Showing posts with label වගකීම්. Show all posts
Showing posts with label වගකීම්. Show all posts

Wednesday, May 8, 2013

ගල... තන සහ රෑප රචන.....


මෑතකදී දෙරණ නාලිකාවේ පැවතුනු දෙරණ "Music video awards 2013" හිදී සෝමරතන් දිසානායකයන් විසින් බොහොම මතබේදාත්මක වගේම විවේචනාත්මක අදහසක් පල කලා.. විශේෂයෙන්ම අද අපේ රටේ බිහිවෙන ගීත සඳහා නිෂ්පාදනය කරන රෑපරචනා සම්බන්ධයෙන්... ඔහුගේ අදහස අනුව එම සම්මාන උළෙල සංගීත රෑප සඳහා සම්මාන දෙන උළෙලක් නම් ලංකාවේ සංගීත රෑප කියන එක ප්‍රශ්ණයක්... ඒ අවස්ථාවේ දී ඒ කථාව අහලා එතනින් අවසන් කලත් අද මම බලපු සංගීත රෑප රචනා කීපයක් දැක්කමා හිතුනා සෝමරත්න දිසානායකයන් ගේ ප්‍රකාශයේ යම් ඇත්තක් තියනවා කියලා....

මගේ මතකයේ හැටියට මේ සංගීත රෑප රචනය කියන සංකල්පය අපේ රටේ බිහිවෙන්නේ අනුව දශකයේ මුල් භාගයේ දී.... ජාතික රෑපවාහිණියේ විකාශය වුනු තරුණ තරුණියන් වෙනුවෙන් වෙන් වුනු “යාත්‍රා“ කියන වැඩසටහනින් තමයි මුල් වරට ගීත සඳහා රෑප රචනය කිරීම අපිට හඳුන්වා දුන්නේ... (මගේ මතකේ වැරදි නම් ඒ ගැන දැනුවත් කරන්න). ඒ තුලින් ඒ කාලේ බිහිවෙච්ච නව ආරේ ගීත පදරචනයන්ට යම් සජීවී බවක් ඇතිවුනා. එදා ඒ ආරම්භ උන සංගීත රෑප රචනය අද අපේ සමාජය තුල වෙනමම කලාවක් දක්වා වර්ධනය වෙලා තියනවා. සංගීත රෑප රචනය වෙනුවෙන්ම බිහි වුනු ආයතන, අධ්‍යක්ෂවරු වගේම නිෂ්පාදකවරුත් අද අපේ රටේ බහුලයි. නමුද අද සංගීත රෑප රචනයයේ භාවිතාව ගැන නැවත සිතා බැලීම වැදගත්.. එදා යාත්‍රා හී අපි නරඹපු රෑප රචනයන්ට වඩා අද රෑප රචනයන් හාත්පසින්ම වෙනස් වෙලා. එදා රෑප රචනයේ දී වැදගත් උනේ ගීතය. ගීතය සජීවිකරණය කරන්න තමයි රෑප රචනය යොදාගත්තේ. නමුත් අද අද බිහිවෙන රෑප රචානා දැක්කමා හිතෙන්නේ මේ රෑප රචනා වලට හරියන්න ගීත ලිව්ව ද කියන හැඟීමක්.

මම සාමාන්‍යෙයන් ප්‍රවෘත්ති ඇරුනාම ලංකාවේ වැඩ සටහනක් බලන්නේ බුකියේ පලවෙන ලින්ක් එකක් ඕස්සේ දකින්න ලැබෙන දෙයක් විතරයි. නමුත් ටික දවසකට උඩදී අතුල සමිතා ගායනා කරපු “ඉවසයිද මන්දා“ කියන ගීතයේ රෑප රචනය බලන්න ලැබුනා.ඒ රෑප රචනාවත් එක්ක ඒ ගැන මගේ හිතේ මැවුනු අදහස මම බොහොම සරළව කිව්වොත්.

“කෙල්ලෙකුයි කොල්ලෙකුයි එකට ජීවත් වෙනවා. කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාළු වෙනවා. ඒක කොල්ලට අහු වෙනවා. කෙල්ල කොල්ලාව දාලා යනවා. දාලා ගිහින් අළුත් කොල්ලත් එක්ක එකට ජීවත් වෙනවා. ටික කාලයක් යනකොට කෙල්ල බලාපොරොත්තු වෙන ආදරේ අළුත් කොල්ලාගෙන් ලැබෙන්නේ නැහැ. ඒ හේතුවෙන් කෙල්ල පරන කොල්ලා ගැන හිතනවා. එක අවස්ථාවක දී අළුතු කොල්ලා කෙල්ලව රවට්ටලා කියලා කෙල්ලට තේරෙනවා. ඒක අහපුවාම අළුත් කොල්ලා කෙල්ලව එළියට දානවා. කෙල්ල සතියකට විතරක් ඇති වෙන්න රෙදි අඩුක්කරපු බෑග් එකත් අරගෙන ගෙදරින් එළියට බහිනවා.  කෙල්ල පරණ කොල්ලට කොල් කරනවා. කොල්ලා අන්සර් කරන්නේ නැහැ. පස්සේ කෙල්ල කොල්ලාව හොයාගෙන යනවා. හැබැයි එතකොට පරණ කොල්ලා අළුත් කෙල්ලෙක් එක්ක ජීවත් වෙනවා.“

ඒ රෑප රචනය නැරඹුවාම මට දැනිච්ච කථාව බොහොම සරළව මේ විදියට අකුරු කරන්න පුලුවන්. මේ කාරනා එකින් එක අරගෙන බැළුවොත් මට දැනෙන්නේ මේ කියනනේ අපේ ලංකාව ගැනද කියන එක මට නම් ප්‍රශ්ණයක්. ඔය වගේ දේ ඇමරිකාව වගේ රටවල් වල වෙන්න පුලුවන්. හැබැයි ඒවා වඩාත්ම දකින්නේ ඒ රටවල් වල බිහිවෙන චිත්‍රපටි වල විතරයි. ඇත්ත සමාජේ ගත්තාම ඇඳුම් මාරැ කරනවා වගේ ගෑණු මිනිස්සු මාර් කරන ක්‍රමයක් මේ රටවල් වලත් නැහැ. අනිත් පැත්තෙන් මට දැනෙන්නේ මේ ප්‍රෙමෝට් කරන හදන තියරිය මොකක්ද කියන එක. සාමාන්‍යෙයන් අපේ රටේ පැවතුන පවතින සංස්කෘතික රටාව තුල ගෑණියෙක් මිනිහෙක් එකට ජීවත් වෙනවා කියලා කියන්නේ යම් නිශ්චිත බැඳීමකට යටත්ව සිද්ධ වෙන දෙයක්. එතනදී නීතිමය වශයෙන් හෝ වේවා සමාජීයමය වශයෙන් හෝ වේවා යම් බැඳීමක් තියනවා. හිතෙන හිතෙන වෙලාවට ගෙවල් වලින් එළියට බහින්නවත් ඇතුලට ගන්නවත් අපේ සමාජ ක්‍රමය අනුව හැකියාවක් නැහැ. ඇත්තටම අපිට එහෙම කරන්න අවශ්‍ය උනත් අපි වටා පවතින අපේ සමාජ ක්‍රමය අපේ සමීපතමයන්, දෙම්වපියෝ ඒ දෙවල් අනුමත කරන්නේ නැහැ. එවැනි තත්වයක් යටතේ මේ ගීතයෙන් ප්‍රෙමෝට් කරන්න හදන්නේ බටහිර රටවල තියන “Living together"කියන සංකල්පයක ද කියලා මට හිතෙනවා.

