කාරනේ ජිවිතේ අකුරු කරන එක....
හිමිවෙච්ච ආදෙර්ට වැඩිය අහිමි උන ආදරේ ජීවිතේට වද දෙනවා...
හිමි වෙච්ච ආදරේ ගේන පීඩනය...
අහිමි ආදරේ අහිමි වීම ගැන දුක් වේදනා වැඩි කරනවා...
සමහර විට ඒක...
“එයා හිටියා නම් මෙහෙම වෙන එකක් නැහැ වගේ හැඟීමක්“
ආදරේ හැමදාමත් ගුප්තයි...
විවිධයි.. විෂමයි....
අපි හැමදාම අතරමං වෙන්නේ නොලැබිච්ච ආදරේ ලැබුන දේත් එක්ක සංසන්දනය කරන්න ගියාම... අවුරුදු දෙකකට වැඩි කාලයක් පුරාවට නොලැබුනු ආදරේ ගැන කථා කරන හැම මොහොතකම ලැබුනු ආදරේ ජීවිතේ අතරමං වෙනවා...
ඒ නිසාමයි මේ ගැන කථා නොකරන්න හිතුවේ...
ඒත් ආරම්භයක් ඇතොත් අවසානයක් දැකිය යුතුමයි....
ඒ නිසාමයි නැවතත් “ජීවිතය හැරී බලමි“ කථාවේ තවත් කොටසක් ලියන්න හිතුවේ.... අපි පටන් ගත්තේ මෙතැනින්.... ජීවිතේ හැරී බලමි 1 , 2, 3, 4, 5
                                                 -----------------------------------
“අනු“ ඈතට ඈතට යනවා දැක්කා.... ඇස් දෙක බොඳකර ගෙන මුන පුරා ගලන වැහි වතුර අතරින්..... ඈතට ඈතට යන්න යන්න බොඳ වෙලා යන “අනූ“ දිහා මම බලාගෙන හිටියා....
“ඒයි වරෙන් යන්න“.... සුදු අක්කාගේ මහත්තයා......
ඒ ආරාධනාව පයිසෙකට මායිම් නොකර වේගෙන් ඇදිලා ආපු බස් එකට අතදැම්මා....
සුපුරුදු නවාතැන.....
ජානක මහත්තයා මොකද මේ ලේ හැමතැනම......
කාණුවක වැටුනා බං....
ගල් කාලයි..බියර් එකයි..... කඩල ඩෙවල් එකයි......
ඇස් දෙක බර වෙන කොට ඇස් කෙවෙනි අතරින් කඳුළු බේරුනේ අද “අනු“ ව දකින අවසාන දවස කියලා හිත පිළිගත්ත හින්දා.....
අනිවාර්යෙන්ම “අනු“ හෙට ඉඳලා වැඩට එන්නේ නැහැ......

මල්ලි යා..... තව ගල් කාලක්.......
මුලු ලොකේම කැරකෙන කොට හිත එක තැනක නතර වෙලා.... “අනූ“...... ජීවිතේ පුරාවට දැනුන ආදරේ..... වින්ඳ ආදරේ....
හැමදාම මතක් වෙන සුවඳ ආදරේ......
                                              ------------------------------------------
මම හැමදාම උදේ බත්තරමුල්ලේ අයිටීඑන් හංදියට වෙලා බලාගෙන හිටියේ එක සැරයක් මුන දැකගන්න.....
ඒත් “අනූ“ කවදාවත් අවේ නැහැ... හැමදාම උදේට වැඩය යන්න කලින් බත්තරමුල්ලේ අයිටීඑන් හංදියට යන එක මගේ දිනචරියාවක් බවට පත්උනා.....
කාලේ ගෙවිලා යනවා....
හැමදාමත් වගේ බලාගෙන හිටියා මගේ “අනූ“ එයි කියලා....
 එත්... ඒත්....
එයා කවදාවත් අවේ නැහැ.....

මිස්ටර් ජානක.. මේ වැඩේ කරන්න බැහැ...
බලන්න මේ මාසේට ඔයා දවස් 23 ක් හාෆ්ඩේ... කොහේමද මෙහෙම වැඩ කරන්නේ......
තමන්ගේ පෞද්ගිලක ජීවිතෙයි රස්සාවයි පටගලන්න එපා ජානක....
රස්සවාට මුල් තැන දෙන්න...
දන්නවා නේ රස්සවා නැති උනොත් ජීවිතයක් නැහැ......

මට මේ උලව්වෙන් වැඩක් නැහැ මාලි මිස්....
මගෙ ජීවිතේ නැතිවෙලා ඉවරයි....
අපි හීන මැව්වේ එකට.... එකම හීනෙක ජීවත්වෙන්න....
සමාවෙන්න මාලි මිස්....
“අනූ“ නැතිව ජීවිතයක් ගැන හිතන්න බැහැ මට....

ජානක... තරුණ කාලේ ආදරේ ඔහොම තමයි ළමයෝ... ලංවෙනවා... ඈත් වෙනවා.... ඒ හැටි.... එහෙම තියලා ජීවිතේ වරද්දගන්න එපා.....
මම මෙච්චරවත් ඔයා ගැන වද වෙන්නේ මමත් තරුණ කාලේ ආදරේ කරලා තියන නිසා... ඔයාගේ වේදනාව මට දැනෙන නිසා.....
ඒත් ජානක රස්සාවයි ජීවිතෙය් පටලගන්න එපා...
මේ ඔයාට දෙන අනිත්ම අවවාදේ......
                                                      --------------------------------------
කාලය කියන්නේ හැම දේටම හොඳම විසඳුම... එත් මගේ ජීවිතේට ඇර...... හැමදාමත් වගේ මම උදේ පාන්දර ජයවඩනගම හන්දියට ගියේ “අනූ“ එයි කියන බලාපොරොත්තුවෙන්.... හැමදාම.. හැම උදේම.....
ඒත් “අනූ“ ආවේ නැහැ.. කවදාවත්......

නැවතිච්ච ජීවිතෙන් ගලා යාමක් හොයන්න තරම් මම මෝඩයෙක් අනේ නැහැ.... ඒ වෙනකොට හදවත හැර අනිත් චලනය වෙන හැම දෙයක්ම නැවතිලා තිබුනේ... අතරමං වෙච්ච හීන අතරේ බොඳු උන බලාපොරොත්තු ජීවිතේ ජීවත කරවයි කියපලා මම හීනෙකින් වත් හිතුවේ නැහැ... බොඳ වෙච්ච හීන කටු අතරේ හිර කරගත්ත ඇස්.. වැහෙන වාරයක් පාසා දැනුනේ මහ කටුක වේදනාවක්... ඒත් ඒ වේදනාවට මම ආදරේ කලා....
ඇඟිලි හිල් කරපු ඉඳිකටු තුඩු වලින් ලිව්වේ අනුගේ ආදරේ අකුරු...
සුදු පාට කොල රතු වෙනකම්ම අනු ගේ ආදරේ අකුරු කලා...

මේ දේ කරන්න බැහැ ජානක...
ඔයාට තීරණයක් ගන්න වෙනවා....
මේ විදයට මට මේක පාලනය කරන්න බැහැ...
එක්කෝ ඔයා හැමදේම අමතක කරලා වැඩ කරන්න ඕනේ...
නැත්තන් අකමැත්තනේ උන්ත ඔයාව අස්කරන්න මට සිද්ධ වෙනවා...
උඹ හිතන්නේ මේ රස්සාවට මම ආදරෙයි කියලාද...
පිස්සෙක් ගෙන් ජීවිතේ හොයන්න හදන්න එපා...
මටග් ජීවිතේට වටිනාකමක් නැති මට...
මේ රස්සාව කොච්චර වටිනවා නියලාද උඹලා හිතන්නේ...
මම දන්නවා...
උඹලට අනුව මම පිස්සෙක්...
මම පිස්සෙක් විදයටම ඉන්නම්....

දෙයියන්ගේ නාමෙට මට ජීවිතේ කියලා දෙන්න හදන්න එපා....

උන්ට රස්සාව තියාගන්න කියලා මම පාරට බැස්සා...

Wednesday, September 26, 2012

භාර්යාවට ලියමි.. (ගෑණුන්ට විශේෂය.. පිරිමි බැලුවාට කම් නැත)


 මාගේ ආදරණිය භාර්යාව වෙතය,

පසුගිය අවුරුද්ද තුල මම ඔයා එක්ක කායික සම්බන්ධතා ඇතිකරගැනීමට තුන්සිය හැටපස් වාරයක් (සාමාන්‍යයෙන් දිනකට එක් වරක් බැගින්) උත්සහා ගත් බව ඔයා හොඳාකාරවම දන්නා දෙයකි. එම අවස්ථාවන් මග හැරීමට ඔයා ඉදිරිපත් කල නිදහසට කාරනා ලැයිස්තුව පහත සඳහන් කරමි.

1. අද හොඳ නෑ (නරක දවස්)                        - දින 36
2. කොන්ඳ රිදෙනවා                                   - දින 28
3. ඔලුව කකියනවා                                     - දින 25
4. ඔයාට පිස්සුද මේ මහ දවල්                        - දින 16
5. බඩ රිදෙනවා                                         - දින 27
6. දතක් කකියනවා                                    - දින 04
7. අද නම හරිම මහන්සියි අනේ                     - දින 30
8. මෙහෙම දාඩිය දානකොට පුලුවන් ද            - දින 09
9. සොන ජරාවක් බීලාද දන්නෑ, ගඳේ බැහැ      - දින 16
10. පොඩි එකා ඇහැරෙයි                             - දින 18
11. අල්ලපු කාමරේ ඉන්න නෑදෑයන්ට ඇහැරෙයි - දින 18
12. පෙති ඉවරයි ගෙන්න අමතක උනා             - දින 05
13. අද හරියට රෑ උනා වැඩියි                         - දින 06
14. හෙට පාන්දර නැගිටින්න තියනවා              - දින 04
15. බොරුවට නිදාගෙන වගේ සිටීම                - දින 44
16. පෙත්ත ගන්න අමතක උනා                      - දින 05
17. ඇයි වදේ ඔයාට ඕකම විතරක්ද ඕනේ හැබෑට - දින 67
                                                              ------------
                                                               දින 358
අකැමැත්තනේ වුවුද බලහත්කාරයෙන්              - දින   07
                                                              ------------
                                    එකතුව              - දින 365
                                                             ========
ඉහත සඳහන් කරුණූ ගැන මනා සංයමයකින් කල්පනා කොට අසරණ මා වෙත මේ අවුරුද්දේ වත් මෙම වැඩපිළිවෙල සාර්කත ලෙස කරගෙන යාමට සහයෝගය ලබාදෙන මෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි.

මෙයට ඔබේ ආදරණිය
ස්වාමී පුරුෂයා

ප.ලි :-
ගොඩක් වෙලාවට ඔයා ඔයාගේ ඉල්ලීම් ඉල්ලන්න පාවිච්චි කරන්නේ ඇඳ.. මම ඇඳට එන්නේ එකතුවෙන්න බලාගෙන.. ඔය බලාගෙන ඉන්නේ එකතු කරගන්න... එහෙමත් නැතනම් මොකක් හරි පැමිණිල්ලක්.. සැකයක් විසඳගන්න... 
මතකද.. එදා මගදී ඔයා මගේ ඇහැව්වා...
ඇයි ඔෆිස් ගිහින් මට කථා නොකලේ කියලා.... ඇයි දෙයියනේ ඔයාට ඒ වෙලාවටවත් බැරිද මා ගැන තියන සැකේ අතෑරලා හිතන්න.... දෙයියන්ගේ නාමෙට බුදියගන්න එකවත් සැකයක් නැතිව බුදියගන්න..එක්කෝ ඇඳට එනකොටම ඔයා කියන්නේ අපේ අම්මාගේ වැරැද්දක්.. එක්කෝ අඩුපාඩුවක්... ආදරේ කරන්න නෙමෙයි මුලු පවුල් ජීවිතේම එපා වෙනවා ඒ වෙලාවට නම්...

ඔයා දන්නවා මම කොයිතරම් ඇකැමැතිද කියලා ඔයා වහලේ උළු ගනින එකට.. කොච්චර කිව්වත් ඔයා අහන්නේ නැහැ නේ... ඇත්තමයි මට වෙලාවකට මේ දේවල් එපා වෙනවා...

බලන්න ඔයා ඉස්සර කොච්චර ලස්සනට අඳිනව.. හැඩයිද.... දැන ඔයාගේ හැටි... ලබ්බට කොටු ගහලා වගේ.. මුලු ඇඟම බැළුම් බෝලයක් මැදින් නුලක් ගැටගහලා වගේ හැඩයි... 

උදේට දකින්නෙත් හවසට දකින්නෙත් පපුව බඩේ තියාගෙන ඉන්න ඔයාව... ඇයි ඔයාටත් බැරි අර අල්ලපු ගෙදර සීතා වගේ ලස්සනට ඇඳලා කරලා ඉන්න.. .ඔයාට කිවවාම ඔයා කියන්නේ “ඇයි දෙයියනේ තමුසටෙ ඒක විතරද පේන්නේ.. උදේ ඉඳලා රෑ වෙනකම් ළමයි එක්ක මහන්සිවෙන එක තේරෙන්නේ නැද්ද ?“ කියලා... මට තේරෙනවා... ඒත් මමත් කැමතියි මගේ ගෑණි ලස්සට පිළිවෙලට ඉන්නවා දකින්න... මමත් හැඟීම් දැනීම් තියන මනුස්සයෙක්..

(ඊයක් සහ තවත් ටිකක්)
(අත්දැකීම් බෙදාගන්න ඉඩ)

Monday, June 25, 2012

පුර්ව මධු සමය හා පශ්චාත් මධුසමය.....


(ඡායාරෑපය අන්තර්ජාලයෙනි)

අද නැවතත් කථා කරන්න යන්නේ ටිකක් පට්ට ගහපු කාරණයක්... නමුත් නැවත නැවතත් යම් යම් අදහස් මතුවෙන් නිසා නොලියාම බැහැ කියලා හිතුනා.... ඇත්තටම මේ සඳහා මුල් උනේ අපේ "නුතනයා".. නුතන මල්ලිගේ ‍මුනු පොතේ පොස්ට් එකටද දාන්න ලටන් ගත්ත කමෙන්ටුව පොස්ට් එකක් කරලාම ඉවර කරන්න හිතුනා.....

බොහෝ විට අපි ආකර්ෂණය පටලවා ගන්නවා ආදරය කියලා.... මේ ගැන මම ප්‍රේමය නම් රාගයෙන් තොර..? කියන පොස්ට් එකේදීත් කථා කලා.... 
 අපි හොඳටම දන්නවා අපි තුල තියෙන්නේ ආකර්ෂණයක් කියලා... ඒක විවිධ හේතුන් මත වෙන්න පුලුවන්...

* මුදල්.. තත්වය...දේපල මත
* භාහිර ස්වරෑපය මත
* ජනප්‍රියත්වය සමාජ තත්වය මත
* ලිංගිකත්වය මත

මේ වගේ විවිධ හේතුන මත අපි එකිනෙකා කෙරෙහි වෙන ආකර්ෂණය, ආදරය කියලා පාට කොලේක ඔතලා පෙන්වනවා....

ආකර්ෂනය හරහා තමයි ආදරය ඇතිවෙන්නේ..... මේ ටිකක් හිතලා බලන්න අපි ආදරය කරනවා කියන්නේ මොකක්ද.... අපි කෙනෙක් ගෙන් ඇහැව්වොත් තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතා එහෙමත් නැත්නම් ස්වාමියා හා බිරිඳ තමන්ට ආදරේ කරන්නේ කොහොමද....?
එහෙමත් නැත්නම් අපි කෙනෙක්ගෙන ඇහැව්වොත් මොක්ක්ද ආදරය කියන්නේ කියලා ඔය තර්කයේ අවසානය වෙන්නේ යම් යම් ක්‍රියාකාරකම් සමුහයක්.. එකිනෙකා වෙනුවෙන් කරන... උදාහරණයක් විදියට....

*එකිනෙකාගේ හිත් සතුටින් තියනවා...උදා - එයා කැමති විදියට ඉන්නවා.... එයා අකැමැති දේ කරන්නේ නැහැ.....
* එකිනෙකා වෙනුවෙන් පෙනී ඉන්නවා උදා - ලෙඩකදි දුකකදී.. එහෙමත් නැත්නම් වෙන ප්‍රශ්ණයකදී...
* ඇහුම්කන් දෙනවා... උදා - එයාට ප්‍රශ්ණයක ආවාම ලඟ ඉඳගෙන උදව් කරනවා.... දුකක් නම් බෙදාගන්නවා... ශක්තියක් වෙනවා....
* ලිංගික වශයෙන් එකිනෙකා ගේ අවශ්‍යතාවයන් ඉෂ්ධ කරනවා.....

මේ වගේ බොහෝ දේ අපිට ලැයිතුගත කරන්න පුලුවන්....මේ හැම දෙයක්ම කරන්නේ ආදරය නිසා කියලා අපි කියනවා... ආදරයි නිසා අපි මේවා කරනවා කිව්වට ආදරය කරන්නේ හෝ ආදරය දැනෙන්නේ කොහොමද කියන කාරනාව ගැන කථා කරනකොටත් කියන්නේ මේ වගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් ආදරය දැනෙනවා කියන එක...