අනිත් කාරනේ එකට ජීවත් වීම තුල උනත් එහි යම් අධ්‍යාත්මික වශයෙන් බැඳීමක් තියනවා. අඩුම ගානේ එකිනෙකා තුල ඇතිකරගත්ත අවබෝධයක්. එකිනෙකා වෙනුවෙන් කැපවීමේ එකඟතාවයක්. එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවක් තියනවා. නමුත් මේ රෑප රචනයේ දී අදාල අධ්‍යක්ෂවරයා ඒ සියළු හැඟීම් සම්බන්ධතා බිඳලා “එකිනෙකාගේ හැඟීම් සංතර්පණය“ කියන බැඳීම පදනම් කරගෙන රෑප රචනය කරලා තියන බව තමයි මට හැඟෙන්නේ. ඒක එසේ නොවෙනවා නම් එක ගෑණියෙක් අත් අරින කොට තව ගෑණියෙක් ගන්නත් එක මිනිහෙක් අත් අරිනකොට තව මිනිහෙක්ගේ ඇඟේ එල්ලෙන්නත් හැකියාවක් නැහැ. මේ ගීතයට වඩත් ගැලපෙන රෑප රචනයක් කරලා තිබුනා කව්දෝ වෙනත් කෙනෙක්. ඔරිජිනල් අධ්‍යක්ෂවරයාට වඩා ගීතය මනා ලෙස තෙරැම් අරගෙන ඔහු ඒ රෑප රචනය කරලා තිබුනා.

ඒ වගේම තවත් බොහොම අපුරු රෑප රචානාවක් අද අහම්බෙන් බලන්න ලැබුනා. ඒ රෑප රචනාව බැළුවාම මට දැනුන දේ බොහොම සරළව මෙහෙමයි..

“මුලු හදින් ඔබ“ කියලා ආරම්භ වෙන ගීතයේ රෑප රචනය ගටන් ගන්නකොටම තියන රෑප රාමුව කෙල්ල දාලා යන අවස්ථාව. කොල්ලයි කෙල්ලයි එකට ජීවත් වෙනවා. ඒ එක්කම කෙල්ලගේ යාළුවෙක් දෙන්නා “දරුකමට“ වගේ හදාගන්න අරගෙන තියනවා. ඒ දරැවා කෙල්ලට වඩා ටිකක් පැහැපත්. කෙල්ලට වඩා විසේ ගතියක් තියනවා. (සමහර විට දරුකටම හදාගත්ත හින්ඳා වෙන්න ඇති) කෙල්ලයි කොල්ලයි යන හැම තැනම දරුවාවත් එක්කගෙන යනවා. කෙල්ල කොල්ලාගේ අතින් ඇල්ලුවත් දරුවාගේ මුන හොඳ නැහැ. කොල්ලා කෙල්ලව ඉම්බොත් අර දරැවා ඈතට යනවා. පස්සේ කොල්ලා ගිහින් අතින් අල්ලා සනසනවා. කේකට ඒ වෙන කිසි දෙයක් ගැන පැහැදිලි වැටහීමක් නැහැ. මෙතනදී මට තේරුම් ගන්න බැරි ලොකු ප්‍රශ්ණයක් තියනවා. මට නම් දැනෙන්ම  මේ කෙල්ලෝ දෙන්නාගේ “ආප්ප“ කේස් එකක් තියනවා කියලා. දරුවා අර කෙල්ලව කොල්ලගෙන ගලවන්න හදන්නේ එක නිසා. කොල්ලා ගේ මොකක්දෝ නපුන්කස ගතියක් තියනවා. කොල්ලට හොඳටම අවස්ථාව තියනවා දෙකම තියාගෙන “රජෙක්“ වගේ ඉන්න. ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ. දරුවා කොල්ලට කොච්චර බැල්ම දැම්මත් කෙල්ලට ගානක් නැහැ. කෙල්ලට කොල්ලාව කොච්චර විශ්වාසයිද කියන්නේ උදේ පාන්දර දරුවා සුටි කොට කලිසමක් ඇඳලා ඉන්න වෙලාවේ අර අහිංසක කොල්ලාව තනියම දාලා යනවා.“

මේ රෑප රචනා දෙකේදිම මම දැක්කේ අර මම මුලින් කියපු ලිවින් ටු ගෙදර් කියන සංකල්පය ලංකාව තුල ප්‍රචලිත කිරීම සඳයා පල නිෂ්පාදනය කරපු දැන්වීම් දෙකක් විදියට. ඊට අමතරව “මුලු හදින් ඔබ“ කියන ගීතයේ විශේෂත්වය තමයි කාලයක් අපේ රටේ තිබිලා වැලලිලා ගිය අයියා මලෝ එක ගෑණි බෙදාගත්ත “එකගෙයි කෑම“ කියන සංකල්පයේ අනිත් අන්තය හෙවත් “චන්නයි කෙල්ලෝ දෙන්නයි“ ක්‍රමය ප්‍රමෝට් කරන්න හදවාද කියන එක. කොහොම නමුත් අනිත් කාරනේ මේ රචනා සඳහා භාවිතා කරන පන්තිය. උදේට මුහුද අයිනේ කැෆේ එකක සෙට් වෙන, හවසට බීච් එකේ ෆන් ගන්න... ක්ලබ් එකකට සෙට් වෙලා බිලියට් ගහන පන්තිය ගැන ප්‍රමෝෂන් එක්ක ද කියලාත් හිතෙනවා....
(මුළු හදින් ගිතය බලන්න මෙතනට කොටන්න)

මේ මොන දේ කොයි විදියට ප්‍රමෝට් කලත් මේවා ගැන යම් පාලන යාන්ත්‍රනයක් බිහිවෙන්න සුදුසු කාලේ ඇවිත් කියන එකයි මගේ මතය. අද මගේ දරුවන් ඇතුලු මුලු රටේම දරුවන් පොතට වැඩිය යොමුවෙලා තියෙන්නේ රෑපවාහිණියට. උදේ ඉඳලා රෑ වෙනකම් එකක් මාරැ කරන කොට එකක් වශයෙන් තියන චැනල් හැට හුටා මාරේම ප්‍රචාරය වෙන්නේ මේ ගීත. අද ගීයක් මාකට් කරන්නේ ගීතයේ පද රචනාවෙන්වත්, සංගීතයෙන්වත්,  ගායකයගේ කටහඬින්වත් නෙමෙයි. “පට්ට කෑල්ලක්“ “හැන්ඩි කොල්ලෙක්“ අරගෙන කෑල්ලට කකුල් දෙක පේන කොට ජංගි කෑල්ලද අන්දලා... කොල්ලා ඉස්සරහා කකුලක් පිට කකුලන් දම්මලා.. කැමරාව කකුලෙන් පටන් අරන් තන් දෙක මැද්දෙන් ගිහින් රවුමක් දාලා... පස්සේ හුලඟට උඩයන ගවුමක් ඇඳගෙන මුහුදු වෙරලට ගිහින් උඩ යන රෙද්ද අතින් අල්ලගන්න හදලා... බුරුත කොට වගේ කලවා කෑලි දෙක එළියට එන්න අල්ප දයන්න වගේ නිදි කරවලා... පොඩි පොඩි විෂුවල් එෆෙක්ට් ටිකක් දැම්මාම අපි ඒකට මියිසික් වීඩියෝ කියලා බලනවා. ඉස්සර අපි රෑපවාහිණිය ඉස්සරහා වාඩි උනාම නයිට් රයිඩර් කෙල්ලගේ කට කන්න යන කොට අපි ඇස්වහලා ඇඟිලි අස්සෙන් බලනවා. අද ළමයි ඇඟිලි අස්සෙන් බැලීම කෙසේ වෙතත් පොඩි කාලේ ඉඳලාම දකින්නේ වැල්ලේ පෙම් කෙළින ඒවයි... ගෑණු දාලා යන සිද්ධියි. මොහොතක් හිතන්න මේවා ළමා මනසට බලපාන්නේ නැහැ කියලා ඔබට දෙන්න පුලුවන් සහතිකේ මොකක්ද..? අද බිහිවෙන තරැණ පරම්පරාව ඇයි වල්මත් වෙන්නේ. ඔවුන් හොයාගෙන යන්නේ අද අපිට උදේ හවා රැපවාහිණියේ පෙන්නන ආතල් ලෝකෙට. අපි ඉස්සර 1.25 ට තෝසේ කෑවට අද තරුණ දරුවෝ චේන්ජ් එකට යන්නේ කේඑෆ්සී... කෙල්ල එක්ක යන්නේ මැක්ඩොනල්ඩ්ස්... මොකටද අයිස් ක්‍රීම් කන්න.... 