ඒ කියන්නේ ආදරය යනු එකිනෙකාගේ අවශ්‍යතා මත සිදුවන්නා වු ක්‍රියාකාරකම් සුමුහයක් ද ත් කියලා හිතෙනවා....
සමහර අවස්ථාවලදී මම අත්දැකලා තියනවා කාන්තාවන් විවිධ ආකාරයෙන් මේක විග්‍රහ කරන්න උත්සහා කරන .. කාරනා විදියට ගත්තොත් ඔවුන් පිරිමියෙක් කෙරෙහි ආකර්ෂණය වෙන හේතුන් කීපයක් තියනවා... නමුත් ඒ ‍අදහස් සියල්ලේ හරය පොදු අදහසක් විදියට හැඟෙන්නේ ඔවුන් බලාපො‍රොත්තු වෙන පිරිමියෙක් විසින් කරනු බලන්නා වු විවිධ වු ක්‍රියාවලින් සමුහයක් මගින් කාන්තාව ඔහුට ආකර්ෂනය වෙනවාය කියන එක..... මම කියන්නේ නැහැ පිරිමියා එහෙම නැහැ කියලා....
 
මේ හැම දේම ක්‍රියාකාරකම්... තනි තනිව ගත්තත් පොදුවේ ගත්තත් කෙනෙක් තමන් වෙනුවෙන් ඉන්නවා කියන හැඟීම ඇතකරන ක්‍රියාකාරකම්... එතකොට කෝ ආදරේ..... 

ගැහැණිය හා  පිරිමියා ආකර්ෂණය (ආදරය) වඩාත් වැඩිම කාලය තමයි පෙම්වතුන් විදියට ගෙවන අවදිය... මේ කා‍ලයේ දී විවිධාකාරයෙන් තම තමන් කෙරෙහි පවතින්නා වු ආකර්ෂණය වැඩි කරන ක්‍රමවේයන් අනුගමනය කරන්න පෙළ‍ඹෙනවා..... තම තමන්ගේ ගති පැවතුම් වෙනස් කරමින්... වෙනස්ම චරිත මවාපාමින්... තම තමත් ඉදිරියේ පාරිශුද්ධත්වය පෙන්නමින් දෙන්නාට දෙන්නා රවට්ට ගන්නවා... ඒ වගේම පිරිමියා බලන්නේ ලද හැම අවස්ථාවකම කාන්තාව තෘප්තිමත් කරන්න.... ඒ සඳහා විවිධ උපක්‍රම අනුගමනය කරනවා.. විශේෂයෙන්ම බටහිර තරුණිය සාපේක්ෂව ලාංකික තරුණිය පුර්ව ලිංගික අත්දැකීම් වලින් අඩු මට්ටමක ඉන්නේ... මුල් කාලේ සුළු ස්පර්ශයක් පවා ඇය යම් වින්ඳනයක් ලබනවා...

හොඳට හිතලා බලන්න මේ කාලේ ඉඩක් ලැබෙන හැම අවස්ථාවකම බලන්නේ මොන විදියට හරි "පුට්ටු" වෙලා ඉන්න... පාරේ යන්නේ අත්බැඳගෙන... වම් අත කරට දාගෙන එක්කෝ ඉන වටේ පටලෝගෙන.. අනිත් අත් දෙකේ ඇඟිලි පටලෝගෙන..... පන්සලේ පල්ලියේ ‍ආදී කිසිම තැනක් නැතිව ඉඩක් ලැබෙන හැම අවස්ථාවකට සිපගැනීම්.. වැළඳ ගැනීම් අඩුවක් නැහැ....කාලේ තමයි කොල්ලා දන්න වැඩ කෑලි ඔක්කොම දාලා කෙල්ලව අල්ලගන්නේ..මේ කාලේ කොල්ලෙක් හැම තිස්සේම ඉන්නේ කෙල්ල තමන්ව දාලා යයි කියලා....

මම ලියපු නිදියහනේ නැහැ සහනේ කියන පොස්ට් එක කියවපු කෙනෙක් මගේ මෙහෙම ප්‍රශ්ණ කීපයක් අහලා තිබුනා.....

* ආදරේ නැතිව ලිංගික වශයෙන් එක්වෙන්න පුලුවන්ද...? 
ආදරේට විතරක් ප්‍රානවත් වෙන්නේ මේ ලොකේ මිනිස්සු සල්ලි දීලා බඩු ගහන එක්ක නැහැ. මේ ලොකේ ගණිකාවෝ ඉන්න එකකුත් නැහැ. ගෑණු වෙන මිනිස්සු පස්සේ යන එකකුත් නැහැ. මිනිස්සු හොර ගෑණු පස්සේ යන එකතුත් නැහැ.... ස්ත්‍රී දූෂණ වෙන එකකුත් නැහැ.... තාත්තලා නැති ලමයි හම්බෙන එකකුත් නැහැ... අම්මලා ඉපිදිච්ච ගමන් දරුවන්ම මරලා දාන එකකුත් නැහැ... ඔය කියන්න පුලුවන් හොඳ තේරෙන විදියට කිව්වේ...මේක තමයි ලෝක ස්වාභවය...තේරුම් ගන්න.
ඇගේ දෙවනි ප්‍රශ්නේ උනේ....

* එහෙනම් මොන දේකට ද කසාද බදින්නේ....අපි අපිව රවටන් බොරු කරන්නෙ ඇයි.. ඇයි විවාහ නොවී දෙන්නට එකට ජීවත් වෙන්න බැරි...? 

කාසාද කියන්නේ සාමාජ බැඳීමක්... අපි විසින් හදාගත්ත සම්මතයක්. සංසර්ගය නීතිගත කීරීමක්... හරියට ****** දෙන ලයිසන් එකක් වගේ... කසාද බැන්ඳා හෝ නොබැන්දා සංසර්ගයෙන් ලමයි හම්බවෙන්නේ නැද්ද..? හම්බවෙනවා.....ඒත් ඒ ගෑණු කෙනත් පිරිමි කෙනෙක් ඒ දරුවා තමනගේ දරුවෙක් කියලා පිලිගත්තාට....සරුවගේ උප්පැන්නේ සඳහන්වෙන්නේ මව්පියන් අවිවාහක කියලා නම් සාමාජය ඒ දරුවට කියන්නේ අවජාතක කියල....හැබැයි ඒ දෙන්නා පස්සේ කාද බැන්ඳොත් ලමයාගේ අවජාතකත්වය.. සුජාත වෙනවා....නමුත් ඇත්තටම ලමයා කසාද බැන්ද පුද්ගලයාගේ නොවෙන්න පුලුවන්.... නමුත් විවාහය නිසා දරුවගේ ජාතකේට වැරදි සුජාතකත්වයක් ලැබෙනවා.....මොකක්ද ඒකේ සාධාරනේ.....

මේ ගැනම කථා කරපු තවත් ලිපියක් තමයි නොබැඳපු උන් දන්නේ නැති.. බැඳපු උන් තියන්නේ නැති කථාවක් කියන ලිපියත් කියවන්න.....

ඒ වගේම තමයි ආදරේ නැතිව බඩවෙන හැටි ගැන ලියපු ලිපිය.....

විවාහ වෙච්ච අලුත ආදරේ යේ රහ ගැන කථා කරපු බාහුම් සහස්ස කියන ලිපිය...

පෙම්වතුන් පෙම්වතින් විදියට ගෙවන කාලේ ලබන ලිංගික අත්දැකීම් ගැන කියවෙන උස්සන්න කලින් මේ ගැනත් හිතන්න කියන ලිපිය...

විචාරයට ඉඩ....
*
*
(හුදෙක්ම ජීවිත අත්දැකීම් ඇසුරෙන් ලියන ලද්දක් පමනක් බව කරුනාවෙන් සලකන්න)

අරකේ ඉතුරු ටික බලාගෙන හිටය උන්ට තව ටිකක් ඉන්න වෙයි වගේ.....

Saturday, April 28, 2012

ගෑණියෙක්ව සතුටු කරන්න පුලුවන් ක්‍රම 45 ක්.....


මේ සටහන් තිබුනේ අන්තර්ජාලේ... මුනු පොතේ පිටුවක....... කියවලාම ඉතුරු ටික කථා කරමු....
ඔබේ පෙම්වතිය වැඩිපුරම කැමති, ඒ වුණත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45 ක්. 
1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.
2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.
3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.
4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.
5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.
මේ දේවල් අමතක කරන්නත් එපා . . .
6. ඇයව වැළඳගන්න.
7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.
8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.
9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.
10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න.
නිදහස් තැන්වලදී . . .
11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.
12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.
13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.
14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.
15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා.
ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?
16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.
17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.
18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.
19. ඇය ලස්සන බව ඇයට පවසන්න.
20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න.
ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න
21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.
22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.
23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.
24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න
25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි.
ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා
26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.
27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.
28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.
29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.
30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි.
ඉතිරියත් කියවන්න, ඔබට මේ කරුණු වැදගත් වේවි
31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.
32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.
33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.
34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.
35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි
ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න
36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.
37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.
38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.
39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.
40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න.
ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.
41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න.
42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.
43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.
44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.
45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න........................
(ගෙඩිය පිටින්ම උපුටා ගැනීමකි......)
මේක කියෙව්වාම මට හිතුන දේ තමයි ගෑණු කොයි තරම් Complicated  ද කියලා.. මේක ලිව්වේ කව්ද කියලා පැහැදිලි නැති උනත් මේ කියන බොහෝ දේ ඇත්ත නේද කියලා කල්පනා කලාම... එහෙමත් නැත්නම් අත්දැකීම එක්ක සංසන්දනය කලාම හිතෙනවා.... හිතලා බලන්න... ඔබට මේ දෙවල් වලට මුන දෙන්න වෙලා නැද්ද..
ඔබ කාර්ය බහුල උන වෙලාවක ඔබට ඇයගේ උපන් දිනය අමතක උනොත්...? එහෙමත් නැත්නම් ඔබගේ විවාහ සංවත්සරය අමතක උනොත්.... එහෙමත් නැත්නම් ඔබේ පලමු හමුවේ සංවත්සරය අමතක උනොත්..... ඇයගේ ප්‍රතිචාරය කොහොම වෙයිද...?
අපි මේ වගේ ලැයිස්තු වලට කියන්නේ Wish list එකක් කියලා... අපේ තරුණ කාලේ නම් අපි Favorite Book  කියලා එකක් යාළුවෝ අතරේ බෙදාගත්තා... ඒ අපි එකිනෙකා කැමති දෙවල් ගැන දැනගන්න...  මේ ලැයිස්තුව දැක්කාම මතක් වෙන්නෙත් ඒ වගේ දෙයක්....නමුත් මගේ පෞද්ගලික අත්දැකීම අනුව මේ කියලා තියන දේ හරි... ගෑණු...(ගෑණු කිව්වාම අදහස් කරන්නේ ගෑණු සතා කියන දේ. එහෙම නැතිව විවාහක අවිවාහක කියන දේ නෙමෙයි).... කොහොමත් මේ අච්චුවට ගැලපෙනවා.... 
දැන් මේක බලලා කියයි ගෑණු එහෙම තමයි සංවේදීයි... පොඩි දෙයක් පවා ගොඩක් හිතනවා.... පොඩි වෙනස් කමත් දැනෙනවා කියලා.... නෑ ඒක අසත්‍යක්...... ඒ පෙන්නන්නේ වෙස් මුනක්..... බොහෝ දෙනෙක් ඒ වෙස් මුනට රැවටෙනවා..... මේ වෙලාවේ මට මතක් වෙනවා ගොර්කිගේ “අම්මා“ පොතේ (මගේ මතකේ හොඳ නම්) තිබුන කියමනක්.... 
“දුමක් බීපන්.... ලස්සන කෙල්ලෙක් උඹට ආදරය කරනවාට කැමතිද..? ඔව් උඹ කැමති වෙයි.... උඹ ඇයගේ දෙතොල් ඉරැවොත්.... ඒකි උඹව මුලු ජීවිත කාලෙම බැඳ ගනීවී.... උඹට ඒකිගෙන් ගැලවෙන්න බැරි වේවි.... කෙල්ලෝ කියනවා උඹට පන වගේ ආදරය කරනවා කියලා.... එහෙම කියන එකියකට උඹ ඇල්පෙනෙත්ති තුඩකින් ඇණපන්.... එදාට ඇයි උඹගේ ආත්මය උනත් උදුරගන්න පැකිලෙන එකක් නැහැ“
මම හිතන විදියට මේක අදටත් වලංගුයි......
ඔබ හිතන්නේ පිරිමියෙක් කැමති දේවල් මේ වගේ Wish list එකක් ලිව්වොත් කොයි තරම් පේලි ගනනක් ලියන්න වෙයිද..?
බොහෝ පිරිමි ගැන කියන්න බැරි උනත් පෞද්ගලිකව මගේ ගැන ලියන්නම්...
1. ගැහැණියක් මට ඇහුම්කන් දෙනවා නම්....
2. උත්තර හොයනවට වඩා ප්‍රශ්ණේ බෙදාගන්න පුලුවන් නම්..
3. වැඩ ඇරිලා එනකොට හිනාවෙන් පිළිඅරගෙන තේකක් අතට දෙන්න පුලුවන් නම්...
4. පත්තරයක් බලනකොට ලඟට වෙලා නිහඬව ඉන්නවා නම්...
5. පොඩි ඩ්‍රින්ක් එකක් දානකොට බයිටක් හදලා දෙනවා නම්...
6. තනියට ලඟට වෙලා මම කියන දේ අහගෙන ඉන්නවා නම්....
7. මම ඇඳට එනකොට ඇහැරිලා බලාගෙන ඉන්නවා නම්....
8. මට කලින් මගේ ඇඟ උඩට එනවා නම්...
දැනට අමතක පස්සේ මතක් වෙයි කියලා හිතන තව දෙක තුනක් ඇරෙන්න වැඩි දෙයක් මගේ Wish List එකේ නැහැ.... වෙනත් පිරිමියෙක් ගත්තත් මේ දේවල් වලට අකැමැති වෙන්න විදියක් නැහැ... තව ඕනේම නම් කීපයක් එකතුවෙයි.
අපිට මේක මේ වගේ බොහොම සරළව කථා කරන්න පුලුවන් උනාට මේක අද පවතින සාමාජීය ගැටළුවක්.... එකිනෙකාගේ අවශ්‍යතා හඳුනා නොගැනීම.... මේ හේතුව හින්දා තමයි අවුරුදු ගානක් ආශ්‍රය කරලා... දිවට දිව තියාගෙන ආදරේ කරලා.... විවාහ වෙලා මාස ගනකින් පවුල් වල ප්‍රශ්ණ ඇතිවෙන්නේ... එහෙම වෙන්න ප්‍රධාන හේතුව තමයි ආදරය කරන කාලේ අපි එකිනෙකාගේ ඕනෑ එපා කම් සෙනේ සිතින් ඉවසුවට විවාහ උනාට පස්සේ එකම වහලක් යට ජීවත් වෙනකොට, දිගින් දිගටම එකම දේ සෙනේ සිතින් ඉවසනකොට ඒක නුරුස්සනා ගතියක් ඇති වීම.... ආදරේ පස්සා දෙරෙන් පලා ගිහින් ඉවසීම ඉස්සරහා දොරන් බැහැලා ගිහින් වෛරය.... එහෙමත් නැත්තනම් නුරුස්සන බව ඇති වීම.... මෙහි දෙවැනි අතුරු ඵලය වෙන්නේ අවිශ්වාසය...... දෙන්නා දෙන්නව අවිශ්වාස කිරීම..... ඒ වෙලාවට තමයි හිතෙන්නේ...“පෙම් ලොව දී දුටු ඔහුම ද මේ.... ඔහුටද මා අන්ධ උනේ කියලා...“.... හැබැයි .... පිරිමියාටත් ඔය දේම හිතෙනවා... ඔහු ඒක හංගගෙන ඉන්නවා....
එකඟ නොවෙන තැන් ඇති.... එන්න අපි කථා කරමු.... ආදරය කරන උන්ටත්... කසාද බැඳපු උන්ටත් තේරෙන භාසාවෙන් අපි කථා කරමු.....

Monday, April 2, 2012

ප්‍රේමය නම් රාගයෙන් තොර (එහෙම වෙන්න පුලුවන්ද...?)



ජීවිතේ කියන්නේ මහ පුදුම දෙයක්...ආදරේ කියන්නේ ඊටත් වඩා පුදුම දෙයක්...... ඇත්තමට ආදරේ කියනනේ මොකක්ද...?
අපි ජිවිතේ බොහෝ දේවල් වලට අර්ථකතන හොයනවා.... කාටද පුලුවන් ආදරේට අර්ථකතනයක් දෙන්න.....
ආදරේ කියන දේ වෙනමම අරගෙන.... මම හිතන්නෑ එහෙම හැකියාවක් තියෙයි කියලා... මොකද ආදරේ තනියම අර්ථකතනය කරන්න බැහැ... 