මම මේ දෙවල් වැරදි කියනවා නෙමෙයි... සමහර අයට හිතෙයි මේ ලිං මැඩි ආකල්ප කියලා.... ඒක එහෙම වෙනවා... මොකද හැමදාමත් එක් පරම්පාරවක් තවත් පරම්පරාවක් දිහා සංසන්දනාත්මකව බලනකොට දකින අඩු පාඩු හෝ වැරදි, වැරදි විදියට දකින්න අළුත් පරම්පරාව කැමති නැති නිසා.... ඒත් මේවා ගැන නැවත හිතලා බලන්න.. අද ගැන නෙමෙයි.. හෙට ගැන.. හෙට උපදින දරුවෝ ගැන.... අපේ රටේ මේයාකාරයෙන් සිද්ධවෙන දේ ගැන ලියන්න ගියොත් තව පිටු කීපයක් ලියන්න පුලුවන්.. ඒත් අද මම උත්සහා කලේ අපේ රටේ “මියිසික් වීඩියෝ“ වල “ට්‍රෙන්ඩ්“ එක ගැන මට දැනෙන දේ ඔයාලත් එක්ක බෙදාගන්න.....

අපි මේ හැමදාම සෙල්ලම් කරනේ රටේ අනාගත දරුපරම්පරාවත් එක්ක කියන එක විතරක් මතක තියාගන්න.....

(සංවාදයට ඉඩ)

Monday, April 29, 2013

අනේ මට කොන්ඳක් දෙන්න....



නිරැවත් වෙලා ලෝකයටම ඇගේ වත...
දෙවියන් පවා බිය වි ඇය ඇතැර ඇත....
වට වී බලා සිටිනා සේ නොම දත්ත....
නොදකින් අපි වගේ කොන්ඳක් නැති හැත්ත...

තිස්තුන් කෝටියක් දෙවිවරු වඩින රටේ...
වංචා දුෂණය බැලු බැලු හතර වටේ...
පෑගෙන එකා පාගාගෙන හැටට හැටේ...
නැගලා පියාබති ලොක්කෝ මොනරු පිටේ....

දුප්පත් එකා මහ උළු ගෙදරට යනවා....
බලේ තියන තැන උන් නිති වැජඹෙනවා...
දෙවියනි කෙසේ නම් අපි තව ඉවසනවා....
රතු ලේ සුදු වෙලා ඇඟතුල නලියනවා....

ඇත්ත දැන දැනම බොරුවට රැවටෙන්න...
ආසාධාරණය දැක දැක තව නිදියන්න....
රට වනසන එවුන් මේ ලෙස අගයන්න...
ඒ වැනි වෙන පවක් නැහැ, බැහැ ඉන් ගැලවෙන්න...

බඩ පොතු ඇලී පිට පොතු එළියට එනවා....
අපි පත්කල එවුන් අපිටම බැට දෙනවා...
අපි කන වේල් තුන එක වේලට කනවා...
අපි කෙට්ටුවට උන් හරහට උස යනවා...

බෙදිලා දෙකට හතරට සහ හය හතට...
ඉන්නා නිසා උන් හරි කැමතියි අපිට...
එකතුව එකා මෙන් දෑතම එකතු කොට...
නැගිටින තුරා නැහැ කිසි සෙත අප රටට...

බලයත් උන්ටමය නිලයත් උන්ගෙමය...
තීරණ උන්ගෙමය උන්හට වාසිමය....
දුරදිග සිතන්නේ බලයට පමණමය....
අපි රට ගැන හිතද්දී උන් හිත උන් ගැනය...

පගා කොමිස් හොර ජාවාරම් හැමත....
නීතිය රකිනෙකා හට මරණය මය නියත...
නියවා විළිස්සා දත්, දිගහැරලා දෙඅත...
එළවා පහර දී එල්ලයි හතර අත...

ඇඳිවත ඉරා පාගාගෙන එකා මෙන....
උරාගෙන ඇගේ සාරය පෙරාගෙන...
කන්නට හදන කල මුන් ඈ මේ ලෙස මරාගෙන..
ඇයි අපි තව තවත් ඉන්නේ බලාගෙන...

ඇස් කන් වසාගෙන හැම දුක ඉවසගෙන...
තව හිටියොතින් නම් නැහැ මරණය මිසක් වෙන...
එකතුව එකා මෙන් එක පෙළ හැදීගෙන....
වරෙව් යමව් මැරෙමුද මුන් මරාගෙන...

Saturday, April 6, 2013

ඇයව එල්ලා දුෂණය කලවුන්ට අපි ඡන්දය දෙමු.....



ඔන්න කාලෙකින් මමත් ආවා බ්ලොගේ පැත්තේ.. එහෙම නම් හැමෝටම මේ සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද සුභ එකක් වේවා කියලා පතලම වැඩේ ආරම්භ කරන්නම්....

මේ කාලේ එක එක ජාතියේ රැළි තියනවනේ... සමහර ඒවා ජනතා රැළි... එක එක පාට... එක එක පක්ෂ ජනතාව මැදි කරගෙන ඒ ඒ අයගේ මතය සමාජයට ගෙනියන්න උතසහා කරනවා.... ඒ අතරේ කාලයක් වැස්ස වහින්න කියලා පොල් ගහලා ගහලා පොල් මිලත් වැඩි වෙලා තියනකොට දෙන්න පටන් ගත්ත වැස්ස නිසා දැන් ලංකාව පුරමා වැව් පිරිලා ඒවායෙත් රැළි ඇතිවෙලා තියනවා මම ප්‍රවෘත්ති වල දී නම් දැක්කා... ඔය අතරේ හැමදාම වගේ වැස්සත් නොවැස්සත් ගහන රැල්ල මුහුදු රැල්ලත් දැන් සැරයි කියලා තමයි ආරංචිය... හැබැයි අද මේ කථා කරන්න යන්නෙ ඔය කියන එක රැල්ලක් ගැනවත් නෙමෙයි.... දැන් දැන් බුකියේ වගේම වෙනත් සමාජ ජාලා ඔස්සේ ඇදිලා යන තවත් රැල්ලක් ගැන.... ඒ රැල්ලේ හැටියට ඒ රැල්ල මතු කරන උදවිය කියන දේ තමයි දැන් දැන් අන්තර්ජාල දේශපාලණ මත වැහි වැහැලා කියන එක... එහෙමත් නැත්නම් “සමහරැ යුද්ධ කරන්නේ බුකියේ“ කියලත් කියනවා මම දැකලා තියනවා..... ඒ වගේම සමහරැ කියනවා ඔය බුකියේ, බ්ලෝගේ දේශපාලණ පන්ඩිතකං කථා කරලා රට හදන්න බැහැ යි කියලාත්....ඒ එක්කම තව සමහරැ කියනවා මුං බකපණ්ඩිත සයිබර් දේශපාලකයෝ කියලත්.... 

මේ දේවල් අහගෙන ඇසි කන් පියාගෙන ඉන්න බැරි නිසා මමත් තීරණය කලා මින් මත්තට සයිබරේ දේශපාලනේ ගැන කථා නොකරන්න.... ඒ නිසා අද මම කථා කරන්න යන්නේ ආදරය... විශ්වාසය..... සෙනෙහස.... වගේ දේශපාලනේ නොගෑවිච්ච කාරනා කීපයක් සම්බන්ධයෙන්....

එහෙම කියලා බැළුවට අද දේශපාළණේ සම්බන්ධ නැති දෙයක් හොයාගන්න එක “කළු ණික“ හොයනවට වැඩිය අමාරුයි....ජීවිතේ හැමදේම අලෙවි වෙන කාලේ කථා කරන්න තියන මාතෘකා බොහොම සීමිතයි ... එක්කෝ දේශපාලනේ.. එහෙම නැත්නම් ආදරේ... ඒ එක්කම ගැටෙන ලිංගිකත්වය.. විකිනෙන් සිරැරු..... ආදරේ හොයගෙන යන ගෑණු...... කෙල්ලට පිහියෙන් අනින පිරිමි..... කුණු වෙච්ච අල.... හොරට විකිනෙන බේහෙත්..... දොස්තරලාගේ වැරදි... හම්බයන්ගේ ගනන්.... හාමුදුරුවන්ගේ චන්ඩිකම්... වගේ එකී නොකී බොහෝ දේ ඇරෙන්න ලංකාවේ වෙන දේවල් ගැන කථා කරන්න තියන මාතෘකා බොහොම අඩුයි... මොන පාට දෙකේ නාලිකා වල ප්‍රවෘත්ති ඔක්කොම එකතු කරලා දෙකෙන් බෙදලා.... පහෙන් වැඩිකරලා.... දහයෙන් බෙදලා තමයි පැහැදිලි විස්තරයක් ගැන දැනගන්න වෙන්නේ....
මොනවා නැතත් අද අද එයි මරැ පිං කරගන්නේ කියලා කියනවා වගේ දැන් දැන් රටේ වැඩි වෙන භීෂණේ වගේම විරුදධවාදීන් නිහඬ කරවීමේ ක්‍රියාවලිය දැක්කමා අපි මේ නැවතත් යන්නේ අතීතෙටද කියලා සැකයක් ඇතිවෙනවා....