මම දැක්කේ බොහෝ දෙනා ආදරේ කියලා වරදවා වටහාගන්නේ ආකර්ෂණය...... සමහර විට අපි අහලා තියනවා වගේම කියලා තියනවා... අපි එකිනෙකා පතාගෙන ආවා කියලා.... පට්ට බොරුනේ...... 
සැබෑ ජිවිතයේ දී එහෙම වෙන්න පුලුවන්ද ? අපි කරන්නේ ආකර්ශණය සාධාරණිකරණය කරන්න වෙන වෙන ලේබල් අලෝගන්නවා...... 

බෙහෝ දේ නිසා ආකර්ශණය ඇතිවෙන්න පුලුවන්..... 
සලමන් ඛාන්ට ඇයි ගෑණු ළමයි ආදරේ කියන්නේ...... ඒ ආදරේ නිසාද... නැහැ ආකර්ශණය..... එක්කෝ රූපෙට... නැත්නම් සල්ලි වලට......
මම ගෑනු ළමයින්ගෙන් ප්‍රශ්ණයක් අහන්න කැමතියි...
කට්ට කළු..... ෆුල් තට්ට..... දික්කසාද චෙව්ව මනුස්සයෙක් කසාද බඳින්න කිව්වොත් මොකද කියන්නේ ....?
කැමති වෙනවද...... ?
හිතට එකඟව පිලිතුරැ දෙන්න......

හැබැයි මේ පුද්ගලයා ලෝක පුජිත නම්..... පුපුරන්න සල්ලි තියනවා නම්..... අකැමැති නොවී ඉන්නවද....? ඒ විවාහ වෙන්නේ ආදරය නිසාමද......

දැන් හිතන්න එපා මම ආදරේ හෑල්ලුවට ලක් කරනවා කියලා.....

නැහැ මම ආදරේ හොඳට දන්නවා... හඳුනනවා.....මම දකින්නේ ආදරේ කියන්නෙ සමීකරණයක්....

බොහෝ අයට අරියට විසඳගන්න බැරි උන....

(කැපවීම + විශ්වාසය) x ලිංගිකත්වය  = ආදරය

කැපවීම සහ විශ්වාසය තමයි ආදරෙයේ මුලික අඩිතාලම්.....

අපිට අපි අපි වෙනුවෙන් කොයි තරම් කැපවෙන්න පුලුවන්ද....මොකක්ද මේ කියන කැපවීම.....එකිනෙකාගේ අවශ්‍යතා වෙනුවෙන් කරන්න පුලුවන් කැපවීම....මානසික වගේම කායික වශයෙන්...... සරළව කිව්වොත් එක්නෙකා කොයි තරම් දුරට ඉවසන්න පුලුවන්ද...... එහෙම නැත්නම් එකිනෙකාගේ කැමැති අකැමැති දේ අපිට කොයි තරම් දුරට දන්නවද.... ඒ අනුව අපි වෙනස් වෙනවද කියන එක.....  මේ ගැන මම මීට කලින් ලියපු නිදියනනේ නැහැ සහනේ... කියන පොස්ට් එකෙනුත් කථා කලා... ඒකට ලැබුනු ප්‍රතිචාර අනුව මට හැඟුන දෙයක් තමයි බොහෝ දෙනෙක් එකිනෙකාගේ ඉතාමත් සරල අවශ්‍යතා හඳුනාගෙන නැහැ කියන එක....එහෙම නම් කොහොමද ජිවිත කාලයක් පුරා එකට ජීවත් වෙන්නේ....

අනිත් කාරනේ විශ්වාසය.... අපි එකිනෙකා කොයි තරම් විශ්වාස කරනවද...? කියන කාරණය..... විශ්වාසය කියන දේ අර්ථ දැක්වීම හරිම අමාරැයි..... අපි එකිනෙකාගේ වචන කොයි තරම් විශ්වාස කරනවද...?
ක්‍රියාකාරම් කොයි තරම් විශ්වාස කරනවද...?
හැබැයි විශ්වාසය මේ පදනම තමයි එකිනෙකා පිළිබඳ දැනීම.... ඒ කියන්නේ නැවතත් අපි එන්නේ මුලටම..... අපි එකිනෙකා ගේ ගැන කොයි තරම් දුරට දන්නවද කියන දේ....

මේ කියන පදනම් ශක්තිමත් වෙන්නේ කායික වශයෙන් තියන බැඳීම.... එහෙමත් නැත්නම් ලිංගිකත්වය.... එහෙමත් නැත්නම් ශාරීරික වශයෙන් තියන බැඳීම...... අපි කොයි තරම් පිළිගන්න අකැමැති උනත් ලිංගිකත්වය මත් තියන බැඳීම විවාහයට  ගොඩක් වැදගත්... අපි හැඟීම් දැනීම් තියන මනුස්සයෝ..... තමන්ගේ ලිංගික ජීවිතය තෘප්තිමත් නැත්නම් අපිට නොදැනීම අපි ඒ තෘප්තිය හොයාගෙන යනවා.... ආදරය මත පදනම් වෙලා විතරක් විවාහ ජීවිතය පවතිනවානම් අද මේ තරම් අපිට ගෑණු පිරිම භාහිර ඇසුරු හොයගෙන යන්නේ නැහැ නේද....? ආදරයි කියලා වරදාව වටහාගෙන මේ ලිංගිකත්වය මත පදනම් වෙච්ච ආකර්ශණය සම්බන්ධයෙන් මම උස්සන්න කලින් මේ ගැන හිතන්න කියන පොස්ට් එකේදිත් කථා කලා..

තරුණ කාලේ ආදරය බොහොම සුන්දරයි.... ආදරය වගේම විරහවත් බොහොම සුන්දරයි.....තරුණ කාලේ අපි එකිනෙකා කෙරෙහි ආකර්ශණය වෙනවා....හැඟීම් සහ ආකර්ශණයට අපි ආදරේ කියලා කියනවා.... 
තරුණ කාලේ විරහව හරිම සුන්දරයි.... ඒ දැනෙන හැඟීම දැනටත් විඳින්න තියනවා හිත ප්‍රිය කරනවා.... සමහර වෙලාවට අපි අපිට නොදැන්වත්වම ඒ විරහාවේ සුන්දරත්වය විඳින්න උත්සහා කරනවා..... 

තවමත් තේරුම් නොගිය ආදරය තේරුම් ගන්න උත්සහා කරන මම

~ බස්සා ~

Friday, November 18, 2011

බාහුම් සහස්ස මභිනිම්........

පහුගිය දවස් ටිකේම එකම ජාතියේ ලිපි කීපයක් ලිව්ව නිසා අද වෙනත් දෙයක් ගැන කථා කරන්න හිතුවා... මේක හේතු උනේ මුනු පොතේ තිබුන වොල් පෝස්ට් කිපයක්...විවාහය සහ ආදරය ගැන විවිධ මත ප්‍රකාශ වෙලා තිබුනා. ඒ හැම දෙයක්ම බැලුවාම මටත් හිතුනා මේ ගැන වෙනත් කොණයකිනුත් යමක් කියන්න ඕනේ කියලා. 

ආදරය.... ජිවිතේ අපි දකින අපි අහන්න කැමති, විඳින්න කැමති සුන්දරම වචනයක්.... අපි කොයිතරම් ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ දැකලා තියනවද, අපි ආශ්‍රය කරපු ආශ්‍රය කරන කිදෙනෙක් ආදරය කරලා තියනවද ? ආදරය කරන කාලේ සුන්දරත්වය අපි එක්ක බෙදාගෙන තියනවද ?.....නමුත් ඒ අයගෙන් විවාහ උනාට පස්සේ තමන්ගේ විවාහ ජීවිතය ගැන සුභවාදීව කථා කරනවද ? මේක ටිකක් විතර නීරස වෙන්න පුලුවන්....ඒත් මේ ගැන විවෘත්ව කථා කලයුතුයි....අපිට බොහෝ විට මේ වගේ ගැටළු විසඳගන්න බැරි වෙන්නේ විවෘතව කථා නොකිරීම නිසා....අද දවසකට සිද්ධවෙන විවාහ ප්‍රමාණයයි... දවසකට උසාවියේ විභාග වෙන දික්කසාද නඩු ප්‍රමාණයයි ගැන හිතන්න... ඇයි මෙහෙම වෙන්න හේතුව... කෙනෙක් ඇතුලට එන්නත්, තවත් කෙනෙක් පිට වෙලා යන්නත් උත්සහා කරන්නේ ඇයි....මේකයි මම මගේ ඇහින් බලන්න හදන්නේ...