අද මැදිවිය පහුකරන අපේ දශකේ බොහෝ තරුණ තරුණියෝ භීෂණ දෙකක් අතිවින්දා... 71 දී භීෂණේ වක්‍රාකාරයෙන් අත්වින්ද 83 දී වාර්වාවාදය අත්වින්ඳා...... අපි 88/89 දී කායික සහ මානසික වශයෙන් භීෂණේ අත්වින්ඳා..... ඒකට මුන දුන්නේ අපේ අම්මලා අමතක කරපු දෙවරක් වින්ඳ භිෂණේ... මිනි කඳු... සිටුවා වෙඩි තැබීම්... දෑස් බැඳ ඝාතනයන්... තුන්වරක් වින්ඳ අපේ පරම්පරාවට තාමත් අමතක වෙලා නැතිව ඇති.... පසුකාලීනව ඇතිවෙච්ච මරාගැනීම් සහ මරාදැමිම් හමුවේ මරණය... භීෂණය සහ ඝාතනය අපිට බොහොම සරළ දෙයක් උනා... හැමදාමත් කියකවා වගේ උන්ගේ 30 අපේ 15 ක්, අපිට 10 ක් ලාභයි කියන මානසික උත්තේජනය හමුවේ අපි බොහෝ තෘප්තියක් ලැබුවා... කණුවක එල්ලෙන සිරුරක්.... ජොනී බට්ටෙක්ගෙන් වෙන් උන කකුලක්..... අපිට ගෙනවා නොදැනුන අප්පිරියාවක් වගේම ප්‍රකාශිත සතුටක්.... කෙනෙක්ගේ මරණය යම් ජාතියට සතුටක් ගෙනදීම රටක ජාතිකමය වශයෙන් කොයිතරම් ඛේදනීය තත්වයද යන්න අපිට තාමත් නොතේරීම යම් ප්‍රශ්නයක්.... ඔය දේවල් එක එක දැකගෙන සිරි නරඹගෙන එකකොට මම දැක්කා බොහොම අපුරු පොස්ට් එකක් අපේ රංජිත් සහෝදරයාගේ... මට දැනුන විදියට මම පිළිගන්න දර්ශණේ අනුව ඒක බොහොම වැදගත් කියලා මට හිතුනා.. මගේ බ්ලෝගේ මල සිට අගටම ගත්තොත් මම පිළිගත්ත, මම අදහපු දර්හණයක් තමයි අපේ රටේ ලිංගිකත්වය ගැන දරන ආකල්පය විවෘත්ත නැහැ කියන එක.... අපි හැමදාම හැදුවේ අනුගමනය කලේ වහලා ගහන දර්ශණයක්.... ඒ ගැන වෙන මොනවත්ම අටුවාටිකා නොකියා උදාහණ දෙන්න පුලුවන් දෙයක් මෑතකදී මම මුණු පොතේ දැක්කා...

 ඇත්තටම මේක සත්‍ය සිද්ධියක් නම් අපේ ළමා හෝ තරුණ පරපුර අද ඉන්නේ කොතැනද කියන එක නැවතත් හිතන්න වෙනවා. බොහොම සරළ සහ භෞතික න්‍යායක් වන ගැබ්ගැනීම සම්බන්ධයෙන් අපේ රටේ තරුණ පරපුරගේ දැනුම ගැන නැවතත් අවධානය යොමු කල යුතුයි කියන අදහස මේ තුලින් අතිවෙනවා. පහුගිය වැලන්ටයින් මෙව්වා එකේ දී අර කොළඹ කෙල්ලෝ කොල්ලෝ කට්ටියක් කොන්ඩම් ගැන “වෙළඳ“ ප්‍රචාරණ දැන්වීමක් දැම්මානේ. උන් ඒ ඉංගිරිස් වලින් කියන්න හැදුව දේ කවදාවත් අපේ රටේ බහුතර ග්‍රාමීය ජනතාව අතරට නොයන බවට හොඳම සාක්ෂියක් තමයි මේ කොටස. මම දැකපු විදියට ඒ කොන්ඩම් දැන්වීම හුදෙක්ම සීමා වෙලා තිබුනේ එක්තරා පැලැන්තියතට පමණයි. ඒ අපි උඹලා වගේ මුහුදු වෙරළේ වැටකෙයියා පඳුරක් අස්සේ හෝ පොලිසියෙන් පනියි කියලා බයේ ආතල් ගන්න තැන් වලට එහා ගිය... බොත්තම මහලා.. කොන්ඩ කට්ට ගහලා පෙම්වතුන්ගේ දිනය සමරණ ආදරවන්තයින්ට නෙමෙයි. උන් කියන්න හදන කථාව ප්‍රධාන බොහොම සරළව විග්‍රහා කලොත් අපේ අම්මා නම් ඉස්සර අපිට කිව්වේ වැස්සේ තෙමෙන්න එපා හෙම්බිරිස්සා උණ හැදෙයි කියලා.... මුන් කියන්න හදන්නේ වැස්සේ තෙමුනට කමක් නැහැ හැබැයි රේන් කෝට් දාලා නම් කියලා... සරළව හිතලා බලන්න අපි හදන්න ඕනේ අකල් වැස්සට තෙමෙන එකද... රේන් කොට් නොදා වැස්සේ තෙමෙන එකද කියලා ගැටළුවක් මට නම් ඇති උනා....

අනෙත් කාරනේ තමයි උන් ඒ දැන්වීම දාන්න තොරගත්ත කාලය.... ඔන්න ඕක “ලෝක ඒඩ්ස් දිනය“ වගේ දිනයකදී ප්‍රචාරය කලා නම් ඒ ගැන යම් එකගතාවයකට එන්න තිබුනා... නමුත් පෙම්වතුන්ගේ දිනයදී ඕක පලකිරීම ගැන නම් නැවත හිතාබලන්න ඕනේ.. ඒක හරියට හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා වගේ වැඩක්.... ආදරවන්තයින්ගේ දිනේ දී සංසර්ගේ යෙදෙනවා නම් කොන්ඩම් පාවිච්චි කරන්න වගේ අදහසක් තමයි මට නම් ඇති වෙන්නේ.. අනෙත් අයට වෙනස් වුනාද කියලා මම දන්නේ නැහැ....

ඔන්න ඔය වගේ දේවල් එක එක විදියට ගලාගෙන යනකොට හලාල් ප්‍රශ්ණේ ආවා.... ආණ්ඩුව මත්තලට දින ගනිද්දී අපි කථා කලේ හලාල් ගැන..... ආණ්ඩුවේ නාලිකාවල පලවෙච්ච දැන්වීම් වලට අනුව මත්තල කියන්නේ සිතූ පැතූ සම්පත් ලබාදෙන “කප්රුකක්“ වගේ මෙව්වා එකක්.... එහෙන් ප්ලෙන් බාන කොට මෙහෙන් සල්ලි පැටව් ගහන වගේ දැක්මක් තමයි ඒ දැන්වීම් වල තියෙන්නේ.... දකුනේ ගොයියෝ මත්තල එයාර් පොර්ට් එකට යන පාරවල් අයින් කුරහන් තලප... රොටී.. බඩ ඉරිඟු... කළු දොදොල්.. රැහුණේ මි කිරි තියාගෙන විකුනණ කොට ප්ලෙන් එකෙන් බැහැලා යන සුද්දෝ මගදී ඒවා අරගන්නවා.... උන් ලංකාට බැස්ස ගමන් නිසා උන්ම මෙව්වවායේ ගන්න දන්නේ නැහැ.. එක නිසා කිරි හට්ටිය රුපියල් 1000 දෙදහාට විකුනන් පුලුවන්... ඒවැයින් ගොවියන්ට ලොකු ලාභයක් ලැබෙනවා... ගොයියෝ දවසට කිරි හට්ටි දෙකක් විකුණලා.. එක්ක බඩ ඉරිඟු කරල් පහක් විකුණලා ..... දොදොල් කිලෝ දෙක්ක විකුණලා දවසේ ආදායම හොයාගන්නවා.... ඉතින් රට සංවර්ධනය වෙන එක අහන්නත් දෙයක්ද....?