බොහෝ විට ආදරයක් ඇතිවෙන්නේ අතරමගදි නිතර දකින, අපිට හමුවෙන, එහෙමත් නැත්නම් කාර්යාලයේදි, නැත්නම් පන්තියකදී දකින ‍දෙදෙනෙක්.... දැකීම තුල ඇතිවන සුහදත්වය ආදරයකට පෙරලෙනවා... බොහෝ විට මේ සඳහා මුල්වෙන්නේ පිරිමියා... කාන්තාව මුල් නොවුනත් පිරිමියාව පොළඹවනවා...ආදරය පටන් ගන්කොට බොහෝ විට කියන්නේ “අපි දෙන්නා සංසාරේ පතාගෙන ආපු විදියට හමුවුනේ“...“ජිවිතේ පුරාම මම ඔයා ලඟින් ඉන්නම්“ “ ඔයා නැති ලෝකයක් ගැන හිතන්නවත් බෑ“....මිල්ටන්ලගේන් පටන් අරන් නාමල් ලා දක්වා තියන සිංදු කෑලි ඔක්කොම ලියනවා...දැන් නම් ඇස් ඇම් ඇස් කරනවා....හැබැයි මේ කියන්නේ ඇත්තටම ඇතිවුනු ආදරයක් ගැනද....ආදරයක් ඇතිවෙන්න කොහොමද.... මොකක්ද මේ ආදරේ.....මොනාද දෙන්නා දෙන්නා ගැන දන්නේ.....


මම දකින්නේ මේ ඇතිවෙන්නේ ආදම් සහ ඒවා කථාව වගේ ඉතිහාසයක් තියන විරැද්ධ ලිංගිකයන් කෙරෙහි තියන ආකර්ෂණය.....ආදරයක් කියන්නේ මොකක්ද... ආදරය පටන් ගත්ත ගමන් මුලින්ම යන්නේ තනියම කථා කරන්න... හොඳයි දෙන්නට දෙන්නා අදහස් හුවමාරැව තුල දෙන්නා අදුනාගන්න හැකියාවක් ලැබෙනවා.... නමුත් කථා කරන්න කියලා යන්නේ චිත්‍රපටියක් බලන්න... ඒ යන්නෙත් “බොක්ස්“ එකකට... නැත්නම් කාමරේකට... එහෙමත් නැත්නම් කොහේ හරි “නිදහස්“ තැනකට....ඉන් පස්සේ අදහස් හුවමාරැකරගැනීමේ මුලික පරමාර්ථය යට යනවා... ස්පර්ශයන් තුලින් ලබන තෘප්තිය හොයාගෙන යනවා... අතුල්ලා ගැනීම්..උලාගැනීම් සහ උරාගැනීම් වලින් දවස අවසන් කරනවා....අද විහාරමහා දේවි උද්‍යානයේ ගස් අස්සට වෙලා මේවගේ කීදෙනක් ආදරය හොයනවද ? ආදරය කරන්න පාලු තැනක් විය යුතුමද ? එතැන් පටන් දෙන්නට දෙන්නා ආදරය කියලා හිතාගෙන යන්නේ මේ හැඟීම් සන්තර්පනය නෙමෙයිද ? ආදරය නම් හැට්ටේ අස්සේ අත දාගෙන හොයන්නේ මොනවද ? එහෙමත් නැත්නම් කලිසමක් අස්සේ අත දාගෙන දෙන්නේ ආදරය ද ? හැබැයි මේ ගැන කවුරැවත් කථා කරන්නේ නැහැ....ලැබෙන හැම මොහොතකමත් හමුවෙන්න උත්සහ කරනවා... කියන්නේ මට ඔයාව නොදැක ඉන්න බැහැ රත්තරන් කියලා... නමුත් මේ ඇත්තමද ? පිරිමයා හැම විටම උත්සහ කරන්නේ තමන් දන්න හැම සෙල්ලමම දාලා තමන්ගේ සහකාරියව ලිංගික වශයෙන් සන්තර්පනය කරන්න... මේ විදියට ඇරඹෙන මේ නාටකය කෙලවර වෙන්නේ අපි දැන් බඳිමු රත්තරං.. මට ඔයා නැතිව නින්ද යන්නෙ නැහැ... කියන තැනින්.... විවාහ ජීවිතය ආරම්භ කරනවා.....හැබැයි මේ දෙන්නම විවාහයේ පදනම හරිහැටි තේරැම් ඇතුව විවාහ වෙනවද කියන ප්‍රශ්ණය ඇතිවෙනවා....

පවුල් ජීවිතය ඇතුල් වුනු මුල් කාලය හරිම සුන්දරයි... රහසේ උන දේවල් නිදහසේ කරගන්න අවස්ථාව ලැබෙනවා.... මුල් අවුරුද්ද තමයි විවාහයේ සුන්දරම කාලය... කන්නේ එකට... ස්වාමිපුරැෂයා වැඩ ඇරිලා එනකම් කන්නේ නැහැ.... තේ කෝප්පේ බෙදාගෙන බොන්නේ..... නාන්නේ එකට... එයා මෙයාගේ පිට අතුල්ලනවා... මෙයා එයාගේ පිට අතුල්ලනවා..... ක්‍රියාකාරකම් තුල අමුතුම සුන්දරත්වයක් මවාගන්නවා..... මේ ආදරයද ? 


නමුත් මේ එකම දේවල් දිගින් දිගටම වෙනකොට මේ දේවල් ටික ටික එපාවෙන්න... අර මුලින් තිබුන රසය නැතිවෙනවා.... අදත් පරක්කුයිනේ... මට බඩගිනි... මම කනවා.... බැඳපු අලුත දෙන්නම එකට ඇඳට ගියත් ටික කාලයක් යනකොට මහත්තයා “මුවී“ එකක් බලනවා.. නෝනා නිදිය ගන්නවා...නෝනා උදේ පාන්දර නැගිටිනවා උයන්න... බැදපු අලුත මහත්තයාත් නැගිටිනවා... ටික කාලයක් යනකොට මහත්තයා නිදි.. නෝනා විතරක් නැගිටලා උයලා දෙනවා..... රෑට නෝනා ඉක්මනට නිදියනවා... උදේ ඇහැරෙන්න....දෙන්නා වෙලාවල් දෙකකට වැඩ කරන්න පටන් ගන්නවා....ටිකින් ටික දෙන්නා කථා කිරිම අඩුවෙනවා... මහත්තයා රෑට බිසී...නෝනා උදෙට බිසී.... මේ දුරස්ථ බව මීට කලින් ආරම්භ වෙනවා දෙමව්පියොත් එක්ක ඉන්න පටන් ගත්තොත්.... වැඩි කලක් යන්න කලින් නැන්දම්මා ලේලි අරගලය ආරම්භ වෙනවා.... මගේ පුතා ගැන මම බලන්නේ නැතිව කව්රැ බලන්නද ? නැන්දම්මාගේ තර්කය වෙනවා....දෙන්නාට තියන නිදහස අවහිර වෙනවා.....පුතා ගෙදර එනමග අම්මා බලාගෙන අම්මාගේ දුක කියන්න....බිරිඳ කාමරේට වෙලා බලාගෙන ඉන්නවා එයාගේ දුක කියන්න...කාගේ දුක නිවන්නද කියලා හිතාගන්න බැරිව මනුස්සයා අසරන වෙනවා....උදේ ඉඳලා වැඩ කරලා මහන්සියෙන් එන ස්වාමිපුරැෂයා ගේ තත්වය ගැන හිතන්න... මේ කාරණය තුල නිවසට එන වෙලාව පරක්කු වෙනවා.... කාලය ගත කරන්න තැනක් හොයාගන්නවා... බොහෝ විට මිතුරන් එක්ක... එහෙමත් නැත්නම් බාර් එකක.. එහෙමත් නැත්නම් තවත් ගෑණියෙක් හොයාගන්නවා.....

අනිත් කාරණය ලිංගික ජීවිතය අඩාල වීම..කාන්තාවකට සාපේක්ෂව පිරිමියාගේ ලිංගික උත්තේජනය වැඩියි....ඉක්මනින් සතුට හොයනවා...... බොහෝ පිරිමින්ගේ හිතේ හීන තියනවා.. තමන් ලිංගිකව එකතුවෙන ආකරය සම්බන්ධයෙන්.. ඒවා සමහර විට තමන් බලපු නිල් චිත්‍රපටියක්... එහෙමත් නැත්කම් යමෙක් බෙදාගත්ත අත්දැකීමක්... සමහර විට මේවා බොහොම අස්වාභාවිකයි කියලා හිතෙන්නත් පුලුවන්... නමුත් මොහු මේක බලාපොරොත්තු වෙනවා....සමහර වෙලාවට බිරිඳ කුස්සියේ උයනකොට බදාගන්න..හදිසියේ කෑම කාමරේ මේසේ උඩ සංසර්ගයේ යෙදෙන්න....තමන් ඇදේ ඉන්නකොට බිරිඳ නාලා ඇවිත් තමන්ව උද්දීපනය කරන්න.. ඔය වගේ බොහෝ හීන ස්වාමිපුරැෂයිනගේ හිත්වල හිරවෙලා තියනවා....