ඔය අල්ලපනල්ලේ “හලාල්“ හුට පටේ.... මිනිස්සුන්ට මත්තල ඇඩ් බලන්නවත් වෙලාවක් නැහැ වැඩිවෙච්ච ජාත්‍යාලේ පිට කරගන්න විදියක් නැති නිසා.... ඒ නිසා අහුවෙන අහුවෙන තැන් බල බල ඉක්මනට හොල්ලලා දානවා... හැබැයි පැල්ලම් හිටියාම කියන්නේ මගේ ඒවා නෙමෙයි කියලා... ඒකෙත් හැටි.... මේ වගේ ජාතික වීරයෝත් එක්ක යන උන්ට ගහන්න ඕනේ... මුන් ගුණානන්ද හාමුදුරුවන් ව විකුණලා.... සුමංගල හාමුදුරුවන්ව වෙන්දේසි කරනවා.... ඒක හරියට දෙබරටෙ ගල් ගහලා බලා ඉන්නවා වගේ වැඩක්... මොකද උන් ගල් ගැහැව්වේ දෙඹර කූඩෙට මිසක් දෙඹරැන්ට නෙමෙයි නේ.... අපේ මොට්ට මෝල්ලුන්ට තාමත් නොතේරෙන එකම දේ තමයි පාලකයා සහ පාලිතයා අතර වෙනස.... ජනතාවට පාලනය පිළිබඳ ප්‍රශ්ණ අමතක කරන්න හොඳට ආයුධය තමයි ජනතාව බෙදන එක... උන් දෙගොල්ලෝ බෙදිලා “කෙළ“ ගන්නකොට පාලකයෝ “පුකෙන්“ හිනා වෙවී බලාගෙන ඉන්නවා.. පුලුවන් නම් උන් එක එකා මේක අවුලවන්න එක එක ප්‍රකාශ කරනවා.. එකෙක් මිනිස්සුන්ට උඩගෙඩි දෙනකොට අනිකා ඒකට විරුද්ධව කථා කරනවා... එහෙම කරලා ප්‍රසිද්ධියේ කියනවා ඒ අදාල පුද්ගලයාගේ මතය මිස රජයේ මතය නෙමෙයි කියලා... තමන්ගේ නියෝජිතයෝ තමන්ට පාලනය කරන්න බැරි රජයක් රටේ මහජනතාව කොයි තරම් විශ්වාස කරන්න ඕනේද....?

ඔය ඔක්කොම දේවල් අපි ඉවසගෙන ඉන්නේ අපේ රට ආශ්චර්යය කරා වේගයෙන් යන හින්දානේ.... ඒ අතරේ සාපේ ප්‍රතිඵල ඇවිත් සාපේ, කියන්නේ දරුවෙක්ගේ ජීවිතේ තීරණාත්මක කඩඉමක් වගේම අපේ රටේ පවතින අධ්‍යාපන රටාව ගැන මැනිය හැකි තීරණාමත්මක අවස්ථාවක්.... අපි පාසැල් යන කාලේ අපේ පන්තිවල අපිට ඉංග්‍රීසී උගන්නපු ගුරුවරු අපිට ඒක ඉගැන්නුවේ අපිට කවදාවත් ඉංග්‍රීසි ඉගෙනගන්න බැරි වෙන්න.. ඒ තරමට අපිට ඉංග්‍රිසි අප්පිරියා කලා... අපේ රටේ ආශ්චර්යය කියන්නේ අදටත් අපේ රටේ සාපේ ට වාඩි වෙන මුලු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 11,100 ක් වැඩ නවයම අසමත්... 52.22% ඉංග්‍රීසි අසමත්....  ගණිතය විශය 44.65% ක් අසමත්...

හැබැයි අපි තාමත් ආශ්චර්ය්‍ය හොයන්නේ අපේ පාරවල් කොච්චර කාපට් දාලා ද.... උදේට දුවන්න පාක් කීයක් තියනවද.... එයාර් පොර්ට් එකට ප්ලේන් කීයක් බානව ද වගේ සංඛ්‍යාත්මක වටිනාකම් වලින්....  ආශ්චර්ය්‍ය කියන්නේ නයිට් රේස් වත්.... පපුව පැලෙන්න කථා කරලා ඇස් වලට කඳුළු උනන්න පපුවට ගහගන්න එක නෙනෙමයි කියලා අපිට නොතේරනෙ කාත්.... අපිට වෙන්නේ ලිං මැඩියෝ වැගේ ජීවත් වෙන්න.... මට තේරෙන මගේ ජීවිත් කාලේ තුල අත් වින්ඳේ ආණ්ඩු දෙකයි... අපි එදා කෑගැහැව්වේ යූ ඇන් පී කාරයෝ අවුරුදු 17 ක් මේ රට කෑවා කියලා.... එහෙම කියලා උඩ දාලා පත්කරගත්ත මුන් අවුරුදු 18 කට වැඩියි දැන්..... අපේ රටේ ඉතිහාසය අනුව දිර්ඝ කාලීනව පැවතුනු රජයන් පෙරලෙන්න හේතු උනේ ජන අරගල... ඒ වගේම ඒවා මැඩ පැවැත්වුනේ සමුල ඝාතන තුලින්....

(මේක දකින කොට ටිකක් අච්චාරු වගේ ගතියක් දැනෙන්න පුලුවන්.... එහෙම වෙන්න හේතු උනේ එක් එක් කාරනා වලදී මගේ අදහස ලියපු පොස්ට් කිපයක් එකට අමුණපු නිසා..... ඒ නිසා අවසාන කිරීමක් නැත)

Wednesday, March 6, 2013

උඹට ගල් ගහන්න පෙර.....


06/03/2013
බෝඩිමේ දී.

මචං මාලි,

මචං කියලාම උඹට ආමාන්ත්‍රණය කලේ මගේ  හිතේ ඇත්තටම උඹ ගැන තියන හිතවත්කම සහ කැමැත්ත නිසා... ඇත්තටම උඹ මහ දක්ෂ එකෙක්. මම දන්නවා මේ දවස්වල උඹ ඉන්නේ ඒ තරම් සංතෝසෙන් නෙමෙයි කියලා. උඹගේ හිතේ කළකිරීම් වලින් පිරිලා කියලා. උඹගේ හිතේ තෙරපෙන වේදනාව කියා ගන්න බැරිව උඹ තැවෙනවා කියලාත් මම දන්නවා. උඹටත් උනේ අර නන්දා මාලනියගේ සිංදුවේ කියන වැඩේමයි නේද..? “පුජාසනයේ ඔබ හිඳුවා.. ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ...“ ඒ සිංදුව ලිව්වේ අජන්තා රණසිහයන් හෝ සුනිල් අරියරත්නයන් විය යුතුයි. ඔවුන්ගෙන් ඒ වගේ ගීතයක් නිර්මාණය වෙන්න හේතු වෙන්නේ අපේ රටේ මිනිසුන්ගේ ක්‍රියාකාලාපය ඔවුන් බොහොම හොඳින් වටහාගෙන තියන නිසා. කාලයක් උඹව සිංහයෙක් කරලා, උඹේ කේස විලාසය සිංහ කේසර වලට සමාන කරලා පිංතූර හදලා දාලා තිබුන මුණු පොතේ උඹගේ මුන දාලා හදාපු බල්ලෙක්ගේ පිංතූරයක් දැක්කා. ඇත්තමයි මාලි... මටත් නොදැනීම මගේ ඇස් වලට කඳුළු ආවා.. උඹ ගැන නෙමයි අපේ රටේ මිනිස්සු ගැන.  ඇත්තටම යම් සිද්ධියක් ගැන කිසිම විමසා බැලීමකින් තොරව උඹව වැරදි කාරයා කරලා එල්ලන්න තරම් අපේ මිනිස්සුන්ගේ මනුස්සකං වලට පල්ලට වැටිලාද කියලා හිතිලා. ඔය උඹට චෝදනා කරපු එක මාධ්‍යකාරයෙක් වත් නිකමට උඹගෙන් ඇහැව්වද ඇයි මාලි එදා ඒ වගේ හැසිරුනේ කියලා.. එහෙමත් නැත්නම් උඹට උඹ වෙනුවෙන් කථා කරන්න එක අවස්ථාවක් දුන්නද..? 