බිරින්දෑවරැන්ගේ පැත්තත් එහෙමයි.....ඇය නිතරම බලාපොරොත්තු වෙනවා තමන් ආදරය කරන කාලේදී දැක්ක පෙම්වතාව... හුරතල් වෙන්න.... පෙම්බස් දොඩන්න... කනට ලංවෙලා කොඳුරන්න...ඒදා කිව්වා වගේ මම ඔයාට ආදරෙයි සුදු කියලා අහන්න...ඔඩොක්කුවට වෙලා හුරතල් වෙන්න...ඔහු සතුටු වෙන්නට පෙර තමාව සතුටු කරන්න.... තමන් උයනවානම් ලඟට වෙලා ඉන්න...ලුණු ගෙඩියක් සුද්ද කරලා දෙන්න...මේ වගේ බොහෝ දේවල්... 


හැබැයි මේ කාටවත් මේ ගැන කෙලින් කථා කරගන්න බැරි තත්වයක් තියනවා... තමන් ගැන වරදවා හිතයිද....තමන් “වල්“ මිනිහෙක්, ගෑණියෙක් කියන හැඟීමක් ඇතිවෙයිද ? වගේ තත්වයන් මේ සංවෘත භාවයට හේතුවෙන්න පුලුවන්....එහෙමත් නැත්නම් ජීවත්වන පරිසරය...පවුලේ අනිත් සාමාජිකයන්ගෙන් සිදුවන අවහිරතා.... දෙමව්පියන්ගෙන් සිදුවෙන හිරිහැර..... දරැවන් ලැබුන විට සිදුවන සීමාවන්....වගේ බොහෝ බාහිර කරැණු මත මේ සන්නිවේදනය බිඳ වැටෙන්නත් පුලුවන්.....


විවාහ වෙන්නට පෙර හිතන්න.....


- අපි එකිනෙකා අඳුනනවද ?
- එකිනෙකාගේ අශාවන් හඳුනාගෙන තියනවද ?
- එකිනෙකා වෙනුවෙන් කැපවෙන්න පුලුවන්ද ?
- කාටවත් බරක් නොවී අපිට ජීවත් වෙන්න හැකියාවක් තියනවද ?
- අපි අපි වෙනුවෙන් ඉවසනවද ?
- අපිට අපි  වෙනුවෙන් කාලය වෙන්කල හැකිද ?
- අපි එකිනෙකාට විවෘත ද?
- අපිට අපේ හැඟීම් විවෘතව කියන්න පුලුවන්ද?
- අපිට ජිවිතය බෙදාගන්න පුලුවන්ද ?
- අනෙකාගේ අශාවන් උදෙසා අපිට කැපකිරීම් කරන්න පුලුවන්ද?


හිතන්න.....විවෘතව කථා කරන්න....


මේ ගැන විවධ මත තියෙන්න පුලුවන්....මේ ගැන හදාරන්න කිසිම පාසලකින්වත්.....කිසිම සරසවි පාඨමාලාවකින් වත් බැහැ.....ජීවිතය විඳීම තුල හැරෙන්නට......ගන්න හොඳ දේ ගන්න...වැරදි දේ විසිකරන්න.....ජීවිතය දකින්න....විඳවන්න නොව...විඳගන්න..... 


අවසන් නොකර අවසන් කරනවා.... හිතන්න ඉඩක් තියලා.....


(එකඟ නොවෙන දේ ඇත්නම් ලියන්න....වැරදි නම් පෙන්වා දෙන්න....ඇනෝලට ඉඩ තියනවා...එකතු කරන්න පුලුවන් දෙයක් එකතු කරන්න.... අත්දැකීමක් බෙදාගන්න....සමහරවිට අපිට නෙමෙයි.... ඇතුලට එන්න ඉන්න අයට වැදගත්වෙයි......මොකද මෙතන වැරදි තීරණයක් ගත්තොත් ආයිත් හදන්න අමාරැයි.....)

Tuesday, November 8, 2011

අපි මෙහෙම ඉමු...

 මට කොයි තරම් ඕනේ උනත්...
මේ තරම්  ලඟ හිටියත්..
ලංවෙන්න ඔයාට..
බැහැ මට...

‍කොයි තරම් ආදරෙන්..
මග බලන් හිටියත්..
ඔයාට බැහැ මට ලංවෙන්න...
‍ඔයා විනාස වෙයි...

දුක තමයි...
අපි මෙහෙම ඉමු.. 
මේ දුර හොඳයි...
අපි මෙහෙම ඉමු..

Sunday, October 9, 2011

"උස්සන්න කලින් මේ ගැනත් හිතන්න" - 18+

ආදරය සහ රාගය අතර ඇත්තේ කිරි සහ පැණි අතර ඇති තරම් කිට්ටු සම්බන්ධතාවයකි. කිරි සහ පැණි රසවත් වන්නේ ඒ ‍දෙකෙයි මනා සම්මිශ්‍රණයක් ඇතිවුවහොත් පමනි... ආදරයද එසේය.... අපි හැමදෙනම ආශාවන් ඇත්තන් වෙමු... විරැද්ධ ලිංගිකයන් කෙරෙහි අපි හැමගේම ආකර්ෂණයක් ඇත...  එය පොදු ධර්මතාවයකි... මේ සම්බන්ධතාවයට ආදම් සහ ඒව "තහනම් ගහේ ගෙඩි කෑම" දක්වා අතීතයක්ද ඇත... නමුත් අද මේ ලිපියෙන් මා පෙන්වා දෙන්නට උත්සහ කරන්නේ ආදරය නමින් සිදුකරනු ලබන්නා වු ලිංගික අපයෝජන හා කූට්ඨනය පිළිබඳවය... මෙහි ලිංගික අපයෝජනය ලෙස අදහස් කරන්නේ ලිංගික වශයෙන් සිදුකරන වැරදි භාවිතයයි.... (අප + යෝජනය) යොදාගැනීමයි....හැසිරීමයි.... කුට්ඨනය යනු පෙළඹවීමයි... වැරදි හැසිරවීමයි... මේවා ශ්‍රී ලංකාවේ නීතිය තුල වසර 7 සිට වසර 20 දක්වා සිර දඬුවම් ලබාදිය හැකි වැරදිය..මෙම නීතිමය රාමුව පිළිබඳව වෙනත් ලිපියකින් කථාකරමු..  අපි මෙතැන සිට ඉතා සරළ තේරෙන භාෂාවෙන් කථාකරමු..

මෙහෙම ලියන්න හිතුවේ මේවා ප්‍රසිද්ධියේ කවුරැවත් කථා නොකරන නමුත් අපේ රටේ ඉතා සීග්‍රයෙන් වර්ධනය වන ප්‍රවනතාවයක් තියන නිසා.. මේ මෑතකදී මට මගේ "වැල" මිත්‍රයෙක් හරහා මට ආපු ඊයක් තිබුන ලින්ක් එකක් ඔස්සේ ගිය අවස්ථාවක මම දැකපු වීඩියෝ ක්ලිප්ස් ‍"තොගයක්" හේතුවෙන්. කොයි තරම් දැක්කත් කොයි තරම් බලලා තිබුනත්, නැවතත් දැක්කොත් අපි අනිවාර්යෙන්ම බලන, අපේ ඇහැ යන දේවල් තුනක් ලෝකේ තියනවා... එකක් තමයි ගුවන්යානා... කොයිකරම් දැකලා තිබුනත් ගුවන් යානයක සද්දයක් ආපුගමන් අපි නිකම්ම උඩ බලනවා... අනිත් දේ තමයි නැව් එක්කෝ මුහුද කියමු... මුහුද කිට්ටුවකින් යන හැම අවස්ථාවකම අපි නිරායාසයෙන්ම මුහුද දිහා බලනවා.... අනිත් කාරනය තමයි ගෑනියෙකුගේ නිරැවත... 