 කෙනෙක් මල ගෙයක ගිහින් එක කොට ඒ මනිස්සයගේ අපි කවදාවක් අහන්නේ නැහැ නේ මරනේ ගැන.  ඒ මනුස්සයාගේ හිතේ ඇතිවෙලා තියන හැඟීම ගැන. ඒ වගේ තමයි උඹ එදා එළියට අවේ කේන්තියෙන් වෙන්න ඇති. උඹගේ ඒ කේන්තිය තවත් වැඩි වෙන්න ඇත්තේ පාලක මණ්ඩලේ සෙට් එක අතර වෙච්ච කථා බහ ප්‍රසිද්ධියේ කථා කරන්න එපා කියලා උඹලට දැම්ම තහනම හින්ඳා වෙන්න ඇති. ඒක අසාධාරණයි තමයි. උඹලගේ ගෙවීම් කප්පදු කරලා. තිබුන සහන අඩු කරලා ඒ ගැන උඹලගේ අදහස් පිට කරන්න තියන අයිතියත් උදුරගන්න එක වැරදියි. මම කියන්නේ නැහැ උඹ එදා හැසිරුණු විදිය හරි කියලා. මමත් අනුමත කරන්නේ නැහැ. නමුත් නිකම්ම නිකං වැරදි කාරයා නොකර උඹටත් අවස්ථාවක් දෙන්න තිබුනා කථා කරන්න. අනිත් එක අපේ රටේ වෙන දේවල් හැටියට උඹ ඒ මාධ්‍යකාරයාට කථාකරපු විදිය මොන රෙද්දදක්ද. ඔය ඔන තරම් මාධ්‍යකාරයෝ අතුරුදහන් වෙලා ඉන්නේ. කෝ අද වෙනකම් උන් ගැන තියන විරෝධතා ඇර උන්ට මොකද උනේ කියලා අපේ රටේ එක ලොක්කෙක් හොයලා බැළුවද..? සිරසට ගිහින් කොච්චර අලාභ්‍යක් කලාද.. ගල් ගහලා තර්ජනය කලා.. සමහර මාධ්‍ය ආයතන ගිණි තිබ්බ්බා... මේ මෑතකදී තව මාධ්‍යවේදියෙක්ට වෙඩි තිබ්බා. කෝ මේවා ගැන රටේ මිනිස්සුන්ගේ විරෝධය. එහෙම නම් රෑපවාණියට ගහපු මර්වින් සිල්වාට කොයිතරම් දෙයක් වෙන්න ඔනේද..? උඹට දැන් තියන විරෝධය එක්ක ගත්තාම ඌව ගොල්පේස් පිට්ටනියේ හෙළුවෙන් තියලා ගල් ගහන්න තරම් මිනිස්සු එකතුවෙන්න එපෑ. කොයි එකත් පොඩි එකාට තමයි බං. උඹ දුප්පත් එකා. කව්දෝ කියලා තිබ්බා උඹ රස්තියාදුකාරයා කියලාත්. උඹ අවේ පොඩි තැනින්. උඹගේ පිටිපස්සේ ලොකු ඉස්කෝල තිබුනේ නැහැ. උඹ ආවේ උඹේ හයියෙන්. උඹේ හැකියාවෙන්. මේ ලඟදී උඹ ගොඩක් වටින කාර් එකක් ගත්තා. උඹට රේස් පදින්න යනවා කියලත් ආරංචියි. මම නම් මගේ මුලු හිතින්ම සතුටු උනා. උඹ කාර් එකක් ගත්තේ උඹේ දක්ෂකමින්. උඹේ හැකියාවෙන්. වෙන ගොබ්බයන්ට වගේ උඹට රේසින් කාර් අහසින් පාත් උනේ නැහැ. උඹේ කට ටිකක් හොඳ නැති උනාට උම හිත හොඳ එකා කියලා මම අහලා තියනවා. මිනිස්සුන්ගේ පැහැදිලි කුහකකම. උඹ නොදන්නවා උනාට ඇතුලේත් ඇති උඹව කපන, උඹට වින කටින එවුන්. ඒක නිසා මින් මත්තටවත් කට ටිකක් පරිස්සන් කරගනින්.

උඹට ගෙවන පඩියි වැඩියි කියලා කෑගහන මිනිස්සු රස්සාවකට ගියාම උන්ගේ වටිනාකම තීරණය කරන්නේ කොහොමද දන්නෑ..? සමහර විට උන් ගන්න පුලුවන් තරම් උපරිම පඩියට වඩා වැඩියෙන් පඩි ඉල්ලන්නේ නැතිව ඇති. අනේ හුකේ.. සමාවෙයන් හිතේ ආපු කෙන්තියට කුණුහරුපයක් කියවුනෙත් (උඹත් දවසක් කණුහරුප වැලක් කිව්වා නේද ප්‍රසිද්ධියේම.. හැකිස්) මට මතක හැටියට උඹයි මැතිව්සුයි 10 වෙනි විකට් එකට ගහලා ඔස්ට්‍රේලියා මැච් එක දිනලා දුන්න දවසේ උඹේ බැට් එක මිස්ප්ලේස් වෙලා තමයි උඹ එහෙම කිව්වේ. අපේ මිනිස්සුන්ට මතක තියෙන්නේ උඹට කරන්න බැරී උන මැච් විතරයි. උඹ හොඳට කරපු මැච් එකක්වත් දැන් අපේ උන්ට මතක නැහැ. එදා වර්ල්ඩ් කප් ෆයිනල් එකේදී මමත් උඹට බැන්නා තමයි. සුදු කොඩි දැම්මා ගමයි. ඒ අපේ හිතේ තිබුන බලාපොරොත්තු කඩ උන වේදනාවට. ඒත් උඹලා අනුශුරයෝ උන එක ගැන සහ උඹලගේ තිබුන වීරත්වය, අවසාන මොහොත වෙනකම් මැච් එක අත අරියේ නැති එක, උඹලගේ තිබුන එකමුතුකම වගේම උඹලගේ තිබුන ක්‍රීඩාශිලීත්වය ගැනත් මම ආඩම්බර උනා.

උඹට ඔය දොස් කියල උඹව බල්ලට දාලා කථා කරන එවුන් දන්නේ නැහැ ලොකේ අපේ රට ගැන දැනගත්තේ ක්‍රිකට් වලින් කියලා. අපි වගේ ලංකාවෙන් පිට ඉන්න එවුන්ට නම් ඒක තේරෙනවා. මෑතකදී මට කල්ලෙක් හම්බඋනා. දකුණු අප්‍රිකාවේ එකෙක්. ඌත් එක්ක කථා කර කර ඉන්නකොට ඌ මගේ විස්තර ඇහැව්වාම මම කිව්වා මම ශ්‍රී ලංකාවෙන් කියලා. ඌ කිව්වේ “ඕ මාලිංග... මම කැමතිම ප්ලේයර් ඌ තමයි කියලා..“ කවදා හරි ඌට ලංකාව අමතක උනත් උඹව අමතක වෙන එකක් නැහැ. ඒ තරමට උඹ ලෝක පුජිතයි. ඒ උඹ උඹ නිසා නෙමෙයි. උඹේ දක්ෂකම් නිසා. උඹ කොන්ඩේ ගස්ස ගස්ස දුවගෙන එනකොට ඊලඟට වෙන දේ තාමත් කාටවත් හිතාගන්න බැහැ. උඹ යෝකර් එකක් දායිද.. බවුන්සර් එකක්ද එහෙමත් නැත්නම් ස්ලෝ බොල් එකක්ද කියලා තාමත් හිතාගන්න බැරි තරමට උඹ සුවිශේෂයි. උඹ වගේම අපේ සංගා, මහි වගේ දක්ෂ (මන් උන්ට ජේෂ්ඨ කියලා කියන්න කැමති නැහැ.. මොකද එහෙම උනොත් උනුත් අපේ රටේ ජේෂ්ඨ ඇමතිවරු ගොඩට වැටෙන නිසා..) ලෝක පුජිත ක්‍රීඩකයෝ. බන්දියවේ නම් තෙන්ඩුල්කර් ලාට මල් තියලා වැන්ඳට උන් මැච් එක්ක පැරදුනාම ගෙවල් ගිණි තියලා විනාස කරනවා. මම හිතුවේ නැහැ පේ රටේ මිනිස්සු ඒ තත්වෙට වැටෙයි කියලා. ඒක එහෙම නොවුනත් මුන් උඹේ මුලු ප්‍රතිරෑපෙම ගිණි තියලා විනාස කරනවා.

අනික උඹ කථා කරන්නේ උඹ වෙනුවෙන් විතරක් නෙමෙයි. අනිත් කාරනේ තමයි අපි හැමෝටම වටිනාකමක් මිලක් නියම වෙලා තියනවා. වෙන කෙනෙක් උඹට යම් මිලක් ගෙවනවා නම් ඒ මිල තමයි උඹේ වටිනාකම. අද උඹට විකිනෙන්න එපා කියලා කියන උන් එකෙක්වත් උඹ තව අවුරුදු 10 කින් ක්‍රිකට් ගැහැල්ල නැවැත්තුවාම උඹට කන්න දෙයිද? එහෙමත් නැතන්ම උඹේ පවුල ගැන බලයිද. තැටිය රත්වෙච්ච වෙලාවේ රොටිය පුච්චගත්ත එක තමයි හැම එකාම කලේ. ඔය මුල් පුටුවේ ඉන්න ගොයියත් උඹ වගේම බොහොම පොඩි තැනකින් ආපු එකෙක්. (දැන් ඌට එක අමතක උනාට) උන්ට පුලුවන් කාලෙත් උන් කලේ ඔය දේම තමයි. මොකද උන් මණ්ඩලේ පාඩු වෙයි කියලා උන්ගේ පඩි අඩුකරන්න කිව්වද. අනික් උන්ට ලැබුනු කෝටිගානක සල්ලි අනිත් උන්ට බෙදලා දුන්නද? අඩුම ගානේ දැන් සනත්, දැන් පාලක මංඩලේ වැටිලා තියෙන්නේ, ඒ නිසා මට සභාපති පඩිය එපා, අපි ක්‍රීඩකයින්ගේ පඩි අඩුකරන්නේ ඒ නිසා කියලාවත් කිව්වද. මොකද දැන් සනත්ට මොනවැයින් කියලා අඩුද? බාර්ද කාර්ද මංත්‍රී පට්ටම්ද එක්ක අයින් කරනකොට එකක් බඳින්න තරම් ගෑණුද? අනේ අම්මපා මොනවැයින් කියලා අඩුද? අනික පාලක මණ්ඩලේ බංකොලොත් කලේ උඹලා නෙමෙයි නේ. හොර ගිවිසුම් ගහලා. විකාශණ අයිතිය හොරට විකුණලා. ලක්ෂ ගණන් පාටි වලට වියදම් කරලා. කොටි ගනන් වටින වාහන පාවිච්චි කරලා කව්ද පාලක මණ්ඩලේ බංකොලොත් කලේ. උඹලා නිසා තමයි පාලක මණ්ඩලේට විකුණන්න පුලුවන් ක්‍රිකට් තියෙන්නේ.

අනික බං පේ රටේ බංකොලොත් වෙලා තියෙන්නේ පාලක මංඩලේ විතරද? මොන තරම් රාජ්‍ය ආයතන බංකොලොත් වෙලාද? ඒවා ගැන හොයන්න එක බල්ලෙක්වත් නැහැ. විදුලිබල මණ්ඩලේ ගසාකන්නේ කෝටි ගනන්. තෙල් සංස්ථාව බොරතෙල් ටැංකි ගනන් ගසාකනවා. විදේශ අමාත්‍යංශේ ඉන්න එවුන් ලෝකේ පුරාම රවුම් ගහනකොට උඹලගේ දක්ෂකම් බලන්න උඹලගේ පවුලේ උන්ට යන්න තියන එකම අවස්ථාව නැති කරන එක කොයි තරම් අසාධාරණද?  බලපන් ප්‍රවාහනේ. ලංගමට බඩු ගෙන්නේ ලංගම තිරැබදු රහිත බලපත්‍රෙට. හැබැයි ඒවා ලංගමට විකුනන්නේ ඇමතිගේ අයියගේ කොම්පැණියෙන්. ඔය වගේ තියන හුට්ටපර කියන්න ගියොත් මේක දේශපාලණ ලියුමක් වෙනවා.

අන්තිමටම උඹට කියන්නේ. උඹ වටින එකෙක්. උඹට මිලක් තියනවා. උඹ වෙන්දේසි කලොත් ලොකේ ගොඩක් රටවල් අපේ රටේ ගෙවන ගානට වගේ දෙගුණයක් දීලා උනත් උඹව ගන්න බලාගෙන ඉන්නවා. කිසි ප්‍රශ්ණයක් නැතිව උඹට ඒ රටක පුරවැසිකම පවා ගන්න පුලුවන්. උඹට සල්ලිත් ලැබෙයි. හැබැයි මචං උඹ එතනට යන්න එපා. අපි උඹට ආදරෙයි. උඹ වෙනුවෙන් කථා කරන්න පිරිසක් ඉන්නවා. උන් තමයි සැබෑ ක්‍රිඩාලෝලියෝ. උන්ට උඹව ඕනේ. අපේ රටට උඹව ඕනේ. 

උඹට සුභ අනාගතයක්....,(ලොක්කගේ එක නෙමෙයි හොඳේ....)

මීට හිතවත්..

බස්සා.

Friday, October 28, 2011

නොදනී.....


"නොදනී"...... මේ තමයි පොඩි කාලේ ඉඳන් බොහෝ දෙනා මට කථා කරපු නම... පොඩි දවස්වල නම් මට ඒ හැටි ගානක් නැහැ... ඒත් ටික ටික ලොකු වෙනකොට මට තේරැනා ඒ නමේ තේරැම... මම ඒදා ඉඳලා මාව මේ ලෝකෙට ජාතක කරපු තාත්තා කියන පාදඩයට වෛර කරන්න ගත්තා..අම්මට වෛර කරන්න මට හිත දුන්නේ නැහැ. අම්මා බඩ උනේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද කියලා කියන්න මම දන්නේ නැහැ. මට අහන්න තරම් කාලයක් උන්දෑ ජීවත් උනෙත් නැහැ. අම්මා ගැන තියෙන්නේ බොහොම පොඩි මතකයක්.. මම චුටි කාලේ උන්දෑ මාව ලොකු ගලක් උඩ තියන පංසලක් ලඟ පොඩි අගුවක තියාගෙන රටකජු වික්කා කියලා මතකයක් කියනවා... ලො‍කු බස් ආවාම මාවත් උස්සගෙන බස් එක වටේ කැරකෙනවා... මට හිතුනේ මට බස් එක පෙන්නවා කියලා.. ඒත් පස්සේ ඒ මතකයන් අවදිකරනකොට මම කොහොමද ඒ අම්මා කරපු දේ විග්‍රහ කරන්නේ.... අම්මා මාව විකුනගෙන කෑවා කියලද ? ඒත් මට එහෙම හිතන්න හිත ඉඩ දෙන්නේ නැහැ.. 