අද "වැල" නොබලන, නොබලපු කෙනෙක් (ස්ත්‍රී පුරැෂ බේදයකින් තොරව) හම්බුවෙන්නේ අහම්බෙන් තමයි..  ඒ කාලේ අපිට වැලක් බලන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ... අද වගේ පරිඝනක...... ලැප්ටොප්......ජංගම වල... එහෙම නැත්තම් අයිපොඩ්... අයිපෑඩ් වල... ඩීවීඩී... වීසීඩී තිබුනේ නැහැ... එහෙමත් යාලුවෙකගේ ගෙදරක තමයි වීඑච්එස් පටි දාන්න පුලුවන් ප්ලේයර් එකක් තිබුනෙත්... "වැල"ක් හොයාගන්න එකත් ලේසි නැහැ.. අනිත් එක ගෙදර ගෙදරක කව්රැවත් නැති වෙලාවක් හොයාගන්න ඊටත් වඩා අමාරැයි... ඔය හැම දේම තියෙද්දිත් අපි "වැල" බැලුවා... අදත් ලැබුනොත් බලනවා..... අපි හරි ආසයි ලංකාවේ "වැල" බලන්න... ඒ කාලේ හොයාගන්න අමාරැ වුනත් තිබුනා... ඔය සුමනා ගෝමස් වගේ "වැල" නිලියන්ගේ වගේම... අප්‍රසිද්ධ වැල නිළියන්ගෙත් චිත්‍රපටි තිබුනා... ඔය වගේ වැල නිළියෝ බොහොම අතලොස්සක් හිටියා.... 

අද ලංකාවේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්... ඉන්ටනෙට් එ‍ක බැලුවොත් ඕන තරම් "වැල" නිලියෝ හොයාගන්න පුලුවන්... ගොඩක් ඒවා පෞද්ගලික චිත්‍රපටි වගේ... ‍කොල්ලා කෙල්ලව ජංගම දුරකථයෙන් වීඩියෝ කරලා... කෙල්ල නානවා... පිහිදනවා... අනේ අර නංගිලා හිනාවෙනවා.... එක එක pose දෙනවා.... ඒ එක කොටසක්... තව කොටසක් නංගිලා මුලදී වීඩියෝ කරනවට අකමැතිය.... කොල්ලා කරන්නේ ආදරය මුලට දැමීමයි... "අනේ මං ආදරෙයිනේ සුදු".... "ඔයා නැතිව ඉන්නකොට බලන්නනේ රත්තරං"... "ආයි නිවාඩු එනකන් බලන්න තියාගන්නනේ පැටියෝ"... කෙල්ල ගැටේට අසුවේ.... ඒ ඇසිල්ලේ වැඩ පටන්ගන්නා අයියලා තියන ඔක්කොම සෙල්ලම් දමා නංගිව අවුස්සයි... අන්තිමට නංගී සද්දෙට වැඩේ අවසන් කරයි... තවත් කොටසක් ඇත... ඔවුන් කරන්නේ පන්ති දැමීමය... නංගීට උගන්නයි... මේක කරන ආකාරයත් අරක කරන ආකාරයත් කියාදේ... නංගීගේ "‍ෆීල්" එක පරීක්ෂා කරයි... මේ හැම දේම ජංගම දුරකථනයේ සටහන් කරගනියි.... ඔය සියළු ආකාරයට වීඩියෝ කරගන්නා දේ අවසානයේ නතරවෙන්නේ අන්තර්ජාලයේය... 

අපි යෞවනය විඳ ඇත... (අපි කියනවාට වඩා "මම" කියන එක හොඳයි වගේය) ආදරය කර  ඇත (ඒ ආදරයමදැයි දැන් මා ‍මගෙන්නම ප්‍රශ්ණ කරගනිමි) මල්වතුවල.... ෆිල්ම් හොල් වල.... කරක්ගසා ඇත්තෙමි... "විසිල්කාරයෝ" නැති වෙලාවල් බලා ගස් අස්සේ රිංගා ඇත.... මුහුදු වෙරළේ... වැටෙකෙයියා ගාල්වල රිංගා ඇත.... අතුල්ලාගැනීම්... තලාගැනීම් ගැන මටද අත්දැකීම් මෙන්ම කකුල් දැකීම්ද ඇත.. නමුත් අපිට යම් සීමාවක් තිබින.... නංගිලාද එය දැනසිටියේය... සිමාවේදී නංගිලා අනතුරැ අඟවයි.... ලිහලා බලන්නට තියන මල්ල ඔබලා බලන්නට දුන්නද ලිහන්නට අවසර දුන්නේ නැත.... ඒ කාගේ නංගිලාට "ඔර්ජිනල් පැකිං එක" වැදගත්ය... අද වගේ "සිල් එක කඩා එක්ස්පයර්" වන්නට කැමැත්තක් නැත... හොරන් කඩාගත් උන් සිටියද අතලොස්සකි.... එහෙම උන් ඉක්මනින් අයිතිකාරයාට බා‍රදේ... ඒ බොහෝ විට "සීල්" කැඩුනු බව අම්මගේ කනේ තියන නිසාය.. අද සීල් ගැන කථා කරන්නටම දෙයක් නැත.... අද කෙලින්ම යන්නේ කාමරයටය....එකනදී වෙන්න ඕන සියලු දේ සිදුවේ.... අයියලා නංගිලාව එක්කගෙන යන්නේ නිදහසේ කථකරන්නටය..... සිද්ධීය පටන්ගන්නේ එතැන සිටය... මේ එක් වීඩියෝවක ඉන්නේ ළදරැවෙකි... වයස 18 නැති තරම්ය.....නමුත් නංගී පළපුරැදු කාරියක් බව පෙනේ... අපුරැවට හසුරවයි... අයියා ඇයට හොඳට උගන්වා ඇති බව පෙනේ... මෙම වීඩියො ක්ලිප්ස් වල තවත් විශේෂ කරැණක් ඇත... ඒ අයියලාගේ මුන නොපෙන්වීමයි.... දෙදෙනා එකට සිටින්නේ අයියාගේ මුන කැපීයන පරිදිය..බොහෝවිට අයියාගේ මුන පේන්නට නැත....

මේ විඩියෝ ක්ලිප්ස් අන්තර්ජාලය හරහා ලොකයේ හතර කොනේම සිටින අන්තර්ජාල පාවිච්චි කරන්නන් නරඹයි... බාගනියි... ජංගම දුරකථන වලට ඇතුලත් කරයි... ලංකාව තුල දැන් ‍අන්තර්ජාලයෙන් "වැල" බැලීමේ අවස්ථාව නැතිබව ආරංචිය... ඒකට හේතුවුයේ තරැණියනගේ නිරැවත් ඡායාරෑප අන්තර්ජාලයට  මුදාහැරීම බව දැනගන්නට ලැබී ඇත, එයමදැයි හරි හැටි නොදනිතත් හැම දාම වගේ  ආණ්ඩුව කරඇත්තේ ප්‍රශ්ණය උඩින් පැලැස්තරයක් දැමීමය... දැන් ලංකාවේ බලන්ට බැරිය... පිටරටවල උන් බලති..... ලංකාවේද බලන උන් බලති... අපේ ලංකාවේ වැඩ්ඩන්ට ඕක කජ්ජක්තරම් වත් නොවේ... තවමත් අන්තරජාලයට මේවා එකතුවෙමින් පවතියි.... මේවා කිසි දිනක අන්තර්ජාලයෙන් ‍ඉවත්වන්නේ නැත...අතින් අත යමින් තවත් වසර ගනනාවක් පවතිනු ඇත.

මේ අන්තර්ජාලය හරහා ජනප්‍රිය වන්නේ අප කාගේ හෝ දියණියකි... නැගනියකි..... සහෝදරියකි.... ගැහැණිය රැකගතයුතු වස්තුවකි... ඒ හෙට රටට දරැවන් ජාතක කරන්නේ ඇය වන හෙයිනි.... 

ආදරණිය නංගිලාගෙනුත්..... දියණියන්ගෙනුත් පැනයක් අසමි,.. යම් දිනෙක ඔබගේ දරැවෙකු මේ වීඩියෝවක් නැරඹුවහොත් ඔබට ඇතිවන තත්වය කුමක්ද ? ඔබගේ දියණියගේ වීඩියෝවක් ඔබට බලන්නට ලැබු‍‍නොත් ඔබගේ තත්වය කෙසේවිය හැකිද ?

ආදරණීය මල්ලිලාගෙනුත්.... පුතාලාගෙනුත් මෙසේ අසමි....... යම් දිනෙක ඔබගේ දියණියගේ වීඩියෝවක් ඔබට බලන්නට ලැබු‍‍නොත් ඔබගේ තත්වය කෙසේවිය හැකිද ? ඔබේ නැගනියගේ විඩියෝවක් ඔබට බලන්නට සිදුවුනොත් ඔබගේ තත්වය කසේව්ය හැකිද ? ඔබගේ නැගනියගේ වීඩියෝවක් ඔබගේ මිතු‍රෙකු නරඹා ඒ ගැන ඔබට කිව්වොත් ඔබට කුමක් වෙයිද ?

"උස්සන්න කලින් මේ ගැනත් හිතන්න"