මගේ අම්මා අසරණ වෙච්ච ගැහැනියක්... අම්මත් මම වගේ ම "නොදනී" ගනයේ... අම්මා මට වැඩිය මේ සමාජෙන් බැට කන්න ඇති කියලා මට අද හිතෙනවා... අඩු ගානේ මගේ උප්පැන්නේ අම්මගේ නම තියනවා... ඒත් අම්මගේ උප්පැන්නේ අම්මා, තාත්තා දෙන්නගෙම නමට ඉස්සරහට තියෙන්න ඇත්තේ "නොදනී" කියලා වෙන්න ඇති.. ඒත් කවදාවත්ම මම අම්මගේ උප්පැන්නයක් දැකලා නැහැ... උප්පැන්න සහතිකේ කියන්නේ ඉපදුනු බවට දෙන සහතිකේට කියලයි මම අහලා තියෙන්නේ... අම්මා ඉපදිලා තියෙන්නේ කොහේද කියලාවත් අම්මා දැනගෙන ඉන්න නැතුව ඇති.. මගේ අම්මව එයාගේ අම්මා පාරේ දාලා ගිහිල්ලා.... පස්සේ අම්මා හැදිලා තියෙන්නේ ළමා නිවාසෙකලු... ටිකක් ලොකු වෙනකොට අම්මා එතනින් පැනලා ඇවිත් බදුල්ල පැත්තේ දී ගෑණු කෙනෙක් හම්බුවෙලා එයාගේ ගෙදර නැවතිලා... පස්සේ එයා අම්මව එක එකාට විකුනලා... කීදෙනෙක්ද කියන්න දන්නේ නැහැ... ඒත් උන්ගෙන් එකෙක් තමයි මගේ තාත්තා වෙන්න ඇත්තෙත්. ඊට පස්සේ තමයි අම්මා දඹුල්ලට පැනලා ගිහින් තියෙන්නේ...අම්මා බොහොම දුක් විඳලා තියනවා... බඩත් උස්සගෙන... අම්මට ඕනෙනම් මාව නැති කරලා දාන්නත් තිබුනා... ඒත් අම්මා එහෙම කලේ නැහැ. මට තියෙන ආදරේ හින්දද දන්නේ නැහැ. ඒත් එහෙම කලේ නැහැ...දඹුල්ලේ පොලීසියේ මහත්තුරැ අම්මට ගොඩක් උදව් කරලා තියනවා.... අම්මා ගොඩක් උත්සහ කරලා තියනවා ජීවිතේ ජයගන්න... ඒත් උන් අම්මට ඉන්නම දීලා නැහැ.. තනිවෙච්ච ගෑනියෙක් ගෙන් හැම එකාම ප්‍රයෝජනය ගන්න හදලා... අම්මා ගොඩක් උත්සහ කරලා තියනවා.. ඒත් දවසක් එක පාදඩයෙක් මගේ අසරණ අම්මව බෙල්ල කපලා මරලා... මට තේරැමක් නැහැ.... මම දැක්කා අම්මා වැටිලා ඉන්නවා... රතු පාට වතුර ගොඩක් උඩ... අම්මා ඉඳලා තියෙන්නේ ලේ ගොඩක් උඩ.. මම හිතුවා අම්මා තනියම නිදි කියලා... මම කොච්චර කථා කලත් අම්මා නැගිට්ටේ නැහැ....

පොලිසියේ මාමලා මාව අනාථ නිවාසෙට ගෙනාවා.... මගේ පොඩිකාලේ ගෙවුනේ අනාථ නිවාසේ.... එතන ලොකු අයියලා මට එක එක් දේවල් කියලා දුන්නා... රෑට මාව අයියලා මාව තුරැල් කරගෙන නිදයනවා.... අම්මගේ උණුහුම නැති මම තවත් ඒ උණුහුමට ගුලි වුනා...සැරින් සරේ එක එක අයියලා.. .ඒත් මට ඒ උණුහුමට නින්ද යනවා... ඒත් දවසක් මට හරියට රිදුනා.... උදේ උණ ගත්තත් එක්ක...ඊට පස්සේ මාව ඉස්පිරිතාලේ නැවැත්තුවා..මම ගෙදර එනකොට අර අයියලා එතන හිටියේ නැහැ... මට පුදුමාකාර පාළුවක් දැනුනා... මට ආයිත් සැරයක් අම්මගේ උණුහුම නැති උනාවගේ දැනුනා.. අලුත් නැන්දා කෙනෙකුත් හිටියා... එත් එයා හරි වසයි... මම නිසාලු එයාට මෙහෙට එන්න සිද්ධ උනේ කියලා හැම තිස්සේම මට ගැහැව්වා.. ඇයි කියන්න මම දැනේ නැහැ.. හැම තිසසේම මට වද දුන්නා... ඒ නැන්දා තමයි ඉස්ඉස්සල්ලම මට‍ ‍මගේ නම කියලා කථා කලේ..

ඒයි..."නොදනී" මෙහෙ වරෙන්...

මම ඉස්කො‍්ලේ යන්න ගත්තා...ළමා නිවසේ අනිත් අයියලා අක්කලා වගේ... ටීචර් මට වෙනම පුටුවක් මේසයක් දුන්නා වාඩිවෙන්න....මම හිතුවේ මට ආදරේ හින්දා කියලා... පස්සේ තමයි තේරැනේ පන්තියේ ළමයි මගේත් එක්ක වාඩි වෙන්න කැමති නැති නිසා තමයි එහෙම කලේ කියලා.. ළමා නිවාසේ ළමයි මට කථා කලේ "නොදනී" කියලා... ඒක නිසා ඉස්කොලෙත් ම‍ට කථා කලේ ඒ නමින්ම තමයි.... මට ඒක ලොකු වෙනසක් තිබුනේ නැහැ... දෙමව්පිය රැස්වීම වලදී අනිත් අම්මලා තාත්තලා ඒ ළමයි එක්ක ඉන්නවා දැක්කාම මට අම්මව මතක් වෙනවා... එ දවසට මම මුලු දවසම පිට්ටනියට වෙලා ඉන්නවා.... අපේ ඉස්කෝලේ පිට්ටනිය පිටිපස්සේ කැළෑව... මම ඒ කැළෑවට පුරැදු උනා.... උදේම ගිහින් කුරැල්ලන්ගේ "කිචි බිචි" සද්දේ අහන්න...ලේන්නු දිහා බලන්න.. මම පුරුදු වුනා.... මම අනිත් ළමයින්ගෙන් අයින්වෙලා හිටියේ... එයාලා මාව කවදාවත් සෙල්ලම් කරන්න ගත්තේ නැහැ... මම එයාලත් එක්ක හිනා උනොත් එයාලා මට රවනවා... මම එයාලගේ ඉස්සරහින් ගියොත් මට "නොදනී" කියලා හිනා වෙනවා...  මට මේ දේවල් හුරැ වුනත් ටික ටික ලොකු වෙනකොට මම උන්ට වෛර කරන්න පටන් ගත්තා... උන් මට රැව්වොත් මමත් රවනවා... මට ගැහැව්වොත් මමත් ගැහැව්වා.... මම ඉස්කෝලෙ යන එක අතැරියා.... මම මුලු දවසම හිටියේ කැළෑවේ.... මම සත්තුන්ට ආදරේ කලා... උන් අහිංසකයි.... උන්ගෙන් මට කරදරයක් තිබුනේ නැහැ..මම ඉස්කෝලේ යෑම අතැරියා.... මම පාරට බැස්සා....පාදඩයෙක් උනා...රස්තියාදුකාරයෙක්.. පොකට්කාරයෙක්...ගංජාකරෙයෙක්... කුඩුකාරයෙක්...පස්සේ මංකොල්ලකාරයෙක්......ඒත් අද මම හිරකාරයෙක් වෙලා ජීවිතේ මෙනෙහි කරනවා....

මම මේ මුලු සමාජෙටම වෛර කරනවා... මේ මුලු සමාජ ක්‍රමයටම... හිරේ දී මම ජිවිතේ ඉගෙනගත්තා... ඇයි මට මෙහෙට උනේ...කොතනද මට වැරදුනේ කියලා...කව්ද වැරදි කියලා... ඔබම කියන්න... මම වැරදිදි... මගේ අම්මා... පාදඩ තාත්තා...මට කියලා දෙන්න...

(මේ ලියවිල්ලට මුලික උන පහත ලිංකුවට අදාල සිද්ධිය ඔබගේ අවධානයට යොමුකරමි, මෙහි තෙවැනි ප්‍රවෘත්තිය මෙම ලිපිය හා බැ‍ඳේ)

http://www.col3negoriginal.org/watch.php?id=13841